Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඩෙංගු රෝගීන්ට ලබා දෙන ඩෙක්ස්ට්‍රෑන් ඖෂධය අවශ්‍ය තරම් තොග රෝහල්වලට බෙදා හැර ඇති බව වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතා සඳහන් කරයි.
ඩෙක්ස්ට්‍රෑන් ඖෂධ නොමැති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍යයට සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරන බවද හෙතෙම පවසා සිටියි.
හදිසි ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල ඩෙංගු රෝගය පැතිර යා හැකි බැවින් ඒ සඳහා අවශ්‍ය ඩෙක්ස්ට්‍රෑන් තොග රැස් කර තබා ගැනීමට ආපදා කමිටුවේදී එකඟ වූ බවත් ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා තායිලන්තයෙන් ඩෙක්ස්ට්‍රෑන් 5000ක තොගයක් කඩිනමින් ගෙන්වීමට කටයුතු කරන බවද වෛද්‍ය අමුණුගම මහතා සඳහන් කරයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා තවත් ඩෙක්ස්ට්‍රෑන් තොගයක් ගෙන ඒමට කටයුතු කර ඇති බවද වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියි.

ශ්‍රියානි විජේසිංහ

ජාතීන් හා ආගම් අතර විරසක ඇති කිරීමේ ක්‍රියාවන්හි නියුතු ඕනෑම පුද්ගලයකුට හෝ කණ්ඩායමකට ඔවුන්ගේ තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය ‍පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.
තම ‍පොලිස් බල ප්‍රදේශය තුළ මෙවැනි යම් ගැටුම්කාරී හෝ අනර්ථකාරී සිද්ධියක් ඇතිවුවහොත් එහි පූර්ණ වගකීම සියලුම ‍පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් දැරිය යුතු බවත් මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා සියලුම ‍පොලිස් ස්ථානාධිපතිවරුන්, සහකාර ‍පොලිස් අධිකාරිවරුන් කොට්ඨාස භාර නිලධාරීන් මෙන්ම නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන් දැඩි කැපවීමකින් යුතුව ක්‍රියාකළ යුතු බවට මේ වන විටත් ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් සියලුම ‍පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් චක්‍ර‍ලේඛයක් යැවීමට කටයුතු කර තිබේ.
මෙවැනි ගැටුම්කාරී සිද්ධීන් ඇති කරන ඉතා සුළු පිරිසක් සමාජජාල වබේ තුළ අසත්‍ය ප්‍රචාර කරමින් සිටින බවත් මේ වන විට ඔවුන් හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිවද නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ‍පොලීසිය පවසයි.

ශානිකා මාධවී පීරිස්

වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට, ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී අද (5) ආරම්භ කෙරෙන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට සහභාගි වන ලෙස ආරාධනා ලැබි තිබේ.
සාගර සහ සමුද්‍ර සම්පත් තිරසර සංවර්ධනය උදෙසා උපයෝගී කර ගැනීම සහ සමුද්‍ර හා වෙරළබඩ පරිසර සාධකයන් කළමනාකරණය, ආරක්ෂණය සහ සංරක්ෂණය යන කරුණු පිළිබඳව මෙම සමුළුවේදී අවධානය යොමු කිරීමට නියමිතව ඇත. රාජ්‍ය හා ආණ්ඩු නායකයන්, අමාත්‍යවරුන්, ව්‍යවසායකයන් සහ සිවිල් නායකයන් මේ සඳහා සහභාගි වීමට නියමිතය.
මේ අතර සාගර හා වෙරළබඩ පරිහානිය යළි ආපස්සට හැරවීමේ ක්‍රියාදාමය මේ සමුළුවත් සමගින් ආරම්භ කෙරෙන බවට එක්සත් ජාතීන්ගේ සමුළුවේ සභාපති පීටර් තොම්සන් මහතා විශ්වාසය පළ කර තිබේ.

ලසන්ත වීරකුලසූරිය/ගයාත්‍රි ගීගනආරච්චි

නායයාමේ අවදානමට ලක් වී ඇති ඓතිහාසික පාහියන්ගල ලෙන ආරක්ෂා කර ගැනීම සඳහා වහාම මැදිහත් වන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන් උපදෙස් දී තිබේ.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් තමාට එවන ලෙසද දන්වා ඇතැයි අමාත්‍යවරයා පැවැසීය.
ආසියාවේ නවීන මානවයා පිළිබඳ සාක්ෂි හමු වූ වසර 58,000ක පමණ ප්‍රාග් ඉතිහාසයකට හිමිකම් කියන පාහියන්ගල ලෙන ඉකුත් දිනවල පැවැති වර්ෂාවත් සමග නාය යාමේ අවදානමකට මුහුණු දී ඇත.

ගයාත්‍රි ගීගනආරච්චි

නාරම්මල ප්‍රදේශයේ හෝටලයක මහජනතාව වෙත ලබාදෙන ලද ආහාර පාර්සල්වල වඳ බෙහෙත් අඩංගුව තිබූ බවට සමාජ ජාල  ඔස්සේ පළවූ පුවත් සම්බන්ධයෙන් ‍පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ‍පොලිස් මූලස්ථානය පවසයි.
සංහිඳියාව බිඳ දමන වෛරී ප්‍රකාශන සමාජ ජාල වබේ අඩවිවලට ඇතුළු කරන පුද්ගලයින්ට එරෙහිව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් සුරැකීමේ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව ‍පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ශානිකා මාධවී පීරිස්{jcomments on}

ආපදාවෙන් පීඩාවට පත්වූවන් සඳහා දිවයින පුරා පරිත්‍යාගශීලීන් විසින් එක්රැස් කර බෙදා හැරීම සඳහා දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාල වෙත ලබාදෙන භාණ්ඩ දකුණට සම්බන්ධ ඇමැතිවරයකුගේ අමාත්‍යාංශයේ ‍ලේබලයක් යටතේ බෙදා හැරීම ලැජ්ජා සහගත ක්‍රියාවක් බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දුප්පත් ‍පොහොසත් සියලු ලාංකිකයන් තමන්ට හැකි පමණින් විපතට පත් වූවන්ට ආධාර ලබා දීම සඳහා ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාල වෙත භාණ්ඩ ලබා දෙමින් තිබූ බවත්, එම භාණ්ඩ අදාළ අමාත්‍යාංශයේ ‍ලේබලය යටතේ පසුගිය දින කිහිපය පුරාම බෙදා හැරි බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.
ස්වේච්ඡා සංවිධාන, පුරවැසි සංවිධාන, ආගමික සංවිධාන ආදිය පීඩාවට පත් වූවන්ට තම ඇඳිවත හැර අන් සියල්ල පරිත්‍යාග කළ පරිසරයක අවතැන් පිරිස් සඳහා සහන සැලසීම තුළින් මෙලෙස දේශපාලන වාසි ලබා ගැනීම අවමන් සහගත ක්‍රියාවක් බවද එම සංවිධානය පෙන්වා දෙයි.

ගයාත්‍රි ගීගනආරච්චි

ඩෙංගු රෝගීන්ට ලබා දෙන ඩෙක්ස්ට්‍රෑන් ඖෂධය ඉන්දියාවෙන් ගෙන්වීම වහාම නතර කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
මෙම ඖෂධය ඩෙංගු රෝගීන්ට ලබා දීමේදී රෝගීන් මිය යන බවත් එසේ වන්නේ රෝගය හේතුවෙන්ද නැතහොත් ඖෂධය ලබා දීමෙන් ඇති වන ආසාත්මිකතාවක් හේතුවෙන් ද යන වග නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව ඩෙංගු මර්දන වැඩසටහනේ සම්බන්ධිකාරක විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා ආපදා කමිටුවේදී හෙලි කළ බව සංගමයේ ‍ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරයි.
මේ හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් එම ඖෂධය ප්‍රතික්ෂේප කර තිබියදීත් තවත් තොගයක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බව කමිටු රැස්වීමේදී හෙලි වූ බව වෛද්‍ය සොයිසා මහතා පැවැසීය.
තත්ත්වයෙන් බාල ඩෙක්ස්ට්‍රෑන් ඖෂධය ඉන්දියාවෙන් ගෙන්වීම සඳහා සැපයුම්කරුවෙකු පවා මේ වන විටත් ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි කර ඇති නමුත් තායිලන්තයේ නිෂ්පාදිත තත්තවයෙන් ඉහළ  එම ඖෂධ ගෙන්වා ගෙන ඇත්තේ තානාපති කාර්යාල හරහා වීමද පුදුම සහගත තත්ත්වයක් බවද සංගමය පෙන්වා දේ.
කෙසේ නමුත් ඩෙක්ස්ට්‍රෑන් ඖෂධය මේ වන විටත් රජයේ වෛද්‍ය සැපයුම් අංශය තුළ නොමැති බවත් ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වන ඩෙක්ස්ට්‍රෑන් ඖෂධයෙන් 1000ක ප්‍රමාණයක් පමණක් බවද ආපාදා කමිටුවේදී හෙලි වූ බවත් ඉදිරියේදී මෙම ඖෂධය  මෙරටට ගෙන්වන්නේ කුමන රටින්ද යන වග තම සංගමය විමසිල්ලෙන් පසුවන බවත් හෙතෙම අවධාරණය කළේය.

ශ්‍රියානි විජේසිංහ{jcomments on}

ලන්ඩනයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ වන විට සිවිල් වැසියන් 7ක් මියගොස් ඇති අතර තුවාල ලැබූවන් 48 දෙනෙකු රෝහල් 6කට ඇතුළුත් කර තිබේ. 

මෙය මෑත භාගයේ ලන්ඩනයට එල්ල වූ තුන්වන ත්‍රස්ත ප්‍රහාරය බැවින් මේ වන විට ලන්ඩනයේ පැවැති සිවිල් නිදහස් වාතාවරණය අහිමි වෙමින් පවතින බවට ජනතාව මැසිවිලි නගති.

මීට පෙර ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් පාලම අසල එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගිය අතර පසුගිය දා මැන්චෙස්ටර් සංගීත සංදර්ශන භූමියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 22 දෙනෙකු මිය ගොස් තිබේ. 

මේ අනුව මෑතදී ලන්ඩනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර නිසා මිය ගිය පුදගලයන්ගේ ගනණ 34 දක්වා ඉහළ ගොස් තිබේ.

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයෙන් 6ක් මරුට

2017 Jun 04 10:17

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අළුයම 2.30ට පමණ මධ්‍යම ලන්ඩනයේ පාලමක් මත සිටි පුද්ගලයන් පිරිසක් වෙත වෑන් රථයක් ධාවනය කිරීමෙන් සහ ඒ ආසන්නයේ පිහිටි බොරෝ මාකට් හි සිටි පුද්ගලයන්ට තියුණු ආයුධ වලින් පහර දීමෙන්  පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් තවත් 30දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙසේ පැමිණි වෑන් රියේ පදිකයන් ගැටීමට සලස්වා ඇති අතර බොරෝ මාකට් සහ වොක්ෂෝල් ප්‍රදේශයේ සිටි ජනතාවට පිහි ප්‍රහාරයන් එල්ල කොට ඇත.

මේ වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද ලන්ඩන් වල පැවැත්වෙන අයි.සී.සී චැම්පියන් කුසලානයට පැමිණ සිටින අතර මෙම ප්‍රහාරයෙන් එම කණ්ඩායමට හෝ කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නොමැති බව විදේශ අමාත්‍යංශය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කොට තිබේ.

මේ අතර එම ප්‍රහාරයට සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙක්ද පොලිස් වෙඩිපහරින් මිය ගොස් ඇතැයි මීට සුළු මොහොතකට පෙර වාර්තා විය.




නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (04) දින තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 14 දෙනෙකු නෝර්වේ දූපත අසල මුහුදු ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2 ක්, පිටත දහන යන්ත්‍ර 2 ක්, තහනම් දැල් 2 ක්, සහ කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 1 ක් අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැත්වෙන ආපදා කමිටු රැස්වීමට මින් ඉදිරියට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතිවලට ආරාධනා නොකිරීමට සෞඛ්‍ය ඇමතිවරයා තීරණය කර ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දැනුම් දුන් බව සංගමයේ ‍ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා සඳහන් කරයි.
ඇමතිවරයා මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ ඩෙංගු රෝගීන්ට ලබා දෙන ඩෙක්ස්ට්‍රෑන් ඖෂධයේ හිඟතාවය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති ආපදා කමිටුවේදී දිගින් දිගමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රශ්න කර සිටි බැවින්  යැයි වෛද්‍ය සොයිසා මහතා පෙන්වාදේ.
 
ශ්‍රියානි විජේසිංහ

Classroom

අයහපත් තත්වයෙන් ඇතිවූ ආපදා තත්වය නිසා වසා දැමුණු පාසල් යළි විවෘත කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

එළඹෙන ජුනි මස 5 වන දින බස්නාහිර පළාතේ සියලූම පාසල්, දකුණු පළාතේ අවතැන් කඳවුරු ලෙස පවතින පාසල් 10 ක් සහ හානි සිදු වූ පාසල් 29 ක් හැර සෙසු සියලු පාසල් සහ සබරගමුව පළාතේ අවතැන් කඳවුරු ලෙස පවතින 15 ක් හැර ඉතිරි සියලු පාසල් විවෘත කෙරෙනු ලැබේ.

තවද අවතැන් කඳවුරු සඳහා ගැනුනු පාසල් ඉදිරියේ දී ආරම්භ කිරීම පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත බලය පැවරෙනු ඇත.

එමෙන්ම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ඉගෙනීම් කටයුතු පවත්වාගෙන යාමට නොහැකි පරිදි හානි  වූ පාසල්වල කටයුතු  ආසන්නත ම පාසල්වලට අනුයුක්ත කර පවත්වාගෙන යාමේ  බලය ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරා දී තිබේ.

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 51

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 201

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6922

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4541

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6029

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6719

Please publish modules in offcanvas position.

X

Right Click

No right click