Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

Apada

ගංවතුර හා නාය යාම් නිසා රටපුරා මියගිය පුද්ගලයන් ගණන 208 දක්වා ඉහගිය බව ආපදා කලමණාකරන බලධාරීහු පවසති. අතුරුදහන් වූ සංඛයාව 92 කි. නිවාස 1735ක් සම්පුර්ණව හානිවී ඇති අතර පුද්ගලයන් 677241ක් පීඩාවට පත්වී සිටී.

Anura

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇප මත මුදා හැර ඇත.

වසරකට අධික කාලයක් රිමාන්ඩ් ගතව සිටි තමන් නිදහස් කරන ලෙස ඉල්ලා අනුර සේනානායක මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන ඇප අයදුම්පත අද විභාගයට ගත් අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහාඅධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අනුර සේනානායක මහතා ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

නිශාන්ති රාමනායක

RW

නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට අමාත්‍යාංශයේ විෂය පථයෙන් වැඩි වගකීම් ප්‍රමාණයක් පවරාදීමට විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා තීරණය කර සිටියි.
විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා මේ තිරණය ගෙන ඇත්තේ තරුණ දේශපාලඥයෙකු ලෙස වසන්ත සේනානායක මහතාට සිය දේශපාලන ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරදීම සඳහාය.
අමාත්‍ය රවි කරුණානායක මහතා ගෙන තිබෙන තීරණයට අනුව තමන් උනන්දුව දක්වන විදේශ කටයුතු අමාත්‍යාංශයේ විෂයයන් ගැන වහාම දැනුම් දෙන්නැයි ද නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට දැනුම් දී තිබේ.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට පැවරෙන විෂයයන් අතර අන්තර්ජාතික හා ජාතික මට්ටමේ කාර්යභාරයන් රැසක්ද තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව හැකි සෑම අවස්ථාවකදීම තමන් සහභාගී වන මාධ්‍ය, පුවත්පත් සාකච්ඡාවලට සහභාගී වී ඒ අංශයෙන් අවශ්‍ය කරන දේශපාලන පන්නරය හා පුහුණුව ලබන ලෙසද රවි කරුණානායක මහතා සිය නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ සීමාසහිත පර්පෙචුවල් ටේ‍රසරීස් පෞද්ගලික සමාගමට හා ඊට අනුබද්ධිත සමාගම් දෙකක ගනුදෙනු සීමා කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් 2016 නොවැම්බර් 7 වැනිදා පැන වූ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා එම සමාගම ගොනුකර තිබූ පෙත්සම අභියාචනාධිකරණය ඊයේ (01) නිශ්ප්‍රභ කළේය. පෙත්සම් විභාග අවසන් වන තුරු මහ බැංකුවේ
 මූල්‍ය මණ්ඩලය විසින් නිකුත් කළ නියෝගය අවලංගු කරනා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනා ලෙසත් මූල්‍ය මණ්ඩලයේ නියෝගය අනුව පියවර ගැනීම වළක්වන ලෙසත් පෙත්සම්කාර සීමාසහිත පර්පෙචුවල් ටේ‍රසරීස් පෞද්ගලික සමාගම සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.
එම පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය හා එස්. තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා හා ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වය නියෝජනය කරමින් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේ පෙත්සම්කාර සමාගම් නිවැරදි ආකාරයෙන් සංස්ථාගත කර නොමැති බවයි. එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ගාස්තුවට යටත්ව එම පෙත්සම නිශ්ප්‍රභ කිරීමට නියෝග කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපතිවරයා හා නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනා, එහි මූල්‍ය මණ්ඩලය, නීතිපතිවරයා ඇතුළු 13 දෙනකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබුණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික ගනුදෙනුකරුවකු ලෙස කටයුතු කළ සිය සමාගමට හා අනුබද්ධිත සමාගමට පනවා ඇති එම සීමා නියෝග නිසා සිය සමාගම්වල කටයුතු කඩා වැටීමට ලක්වීමේ තර්ජනයට ලක් වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය මණ්ඩලයේ එම නියෝගය අසාධාරණ බවත් පෙත්සම්කාර සමාගම සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයට පෙන්වා දී තිබුණි. කෙසේ නමුත් වගඋත්තරකාර පාර්ශ්වය පෙත්සම්කාර සමාගම සම්බන්ධයෙන් දැක් වූ මූලික විරෝධතාව එනම් පෙත්සමෙ පවතින තාක්ෂණික දෝෂය අනුව එය තවදුරටත් පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවට නිගමනය කළ විනිසුරු මඩුල්ල එම පෙත්සම නිශ්ප්‍රභ කළේය.

නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

පසුගිය ගංවතුර සහ නායයාම්වලින් ආපදාවට පත්නොවූ ප්‍රදේශවල අමාත්‍යවරු ආපදාවට පත්වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරු වශයෙන් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇති අතර ඔවුහු අද (1) ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපි බාර ගත්හ.

ආපදාවට පත්වූ ආසනවල ජනතාවට සහන සැලසීමට සහ ඔවුන්ගේ ජන ජීවිතය යථාතත්වයට පත්කිරීම පිළිබඳ ගෙනයන වැඩපිළිවෙළේ සියලූ සම්බන්ධීකරණ කටයුතු සොයා බැලීම මෙම නව සංවිධායකවරුන්ට පැවරේ.

කළුතර දිස්ත්‍රීක්කය : -

බුලත්සිංහල ආසනය - නිමල් සිරිපාල ද සිල්වා මහතා

අගලවත්ත ආසනය - එස්.බී. දිසානායක මහතා

බණ්ඩාරගම ආසනය - පාඨලී චම්පික රණවක මහතා

මතුගම ආසනය - ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

හොරණ ආසනය - සරත් අමුණුගම මහතා

කළුතර ආසනය - රවුෆ් හකීම් මහතා

අර්ජුන රණතුංග මහතා

මාතර දිස්ත්‍රීක්කය : -

අකුරැස්ස ආසනය - අනුර ප්‍රිදර්ශන යාපා මහතා

දෙනියාය ආසනය - අකිල විරාජ් කාරියවසම් මහතා

මාතර ආසනය - රවී කරුණානායක මහතා

වැලිගම ආසනය - රංජිත් සියඹලාපිටිය මහතා

හක්මන ආසනය - විජිත් විජයමුණි සොයිසා මහතා

ගාල්ල දිස්ත්‍රික්කය : -

හිනිදුම ආසනය - දුමින්ද දිසානායක මහතා

බද්දේගම ආසනය - පී. හැරිසන් මහතා

බෙන්තර-ඇල්පිටිය - විජයදාස රාජපක්ෂ මහතා

රත්නපුර දිස්ත්‍රික්කය : -

කලවාන ආසනය - සුසිල් ප්‍රේමජයන්ත මහතා

රත්නපුර ආසනය - රිෂාඞ් බද්යුදීන් මහතා

ඇහැලියගොඩ - එස්.බී. නාවින්න මහතා

පැල්මඩුල්ල ආසනය - ගාමිණි ජයවිකර හතම පෙරේරා මහතා

නිවිතිගල ආසනය - නවීන් දිසානායක මහතා

හම්බන්තොට දිස්ත්‍රික්කය :-

ෆයිසර් මුස්තාෆා මහතා

හරීන් ප්‍රනාන්දු මහතා

කෑගල්ල දිස්ත්‍රීක්කය : -

දයා ගමගේ මහතා

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා

මේ අතර මේ වනවිට කැලණි ගඟ ආශ‍්‍රිත ගංවතුර තත්ත්වය මුළුමනින් පහව ගොස් ගංවතුර අවදානමට ලක් වූ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බවත් නිල්වලා ගඟේ ගංවතුර මට්ටම ද මුළුමනින්ම පහව ගොස් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කළුගඟ ආශ‍්‍රිත රත්නපුර, මිල්ලන්කඩ සහ ඇල්ලගාව ජලමාපකයන් හි  සහ කළුගඟ ආශ‍්‍රිත බද්දේගම ජල මාපකයෙහි සුළු ගංවතුර තත්ත්වයක් පෙන්නුම් කරන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටී.

නමුදු මෙම ගංවතුර ආපදාවෙන් විශාල වශයෙන් දේපළ අහිමි වූවන්ට තවමත් සුපුරුදු ජීවන රටාවන් අහිමි වී ඇති බවත් ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම පිණිස රජයේත් සෙසු ආයතනවලත් පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාර අවශ්‍ය බවත් අප ප‍්‍රාදේශීය මාධ්‍යවේදීහු දන්වා සිටිති.

දමයන්ති ගමගේ

2003 වර්ෂයෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ගංවතුර තත්ත්වය හමුවේ රටවල් 3 කට අයත් නෞකා 7 ක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ අනුව අසල්වාසී රාජ්‍යයන් වන ඉන්දියාව සහ පාකිස්තානයත්, ඊට අමතරව චීනය යන රටවල් වලට අයත් නාවික නෞකාවන් මෙරටට සහන සැළසීම සඳහා පැමිණ ඇත. මේවායින් ඇතැම් නෞකාවන් වෙනත් මෙහෙයුම් වල නිරත වෙමින් සිටියදී ශ්‍රී ලංකාව වෙත පැමිණීම සුවිශේෂී කරුණකි.

උද්ගත වූ ආපදා තත්ත්වය හමුවේ කඩිනම් ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු නාවික ‍හමුදාවට අයත් කර්ච්, ශර්දුල් සහ ජලෂ්වා යන නෞකාවන් පිළිවෙලින් මැයි 27, 28 සහ 30 යන දිනයන් හිදී කොළඹ වරායට සේන්දු විය. එම නෞකාවලින් පැමිණි වෛද්‍ය, ජීවිතාරක්ෂක සහ කිමිදුම් යන සහන කණ්ඩායම් ශ්‍රී ලංකා නාවික හමුදාව සමග ඒකාබද්ධ වෙමින් විපතට පත්වූ දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සහන සැළසීමේ කටයුතු වල නිරත විය. මීට අමතරව ගංවතුර පැවති ප්‍රදේශ වල සහන සැළසීමේ කටයුතු සඳහා කුඩා යාත්‍රා, වියළි සළාක, පානීය ජලය සහ ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් ද මෙම නෞකාවන් මගින් රැගෙනවිත් තිබිණි. මෙම නෞකා ත්‍රිත්වය අතරින් කර්ච් නෞකාව ඉන්දියානු දේශසීමා මුර සංචාරක කටයුතු වල නියැලෙමින් සිටියදී ශ්‍රී ලංකාවට ඇති වූ හදිසි ආපදා තත්ත්වය හමුවේ සහන සැලසීමේ අරමුණින් පැමිණ ඇත.

තවද, ශ්‍රී ලංකාවේ දිගු කාලීන මිතුරෙකු වන පාකිස්තානය ද පසුගිය මැයි මස 30 එරට නාවික හමුදාවට අයත් සුල්ෆිකර් නෞකාව අයහපත් කාලගුණයෙන් පීඩා විදි ජනතාවට සහන සැළසීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට එවන ලදී. මෙම නෞකාව මගින් වෛද්‍ය කණ්ඩායම් 3 ක්, වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල් සහ ඖෂධ ඇතුළු සහනාධාර රැසක් ද රැගෙන එන ලදී.

එමෙන්ම, මේ වන විට මහජන චීන සමූහාන්ඩුවට අයත් නාවික නෞකා 3 ක්ද ඊයේ (31) කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකාවට බලපෑ අවදානම් තත්ත්වය හමුවේ මෙම නෞකාවන් සුහද සංචාරයක් සඳහා පැමිණෙමින් සිටියදී විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා සහනාධාර නෞකාවන් ලෙස දිවයිනට පැමිණ ඇත. ඒ අනුව වෛද්‍ය කණ්ඩායම් පහක් (5) සහ ආපදා සහන කටයුතු සඳහා කුඩා යාත්‍රා 10 ක්ද සමගින් චීන නාවික නෞකා ‘චෑන් චුන්’,‘ජින් ශොව්’සහ ‘චාඕ හු’මෙසේ දිවයිනට සේන්දු විය.

තවද, ශ්‍රී ලංකා රජය විසින් ඕස්ට්‍රේලියානු රජයෙන් කළ ඉල්ලීමකට අනුව මුදවා ගැනීමේ සහ සෝදිසි කිරීමේ මෙහෙයුම් වේගවත් කිරීම සඳහා කුඩා යාත්‍රා, පිටත දහන යන්ත්‍ර සහ තවත් උපකරණ රාශියක් සැපයීමට ද කටයුතු කර තිබිණි.

මෙම හදිසි තත්ත්වය හමුවේ විදෙස් රටවල් ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම තුළින් ශ්‍රී ලංකාව අනෙකුත් රාජ්‍යයන් සමග පවත්නා බහුපාර්ශවීය සබඳතාවන්ගේ ශක්තිය මැනවින් පිළිබිඹු කරනු ලබයි. ශ්‍රී ලංකා නාවික හමුදාව ද විදෙස් නාවික හමුදාවන් සමග ශක්තිමත් සබඳතා පවත්වා ගැනීම තුළින් විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් මෙරටට අත්කර දීමට සමත්ව ඇත.

 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පැවති  ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් (01) අද පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල කාර්යාලයේ නිලධාරීන් සහ දිස්ත්‍රික්කයේ අනෙකුත් රජයේ සියලුම නිලධාරීන් ඇතුළු ආපදා තත්වයේදි සහන සැපයූ සියලුම කණ්ඩායම් එක්ව සිටියහ.
 
ආපදාවන්ට මුහුණ දුන් ජනතාවට ශක්තියක් වෙමින් ඔවුන්ට සහන සැලසීම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සහන සේවා කණ්ඩායම් වෙත සිය ස්තූතිය පුදකර සිටියහ.
 
සහන කඳවුරු වල සිටින ජනතාවට අවශ්‍ය ආහාර පාන, ඖෂධ ඇතුළු පහසුකම් සහ ආපදා තත්වයත් සමඟ මේ වනවිටත් ප්‍රදේශ කිහිපයක බිඳ වැටී ඇති විදුලි පද්ධතිය, පානීය ජල ලිං පිරිසිදු කිරීම්,හානියට පත් පාසල්වල නාවිකරනය කිරීම ඇතුළු අනෙකුත් බිඳ වැටුණු අවශ්‍යතාවන් යථා තාවයට ගෙන ඒම කඩිනම් කරන ලෙස අදාළ අංශ වලට උපදෙස් දෙන ලදී .
ඊට අවශ්‍ය සම්පත් ලබාදීමට රජය සූදානම් බව පැවසීය
.
ආපදාවන්ට පත්වූ ජනජීවිත යථා තත්වයට කඩිනමින් පත්කිරීම සඳහා රජයක් ලෙස ගත හැකි සියලුම පියවර ගන්නා බව ජනාධිපතිවරයාහි දී පැවසුහ.
 
අනුර ලියනගේ - හබරාදුව

ඇහැලියගොඩ සිට ගිනිගත්හේන දක්වා ධාවනය වු මෝටර් රථයක් පෙරළීමෙන් එම මෝටර් රථයේ ගමන් ගත් අවුරුදු හයක පිරිමි දරුවෙක් මියගොස් තිදෙනෙක් තුවාල ලබා ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි. 
 
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ගිනිගත්හේන බගතුලූව ප්‍රදේශයේ පදිංචිව සිටි පසින් දේෙවින්ද්‍ර බණ්ඩාර නැමැති පාසල් සිසුවෙකි.
 
මෙම පාසල් සිසුවා අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි බවද පොලිසිය පවසයි. 
 
අද (01.06) අලූයම 1.00 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ ගිනිගත්හේන නගරයට ආසන්නයේදිමය.
 
ගිනිගත්හේන බගතුලූව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසක් පසුගියදා ඇහැලියගොඩ ප්‍රදේශයේ නායයෑමකින් මියගිය ඥාතියෙකුගේ සත්දවසේ දානමය පිංකමට ගොස් ආපසු නිවස කරා එමින් සිටියදි මෝටර් රථය අඩි හැටක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් මෙම අනතුර සිදුවි තිබේ. 
 
 
එම මෝටර් රථයේ මියගිය සිසුවාගේ මව පියා සහ මිත්තනිය ගමන් කර ඇති අතර තුවාල ලැබු මව සහ පියා ගිනිගත්හේන රෝහලේ ප්‍රතිකාර ලබන අතර මිත්තනිය වැඩි දුර ප්‍රතිකාර සදහා නාවලපිටිය මුලික රෝහල වෙත මාරුකර යවා ඇත.
 
මෝටර් රථය ධාවනය කළ පියාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුවි ඇති බව අනතුර පිළිබද පරික‍ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය පැවසීය.
 
මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික‍ෂණය සදහා නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව ගිනිගත්හේන පොලිසිය පැවසීය. 
 

හැටන් රංජිත් රාජපක‍ෂ

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කොට තිබියදී නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ඇතුළු සැකකරුවන් පස්දෙනා හා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද තැන්නේ ඤාණානන්ද හිමියන් රුපියල් 2500 බැගින් වූ මුදල් ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (31) නියෝග කළේය.
නිසි පරිදි අධිකරණ හමුවේ පෙනී නොසිටීම නිසා එම සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගැනීමට පසුගිය 19 වැනිදා තම අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවීමටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් නියෝග කළේය.
ඉදිරියේදී නිසි පරිදි අධිකරණය හමුවේදී පෙනී නොසිටියහොත් රක්ෂිත බන්ධනාගාරගත කරන බවට සැකකරුවන්ට තරයේ අවවාද කළ අධිකරණය එම නඩුව ලබන අගෝස්තු 25 වැනිදා යළි කැඳවීමටද නියෝග කළේය. 2015.10.6 වැනිදා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට රුපියල් දෙලක්ෂ අසූහතර දහසක අලාභයක් සිදුකිරීම යන චෝදනා යටතේ කුරුඳුවත්ත ‍පොලීසිය විසින් ළහිරු චතුරංග වීරසේකර තැන්නේ ඤාණානන්ද, අමිල සඳරුවන්, රංගන සමරතුංග, ආත්මා ප්‍රියදර්ශන හා දිනේෂ් මධුරංග යන සැකකරුවන් හයදෙනාට එරෙහිව කුරුඳුවත්ත ‍පොලීසිය එම නඩුව පවරා තිබුණි.
 
නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

දැනට පවත්නා අයහපත් කාලගුණික තත්වයත් සමඟ රටේ උද්ගතව පවත්නා අපාදා තත්වය හා ආණ්ඩු පක්ෂයේ ඉදිරි ක්‍රියා මාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩු පක්ෂයේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් කැදවා ඇත. එය අද දහවල් 12ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවත්වීමට නියමිතය.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ කැලණිය, බියගම, දොම්පේ, මහර සහ වත්තල යන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප‍්‍රදේශවලට ගංවතුර තර්ජනයක් ඇති වී ඇති සමයක එහිම  කටාන, මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල, මීරිගම යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ තුළ ජල සැපයුම් මූලාශ්‍ර සිදී යාමේ තර්ජනයක් පවතින බව ගම්පහ සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රසාද් ඉන්දික මහතා පවසයි. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල වසන් 378ට අයත් පවුල් 66 921ක සාමාජිකයන් 2 80342ක් පානීය ජල අර්බුදයට මුහුණපා සිටින බැවින් ජල බවුසර් 30ක් යොදා ගනිමින් එම ප්‍රදේශ වලට අඛණ්ඩ ජල සැපයුමක් කරන බව සහකාර දිස්ත්‍රික් ලේකම් වරයා කියයි.  දැනට පවත්නා තත්වය යටතේ මෙම ජල බවුසර් මදි වීමක් පෙන්නුම් කරන බවත් එබැවින් අතිරේක ජල බවුසර් 10ක් ඉදිරියේදී එම සේවාවට යොදන බවත් සහකාර දිස්ත්‍රික් ලේකම් වරයා කියයි.    

ඉහත සඳහන් ප‍්‍රදේශ වලින් බොහොමයක කාර්මික නළ ළිං මගින් මහා පරිමාණයෙන් භූගත ජලය ඉවත් කර ගැනීම, පස් කඳු කපා ඉවත් කිරීම හා අනවසර ඉඩම් ගොඩකිරීම් ආදිය නිසා මෙම ආපදා තත්ත්වය පැන නැගී ඇතැයි ප‍්‍රදේශවාසීහු කියති.

ජා ඇල හරහා මීගමු කලපුවට වැටෙන අත්තනගලූඔයේ ඉහළ ගංඟාධාර ප‍්‍රදේශයේ පිහිටි දුනුමාල ජලමාපකයේ ගංවතුර තත්වයක් පෙන්නුම් කළ බව පසුගිය දා වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කළේය. එහෙත් විස්මයට කරුණ වනුයේ එම ගංවතුර තත්ත්වයෙන් දඬුගම්ඔය නමින් මීගමුකලපුවට වැටෙන දඬුගම ආදී පහළ ගංඟාධාර ප‍්‍රදේශවලට කිසිදු බලපෑමක්ඇති නොවීම ය.

ඒ අනුව තවමත් මෙම ජලමූලාශ‍්‍රවලට මුහුදේ වඩදිය බලපෑම පවා ඇති වන බව ධීවරයෝ කියති. මේ සඳහානිශ්චිත හේතුවක් මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති වුවද අත්තනගලූඔයේ පහළගංඟාධාර ප‍්‍රදේශවල භූගත ජලය අධික ලෙසින් ඉවත් කර ගැනීම නිසා පොළොව තවමත්දැඩි වියළි ස්වභාවයෙන් පැවතීම මීට හේතු විය හැකි යැයි පරිසරවේදීහු කියති.

දමයන්ති ගමගේ

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 61

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 217

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6929

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4547

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6033

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6723

Please publish modules in offcanvas position.

X

Right Click

No right click