Coss Ear2
lakbima.lk
COSS Ear 1

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පැවති  ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් (01) අද පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල කාර්යාලයේ නිලධාරීන් සහ දිස්ත්‍රික්කයේ අනෙකුත් රජයේ සියලුම නිලධාරීන් ඇතුළු ආපදා තත්වයේදි සහන සැපයූ සියලුම කණ්ඩායම් එක්ව සිටියහ.
 
ආපදාවන්ට මුහුණ දුන් ජනතාවට ශක්තියක් වෙමින් ඔවුන්ට සහන සැලසීම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සහන සේවා කණ්ඩායම් වෙත සිය ස්තූතිය පුදකර සිටියහ.
 
සහන කඳවුරු වල සිටින ජනතාවට අවශ්‍ය ආහාර පාන, ඖෂධ ඇතුළු පහසුකම් සහ ආපදා තත්වයත් සමඟ මේ වනවිටත් ප්‍රදේශ කිහිපයක බිඳ වැටී ඇති විදුලි පද්ධතිය, පානීය ජල ලිං පිරිසිදු කිරීම්,හානියට පත් පාසල්වල නාවිකරනය කිරීම ඇතුළු අනෙකුත් බිඳ වැටුණු අවශ්‍යතාවන් යථා තාවයට ගෙන ඒම කඩිනම් කරන ලෙස අදාළ අංශ වලට උපදෙස් දෙන ලදී .
ඊට අවශ්‍ය සම්පත් ලබාදීමට රජය සූදානම් බව පැවසීය
.
ආපදාවන්ට පත්වූ ජනජීවිත යථා තත්වයට කඩිනමින් පත්කිරීම සඳහා රජයක් ලෙස ගත හැකි සියලුම පියවර ගන්නා බව ජනාධිපතිවරයාහි දී පැවසුහ.
 
අනුර ලියනගේ - හබරාදුව

ඇහැලියගොඩ සිට ගිනිගත්හේන දක්වා ධාවනය වු මෝටර් රථයක් පෙරළීමෙන් එම මෝටර් රථයේ ගමන් ගත් අවුරුදු හයක පිරිමි දරුවෙක් මියගොස් තිදෙනෙක් තුවාල ලබා ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි. 
 
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ගිනිගත්හේන බගතුලූව ප්‍රදේශයේ පදිංචිව සිටි පසින් දේෙවින්ද්‍ර බණ්ඩාර නැමැති පාසල් සිසුවෙකි.
 
මෙම පාසල් සිසුවා අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි බවද පොලිසිය පවසයි. 
 
අද (01.06) අලූයම 1.00 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ ගිනිගත්හේන නගරයට ආසන්නයේදිමය.
 
ගිනිගත්හේන බගතුලූව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසක් පසුගියදා ඇහැලියගොඩ ප්‍රදේශයේ නායයෑමකින් මියගිය ඥාතියෙකුගේ සත්දවසේ දානමය පිංකමට ගොස් ආපසු නිවස කරා එමින් සිටියදි මෝටර් රථය අඩි හැටක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් මෙම අනතුර සිදුවි තිබේ. 
 
 
එම මෝටර් රථයේ මියගිය සිසුවාගේ මව පියා සහ මිත්තනිය ගමන් කර ඇති අතර තුවාල ලැබු මව සහ පියා ගිනිගත්හේන රෝහලේ ප්‍රතිකාර ලබන අතර මිත්තනිය වැඩි දුර ප්‍රතිකාර සදහා නාවලපිටිය මුලික රෝහල වෙත මාරුකර යවා ඇත.
 
මෝටර් රථය ධාවනය කළ පියාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුවි ඇති බව අනතුර පිළිබද පරික‍ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය පැවසීය.
 
මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික‍ෂණය සදහා නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව ගිනිගත්හේන පොලිසිය පැවසීය. 
 

හැටන් රංජිත් රාජපක‍ෂ

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කොට තිබියදී නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ඇතුළු සැකකරුවන් පස්දෙනා හා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද තැන්නේ ඤාණානන්ද හිමියන් රුපියල් 2500 බැගින් වූ මුදල් ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (31) නියෝග කළේය.
නිසි පරිදි අධිකරණ හමුවේ පෙනී නොසිටීම නිසා එම සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගැනීමට පසුගිය 19 වැනිදා තම අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවීමටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් නියෝග කළේය.
ඉදිරියේදී නිසි පරිදි අධිකරණය හමුවේදී පෙනී නොසිටියහොත් රක්ෂිත බන්ධනාගාරගත කරන බවට සැකකරුවන්ට තරයේ අවවාද කළ අධිකරණය එම නඩුව ලබන අගෝස්තු 25 වැනිදා යළි කැඳවීමටද නියෝග කළේය. 2015.10.6 වැනිදා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට රුපියල් දෙලක්ෂ අසූහතර දහසක අලාභයක් සිදුකිරීම යන චෝදනා යටතේ කුරුඳුවත්ත ‍පොලීසිය විසින් ළහිරු චතුරංග වීරසේකර තැන්නේ ඤාණානන්ද, අමිල සඳරුවන්, රංගන සමරතුංග, ආත්මා ප්‍රියදර්ශන හා දිනේෂ් මධුරංග යන සැකකරුවන් හයදෙනාට එරෙහිව කුරුඳුවත්ත ‍පොලීසිය එම නඩුව පවරා තිබුණි.
 
නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

දැනට පවත්නා අයහපත් කාලගුණික තත්වයත් සමඟ රටේ උද්ගතව පවත්නා අපාදා තත්වය හා ආණ්ඩු පක්ෂයේ ඉදිරි ක්‍රියා මාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩු පක්ෂයේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් කැදවා ඇත. එය අද දහවල් 12ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවත්වීමට නියමිතය.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ කැලණිය, බියගම, දොම්පේ, මහර සහ වත්තල යන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප‍්‍රදේශවලට ගංවතුර තර්ජනයක් ඇති වී ඇති සමයක එහිම  කටාන, මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල, මීරිගම යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ තුළ ජල සැපයුම් මූලාශ්‍ර සිදී යාමේ තර්ජනයක් පවතින බව ගම්පහ සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රසාද් ඉන්දික මහතා පවසයි. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල වසන් 378ට අයත් පවුල් 66 921ක සාමාජිකයන් 2 80342ක් පානීය ජල අර්බුදයට මුහුණපා සිටින බැවින් ජල බවුසර් 30ක් යොදා ගනිමින් එම ප්‍රදේශ වලට අඛණ්ඩ ජල සැපයුමක් කරන බව සහකාර දිස්ත්‍රික් ලේකම් වරයා කියයි.  දැනට පවත්නා තත්වය යටතේ මෙම ජල බවුසර් මදි වීමක් පෙන්නුම් කරන බවත් එබැවින් අතිරේක ජල බවුසර් 10ක් ඉදිරියේදී එම සේවාවට යොදන බවත් සහකාර දිස්ත්‍රික් ලේකම් වරයා කියයි.    

ඉහත සඳහන් ප‍්‍රදේශ වලින් බොහොමයක කාර්මික නළ ළිං මගින් මහා පරිමාණයෙන් භූගත ජලය ඉවත් කර ගැනීම, පස් කඳු කපා ඉවත් කිරීම හා අනවසර ඉඩම් ගොඩකිරීම් ආදිය නිසා මෙම ආපදා තත්ත්වය පැන නැගී ඇතැයි ප‍්‍රදේශවාසීහු කියති.

ජා ඇල හරහා මීගමු කලපුවට වැටෙන අත්තනගලූඔයේ ඉහළ ගංඟාධාර ප‍්‍රදේශයේ පිහිටි දුනුමාල ජලමාපකයේ ගංවතුර තත්වයක් පෙන්නුම් කළ බව පසුගිය දා වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කළේය. එහෙත් විස්මයට කරුණ වනුයේ එම ගංවතුර තත්ත්වයෙන් දඬුගම්ඔය නමින් මීගමුකලපුවට වැටෙන දඬුගම ආදී පහළ ගංඟාධාර ප‍්‍රදේශවලට කිසිදු බලපෑමක්ඇති නොවීම ය.

ඒ අනුව තවමත් මෙම ජලමූලාශ‍්‍රවලට මුහුදේ වඩදිය බලපෑම පවා ඇති වන බව ධීවරයෝ කියති. මේ සඳහානිශ්චිත හේතුවක් මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති වුවද අත්තනගලූඔයේ පහළගංඟාධාර ප‍්‍රදේශවල භූගත ජලය අධික ලෙසින් ඉවත් කර ගැනීම නිසා පොළොව තවමත්දැඩි වියළි ස්වභාවයෙන් පැවතීම මීට හේතු විය හැකි යැයි පරිසරවේදීහු කියති.

දමයන්ති ගමගේ

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මියට අද 31 කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහත්මිය හමුවේදී චෝදනා පත්‍රය කියවා දුන්නේය.
කූඨ ‍ලේඛන ඉදිරිපත් කර අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාවට තමන් නිවැරදිකරු බව සැකකාරිය විවෘත අධිකරණය හමුවේදී පැවැසුවාය. ඒ අනුව නඩු විභාගය ආරම්භ කරමින් පැමිණිල්ල වෙනුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (නීති) ඉන්දික කුමාර සේරම් මහතා සාක්ෂි ලබා දුන්නේය. අධිකරණය භාරයේ තිබියදී අතුරුදන් වී ඇතැයි ප්‍රචාරය වූ සැකකාරියගේ විදේශ ගමන් බලපත්‍ර හා ජාතික හැඳුනුම්පත අධිකරණ නඩු භාණ්ඩ භාරකරු භාරයේ ඇති බව හෙළි වී ඇතැයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. වගවීම් විරහිතව කටයුතු නොකරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩිව අවවාද කළේය.
එම නඩු භාණ්ඩ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පසුගිය නඩු දිනයේදී අධිකරණ ප්‍රධාන රෙජිස්ටාර්වරියගෙන් විමසා ඇතත් ඒ ගැන නඩු භාණ්ඩ භාරකරුගෙන් විමසා නොමැති බවත් එහිදී පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම ක්‍රියාදාමය නිසා එම නඩු භාණ්ඩ අතුරුදන් වී ඇති බවට ප්‍රචාරය වූ බවත් එකී ප්‍රචාර නිසා සිය අධිකරණයට දැඩි අප්‍රසාදයකට ලක්වීමට සිදුවූ බවත් පෙන්වා දුන්නේය. වැඩිදුර විභාගය ලබන 22 වැනිදා දක්වා කල්තැබිණි.

නිශාන්ත රාමනායක - කොළඹ අධිකරණ

හදිසි ආපදා තත්ත්වයක් දැනුම් දුන්නත් නිවැසියන් එම ප්‍රදේශවලින් ඉවත් නොවන නිසා වහාම එම ප්‍රදේශවල නිවැසියන් නිවෙස් වලින් එළියට ගැනීම සඳහා බල කිරීමට හැකි අයුරින් නීති ගෙන ඒමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (31) පැවැසීය.
කැබිනට් තීරණ දැනුම්දීමේ  මාධ්‍ය හමුවට  එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මෙම හමුව පැවැත්වුණි.
කාලගුණික තත්ත්වයන් නිසි පරිදි වාර්තා කිරීමට රජයට මෙන්ම පෞද්ගලික ජනමාධ්‍ය තුළද වැඩ පිළිවෙළක්  නොමැති බව පැවැසූ ඇමැතිවරයා ආපදා තත්ත්වය දැන දැනත් ජනතාව නිවෙස්වලින් එළියට ගැනීමට නොහැකි වීම  මෙවැනි මරණ වාර්තා වීමට  හේතුව බවත් ඇමැතිවරයා පැවැසීය.
එබැවින් වෙනත් රටවල මෙන් ආපදාවකදී ජනතාව  නිවෙස්වලින් එළියට ගැනීමට අවශ්‍ය වන නව නීති සම්මත කරගත යුතු බවද හෙතෙම කීවේය.
කාලගුණික හා දේශගුණික තත්ත්වයන්වල වෙනස්වීම් ඉතා ඉක්මනින් ජනතාවට දැනුම්දිය හැකි තාක්ෂණික ක්‍රමවේද ශ්‍රී ලංකාවට  නොමැති බවද ඇමැතිවරයා  පැවැසීය. මේ සඳහා චන්ද්‍රිකා තාක්ෂණය දියුණු රේඩාර් පහසුකම් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වන බව පැවැසූ ඒ මහතා මේ වන විට ජපානය  සමග එවැනි තාක්ෂණික වැඩපිළිවෙළකට පිවිසීමට අවශ්‍ය කටයුතු කර ඇති බවද කීවේය.

පානුක රාජපක්ෂ

මීගමුව බන්ධනාගාරයේ රැඳවුවන් පළා යාම සම්බන්ධව සමස්ත වගකීම මීගමුව බන්ධනාගාරයේ සියලු නිලධාරීන් විසින් භාරගත යුතු බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,  පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මහතා පවසයි.
මීගමුව බන්ධනාගාරයේ ඉකුත් දා (30) සිරකරුවන් හතර දෙනාගේ පැන යාමේ සිද්ධිය සම්බන්ධව කරුණු සොයා බැලීමට අමාත්‍යවරයා මීගමුව බන්ධනාගරයේ හදිසි නීරීක්ෂණයකට පෙරේදා (30) සහභාගිවෙමින් මේ අදහස් පැවැසීය.
මෙම සිරකරුවන් පැන යාම සඳහා ආරක්ෂක තාප්පයේ සිදුරක් සාදා ගන්නා තෙක් මෙම බන්ධනාගාර නිලධාරීන් තම රාජකාරිය සිදුකළ ආකාරය පිළිබඳව තමා විමතියට පත්වන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම සිරකරුවන්ගේ පැන යාමට බන්ධනාගාර නිලධාරින්ගේ සම්බන්ධයක් තිබේද යන්න තමාට සැකයක් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම අමාත්‍යවරයා එම ස්ථානය සවස් වරුවේ නිරීක්ෂණය කරනතුරුත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මීගමුව බන්ධනාගාරයට නොපැමිණීම සහ මෑත කාලීනව බන්ධනාගාරවල සිදුවන සිදුවීම් දෙස අවධානය යොමු කිරීමේදී බන්ධනාගාර කොමසාරිස්වරයා මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම බන්ධනාගාර දෙපාර්තුමේන්තුවේ ඉහළ තනතුරු සහ ලංකාව පුරා තිබෙන සියලු බන්ධනාගාරවල තිබෙන තනතුරුවල යම් වෙනසක් සිදු කිරීමට ඉදිරියේදී කටයතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රසාදිකා ජයවර්ධන/ රේමන්ඩ් අ‍පෝන්සු - මීගමුව

සෞදියේ රැකියා සඳහා ගිය ශ්‍රී ලංකික ශ්‍රමිකයෙක් සෞදි රජයට හෝ සෞදි ජනතාවට විරුද්ධව අසත්‍ය තොරතුරු පතුරුවා හැරියහොත්, එය අපරාධ වරදක් සේ සලකා වසර 05 සිට 20 දක්වා වන සිරදඬුවමකට හෝ සෞදි රියාල් මිලියනයක් දක්වා දඩ මුදලකට යටත් කරන්නට සිදුවන බව එහි ආරක්ෂක අංශ විසින් එහි සිටින ශ්‍රී ලංකා තානාපති අංශ වෙත දැනුම් දී තිබේ.
මේ බව තානාපති කාර්යාලය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ආයතන දැනුම්වත් කරන ලෙසටද ඔවුන් අදාළ තානාපති නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
සෞදි අරාබියේ රැකියාවකට ගොස් සිටියදී තමන් සේවය කළ නිවසේ හාම්පුතා වකුගඩුවක් ඉල්ලා බලහත්කාරයෙන් සිරකරගෙන සිටි බව කියූ කාන්තාව හා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරනු ලැබූ විමර්ශනවලින් අනතුරුව එරට ‍පොලීසිය විසින් මෙම දැනුම් දීම කර තිබේ.
අංක 28, නිවාස ඉදිරිපිට, 2 කණුව, කණ්ඩලම පාර, දඹුල්ල යන ලිපිනයේ පදිංචි ඩබ්.ඩබ්. ඉන්ද්‍රාකාන්ති නමැති මෙම කාන්තාව සේවය කරන නිවසේ හාම්පුතා විසින් ඇගේ වකුගඩුවක් ඉල්ලා බලෙන් රඳවාගෙන සිටින බවත් සඳහන් කරමින් පළ වූ වාර්තා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය විසින් ඇයව කඩිනමින් මුදාගන්නා ලෙස අදාළ තානාපති කාර්යාල නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව රියාද් හි පිහිටි තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි ඇය ඊයේ (31) ම්උ776 දරන ගුවන් යානයෙන් පෙ.ව. 10.00ට දිවයිනට පැමිණි අතර ඇයට හිමි මාසයක වැටුප සහ දිවයිනට පැමිණීමට ගුවන් ටිකට්පත් සඳහා මුදල් ද හාම්පුතා විසින් ලබාදී තිබේ.
මෙම සිදුවීම පිළිබඳ සොයා බැලීමට සෞදි තානාපති කාර්යාල නිලධාරීන් රියාද් සිට කි.මී. 475 දුර ගෙවා ඇය සේවය කරන නිවස පිහිටා තිබෙන දාරිහා ‍පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කිරීමෙන් අනතුරුව එහිදී කඩිනමින් ක්‍රියාත්මක වූ ‍පොලිස් නිලධාරීන් හාම්පුතා සමග අදාළ කාන්තාව ‍පොලීසියට ගෙන්වා ගෙන තිබේ.
මේ පිළිබඳව විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම සේවිකාව අසත්‍ය චෝදනා එල්ල කර ඇති බව යැයිද කාර්යංශය පවසයි. ඉන් අනතුරුව මෙම ගෘහසේවිකාව ‍පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබෙන අතර තානාපති කාර්යාලය මැදිහත් වීමෙන්  සිදු වූ අපහසුතාවය පිළිබඳව ඇය වෙනුවෙන් සමාව අයදීමෙන් අනතුරුව අදාළ කාන්තාව නිදහස් කර ඇත.
තවද ‍පොලිස් නිලධාරීන් තානාපති කාර්යාල නිලධාරීන්ට දන්වා ඇත්තේ මින් ඉදිරියට ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙක් විසින් සෞදි රජයට හෝ සෞදි ජනතාවට විරුද්ධව අසත්‍ය තොරතුරු පතුරුවා හැරියහොත් වසර 5 සිට 20 දක්වා අපරාධ වරදක් සම්බන්ධයෙන් සිරදඬුවමකට හෝ සෞදි ජනතාවට විරුද්ධව අසත්‍ය තොරතුරු පතුරුවා හැරියහොත් වසර 5 සිට 20 දක්වා අපරාධ වරදක් සම්බන්ධයෙන් සිරදඬුවමකට හෝ සෞදි රියාල් මිලියනයක් දක්වා දඩ මුදලකට යටත් වන්නට සිදුවන බවයි. මේ බව තානාපති කාර්යාලය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ආයතන දැනුවත් කරන ලෙසද වැඩිදුරටත් දන්වා සිටී.

පද්මිණි මාතරගේ{jcomments on}

ගාල්ල බද්දේගම ගිංගඟේ සැඩ පහරට ගසාගෙන ගොස් ගඟට නැමී තිබූ ගසක කොටු වී පැයකට අධික කාලයක් සිටි කුඩා ළමයෙකු ඔහුගේ සීයා සහ සුරතල් බල්ලා  බේරා ගැනීමට අද (31) දහවල් දිඹුලාගලින් ආධාර රැගෙන ගිය පිරිසක් හා නාවික  හමුදා කණ්ඩායමක් සමත් වූහ.
බද්දේගම ගනේගම ගම්මානයේ අවුරුදු 55 ක් වයසැති අයෙකු සහ ඔහුගේ අවුරුද් 10ක් වයසැති මුණුබුරා තම සුනඛයාද රැගෙන පාරුවකින් 31 වෙනිදා  උදෑසන  ගංවතුර බැලීමට ගොස් තිබේ.
එවිට ගිංගඟේ ජල පහරට පාරුව සහ ඔවුන් ගසා ගෙනගොස් ගඟට නැමී තිබුණු ගසක සිර වී ඇත.
මේ මොහොතේ දිඹුලාගල  ප්‍රදේශයේ සිට දේශමාන්‍ය රොමේස් නලින්ද මහතා ඇතුළු කණ්ඩායමක් නාවික හමුදාවේ, කණ්ඩායමක් සමග බෝට්ටුවක් මගින් ආධාර රැගෙන ගිංගඟ හරහා යමින්  සිටියදී   මෙම සිද්ධිය දැක තිබේ.
 කුඩා ළමයාගේ කෑ ගසන ශබ්දයත් සමග බෝට්ටුවෙන් ගිය එම පිරිස ගස අසලට ළඟා විය. අනතුරුව කුඩා ළමයාත් සීයා සමග සුනඛයාද නිරුපද්‍රිතව බේරා ගෙන දොඩංගොඩ ශ්‍රී සුදර්ශනාරාමයට රැගෙන ගොස් ආහාර පාන ලබාදීමට කටයුතු කළ බව රොමේෂ් නලින්ද මහතා අප සමග පැවැසීය.
තමන් සමග නාවික හමුදාවේ පස් දෙනෙකු පානීය ජලය, පිසූ ආහාර සහ ආධාර බෝට්ටවක් මගින් ගිංගඟ  හරහා  දොඩංගොඩ අවතැන්වූවන්ට රැගෙන යමින් සිටියදී ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ බව රොමේෂ් නලින්ද මහතා අප සමග කීවේය.
ගංවතුර අවදානම් තත්ත්වය තිබියදී ඒවා නැරඹීමට නොයන ලෙස මෙම අවදානම් තත්ත්වයට මුහුණ දී සිටින සියලු දෙනාගෙන් නාවික හමුදාව  ඉල්ලීමක් කර සිටිති.  ඒ මොහොතේ ගසේ අත්තද කැඩී ගිංගඟට නැමි තිබුණ බව දිවි බේරා ගැනීමට මැදිහත් වූවන් පවසති.

නිමල් ජයරත්න - මනම්පිටිය

තමා සම කැබිනට් ප්‍රකාශක තනතුරට පත්කළේ ප්‍රධාන පක්ෂ දෙකේම නියෝජනයක් කැබිනට් ප්‍රකාශ දැනුම්දීමේදී තිබිය යුතු නිසා බව නව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (30) පැවැසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ප්‍රධාන පක්ෂ දෙකක් එකතු වී ආණ්ඩුකරන මොහොතක ප්‍රධාන පක්ෂ දෙකේම නියෝජනයක් කැබිනට් ප්‍රකාශ සඳහා අවශ්‍ය බවට මතයක් තිබූ නිසා ජනාධිපතිවරයා හා අගමැතිවරයා සාකච්ඡා කර සියලුදෙනාගේ කැමැත්ත පරිදි තමාම මේ සඳහා පත්කළ බවද හෙතෙම කීවේය.
මීට පෙර කැබිනට් ප්‍රකාශ සිදුකිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැටලු සහගත තත්ත්වයක් ඇතිවූ නිසා මෙම තනතුර ලැබුණේ දැයි මාධ්‍ය විසින් දයාසිරි ජයසේකර මහතාගෙන් මෙහිදී විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් හෙතෙම කීවේ එවැනි කිසිඳු ප්‍රශ්නයක් ඇති නොවුණු බවත් තමා ඇතුළු අනිකුත් කැබිනට් ප්‍රකාශකතුමන්ලා මින් ඉදිරියට නිකුත් කරන ප්‍රකාශ එක් එක් පක්ෂවල මතයන් නොව රජයේ මතයන් පමණක් වන බවයි.

පානුක රාජපක්ෂ{jcomments on}

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 268

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 502

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 451

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 393

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5022

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3299

Please publish modules in offcanvas position.