Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු, සිනමා විචාරකයකු සහ ගත්කතුවරයකු වන සුනිල් මිහුඳුකුල මහතා අද (30) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී අභාවප්‍රාප්ත විය.

වසර 39 ක  ලේඛන කලා ඉතිහාසයක් ඇති මිහිඳුකුල මහතා කලක් සරසවිය පුවත්පතේ ප්‍රධාන කතෘ ලෙස සහ සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයේ සංස්කාරකවරයා ලෙස කටයුතු කර තිබේ.

සිනමාව ඇතුළු කලා ක්‍ෂේත්‍රය සම්බන්ධ පර්යේෂණාත්මක ග්‍රන්ථ රාශියක් රචනා කොට ඇති මිහිඳුකුල මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජුනි මස (01) බ්‍රහස්පතින්දා පන්නිපිටිය රුක්මලේ පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.{jcomments on}

ඇමැතිවරුන් හා අමාත්‍යාංශ සඳහා නව  රථ වාහන ගෙන්වීම නතර කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30)උදෑසන ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු කැබිනට් රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.

 

 

 

 

දැනට පවත්නා අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හෙට සිට ජූනි 02 සිකුරාදා තෙක් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික වල පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

 

කැලණි ග‍ඟේ ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවින් කැලණි ගඟ ආශ්‍රිත අගනුවර හා තදාසන්න ප්‍රදේශ වල ගංවතුර තත්ත්වය තාවකාලිකව පහව ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටී.

අද (29) පස්වරු 12.30 ට ලබා ගත් ජල මාපක දත්තයන් අනුව කැලණි ග‍ඟේ සුළු ගංවතුර තත්ත්වයක් හෝ වාර්තා නොවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටී.

මේ අතර රත්නපුර, දොඩංගොඩ ඇතුළු කළු ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකත් ගිං ගඟ ආශ්‍රිත බද්දේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකත්, නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකත් තවමත් ගංවතුර තත්ත්වයක් පවතින අතර ඒවා ද බැස යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ හෝ මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනුයේ ඉදිරි පැය 24 තුළ ශ්‍රී ලංකාව වෙත එල්ලවන වැසි තත්ත්වයන් අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ ඇතුළු තවත් ප්‍රදේශ වලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවය.

ඉදිරි කාලය තුළ එම ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 75 ට වැඩි වර්ෂාපතනයක් සහ පැයට කිලෝ මීට‍ර් 40 – 50 අතර සුළං තත්ත්වයක් උද්ගතවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත -  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

පස්වන පුවත -  ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

හයවන පුවත -  දිස්ත්‍රික්ක 4ක් ගංවතුර සහ නායයාමේ අවදානමක

හත්වන පුවත - දිගු කලකට පසු නිල්වලා පිටාර ගලයි

අටවන පුවත - මිලිමීටර් 211.90 ක් වූ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

නවවන පුවත - ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි

දහවන පුවත - ගිංගඟ තවත් දරුණු වෙයි 

එකොලොස්වන පුවත - මිනිසුන් ගංවතුර අනතුරුවලට ලක්වන හැටි දැන ගනිමු

දොලොස්වන පුවත - බුලත්සිංහල නායගිය ස්ථානයෙන් මළ සිරුරු 9ක්

දහතුන්වන පුවත -  බෙල්ලන මරණ එකොළහක් - කොළඹට ගංවතුර අවදානමක්

දහහතරවන පුවත - කළුතර - රත්නපුර 67 ක් මියයති

පහලොස්වන පුවත - අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 122ක් දක්වා ඉහලට

දාසයවන පුවත - මාතර බද්දේගම කළුතර රත්නපුර අවදානම් තත්වයක්

දාහත්වන පුවත - ස්වභාවික විපත් වලින් මරණ 151යි

දාහ අට වන පුවත- ඉදිරි දින දෙකේ දී තද වැසි

දහ නම වන පුවත - ආපදා වලින් මිය ගිය ගණන එකසියහැටහතර දක්වා ඉහළට{jcomments on}

 

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා ජීවිතක්ෂයට පත් වූවන්ගේ සංඛ්‍යාව 164 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙම ස්වභාවික ආපදා හේතුවෙන් පුද්ගලයන් 104 දෙනෙකු අතුරුදන්ව ඇති අතර තුවාල ලබා ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 88 කි.

ජලගැලීම්, නායයාම් හේතුවෙන් පවුල් එක්ලක්ෂ විසිඅටදහස් පන්සිය අසූ හයකට අයත් පුද්ගලයන් හාරලක්ෂ හැත්තෑ එක්දහස් පන්සිය හතලිස් දෙකක් අවතැන්ව ඇති බවද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙම ස්වභාවික ආපදා වලින් නිවාස 412 ක් මුළුමනින්ම වැනසී ඇති අතර නිවාස 4266 කට අර්ධ වශයෙන් හානි සිදුවී තිබේ.

මේ වන විට අවතැන් වූ පුද්ගලයන් 75,236 ක් ආරක්ෂිත ස්ථාන 336 ක රඳවා සිටින බවද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත -  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

පස්වන පුවත -  ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

හයවන පුවත -  දිස්ත්‍රික්ක 4ක් ගංවතුර සහ නායයාමේ අවදානමක

හත්වන පුවත - දිගු කලකට පසු නිල්වලා පිටාර ගලයි

අටවන පුවත - මිලිමීටර් 211.90 ක් වූ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

නවවන පුවත - ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි

දහවන පුවත - ගිංගඟ තවත් දරුණු වෙයි 

එකොලොස්වන පුවත - මිනිසුන් ගංවතුර අනතුරුවලට ලක්වන හැටි දැන ගනිමු

දොලොස්වන පුවත - බුලත්සිංහල නායගිය ස්ථානයෙන් මළ සිරුරු 9ක්

දහතුන්වන පුවත -  බෙල්ලන මරණ එකොළහක් - කොළඹට ගංවතුර අවදානමක්

දහහතරවන පුවත - කළුතර - රත්නපුර 67 ක් මියයති

පහලොස්වන පුවත - අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 122ක් දක්වා ඉහලට

දාසයවන පුවත - මාතර බද්දේගම කළුතර රත්නපුර අවදානම් තත්වයක්

දාහත්වන පුවත - ස්වභාවික විපත් වලින් මරණ 151යි

දාහඅටවන පුවත- ඉදිරි දින දෙකේ දී තද වැසි

{jcomments on}

ගං වතුරෙන් පීඩාවට පත් ජනතාවට අධාර රැගෙන ගිය එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් බද්දේගම ඉනිමංකඩ ප්‍රදේශයේ වගුරක් මතට පතිතවූ බව වාර්තා වේ.

මෙම යානයේ ගමන් ගත් නිලධාරීන්ට අනතුරක් සිදුව නොමැති බව ද වාර්තා වේ. 




මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාත තත්ත්වය සුළි කුණාටුවක් වී ගමන් කිරීමේදී සුළං රටාවේ වෙනසක් සිදුවුවහොත් අද (29) හා හෙට (30) ද ප්‍රදේශ රැසක යළි තද වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ඒ අනුව විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල එලෙස වැසි ඇතිවිය හැකි අතර ඇතැම් අවස්ථාවල මිලිමීටර 150 ට වැඩි තද වැසි ඇති විය හැකි යැයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආර්. ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
මේ අතර පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකිය. එමනිසා එම මුහුදු ප්‍රදේශ ඉතා රළු ස්වභාවයක් ගත හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව විමසිලිමත් විය යුතු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
 
ගයාත්‍රි ගීගනආරච්චි
 

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත -  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

පස්වන පුවත -  ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

හයවන පුවත -  දිස්ත්‍රික්ක 4ක් ගංවතුර සහ නායයාමේ අවදානමක

හත්වන පුවත - දිගු කලකට පසු නිල්වලා පිටාර ගලයි

අටවන පුවත - මිලිමීටර් 211.90 ක් වූ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

නවවන පුවත - ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි

දහවන පුවත - ගිංගඟ තවත් දරුණු වෙයි 

එකොලොස්වන පුවත - මිනිසුන් ගංවතුර අනතුරුවලට ලක්වන හැටි දැන ගනිමු

දොලොස්වන පුවත - බුලත්සිංහල නායගිය ස්ථානයෙන් මළ සිරුරු 9ක්

දහතුන්වන පුවත -  බෙල්ලන මරණ එකොළහක් - කොළඹට ගංවතුර අවදානමක්

දහහතරවන පුවත - කළුතර - රත්නපුර 67 ක් මියයති

පහලොස්වන පුවත - අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 122ක් දක්වා ඉහලට

දාසයවන පුවත - මාතර බද්දේගම කළුතර රත්නපුර අවදානම් තත්වයක්

දාහත්වන පුවත - ස්වභාවික විපත් වලින් මරණ 151යි

කඩවත මාතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටස් කිහිපයක් ගංවතුර හේතුවෙන් වසා දමා ඇති අතර දැනට විවෘතව පවතින කොටස් වන්නේ කඩවත-ගැලනිගම හා වැලිපැන්න-කොක්මාදූව දක්වා පමණි.

මේ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කඩවත සිට මාතර දක්වා ගමන් ගන්නා අයෙකුට ගැලනිගමෙන් පිටවී නැවත වැලිපැන්නෙන් ඇතුළුව කොක්මාදූවෙන් පිටවීමට සිදුවනු ඇත.

ගාල්ල දක්වා ගමන් ගන්නා අයෙකුට වැලිපැන්නෙන් ඇතුළු වී ගාල්ල පින්නදූවෙන් පිටවිය හැක.

මේ සම්බන්ධයෙන් ලක්බිම ඔන්ලයින් වෙත අදහස් දැක්වූ මාර්ගස්ථ සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග ක්‍රියාන්විත, නඩත්තු සහ කළමණාකරණ අංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ඉදිරි පැය කිහිපය තුළ ඇතිවන කාලගුණික තත්වයන් මත මෙම සැලසුමේ වෙනස් කම් සිදුවිය හැකි බවය.

සහන් සංකල්ප සිල්වා

රටේ බොහොමයක් ප්‍රදේශවල ජනතාව ගංවතුරෙන් හා නායෑම්වලින් පීඩාවට පත් වී සිටින මෙම අවස්ථාවේ, ඔවුන්ට සහන සැලසීම සඳහා සිය මාසික වැටුප ලබාදීමට කටයුතු කරන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සිය සංවිධානය කාරුණිකව ඉල්ලා සිටින බව   පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
එකී ‍පොදු අරමුදලකට එම මුදල් බැර කිරීමෙන් ආරම්භ කරනු ලබන එම ගිණුම සඳහා මෙරට ජනතාවද තමන්ගේ දායකත්වය  නොමසුරුව ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බවද එම සංවිධානය පවසයි.
රට ආර්ථික වශයෙන්ද දුෂ්කරතාවලට මුහුණ දී සිටින මෙම අවස්ථාවේ මෙම ආපදා තත්ත්වයට රටක් ලෙස සියලු දෙනා එක්ව කටයුතු කළයුතු යැයිද එම සංවිධානය පෙන්වා දෙයි.
සැබෑ ජනතා නියෝජිතයා යනු ජනතාවගේ දුක හඳුනන, ජනතාවට සහන සලසන සැබෑ නායකයෙකු වන බැවින් මෙරට සියලුම පළාත් සභා මන්ත්‍රීවරුන්ද සිය මාසික වැටුප මෙම අරමුදලට බැරකරනු ඇති බවද එම සංවිධානය පවසයි.

ගයත්‍රි ගීගනආරච්චි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුව දැනට පවතින තාක්ෂණය අනුව වර්ෂාව සහිත තත්ත්වයකදී එක් ප්‍රදේශයකට කොයිතරම් ප්‍රමාණයක වර්ෂාපතනයක් ලැබේදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වී ඇතැයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආර්. ජයසේකර මහතා අද (28) ප්‍රකාශ කළේය.
පවතින දත්ත අනුව ඉකුත් 25-26 දිනවල මිලිමීටර 100 පමණ වර්ෂාපතනයක් ලැබිය හැකි බවක් පෙන්නුම් කළද 26 දා උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ මිලීමීටර 553 ක උපරිම වර්ෂාපතනයක් ලැබි තිබූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
එබැවින් එවන් අවස්ථාවල පවතින දත්ත මත දැනට ප්‍රකාශ කළ හැකි වන්නේ සාමාන්‍යයෙන් මිලිමීටර 150 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව පමණක් යැයිද හෙතෙම කීය. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ
තාක්ෂණය උසස් මට්ටමකට ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවත්, එම කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවත්, එස්. ආර්. ජයසේකර මහතා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අද (28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.

ගයාත්‍රි ගීගනආරච්චි{jcomments on}

ආපදාවන්ට මුහුණ පා ඇති ප්‍රදේශයන්හි පාසල් පැවැත්වීම  හෝ නොපැවැත්වීම පිළිබඳව තීරණය කිරීමේ බලය අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට පැවැරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.
ඒ අනුව ආපදාවන් හේතුවෙන් තම පාසලට එල්ල වන බලපෑම හා අවදානම් තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරමින් විදුහල්පතිවරුනට මෙම තීරණය ගැනීමේ අවසරය ලබා දී ඇත.
එමෙන්ම අදාළ තීරණය පිළිබඳව පළාත් පාසලක් නම් පළාත් හෝ කලාප අධ්‍යක්ෂවරුන්ට හා ජාතික පාසලක් නම් ජාතික පාසල් අධ්‍යක්ෂවරයාට දැනුම් දීමට පියවර ගන්නා ලෙසද අධ්‍යාපන අමාත්‍යවරයා විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත. මේ අතර ආපදා හේතුවෙන් පීඩාවට පත් දරුවන් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක්ද හැකි ඉක්මණින් තමන් වෙත ලබා දෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
එලෙස පීඩාවට පත් දරුවන්ට අවශ්‍ය පෙළ‍පොත්, නිල ඇඳුම් හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම සඳහාත්, සෙසු සහන සැලසීිම සඳහාත්, මෙලෙස තොරතුරු ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.

ගයාත්‍රි ගීගනආරච්චි{jcomments on}

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1485

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1326

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1408

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1572

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7742

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5129

Please publish modules in offcanvas position.

X

Right Click

No right click