Coss Ear2
lakbima.lk
COSS Ear 1

පසුගිය කාලය තුළ නාය ගිය ස්ථාන යළි සක්‍රීයවීමට ඇති හැකියාව අවම වන නමුත් අධික වර්ෂාව හමුවේ එම බෑවුම් සහිත ස්ථානවල පවතින නාය යාමේ අවදානම පහව ගොස් නැතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා  දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය කපිල දහනායක මහතා පැවසීය.

අධික වර්ෂාව හේතුවෙන්  පසුගිය දිනවල නාය යාමට හසුවූ ප්‍රදේශ පාෂාණ කුට්ටි, මැටි හා පස්වලින් සමන්විත කදු වශයෙන් පවතින බවත් එවැනි ස්ථාන නාය යෑමෙන් සිදුවන හානිය විශාල වන බව මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

මධ්‍යම කදුකරයේ මෙවැනි පස් කඳු නොමැති නමුත් අධික වර්ෂාව හමුවේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රිකවල බෑවුම් සහිත ස්ථාන නාය යාමට පත්විය හැකි යැයි ඒ මහතා කියයි.

මධ්‍යම කඳුකරයේ බොහෝ කඳු ප්‍රදේශ පාෂාණ වලින් යුත්ත බවත් උස් එවැනි ස්ථානවල ජනාවාස නොමැති නිසා සිදුවන දේපොල ප්‍රමාණය අවම වුවද සෑම අවස්ථාවකදීම එම  බෑවුම් සහිත ස්ථානවල පදිංචිකරුවන් විමසිලිමත් විය යුතු යැයි මහාචාර්යවරයා කීය. 

නදීක දයා බණ්ඩාර - මහනුවර

ගාල්ල දිස්ත්‍රික්කයට පසුගිය දිනවල බලපෑ අධික ගංවතුර තත්වය නිසා පීඩාවට පත්වූ පුද්ගලයන්ගේ අවශ්‍යතා සොයා බැලීම සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරු කිහිප දෙනෙක් ආපදාවන්ට ලක්වූ ප්‍රාදේශ වල සංචාරක නිරත වුහ.

ජනතාවට අවශ්‍ය පිසු ආහාර සහ වියළි ආහාර මෙන්ම පානීය ජල බෝතල් පීඩාවට පත්වූවන්ට ලබාදීම මෙහිදී සිදුවීය.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ළඟාවීමට නොහැකිව තිබූ නෙළුව ලංකාගම ප්‍රදේශයට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක  සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කර යන මහත්වරුන් පැමිණියහ.

ගාල්ල දිස්ත්‍රික්කයේ පහසුකම් අඩුම ගම්මානය වන්නේ නෙළුව ලංකාගමයි.

විශේෂයෙන්ම එම ගම්මානය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති තුමා සහ අගමැති තුමා උපදෙස් ලබාදුන් බව එහිදි ඇමතිවරු කීහ .

ඔවුහු බද්දේගම ,තවලම ,හිනිදුම ,වැලිවිටිය-දිවිතුර ,ඇල්පිටිය ඇතුළු තදාසන්න ප්‍රදේශ වලටද පැමිණියහ.




අනුර ලියනගේ{jcomments on}

ගාල්ල මාගාල්ල පාලම අසල දී යුවළක් අතර ඇතිවු බහින් බස් විමන් දුර දිග යැමෙන් වයස අවුරුදු 35ක් වු කාන්තාවක ඊයේ (30) මියගොස් ඇත. දෙදෙනා අතර ඇතිවු ගැටුමේ දී  පුද්ගලයාගේ පිහි පහරින් කාන්තාව මියගොස් ඇත.

මෙය ගැටුම ඇතිවී ඇත්තේ ඊයේ (30)  පස්වරුවේදිය. මෙලෙස මියගොස් ඇත්තේ කීඹිය, වදුරඹ පදංචි 35 හැවිරිදි තමරා විජේතිලක නැමැත්තියකි.

ගැටුමට සම්බන්ධ වු පුද්ගලයා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කර ඇත.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගාල්ල පොලීසිය වැඩිදුර පරිකෂණ මෙහෙයවයි.

අනුර ලියනගේ-හබරාදුව

FlodNep

ගංවතුර හා නාය යාම් නිසා රටපුරා මියගිය පුද්ගලයන් ගන 202 දක්වා ඉහගිය බව ආපදා කලමණාකරන බලධාරීහු පවසති. අතුරුදහන් වූ සංඛයාව 96 කි. නිවාස 1505ක් සම්පුර්ණව හානිවී ඇති අතර පුද්ගලයින් 629742ක් පීඩාවට පත්වී සිටී.

DMC9

 

දඹුල්ල-ගලේවෙල ප්‍රධාන මාර්ගයේ පහලවැව ප්‍රදේශයේදී අද 31 අලුයම 3.30 පමණ ත්‍රිරෝද රථයක් හා ලොරි රථයක් එකිනෙක මුහුණට මුහුණලා ගැටීමෙන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇත.

මියගිය දෙදෙනා ගලේවෙල, රන්වඩියාව පදිංචි වයස 35 හා 33 වියේ පසුවන දෙදෙනකි.

ආර්ථික මධ්‍යස්ථානයේ සේවය කර නිවෙස වෙත ත්‍රිරෝද රථයෙන් යමින් සිටියදී අනතුරට මුහුණපා ඇත. මෙම ලොරි රථයේ රියැදුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ගලේවෙල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

දඹුල්ල-අශෝක එරමිණිගම්මන{jcomments on}

අධික වර්ෂා තත්ත්වය පහව යාමත් සමග පිටාර ගලමින් තිබූ ගංගාවල ජල මට්ටම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කැලණි ගඟ මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇති අතර කළු ගඟේ පහළ කොටසෙහි අද (30) සවස වනවිටත් ගංවතුර පැවැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අධ්‍යක්ෂ ප්‍රේමා හෙට්ටිආරච්චි මහත්මිය ලක්බිම ට ප්‍රකාශ කළාය. එහෙත් අද (30) සවස වන විට රත්නපුර නගරයේ ගංවතුර බැස යමින් පැවතුණ බවද ඇය පැවැසුවාය.
ගිං ගඟ පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් බද්දේගම හා ගිංතොට අතර ප්‍රදේශයේ මතෛක් ජලය බැස ගොස් නොතිබිණි. නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා අද (30) සවස වන විටද පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබූ නමුත් නිල්වලා ගඟේ ජල මට්ටම අඩුවෙමින් පවතින බව හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
මේ අතර ගංගා පිටාර ගැලීමත් සමග කැඩී යාමේ අවදානමට ලක්වූ ගංගා බැමි හා වේලි මේ වනවිට පිළිසකර කරමින් පවතී. අධික ගංවතුර තත්ත්වයකදී සාමාන්‍යයෙන් මෙලෙස ජල කාන්දුවීම් ඇතිවන බවද ප්‍රේමා හෙට්ටිආරච්චි මහත්මිය පැවැසුවාය.
 
ගයාත්‍රි ගීගනආරච්චි

නාය යෑමෙන් ජල ගැලීමෙන් විපතට පත්වූවන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්වන තුරු සහන සේවා සැලසිය යුතු යැයි ත්‍රෛයිනිකායික මහානායක හිමිවරු විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කරති.
මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි, අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන හිමි, අමරපුර මහ නිකායේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස හිමි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක නාපාන පේමසිරි හිමි යන මහා නාහිමිවරුන්ගේ අත්සනින් නිකුත් කළ එම විශේෂ පණිවුඩය මෙසේය.
අප සම්මා සම්බුදු රාජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයෙහි සියලු සම්පත්තීන්ගෙන් සශ්‍රිකව පැවැති විසාලා මහනුවර රෝග භය, අමනුෂ්‍ය භය, දුර්භික්ෂ භය යන උපද්‍රව තුනකින් නුවර වැසියන් පීඩිත වූවාක් මෙන්, පසුගිය දින කීපය තුළ අනපේක්ෂිත ලෙස දිවයිනට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කඳු නාය යෑමෙන්, කළු, කැලණි, ගිං ගංගාවෝ පිටාර ගලා යෑමෙන් සිදුවී ඇති විනාශය අපමණය. දැනටමත් සිදුවී ඇති ජීවිත හානිවීම් මෙන්ම අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව බොහෝය. උන්හිටි තැන් අහිමිව සියලු සම්පත් විනාශයට පත්ව අවතැන් වී ඇති ජනතාව ලක්ෂ ගණනකි.
මෙම ස්වාභාවික ව්‍යවසය නිසා රටට අහිමි වූයේ රටට වැඩදායී මිනිසුන්ය. ඔවුන්ගේ පවුල්වල ජීවිතය සම්පූර්ණයෙන්ම වාගේ බිඳ වැටී ඇත. සිදුවී ඇත්තේ උසුලාගත නොහැකි බරපතළ විපතකි. මෙසේ ස්වකීය නෑසියන් අහිමි වීමෙන්, දේපළ විනාශ වීමෙන් පීඩාවට පත්වූ සෑම සියලු දෙනා කෙරෙහිම අපගේ බලවත් සංවේගය පළ කරන අතරම, අපට ඇති හැකි අයුරින් සහන සැලසීමට පියවර ගෙන ඇති බව සනිටුහන් කරමු. විපතට පත්වූවන්ගේ ජීවිත යළි යථා තත්ත්වයට පත් කර ගැනීමට කළ යුතු, කළ හැකි සහන සේවා සත්කාර ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යෑමට අදිටන් කරගත යුතුය.
දැනටමත් රජය හා ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යායතනයන්ද ‍පොදු මහජනතාවද, අපේ විහාරස්ථානයන්හි මහා සංඝයා වහන්සේ ස්වකීය දායක කාරකාදීන් හා එක්ව කරනු ලබන සහන සේවා කටයුතු සම්බන්ධයෙන් පුණ්‍යානුමෝදනාව පළ කරන අතර මෙම හදිසි ආපදාවෙන් විපතට පත්වූවන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්වනතුරු ඔවුන්ගේ මානසිකත්වය ශක්තිමත් කිරීම සඳහා ධර්මානුකූල මාර්ගෝපදේශනයක් ලබාදීමටත්, මානුෂීය සත්කාරක වැඩසටහන්වලට ස්වකීය දායක කාරකාදීන් සමග එක්ව කටයුතු කිරිමටත් පියවර ගත යුතුය. විශේෂයෙන් මෙම ‍පොසොන් ‍පොහොය මුල්කොට අපගේ විහාරස්ථාන මගින් සිදුකෙරෙන අතිරේක සැරසිලි හා උත්සවවලට වැයවන මුදලින් කොටසක් හෝ මෙම සහන සත්කාර සඳහා පරිත්‍යාග කිරීමට පියවර ගැනීම වඩාත් සුදුසු බව අවධාරණය කරමු.
එසේම සෑම ආගමික කටයුත්තක් අවසානයේදීම අකාලයේ ජීවිත අහිමි වූවන්ට පුණ්‍යානුමෝදනා සිදුකිරීම හා විපතට පත්ව රෝගීව අසරණව සිටින ජනතාව කෙරෙහි සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කොට රතන සූත්‍රය වැනි මහානුභාව සම්පන්න සත්‍යක්‍රියා දේශනාවන්, බෝධි පූජාවන් වැනි ආගමික කටයුතු සිදුකිරීමත් තුළින්, රටට ජනතාවට සෙත් ශාන්තිය, රැකවරණය ප්‍රාර්ථනා කිරීමටත් ක්‍රියා කළ යුතුව පවතී. අපේ මූලස්ථාන හා ප්‍රාදේශීය විහාරස්ථාන මුල්කොට එක් රැස් කෙරෙන වියළි ආහාර ද්‍රව්‍ය, ‍පොතපත හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය විධිමත්ව එක්රැස් කොට, විපතට පත්වූවන් අතට පත්වන පරිදි ගත යුතුව ඇත. මේ සඳහා මහා සංඝයා වහන්සේට දායක කාරකාදීන්ගේ නොමද සහය ලබාදීම මැනැවැයි කරුණාධ්‍යාංශයෙන් සිහිපත් කරමු.
ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශීර්වාදයෙන් විපතට පත්වූ සෑම සියලුදෙනාට ජීවිත යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිවන සේ ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවායි ද, ජීවිත අහි වූ සියලුදෙනාට නිවන් සුව අත්වේවායි ද කියා ප්‍රාර්ථනා කොට සිටුම්හ.

ගංවතුරෙන් හා නායයාම්වලින් ආපදාවට ලක් වූ ජනතාවට දෙන සහනාධාර හා වන්දි මුදල් ප්‍රමාණය වැඩි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික ආපදා කළමනාකරණ සභාව අද (30) තීරණය කර ඇත. 
මේ අනුව මතෛක් එක් ආහාර වේලක් පිසීම සඳහා වෙන්කර තිබූ රුපියල් 225 මුදල රුපියල් 300 දක්වා වැඩි කර ඇත. කැබිනට් රැස්වීමෙන් පසු මෙම සභාව රැස්වූ බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹදී ඊයේ (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය. 
සතියකට අවශ්‍ය වියළි සලාකය ලබා දීමේදී එක් සාමාජිකයෙන් සිටින පවුලකට රුපියල් 700 තිබුණ සීමාව රුපියල් 900 දක්වා වැඩිකර ඇත. එමෙන්ම දෙදෙනෙක් සිටින පවුලක් සඳහා ලබාදුන් රුපියල් 900 සීමාව රුපියල් 1200 දක්වා වැඩි කළ බවත් තිදෙනෙක් සිටින පවුලකට ලබාදුන් රුපියල් 1100 මුදල රුපියල් 1600 දක්වා වැඩිකළ බවත් පස් දෙනකුගෙන් යුතු පවුලක් සඳහා ලබාදුන් රුපියල් 1500 මුදල රුපියල් 1800 දක්වා වැඩිකර ඇති බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. 
එමෙන්ම මේ රජය යටතේ සියලු නිවාස මේ වන විට රක්ෂණය කර ඇති බැවින් නිවාස සහන උපරිමයට යටත්ව රුපියල් ලක්ෂ 25ක් ලබාදීමටත් එම රැස්වීමේදී තීරණය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 
එමෙන්ම අනවසර පදිංචිකරුවන් ඉවත් කර ඔවුන්ට විකල්ප පදිංචි ස්ථාන ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 
ජීවිත හානියක් සඳහා 2015 වසරේ සිට ලබාදෙන රුපියල් ලක්ෂයක මුදල මේ අවස්ථාවේදීත් ලබාදීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. 
එමෙන්ම ආපදාවට පත් වූ සුළු ව්‍යාපාරිකයන්ට නැවත තම ව්‍යාපාර ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබා දීම සඳහා බිලියන 2ක් වෙන්කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (30) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය, ‍පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ අදහස් පැවැසීය. 
ආපදාවට ලක් වූ මාර්ග බොහෝමයක පිළිසකර කටයුතු මේ වන විටත් අවසන් කර ඇති අතර දක්ෂිණ අධිවේගී මාර්ගය කොක්මාදුව දක්වා විවෘත කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. එනමුත් මාතර ගොඩගම පිවිසුම් මාර්ගය තවමත් විවෘත කර නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
ප්‍රසාදිකා ජයවර්ධන

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු, සිනමා විචාරකයකු සහ ගත්කතුවරයකු වන සුනිල් මිහුඳුකුල මහතා අද (30) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී අභාවප්‍රාප්ත විය.

වසර 39 ක  ලේඛන කලා ඉතිහාසයක් ඇති මිහිඳුකුල මහතා කලක් සරසවිය පුවත්පතේ ප්‍රධාන කතෘ ලෙස සහ සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයේ සංස්කාරකවරයා ලෙස කටයුතු කර තිබේ.

සිනමාව ඇතුළු කලා ක්‍ෂේත්‍රය සම්බන්ධ පර්යේෂණාත්මක ග්‍රන්ථ රාශියක් රචනා කොට ඇති මිහිඳුකුල මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජුනි මස (01) බ්‍රහස්පතින්දා පන්නිපිටිය රුක්මලේ පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.{jcomments on}

ඇමැතිවරුන් හා අමාත්‍යාංශ සඳහා නව  රථ වාහන ගෙන්වීම නතර කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30)උදෑසන ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු කැබිනට් රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.

 

 

 

 

දැනට පවත්නා අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හෙට සිට ජූනි 02 සිකුරාදා තෙක් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික වල පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

 

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 423

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 781

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 697

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 563

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5196

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3429

Please publish modules in offcanvas position.