Coss Ear2
lakbima.lk
COSS Ear 1

දීර්ඝ කාලයක සිට පොලොන්නරුව සුදුනෙළුම්ගම කුණුගොඩට තමන්කඩුව ප්‍රාදේශීය සභාවෙන් පොලිතින් හා කැළි කසල විශාල වශයෙන් බැහැර කරන අතර එම පොලිතින් ආහාරයට ගත් 11 වන අලියා ද ඊයේ (23)  මිය ගිය බව ප්‍රදේශවාසීන් හා වනජීවී නිලධාරීහු පවසති.

පොලිතින් හා කැළිකසල ආහාරයට ගැනීමෙන් අසාධ්‍යව සුදුනෙළුම්ගම කුණුගොඩ අසල වැටී සිටි මෙම වන අලියා ඊයේ (23) සවස මියයෑමෙන් පසු ආහාර මාර්ගයේ සිරවී තිබූ පොලිතින් කිලෝ විසිපහක් පමණ ප්‍රමාණයක් ඉවත් කළ බව වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ පශු වෛද්‍ය සමීර කළිඟුආරච්චි මහතා පවසයි.

අවුරුදු 35 ක් පමණ වයසැති එම අලියා පොලිතින් ආහාරයට ගෙන ඉකුත් 22 වෙනිදා කුණු ගොඩ අසලම අසාධ්‍යව වැටී සිටියදී එදින වනජීවී නිලධාරීන් හා වෛද්‍යවරයා ප්‍රතිකාර කිරීමට මහත් වෙහෙසක් ගත්තද එම උත්සාහය සාර්ථක නොවීය .

පොලිතින් හා කැළිකසල ආහාරයට ගැනීමෙන් මිය ගිය අලින් අතරින් වැඩිම පොලිතින් ප්‍රමාණයක් ආහාරයට ගෙන මිය ගිය අලියා මෙය වන බව පශු වෛද්‍ය සමීර කළිඟුආරච්චි මහතා අප කළ විමසීමක දී පැවසීය.

මෙම අවාසනාවන්ත තත්ත්වයට විකල්පයක් ලෙස අලින් ගැවෙසන ස්ථාන වල කුණු බැහැර කිරීම නවතාලිය යුතු බවත්, එසේ නොමැතිනම් කුණුගොඩ අසලට අලින්ට ළඟාවීමට නොහැකි පරිදි විදුලි වැටක් ඉදිකළ යුතු බවත් වෛද්‍ය කළිඟුආරච්චි මහතා පෙන්වා දෙයි.

ජල ගැලීම් නිම්න ජාතික උද්‍යානයේ සැරසරන වන අලි දිනකට 15ක් පමණ මෙම පැමිණ පොලිතින්, කැළිකසල ආහාරයට ගන්නා බවත් එම වන අලි මහවන මැද විශාල වශයෙන් මියගොස් අැති බවත් ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.

ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ අවසන් වන අලියාත්  පොලිතින් හා කැළිකසල ආහාරයට ගෙන වඳවීමට පෙර මෙම ඛේදජනක තත්ත්වයට විසඳුමක් ලබාදෙන ලෙස ප්‍රදේශවාසීහු රජයේ අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

අප මේ  පිළිබඳව පොලොන්නරුව කලාප භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඩී.එම්.ජී. වික්‍රමසිංහ මහතා කළ විමසීමක දී පැවසුවේ. මෙම උද්‍යානය අසලට කුණු බැහැර කිරීම විධිමත්ව සිදුවිය යුතු බවත් සතුන්ට හා මිනිසුන්ට  හානියක් නොවන පරිදි වළවල්වල කුණු දමා වැසිය යුතු බවත්ය.

අප මේ පිළිබඳව වගකීම් දරන තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ ලේකම් ආර්.එම්.හේමකාන්ති මහත්මිය දුරකතනය මගින් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද එය අසාර්ථක විය. 

මනම්පිටිය - නිමල් ජයරත්න / ප්‍රියන්ත බණ්ඩාර - පොලොන්නරුව

ජාතික අක්ෂි රෝහ‍ලේ අක්ෂි ශල්‍යකර්ම මුළුමනින්ම නතර වීමේ අවදානමක් මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 
මෙසේ ශල්‍යකර්ම නතර වීමේ අවදානම මතුව. 
ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මිලදී ගත් අක්ෂි කාච වෙනුවෙන් මිලියන 18ක මුදලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අදාළ සමාගම් අක්ෂි කාච ලබා නොදීමට තීරණය කිරීම හේතුවෙන් යැයි රෝහ‍ලේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය. 
කෙසේ නමුත් මෙපමණ මුදල් අක්ෂිකාච මිලදී ගැනීම වෙනුවෙන් වැය වූයේ කෙසේද යන්න පිළිබඳව අක්ෂි කාච මිලදී ගැනීමේ විශේෂඥ කමිටුවේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ව කෝප් කමිටුවට කැඳවා ඇතැයිද පැවැසේ. 
අපි මේ සම්බන්ධයෙන් අක්ෂි රෝහ‍ලේ අධ්‍යක්ෂ වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු මහත්මියගෙන් විමසූ කල ඇය සඳහන් කළේ අක්ෂි ශල්‍යකර්ම ඉදිරියේදී නතර වීමේ අවදානමක් පැවැතිය හැකි නමුත් මේ වන විට සැත්කම් සිදු කරන බවකි.
 
ශ්‍රියානි විජේසිංහ

පළාත් පාලන ඡන්ද ක්‍රමයට සංශෝධන 54 ක් ඉදිරිපත්ව තිබෙන නිසා පක්ෂ නායකයන් රැස්වී ඉක්මණින් එකගතාවකට පැමිණි පසු ඡන්දය පැවැත්විය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (23) ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණ පනත සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ එකගතාවය පමණක් මේ වන විට ඒ වෙනුවෙන් අවශ්‍යව තිබෙන බවත් අගමැතිවරයා කීවේය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය. ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.
මැතිවරණ කොමිසමට අනුව ලංකාවේ මිලියන 15 ක් පමණ ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ පිරිසට මේ වන විට මැතිවරණයක් නොමැති ඡන්ද දායකයින් පිරිසක් බවට පත් වෙලා. 6000 ක් පමණ වන පළාත් පාලන ආයතන නියෝජිතයෝ පිරිසක් පත් කර ගන්න අද අවස්ථාව නැහැ.
පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කියලා තියෙනවා අවශ්‍ය උපදෙස් ලද පසු ඡන්දය පවත්වනවා කියලා. රජය ඇයි මැතිවරණ කොමිසමට පළාත් පාලන ආයතන ඡන්දය පවත්වන්න බලය ලබා නොදෙන්නේ. පළාත් පාලන මැතිවරණය පැවැත්විම කල් දමා මේ වන විට වසර දෙකක් ගත වෙලා තියෙනවා.
 
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා -
ජනාධිපතිවරයා පවා කිව්වා මේ වසරේදි ඡන්දය තියෙන්න අවශ්‍යයි කියලා. පළාත් පාලන මැතිවරණ ආඥා පනත යටතේ වන ඡන්ද කොට්ඨාස ගැසට් කිරිමේ නිවේදනය ඉකුත් පෙබරවාරි 17 දා නිකුත් කලා. අවසානයේ මේ කොට්ඨාස නිර්නය කිරිමේ සංශෝදන පනතට ඇතුළත් කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය හිමි වෙලා තියෙනවා.
එම සංශෝධන සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ද එකගතාවයකට පැමිණිය යුතුයි කියලා ඉල්ලීම් තියෙනවා. සභාවේ ස්ථාවරය අනුව තමයි අපට ඉදිරි කටයුතු කරන්න තියෙන්නේ. ආණ්ඩුවට කරන්න තියෙන කටයුතු මේ වන විට කර අවසන් කර තිබෙනවා. පක්ෂ නායකයන් ලෙස අප මේ සතියේ රැස්වී අවසන් තීරණයක් ගනිමු.
 
දිනේෂ් ගුණවර්ධන මහතා - පළාත් පාලන ඡන්දය තියන්නේ නැහැ කියලද ඔය කියන්නේ.
 
අගමැති - නැහැ නැහැ විවිධ පක්ෂ මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා පක්ෂ නායකයෝ මේ සතියේ රැස්වෙලා ඒ අය කැමතිද නැතිද කියලා තිරණයක් ගනිමු. පක්ෂ නායක අදහස් අරගෙන එකඟත්වයකට එන්න ඕනේ.
 
දිනේෂ් ගුණවර්ධන මහතා - පක්ෂ නායකයන්ට අයිතියක් නැහැ මේ කාරණය සම්බන්ධයෙන් මැදිහත් වෙන්න. පවතින නිතිය යටතේ තමයි ආණ්ඩු කටයුතු කරන්න ඕනේ.
 
අගමැති - පළාත් පාලන ඡන්ද පනතට සංශෝධන 54 ක් ඉදිරිපත් වෙලා තියෙනවා. පක්ෂ නායක මතය ලද පසු අපි එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය අරගෙන දැනුම් දෙන්නම්. පක්ෂ නායකයෝ කැදවලා ඔවුන්ගේ අදහස් ගන්න එපා කියලාද කියන්නේ. ඒකත් අපි කියන්නම්.
 
ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න{jcomments on}

සීගිරිය පිහිටි භූමිය හෝ වෙනත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත කිසිදු ඉඩමක් කිසිදු ව්‍යාපාරික කටයුත්තක් සඳහා ලබා දී නැති බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 
ඒ සම්බන්ධයෙන් කිසිදු ‍ලේකම්වරයකුට හෝ උපදෙස් දී නැති බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන්ද මේ පිළිබඳව විමසූ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. කිසිදු හෝටල් ව්‍යාපෘතියක් සඳහා අවසර දී නැති බවට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිතව තමන් වෙත කරුණු වාර්තා කර ඇති බවද ඒ මහතා අවධාරණය කරයි. 
එමෙන්ම සීගිරිය කළුදිය ‍පොකුණ ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිතය අවට පෞද්ගලික ඉඩමක කෙරුණ ඉදිකිරීමක් අතරතුර හමු වූ සෙල් ලිපියක් විනාශ කිරීමට අදාළව ෙනෙතික පියවර ගැනීමටද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි. 
 
ගයාත්‍රි ගීගනආරච්චි{jcomments on}

ලොව පුරා සෑම රටක්ම නියෝජනය වන පරිදි පත් කර සිටින මහකොමසාරිස්වරු, තානාපතිවරු, නියෝජ්‍ය තානාපතිවරු හා කොන්සල් ජනරාල්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික දූත සේවයේ යෙදී සිටින සෑම අයෙක් සම්බන්ධයෙන්ම වාර්තාවක් කැඳවීමට නව විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා තීරය කර ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව නව විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා මෙම තීරණයට එළැඹ තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ භාරගත් විගසම ඉහත වාර්තා කැඳවන ලෙස රවි කරුණානායක මහතා මෙම නියෝගය නිකුත් කරනු ඇත.
 
ලසන්ත වීරකුලසූරිය{jcomments on}

ජාතිවාදි හා ආගම්වාදය මුවාවෙන් රටේ විවිධ ප්‍රදේශවල කරන නොයෙක් ක්‍රියාවන් මැඩපැවැත්වීමේ වගකිම හා බලය ඒ ඒ ප්‍රදේශවල ‍පොලිස් ස්ථානාධිපතිවරුන්ට පැවරීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත.
සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තු සංකිර්ණයේ ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
ජාතිවාදි හෝ ආගම්වාදි කිසිදු ක්‍රියාවක් රජය කිසිසේත් අනුමත නොකරන බවත් අගමැතිවරයා , ජනාධිපතිවරයා සහ ඇමති මණ්ඩලය මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කර මෙවන් තිරණයකට එලැඹි බවත් ඇමැතිවරයා කීවේය.
රටේ නිතීය කිසිදු බේදයකින් තොරව සැමට එකසේ ක්‍රියාත්මක කිරිමට ද රජය තීරණය කර ඇතැයි ද හෙතම ප්‍රකාශ කළේය.
 
ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න{jcomments on}

පිළියන්දලදී ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් මේ වන විට බෝට්ටු මගින් චෙන්නායි නුවරට පළාගොස් ඇති බව නිතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (23) ප්‍රකාශ කළේය.
මෙම පිරිස තලෙයිමන්නාරමට ගොස් එහි සිට බෝට්ටු මගින් ඉන්දියාවට පළාගොස් ඇති බවට මේ වන විට හෙළිදරව් වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට වෙඩි තැබිමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේද කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තබා රැදවියන් ඝාතනය කිරිමේ සිද්ධියත් මෙහෙයවූ දැනට ඩුබායි හි පදිංචි වී සිටින මාතර මධුෂ් නැමැත්තා විසින් බවට ද අනාවරණය වී ඇතැයි ඇමැතිවරයා කීවේය.
සමරවීර ආරච්චිගේ මධූෂ් හෙවත් මාතර මධුෂ් නැමැත්තා ඩුබායිහි පදිංචිව සිටින මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව ප්‍රකාශ කළ ඇමැතිවරයා පිළියන්දල වෙඩි තැබිමේ සිද්ධිය පිළිබඳ තමන් අතිශයින් කණගාටුවන බවද පැවසීය.
ස්ථාවර නියෝග 23/2 යටතේ විපක්ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකශ කළේ පිළියන්දල වෙඩි තැබිමේ සිද්ධිය සඳහා යොදාගත් යතුරු පැදිය මිළදි ගෙන තිබෙන්නේ ඝාතනයට පැය තුනකට පමණ පෙර බවය.
මෙම වෙඩි තැබිම කළ සැකකරුවන් මන්නාරම මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පැනගොස් ඇති බවත් ‍පොලිසියට ඔත්තු ලබා දෙන ඔත්තුකරුද ඔවුන් සමඟ ඉන්දියාවට පැනගොස් ඇති බවට සොයා ගෙන ඇති බවත් ඇමැති රත්නායක මහතා පැවසීය.
අදාළ වැටලීම සම්බන්ධයෙන් තමා වාර්තාවක් ඉල්ලා සිටි බව කී ඇමැතිවරයා මෙැවනි වැටලීමකට ගියේ බුද්ධි තොරතුරු සහාය කණ්ඩායම් නිසි ලෙස සොයා ගෙනද යන්න තමා විමසා බැලු බවද කීවේය. දක්ෂ ‍පොලිස් නිලධාරින්ට අහිංසක දරුවන් තිදෙනෙකුට වෙඩි වැදුන බවත් එක් දරුවෙකු මරණයට පත්වූ බවත් ඇමැතිවරයා පැවසූවේය.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් අංශය එක් පරික්ෂණයක් කරනවා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තවත් පරික්ෂණයක් කරනවා යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 
ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න{jcomments on}

නුවරඑළිය රෝහලේ වෛද්‍ය නිල නිවාසයක තිබී එම රෝහලේම සේවය කරන නිර්වින්දන වෛද්‍යවරියකගේ මළ සිරුරක් අද හමු වී තිබේ. කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දිලුෂී නම් වන ඇය වෛද්‍යවරයෙකු හා විවාහ වී පසුව දික්කසාද වූ තැනැත්තියක යැයි කියනු ලැබේ. 
 
පසුගිය දිනවල නිවාඩු ලබා සිටි ඇය නැවත සේවය සඳහා රෝහලට පැමිණ ඇති අතර නිල නිවස තුළ දී මෙසේ් ජීවිතක්ෂයට පත්ව ඇත.  
 
ඇගේ මරණයට හේතුව නිර්වින්දන ඖෂධ අධි මාත‍්‍රාවෙන් එන්නත් කර ගැනීමක් ද නැතහොත් වෙනයම් හේතුවක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
 
නුවරඑළිය මහේස්ත‍්‍රාත් ඉන්දික රුවන් සිල්වා මහතා මේ සම්බන්ධ මූලික මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සිදුකළ අතර මෙම සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නියෝග කොට ඇත.
 
නුවරඑළිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. 
 
දමයන්ති ගමගේ{jcomments on}

හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ඉදිරියේ ඇති ඩිජිටල් මුද්‍රණ ආයතනයක අද හවස 4.00ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් එහි හිමිකරු සහ තවත් අයෙකු මියගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ දොඩන්දූව, කුමාරකන්ද ප‍්‍රදේශයේ පදිංචි 34හැවිරිදි සුජිත් හිමාල් සහ එම ප‍්‍රදේශයේම පදිංචි 26හැවිරිදි තුෂාන් ධනුද්දර නමැති අයයි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මෙම ආයතනය තුළට ඇතුළු වී වෙඩි තැබීම සිදුකොට පලා ගොස් ඇත. මෙම වෙඩි තැබීමෙන් එහි සිටි ගනුදෙනුකරුවෙකුට ද තුවාල සිදු වී තිබේ.

මෙම වෙඩි තැබීමට ලක් වූ 34 හැවිරිදි පුද්ගලයා එම ආයතනයේ හිමිකරු වන අතර ඔහු පසුගිය කාලයේ සිදුවූ මිනී මැරුමක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත ව සිට ඇප මත නිදහස් වූ අයෙකු යැයි කියනු ලැබේ.

ඒ අනුව මෙම ද්විත්ව මිනී මැරුම පාතාල කල්ලි ක්‍රියාවකයි පොලීසිය සැක කරයි.

මෘත ශරීර මේ වනවිට කරාපිටිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇත.

හික්කඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



සහන් සංකල්ප සිල්වා

ඡායාරූප - අනුර ප්‍රියන්ත

හෙළ බලය සංවිධානයේ සභාපති කිරිඇල්ලේ සුධම්මජෝති හිමියන් සහ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු ඥානානන්ද හිමියන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. තමන් පැහැරගෙන ගොස් පහර දුන්නේ යැයි සුධම්මජෝති හිමියන් පසුගිය 13 වන දා පානදුර පොලිසියට කරන ලද පැමිණිල්ල සාවද්‍ය එකක් බව තහවුරු වීම නිසා ඒ හිමියන් අත්අඩංගුවට පත් වී ඇති අතර පසුගිය දා රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය විසින් නැගෙනහිර පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරියේ පැවැත් වූ උද්ඝෝෂණය අතර දී ඊට එරෙහිව ලබා දුන් අධිකරණ නියෝගය පොලිසිය ඉදිරියේම ඉරා දමා පාගා දැමීම හේතුවෙන් ඥානානන්ද හිමියන් අත්අඩංගුවට පත්ව ඇත.
 
සුධම්මජෝති හිමියන් අද පානදුර මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ඥානානන්ද හිමියන් ඇතුළු අත්අඩංගුවට ගත් සිව්දෙනා ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත‍්‍රිකුණාමලය මහේස්ත‍්‍රාත්වරයා නියෝග කොට ඇත. 
 
එස්. කොඩිතුවක්කු

ජා ඇල තුඩැල්ල නිමලමරියා බාලිකා විද්‍යාලයේ සිසුවියන් පන්සීයකටත් වඩා අධ්‍යාපනය ලබන වසර සියයකටත් වඩා පැරණි ගොඩනැගිල්ලකින් තම දරුවන් ඉවත් කරන ලෙස අද (23) පෙරවරුවේ දෙමාපියන් පිරිසක් එම පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුණහ.

ජා ඇල නිමලමරියා දේවස්ථානය වසර දෙසීයක් පමණ පරණි වන අතර මෙම නිමලමරියා බාලිකා විද්‍යාලය මීට වසර හැත්තෑ පහකට පෙර අරඹන ලද්දකි. එම විද්‍යාලය මුලින් අරඹා ඇත්තේ වසර සියයකටත් වඩා පැරණි එම දේවස්ථානයේ කන්‍යාරාමයේ තිබූ මෙම ගොඩනැගිල්ල මුල්කර ගනිමිනි.

මෙම ගොඩනැගිල්ලේ වහල වරින් වර දිරාපත්වීම නිසා නොයෙකුත් තාවකාලික පිළියම් යොදා ඇතත් නිසි ප්‍රතිසංස්කරණයක් සිදුවී නැති බව දෙමාපියෝ කියති.

මේ අතර පසුගිය සිකුරාදා මෙම ගොඩනැගිල්ලේ විශාල බදාම තට්ටුවක් කඩා වැටී ඇති අතර ගොඩනැගිල්ලේ ස්ථාන බොහොමයක පිපිරීම් සහ ඉරිතැලීම් දක්නට ලැබෙයි.

පුරා වස්තු ආඥාපනත අනුව පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කිරීමේ නෛතික බලය පවා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සතුව පවතින මෙම පැරණි ගොඩනැගිල්ලේ පන්තිකාමර 11 ක සිසුවියන් පන්සියයක් පමණ ඉගෙනුම ලැබීම අතිශයින් අවදානම් බව පවසමින් දෙමාපියන් කළ උද්ඝෝෂණය හමුවට මීගමු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඒ.සී ඇන්තනි ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යාපන බලධාරීන් පැමිණ එහි ඉගෙනුම ලැබූ සිසුවියන් තාවකාලිකව එම දේවස්ථාන ගොඩනැගිලිවල සහ විද්‍යාලීය ප්‍රාථමික අංශයේ රඳවා ඇත. මේ වන විට එම ප්‍රාතමික අංශයේ දැඩි තදබදයක් පවතී.

මෙම විද්‍යාලය සඳහා අලුතින් ගොඩනැගිල්ලක් තැනීමට රුපියල් මිලියන හතලිස් තුනක මුදලක් වෙන්කර තිබියදීත් එහි වැඩකටයුතු තවමත් ආරම්භ නොකිරීම මත සිසුවියන් මෙම දරුණු අවදානමට මුහුණ දී ඇතැයි දෙමාපියෝ කියති.




ප්‍රසංග පෙරේරා - ජා ඇල{jcomments on}

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 430

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 807

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 717

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 574

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5211

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3435

Please publish modules in offcanvas position.