Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජනප්‍රිය නිළි, පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට තවදුරටත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) තීන්දු කොට ඇත.

ගීතා කුමාරසිංහ මහත්මිය  ශ්‍රී ලංකාවේ සහ ස්විස්ටර්ලන්තයේ පුරවැසි භාවය හිමි අයෙකු බැවින් ඇගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කරමින් 2015 වසරේ මාර්තු මාසයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් සිව්දෙනෙකු විසින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කරන ලදී. අභියාචනාධිකරණය විසින් එම අභියාචනය විභාගකර නියෝග කරන ලද්දේ කුමාරසිංහ මහත්මියට මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකි බවය. එහෙත් ඉන් අනතුරුව ඇය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කොට තිබූ අතර අද (02)  නිකුත් කළ තීන්දුව මඟින් තහවුරු කොට ඇත. ඒ අනුව ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිතය.

 

එස්.ටී.පී සිල්වා

දැනට වෙළඳපොළේ පවත්නා ලොකු ළූණු සහ අර්තාපල් මිල පහළ දැමීම සම්බන්ධයෙන් ජීවන වියදම් කමිටු සාමාජික අමාත්‍ය මහින්ද සමරවීර මහතාගේ අවධානය යොමුව ඇත.

ඊයේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වූ ජීවන වියදම් කමිටුව අර්තාපල් සහ ලොකු ළූණු මිල අඩුකළ හැකි බවට නිගමනය කොට ඇත.

ඒ අනුව අර්තාපල් සහ ලොකු ළූණු සම්බන්ධ මෙම මිල සහනය ජනතාවට ලබා දීම පිණිස කඩිනම් උපාය මාර්ග ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

ඊ.ජේ.රේණුකා

 

සුනාමි ව්‍යසනය පිළිබඳ මුහුද අවට ජනතාව දැනුවත් කිරීමේ පෙරහුරුවක් නොවැම්බර් 05 වෙනිදා පස්වරු 02.00 ට පැවැත්වෙන හෙයින් ඒ පිළිබඳව විදේශීය සංචාරකයන් ද දැනුවත් කරන ලෙස සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන් සහ ආයතන වලින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා ඇත.

සුනාමි අනතුරු සංඥා කුළුණු 77 ක් ආශ්‍රිතව මෙම අනතුරු ඇඟවීම පිළිබඳව මහජනතාව දැනුවත් කරන බව කළුතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනල් කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පවසයි.

එස්.ටී.පී සිල්වා

ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවට නිගමනය කර තමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බවට අභියාචනාධිකරණය විසින් නිකුත් කළ තීන්දුවට එරෙහිව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි  ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ගොනු කළ අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් තින්දුව අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කිරීමට නියමිතය. 
පසුගිය මැයි 3 වැනිදා අභියාචනාධිකරණය විසින් ලබාදුන් එම තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ගොනුකර තිබූ පෙත්සමේ විභාගය අගවිනිසුරුවරයා ප්‍රමුඛව පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදී විභාගයට ගත් අතර සිසිර ද අබෘෘ , අනිිල් ගුණරත්න හා විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඒ සම්බන්ධයෙන් තීන්දුව ලබාදීමට නියමිතය.
 
නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ යෝජනාවලට ආණ්ඩුව එකඟතාවය පළ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ඊයේ (01) පැවති ව්‍යවස්ථාදායක සභාවේදී පැවසීය.
ජනතා එකඟත්වයකින් තොරව බලහත්කාරයෙන් උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතුරු කමිටු වාර්තාව විවාදය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව රැස්විණි. මෙම අතුරු වාර්තාවට ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා එකින් එක ගෙන හැර දැක්වූ අගමැතිවරයා එකී යෝජනාවලට ආණ්ඩුව එකඟ බව ප්‍රකාශ කළේය.
ඒකීයභාවය, පරමාධිපත්‍ය බලය, බුද්ධාගමට තිබෙන ස්ථානය හා පළාත් ඒකාබද්ධ කිරීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනාවලට ආණ්ඩුව එකඟ බව කී අග්‍රාමාත්‍යවරයා ඊට ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ එකඟ බව කීවේය.
ඒ නිසා මෙම ව්‍යවස්ථා සංශෝධනයට ඒකාබද්ධ විපක්ෂයට විරුද්ධ වීමට කිසිදු හේතුවක් නැතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
 
පැතුම් වික්‍රමරත්න / ප්‍රසාදිකා ජයවර්ධන

බුදු දහමේ හා ශාසනයේ ඉදිරි පැවැත්ම මෙන්ම අභිවෘද්ධියට අදින් (02) ආරම්භ වන සත්වැනි බෞද්ධ සමුළුව හේතුවන බව නියෝජ්‍ය කථානායක සහ සත්වැනි බෞද්ධ සමුළු සංවිධාන කමිටු සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ (01) පැවැසීය. 
සත්වැනි බෞද්ධ සමුළුව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරිම සඳහා අරලියගහ මන්දිරයේදී ඊයේ (01) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී තිලංග සුමතිපාල මහතා මේ බව පැවැසීය. 
බුදුදහම තුළින් ලෝක සාමය යන මේවාට පදනම්කරගෙන ආරම්භ වන බෞද්ධ සමුළුව එළඹෙන 7 වැනිදා තෙක් පැවැත්වේ. 
අරලියගහ මන්දිරය කේන්ද්‍රකර ගනිමින් මෙහි ප්‍රධාන උත්සවය හා සැසිවාර පැවැත්වෙන අතර අනතුරුව සමුළුවට සහභාගිවන නියෝජිතයන් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ සහ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳපුදාගැනීමටද නියමිතය. 
සමුළුවේ ප්‍රධාන සැසිවාරයන් එළඹෙන 54, නිමාවන අතර එදින පස්වරුවේ සමුළුවේ පිළිබඳව කොළඹ ප්‍රකාශණයක් එළි දැක්වීමට ද නියමිතය. අතරතුර එදින පස්වරුවේ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී විශේෂ සංස්කෘතික උත්සවයක්ද පැවැත්වීමට නියමිතය. 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව මෙම ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ සත්වන සමුළුව ලංකාවේදී පැවැත්වීමට අවශ්‍ය සත්කාරකත්වය අපට ලබා දීමට ලැබුණේ මෙය ශ්‍රී ලංකාවට හිමිවූ මහඟු අවස්තාවක් බවද නියෝජ්‍ය කථානායකවරයා පැවැසීය. 
ලෝකයේ විවිධ රටවල් බුදු දහම අදහන ආකාරය ඔවුන්ගේ සංස්කෘතීන් හා සමාජ පරිසරය්නට අනුව වෙනස් වෙනවා හමුවේ මේ සියලුදෙනා අදහන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මයයි. ඒ නිසා එම ධර්මයට අනුව බුදුදහම අදහන සියලු රටවල් අතුර එකඟතාවයක් මෙන්ම සම්බන්ධතාවක් ඇතිකිරීමටද මෙම මහා සමුළුව හේතුවන බව තිලංග සුමතිපාල මහතා පැවැසීය. 
“අස්ගිරි මල්වතු ඇතුළු අනිකුත් සියලු නිකායන්වල මහනායක මාහිමාපණන් වහන්සේලා මම සමුළුවට වැඩම කරනවා. ඒ වගේම ලෝකයේ රටවල් 47ක බෞද්ධ නායකයන් මේ සඳහා සහභගි වෙනවා. ඒ තුළින් බුදු දහමට වර්තමානයේ ඇති වී තිබෙන අභියෝග ජයගැනීමටද හේතුවන අකාරයේ තීන්දු තීරණ ගැනීමටත් මෙම සමුළුව හේතුවනු ඇති බව තමා විශ්මයකරණ බවද” සුමතිපාල මහතා පැවැසීය. 
ජාත්‍යන්තර බෞද්ධ  සමුළුවේ මහා ‍ලේකම් සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක වේරගොඩ නාරද නාහිමියන් ඇතුළු සත්වැනි බෞද්ධ සමුළුවේ නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.  
 
පානුක රාජපක්ෂ

නගරවල විවිධ ස්ථානවල රථවාහන නවතා තැබූ විට, එම වාහනවල එක්තරා කණ්ඩායමක පණිවුඩයක් ඇතුළත් ස්ටිකරයක් අනවසරයෙන් අලවන බවට තොරතුරු ලැබි ඇති බැවින් එම සංවිධානයට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.
“නව ව්‍යවස්ථාව එපා” යනුවෙන් සඳහන් මෙම ස්ටිකර් කොළඹ නගරයේ හා තදාසන්න නගරවල නවතා තබන වාහනවල අලවන බවට පැමිණිලි රාශියක් ලැබි ඇති අතර එම පැමිණිලි සළකා බැලීමෙන් පසුව අමාත්‍යාංශය විසින් මෙම උපදෙස් ලබා දී ඇත.
ප්‍රසිද්ධ රථගාල් හි නවතා තබන වාහනවල සහ මාර්ගය දෙපස නවතා තබන වාහනවල මෙන්ම සුපිරි වෙළෙඳසල් හි රථගාල්වල නවතා තබන වාහනවල මෙලෙස ස්ටිකරයක් අලවන බවට තොරතුරු ලැබි ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.
යතුරු පැදිවලින් පැමිණෙන පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් ඉතා සුළු කාලයක් ඇතුළත,  නවතා තිබෙන රථවාහනවල මෙම ස්ටිකරය අලවා පිටව යන බව එම පැමිණිලිවල දක්වා ඇත. මේ සියලු පැමිණිලි සැලකිල්ලට ගනිමින් “නව ව්‍යවස්ථාව එපා” ස්ටිකරය අලවන අයට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය ‍පොලිසියට උපදෙස් දී තිබේ.
 
ලසන්ත වීරකුලසූරිය/ගයාත්‍රි ගීගනආරච්චි

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ ප්‍රතිපත්තිය වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරද්දි විධායක ජනාධිපතිධුරය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මෙම ඇමැතිවරු දෙදෙනා එකම ස්ථානයක සිට පරස්පර අදහස් පැවැසුවේ විධායක ජනාධිපතිධුරය ඉවත්කිරීම පිළිබඳව මාධ්‍ය යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1994 වසරේදී බලයට පැමිණෙද්දී විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට ජනතාවට ‍පොරොන්දු දුන් බව රාජිත සේනාරත්න මහතා කීවේය. එක්සත් ජාතික පක්ෂය හැරුණාම මේ රටේ සියලුම දේශපාලන පක්ෂ විධායක ජනාධිපතිධුරයට එරෙහිව 1978 සිට සටන් වැදුණු බවද ඔහු පැවැසීය. තමාද එම සටන්වල සිටි බව ඔහු කීවේය. වත්මන් විධායක ජනාධිපතිතුමාට තමා සියලුදෙනාට වඩා ආදරය කරන නමුත් අපේ ජනාධිපතිතුමා කිය කියා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ගොඩනැගූ ප්‍රතිපත්ති වෙනස් කළ නොහැකි බවද ඔහු පැවැසීය.
කෙසේ වෙතත් මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාවට තම පක්ෂය ඉදිරිපත් කර ඇති අදහස වන්නේ මධ්‍යම රජයට බලය තබාගැනීම සඳහා විධායක ජනාධිපතිධුරය වෙනස් නොවිය යුතු බවයි. කෙසේ නමුත් නව ව්‍යවස්ථාවේ අවසන් වාර්තාව සකස් කරන විට එම අදහස් වෙනස් විය හැකි නමුත් විධායක ජනාධිපතිධුරය අහෝසි කර විධායක අගමැතිවරයකු පත්කිරීමට කිසිසේත් එකඟ නොවන බවද දයාසිරි ජයසේකර මහතා පැවැසීය. 
 
පානුක රාජපක්ෂ

සයිටම් ගැටලුවට අදාළව රජය ලබා දුන් විසදුම සාධනීය හා සුබවාදී විසඳුමක් ලෙස පිළිගත් හැකි බවට රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරු එකඟතාව පළකර තිබේ. 
එම යෝජනා මාලාව පිළිබඳව දීර්ඝ ලෙස අධ්‍යනය කිරීමෙන් අනතුරුව එම එකඟතාව පළකරන තිබේ. 
එම යෝජනා මාලාව පිළිබඳව දීර්ඝ ලෙස අධ්‍යනය කිරීමෙන් අනතුරුව එම එකඟතාව පළකරන බව උපකුලපතිවරු විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් කර ඇත. ඒ අනුව රජයේ විශ්වවිද්‍යාලවල සියලු වෛද්‍ය සිසුන්ට සිය අධ්‍යාපනික සහ සායනික පුහුණු කටයුතු කරගෙන යාම සඳහා සුබවාදී තත්ත්වයක් ගොඩනැගී ඇති බැවින් වහාම සිය අධ්‍යනය කටයුතුවල නිරත වන ලෙස අවධාරණය කරන බව ද එහි සඳහන් කර ඇත. 
පසුගිය මාස ගණනවක් තුළ රජයේ වෛද්‍ය පීඨවල සියලුම අධ්‍යනය කටයුතුවලට සිසුන් සහභාගි නොවීම නිසා රටේ සෞඛ්‍ය කේෂ්ත්‍රයට වූ අයහපත් බලපෑම මෙන්ම වෛද්‍ය සිසුන්ගේ අනාගතය සම්බන්ධයෙන් මතු වී ඇති අවිනිශ්චිතතාවන් දැඩිව සළකා බැලීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කිරීමට උපකුලපතිවරුන්ගේ කමිටුව තීරණය කළ බව ද එහි දක්වා තිබේ.
 
ගයාත්‍රි ගීගනආරච්චි 

රුපියල් කෝටි තුනක් පමණ වටිනා හෙරොයින් කිලෝ 2 ග්‍රෑම් 766 ක් සමග පාකිස්තානු යුවළක් ගුවන්තොටු‍පොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ඊයේ (01) අලුයම කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 54 වියේ හා වයස අවුරුදු 30 පසුවන පාකිස්තානු ජාතික යුවළකි. මෙම යුවළ මීට පෙර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිය ගමන් බෑගයේ ව්‍යාජ ලෙස සකස් කළ පතුළක් තුළ සුක්ෂමව හෙරොයින් අසුරා රැගෙන පාකිස්තානයේ, ලාහෝර් සිට පැමිණි මොවුන් ඊයේ අලුයම 4.40ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටු‍පොළේ පැමිණීමේ පර්යන්තයේදී ගුවන්තොටු‍පොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු හා සැකකාරිය ඊයේ දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා දින 7ක රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබේ.
 
ශානිකා මාධවී පීරිස් 
ඡායාරූපය - නිමල්සිරි එදිරිසිංහ

මිහින් ලංකා ගුවන් සමාගමේ ගුවන් බලපත්‍රය කටාර් රාජ්‍යයේ ගුවන් සමාගමකට පැවැරීමට රජය කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (01) පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පැවැසීය.
මිහින් ලංකා ගුවන් සමාගමේ ගුවන් බලපත්‍රය දැනට විවෘතව පවතින බවත් තමාද සහභාගි වූ ජනාධිපතිවරයාගේ කටාර් සංචාරයේදී මේ පිළිබඳව එරට ගුවන් සමාගමක් සමග කතා කළ බවත් රාජිත සේනාරත්න මහතා කීය.
ඉන්පසු කටාර් රාජ්‍යයේ නියෝජිත පිරිසක් පසුගිය දිනවල දිවයිනට පැමිණි බව පැවැසූ ඇමැතිවරයා ඔවුන් සමග මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බවද පැවැසීය. එම නියෝජිත පිරිස නැවත සති දෙකකින් මේ පිළිබඳව කතා කිරීමට ලංකාවට පැමිණීමට නියමිත බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය.
මිහින් ලංකා ගුවන් සමාගම පාඩු ලැබිමට බලපෑ හේතු සෙවීම පිළිබඳව ජනාධිපති කොමිසමක් පත් කිරීම පිළිබඳවද කැබිනට් මණ්ඩලයේදී තීන්දු කළ බව ද රාජිත සේනාරත්න මහතා කීවේය.
මිහින් ලංකා ගුවන් සමාගමේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩලය හැටියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හ සජින් ද වාස් ගුණවර්ධන මහතා කටයුතු කර ඇති බවද මොවුන් තිදෙනාව ගුවන් යානයක නට් තද කිරීමටවත් දැනුමක් නැති පුද්ගලයන් නිසා මිහින්ලංකා සමාගම පාඩු ලැබිම පුදුමයක් නොවන බවත් රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.
 
පානුක රාජපක්ෂ
IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 2983

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 1813

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1394

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3544

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 5984

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 5250

Please publish modules in offcanvas position.