Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ලංකාව භයානක ව්‍යසනවලට ගොදුරු නොවීමට මනා අධ්‍යයනයකින් පසුව යෝජිත සැලැස්මක් හා යාන්ත්‍රණයක් සකස් කිරීමට අපි සැවොම මේ රට වෙනුවෙන් ඉදිරිපත්වීමට සුදුසු කාලය එළඹ තිබෙන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (06) ප්‍රකාශ කළේය.
ගංවතුර ව්‍යසනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායකවරයා මේ බව කීවේය. ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට ශෝකය පළ කරමින් කතානායකවරයා මෙසේද කීය.
පසුගිය දින කිහිපය තුළ ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අප දිවයිනේ දිස්ත්‍රික්ක අටකට ඇති වූ බරපතළ ගංවතුර ආපදාව නිසා ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් 200 කට අධික වටිනා මිනිස් ජීවිත සංඛ්‍යාවක් අහිමිවීමත්, දහස් සංඛ්‍යාත පිරිස් අවතැන්වීමත්, සිදුවූ විශාල දේපළ හානියත්, පිළිබඳව දැඩි කම්පාවෙන් සිහිපත් කරන අතර මෙලෙස අභාග්‍ය සම්පන්න ලෙස ගංවතුර හා විවිධ ස්ථානවල ඇතිවූ නායයාම් හේතුවෙන් මෙලොවින් වියෝ වූ ඒ අහිංසක, අසරණ ජීවිත වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සාතිශය සංවේගය පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.
අපගේ පාලනයෙන් තොරවූ, මෙම ස්වභාවික විපත්තියෙන් අන්ත, අසරණ වූ ජන ජීවිත යළිත් යථා තත්ත්වයට පත් කිරීමේ ඒකායන පරමාර්ථයෙන් මානවීය දයා කරුණාව පෙරදැරි කරගෙන නිල රාජකාරියට වඩා පරිත්‍යාගශීලි ළෙන්ගතුකමකින් කාලය, ශ්‍රමය වැය කරමින් ඉදිරිපත් වී මේ වන විටත් කටයුතු කරමින් සිටින ත්‍රිවිධ හමුදාව, ‍පොලීසිය ඇතුළු සියලුම ආරක්ෂක අංශවලටත්, රාජ්‍ය සේවයේ නිලධාරි මහත්ම මහත්මීන්ටත්, ඊට සම්බන්ධවූ අනෙකුත් සියලුම ආයතන, විවිධ සංවිධාන, පුද්ගලයන්ටත් පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මාගේ හෘදයාංගම කෘතඥතාව ඒ සෑම සියලු දෙනා වෙනුවෙන්ම පළකර සිටින බව මෙහිලා සඳහන් කරමි.
එම ප්‍රජා සේවා කටයුතුවල නියැලීමේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ එම ගුවන් හමුදා නිලධාරියා ඉතාමත් සංවේදීව සිහිපත් කරන අතරම එම නිලධාරියාගේ දේහයට පාර්ලිමේන්තුව වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමටද මට හැකිවූ බව ප්‍රකාශ කරමි.
තවද විවිධ වූ මාධ්‍ය ආයතන, මාධ්‍ය වාර්තා කිරීමෙන් ඔබ්බට යමින් අවතැන්වූ, අසරණ වූ තම සහෝදර ජනතාව වෙනුවෙන් ආධාර ලබා දෙමින් සහන සැලසීමෙන් කළා වූ උත්තුංග කාර්යය වෙනුවෙන් සියලුම මාධ්‍ය ආයතනවලටත්, ස්වේච්ඡා සංවිධානවලටත්, අනෙකුත් පරිත්‍යාගශීලින්ටත්, මාගේ කෘතවේදීත්වය පිරිනමමි.
රුදුරු ගංවතුර උවදුරින් උන්හිටි තැන් අහිමි වී, අන්ත අසරණ වූ ජනතාවට කිසියම් හෝ සහනයක් ලබාදීමට මා ගිය සෑම තැනකදීම ආණ්ඩු පාර්ශ්වයේ සහ විරුද්ධ පාර්ශ්වයේ සියලුම පාර්ලිමේන්තු ජනතා නියෝජිතයන් අවධාරණය කරමින් පවසා සිටියේ පක්ෂ, පාට, පටු බෙදීම් පසෙක ලා ඉදිරියේදී මෙවැනි ඛිෙදවාචකයන්ට මුහුණ දීමටත්, ජීවිත, දේපළ හානි අවම කර ගැනීමටත්, ආපදා කළමනාකරණය වෙනුවෙන් යෝග්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීම ඉතාමත් කාලෝචිත බවය.
අප දිවයිනේ ඉදිරි පරම්පරාවටත්, නූපන් පරපුරටත්, මෙවන් භයානක ව්‍යසනවලට ගොදුරු නොවීමට මනා අධ්‍යයනයකින් පසුව යෝජිත සැලැස්මක් හා යාන්ත්‍රණයක් සකස් කිරීමට අපි සැවොම අපගේ මේ කුඩා රට වෙනුවෙන් ඉදිරිපත් වීමට සුදුසු කාලය එළඹ තිබෙන බව මොනවට පැහැදිලි වෙයි. මෙවැනි ක්‍රියාකාරකම් වෙනුවෙන් අති විශාල මුදලක් අවශ්‍ය වුවත්, අපේ රට අද ලෝකයේ හොඳ හිත, සුහදත්වය අත්පත් කරගත් යහපත් රාජ්‍යයක් ලෙස එවැනි මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම දුෂ්කර කාර්යයක් නොවන බව මාගේ එකම විශ්වාසයයි. එම නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන සැබෑ, සංවේදී ජනතා නියෝජිතයන් ලෙස අප සැවොම එකට එකමුතු වී අත්වැල් බැඳගෙන මෙම ‍පොදු අරමුණ වෙනුවෙන් සුදුසු ඉක්මන් වැඩපිළිවෙලකට අවතීරණ වීමට අධිෂ්ඨාන කර ගනිමු.

ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද (06) දැනුම් දුන්නේය. පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී දිනට නියමිත නිවේදන ප්‍රකාශයට පත් කරමින් කථානායකවරයා මෙසේද කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) වන ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි.
පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව දන්වනු කැමැත්තෙමි. “අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ තැනැත්තා” යන්නෙහි නිර්වචනය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් පරිදි සංශෝධනය කළ යුතු බවට තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇත.

ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න{jcomments on}

දරුවන් වෙනුවෙන් ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කම ඉදිරි මාස තුන ඇතුළතදී කොළඹ රිජ්වේ ළමා රෝහ‍ලේදී ආරම්භ කරන බව සෞඛ්‍ය, ‍පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
දරුවන්ගේ ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා රුපියල් මිලියන 05ක මුදලක් වැය වන බවත් එවැනි මුදලක් වැය කිරීමට අපේ රටේ දෙමාපියන්ට හැකියාවක්  නැති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
මහරගම අපේක්ෂා රෝහ‍ලේ පිළිකා රෝගීන්ගේ ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කම් මේ වනවිට ආරම්භ කර තිබෙන බව පැවැසූ දොස්තර රාජිත සේනාරත්න මහතා, තැලසීමියා රෝගීන්ගේ ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කම් මහනුවර මහරෝහ‍ලේදී ආරම්භ කරන බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

කමණී හෙට්ටිආරච්චි/ ශ්‍රියානි විජේසිංහ

නඩුවකට පෙනී සිටි සැකකරුවකු වෙනත් වරෙන්තුවකට අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් අධිකරණ භූමියෙන් පිටතට වී සිටින බව පවසමින් ඔහු අනුරාධපුර අධිකරණ සංකිර්ණයේ ප‍්‍රධාන ගොඩනැගිල්ලේ වහලය මතට නැගී ඊයේ (06* දහවල් විරෝධතාවක නිරත විය.
සැකකරු අනුරාධපුර නව නගරයේ පදිංචි 40 හැවිරිදි රත්තා යන අන්වර්ථ නාමයෙන් හ`දුන්වන අතර, ඔහු උප පොලිස් පරීක්ෂකවරයකුට යකඩ ඉන්නකින් පහර දී තුවාල සිදු කිරීම, තරුණයකුට අමානුෂික ලෙස පහර දී තුවාල  කිරීම ඇතුළු අධිකරණයේ විභාග වන නඩු අටක පමණ සැකකරුවකු බව පොලීසිය පවසයි.
සැකකරු අධිකරණ සංකීර්ණයේ වහලය මතට නැගී විරෝධතාවේ යෙදෙද්දී අනුරාධපුර හිටපු ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු තීන්දු කිහිපයක් ලබා දෙමින් සිටියාය.
ඔහු අද (06) අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැති නඩුවට ඉදිරිපත් වී නැවත අධිකරණ භූමියෙන් පිටවීමට යන අවස්ථාවේ පොලිස් නිලධාරීන් අධිකරණය නිකුත් කර තිබෙන වරෙන්තුවකට අත්අඩංගුවට පැමිණ සිටීම නිසා පිටතට නොගොස් ප‍්‍රධාන ගොඩනැගිල්ලට ආසන්නයේ වූ ගසක ආධාරයෙන් වහලයට නැගී විරෝධතාවයේ නිරතවිය.
මාව අල්ලන්න පොලීසියෙන් ඇවිල්ලා දැන් අල්ල ගත්තහම ගුටිකන්න වෙනවා. මම බහින්නෑ බිමට කියමින් ඔහු ප‍්‍රධාන ගොඩනැගිල්ලේ වහලය මතට වී වාඩි වී සිටියේය. එහෙත් කිසිදු නිලධාරියකු එම අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගැනීමට පැමිණ නොසිටි අතර අධිකරණ කාර්ය මණ්ඩලය නීතිඥවරුන් හා පොලිස් නිලධාරීන් ඔහුට වහලය මතින් බිමට බසින ලෙස දැන්වූවත් ඔහු පැයකට වැඩි කාලයක් වහලය මතට වී සිටියේය.
සැකකරු වහලය මතට වී සිටින අයුරු අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂන් මහතා නිරීක්ෂණය කළ අතර පසුව උසාවි පොලිස් නිලධාරියා විසින් ඔහුට වහලයෙන් බිමට බසින ලෙස විනිසුරුතුමන් නියෝග කළ බව පැවැසුවේය.
ඒ අනුව සැකකරු වහලයෙන් බිමට බැස්ස අතර අධිකරණයට අපහාස සිදුවන අන්දමෙන් කටයුතු කිරීම නිසා සැකකරු අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු බරපතළ වැඩ සහිතව මාස හයක සිර ද`ඩුවමක් ලබා දීමට නියෝග කර එය වසර 5කට අත්හිටුවන ලෙස මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
තවද මින් ඉදිරියට අධිකරණයට අපහාස වන අයුරින් නොහැසිරෙන ලෙස සැකකරුට මහේස්ත‍්‍රාත්වරයා තරයේ අවවාද කළේය.

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර{jcomments on}

කටාර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් මේ වන විට මතුවී නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති ඒ. එස්. පී. ලියනගේ මහතා ප්‍රකාශ කර සිටී.
කෙසේ වෙතත් මේ දිනවල කටාර් වෙත ක්‍රියාත්මක ගුවන් ගමන්වලට දැඩි තදබදයක් පවතින බවත්, ඒ අනුව මේ දිනවල කටාර් වෙත පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් තම ගුවන් ගමන් දින කිහිපයක් ප්‍රමාද කිරීම වඩාත් යෝග්‍ය වන බවත් ලියනගේ මහතා මාධ්‍ය වෙත අද (6) ප්‍රකාශ කළේය.
එසේම කටාර් සිට යළි මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් කටාර්හි බැංකු හරහාම තම කටාර් රියාල්, ඩොලර් බවට හරවා ගැනීමද වඩාත් යෝග්‍ය වන බව ලියනගේ මහතා සඳහන් කරයි.
මේ අතර කටුනායක ගුවන් තොටු‍පොළේ බැංකු ශාඛා කිහිපයක්ම අද (6) දින පෙරවරුවේ කටාර්හි මුදල් ඒකකය වන කටාර් රියාල් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා එරට සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් මහත් අපහසුතාවට පත්විය.
කෙසේ නමුත් ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා බැංකුව අවධාරණය කර සිටියේ කටාර් රියාල් භාර නොගන්නා ලෙසට තම ආයතනය මෙරට කිසිදු බැංකුවකට දැනුම් දී නොමැති බවයි.
මහ බැංකුව එම නිවේදනය නිකුත් කරලීමෙන් අනතුරුව අද (6) පස්වරුවේ කටුනායක ගුවන් තොටු‍පොළේ බැංකු ශාඛාවන්ද යළි කටාර් රියාල් භාරගැනීම ආරම්භ කළහ.
කටාර් අර්බුදයෙන් ලාංකිකයන්ට කිසිඳු ගැටලුවක් නැති බවත්, ඕනෑම හදිසි මොහොතකදී ලාංකික ශ්‍රමිකයින්ට කිසිඳු ගැටලුවක් නැති බවත්, ඕනෑම හදිසි මොහොතකදී ලාංකික ශ්‍රමිකයින්  දිවයිනට ගෙන්වා ගැනීමට සූදානම් බවත් විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.
එරට රැකියා කරන අපේ ශ්‍රමිකයන්ට දිවයිනට එන්න අවශ්‍ය නම් අපේ තානාපති කාර්යාලය දැනුවත් කරන්න කියලා ඉල්ලීම් කරනවා. කටාර්වල රැකියාව කරන අයට තානාපති කාර්යාලයත්  සමග සම්බන්ධතා පවත්වගන්න පුළුවන්. ඒ ගැන කිසිම ගැටලුවක් නෑ. මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අයව ගෙන්වගන්න අපි අවශ්‍ය කටයුතු කරනවා. යැයි ද ඇමැතිනිය වැඩිදුරටත් පවසන්නීය.

පැතුම් වික්‍රමරත්න, පද්මිණී මාතරගේ

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සීනි සඳහා වන විශේෂිත රේගු බද්ද කිලෝවකට රුපියල් 10 ක් වශයෙන් වැඩි කරන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

ජාත්‍යන්තර වෙළඳ පොළේ සීනි මිල පහළ බැසීම නිසා දේශීය සීනි නිෂ්පාදනය ඇතිවිය හැකි අහිතකර බලපෑම් දුරලීමටත් කුඩා පරිමාණයේ දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගැනීමට මෙම බදු මුදල වැඩි කිරීම හේතු වන බව පැවසේ.

නමුදු මෙසේ රේගු බද්ද වශයෙන් වැඩි කළ රුපියල් 10යේ මුදල කිසිසේත්ම පාරිභෝගිකයන් වෙත නොපැටෙවෙන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

Quatarසෞදි අරාබිය විසින් කටාර් ගුවන් සේවය වෙත නිකුත් කර තිබූ ගුවන් ගමන් බලපත්‍රය අත්හිටුවා ඇත. තවද කටාර් ගුවන් සේවය විසින් සෞදි අරාබිය තුළ පවත්වාගෙන යන කාර්‍යාල පැය 48 කාලයක් සඳහා වසා දමන ලෙසද නියෝග කර ඇත. 
කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට උදව්ක රන බවට චෝදනා කරමින් සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල් කීපයක් කටාර් රාජ්‍ය සමඟ පවතින සබඳතා නවතා දමා තිබේ.

Angelo Mathews 1ආබාධයක් හේතුවෙන් අයි සී සී චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරඟයට ක්‍රීඩා නොකළ ඇන්ජලෝ මැතිව්ස් මීළඟ තරඟය සඳහා ක්‍රීඩා කරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ අනුව ජූනි 08 වන දා ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟයේදී ඔහු යළි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත.

නායයාමට ලක්වූ මීතොටමුල්ල කුණු කන්ද පිළිබදව පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් කරන ලද පූර්ණ අධ්‍යයන වාර්තාව ශ්‍රී ලංකා පොලීසිය වෙත භාරදීම අද  (06) විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨයේදී සිදුවිය.

ඉකුත් අප්‍රේල් මස නාය යාමට පත්වූ කුණු කන්ද පිළිබඳව විධිමත් අධ්‍යනයක් විශ්ව විද්‍යාලය මගින් සිදුකළ අතර එහි වාර්තාව ඉදිරියේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්යය මණ්ඩලය විසින් කරන ලද විධිමත් අධ්‍යනයේ වාර්තාව එහි සම්බන්ධිකාරක ආචාර්ය ජයලත් දිසානායක මහතා විසින් උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා වෙත භාර දුන් අතර උපකුලපතිවරයා විසින් එම වාර්තාව පොලිස් පරිසර ඒකකයේ සහකාර පොලිස් අධිකාරී ඩී.කේ.මනෝජ් පෙරේරා මහතා වෙත භාර දෙන ලදි.

ඒ අනුව අධ්‍යයන වාර්තාව සිදුකළ 14 දෙනෙකුගෙන් සමන්විත විද්වත් මඩුල්ලේ සම්බන්ධීකාරක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජයලත් එදිරිසිංහ මහතා අදහස් දක්වමින් කරුණු රැසක් යටතේ අධ්‍යනය සිදුකළ බවත් එහිදී මෙය භූමි කම්පාවක් සිදුවීම, කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද වැනි කරුණු පිළිබදවත් විධිමත් අධ්‍යනයක් සිදුකළ බව කීවේය.

කුණ කන්ද නාය යාම සම්බන්ධයෙන් නිකුත් වූ අධිකරණ නියෝගය නිසා වාර්තාව පිළිබද තොරතුරු මාධ්‍යයට වාර්තා කිරීමේ වාරණයක් පැනවී ඇති නිසා එහි අන්තර්ගතය පැහැදිලි කළ නොහැකි බව කීවේය. නමුත් කුණු කන්ද නාය යාම කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවත් එය යම් ස්වාභාවික ක්‍රියාවලියක් වන බව කී ආචාර්යවරයා වැඩි තොරතුරු වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනාවරණය කළ හැකි යැයි කීවේය.

කුණු කන්දේ කානු පටුවීම, නාය යාමට පෙර රසායනික ද්‍රව්‍යයක් ඉසීම වැනි දේ ද මෙහිදී දීර්ඝ වශයෙන් අධ්‍යයනය කළ බව ද ආචාර්යවරයා සදහන් කළේය.

පරිසර පොලිස් ඒකකයේ සහකාර පොලිස් අධිකාරී ඩී.කේ. මනෝජ් පෙරේරා  මහතා අදහස් දක්වමින්

"තමන් මෙම වාර්තාව ශ්‍රී ලංකා පොලීසිය මගින් සදුදා (05) අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් එහිදී අධිකරණය මගින් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බව කීවේය. පොලිසීය කරන ලද අධ්‍යනයන්හිදී කුණු කන්ද නාය යාම කඩාකප්පල් කාරී ක්‍රියාවක් නොවන බව තහවුරු වූ බව ද කිවේය. මෙම වාර්තාව කුණු කන්දේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා බෙහෙවින් ඉවහල් වන බවත් ඇතැම් විට යළි පදිංචි කිරීම්,වන්දි ලබාදීම් වැනි අවස්ථාවලදී ද මෙය උපයෝගී කර ගත හැකි යැයි කීවේය.

උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයේ පැවැති වාර්තාව ශ්‍රී ලංකා රජයට භාර දීමේ අවස්ථාව සඳහා එම වාර්තාව සකස් කිරීමට දායකත්වය දැක්වූ මහාචාර්ය එච්.එන්.සෙනෙවිරත්න, මහාචාර්ය එස්.බී.එස්.අබේකෝන්, ආචාර්ය එල්.සී.කුරුකුලසූරිය, ආචාර්ය ජී.බී.බී.හේරත්, ආචාර්ය එච්.කේ.නන්දලාල්, ආචාර්ය එස්.එන්.ජිනදාස, ආචාර්ය කේ.කේ. චමිදු, ආචාර්ය ආර්.ජී.අතපත්තු,  ආචාර්ය සී.එස්.කල්පගේ, මහාචාර්ය එස්.පී.නිශ්ශංක, ආචාර්ය එම්.අයි.එම්. මව්ජූඩ්, ආචාර්ය ඒ.කේ.කරුණාරත්න, මහාචාර්ය එම්.ආර්.පින්නවල යන මහත්ම මහත්මීන් ද එක්විය.




නදීක දයා බණ්ඩාර - මහනුවර{jcomments on}

ඉදිරි පොසොන් දිනවල අනුරාධපුරය, පොලොන්නරුව යන පූජනීය නගර ඇතුළු ශ්‍රී ලංකාවේ සෙසු පුදබිම් ආශ්‍රිතව සිදුවිය හැකි ජල අනතුරු වැලැක්වීම පිණිස විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් සකස් කොට ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

අනාරක්ෂිත අයුරින් ජලාශ වලට බැසීම, මත්පැන් පානයෙන් පසු ජලාශ වලින් දිය නෑම, කිඹුලන් හිඳින ජලාශ පරිහරණය කිරීම ආදිය මෙම දිය අනතුරු වලට මුල් වන බව පවසන පොලිස් මූලස්ථානය එකී කටයුතු වලින් වළකින ලෙස මහජනතාවට අවවාද කරයි.

මේ අතර පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් එම ජලාශ ආශ්‍රිතව සේවයේ යොදවා ඇති අතර මත්පැන්, මත්ද්‍රව්‍ය අලවිය සහ භාවිතය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්ද එම ප්‍රදේශවල රඳවා ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය  කරයි.

ඉදිරි පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන වන්දනා කරුවන් සෙසු පළාත්වල පූජනීය ස්ථාන වෙතද යාමේ නැඹුරුවක් පවතින බැවින් එසේ වැඩි ජනගහණයක් ගැවසෙන ප්‍රදේශ කෙරෙහිද විශේෂ අවධානයක් යොමු වනු ඇත.

මේ අතර මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා යොදවා ඇති අතර උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය දක්වා පටු දුම්රිය පාලම් කිහිපයක් ඇති බැවින් දුම්රියෙහි පාපුව‍රුවෙහි ගමන් කිරීම අතිශය අවදානම් බව දුම්රිය මූලස්ථානය නිවේදනය කරයි.

දුම්රියේ පාපුවරුවෙහි ගමන් කිරීම නිසා එම පාලම්වල බ‍ඳෙහි ගැටීමෙන් සෑම පොසොන් සමයකම මිනිස් ජීවිත කිහිපය බැගින් විනාශවන බව පෙන්වා දෙන දුම්රිය මූලස්ථානය මගීන්ගේ ඔවුන්ගේ බඩුබාහිරාදියෙහි හා දුම්රිය දේපළවල ආරක්ෂාව සඳහා ඉදිරි දින කිහිපය තුළ එම මාර්ගයේ දුම්රිය ආරක්ෂක සේවා ජාලය තර කර ඇතැයි නිවේදනය කරයි.

සහන් සංකල්ප සිල්වා{jcomments on}

 

2016 - 2017 යන අධ්‍යයන වර්ෂයට අදාලව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු  අද (06) ප්‍රකාශයට පත් කොට ඇත.  ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් මේ වන විට අදාල කඩඉම් ලකුණු දැන ගැනීමේ හැකියාව පවතී.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය - http://www.ugc.ac.lk

 

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5227

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3637

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5124

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5742

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6557

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4054

Please publish modules in offcanvas position.

X

Right Click

No right click