Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඩෙංගු රෝගීන්ට ලබා දෙන ඩෙක්ස්ට්‍රෑන් ඖෂධය ඉන්දියාවෙන් ගෙන්වීම වහාම නතර කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
මෙම ඖෂධය ඩෙංගු රෝගීන්ට ලබා දීමේදී රෝගීන් මිය යන බවත් එසේ වන්නේ රෝගය හේතුවෙන්ද නැතහොත් ඖෂධය ලබා දීමෙන් ඇති වන ආසාත්මිකතාවක් හේතුවෙන් ද යන වග නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව ඩෙංගු මර්දන වැඩසටහනේ සම්බන්ධිකාරක විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා ආපදා කමිටුවේදී හෙලි කළ බව සංගමයේ ‍ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරයි.
මේ හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් එම ඖෂධය ප්‍රතික්ෂේප කර තිබියදීත් තවත් තොගයක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බව කමිටු රැස්වීමේදී හෙලි වූ බව වෛද්‍ය සොයිසා මහතා පැවැසීය.
තත්ත්වයෙන් බාල ඩෙක්ස්ට්‍රෑන් ඖෂධය ඉන්දියාවෙන් ගෙන්වීම සඳහා සැපයුම්කරුවෙකු පවා මේ වන විටත් ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි කර ඇති නමුත් තායිලන්තයේ නිෂ්පාදිත තත්තවයෙන් ඉහළ  එම ඖෂධ ගෙන්වා ගෙන ඇත්තේ තානාපති කාර්යාල හරහා වීමද පුදුම සහගත තත්ත්වයක් බවද සංගමය පෙන්වා දේ.
කෙසේ නමුත් ඩෙක්ස්ට්‍රෑන් ඖෂධය මේ වන විටත් රජයේ වෛද්‍ය සැපයුම් අංශය තුළ නොමැති බවත් ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වන ඩෙක්ස්ට්‍රෑන් ඖෂධයෙන් 1000ක ප්‍රමාණයක් පමණක් බවද ආපාදා කමිටුවේදී හෙලි වූ බවත් ඉදිරියේදී මෙම ඖෂධය  මෙරටට ගෙන්වන්නේ කුමන රටින්ද යන වග තම සංගමය විමසිල්ලෙන් පසුවන බවත් හෙතෙම අවධාරණය කළේය.

ශ්‍රියානි විජේසිංහ{jcomments on}

ලන්ඩනයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ වන විට සිවිල් වැසියන් 7ක් මියගොස් ඇති අතර තුවාල ලැබූවන් 48 දෙනෙකු රෝහල් 6කට ඇතුළුත් කර තිබේ. 

මෙය මෑත භාගයේ ලන්ඩනයට එල්ල වූ තුන්වන ත්‍රස්ත ප්‍රහාරය බැවින් මේ වන විට ලන්ඩනයේ පැවැති සිවිල් නිදහස් වාතාවරණය අහිමි වෙමින් පවතින බවට ජනතාව මැසිවිලි නගති.

මීට පෙර ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් පාලම අසල එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගිය අතර පසුගිය දා මැන්චෙස්ටර් සංගීත සංදර්ශන භූමියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 22 දෙනෙකු මිය ගොස් තිබේ. 

මේ අනුව මෑතදී ලන්ඩනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර නිසා මිය ගිය පුදගලයන්ගේ ගනණ 34 දක්වා ඉහළ ගොස් තිබේ.

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයෙන් 6ක් මරුට

2017 Jun 04 10:17

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අළුයම 2.30ට පමණ මධ්‍යම ලන්ඩනයේ පාලමක් මත සිටි පුද්ගලයන් පිරිසක් වෙත වෑන් රථයක් ධාවනය කිරීමෙන් සහ ඒ ආසන්නයේ පිහිටි බොරෝ මාකට් හි සිටි පුද්ගලයන්ට තියුණු ආයුධ වලින් පහර දීමෙන්  පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් තවත් 30දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙසේ පැමිණි වෑන් රියේ පදිකයන් ගැටීමට සලස්වා ඇති අතර බොරෝ මාකට් සහ වොක්ෂෝල් ප්‍රදේශයේ සිටි ජනතාවට පිහි ප්‍රහාරයන් එල්ල කොට ඇත.

මේ වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද ලන්ඩන් වල පැවැත්වෙන අයි.සී.සී චැම්පියන් කුසලානයට පැමිණ සිටින අතර මෙම ප්‍රහාරයෙන් එම කණ්ඩායමට හෝ කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නොමැති බව විදේශ අමාත්‍යංශය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කොට තිබේ.

මේ අතර එම ප්‍රහාරයට සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙක්ද පොලිස් වෙඩිපහරින් මිය ගොස් ඇතැයි මීට සුළු මොහොතකට පෙර වාර්තා විය.




නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (04) දින තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 14 දෙනෙකු නෝර්වේ දූපත අසල මුහුදු ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2 ක්, පිටත දහන යන්ත්‍ර 2 ක්, තහනම් දැල් 2 ක්, සහ කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 1 ක් අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැත්වෙන ආපදා කමිටු රැස්වීමට මින් ඉදිරියට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතිවලට ආරාධනා නොකිරීමට සෞඛ්‍ය ඇමතිවරයා තීරණය කර ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දැනුම් දුන් බව සංගමයේ ‍ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා සඳහන් කරයි.
ඇමතිවරයා මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ ඩෙංගු රෝගීන්ට ලබා දෙන ඩෙක්ස්ට්‍රෑන් ඖෂධයේ හිඟතාවය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති ආපදා කමිටුවේදී දිගින් දිගමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රශ්න කර සිටි බැවින්  යැයි වෛද්‍ය සොයිසා මහතා පෙන්වාදේ.
 
ශ්‍රියානි විජේසිංහ

Classroom

අයහපත් තත්වයෙන් ඇතිවූ ආපදා තත්වය නිසා වසා දැමුණු පාසල් යළි විවෘත කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

එළඹෙන ජුනි මස 5 වන දින බස්නාහිර පළාතේ සියලූම පාසල්, දකුණු පළාතේ අවතැන් කඳවුරු ලෙස පවතින පාසල් 10 ක් සහ හානි සිදු වූ පාසල් 29 ක් හැර සෙසු සියලු පාසල් සහ සබරගමුව පළාතේ අවතැන් කඳවුරු ලෙස පවතින 15 ක් හැර ඉතිරි සියලු පාසල් විවෘත කෙරෙනු ලැබේ.

තවද අවතැන් කඳවුරු සඳහා ගැනුනු පාසල් ඉදිරියේ දී ආරම්භ කිරීම පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත බලය පැවරෙනු ඇත.

එමෙන්ම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ඉගෙනීම් කටයුතු පවත්වාගෙන යාමට නොහැකි පරිදි හානි  වූ පාසල්වල කටයුතු  ආසන්නත ම පාසල්වලට අනුයුක්ත කර පවත්වාගෙන යාමේ  බලය ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරා දී තිබේ.

Apada

ගංවතුර හා නාය යාම් නිසා රටපුරා මියගිය පුද්ගලයන් ගණන 208 දක්වා ඉහගිය බව ආපදා කලමණාකරන බලධාරීහු පවසති. අතුරුදහන් වූ සංඛයාව 92 කි. නිවාස 1735ක් සම්පුර්ණව හානිවී ඇති අතර පුද්ගලයන් 677241ක් පීඩාවට පත්වී සිටී.

Anura

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇප මත මුදා හැර ඇත.

වසරකට අධික කාලයක් රිමාන්ඩ් ගතව සිටි තමන් නිදහස් කරන ලෙස ඉල්ලා අනුර සේනානායක මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන ඇප අයදුම්පත අද විභාගයට ගත් අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහාඅධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අනුර සේනානායක මහතා ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

නිශාන්ති රාමනායක

RW

නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට අමාත්‍යාංශයේ විෂය පථයෙන් වැඩි වගකීම් ප්‍රමාණයක් පවරාදීමට විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා තීරණය කර සිටියි.
විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා මේ තිරණය ගෙන ඇත්තේ තරුණ දේශපාලඥයෙකු ලෙස වසන්ත සේනානායක මහතාට සිය දේශපාලන ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරදීම සඳහාය.
අමාත්‍ය රවි කරුණානායක මහතා ගෙන තිබෙන තීරණයට අනුව තමන් උනන්දුව දක්වන විදේශ කටයුතු අමාත්‍යාංශයේ විෂයයන් ගැන වහාම දැනුම් දෙන්නැයි ද නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට දැනුම් දී තිබේ.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට පැවරෙන විෂයයන් අතර අන්තර්ජාතික හා ජාතික මට්ටමේ කාර්යභාරයන් රැසක්ද තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව හැකි සෑම අවස්ථාවකදීම තමන් සහභාගී වන මාධ්‍ය, පුවත්පත් සාකච්ඡාවලට සහභාගී වී ඒ අංශයෙන් අවශ්‍ය කරන දේශපාලන පන්නරය හා පුහුණුව ලබන ලෙසද රවි කරුණානායක මහතා සිය නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ සීමාසහිත පර්පෙචුවල් ටේ‍රසරීස් පෞද්ගලික සමාගමට හා ඊට අනුබද්ධිත සමාගම් දෙකක ගනුදෙනු සීමා කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් 2016 නොවැම්බර් 7 වැනිදා පැන වූ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා එම සමාගම ගොනුකර තිබූ පෙත්සම අභියාචනාධිකරණය ඊයේ (01) නිශ්ප්‍රභ කළේය. පෙත්සම් විභාග අවසන් වන තුරු මහ බැංකුවේ
 මූල්‍ය මණ්ඩලය විසින් නිකුත් කළ නියෝගය අවලංගු කරනා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනා ලෙසත් මූල්‍ය මණ්ඩලයේ නියෝගය අනුව පියවර ගැනීම වළක්වන ලෙසත් පෙත්සම්කාර සීමාසහිත පර්පෙචුවල් ටේ‍රසරීස් පෞද්ගලික සමාගම සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.
එම පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය හා එස්. තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා හා ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වය නියෝජනය කරමින් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේ පෙත්සම්කාර සමාගම් නිවැරදි ආකාරයෙන් සංස්ථාගත කර නොමැති බවයි. එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ගාස්තුවට යටත්ව එම පෙත්සම නිශ්ප්‍රභ කිරීමට නියෝග කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපතිවරයා හා නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනා, එහි මූල්‍ය මණ්ඩලය, නීතිපතිවරයා ඇතුළු 13 දෙනකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබුණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික ගනුදෙනුකරුවකු ලෙස කටයුතු කළ සිය සමාගමට හා අනුබද්ධිත සමාගමට පනවා ඇති එම සීමා නියෝග නිසා සිය සමාගම්වල කටයුතු කඩා වැටීමට ලක්වීමේ තර්ජනයට ලක් වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය මණ්ඩලයේ එම නියෝගය අසාධාරණ බවත් පෙත්සම්කාර සමාගම සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයට පෙන්වා දී තිබුණි. කෙසේ නමුත් වගඋත්තරකාර පාර්ශ්වය පෙත්සම්කාර සමාගම සම්බන්ධයෙන් දැක් වූ මූලික විරෝධතාව එනම් පෙත්සමෙ පවතින තාක්ෂණික දෝෂය අනුව එය තවදුරටත් පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවට නිගමනය කළ විනිසුරු මඩුල්ල එම පෙත්සම නිශ්ප්‍රභ කළේය.

නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

පසුගිය ගංවතුර සහ නායයාම්වලින් ආපදාවට පත්නොවූ ප්‍රදේශවල අමාත්‍යවරු ආපදාවට පත්වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරු වශයෙන් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇති අතර ඔවුහු අද (1) ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපි බාර ගත්හ.

ආපදාවට පත්වූ ආසනවල ජනතාවට සහන සැලසීමට සහ ඔවුන්ගේ ජන ජීවිතය යථාතත්වයට පත්කිරීම පිළිබඳ ගෙනයන වැඩපිළිවෙළේ සියලූ සම්බන්ධීකරණ කටයුතු සොයා බැලීම මෙම නව සංවිධායකවරුන්ට පැවරේ.

කළුතර දිස්ත්‍රීක්කය : -

බුලත්සිංහල ආසනය - නිමල් සිරිපාල ද සිල්වා මහතා

අගලවත්ත ආසනය - එස්.බී. දිසානායක මහතා

බණ්ඩාරගම ආසනය - පාඨලී චම්පික රණවක මහතා

මතුගම ආසනය - ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

හොරණ ආසනය - සරත් අමුණුගම මහතා

කළුතර ආසනය - රවුෆ් හකීම් මහතා

අර්ජුන රණතුංග මහතා

මාතර දිස්ත්‍රීක්කය : -

අකුරැස්ස ආසනය - අනුර ප්‍රිදර්ශන යාපා මහතා

දෙනියාය ආසනය - අකිල විරාජ් කාරියවසම් මහතා

මාතර ආසනය - රවී කරුණානායක මහතා

වැලිගම ආසනය - රංජිත් සියඹලාපිටිය මහතා

හක්මන ආසනය - විජිත් විජයමුණි සොයිසා මහතා

ගාල්ල දිස්ත්‍රික්කය : -

හිනිදුම ආසනය - දුමින්ද දිසානායක මහතා

බද්දේගම ආසනය - පී. හැරිසන් මහතා

බෙන්තර-ඇල්පිටිය - විජයදාස රාජපක්ෂ මහතා

රත්නපුර දිස්ත්‍රික්කය : -

කලවාන ආසනය - සුසිල් ප්‍රේමජයන්ත මහතා

රත්නපුර ආසනය - රිෂාඞ් බද්යුදීන් මහතා

ඇහැලියගොඩ - එස්.බී. නාවින්න මහතා

පැල්මඩුල්ල ආසනය - ගාමිණි ජයවිකර හතම පෙරේරා මහතා

නිවිතිගල ආසනය - නවීන් දිසානායක මහතා

හම්බන්තොට දිස්ත්‍රික්කය :-

ෆයිසර් මුස්තාෆා මහතා

හරීන් ප්‍රනාන්දු මහතා

කෑගල්ල දිස්ත්‍රීක්කය : -

දයා ගමගේ මහතා

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා

මේ අතර මේ වනවිට කැලණි ගඟ ආශ‍්‍රිත ගංවතුර තත්ත්වය මුළුමනින් පහව ගොස් ගංවතුර අවදානමට ලක් වූ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බවත් නිල්වලා ගඟේ ගංවතුර මට්ටම ද මුළුමනින්ම පහව ගොස් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කළුගඟ ආශ‍්‍රිත රත්නපුර, මිල්ලන්කඩ සහ ඇල්ලගාව ජලමාපකයන් හි  සහ කළුගඟ ආශ‍්‍රිත බද්දේගම ජල මාපකයෙහි සුළු ගංවතුර තත්ත්වයක් පෙන්නුම් කරන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටී.

නමුදු මෙම ගංවතුර ආපදාවෙන් විශාල වශයෙන් දේපළ අහිමි වූවන්ට තවමත් සුපුරුදු ජීවන රටාවන් අහිමි වී ඇති බවත් ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම පිණිස රජයේත් සෙසු ආයතනවලත් පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාර අවශ්‍ය බවත් අප ප‍්‍රාදේශීය මාධ්‍යවේදීහු දන්වා සිටිති.

දමයන්ති ගමගේ

2003 වර්ෂයෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ගංවතුර තත්ත්වය හමුවේ රටවල් 3 කට අයත් නෞකා 7 ක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ අනුව අසල්වාසී රාජ්‍යයන් වන ඉන්දියාව සහ පාකිස්තානයත්, ඊට අමතරව චීනය යන රටවල් වලට අයත් නාවික නෞකාවන් මෙරටට සහන සැළසීම සඳහා පැමිණ ඇත. මේවායින් ඇතැම් නෞකාවන් වෙනත් මෙහෙයුම් වල නිරත වෙමින් සිටියදී ශ්‍රී ලංකාව වෙත පැමිණීම සුවිශේෂී කරුණකි.

උද්ගත වූ ආපදා තත්ත්වය හමුවේ කඩිනම් ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු නාවික ‍හමුදාවට අයත් කර්ච්, ශර්දුල් සහ ජලෂ්වා යන නෞකාවන් පිළිවෙලින් මැයි 27, 28 සහ 30 යන දිනයන් හිදී කොළඹ වරායට සේන්දු විය. එම නෞකාවලින් පැමිණි වෛද්‍ය, ජීවිතාරක්ෂක සහ කිමිදුම් යන සහන කණ්ඩායම් ශ්‍රී ලංකා නාවික හමුදාව සමග ඒකාබද්ධ වෙමින් විපතට පත්වූ දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සහන සැළසීමේ කටයුතු වල නිරත විය. මීට අමතරව ගංවතුර පැවති ප්‍රදේශ වල සහන සැළසීමේ කටයුතු සඳහා කුඩා යාත්‍රා, වියළි සළාක, පානීය ජලය සහ ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් ද මෙම නෞකාවන් මගින් රැගෙනවිත් තිබිණි. මෙම නෞකා ත්‍රිත්වය අතරින් කර්ච් නෞකාව ඉන්දියානු දේශසීමා මුර සංචාරක කටයුතු වල නියැලෙමින් සිටියදී ශ්‍රී ලංකාවට ඇති වූ හදිසි ආපදා තත්ත්වය හමුවේ සහන සැලසීමේ අරමුණින් පැමිණ ඇත.

තවද, ශ්‍රී ලංකාවේ දිගු කාලීන මිතුරෙකු වන පාකිස්තානය ද පසුගිය මැයි මස 30 එරට නාවික හමුදාවට අයත් සුල්ෆිකර් නෞකාව අයහපත් කාලගුණයෙන් පීඩා විදි ජනතාවට සහන සැළසීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට එවන ලදී. මෙම නෞකාව මගින් වෛද්‍ය කණ්ඩායම් 3 ක්, වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල් සහ ඖෂධ ඇතුළු සහනාධාර රැසක් ද රැගෙන එන ලදී.

එමෙන්ම, මේ වන විට මහජන චීන සමූහාන්ඩුවට අයත් නාවික නෞකා 3 ක්ද ඊයේ (31) කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකාවට බලපෑ අවදානම් තත්ත්වය හමුවේ මෙම නෞකාවන් සුහද සංචාරයක් සඳහා පැමිණෙමින් සිටියදී විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා සහනාධාර නෞකාවන් ලෙස දිවයිනට පැමිණ ඇත. ඒ අනුව වෛද්‍ය කණ්ඩායම් පහක් (5) සහ ආපදා සහන කටයුතු සඳහා කුඩා යාත්‍රා 10 ක්ද සමගින් චීන නාවික නෞකා ‘චෑන් චුන්’,‘ජින් ශොව්’සහ ‘චාඕ හු’මෙසේ දිවයිනට සේන්දු විය.

තවද, ශ්‍රී ලංකා රජය විසින් ඕස්ට්‍රේලියානු රජයෙන් කළ ඉල්ලීමකට අනුව මුදවා ගැනීමේ සහ සෝදිසි කිරීමේ මෙහෙයුම් වේගවත් කිරීම සඳහා කුඩා යාත්‍රා, පිටත දහන යන්ත්‍ර සහ තවත් උපකරණ රාශියක් සැපයීමට ද කටයුතු කර තිබිණි.

මෙම හදිසි තත්ත්වය හමුවේ විදෙස් රටවල් ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම තුළින් ශ්‍රී ලංකාව අනෙකුත් රාජ්‍යයන් සමග පවත්නා බහුපාර්ශවීය සබඳතාවන්ගේ ශක්තිය මැනවින් පිළිබිඹු කරනු ලබයි. ශ්‍රී ලංකා නාවික හමුදාව ද විදෙස් නාවික හමුදාවන් සමග ශක්තිමත් සබඳතා පවත්වා ගැනීම තුළින් විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් මෙරටට අත්කර දීමට සමත්ව ඇත.

 

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 428

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 804

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 715

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 572

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5210

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3434

Please publish modules in offcanvas position.