Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (05) නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 21 දෙනෙකු ත්‍රිකුණාමලය,  නෝර්වේ දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2 ක්,  තහනම් දැල් ‍ 2 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 3 ක්, පා වරල් යුගලක් සහ මසුන් කිලෝග්‍රෑම් 294 ක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

`1{jcomments on}

මනම්පිටිය ගගේ දේවාලය ප්‍රදේශයේ තම ගවයින් බැලීමට ගිය පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ගොදුරුවීමෙන් ඊයේ (05)  මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මනම්පිටිය රෝහල පාරේ ලිපිනයේ පදිංචි කේ.සූරියකුමාර් යන 58 වියැති සිව්දරු පියෙකු බව පරීක්ෂණ සිදුකරන පොලිසිය පවසති.

ගගේ දේවාලය අසල මහවැලි ගඟට නුදුරින් ඔහු ගව ගාලක් පවත්වාගෙන යන අතර පාපැදියකින් ගවයින් බැලීමට යාමේ දී ඊයේ (05) සවස 03.00ට පමණ ඔහු වන අලි ප්‍රහාරයට ගොදුරු වී ඇති බව පොලිස් පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.

පොලොන්නරුව මූලස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එස්.එස්.ජරුල් මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මනම්පිටිය - නිමල් ජයරත්න

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් සිදුවී ඇතැයි යන රාවය අසත්‍ය බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා හැරුණු කොට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙවන ජ්‍යෙෂ්ඨතමයා තමන් බැවින් එබඳු සාකච්ඡාවක් සිදුවී නම් ඒ පිළිබඳව තමන් අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතු බව ඒ මහතා කියයි.

මේ දිනවල තම පාර්ලිමේන්තු කණ්ඩායමේ මූලික අවධානය ගංවතුරෙන් සහ නායයාමෙන් විපතට පත් වූ ජනතාව කෙරෙහි යොමුවන බැවින් එවැනි දේශපාලන කතිකාවන් සඳහා මෙය සුදුසු වකවානුවක් සේ තමන් නොසිතන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

 

 

සුනාමි ලක්ෂණයක් වශයෙන් මුලදී සැකකෙරුණු නන්දිකඩාල් සහ වට්ටුවාවෙල් කලපුවල මසුන් මියයාම ජලයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා සිදුවූවක් බව ජාතික ජලජසම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනය (NARA) මේ වන විට තහවුරු කරගෙන ඇත.

එම ආයතනයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය නිරෝෂන් වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙම පරික්ෂණය සිදුකොට ඇත.

මෙම කලපුවල මසුන් ලක්ෂ ගණනක් එක්වර මැරීයාම නිසා ප්‍රදේශය පුරා මහත් දුර්ගන්ධයක් පැතිර ගිය අතර ‍දැවැන්ත පාරිසරික අර්බුදයක්ද හටගැනුණි.


දමයන්ති ගමගේ{jcomments on}

පෙර පුවත් -

උතුරේත් දකුණේත් පුහු සුනාමි බියක්


 

 

 

ගමිපොළ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය කදිරේෂන් දමිළ මහා විද්‍යාලය නායයෑමේ අවධානමක් හේතුවෙන් මේ මස (07) වන දින දක්වා වසා දමන බව එම විදුහලේ විදුහල්පති එන්. නාගරාජ් මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමගම මීට ප්‍රථම ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ලක කොටසක් කැඩියාම හේතුවෙන් දින කිහිපයක සිටම ප්‍රාථමික අංශයට නිවාඩු ලබාදුන් බව විදුහල්පතිවරයා පැවසීය.
මෙම විදුහලේ නායයෑමේ අවධානම සමිබන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කළ පරික‍ෂණයෙන් පසුව තවත් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටිමේ අවධානමක් පවතින බව දැනුම් දිම නිසා තමන් මෙම පියවර ගත් බව විදුහල්පතිවරයා කීය.
විදුහලේ ළමුන් නවසීයකට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන අතර නාවලපිටිය ප්‍රදේශයට තවදුරටත් අයහපත් කාළගුණ තත්ත්වයක් පවතින බව ඔහු පැවසීය. 

හැටන් රංජිත් රාජපක‍ෂ

කොළඹ -  ගාල්ල ප්‍රධාන මාර්ගයේ කහව, තෙල්වත්ත, පැරෑළිය, තොටගමුව, හික්කඩුව ආදී ප්‍රදේශ කිහිපයකින් මුහුදු රළ ගාලු පාරට ගලා ඒම නිසා එම මාර්ගයේ ගමන් ගන්නා ඇතමුන් තුළ සුනාමි පිළිබඳ ව්‍යාජ බියක් හටගෙන තිබේ.

අද (05) පෙරවරුවේ සිට පැවැති  අසත්‍ය කටකතාවක් හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල සුනාමි පිළිබඳ මෙම පුහු බිය පැතිර ගොස් තිබුණ ද එම ප්‍රදේශවල ජනතාව පවසනුයේ සෑම වසරකම පවත්නා වාරකං කාලය සමයේ මෙසේ මුහුදු රළ ප්‍රචන්ඩ වීම එම ප්‍රදේශවලට සාමාන්‍ය තත්ත්වයක් මිස කිසිසේත්ම සුනාමි ලක්ෂණයක් නොවන බවත්ය.

එමෙන්ම මෙම ව්‍යාජ භීතිකාව අද (05) දිනය පුරා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට කෙතරම් පැතිරගොස් තිබේද කිවහොත් මෙය කිසිසේත් බිය නොවිය යුතු සාමාන්‍ය තත්ත්වයක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ නිවේදනයක් මගින් දන්වා සිටී.

මේ අතර මුලතිව් නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව කුඩා මසුන් විශාල පිරිසක් මියගොස් තිබීම මුල් කොට ද මෙවන් සුනාමි භීතිකාවක් හටගෙන ඇති අතර මෙම මසුන් මියයාමට හේතුව ජලයේ පවත්නා අම්ලකර මට්ටම පහළ යාම කාලගුණික වෙනස් වීම නිසා හටගත් උෂ්ණත්වය හෝ ජලයට කිසියම් විශ ද්‍රව්‍යක් ‍මුසුවීම යන කරුණු තුනෙන් එකක් වියහැකි බවට මූලිකව අනුමාන කෙරේ.

ඒස්.ටී.පී සිල්වා{jcomments on}

දිඹුලාගල අරලගංවිල 503 කලාපයේ වෙල්යායක් මැද වගා ළිඳකට වැටී සිටි අලි තිදෙනෙකු ඊයේ(04) සවස ගොඩට ගෙන මාදුරුඔය රක්ෂිතයට මුදා හැරීමට වෙහෙරගල වනජීවි නිලධාරීන් සමත්වූහ.

ආහාර හා ජලය සොයා එනවිට මෙම ළිඳට වැටී ඇති බවට සැකකරන අලි තිදෙනා බැකෝ ආධාරයෙන් ළිඳ කපා ගොඩට ගැනීමට පැයක පමණ මෙහෙයුමක් සිදුකළ බව වෙහෙරගල වන අඩවි ආරක්ෂක යූ.ඒ.ජී.එම් ආරියසිංහ මහතා පැවසීය.

අවුරුදු 40,15 සහ 03 යන වස්වල පසුවන මෙම තුන්පත් රෑණ ගොඩට ගැනීමත් සමඟ බැකෝ යන්ත්‍රයට පහරදුන් බවද ආරිසිංහ මහතා සඳහන් කළේය.

ආර්.ආර් ශාන්ත,එන්.කේ.ජයන්ත, ප්‍රගීත් විදුරංග, ප්‍රියන්ත කුමාර, රියදුරු අමිල චින්තක යන වනජීවි නිලධාරීන් ද සිවිල් ආරක්ෂක මද්දුම බණ්ඩා, දිසානායක යන අය විසින් මෙම අලි ගොඩට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළහ. 


මනම්පිටිය - නිමල් ජයරත්න{jcomments on}

මට්ටක්කුලිය ජුබිලි මාවතේ දී අද පෙරවරු 11.30ට පමණ ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට, යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයකු මිය ගොස් ඇත.

වෙඩි වැදීමේන් මිය ගොස් ඇත්තේ සමිත්පුර, මට්ටක්කුලිය ලිපිනයේ පදිංචිකරුවෙක් වන  24 හැවැරිදි සුබයප්පු කංකානම්ලාගේ ගයාන් ජීවන්ත නොහොත් ඉසුරු  නැමැත්තෙකි.

මෙම ත්‍රී රෝද රථයේ මරණකරුගේ බිරිඳ හා දරුවාද ගමන් කර ඇති අතර ඔවුන්ට කිසිදු තුවාලයක් සිදුවී නොමැත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මට්ටක්කුලිය පොලීසිය සහ විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශනය සිදු කරයි.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අළුයම 2.30ට පමණ මධ්‍යම ලන්ඩනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. සංවිධානය බාර ගත් බව එහි නිල වෙඩ් අඩවිය මගීන් තහවුරු කොට ඇත.

සතොස මගින් පාකිස්ථානයෙන් ගෙන්වන ලද බාස්මතී සහල් විශේෂය පරිභෝජනයට නුසුදුසු බවට සමාජ ජාලා වෙබ අඩවි ඔස්සේ ගෙන යන ප්‍රචාරය, සතොස කීර්ති නාමය විනාශ කිරීම සඳහා ගෙන යන අසත්‍ය ප්‍රචාරයක් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉකුත් මැයි 15 දා මෙම සහල් මෙට්‍රික් ටොන් 20 ක් පමණ පාකිස්ථානයේ සිට මෙරටට ආනයනය කර ඇති අතර ඒවාද අනෙක් සහල් තොග මෙන්ම නියමිත ක්‍රමවේදයට අනුව තත්ත්ව පරීක්ෂාවට ලක්කර නිකුත් කර ඇති බවත් එම අමාත්‍යාංශය අවධාරණය කරයි.
මෙම සහල් තොගය තුළ ප්ලාස්ටික් මුසුවීමක් ඇති බවට ප්‍රචාරය වුවද, කිසිදු ආකාරයක ප්ලාස්ටික් අංශු මාත්‍රයක් හෝ අන්තර්ගත වී නැති බවට නැවත කරන ලද පරීක්ෂණයකදී තහවුරු වී ඇති බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
අනෙක් බාස්මතී සහල් වර්ග හා සැසඳීමේදී මෙම බාස්මතී සහල් වර්ගය පිසීමේදී බෙරි වීමේ ගතිය වැඩිපුර පෙන්වන බවත්, එය උපයෝගී කරගනිමින් මෙම අසත්‍ය ප්‍රචාරය ගෙන යන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
 
ගයාත්‍රි ගීගනආරච්චි

ඩෙංගු රෝගීන්ට ලබා දෙන ඩෙක්ස්ට්‍රෑන් ඖෂධය අවශ්‍ය තරම් තොග රෝහල්වලට බෙදා හැර ඇති බව වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතා සඳහන් කරයි.
ඩෙක්ස්ට්‍රෑන් ඖෂධ නොමැති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍යයට සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරන බවද හෙතෙම පවසා සිටියි.
හදිසි ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල ඩෙංගු රෝගය පැතිර යා හැකි බැවින් ඒ සඳහා අවශ්‍ය ඩෙක්ස්ට්‍රෑන් තොග රැස් කර තබා ගැනීමට ආපදා කමිටුවේදී එකඟ වූ බවත් ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා තායිලන්තයෙන් ඩෙක්ස්ට්‍රෑන් 5000ක තොගයක් කඩිනමින් ගෙන්වීමට කටයුතු කරන බවද වෛද්‍ය අමුණුගම මහතා සඳහන් කරයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා තවත් ඩෙක්ස්ට්‍රෑන් තොගයක් ගෙන ඒමට කටයුතු කර ඇති බවද වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියි.

ශ්‍රියානි විජේසිංහ

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5249

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3645

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5129

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5746

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6564

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4059

Please publish modules in offcanvas position.

X

Right Click

No right click