Coss Ear2
lakbima.lk
COSS Ear 1

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම සඳහා අතිරේක දින 2 ක් ලෙස ලබන 1 හා 2 යන දෙදින ලබාදීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
ඒ අනුව ඉකුත් 25 හා 26 තැපැල් ඡන්ද භාවිත නොකළ අයට සියලු දිස්ත්‍රික්කයන්හි ඒ ඒ දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලවලදී මෙම දින 2 තුළ තැපැල් ඡන්දය භාවිත කළ හැකි වේ. මේ අතර ඉකුත් 22 දා පැවැති තැපැල් ඡන්ද විමසීමේදී තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ ‍පොලිස් නිලධාරීන්ට ලබන මස 1 දා පමණක් ඒ සඳහා අවස්ථාව හිමිවේ.
මෙවර තැපැල් ඡන්ද භාවිතය සඳහා 5,60,000 කට අධික සංඛ්‍යාවක් සුදුසුකම් ලබා සිටි අතර ඉකුත් දින 3 තුළ ඉන් 4,50,000 කට අධික පිරිසක් තැපැල් ඡන්දය භාවිත කර තිබූ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
මේ අතර තමන් තැපැල් ඡන්දය භාවිත කරන ආකාරය ඡායාරූප ගත කර ඒවා සමාජ ජාල තුළ ප්‍රචාරය කිරීමේ සිදුවීම් 45 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වූ බවද ඒ මහතා කීය. එවැනි නීතිවිරෝධී ක්‍රියාවල නිරත වූ සිවු දෙනකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණ සිදුවනු ඇතැයිද ඒ මහතා කීය.
 
ගයාත්‍රි ගීගනආරච්චි

වැල්ලවාය - තණමල්විල මාර්ගයේ හෙළුල්ල ප්‍රදේශයේදී ඊයේ (27) උදේ මෝටර් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් මෝටර් රථයේ සිටි සිවු දෙනකු මියගොස් තවත් පස්දෙනෙක් තුවාල ලබා ඇතැයි කුඩාඔය ‍පොලීසිය පවසයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ කිරම පහළවත්ත පදිංචි එම්. ආර්. චමින්ද (38), කිරම යද්දෙහිගොඩ පදිංචි ජී. ඒ. අනුරාධ ගජවීර (44), කිරම පහළවත්ත සඳසිරිගම පදිංචි දේශාන් වීරසේකර (39), ගාල්ල හේමානන්ද 4 කණුව අසල පදිංචිව සිටි එච්. දිලීප් රන්ජිත් පෙරේරා (35) යන මෝටර් රථයේ සිටි සිවු දෙනෙකි.
මෝටර් රථයේ සිටි ගාල්ල බෝපේ පදිංචි රමේශ් ක්‍රිෂ්ණ වර්ණවීර (34) කිරම පහළවත්ත කඳසිරිපුර පදිංචි එන්. එම්. සුරංග යන දෙදෙනා බරපතළ ලෙස තුවාල ලබා හම්බන්තොට රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටිති. බස් රථයේ සිටි කාන්තාවන් තිදෙනකුද සුළු තුවාල ලබා ඇත.
තණමල්විල දෙස සිට වැල්ලවායට ධාවනය වෙමින් තිබූ මෝටර් රථය වේගය පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිණි වැල්ලවාය ඩි‍පෝවට අයත් බස් රථයේ මුහුණත ගැටී ඇති බව පරීක්ෂණයේදී හෙළිවී තිබේ.
තුවාල ලැබූවන් තණමල්විල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තිදෙනකු මියගොස් තිබෙන අතර වැඩිදුර ප්‍රතිකාර ලැබිම සඳහා හම්බන්තොට මහ රෝහලට යැවූ තිදෙනාගෙන් එක් අයකු එහිදී මියගොස් ඇත.
මෝටර් රථයේ ගමන් කළ හයදෙනා බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඥාති නිවසකට යමින් සිටි අය වේ. මියගිය සිවුදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (28) හම්බන්තොට මහ රෝහ‍ලේදී පැවැත්විණි. බස් රථයේ රියැදුරු ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තණමල්විල සහකාර ‍පොලිස් අධිකාරී ඩී. යූ. ජී. අමරතුංග මහතාගේ උපදෙස් පිට කුඩාඔය ‍පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දිසානායක මහතා පරීක්ෂණ පවත්වයි.
 
නඳුන් ගුණතිලක - බිබිල/ සේන මැද්දේ‍පොළ - මොනරාගල

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවන් මඟින් ඊ‍යේ (27) ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිය ධීවර යාත්‍රාවේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් 3 දෙනෙකු බේරා ගැනීමට සමත් විය.

දිලීකා නමැති මෙම ධීවර යාත්‍රාව පසුගිය ජනවාරි මස 24 වන දින ගුරුනගර් ජැටියෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ‍ගොස් ඇති අතර, නයනතිව් මුහුදු ප්‍රදේශයේදී එම යාත්‍රාවේ එන්ජිමේ හටගත් දෝෂයක් හේතුවෙන් ඔවුන් මෙසේ අනතුරට ලක් වී ඇත. මෙම අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලද විගස උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක මුර යාත්‍රා 2 ක් එම ධීවරයින් සහ යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා යෙදවීමට කටයුතු කෙරිණි. ඒ අනුව, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ අන්තර්ජාතික මුහුදු සීමාව ආසන්නයේ පාවෙමින් තිබියදී ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම IIමඟින් ඔවුන් සොයා ගැනීමට සමත් විය.

ඉන් අනතුරුව නාවික යාත්‍රා මඟින් එම ධීවරයින් සහිත යාත්‍රාව ආරක්ෂාකාරී ලෙස ඩෙල්ෆ්ට් දූපත වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී. නිරුපද්‍රිත ලෙස රැගෙන එනු ලැබූ ධීවරයින් තිදෙනා ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු යොදන ලදී.  

අනුරාධපුර පූජා නගරයේ පැරණි කෝවිලක කාලි දේව ප්‍රතිමාවේ නේත්‍රා යුවල කිසිවෙකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

වසර 100කට වඩා පැරණි මෙම කෝවිල හාස්කම් වලින් යුතු එකක් යැයි ප්‍රදේශවාසීන් අතර විශ්වාසයක් පවතී.

කෙසේ හෝ මෙම පැහරගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.

එස්.ටී.පී.සිල්වා 

කැකිරාව රෝහල ආසන්නයේ මහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය 'පෙති පාටි' නමින් හඳුන්වන සුහද හමුවක් වැටලූ උතුරුමැද සුරාබදු කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු බීර බෝතල් 68ක් සහ මත් පෙති 30ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සුහද හමුවේදී බීර බෝතලයක් රුපියල් පන්සීයකටද මත් පෙත්තක් රුපියල් තුන්දහස් අටසියයකටද අලෙවි කරන ලද බව හෙළිවී තිබේ.

මෙම මත් පෙති පාවිච්චි කළ පසුව රැගුම්පෑමේදී සහ ලිංගික කාර්යයේදී වෙහෙසක් නොදැනෙන බව පැවසෙන අතර මේවා සමාජශාලා පෙති (club pill) සාද පෙති (party pill) ලෙස හඳුන්වන අතර උත්තේජක ඖෂධ (stimulant)  යනුවෙන් හැදින්වෙන මෙම ඖෂධ වලට පුද්ගලයන් ඇබ්බැහිවන බවත් අවසානයේ ඒවාට ඇබ්බැහි වන්නවුන් විවිධ රෝගාබාධ වලට ලක්ව අකාලයේ මිය යන බවත් ප්‍රකාශ කරන වෛද්‍යවරු රෝගීන් සඳහා වෛද්‍ය නිර්දේශ මත ඉතා සීමිත ලෙස නිකුත් කරනු  ලබන මෙම ඖෂධ තරුණ පරපුර අතර ප්‍රචලිත කිරීමේ සංවිධානාත්මක වැඩ පිළිවෙලක් ඇති බව දිවයිනේ ස්ථාන ගනණාවක පැවැත්වූ මෙවැනි සාද වලින් අනාවරණයවී ඇත.

සුරා බදු නිලධාරීන් මෙම ස්ථානය වටලන විට නවීන ඇඳුම් විලාසිතා වලින් සැරසුණු තරුණ තරුණියන් විශාල පිරිසක් මීට එක්ව සිටි බවත් සමාජ ජාල වෙඩි අඩවියක් මගින් මෙහි සංවිධාන කටයුතු කරන ලද බවත් පැවසෙයි.

සැකකරුවන් තිදෙනා අද කැකිරාව මහේස්ත්‍රාත්වරයා හමුවට පත්කිරීමට නියමිතව තිබිණ.

එස්.ටී.පී.සිල්වා

උඩුදුම්බර ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී කැණීමක් සිදුකරමින් සිටි පුද්ගලයන් අට දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

නිධානයක් ගැනීම සඳහා කිසියම් පිරිසක් උත්සාහ කරන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට ඇත.

නිදන් හෑරීම පිණිස යොදා ගත් උපකරණ සහ පූජා භාණ්ඩද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරුවන් උඩුදුම්බර නව කුරුදුවත්ත, පුස්සැල්ලාව, පේරාදෙණිය, සූරියවැව සහ දෙවුන්දර යන පදිංචි කරුවන් යැයි පොලීසිය කියයි.

එස්.ටී.පී.සිල්වා

වැල්ලවත්ත කෝකිලාපුර ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදී සිටි කොළඹ මහනගර සභා අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය වැටීමක් නිසා හටගත් පාදයේ ආබාධයකින් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.

ඇගේ පාදයේ අබාධය ඉක්මනින් සුවපත්වනු ඇතැයි වෛද්‍යවරු කීහ.

 

සිම්බාබ්වේසහ බංගලාදේශය සමග පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ බංගලාදේශය සමග පැවති අවසන් මහා තරගයෙන් ලකුණු 79 ක විශිෂ්ඨ ජයක් ලබා ගනිමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (27) හැකිවිය.

ඒ සමඟම සිම්බාබ්වේසහ බංගලාදේශය සමග පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් ශූරතාව දිනාගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

අවසන් තරඟයේ කාසියා වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50තුළ සියළුදෙනා දැවී ලකුණු 221ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස බංගලාදේශයට ලබාගැනීමට හැකිවූයේ පන්දුවාර 41.1 ක්තුළ සියළුදෙනා දැවී ලකුණු 142ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උපුල්තරංග ලකුණු 56 ක් ද නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 45 ක් සහ නිරෝෂන්දික්වැල්ල ලකුණු 42 ක් ද ලබා ගත්හ.  පන්දු යැවීමේදී බංගලාදේශය වෙනුවෙන් රූබල්හුසේන් කඩුලු 4 ක් බිඳහෙළීය.

පන්දු යැවීමේදී අකිල ධනංජය සහ දුෂ්මන්තචමීර කඩුලු 2බැගින් බිඳහෙළු අතර සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගිවූ ශෙහාන් මධුශංක කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීම විශේෂ සිද්ධියක් විය.

මේ අනුව ක්‍රිකට් විචාරකයන් පවසනුයේ මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් නව ඇරුණැල්ලක් සටහන් කරන සිද්ධියක් බවය.

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා අද අළුයම මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතරව සිටි ඒ මහතා මිය යන විට වයස අවුරුදු හැත්තෑහතරකි.

1974 අහස්ගව්ව චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණය ඇරඹූ ඒ මහතා ඉන් පසු බඹරු ඇවිත්, පාර දිගේ, එයා දැන් ලොකු ළමයෙක්, සොල්දාදු උන්නැහේ ඇතුළු විශිෂ්ට සිනමා කෘති රැසක් අධ්‍යක්ෂණය කොට ඇත.

වෘත්තියෙන් විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙකු වූ ඒ මහතා සිවිල් මතධාරියෙක් සහ සමාජ ක්‍රියාධරයෙක් ලෙසද මහත් ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

මේ වන විට මහනුවර පෞද්ගලික මල් ශාලාවක දේහය තැන්පත් කොට ඇති අතර ඔහුගේ ඉල්ලීම පරිදි අවසන් කටයුතු අද සවස 4.00ට මහයියාව පොදු සුසාන භූමියේ සිදු කෙරෙන බව පවුලේ ඥාතීහු කියති.

එස්.ටී.පී.සිල්වා

දුම්රිය රියැදුරන් සහ නියාමක වරුන් පවසන පරිදි චිනයෙන් ගෙන්වන ලද මැදිරිවල තිරිංග ක්‍රියාකාරිත්වයේ විශේෂ දෝෂයක් හඳුනා ගැනීමට නොහැකි වු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ කෙසේ හෝ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පැවත්වීම පිණිස දුම්රිය ධාවන බල උප දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් යුත් විශේෂ කණ්ඩායමක් පත් කිරිමටද නියමිතය.

මෙම චින මැදිරිවල තිරිංග ක්‍රියාකාරිත්වය පිළිබඳව විමසා බැලීම පිණිස පසුගියදා නිලධාරීන්ගේ කණ්ඩායමකින් සමන්විත විශේෂ දුම්රියක් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා ධාවනය කරන ලද අතර ඒ සම්බන්ධ තාක්ෂණික වාර්තාව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු සහ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු වෙත බාර දී ඇති බව ද සඳහන්ය.

එම වාර්තාව මගින් එම මැදිරිවල ඇතැයි පැවසෙන එවන් දෝෂයක් පිළිබඳව කිසිදු සාධකයක් ඉදිරිපත් කර නැතැයි ද පැවසෙයි.

ඒ කෙසේ හෝ වසර දහයක් තිස්සේ දුර සේවා ගමන් සඳහා යොදන ලදුව විවිධ වේග තත්වයන් යටතේ ධාවන කරන ලද මෙම මැදිරි වල ඇති එවන් තිරිංග දෝෂ තත්වක් එක්වරම ඉස්මතු කර ඒවායෙන් සේවයෙන් ඉවත් වීම රියැදුරන් සහ නියාමකවරුන් වෙන යම් අරමුණක් මුල් කොට සිදු කරන ලද්දක් දැයි යන සැකය මේ වන විට බොහෝ දෙනෙකු තුළ පහළ වි තිබේ.

සහන් සංකල්ප සිල්වා

පෙර පුවත් 

දුම්රිය රියදුරන් 'චින පෙට්ටි' වලට අකමැති ඇයි?

තිරිග දොස් ඇතැයි කියන දුම්රිය මැදිරි පැ.කි.මී.100 වේගෙන් දුවලා

චීන මැදිරි දුම්රිය 4ක් අදත් අවලංගු කෙරේ

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සියලුම පක්ෂ නායකයන් හා ‍ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක්  ලබන සදුදා (29) පෙරවරු 10.00 ට ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.මෙම සාකච්ඡාව සඳහා මේ වන විට සියලුම දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇති බව ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද සහභාගි වීමට නියමිතය. බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එය රවි කරුණානායක  අතට පත් වූයේ කෙසේද යන්න පිළිබඳ දැන ගැනීමට  ජනාධිපති ‍ලේකම්වරයා කැඳවන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු ඉල්ලීමක් කර තිබිණි.
ජනාධිපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු  මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතව ඇත්තේ ඒ අනුවය.

කමණී හෙට්ටිආරච්චි

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1233

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 705

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4099

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2353

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4385

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5543

Please publish modules in offcanvas position.