Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රජය මගින් ඉකුත් දා ප්‍රකාශයට පත් කෙරුණු නව කැබිනට් සංශෝධනයට අනුව ඒ ඒ අමාත්‍යංශවලට අයත් ආයතන හා විෂයන් වෙන් කෙරෙන නව ගැසට් නිවේදනය නිකුත් වී තිබේ.
ඒ අනුව මතෛක් මුදල් අමාත්‍යංශය සතුව තිබූ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පත් කර ඇත. විදේශ කටයුතු අමාත්‍යංශය සතුව මතෛක් පැවැති ආයතනවලට අමතරව එම නව ආයතන දෙකද ඇතුළත් කර ඇත.
එමෙන්ම මෙම නව ආයතන ගැසට් කිරීම යටතේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ජාතික චිත්‍රපට සංස්ථාව සහ රාජ්‍ය  මුද්‍රණ නීතිගත සංස්ථාව යන ආයතන රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය යටතට පත් කර ඇත. එම ආයතන තුන මීට පෙර ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පැවැතිණි.
ඊට අමතරව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල හා මිලෝදා ආයතනය සංවර්ධන කාර්යභාර අමාත්‍යංශය යටතට ගැසට් කර ඇත. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල කලින් අගමැතිවරයා යටතේ පැවැති ආයතනයකි.
ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ආයතන 33ක් ගැසට් කර ඇති අතර විදේශ කටයුතු අමාත්‍යංශයට ආයතන 5ක්ද, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයට ආයතන 8ක්, සංවර්ධන කාර්යභාර අමාත්‍යංශයට ආයතන 3ක්ද අයත් වේ. ඊට අමතරව කන්ත‍ලේ සීනි සමාගමද ඇතුළත් කරමින් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයට ආයතන 8ක් අයත්ව ඇත.
 
ලසන්ත වීරකුලසූරිය/ ගයාත්‍රි ගීගනආරච්චි

දිවයින පුරා මදුරු කීට ඝනත්වය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර එය බ්‍රිටෝ දර්ශක 20 (මදුරු ඝනත්වය මනින ඒකකය) ඉක්මවන බවද කීට විද්‍යා පුහුණු පාස‍ලේ විදුහල්පති නජිත් සුමනසේන මහතා සඳහන් කරයි.
සාමාන්‍යයෙන් මෙම අගය 5ට වඩා අඩු විය යුතු බවත් එය 5ට වඩා වැඩි වන්නේ නම් එයින් හෙළි වන්නේ ඩෙංගු වසංගත තත්ත්වයක් හෝ අධි වසංගත තත්ත්වයක් ඇති විය හැකි බව යැයිද හෙතෙම පැවැසීය.
මදුරුවන්ගේ ශරීරයේ පවතින වෛරසය හඳුනා ගැනීමේ පහසුකම් අප රට තුළ නොමැති බැවින් ඩෙංගු වසංගත තත්ත්වයන් ඇති වන ප්‍රදේශයන් කල් තියා හඳුනාගත නොහැකි බවද නජිත් මහතා පෙන්වා දේ.
කෙසේ නමුත් මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 59760ක් වන අතර ඉන් පුද්ගලයින් 150කට අධික පිරිසක් මියගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දී ඇතැයි නජිත් මහතා සඳහන් කරයි.
මෙසේ වාර්තා වී ඇති රෝගීන්ගෙන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 13111ක් බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ එම සංඛ්‍යාව 8745ක් බවද පැවැසේ.
 
ශ්‍රියානි විජේසිංහ

ලබන ජූලි 1දා සිට බස් ගාස්තුවේ වැඩිවීමක් සිදුවිය හැකි අතර රු9 අවම ගාස්තුව රුපියල් 10 දක්වා ඉහළ යා හැකි බව අනුමාන කෙරේ.

මේ සම්බන්ධයෙන් මූලිකම අදහස් පළ කරල ලද්දේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාතය අශෝක් අබේසිංහ මහතා කුරුණෑගල පැවැති මාධ්‍ය හමුවකදීය.

සෑම වසරකම ජූලි මාසයේ බස් ගාස්තු සංශෝධනයකට ඉඩ ඇති අතර අදාල පාර්ශවන් සමඟ සාකච්ඡා කොට 6% - 6.5% අතර මුදලකින් බස් ගාස්තු ඉහළ නැවීමට අවකාශ ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

දැනට රුපියල් 9 බස් ගාස්තුව සඳහා රුපියල් 10ක මුදලක් දුන් පසු ඉතිරි රුපියල මගියාට නොලැබෙන අතර ඒ මුදල ලංකා ගමනාගමන මණ්ඩලයට හෝ පෞද්ගලික බස් හිමියාට අතට පත් නොවීමේ පසුබිමක් තුළ අවම බස් ගාස්තුව රුපියල් 10 වීමේ ඉඩකඩක් ඇතැයි ද ඇමතිවරයා කීය.

එහෙත් ජූලි මාසයේ බස් ගාස්තු සංශෝධනයක් කිරීම පිළිබඳව මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

දමයන්ති ගමගේ{jcomments on}

පසුගිය ජුනි 8දා සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් හෙලිනොවු තවත් අතුරු කතාවක් ඇතැයි මුතුරාජවෙල පරිසරය සුරැකීමේ නාගොඩ සංවිධානයේ ප්‍රකාශකයෙක් ලක්බිම ඔන්ලයින් වෙත පැවසීය.

මුතුරාජවෙල තෙත් බිම වෙත කොළඹ නගර සභාවේ කැලිකසල බැහැර කිරීම සම්බන්ධයෙන් ජෝන් අමරතුංග අමාත්‍යවරයාද වගඋත්තර කරුවෙකු වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තම සංවිධානය ඇමතිවරයා හා සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර ඒ සඳහා පසුගිය ජුනි 8දා පෙරවරු 10ට කඳානේ පිහිටි තම නිවසට පැමිණෙන මෙන් ඇමතිවරයා තම සංවිධාන නියෝජිතයන්ට දන්වා සිටි බව ඒ ප්‍රකාශකයා කීය.

එම අවස්ථාවේදී ඇමතිවරයා හා පැවැත්වූ සාකච්ඡාවකට ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවිල මහතාද සහභාගි වී තිබේ. එම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් දෙදෙනෙකු පමණක් සහභාගී වූ බවද එම නියෝජිතයා කීය.

එහිදි කවර තත්වයක් යටතේ හෝ මුතුරාජවෙල ගොඩ කිරීමට ඉඩ දිය නොහැකි බව එම සංවිධානයේ සාමාජිකයන් ඇමැතිවරයාට තදින්ම බලපෑම් කළ අතර එම රැස්වීමට සහභාගී වූ පිරිසෙන් වැඩි දෙනෙකු එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පලාත් සභා මන්ත්‍රි ඊ. සිරිකමල් ද සිල්වා මහතා සමඟ පැමිණි එක්සත් ජාතික පාක්ෂිකයන් බවද එම නියෝජිතයා කීය.

"මම තමුන්නාසේලා කියන දේවල් කරන්නේ නැත්නම් තමුන්නාසේලා මට විරුද්ධව උද්ඝෝෂණය කරන්න." ඇමතිවරයා එහිදී පරිසර නියෝජිතයන්ට කියා තිබේ.

"අපි එහෙම කළොත් ඔබ තුමාට පුළුවන් අපිව අත්අඩංගුවට ගන්න." එහිදී මුතුරාජවෙල සුරැකීමේ සංවිධාන නියෝජිතයන් ඇමතිවරයාට පවසා තිබේ.

"එහෙම නම් ඉතින් මට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්න පුළුවන් නේ" ඇමතිවරයා එසේ කියත්ම "අපිට නීතියෙන් හැපෙන්න තරම් සල්ලි නැහැ" පරිසර නියෝජිතයින් කියා ඇත.

"හොඳයි එහෙනම් මම නොමිලේ නීතිඥ සහායත් අරන් දෙන්නම්" ඒ සමඟම ඇමතිවරයා පරිසර නියෝජිකයන්ට කියා තිබේ.

මෙම රැස්වීම විඩියෝගත කළ මාධ්‍යවේදී දෙදෙනාගෙන් එක් මාධ්‍යවේදියෙක් "මට ඔබ තුමාගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න තියෙනවා" යනුවෙන් අසා ඇත්තේ ඉන් පසුවය.

ඒ වන විට තරමක මානසික බිඳවැටීමකින් සිටි ඇමතිවරයා "අමුතුවෙන් මොනව අහන්නද ඔය ටික දාන්න" යැයි කියා තිබේ.

ඇමතිවරයා සහ මාධ්‍යවේදියා අතර බහින්බස්වීමක් සිදුව ඇත්තේ ඉන් අනතුරුවය.

රූපවාහිනි චැනල් කිහිපයකම මයික්‍රෆෝන් අතින් ගෙන තමන් පසු පසින් ලුහු බදින මාධ්‍යවේදීයාගෙන් ඇමතිවරයා ඒ පිළිබඳවද අසා තිබේ.

එහෙත් ඒ කිසිවක් මාධ්‍ය මගීන් ප්‍රචාරය නොවූ බවත් ඇමතිවරයා කුපිත වීමෙන් පසුව ඔහු හැසුරුණු ආකාරය පමණක් මාධ්‍ය මගීන් ප්‍රචාරය වූ බවත් මුතුරාජවෙල සුරැකීමේ සංවිධානයේ නියොජිතයා කීය.

"ඒ රැස්වීමේදී ඇමතිවරයාගෙන් කිසිදු සහනයක් තමන් වෙත නොලැබුණු නමුත් තම අදහස් සියල්ල ප්‍රකාශ කොට රැස්වීමෙන් පිටව යන ඇමතිවරයා පසු පස යමින් ඔහු කෝප ගැන්වෙන සේ තවත් ප්‍රශ්න අසා ඉන් පසු කොටස පමණක් මාධ්‍ය මගීන් ප්‍රචාරය වීම සම්බන්ධයෙන් ද තමන් දැඩි සේ කම්පා වන බවත් මුතුරාජවෙල සුරැකීමේ සංවිධානයේ නියෝජිතයා ලක්බිම ඔන්ලයින් වෙත පැවසීය.

ප්‍රසංග පෙරේරා - ජා ඇල{jcomments on}

මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි වූ නිසා ඩිමොක්‍රටික් යුනියනිස්ට් පක්ෂය සමඟ හවුල් ආණ්ඩුවක් අරඹන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ඊයේ ප්‍රකාශ කළාය.

තනි  ආණ්ඩුවක් පිහිටුවීම පිණිස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ආසන 650න් හරි අඩකට වඩා එනම් 326ක වත් බලය ලබා ගත යුතු වුවද මෙවර මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට එම බහුතර බලය ලබාගත නොහැකි විය.

තෙරේසා මේගේ නායකත්වයෙන් යුත් කන්සර්වේටිව් පක්ෂයට මෙවර දිනා ගත හැකිවූයේ ආසන 319ක් පමණි.මේ අතර මෙවර මැතිවරණයේදී ආසන 261ක බලය ලබා ගැනීමට ජෙරමි කෝබින්ගේ කම්කරු පක්ෂයට හැකිවී තිබේ. තෙරේසා මේ සමග හවුල් රජයක් පිහිටවන ඩිමොක්‍රටික් යුනියනිස්ට් පක්ෂයට මෙවර ලබා ගත හැකිවූයේ ආසන 10ක බලය පමණි.

ඒ අනුව තෙරේසා මේගේ නායකත්වයෙන් යුත් නව රජය ආසන329කින් සමන්විත වනු ඇත.

 

 

ගංවතුර හා නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයන්ට හා දේ‍පොළ හානිවීම් වෙනුවෙන් ගෙවීම සඳහා රුපියල් කෝටි 888ක මුදලක් අවශ්‍ය වන බව ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කළේය. එම වන්දි මුදල් සතයක් අඩු නැතුව ගෙවන බව ප්‍රකාශ කළ ඇමැතිවරයා ඊට අමතරව ආබාධයට ලක්වූ මිනිසුන් හා අර්ධ හානිවූ නිවාස සඳහාද වන්දි ගෙවන බවද කීවේය. ඉහත වන්දි මුදල් ශ්‍රී ලංකාව ඇතුළත් වී ඇති රක්ෂණ ආවරණයෙන් ගෙවීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
වන්දි ගෙවීමට අවශ්‍ය රුපියල් කෝටි 888න් රුපියල් කෝටි 27ක මුදලක් මේ වනවිටත් එම රක්ෂණ සමාගමෙන් මුදාහැර ඇති බවද ඇමැතිවරයා පැවැසීය. වන්දි ගෙවීම්වලට අමතරව අනෙකුත් වියදම් සඳහා රජය රුපියල් කෝටි 24ක් වැයකර ඇති බවද කීවේය. ශ්‍රී ලංකාව රක්ෂණය වුවත් ගිය වසරේ රක්ෂණ වාරිකය නොගෙවීම නිසා ප්‍රතිරක්ෂණ මුදල් නොලැබිමේ අවදානමක් තිබේදැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු  දෙමින් ඇමැතිවරයා කීවේ එම රක්ෂණ වාරික ගෙවා ඇති බවයි. ගංවතුර ආපදාව සම්බන්ධයෙන් ඉකුත් සිකුරාදා පැවැති සභාව කල්තැබිමේ විවාදයේදී ඇමැතිවරයා මේ බව කීවේය.

ලසන්ත වීරකුලසූරිය

හැටන් දික්ඔය නගර සභාවේ කැළි කසළ බැහැර කිරිම සඳහා හැටන් ස්ටැඩන් වතුයායෙන් අක්කර පහක ඉඩමක් ලබා දීමට වතුපාලන අධිකාරිය කටයුතු කිරීමට එරෙහිව එම වතුයායේ වතුකම්කරුවන් පිරිසක් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගය අවහිර කරම්න් වතුකම්කරුවන් පිරිසක් අද (09) පස්වරුවේ උද්ඝෝෂණයක් ආරම්භ කළේය.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (09) පස්වරු 2.15 සිට 3.00 දක්වා ඇණහිටියා. පසුව හැටන් පොලිසියේ නිලධාරින්ගේ මැදිහත්වීමකින් ගමනා ගමන කටයුතු යළි යථාතත්ත්වයට පත්විය. වතුකම්කරුවන් අවධාරණය කරන්නේ තමන්ට ලබා දීමට තිබු ඉඩම් නගර සභාවේ කැළි කසළ බැහැර කිරීමට ලබා දුනහොත් ඉන් තමන්ට පරිසර ගැටලූ රැසක් මතුවන බවයි.

එම ඉඩම නිරික්‍ෂණය කිරිම සඳහා නුවරඑළිය දිස්ති‍්‍රක් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ති‍්‍ර කේ.කේ පියදාස අඹගමුව ප‍්‍රාදේශිය ලේකම් අර්.ටි.පි සුමණසේකර හැටන් දික්ඔය නගර සභාවේ එස්. පි‍්‍රයදර්ශනි මහත්මිය ඇතුලූ රාජ්‍ය නිලධාරින් එම වතුයායට පැමිණ ගිය පසු වතුකම්කරුවන් මෙම උද්ඝෝෂණ ඇඹූහ.


රන්ජිත් රාජපක්ෂ - හැටන්{jcomments on}
 

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට පසුගිය දිනවල ඇදහැලූණු අධික වර්ෂාවත් සමගම කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි අටදක්වා ඉහළ ගොස් ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.

පසුගිය දිනවල මධ්‍යම කදුකරයේ පැවති වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි තිස්පහ දක්වා පහළ බැස තිබුණා.

ජලාශයේ ජල මට්ටම ඉහළ යෑමත් සමගම විමලසුරේන්ද්‍ර ලක්‍ෂපාන නව ලක්‍ෂපාන පොල්පිටිය ජල විදුලිබලාගාර වල විදුලි උත්පාදන කටයුතු උපරිම ධාරිතාවයකින් යුතුව සිදුකරන බවයි විදුලි බල මණ්ඩලය පැවසුවේ.





හැටන් රංජිත් රාජපක්‍ෂ {jcomments on}  

මුතුරාජවෙල තෙත්බිම් පරිසර පද්ධතියට නීති විරෝධී අයුරින් කැළි කසළ බැහැර කිරීම තුළින් පුරවැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කොට ඇතැයි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු රාජ්‍ය ආයතන 11 ක ප්‍රධානීන්ට හා දේශපාලනඥයන්ට එරෙහිව අද (09) කොළඹ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් ‍වී ඇත.

කැලණි ගඟට උතුරින් මීගමු කලපුව තෙක් පිහිටි මුතුරාජවෙල තෙත්බිමෙහි කොටසක් වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නෛතිකබලතල වලට යටත් අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කොට ඇති අතර සමස්ත මුතුරාජවෙලම ප්‍රදේශයේ ගංවතුර පාලනය කෙරෙන අගනා සත්ත්ව, ශාක සංයුතියකින් සහ ජෛව විවිධත්වයෙන් යුතු ‍තෙත් බිම් පාරිසරික කලාපයක් ලෙස හැඳින්වේ.

එවන් වැදගත් කමකින් යුත් මෙම තෙත්බිම් පද්ධතිය වෙත කොළඹ නගරය තුළ දෛනිකව එකතුවන කසළ ටොන් අටසියයක් හෙළීමෙන් සිදුවන පාරිසරික, සෞඛ්‍ය, සමාජමය ගැටළු මගින් ඉහත කී පාර්ශවයන් මානවහිමිකම් උල්ලංඝනය කර ඇතැයි පැමිණිල්ලෙහි සඳහන් වේ.

 

සහන් සංකල්ප සිල්වා{jcomments on}

 

 

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා අධ්‍යක්ෂ ජනරාල් පදවියෙන් ඉවත්කොට අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත කොට ඇතත් ඒ මහතාට අමාත්‍යංශය තුළ මෙතෙක් කිසිදු තනතුරක් හෝ කාර්යභාරයක් නියමකොට නැතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ කීර්තිමත් පුරාවිද්‍යාඥයකු සේම දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු වන ඒ මහතාට හිමිව තිබූ සේවා වරප්‍රසාද සියල්ල මේ වන විට අහිමිකොට ඇති අතර අඩුමතරමින් අමාත්‍යංශය තුළ රාජකාරී මේසයක්, පුටුවක් වත් ලබා දී නැතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බලවත් කනස්සල්ලට පත්ව හිදින අතර එහි දී අදහස් දැක්වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ කිසිදු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකුට හෝ අධ්‍යක්ෂ ජනරාල්වරයකුට කිසිම රජයකින් මෙවන් අනාරක්ෂිත තත්ත්වයක් හිමිකොට දී නැති බවය.
කැබිනට් තීරණයක් අනුව යැයි පවසමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා  මෙසේ තනතුරෙන් පහකොට තිබුණේ මීට දින කිහිපයකට කලිනි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම පිණිස අපි ආචාර්ය සෙනරත් දිසානායකයන් දුරකතනයෙන් සම්බන්ධ කර ගතිමු. එවිට ඔහු කියා සිටියේ තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවකි.{jcomments on}

තිලක් සේනාසිංහ

කැලණි ගං මෝයේ සිට මීගමු කලපුව දක්වා වැටී ඇති හැමිල්ටන් ඇළට මෝටර් රථයක් පෙරළීමෙන් එය පැදවූ කාන්තාව මිය ගොස් තිබේ.

හැමිල්ටන් ඇළට සමාන්තරව වැටී ගත් මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ මෙම මෝටර් රථය ඇළට පෙරළී ඇත්තේ හැඳල පල්ලියවත්තට හැරෙන ස්ථානය අද්දර දීය.

එහිදී ඇය සමඟ ගමන්ගත් ඇගේ සැමියා සහ දරුවා දිවිබේරා ගැනීමට සමත්වී ඇත. මාර්ගයේ මෙම ස්ථානයේ පවතින විෂම ස්වභාවය නිසා මෙහි නිතර රිය අනතුරු සිදුවන බව ප්‍රදේශවාසීහූ කියති.

 

සහන් සංකල්ප සිල්වා{jcomments on}

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1495

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1329

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1416

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1578

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7747

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5131

Please publish modules in offcanvas position.

X

Right Click

No right click