Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) නිල සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත. ඒ අනුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඕට්‍රේලියාවේ තෙදිනක් රැදී සිටීමට නියමිතය.
ඕස්ට්‍රෙලියානු අගමැති මැල්කන් ටර්න්බුල්ග් ගෙන් ලද විශේෂ ඇරයුමකට  අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දූත පිරිස අද (23) දහවල් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් තෙදින නිල සංචාරය අරඹමින් ඕස්ට්‍රෙලියාව බලා පිටත්ව ගිය බව තතු දත් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 

 

 

 

පොලිතින් මෙන්ම කැළි කසල ආහාරයට ගත් ඇතින්නක් අසාධ්‍යව පොලොන්නරුව ගල්ලෑල්ල කුණු ගොඩ අසල වැටී සිටියදී 22 වැනිදා සවස හමුවූ  බව පොලොන්නරුව වනජීවි නිලධාරීහු පවසති.

අවුරුදු 35 ක් පමණ වයසැති ‍එම ඇතින්නට වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය සමීර කිළිඟුආරච්චි මහතා ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් විසින් ප්‍රතිකාර කිරීම 22 සවස ආරම්භ කළහ.

වෛද්‍ය සමීර කළිඟුආරච්චි මහතා පැවසුවේ මෙම ඇතින්න ද අධික ලෙස පොලිතින් කැළිකසල ආහාරයට ගැනීමෙන් ඒවා බහිස්ස්‍රාවීය ප්‍රදේශයේ සිර වී අසාධ්‍යව වැටී සිටින බවයි.

ඇතින්නට ඊයේ (22) සවස සේලයින් 15 ක් හා ප්‍රතිකාර ලබා දී පොලිතින් කිලෝ එකක් පමණ ඉවත් කෙ‍රූ බවත් තවත් ප්‍රතිකාර කර විශාල පොලිතින් ප්‍රමාණයක් අද (23) ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඇතින්න සුවපත් කිරීම විශ්වාස කළ නොහැකි බවද සමීර කිළිඟුආරච්චි මහතා අප කළ විමසීමකදී පැවසීය.


මීට මාස කිහිපයකට ඉහතදී ද පොලිතින් කුණු ආහාරයට ගත් අලියෙකු මෙම කුණු ගොඩ ආසන්නයේ මිය ගිය අතර පොලිතින් කැළි කසල ආහාරයට ගත් අලි දස දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

පොළොන්නරුව නගරයෙන් සහ රෝහල ඇතුළු අවට ප්‍රදේශවලින් බැහැර කරන පොලිතින්, අපද්‍රව්‍ය තමන්කඩුව ප්‍රාදේශීය සභාව මගින් එකතුකර ගෙනවිත් බැහැර කරන්නේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයට බවද ප්‍රදේශවාසීහු පෙන්වා‍දෙති.

ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරසරන අලි එම කුණු පොලිතින් ආහාරයට ගැනීමට හුරු වී ඇති බවද පවසන වනජීවී නිලධාරීන් ඊට විකල්පයක් ලෙස කුණු ගොඩ වටා වැටක් ඉදිකරන බව වැඩිදුරටත් පැවසීය.



මනම්පිටිය - නිමල් ජයරත්න{jcomments on}

අද (23) මාවනැල්ල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයෙක් රෝහල් ගත කර ඇත. 

බැකෝ යන්ත්‍රයක් යොදාගෙන යටවූවන් සෙවීමේ මෙහෙයුම ක්‍රියාත්මක වූ බවත් ප්‍රදේශවාසීන්ගේ සහාය මෙහෙයුමට ලැබුණ බවත් වාර්තා විය.

මෙම අනතුර සිදුව ඇත්තේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල නගර වටරවුම් පාර අද්දර පස් කපමින් තිබූ ස්ථානයක දීය. 

මැන්චෙස්ටර් අරීනා ක්‍රීඩාංගණයේ බෝම්බ පිපිරීමෙන් මිය ගිය පිරිස මේ වන විට 22 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් ඇත.

මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව සනාථ වී ඇති අතර මෙහි සැකය අයි එස් අයි එස් සහ අල්ඛයිඩා සංවිධාන වෙත යොමු වී ඇත.

මෙම බෝම්බ පිපිරීමට පැය හතරකට පෙර අයි එස් අයි එස් ආධාරකරුවෙකුගේ ට්විටර් සටහනක මෙම ප්‍රහාරය පිළිබඳ ඉඟිියක් පළව තිබීමද මෙම බෝම්බ පිපිරීමෙන් පසු එම අධාරකරුවන් සමාජ ජාල වෙබ් අඩවි මගින් ඒ පිළිබඳව සතුට ප්‍රකාශ කිරීමද මෙයට හේතු වී තිබේ.

ප්‍රහාරයට කලින් ට්විට සටහන




ප්‍රහාරයට පසු ට්විට සටහන



පොප් ගායිකා අරියානා ග්‍රෑන්ඩ් ප්‍රහාරයෙන් පසු  තම ට්විට ගිණුමේ තැබූ සටහන

-----------------------------------------------------------------------------------------------------------------------------------------

ඊයේ රාත්‍රියේ එංගලන්තයේ මැන්චෙස්ටර් අරීනා ක්‍රීඩාංගණයේ සිදුවූ බෝම්බ පිපුරුමකින් 19දෙනෙකු මියගොස් 50 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇත. මැන්චෙස්ටර් හි පවැති පොප් ගායිකා අරියානා ග්‍රෑන්ඩ්ගේ සංගීත ප්‍රසංගයක් අවසානයේ මෙම පිපිරීම සිදුවී ඇත.මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙස සැලසුම් කරන ලද්දකැයි පැවසේ. මියගිය පිරිස වැඩිවිය හැකි බව මැන්චෙස්ටර් පොලීසිය පවසයි.

අරුණ උදය ශාන්ත හෙවත් සමයං ඇතුළු පතාල කල්ලි සාමාජිකයන් හත් දෙනෙකු වෙඩි තැබීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන ලසන්ත චන්දන පෙරේරා හෙවත් ‘‘අංගොඩ ලොක්කා’’ ඊයේ ඉන්දියාවේ චෙන්නායි නුවර දී ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ශ‍්‍රී ලංකා පොලිසිය විසින් සපයන ලද තොරතුරුවලට අනුව  ඔහු සමඟ තවත් එක් පුද්ගලයෙකු ද අත්අඩංගුවට පත්ව තිබේ. කළුතර වෙඩි තැබීමත් සමඟ මොහු මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගිය බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබිණ. අත්අඩංගුවට පත්වන විට ඔවුන් දෙදෙනා සතුවම ව්‍යාජ ගමන් බලපත‍්‍ර ද තිබී ඇතැයි පැවසේ.

එස්. කොඩිතුවක්කු

මුස්ලිම් පල්ලි ඇතුළු අනෙකුත් දේවස්ථානවලට පහරදීම් හා අන්‍ය ආගම්වලට බලපෑම් කරන අයට දැඩි පියවර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශවලට දැනුම් දී ඇත.නව කැබිනට් ධුර දිවුරුම් දීමෙන් පසුව ආරක්ෂක ප්‍රධානීන් අරලියගහ මැදුරට කැඳවා මෙම උපදෙස් ලබාදී ඇත.
කුරුණෑගල මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට කිසියම් පිරිසක් පහර දීමේ සිද්ධිය ඊට ආසන්නම හේතුව වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා වාර්තාවක්ද ඉල්ලා ඇත.කුමන හේතුවක් මත වුවද අන්‍ය ආගමික ස්ථානයකට එලෙස හානි කිරීමට ඉඩ දිය නොහැකි බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

ලසන්ත වීරකුලසූරිය/ගයාත්‍රි ගීගනආරච්චි

හදිසියේ ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා  කොළඹ ජාතික රෝහ‍ලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර ඇත.මන්ත්‍රීවරයා පසුගිය දිනවල සෙම හා සුළු ඇදුම රෝගී තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිට තිබේ.මේ වනවිට හෘද රෝගී අංශයේ ප්‍රතිකාර ලබමින් සිටින වාසුදේව නානායක්කාර මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව කොළඹ ජාතික රෝහ‍ලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පැවැසීය.
මන්ත්‍රීවරයාට අවශ්‍ය සියලුම පරීක්ෂණ කටයුතු මේ වනවිටත් සිදුකර ඇති අතර වෛද්‍යවරුන්ගේ නිර්දේශයන් මත ඉදිරියේදී අවශ්‍ය පරීක්ෂණ කටයුතු සූදානම් කරන බවද හෙතෙම පැවැසීය.

ශ්‍රියාණි විජේසිංහ

දිවයිනපුරා රෝහල්වල වෛද්‍යවරුන් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගීහු මහත් අපහසුවකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.රෝහල්වල බාහිර රෝගී අංශය හා සායන කටයුතු මුළුමනින්ම ඇණහිටීම හේතුවෙන් රෝගීන් ලක්ෂ 2කට පමණ ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි වී ආපසු හැරී යාමට සිදුවූ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.
සැළසුම් කළ සැත්කම් 60,000ක් පමණ දිනය තුළ ඇනහිටීම හේතුවෙන් රෝගීන්ට මහත් දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවූ බවද පැවැසේ.කෙසේ නමුත් වර්ජනය පැවැති සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් කණ්ඩායම් යෙදවීමට කටයුතු  කළ බවද සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවැසීය.
වෛද්‍යවරුන් ඊයේ දිනය තුළ පැය 4කට සීමා කර තිබූ සංකේත වැඩ වර්ජනය සංගමයේ සාමාජිකත්වයේ දැඩි ඉල්ලීම මත පැය 24ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවද වෛද්‍ය ආනන්ද මහතා පැවැසීය.
සයිටම් ආයතනයට විරුද්ධව උද්ඝෝෂණය කළ විශ්වවිද්‍යාල සිසුන්ට පහර දී තුවාල සිදුකිරීම සහ අත්අඩංගුවට ගැනීම, වෛද්‍ය සභාවට බෝම්බ ප්‍රහාරයන් එල්ල කිරීම, සයිටම් ආයතනයේ හිටපු විධායක අධ්‍යක්ෂ සමීර සේනාරත්න මහතාට වෙඩි තැබිමේ ජවනිකාව පිටුපස සිටින පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම, වෘත්තීය සමිති නායකයින්ව මර්දනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ හා සයිටම් ආයතනයේ සිසුන්ගේ පුහුණුව සඳහා රජයේ රෝහල් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන තිබෙන තීරණයන්ට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ආරම්භ කළ බව සංගමය සඳහන් කරයි.
කෙසේ වෙතත් රජය සංකේත වැඩ වර්ජනය පැවැත්වීමට හේතු වූ ඉහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු නොකරන්නේ නම් ලබන 29 වෙනිදා අනෙකුත් වෘත්තීය සමිති සමග එක්ව අඛණ්ඩ වැඩවර්ජනයකට අවතීර්ණ වන බවටද සංගමය අනතුරු අඟවා සිටියි.

ශ්‍රියානි විජේසිංහ,ජේ.එම්. මහරූෆ්, නඳුන් ගුණතිලක - බිබිග

නිරිතදිග වැසි මෝසම සක්‍රීය වීම හේතුවෙන් 25 දා සිට දිවයිනේ ප්‍රදේශ රැසක වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව විශේෂයෙන් දිවයිනේ නිරිතදිග කොටසේ එනම් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, සහ වයඹ යන පළාත්වල ගිගුරුම් සහිත වැසි හා සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 2න් පසු කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වල මිලිමීටර 75 ට වැඩි තද වැසි ද ඇති  විය හැකි ය.

ගයාත්‍රි ගීගනආරච්චි

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

දේශීය රතු ලුණු වෙළදපොලට පැමිණීම අඩුවීමත් සමග යාපනය ගොවි කලාපයෙන් ලැබෙන රතු ලුණු කිලෝවක තොග මිල රුපියල් 250-300 ත් අතර මිලකට ඉහල ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් ප්‍රකශ කරයි.

දඹුල්ල වෙළදපොලට වැඩි වශයෙන් පුත්තලම හා නිලාවේලි යන ගොවි කලාපවලින් ලැබෙන රතුළුණු තොග අවසන්ව ඇති බැවින් යාපනය ගොවි කලාපයෙන් ලැබෙන රතුළුණු සදහා ඉහල මිලක ලැබෙන බව ඔවුන් කියා සිටිති.

මේ අතර යාපනයෙන් ලැබෙන  ඉහල ප්‍රමිතියෙන්යුතු  රතු ලුණු තොග වලට  රුපියල් 300 ක පමණ ඉහල මිලක් මේ දිනවල  ලැබෙන බව කියා සිටියි. වෙලදපොලේ දේශීය රතුළුණු කිලෝවක සිල්ලර මිල රුපියල්300-350 ත් අතර මිලක පවතියි. ආනයනික රතු ලුණු කිලෝවක මිල රුපියල් 180-200 අතර මිලක පැවතිණි.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන ඉන්දියන් ශිප්ලා නමැති රතු ලුණු කිලෝවක තොග මිල රුපියල් රුපියල් 160ක් වන බව අනයනකරුවෝ කියති. සතියකට නැව් 20 ක පමණ තොග ඉන්දියාවේ මදුරාසිය, තුත්තුකුඩි හා බොම්බයි යන වරායන්වලින් ලංකාවට ලැබෙන බවත් ඉදිරි දින කීපය තුල රතු ලුණු කිලෝවක මිල පහත වැටෙනු ඇතැයිද අනයනකරුවෝ පෙන්වා දෙති. 

අශෝක එරමිණිගම්මන - දඹුල්ල {jcomments on}

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බිහිකරන ලද නව ස්වාධීන කොමිෂන් සභා පවතින්නේ අත්හදා බැලීම් තත්ත්වයෙන් වැනි යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්වාධීන කොමිෂන් සභා පත් කළ නමුත් එහි පවතින ප්‍රමාදය පිළිබදව කරුණු විමසීම සදහා තමන් පසුගියදා එහි ප්‍රධානීන් කැදවා සාකච්ඡා කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

රුපියල් මිලියන 70ක වියදමින් ඉදිකරන ලද ගලගෙදර අධිකරණ සංකීර්ණය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) සිදුවූ අතර එහිදී ඔහු මේ බව කීවේය.

ස්වාධීන කොම්ෂන් සභා නමයෙහිම සභාපතිවරු, ලේකම්වරු කැදවා සාකච්ඡා කළ බවත් එහිදී ගැටලු රැසක් සමාලෝචනය කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. කොමිසන් ක්‍රියාකාරීත්වයේ අඩුපාඩු, ගැටලු, වැඩකටයුතු ප්‍රමාදවීමට හේතු, අරමුණු කරා යාමට ඇති බාධාවන් හා විසදුම් පිළිබදව මෙහිදී අවධානය යොමු කළ බව ඒ මහතා කීවේය.

ස්වාධීන කොමිෂන් සභා කාර්යක්ෂම හා විධිමත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුවන බවත් එම කටයුතු විධිමත් කිරීම පිළිබදව ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් හා අදාල අමාත්‍යංශ නිලධාරීන් දැනුවත් කළ බව ද ජනාධිපතිවරයා සදහන් කළේය.

සමාජ සාධාරණත්වය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු තහවුරු කිරීම සදහා රජය බලයට පත්වූ බවත් 18වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම මෙරට ජනතාව ලබන විශිෂ්ඨතම ජයග්‍රහණය වන බව ද ජනාධිපතිවරයා සදහන් කළේය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 424

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 786

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 701

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 568

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5199

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3430

Please publish modules in offcanvas position.