Coss Ear2
lakbima.lk
COSS Ear 1

ආපදාවන්ට මුහුණ පා ඇති ප්‍රදේශයන්හි පාසල් පැවැත්වීම  හෝ නොපැවැත්වීම පිළිබඳව තීරණය කිරීමේ බලය අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට පැවැරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.
ඒ අනුව ආපදාවන් හේතුවෙන් තම පාසලට එල්ල වන බලපෑම හා අවදානම් තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරමින් විදුහල්පතිවරුනට මෙම තීරණය ගැනීමේ අවසරය ලබා දී ඇත.
එමෙන්ම අදාළ තීරණය පිළිබඳව පළාත් පාසලක් නම් පළාත් හෝ කලාප අධ්‍යක්ෂවරුන්ට හා ජාතික පාසලක් නම් ජාතික පාසල් අධ්‍යක්ෂවරයාට දැනුම් දීමට පියවර ගන්නා ලෙසද අධ්‍යාපන අමාත්‍යවරයා විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත. මේ අතර ආපදා හේතුවෙන් පීඩාවට පත් දරුවන් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක්ද හැකි ඉක්මණින් තමන් වෙත ලබා දෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
එලෙස පීඩාවට පත් දරුවන්ට අවශ්‍ය පෙළ‍පොත්, නිල ඇඳුම් හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම සඳහාත්, සෙසු සහන සැලසීිම සඳහාත්, මෙලෙස තොරතුරු ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.

ගයාත්‍රි ගීගනආරච්චි{jcomments on}

දැනට ගංවතුර ආපදාවට ලක්ව ඇති නිල්වලා ගං නිම්නයේ පිහිටි රොටුඹ ඌරල ප්‍රදේශයේ එකම පවුලක පියා මව දියණිය සහ පුතු නිවසේදීම මරණයට පත්ව තිබේ.

මේ දිනවල පවත්නා ගංවතුර හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම මත ඔවුන් නිවස තුළම විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර තැබීම නිසා ඉන් නිකුත්වන කාබන් මොනොක්සයිඩ් වායුව අඝ්‍රාණය වීමෙන් මෙම මරණ සිදුවන්නට ඇතැයි මූලිකව අනුමාන කෙරේ.

මේ සම්බන්ධයෙන් රොටුඹ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

දමයන්ති ගමගේ{jcomments on}

පසුගිය දින කිහිපය තුළ ඇතිවූ ගංවතුර හා නාය යෑම් නිසා මේ වන විට 151 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ මීට සුළු මෙහොතකට පෙර කොළඹ 07 විද්‍යා මාවතේ අපදා කළමණාකරන මධ්‍යස්ථානයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙම ස්වභාවික ආපදා තත්වයෙන් 111දෙනෙකු අතුරුදහන් ව ඇති අතර 95 දෙනෙකු තුවාල ලබා තිබේ.

පවුල් 112 775ක් අවතැන්ව ඇති බවත් අමාත්‍ය වරයා පැවසීය.  ඔහු මෙම නිල ප්‍රකාශය කරන ලද්දේ ඒ සම්බන්ධ වගකිව යුතු අංශ වලින් ලබා ගන්නා තොරතුරු රජය විසින් සමාලෝචනය කිරීමෙන් පසුවය. 

 

ඈදුණු පුවත්

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත -  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

පස්වන පුවත -  ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

හයවන පුවත -  දිස්ත්‍රික්ක 4ක් ගංවතුර සහ නායයාමේ අවදානමක

හත්වන පුවත - දිගු කලකට පසු නිල්වලා පිටාර ගලයි

අටවන පුවත - මිලිමීටර් 211.90 ක් වූ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

නවවන පුවත - ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි

දහවන පුවත - ගිංගඟ තවත් දරුණු වෙයි 

එකොලොස්වන පුවත - මිනිසුන් ගංවතුර අනතුරුවලට ලක්වන හැටි දැන ගනිමු

දොලොස්වන පුවත - බුලත්සිංහල නායගිය ස්ථානයෙන් මළ සිරුරු 9ක්

දහතුන්වන පුවත -  බෙල්ලන මරණ එකොළහක් - කොළඹට ගංවතුර අවදානමක්

දහහතරවන පුවත - කළුතර - රත්නපුර 67 ක් මියයති

පහලොස්වන පුවත - අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 122ක් දක්වා ඉහලට

දාසයවන පුවත - මාතර බද්දේගම කළුතර රත්නපුර අවදානම් තත්වයක්

කිරමඔය පිටාර ගැලීමෙන් බෙලිඅත්ත දම්මුල්ල ප්‍රදේශයට ආ හදීසි ගංවතුරෙන් විපතට පත් වූවන්ගේ ජීවිත 8ක් බේරා ගැනීමෙන් පසුව එම ගංවතුරේ සැඩ පහරකට හසුව ගසා ගෙන යාමෙන් මිය ගිය 24 වියති තැන්නපිටිහේන ගල්පොතුකන්දේ පදිංචි සුරේෂ් මධුසංඛගේ දේහය අද ඥාතීන්ට බාර කෙරිණි.

මෙම දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් පවත්වන ලදුව මෙම මරණය දියේ ගිලීමකින් සිදුවූවක් බව නිගමනය කෙරිණ.

මෙම තරණයාගේ මළ සිරුර සොයා ගැනුණේ ඊයේ බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ කහවත්ත වේල්ල අද්දරිනි.

දමයන්ති ගමගේ{jcomments on}

පසුගිය සිකුරාදා නෙළුව දූවිලි ඇල්ල තේ කර්මාන්ත ශාලාවේ ගංවතුරට කොටුවී සිටි කාන්තාවන් දෙදෙනෙකු ගුවනින් ගොස් බේරා ගැනීමේ ක්‍රියාන්විතයක යෙදී සිටියදී හදීසි අනතුරකින් මිය ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහන ගුවන් භට සැරයන් වයි.එම්.සේනක යාපා රත්න මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලලත් නිලධාරී වරයෙකු ලෙස උසස් කොට ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.

පසුගිය සිකුරාදා දූවිලි ඇල්ල තේ කර්මාන්ත ශාලාවේ ගංවතුරෙන් කොටු වී සිටි කාන්තාවකගේ දිවි බේරා ගෙන දෙවන කාන්තාව බේරා ගැනීම සඳහා කේබලයක අධාරයෙන් හෙලිකොප්ටරයේ සිට පහළ බසිමින් සිටියදී අඩි 30ක පමණ උසකින් ඇද වැටුණු මෙම සැරයන් වරයා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එහිදී මිය ගොස් ඇත.

වයස අවුරුදු 20 දී ගුවන් හමුදා සේවයට බැඳුණු ඔහු මේ වන විට වසර 18 ක් සේවයේ යෙදී ඇති අතර 2019 දී විශ්‍රාම ගැනීමට නියමිතව සිට ඇත.

විවාහකයෙකු වන ඔහු අට හැවිරිදි දරුවෙකු ගේ පියෙක්ද වෙයි.

දේහය මේ වන විට ජා ඇළ කොටු ගොඩ බටහිර නැදගමුවේ 303/5 නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ගුවන් හමුදා ගෞරවාචාර මැද හෙට කොටුගොඩ ප්‍රසිද්ධ සුසාන භූමියේ සිදු කිරීමට නියමිතව ඇත.

ප්‍රසංග පෙරේරා - ජා ඇළ

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය මේ වනවිට තරමක් පහව ගොස් තිබුණ ද කළුගඟ ආශ‍්‍රිත ප‍්‍රදේශ කිහිපයකත් ගිංගඟ ආශ්‍රත ප‍්‍රදේශ කිහිපයකත් ගංවතුර අවදානම් තත්ත්වය තවමත් එලෙසින්ම පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

විශේෂයෙන් නිල්වලා ගඟආශ‍්‍රිත ගංවතුර තත්ත්වය ඉහළ යාම නිසා අකුරැස්ස මාතර අතර ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස නම් කොට ඇත. මාතර නිල්වලා ගඟේ බැම්ම පුපුරා යාමේ අවදානමක් පවතින බැවින් එම අවට ප‍්‍රදේශවල ජනතාව පදිංචි ස්ථානවලින් ඉවත් කොට ඇති බව වාර්තා වේ.

මාතර නගරයේ මහානාම පාලමේ ජල මට්ටම බෙහෙවින් ඉහළ නැග ඇති අතර නිල්වලා ගඟආශ‍්‍රිත පිටබැද්දර, පාලටුගම යන ස්ථානයන් හි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සවිකොට ඇති ජල මාපක පවා ගංවතුරෙන් යට වී තිබේ. ඌරව ජල මාපකයෙන් ද තොරතුරු ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. මාතර නිල්වලා ගඟේ බැම්ම සම්බන්ධ මෙම අවදානම් තත්ත්වය නිසා ගබඩා වීදිය, වෙලේවත්ත, ගොඩගම, හිත්තැටිය, මාලිම්බඩ, සිරිපනාගොඩ, මදුරු දූව, පරගහතොට, තුඩාව ඇතුළු ප‍්‍රදේශ ගණනාවක් මෙම ගංවතුර අවදානමට මුහුණ පා තිබේ.

ගිංගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා බද්දේගම වේල්ල කැඩී යාමේ අවදානමක් පවතින බැවින් බද්දේගම නගර වාසීන්ට ඉන් ඉවත්වන මෙන් දැනුම් දී ඇත. මෙම වේල්ල ආරක්ෂා කර ගැනීම සඳහා බද්දේගම ගිංගඟ හරහා ඇති පාලමක් කඩා ඉවත් කිරීමටත් වේල්ලේ ආරක්ෂාව සඳහා වැලි කොට්ට රැද වීමටත් කටයුතු යොදා ඇත. මේ වන විට නාවුක හමුදා වල පිරිස් ඒ කටයුතු වල යෙදී සිටිති.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම දොඩන්ගොඩ කොක්මාදූව සහ ගොඩගම යන ස්ථාන ජලයෙන් යට වීම නිසා එම කොටස් වල වාහන ගමනා ගමනය තාවකාලිකව අත්හිටවා ඇත.

මේ අතර කළුගගේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා එහි පනාපිටියේ ඇති බොල්ගොඩ වේල්ල පුපුරා යාමේ අවදානමක් ඇති බව කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ජී.සී.ජයලාල් මහතා කියයි. එසේ වුවහොත් බොල්ගොඩ වාද්දූව මොරොන්තුඩුව යන  ආදී පහත් බිම් වල ජනතාවට ඉන් බරපතල හානි සිදුවිය හැකි බව ඔහු පවසා සිටී.

මේ අතර රත්නපුර නගරයේ රත්නපුර කළුගඟ ආශ‍්‍රිතව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල මාපක දෙකින්ම ගංවතුර තත්ත්වයක් පෙන්නුම් කරන අතර නගරයේ කොටසක් තවමත් ගංවතුරෙන් වැසී පවතින බව වාර්තා වේ.

කැලණි ගඟ ආශ‍්‍රිත නෝවුඞ්, කිතුල්ගල, දැරණියගල, හොලොම්බුව, ග්ලේන්කෝස් යන ස්ථානවල ජල මාපකවලින් අද පෙ.ව. 5.00පමණ වනවිට සාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කළ අතර හංවැල්ල ජල මාපකයේ සුළු ගංවතුර අවදානමක් පෙන්නුම් කෙරේ. මේ අතර කොළඹ නාගලගම් වීදියේ ජල මාපකයේ සුළු ගංවතුර තත්ත්වයක් පෙන්නුම් කරන අතර එය ද අඩුවෙමින් පවතින බව වාර්තා වේ.

මේ අතර සබරගමුව පළාතේ නැගෙනහිර බෑවුමට තවමත් ප‍්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබී නොමැති මුත් බලංගොඩ ප්‍රදේශයෙන් ස්වභාවික විපත් කිහිපයක් වාර්තා වී ඇත. නමුත් සමනලවැව සහ උඩවලවේ ජලාශ තවමත් පිටාර මට්ටමට පැමිණ නැතැයි වාර්තා වේ. නමුත් වලස්මුල්ල ආශ‍්‍රිත රම්මලේ කඳු වැටියට සහ වලවේ ගඟේ පහළ ගංගාධාර ප්‍රදේශයට පසුගිය දා ඇද හැළුණු වර්ෂාව නිසා තංගල්ල රන්න ඇතුළු හම්බන්තොට දිස්ත්‍රිකයේ ප්‍රදේශ කිහිපයක ගංගවතුර තත්වයක් පැවති අතර මේ වන විට එයද අඩු වෙමින් පවතින බව වාර්තා වේ.

තත්ත්වය එසේ වුවද හෙට සිට බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ යන පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම වැසි මි.මි. 75ට වැඩි විය හැකි බව ද සුළඟේ වේගය පැයට කි.මි. 50 - 60 දක්වා ඉහළ නැගිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ නැවත ගංවතුර, සුළං, පස්කඳු කඩා වැටීම් වැනි ආපදා තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

දමයන්ති ගමගේ{jcomments on}

ඡායාරූප - අනුර ප්‍රියන්ත

ඈදුණු පුවත්

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත -  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

පස්වන පුවත -  ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

හයවන පුවත -  දිස්ත්‍රික්ක 4ක් ගංවතුර සහ නායයාමේ අවදානමක

හත්වන පුවත - දිගු කලකට පසු නිල්වලා පිටාර ගලයි

අටවන පුවත - මිලිමීටර් 211.90 ක් වූ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

නවවන පුවත - ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි

දහවන පුවත - ගිංගඟ තවත් දරුණු වෙයි 

එකොලොස්වන පුවත - මිනිසුන් ගංවතුර අනතුරුවලට ලක්වන හැටි දැන ගනිමු

දොලොස්වන පුවත - බුලත්සිංහල නායගිය ස්ථානයෙන් මළ සිරුරු 9ක්

දහතුන්වන පුවත -  බෙල්ලන මරණ එකොළහක් - කොළඹට ගංවතුර අවදානමක්

දහහතරවන පුවත - කළුතර - රත්නපුර 67 ක් මියයති

පහලොස්වන පුවත - අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 122ක් දක්වා ඉහලට

nilawala1 9

පිටාර ගලමින් පවතින නිල්වලා ගඟ අවට සිටින ජනතාවට අාරක්ෂිත ස්ථාන වෙත යන ලෙස අාපදා කළමණාතරන මධ්‍යස්ථානය දැනුම් ෙදයි.

ඒ් අනුව මාතර දිස්ත්‍රික්කයේ  ගොඩගම හිත්තැටිය තුඩාව මාලිම්බඩ සිරිපනාගොඩ මදුරුදූව පරගහතොට කද්දූව සහ අවට ගම්මාන වල රැඳී සිටින ජනතාවට හැකි ඉක්මනින් ඒම ප්‍රදේශවලින් ඉවත්වන  ලෙස බලධාරීන් දන්වා සිටී.

ජල ගැලීම් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට පැමිණෙන වාහන කඩුවෙල හුවමාරුවෙන් පිට කිරීම නතර කර තිබේ. අතුරුගිරිය සහ කොට්ටාව යන විකල්ප පිටවීමේ මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ හතරක් හා මහනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක් වෙත මේ වන විට අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව සදහන්වේ.

ගාල්ල   ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 යේ ග්‍රාම නිලධාරී වසම් 374 පවුල් 32215 පුද්ගලයන් 128000 පීඩාවට පත්ව ඇතිබව ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා පැවසීය.දිස්ත්‍රික්කයේ අවතැන් කඳවුරු 525 පුද්ගලයන් 1218 සිටින බව පැවසීය .

පූර්ණ නිවාස හානි 71 සහ අර්ධ නිවාස හානි 163 වාර්තාවී ඇතිබව පැවසීය .පීඩාවට පත්ව ඇති සියලුම ජනතාව කඩිනමින් ආහාර පාන ඇතුළු සියලු සනීපාරක්ෂක පහසුකම් ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව පැවසීය .ගංවතුර තත්වයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ නෙළුව සහ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකටය.
 
මේ වනවිට ගිංගඟේ පහළ ප්‍රදේශය වන නාගොඩ ,බද්දේගම ,වැලිවිටිය-දිවිතුර සහ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ජලමට්ටම ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්‍යක්ෂ කර්නල් දම්පත් රත්නායක මහතා පැවසීය.එම නිසා ගඟෙහි පහළ ප්‍රදේශ වල ජනතාව කල්පනාකාරීව සිටින ලෙස පැවසීය .විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා මේ වනවිට ඉටුකරමින් පවති.
නෙළුව ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක් මතට පස් කන්දක් කඩා වැටී 05 මරණයට පත්ව කිහිප දෙනෙකු 13 දෙනෙකු අතුරු දන් වි ඇතිබව පැවසීය.
 
හබරාදුව අනුර ලියනගේ

අධික වර්ෂාව හේතුවෙන් කැළණි ගඟ පිටාර ගැලීම නිසා අවිස්වෙල්ල,දොම්පේ ,හංවැල්ල,කඩුවෙල සහ කැළණිය ප්‍රදේශ වල පහත් බිම් මේ වන විට ජලයෙන් යට වෙමින් පවති.එම ප්‍රදේශවල ජිවත්වන ජනතාවට ඉන් ඉවත් වන ලෙස අද දහවල් කාලයේ සිට දැනුම් දීම් කෙරුනි.වැල්ලම්පිටිය, කොලොන්නාව ,මුල්ලේරියාව යන ප්‍රදේශ වල පහත් බිම් මේ වන විට ජලයෙන් යට වෙමින් පවති.

ඈදුණු පුවත්

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත -  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

පස්වන පුවත -  ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

හයවන පුවත -  දිස්ත්‍රික්ක 4ක් ගංවතුර සහ නායයාමේ අවදානමක

හත්වන පුවත - දිගු කලකට පසු නිල්වලා පිටාර ගලයි

අටවන පුවත - මිලිමීටර් 211.90 ක් වූ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

නවවන පුවත - ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි

දහවන පුවත - ගිංගඟ තවත් දරුණු වෙයි

එකොලොස්වන පුවත - මිනිසුන් ගංවතුර අනතුරුවලට ලක්වන හැටි දැන ගනිමු

දොලොස්වන පුවත - බුලත්සිංහල නායගිය ස්ථානයෙන් මළ සිරුරු 9ක්

දහතුන්වන පුවත -  බෙල්ලන මරණ එකොළහක් - කොළඹට ගංවතුර අවදානමක්

දහහතරවන පුවත - කළුතර - රත්නපුර 67 ක් මියයති

පහළොස්වන පුවත - ගංවතුර 91කට දිවිත් 53114කට උන්හිටි තැනුත් අහිමි කරයි

IMAGE

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 183

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2541

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1439

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5818

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3390

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5522

Please publish modules in offcanvas position.