Coss Ear2
lakbima.lk
COSS Ear 1

රටපුරා ජාතිවාදි හා අන්තවාදී ප්‍රවණතා යළි හිස ඔසවමින් තිබියද ආණ්ඩුව ඊට එරෙහිව මතෛක් ප්‍රමාණවත් පියවරක් ගෙන නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.
ස්ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේද කීය.
ප්‍රකාශයක් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේද කීය.
මේ වන විට වාර්තා වන විවිධ සිදුවීම් මගින් රට පුරා ජාතිවාදී හා අන්තවාදී ප්‍රවණතා නැවත වරක් හිස ඔසවමින් ඇති බව පෙනෙන්නට තිබෙනවා. සිංහල හා මුස්ලිම් ජනතාව අතර ජාතිවාදී ගැටුම් ඇවිළවීමේ උත්සාහයක් ඇති බව හදුනාගත හැකියි. විශේෂයෙන් ජාතිවාදි හා ආගම්වාදී පදනම මත දේපළවලට පහරදීමේ සහ ගිනි තැබිමේ සිදුවිම් ගණනාවක් පසුගිය දින කිහිපයේ වාර්තා වුණා.
ජාතිවාදය කුමන ස්වරූපයකින් මතු වුවද කුමන පාර්ශ්වයකින් ඉදිරිපත් වුවද රටේ ජාතික සමගියට, සංහිඳියාව අතිශය හානිකරයි. විශේෂයෙන් අවුරුදු 30 කට වැඩි කාලයක් ජාතිවාදී යුද්ධයකින් බැට කෑ රටක් ලෙස, ඉතා අසීරුවෙන් ගොනැගෙමින් ඇති ජාතික සමගියට මෙවැනි සිදුවිම් බරපතළ බාධාවක් ඇති කරනවා.
කෙසේ නමුත් මෙවැනි තත්ත්වයක් වර්ධනය වෙද්දී ආණ්ඩුවේ පාර්ශ්වයෙන් එම තත්ත්වයෙන් නිසි බරින් හඳුනාගැනීමක් හෝ එවැනි තත්ත්වයන්ට එරෙහිව ක්‍රියාත්මකවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව මෙවැනි ජාතිවාදී ප්‍රවණතාවලට ඉඩ සලසන පරිසරයක් නඩත්තු කිරීමද මෙම තත්ත්වය තීව්‍ර කර තිබෙනවා. නිදසුනක් ලෙස විල්පත්තු ප්‍රදේශයේ වන විනාශයට හා ඉඩම් ගැටලුවට විසඳුම් ලබාදීමට හෝ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට හානි සිදුවිම සම්බන්ධයෙන් මැදිහත්වීමට හෝ මුස්ලිම් ජනතාවගේ කඩසාප්පුවලට පහරකීම් සොයාබැලීමට ආණ්ඩුව මතෛක් ප්‍රමාණවත් පියවර ගෙන නැහැ.
දෙතුන් පැත්තේම සිටින අන්තවාදීන් සුළු පිරිසකගේ පටු අවශ්‍යතා වෙනුවෙන් දිගහැරුණු මෙවැනි සිදුවිම්වලින් ලාංකේය දේහය ඇති කරම් බැටකා තිබෙනවා. ඔවුන් පටු වාසි ලබද්දී සමාජයක් ලෙස අපි ‍ලේ හා කදුළුවලින් බරපතළ වන්දි ගෙවා තිබෙනවා. පසුගිය කාලයේ අලුත්ගම වැනි ප්‍රදේශයකින් පුපුරා ගියේද මෙලෙස ක්‍රමිකව වර්ධනය වූ තත්ත්වයක් බව කිසිවෙකුටත් අමතක කළ නොහැකියි.
මේ තත්ත්වය තුළ පැන නගින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.
විල්පත්තු වන විනාශය සහ ඉඩම් ගැටලු සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරි තත්ත්වය විසඳීමට ගෙන ඇති පියවර කවරේද, නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට හානි සිදුව තිබේද? ඒවා ආරක්ෂා කිරිමට ගෙන ඇති පියවර කවරේද, ආසන්න කාලයේ ජාතිවාදි හා ආගම්වාදි පදනම මත ආගමික ස්ථාන, වෙළෙද සැල් ඇතුළු ස්ථාන කොපමණ සංඛ්‍යාවකට පහරදිම් සිදුවී තිබේදෟ ඒවා නතර කිරිමට ගන්නා පියවර කුමක්ද, වර්ධනය වෙමින් ඇති ජාතිවාදි හා ආගම්වාදී ප්‍රචාරණයන් හා ක්‍රියාකාරකම් නතර කිරීමට ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද

ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න

පළාත් පාලනය මැතිවරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සම්මත වූ කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම් මහින්ද අමරවීර මහතා පැවැසීය.
කර ගැනීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම් මහින්ද අමරවීර මහතා පැවැසීය.
පළත් පාලන මැතිවරණයට මුහුණදීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළට ජනතා ප්‍රසාදය ලැබි තිබෙන මෙම කාලය මැතිවරණය පැවැත්වීමට සුදුසුම කාලය බවත් ඇමැතිවරයා පෙන්වා දේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය විරෝධීව කටයුතු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවත් පක්ෂයේ නොමග ගිය පුද්ගලයන් නැවත පක්ෂයට සම්බන්ධ කර ගැනීම බලාපාරොත්තුව බවත් ඇමැතිවරයා පැවැසීය.

ශ්‍රියානි විජේසිංහ

ජාතිවාදී ආගම්වාදී ගැටම් ඇති නොවීම සම්බන්ධයෙන් තිරසාර විසඳුමක් ලබාදීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කොට පත්කරමු යැයි කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (24) ප්‍රකාශ කළේය.
නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන ඇමැති රාවුෆ් හකීම් මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා මේ බව කීවේය. ජාතිවාදී හා ආගම්වාදී ගැටලු සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් ලබාදීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඇමැතිවරයා ඉල්ලා සිටියේය.
රජය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති ගැටලුවේ බරපතළකම ගැන තේරුම් ගෙන කටයුතු කිරීම ගැන සතුටුයි. ඊළඟ පක්ෂ නායක රැස්වීමේදීම මේ ගැන කතා කරලා තේරීම් කාරක සභාව පත් කරන්න තීරණයක් ගනිමු.

ලසන්ත වීරකුලසූරිය - පැතුම් වික්‍රමරත්න{jcomments on}

ජාතිවාදී සහ ආගම්වාදී ස්වරූපවලින් පෙනී සිටිමින් අන්‍යාගමිකයන්ට හිරිහැර කරන සහ ආගමික මධ්‍යස්ථානවලට හානි කරන සංවිධානාත්මක කල්ලිවලට එරෙහිව නීතිමය කටයුතු කිරීම සඳහා පූර්ණ බලතල හිමි විශේෂ ‍පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන ඇත.
මෙම විශේෂ ඒකකයක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය විසින් ස්ථාපිත කෙරෙනු ඇත.
‍පොලිස් දෙපාර්තමේන්තුවේ දක්ෂ හා කාර්යක්ෂම නිලධාරීන් කිහිප දෙනකු නව ඒකකයට ස්ථාපිත කෙරේ. ජාතිවාදී ස්වරූපයෙන් අන්‍යාගමික ස්ථානවලට පහරදීම වාර්තා වූ විගස ක්ෂණිකව ප්‍රදේශයේ ‍පොලිස් නිලධාරීන් යෙදවීම හා ඉන්පසු විමර්ශන සඳහා විශේෂඥ උපදෙස් දීමත් නව ඒකකයේ කාර්යභාරයන් අතර වේ.
ඊට අමතරව ජාතිවාදී ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙමින් අන්‍යාගමික වැඩසටහන්වලට පහර දෙන සංවිධානාත්මක ජාතිවාදී කණ්ඩායම් ගැන සකස් කෙරුණු බුද්ධි අංශ වාර්තාවක් ලබන සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට භාරදීමට නියමිතය.

ලසන්ත වීරකුලසූරිය{jcomments on}

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මහබාගේ පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (23) රාගම, දෙල්පේ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම ‍කේරළ ගංජා තොගය යතුරු පැදියක් මගින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත් වී ඇති අතර, එම පුද්ගලයා, යතුරු පැදිය සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මහබාගේ පොලීසිය වෙත භාර දී ඇත. 

වෛද්‍යපීඨ දෙමාපිය එකමුතුව විසින් සංවිධානය කළ සයිටම් විරෝධී උද්ඝෝෂනයකට අද පස්වරුවේ කොළඹ කොටුව ලොටස් පාරේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල විය.

උද්ඝෝෂකයන් පොලීස් අණ නොතක පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඇති ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාම සැරසුණ අවස්ථාවේ උද්ඝෝෂකයන් හා පොලීසිය අතරේ උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. ඉන් පසු තමන් සතු  නීතිමය බලය යෙදීමට පෙර වහාම ඉවත් වන්නැයි උද්ඝෝෂකයන්ට දැනුම් දුන් පොලීසිය ඉන් පසු මෙම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කොට ඇත. 

මෙහිදී ලක්බිම ඡායාරූප ශිල්පී නිමල්සිරි එදිරිසිංහ මහතා ද අනතුරට ලක්ව කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදීසි අනතුරු අංශයට ඇතුළත් කර ඇත.

මෙම උද්ඝෝෂණය නිසා කොළඹ කොටුව, ගාළු මුවදොර ඇතුළු අගනුවර ප්‍රදේශ ගණනාවක දැඩි රථවාහන තද බදයක් දක්නට ලැබෙන අතර ගමනා ගමන අපහසුතා දුරලීම පිණිස විකල්ප මාර්ග භාවිතා කරන මෙන් රථ වාහන පොලීසිය ඉල්ලා සිටී.

ඩෙංගු වෛරස් කාණ්ඩය වෙනස් වීම සහ මේ දිනවල සක්‍රීය වෙම්න් පවතින නිරිත දිග මෝසම් වැසි තත්වය හේතුවෙන් ඩෙංගු පසුගිය වසරවලට සාපේක්ෂව ඩෙංගු වසංගත තත්වය ශීඝ්‍රයෙන් ඉහළ යාමේ පැහැදිලි හැකියාවක් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ වසරේ ගතවූ මාස 5ක කාලය තුළ පමණක්ඩෙං ගු රෝගීන් 50 000ක් පමණ වාර්තා වී ඇති අතර ඉදිරි තෙමස තුළ මෙම සංඛ්‍යාව බෙහෙවින් ඉහළ නැවිය හැකි බව එම අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.

පසුගිය දිනවල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂයෙන් බල ගන්වන ලද විශේෂ ඩෙංගු මර්දන කාර්ය සාධන බලකාය සතුව සුවිසල් වැඩ කොටසක් පැවරී ඇති බව ද දැනට පවත්නා නොවිධිමත් නාගරික කැළි කසල අපහරණය මුල් කොට ගත් ඩෙංගු වර්ධනයට ඉවහල් වන සෑම කරුණක්ම මෙම කාර්ය සාධන බලකායේ විශේෂ අවධානයට ලක් විය යුතු බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ නාගරික කැලි කසල අපහරණය සම්බන්ධයෙන් තවමත් බෙහෝ පලාත් පාලන ආයතන වගකීම් විරහිතව කටයුතු කරන බවකි.

වාර්තා ගත වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අනුව පසුගිය වසර කිහිපය තුළ ඩෙංගු මරණ සංඛ්‍යාව තරමක් පහළ බැස තිබුණද නැවත එම රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟම ඩෙංගු මරණ සංඛ්‍යාවද ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය ආරංචි මාර්ග පෙන්වා දෙයි.

දමයන්ති ගමගේ{jcomments on}

වසර අටක් තිස්සේ මානසික රෝගී කතක් සහ මානසික රෝගී පුද්ගලයින් දෙදෙනෙකුට ප‍්‍රතිකාර නොකර හබරාදුව රජයේ රෝහලේ (කලූගල රෝහල)වැසිකිළියක් තුළ සිර කරගෙන සිටින බව වාර්තා වේ.

හබරාදුව රජයේ රෝහලේ නේවසික ප‍්‍රතිකාර ලබා ගන්නා කාන්තාවක හා පිරිමි දෙදෙනෙකු වසර අටක් තිස්සේ මෙලෙස වැසිකිළියක් තුළ සිර කොට සිටින බවට ලැබුණු තොරතුක් මත  ඉකුත් දා හබරාදුව රජයේ රෝහලට ගිය අපට මෙම රෝගීන් තිදෙනා වැසිකිලීයක් තුළ සිර කොට සිටින ආකාරය දැක ගැනිමට ලැබුණි.

හබරාදුව රජයේ රෝහල පිරිමි සහ කාන්තා නේවාසික ප‍්‍රතිකාර සේම බහිර රෝගීන් සඳහා ප‍්‍රතිකාර කරනු ලබන රෝහලකි.

මිට වසර අටකට පමණ පෙර කරාපිටිය රෝහලේ සිට නේවසික ප‍්‍රතිකාර ගැනීමට යොමු කර ඇති මෙම පිරිමි රෝගින් දෙදෙනා හා කාන්තාව ගේ  නම් ගම් පවා පැහැදීළිව රෝගින් ලියාපදිංචි කරන ස්ථානයේ නෙමැත. තමන් පිළිබඳ තොරතුරක් පැවසීමට මෙම රෝගින් තිදෙනාට මතකයක්  ද නැත.

ඔවුන් තිදෙනාම මානසික රෝගීන් වුවත්, මානසික රෝගීන් සදහා ලබා දෙනු ලබන ඖෂධ කිසිවක් හබරාදුව රජයේ රෝහලේ නෙමැති බවත්, අඩුම තරමින් එම රෝගින් තිදෙනා පරික්‍ෂා කිරීම සඳහා මානසික වෛද්‍යවරයෙකුවත් හබරාදුව රජයේ රෝහල තුළ නෙමැති බවත් රෝහල් ප‍්‍රකාශකයෙක් අප සමග පැවසීය.

ගාල්ලේ මානසික රෝහලක් වන උණවටුන රෝහලෙන් මෙම රෝගීන් තිදෙනා බර ගන්නේ නැහැ. අපි මේ අයගෙන් පිරිමි දෙදෙනාට උපලි සහ ගම්පහ කියලා තමයි කතා කරන්නේ. ඒ මේ අයගේ ඇත්ත නම් ගම් නොවෙයි. ගැහැණු කෙනාට අපි සුමනාවතී කියනවා. සුමනාවතී මාතර ඉදලා තමයි කරාපිටිය රෝහලට 2008 වර්ෂයේ ඇවිත් තියෙන්නේ. එයාගෙන් මේ රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ගන්න අනිත් රෝගීන්ට හිරිහැර සිදුවෙනවා. නමුත් අපිට යවන්න තැනක් නැහැ. මේ රෝගීන් බලන්න කිසිම කෙනෙකුගේ ගෙදරකින් එන්නේ නැහැ. දැන් අවුරුදු 08ක් විතර මෙහෙම තමයි ඉන්නේ. කිසිම බෙහෙතක් මෙහෙන් දෙන්නේ නැහැ. එම ප‍්‍රකාශකයා අප සමඟ වැඩිදුරටත් පැවසීය.

මෙම රෝගීන් පිළීබඳව රෝහල් බලධාරින් කිසිදු වගකිව යුතු අයතනයකට වත් මේ වන තුරු දන්වා නැති බව අප කළ සොයා බැලිමේදී අනාවරණය විණී. මෙ පිළිබඳව අවධානය යොමු කර මෙම රෝගීන් තිදෙනා මානසික රෝහලකට යොමු කර නිසි ප‍්‍රතිකාර ලබා දෙන මෙන් රෝහලට පැමිණෙන ජනතාව ඉල්ලා සිටිති.

අනුර ලියනගේ- හබරාදුව{jcomments on}

දීර්ඝ කාලයක සිට පොලොන්නරුව සුදුනෙළුම්ගම කුණුගොඩට තමන්කඩුව ප්‍රාදේශීය සභාවෙන් පොලිතින් හා කැළි කසල විශාල වශයෙන් බැහැර කරන අතර එම පොලිතින් ආහාරයට ගත් 11 වන අලියා ද ඊයේ (23)  මිය ගිය බව ප්‍රදේශවාසීන් හා වනජීවී නිලධාරීහු පවසති.

පොලිතින් හා කැළිකසල ආහාරයට ගැනීමෙන් අසාධ්‍යව සුදුනෙළුම්ගම කුණුගොඩ අසල වැටී සිටි මෙම වන අලියා ඊයේ (23) සවස මියයෑමෙන් පසු ආහාර මාර්ගයේ සිරවී තිබූ පොලිතින් කිලෝ විසිපහක් පමණ ප්‍රමාණයක් ඉවත් කළ බව වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ පශු වෛද්‍ය සමීර කළිඟුආරච්චි මහතා පවසයි.

අවුරුදු 35 ක් පමණ වයසැති එම අලියා පොලිතින් ආහාරයට ගෙන ඉකුත් 22 වෙනිදා කුණු ගොඩ අසලම අසාධ්‍යව වැටී සිටියදී එදින වනජීවී නිලධාරීන් හා වෛද්‍යවරයා ප්‍රතිකාර කිරීමට මහත් වෙහෙසක් ගත්තද එම උත්සාහය සාර්ථක නොවීය .

පොලිතින් හා කැළිකසල ආහාරයට ගැනීමෙන් මිය ගිය අලින් අතරින් වැඩිම පොලිතින් ප්‍රමාණයක් ආහාරයට ගෙන මිය ගිය අලියා මෙය වන බව පශු වෛද්‍ය සමීර කළිඟුආරච්චි මහතා අප කළ විමසීමක දී පැවසීය.

මෙම අවාසනාවන්ත තත්ත්වයට විකල්පයක් ලෙස අලින් ගැවෙසන ස්ථාන වල කුණු බැහැර කිරීම නවතාලිය යුතු බවත්, එසේ නොමැතිනම් කුණුගොඩ අසලට අලින්ට ළඟාවීමට නොහැකි පරිදි විදුලි වැටක් ඉදිකළ යුතු බවත් වෛද්‍ය කළිඟුආරච්චි මහතා පෙන්වා දෙයි.

ජල ගැලීම් නිම්න ජාතික උද්‍යානයේ සැරසරන වන අලි දිනකට 15ක් පමණ මෙම පැමිණ පොලිතින්, කැළිකසල ආහාරයට ගන්නා බවත් එම වන අලි මහවන මැද විශාල වශයෙන් මියගොස් අැති බවත් ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.

ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ අවසන් වන අලියාත්  පොලිතින් හා කැළිකසල ආහාරයට ගෙන වඳවීමට පෙර මෙම ඛේදජනක තත්ත්වයට විසඳුමක් ලබාදෙන ලෙස ප්‍රදේශවාසීහු රජයේ අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

අප මේ  පිළිබඳව පොලොන්නරුව කලාප භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඩී.එම්.ජී. වික්‍රමසිංහ මහතා කළ විමසීමක දී පැවසුවේ. මෙම උද්‍යානය අසලට කුණු බැහැර කිරීම විධිමත්ව සිදුවිය යුතු බවත් සතුන්ට හා මිනිසුන්ට  හානියක් නොවන පරිදි වළවල්වල කුණු දමා වැසිය යුතු බවත්ය.

අප මේ පිළිබඳව වගකීම් දරන තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ ලේකම් ආර්.එම්.හේමකාන්ති මහත්මිය දුරකතනය මගින් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද එය අසාර්ථක විය. 

මනම්පිටිය - නිමල් ජයරත්න / ප්‍රියන්ත බණ්ඩාර - පොලොන්නරුව

ජාතික අක්ෂි රෝහ‍ලේ අක්ෂි ශල්‍යකර්ම මුළුමනින්ම නතර වීමේ අවදානමක් මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 
මෙසේ ශල්‍යකර්ම නතර වීමේ අවදානම මතුව. 
ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මිලදී ගත් අක්ෂි කාච වෙනුවෙන් මිලියන 18ක මුදලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අදාළ සමාගම් අක්ෂි කාච ලබා නොදීමට තීරණය කිරීම හේතුවෙන් යැයි රෝහ‍ලේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය. 
කෙසේ නමුත් මෙපමණ මුදල් අක්ෂිකාච මිලදී ගැනීම වෙනුවෙන් වැය වූයේ කෙසේද යන්න පිළිබඳව අක්ෂි කාච මිලදී ගැනීමේ විශේෂඥ කමිටුවේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ව කෝප් කමිටුවට කැඳවා ඇතැයිද පැවැසේ. 
අපි මේ සම්බන්ධයෙන් අක්ෂි රෝහ‍ලේ අධ්‍යක්ෂ වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු මහත්මියගෙන් විමසූ කල ඇය සඳහන් කළේ අක්ෂි ශල්‍යකර්ම ඉදිරියේදී නතර වීමේ අවදානමක් පැවැතිය හැකි නමුත් මේ වන විට සැත්කම් සිදු කරන බවකි.
 
ශ්‍රියානි විජේසිංහ

පළාත් පාලන ඡන්ද ක්‍රමයට සංශෝධන 54 ක් ඉදිරිපත්ව තිබෙන නිසා පක්ෂ නායකයන් රැස්වී ඉක්මණින් එකගතාවකට පැමිණි පසු ඡන්දය පැවැත්විය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (23) ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණ පනත සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ එකගතාවය පමණක් මේ වන විට ඒ වෙනුවෙන් අවශ්‍යව තිබෙන බවත් අගමැතිවරයා කීවේය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය. ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.
මැතිවරණ කොමිසමට අනුව ලංකාවේ මිලියන 15 ක් පමණ ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ පිරිසට මේ වන විට මැතිවරණයක් නොමැති ඡන්ද දායකයින් පිරිසක් බවට පත් වෙලා. 6000 ක් පමණ වන පළාත් පාලන ආයතන නියෝජිතයෝ පිරිසක් පත් කර ගන්න අද අවස්ථාව නැහැ.
පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කියලා තියෙනවා අවශ්‍ය උපදෙස් ලද පසු ඡන්දය පවත්වනවා කියලා. රජය ඇයි මැතිවරණ කොමිසමට පළාත් පාලන ආයතන ඡන්දය පවත්වන්න බලය ලබා නොදෙන්නේ. පළාත් පාලන මැතිවරණය පැවැත්විම කල් දමා මේ වන විට වසර දෙකක් ගත වෙලා තියෙනවා.
 
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා -
ජනාධිපතිවරයා පවා කිව්වා මේ වසරේදි ඡන්දය තියෙන්න අවශ්‍යයි කියලා. පළාත් පාලන මැතිවරණ ආඥා පනත යටතේ වන ඡන්ද කොට්ඨාස ගැසට් කිරිමේ නිවේදනය ඉකුත් පෙබරවාරි 17 දා නිකුත් කලා. අවසානයේ මේ කොට්ඨාස නිර්නය කිරිමේ සංශෝදන පනතට ඇතුළත් කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය හිමි වෙලා තියෙනවා.
එම සංශෝධන සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ද එකගතාවයකට පැමිණිය යුතුයි කියලා ඉල්ලීම් තියෙනවා. සභාවේ ස්ථාවරය අනුව තමයි අපට ඉදිරි කටයුතු කරන්න තියෙන්නේ. ආණ්ඩුවට කරන්න තියෙන කටයුතු මේ වන විට කර අවසන් කර තිබෙනවා. පක්ෂ නායකයන් ලෙස අප මේ සතියේ රැස්වී අවසන් තීරණයක් ගනිමු.
 
දිනේෂ් ගුණවර්ධන මහතා - පළාත් පාලන ඡන්දය තියන්නේ නැහැ කියලද ඔය කියන්නේ.
 
අගමැති - නැහැ නැහැ විවිධ පක්ෂ මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා පක්ෂ නායකයෝ මේ සතියේ රැස්වෙලා ඒ අය කැමතිද නැතිද කියලා තිරණයක් ගනිමු. පක්ෂ නායක අදහස් අරගෙන එකඟත්වයකට එන්න ඕනේ.
 
දිනේෂ් ගුණවර්ධන මහතා - පක්ෂ නායකයන්ට අයිතියක් නැහැ මේ කාරණය සම්බන්ධයෙන් මැදිහත් වෙන්න. පවතින නිතිය යටතේ තමයි ආණ්ඩු කටයුතු කරන්න ඕනේ.
 
අගමැති - පළාත් පාලන ඡන්ද පනතට සංශෝධන 54 ක් ඉදිරිපත් වෙලා තියෙනවා. පක්ෂ නායක මතය ලද පසු අපි එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය අරගෙන දැනුම් දෙන්නම්. පක්ෂ නායකයෝ කැදවලා ඔවුන්ගේ අදහස් ගන්න එපා කියලාද කියන්නේ. ඒකත් අපි කියන්නම්.
 
ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න{jcomments on}

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4089

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2702

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3773

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2279

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7520

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4634

Please publish modules in offcanvas position.