Coss Ear2
lakbima.lk
COSS Ear 1

ලක‍ෂපාන දියඇල්ලෙන් පහළට පැන අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුර අද (25) උදෑසන ලක‍ෂපාන දියඇල්ලට පහලින් ගල් දෙබොක්කාවක් තුල සිරුර කැබලි වශයෙන් වෙන්වි තිබියදි නෝටන්බ්‍රිජ් පොලිසිය හා ප්‍රදේශවාසින් එක්ව සොයා ගෙන තිඛෙනවා. 
මෙම කාන්තාවගේ් මාස දෙකක් වයසැති සිගිති දියණියගේ සිරුර අද (25) අලූයම ලක‍ෂපාන දියඇල්ලට පහළින් පිහිටි කොත්තැල්ලෙන පෞද්ගලික ජල විදුලි බලාගාරයක ජලය නිකුත් කරන ජල ටැංකියේ ආරක‍ෂිත දැලේ තිබි සොයා ගෙන තිඛෙනවා. මෙසේ දියඇල්ලට පහලින් තිබි සොයා ගනු ලැබුවේ නෝටන්බ්‍රිජ් තෙබර්ටන් වතුයායේ පදිංචි සෙල්වරාජ් සුසිලා (29) යන අයගේ සිරුරයි.  ඊයේ (24) උදෑසන 10.00 ට පමණ නෝටන්බ්‍රිජ් කොත්තැල්ලෙන තෙබර්ටන් පවුල් සෞඛ්‍ය කාර්යාලයේ රජය මගින් නොමිලේ ලබා දෙන ත්‍රිපෝෂා ලබා ගැනිමට ගිය බවත් ඊයේ (24) පස්වරුව තෙක්ම නිවසට නොපැමිණි බව පවසමින් ඇයගේ ඥාතින් විිසින් නෝටන්බ්‍රිජ් පොලිසියට පැමිණිල්ලක් කර තිඛෙනවා. 
ලක‍ෂපාන දියඇල්ලට ඉහළින් වු තෙබර්ටන් වතුයායේ පදිංචිව සිටි මියගිය කාන්තාව දෙදරු මවක් වන අතර ඇයගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වන බවයි නෝටන්බ්‍රිජ් පොලිසිය පවසන්නේ. නෝටන්බ්‍රිජ් පොලිසිය මගින් අතුරුදහන්ව ඇති දෙදරු මව සහ සිගිතිය සොයා ඊයේ (24) රාත්‍රියේ සිට මෙහෙයුමක් ආරමිභ කර තිබු අතර එම මෙහෙයුෙමිදි ලක‍ෂපාන දියඇල්ලට පිවිසෙන පියගැට පෙළ අසල තිබි ඇයගේ බවට සැකකෙරෙන පාවහන් යුගලක් ඇදුමි කිහිපයක් සහ ත්‍රිපෝෂ කාඩිපත සොයා ගෙන තිබුණා. මේ අනුව ලක‍ෂපාන දියඇල්ලට පහළීන් පොලිසිය හා ප්‍රදේශවාසින් සිදුකළ මෙහෙයුමකදි අතුරුදහන්ව සිටි සිගිතියගේ සිරුර ලක‍ෂපාන දියඇල්ලට පහලින් කොත්තැල්ලෙන පෞද්ගලික ජල විදුලි බලාගාරයට ජලය ඛෙදා හරින ආරක‍ෂිත දැලක තිබි අද (25) උදෑසන හමුවු බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසනවා. මෙසේ සොයා ගනු ලැබුවෙි රාධාක්‍රිෂණ අනිෂා නැමැති මාස දෙකහාමාරක් වයසැති සිගිතියගේ සිරුරයි.
එම සිගිතියගේ සිරුර ලක‍ෂපාන ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර මවගේ සහ සිගිතියගේ සිරුර හදිසි මරණ පරික‍ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික‍ෂණය සදහා නාවලපිටිය මුලික රෝහලේ අධීකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරිමට පොලිසිය පියවර ගෙන තිඛෙනවා.
මෙය සියදිවි හානිකර ගැනිමක් බවට සිද්ධිය පිළීබද පරික‍ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලිසිය පවසනවා.
හැටන් රංජිත් රාජපක‍ෂ

පිළිගත හැකි සාධාරණ හේතුවක් නොමැතිව කැබිනට් තීරණයක් මත පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා තනතුරෙන් පහ කිරීමට එරෙහිව පුරාවිද්‍යා විද්‍යා නිලධාරීන් අද දහවල් 12 සිට 12.30 දක්වා තම කාර්යාල ඉදිරියේ විරෝධතාවක නිරත වූහ. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වෘත්තීය ගෞරවය තවදුරටත් ආරක්ෂාවන පරිදි මෙම අධ්‍යක්ෂ ජනරාල් වරයා නැවත සේවය පිහිටවන ලෙසයි. කොළඹ 7 පුරාවිද්‍යා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේ ඡායාරූප කිහිපයකි.







 

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා හේතුවක් නොදක්වා හදීසියේ එම ධූරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් පඬුවස් නුවර ප්‍රාදේශීය පුරාවිද්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩලට අද දහවල් 12 සිට 12.30 දක්වා විරෝධතාවක යෙදී සිටි අයුරු



කේ.ඒ.ජයසූරිය -පඬුවස්නුවර

ගුවන් සේවාවන්ට ආරක්ෂාව සැපයීමේ අරමුණින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුප‍ලේ ජූනි 01 දා සිට ගුවන් මගියෙකුට තම බෑගය තුළ ගෙන යා හැකි ද්‍රව්‍ය වල ප්‍රමාණයන් සීමා කර ඇති බව ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ කළමනාකරු එච්.එස්.හෙට්ටිආරච්චි මහතා පවසයි.

ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානය විසින් ගුවන් මගින්ගේ, කාර්ය මණ්ඩල වල හා ගුවන් යානා වල සුරක්ෂිතතාවය වෙනුවෙන් ආරම්භ කෙරෙන මෙම නව ආරක්ෂක පටිපාටිය යටෙත් ගුවන් මගියෙකුට තම බෑගය තුළ ගෙන යා හැකි දියර වර්ග, ස්ප්‍රේ වර්ග සහ ජෙල් වර්ග යන ද්‍රව්‍ය වල ප්‍රමාණයන් සීමා කිරිම මෙහිදී සිදු කෙරේ.මෙය ගුවන් මගීන්ට අපහසුවක් නොවන අයුරින් ක්‍රියාත්මක කෙරේ.

ජලය, බිම වර්ග, සුප් වර්ග, ජෑම් වර්ග, සෝස් වර්ග, තලප වර්ග, දියර වර්ග, ක්‍රීම් වර්ග, බෙහෙත් වර්ග, තෙල් වර්ග, විලවුන් වර්ග, ස්ප්‍රේ වර්ග, ජෙල් වර්ග, වායු පීඩනයට ලක් කරන ලද බහාලුම් වර්ග, රැවුල කැපීමට උපයෝගි කර ගන්නා පෙන වර්ග, ඇස් පිහාටු ආ‍ලේපන, කාමර උෂ්ණත්වය පවත්වාගන යා හැකි සාන්ද්‍රිනිය ද්‍රව වර්ග, වාෂ්පශීලි දියර වර්ග සහ ජෙල් වර්ග යන කාණ්ඩයන් මෙසේ සීමා කර ඇත.

මෙම කාණ්ඩ සියල්ෙල්ම ප්‍රමාණය ලීටර් එකකට නොවැඩි විය යුතු අතර දියර සහිත බහාලුම් විස්සයි විස්ස ප්‍රමාණයේ විනිවිද පෙනෙන නැවත වැසිය හැකි ‍පොලිතින් බෑග් වල ඇසුරුම් කළ යුතුය. එක් මගියෙකුට ගෙන යා හැක්කේ මෙවැනි එක් බෑගයක් පමණි.

මිට වඩා වැඩි ප්‍රමාණයක් ගෙන යාමට අවශ්‍ය නම් ඒ සඳහා ගුවන් ටිකට්පත් කවුලු වෙත බාර දෙන ගමන් මලු වල ඇසිරිය හැකි බව ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ කළමනාකරු  එච්.එස්.හෙට්ටිආරච්චි මහතා පවසයි.

මිට අමතරව ඖෂධ වර්ග, කුඩා ළමුන්ගේ ආහාර වර්ග සඳහා අවශ්‍ය ද්‍රව්‍යයන් තිබේනම් ඒවා වෛද්‍යවරයෙකු විසින් සහතික කරවාගෙන ඖෂධ වට්ටෝරුව තමන් සන්තකයේ තබා ගත යුතු බවද ඒ මහතා පවසයි.

ගුවන්තොටුපළේ තීරු බදු රහිත සාප්පු වලින් මිල දී ගත් භාණ්ඩ සඳහා අසුරණ එම සාප්පු වලින් නොමි‍ලේ ලබා දෙන බවත් මෙම නිති රීති එම භාණ්ඩ වලට බල නොපාන බවත් අදාල රිසිට් පත් ළග තබා ගැනිම වැදගත් බවත් මෙහිදි අවධාරණය කෙරුණි.

මෙම නීතී රිති වලට යටත්ව  පිළිගත හැකි සාධක ඉදිරිපත් කිරීමට අ‍පොහොසත් වන ගුවන් මගීන්ගේ භාණ්ඩ ගුවන් යානය තුළට ගෙන යාමට ඉඩ නොදෙන බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් ක‍ළේය.

ඔහු මෙම තොරතුරු අනාවරණය කර සිටියේ පෙරේදා (24) ගුවන් තොටුපල ප්‍රභූ පර්යන්තයේදි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ශානිකා මාධවී පීරිස්{jcomments on}

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා කිසිදු හේතුවක් හෝ පූර්ව දැනුම් දීමකින් තොරව තනතුරෙන් පහ කිරීමට  විරෝධය පළකරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධන කාර්යාලීය කාර්ය මණ්ඩලය අද දහවල් 12.00 ට කොළඹ 7 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි පුරාවිද්‍යා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවකට සූදානම් වෙයි.  

කැබිනට් තීරණයක් යැයි පවසමින් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් වරයා මෙසේ තනතුරෙන් පහ කිරීම බරපතල සදාචාර විරෝධී ක්‍රියාවක් යැයි ඔවුහු පෙන්වා දෙති.

මේ අතර තම සේවය අත්හිටුවා ඇති බවට මාධ්‍යවල තොරතුරු පළ වුවද මේ තාක් තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් කර නැතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ලක්බිම ඔන්ලයින් වෙත පැවසීය.

සේවය අත්හිටුවීමට අදාළ හේතුවක් පිළිබඳව තමන් නොදන්නා බවත්, එවැන්නක් සිදුවී ඇත් නම් ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමෙන් තමන් දැනුවත් කෙරෙන බවත් දිසානායක මහතා කියයි.  

මෙම උද්ඝෝෂණයට සමගාමීව දිවයිනේ සියළුම ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාල ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතව ඇත.

රාජ්‍ය සේවා නිලධාරීන් සම්බන්ධයෙන් යහපාලන රජය වගකීමකින් ක්‍රියා කරන බව පැවසෙන යුගයක කිසිදු හේතුවක් නොමැතිව අධ්‍යක්ෂ ජනරාල්වරයා තනතුරෙන් පහ කොට ඇති බැවින් ඔහු නැවත සේවයේ පිහිටුවිය යුතු බව දෙපාර්තමේන්තු සේවකයෝ ප්‍රකාශ කරති.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ කඩිනම් අවධානය යොමු විය යුතු බවත් එමගින් යහපාල රජයේත් රාජ්‍ය සේවයේත් අභිවෘද්ධිය සේම රාජ්‍ය නිලධාරීන්ගේෙ වෘත්තීය ගෞරවය තව දුරටත් තහවුරු වන බවත් දෙපාර්තමේන්තු සේවකයෝ පෙන්වා දෙති.

තිලක් සේනාසිංහ / ගයාත්‍රි ගීගනආරච්චි

මේ දිනවල සක්‍රීයවී ඇති නිරිත දිග මෝසම් සුළඟ හේතුවෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ මධ්‍යම සහ වයඹ පලාත් වලට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් මේ වන විටත් රත්නපුර, කළුතර කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වලට ගංවතුර නාය යෑම් ඇතුළු ස්වභාවික ආපදා තත්වයක් ඇති වෙමින් තිබේ.

ඊයේ (24) පෙරවරුවේ සිට ගාල්ල දිස්ත්‍රික්කයට සහ ගිංගඟේ ඉහළ පෝෂක ප්‍රදේශ වලට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගිංගඟේ ජලමට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ගාල්ල ගිංගඟ බාර වාරිමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා පැවසීය.

බද්දේගම, ඉඳිගස්කැටිය ජලමාපකයට අනුව (25) අද පාන්දර 05.15 වනවිට ගිංගගෙහි ජලමට්ටම මීටර 03.00 දක්වා වැඩිවී ඇති බව ඔහු පැවසීය. බද්දේගම ප්‍රදේශයෙන් ගගෙහි පිටාර මට්ටම මීටර් 03.80කි.

නාගොඩ, නෙළුව, තවලම, බද්දේගම, නියාගම සහ වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත් බිම් ජලයෙන් යට වෙමින් තිබේ . ගිංගඟේ හි අතුරු ඇල මාර්ගද මේ වනවිට පිටාර ගලමින් පවතී.

එම නිසා අතුරු ඇල මාර්ග අවට සියලු පහත් බිම් ජලයෙන් යටවී තිබේ.

බෙන්තර ගඟ සහ මාදු ගඟෙහි ජලමට්ටම ද ඉහළ ගොස් ඇති බව පැවසෙයි.

ගංගා වල සහ අතුරු ඇල මාර්ග වල ජලමට්ටම් ඉහළ ගොස් ඇති බැවින් ජලයට බැසීමෙන් හැකිතාක් වලකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්‍යක්ෂ කර්නල් දම්පත් රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි .

ගාල්ල දිස්ත්‍රික්කයට සහ ගිංගඟේ ඉහළ පෝෂක ප්‍රදේශ වලට තවදුරටත් මහවැසි ඇදහැලෙමින් පවතින බව ආපදා කළමණකරන මධ්‍යස්ථානය පවසයි.

අද (25) පෙරවරු 05න් අවසන් වූ පැය 08තුළ ගාල්ල දිස්ත්‍රිකයේ වැඩිම වර්ෂාපතනය නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තාවූ බව පැවසීය.

එය මි.මී 75 කි. 

ඊයේ  (24)  රාත්‍රියේ පැවති තද සුළං සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක විදුලි රැහැන් පද්ධතියට ගස් කඩා වැටීමෙන් ප්‍රදේශ රැසක මේ වන විට විදුලිය විසන්ධි වි තිබේ.

දකුණු මුහුදු තීරයේ සුළඟේ වේගය වැඩිවීමත් සමඟ මුහුද රළුවිමේ අවදානමක් ඇති බැවින් ධීවර හා නාවික කටයුතු වලදී වඩාත් සැලකිලිමත් වන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් සහකාර අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියි.

රත්නපුර ප්‍රදේශයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග කළු ගඟේ රත්නපුර ජල මාපකයට අනුව එය මීටර් 6.87දක්වා ඉහළ ගොස් ඇත.  එය මීටර් 7.5 දක්වා වැඩි වුවහොත් සුළු ගංගවතුර තත්වයක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

ඉදිරි පැය කීපය තුළ කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර තර්ජනයක් ඇතිවිය හැකි නිසා කළුතර දිස්ත්‍රික්කයේ කළු ගඟ අවට සහ පහත් බිම්වල ජීවත්වන ජනතාවට අවධානයෙන් සිටින ලෙස කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකාරක කර්නල් ජයසිංහ මහතා පැවසීය.

පැලවත්ත නෙළුව මාර්ගයේ ස්ථාන 12ක මාර්ගයට පස් කඳු කඩා වැටී ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩාල වී ඇතැයිද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.

පැලවත්ත ගුලනවත්ත 6කණුව ප්‍රදේශයේත් සහ යට්ටපාත 10කණුව ප්‍රදේශයේත් විශාල පස් කඳු දෙකක් මාර්ගයට කඩා වැටීමෙන් පැලවත්ත නෙළුව මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණහිට ඇත.

වලල්ලාවිට ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ පස් කඳු කඩාවැටීමෙන් නිවාස 7කට අර්ධ හානි සිදුවි ඇත.  

ඊට අමතර ඊයේ (24) දහවල් පැලවත්ත පහළ හෙවස්ස මාර්ගය ජලයෙන් යටව පහළ හෙවස්ස විද්‍යාලය ඇතුළු පාසල් රැසක කටයුතුවලට බාධා එල්ල විය.

පාලින්දනුවර ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ මගුරු ගඟ පිටාර ගලා බදුරලිය හැඩිගල්ල මාර්ගයේ දික්හේන ප්‍රදේශය ජලයෙන් යටී ඇත.  හැඩිගල්ල ශ්‍රී විපුලසාර විහාරස්ථානය අසල පස්කන්දක් කඩා වැටී ගමනා ගමනයට බාධා එල්ල වී ඇත. මගුරුගඟ, පැළැන් ගඟ, වේ ගඟ, කුකුළේ ගඟ හා කළුගඟේ ජල මට්ටම ඊයේ (24) හවස වන විට ඉහළ යමින් තිබූ අතර ගංවතුර අවදානමකට සූදානම් වන ලෙස සියලු ප්‍රාදේශීය ‍ලේකම්වරු, ග්‍රාම නිලධාරීන් හා ආපදා නිලධාරීන්ට උපදෙස් දී අවශ්‍ය පියවර ගත් බවද කළුතර දිසාපති යූ.ඩී.සී. ජයලාල් මහතා කීය.

මේ අතර ඊයේ කැළණි ගගේ නාගලගම් වීදියේ ජල මට්ටම අඩි 1.75 අගයක් ගත් අතර දැනට පවතින ජල මට්ටම ඉහළ යාම අනුව අඩි 5 දක්වා වැඩි වීම සුළු ගං වතුර තත්වයක් වශයෙන් හැඳින්විය හැකි යැයි වාරිමාර්ග දේපාර්තමේන්තුව කියයි.  

මේ අතර රත්නපුර දිස්ත්‍රිකයේ රත්නපුර, කිරිඇල්ල, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, ඇළපාත, ඉඹුල්පේ යන ප්‍රාදේශීය ලේකම්කො ට්ඨාශ තුළත් කෑගල්ල දිස්ත්‍රිකයේ බුලත්කොහුපිටිය, දෙහිඹ්විට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළත් නාය යෑම් සහ පස් කඳු කඩා වැටීම් තත්වයක් ඇතිවිය හැකි බැවින් විමසිලිමත් වන ලෙස අපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩ්ප්පිලි මහතා කියයි.

දමයන්ති ගමගේ / අනුර ලියනගේ-හබරාදුව/සරත් කුමාර ‍පොද්දෙණිය - අගලවත්ත{jcomments on}

ඈදුණු පුවත්

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත-  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

රටේ සාමය කඩකරන නිදහස අහිමිකරන අන්තවාදී පිරිස් කොපමණ සිටියත් ගෙවුණු දෙවසරකට වැඩි කාලය තුළ ලෝකයේ කිසිදු රාජ්‍යයක් ශ්‍රී ලංකාවට එරෙහිව සතුරෙකු නොවුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අමතමින් ඊයේ (24) පස්වරුවේ පැවැසීය.
ඕස්ට්‍රේලියාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී එරට ජීවත්වන ශ්‍රී ලාංකික ජනතාව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාවට විවිධ ආකාරයෙන් උදව් උපකාර කරනවා. ව්‍යාපාරික හා ප්‍රජා සංවිධාන නායකයින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ගෙවුණු දෙවසරකට වැඩි කාලය තුළ ජාත්‍යන්තර සියලු රාජ්‍යයන් ශ්‍රී ලංකාවට මිතුරන් බවට පත්කරගැනීම වත්මන් රජයේ සැබෑ ජයග්‍රහණයක් බව මෙහිදී පැවැසූ ජනාධිපතිවරයා ඒ තුළ රටටත් රටේ ජනතාවට විශාල සේවාවක් ජාත්‍යන්තරයෙන් ලබාගැනීමට හැකිවූ බවද පැවැසීය.
රට තුළ ක්‍රියාත්මක වන සියලු අන්තවාදී ක්‍රියාවන් වත්මන් රජය අපහසුතාවට පත්කිරීමට දියත් කරන දේශපාලන කුමන්ත්‍රණ බව මෙහිදී පැවැසූ ජනාධිපතිවරයා ඒ සියලු කුමන්ත්‍රණ තම රජය රට තුළ ගොඩනැගූ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය නිසා බවද පැවැසීය. ඒ නිසා එම කුමන්ත්‍රණ හමුවේ රටේ ඉදිරි ගමන වෙනුවෙන් රජය ගෙනයන සියලු වැඩසටහන් එලෙසම ඉදිරියට ගෙන යන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ලබන වසර වන විට ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තානාපති සබඳතා ආරම්භ වී වසර 70ක් සපිරෙන බවද මෙහිදී සිහිපත් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාටද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස තමා ආරාධනා කරන බවද පැවැසීය.
අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පානුක රාජපක්ෂ - ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර සිට

අවශ්‍ය අවස්ථාවේදී  ‍පොලීසිය නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ඇති වූ දුර්වලතා නිසා සාමාන්‍ය සිදුවීම් පවා ජාතිවාදී හා ආගම්වාදි ගිණුමට බැරිවූ බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.
කහවත්ත ප්‍රදේශයේ මුස්ලිම් වැසියෙකුගේ කඩයක කොටසක් ගිනි ගෙන ඇත්තේ අසල කඩයක් දැල්වූ පහනක් ගිනි ගෙන එම කඩයේ ඇති වූ ගින්න නිසාවෙන් බවත් ඇල්පිටිය ප්‍රදේශයේ කඩයක් ගිනි ගෙන ඇත්තේ සොරකමේ පැමිණි පුද්ගලයෙකු එම කඩයට ගිනි තැබිම නිසාවෙන් බව සිසිටීවී දර්ශන අනුව පැහැදිලි වන බවත් ඇමැතිවරයා කීවේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙසේද කීය.
මුස්ලිම් වෙළෙඳ සල් ගිනි තැබිම් පහරදීම් සම්බන්ධයෙන් ‍පොලීසිය වාර්තාවක් දෙන්න දින කිහිපයක් ඉල්ලා තිබෙනවා. මොකද ඔවුන් තවම පරීක්ෂණ කරන බව අපට දැනුම් දී තිබෙනවා. මේ ප්‍රශ්නය දිහා බැලුවහම නීතිය ක්‍රියාත්මක කිරීමේ දුර්වලතාවයක් තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ ‍පොලීසියයි. නිසි වේලාවට ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මේ ප්‍රශ්නය දුරදිග ගියා.
රජය බලා‍පොරොත්තු වන්නේ නීතිය කාර්යක්ෂමව සිදුවිය යුතුය කියලයි. ‍පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීමේදී කුලමල, ජාතිය බලන්නේ නැහැ. ඔවුන් එය අදාළ කර ගත යුතු නැහැ. ජාතිවාදි අයුතු හැසිරීම් ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්න බැහැ. සියලු ජාතීන් අතර සමගිය ආරක්ෂා විය යුතුයි.
කහවත්ත ප්‍රදේශයේ පහනක් පත්තු කිරීම නිසා හට ගත් ගින්නකින් අසල තිබුණ කඩයක බිත්තියකුත් ගිනි අරගෙන තියෙනවා. අවාසනාවකට එම කඩය මුස්ලිම් ජාතිකයෙකුගේයි. මෙය ජාතිවාදී ප්‍රහාරයක් නොවෙයි. ඒ වගේම ඇල්පිටියේ කඩයක් ගිනි තියලා තියෙනවා. එහි සිසිටීවි කැමරා පරීක්ෂා කිරීමේදී හොරකමේ ආපු කෙනෙක් පසුව කඩයට ගිනි තබා තිබෙනවා. එම පුද්ගලයා වෙනත් ප්‍රදේශවලත් කඩ කිහිපයක් කොල්ල කෑ පුද්ගලයෙකු බව හඳුනාගෙන තිබෙනවා. කොහොම වුණත් නීතියේ දුර්වලතා නිසා හැම එකම මේ ගිණුමට බැර වෙනවා.
වසර ගණනාවක් අපි දුක් වින්ඳා ඇති. අන්තවාදය, ආගම්වාදය, ජාතිවාදය අවසන් වෙන්නේ ත්‍රස්තවාදයෙන්. මේ රටේ සියලු දෙනාට බය නැතුව සතුටින් ජීවත් විය හැකි පරිසරයක් තියෙන්න ඕනේ. ඒ වටපිටාව ඇති කරනවා කියලා අපි ‍පොරොන්දු වෙනවා. සමාජ විරෝධි නිති විරෝධි කටයුතු සිදු විය යුතු නැහැ.

ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න

රටපුරා ජාතිවාදි හා අන්තවාදී ප්‍රවණතා යළි හිස ඔසවමින් තිබියද ආණ්ඩුව ඊට එරෙහිව මතෛක් ප්‍රමාණවත් පියවරක් ගෙන නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.
ස්ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේද කීය.
ප්‍රකාශයක් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේද කීය.
මේ වන විට වාර්තා වන විවිධ සිදුවීම් මගින් රට පුරා ජාතිවාදී හා අන්තවාදී ප්‍රවණතා නැවත වරක් හිස ඔසවමින් ඇති බව පෙනෙන්නට තිබෙනවා. සිංහල හා මුස්ලිම් ජනතාව අතර ජාතිවාදී ගැටුම් ඇවිළවීමේ උත්සාහයක් ඇති බව හදුනාගත හැකියි. විශේෂයෙන් ජාතිවාදි හා ආගම්වාදී පදනම මත දේපළවලට පහරදීමේ සහ ගිනි තැබිමේ සිදුවිම් ගණනාවක් පසුගිය දින කිහිපයේ වාර්තා වුණා.
ජාතිවාදය කුමන ස්වරූපයකින් මතු වුවද කුමන පාර්ශ්වයකින් ඉදිරිපත් වුවද රටේ ජාතික සමගියට, සංහිඳියාව අතිශය හානිකරයි. විශේෂයෙන් අවුරුදු 30 කට වැඩි කාලයක් ජාතිවාදී යුද්ධයකින් බැට කෑ රටක් ලෙස, ඉතා අසීරුවෙන් ගොනැගෙමින් ඇති ජාතික සමගියට මෙවැනි සිදුවිම් බරපතළ බාධාවක් ඇති කරනවා.
කෙසේ නමුත් මෙවැනි තත්ත්වයක් වර්ධනය වෙද්දී ආණ්ඩුවේ පාර්ශ්වයෙන් එම තත්ත්වයෙන් නිසි බරින් හඳුනාගැනීමක් හෝ එවැනි තත්ත්වයන්ට එරෙහිව ක්‍රියාත්මකවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව මෙවැනි ජාතිවාදී ප්‍රවණතාවලට ඉඩ සලසන පරිසරයක් නඩත්තු කිරීමද මෙම තත්ත්වය තීව්‍ර කර තිබෙනවා. නිදසුනක් ලෙස විල්පත්තු ප්‍රදේශයේ වන විනාශයට හා ඉඩම් ගැටලුවට විසඳුම් ලබාදීමට හෝ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට හානි සිදුවිම සම්බන්ධයෙන් මැදිහත්වීමට හෝ මුස්ලිම් ජනතාවගේ කඩසාප්පුවලට පහරකීම් සොයාබැලීමට ආණ්ඩුව මතෛක් ප්‍රමාණවත් පියවර ගෙන නැහැ.
දෙතුන් පැත්තේම සිටින අන්තවාදීන් සුළු පිරිසකගේ පටු අවශ්‍යතා වෙනුවෙන් දිගහැරුණු මෙවැනි සිදුවිම්වලින් ලාංකේය දේහය ඇති කරම් බැටකා තිබෙනවා. ඔවුන් පටු වාසි ලබද්දී සමාජයක් ලෙස අපි ‍ලේ හා කදුළුවලින් බරපතළ වන්දි ගෙවා තිබෙනවා. පසුගිය කාලයේ අලුත්ගම වැනි ප්‍රදේශයකින් පුපුරා ගියේද මෙලෙස ක්‍රමිකව වර්ධනය වූ තත්ත්වයක් බව කිසිවෙකුටත් අමතක කළ නොහැකියි.
මේ තත්ත්වය තුළ පැන නගින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.
විල්පත්තු වන විනාශය සහ ඉඩම් ගැටලු සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරි තත්ත්වය විසඳීමට ගෙන ඇති පියවර කවරේද, නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට හානි සිදුව තිබේද? ඒවා ආරක්ෂා කිරිමට ගෙන ඇති පියවර කවරේද, ආසන්න කාලයේ ජාතිවාදි හා ආගම්වාදි පදනම මත ආගමික ස්ථාන, වෙළෙද සැල් ඇතුළු ස්ථාන කොපමණ සංඛ්‍යාවකට පහරදිම් සිදුවී තිබේදෟ ඒවා නතර කිරිමට ගන්නා පියවර කුමක්ද, වර්ධනය වෙමින් ඇති ජාතිවාදි හා ආගම්වාදී ප්‍රචාරණයන් හා ක්‍රියාකාරකම් නතර කිරීමට ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද

ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න

පළාත් පාලනය මැතිවරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සම්මත වූ කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම් මහින්ද අමරවීර මහතා පැවැසීය.
කර ගැනීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම් මහින්ද අමරවීර මහතා පැවැසීය.
පළත් පාලන මැතිවරණයට මුහුණදීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළට ජනතා ප්‍රසාදය ලැබි තිබෙන මෙම කාලය මැතිවරණය පැවැත්වීමට සුදුසුම කාලය බවත් ඇමැතිවරයා පෙන්වා දේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය විරෝධීව කටයුතු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවත් පක්ෂයේ නොමග ගිය පුද්ගලයන් නැවත පක්ෂයට සම්බන්ධ කර ගැනීම බලාපාරොත්තුව බවත් ඇමැතිවරයා පැවැසීය.

ශ්‍රියානි විජේසිංහ

ජාතිවාදී ආගම්වාදී ගැටම් ඇති නොවීම සම්බන්ධයෙන් තිරසාර විසඳුමක් ලබාදීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කොට පත්කරමු යැයි කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (24) ප්‍රකාශ කළේය.
නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන ඇමැති රාවුෆ් හකීම් මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා මේ බව කීවේය. ජාතිවාදී හා ආගම්වාදී ගැටලු සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් ලබාදීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඇමැතිවරයා ඉල්ලා සිටියේය.
රජය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති ගැටලුවේ බරපතළකම ගැන තේරුම් ගෙන කටයුතු කිරීම ගැන සතුටුයි. ඊළඟ පක්ෂ නායක රැස්වීමේදීම මේ ගැන කතා කරලා තේරීම් කාරක සභාව පත් කරන්න තීරණයක් ගනිමු.

ලසන්ත වීරකුලසූරිය - පැතුම් වික්‍රමරත්න{jcomments on}

ජාතිවාදී සහ ආගම්වාදී ස්වරූපවලින් පෙනී සිටිමින් අන්‍යාගමිකයන්ට හිරිහැර කරන සහ ආගමික මධ්‍යස්ථානවලට හානි කරන සංවිධානාත්මක කල්ලිවලට එරෙහිව නීතිමය කටයුතු කිරීම සඳහා පූර්ණ බලතල හිමි විශේෂ ‍පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන ඇත.
මෙම විශේෂ ඒකකයක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය විසින් ස්ථාපිත කෙරෙනු ඇත.
‍පොලිස් දෙපාර්තමේන්තුවේ දක්ෂ හා කාර්යක්ෂම නිලධාරීන් කිහිප දෙනකු නව ඒකකයට ස්ථාපිත කෙරේ. ජාතිවාදී ස්වරූපයෙන් අන්‍යාගමික ස්ථානවලට පහරදීම වාර්තා වූ විගස ක්ෂණිකව ප්‍රදේශයේ ‍පොලිස් නිලධාරීන් යෙදවීම හා ඉන්පසු විමර්ශන සඳහා විශේෂඥ උපදෙස් දීමත් නව ඒකකයේ කාර්යභාරයන් අතර වේ.
ඊට අමතරව ජාතිවාදී ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙමින් අන්‍යාගමික වැඩසටහන්වලට පහර දෙන සංවිධානාත්මක ජාතිවාදී කණ්ඩායම් ගැන සකස් කෙරුණු බුද්ධි අංශ වාර්තාවක් ලබන සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට භාරදීමට නියමිතය.

ලසන්ත වීරකුලසූරිය{jcomments on}

IMAGE

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 157

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2529

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1432

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5795

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3376

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5512

Please publish modules in offcanvas position.