Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දැන් මේ රට සැබැවින්ම පාලනය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ සමාජවාදය මගින් නොවන බවත් වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක වන තත්ත්වයන් වලින් අද වන විට මේ රට පාලනය කරන ප්‍රධාන ගාමක බලවේගය ලෙස අද්භූතවාදය ඉතා පැහැදිළිවම හඳුනාගත හැකි බවත් ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක තාරක වරාපිටිය මහතා කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කොට සිටියේ ජ්‍යොතිර්වේදියෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු විද්‍යුත් මාධ්‍යයකින් කියූ බොරුවක් මුල්කොට දකුණු පළාතේ ජන ජීවිතය අඩාල වූ බවට මාධ්‍ය මගින් පළවන වාර්තා පදනම් කර ගනිමිනි.

 දැන් කලක සිට මේ රටේ පාලකයන්ගේ සිට  සමාජයේ බහුතරය මිථ්‍යාව සරණ  යාමට පටන්ගෙන තිබූ අතර අද වන විට එය මෙරට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් ජනතාකරණය කොට ඇති බව වරාපිටිය මහතා කියයි.

ඒ අනුව ඉදිරිකාලයේ දී ර‍ජයේ ප්‍රසිද්ධ විභාග ආදියට කාලසටහන් සැකසීමේ දී රාහු කාලය අතහැරීම වැනි කටයුතු කෙරෙහිද බලධාරීන්ගේ අවධානය යොමුවීමේ යම් හැකියාවක් ඇතැයි ද ඔහු කියයි.

දැන් දිනපතා අළුයම රූපවාහිනියට හෝ ගුවන්විදුලියට යොමු වුවහොත් මේ ජන සමාජය පාලනය කරන සැබෑ පාලකයන් වන ග්‍රහයන් දෙවිවරුන් ඇතුළු අමනුෂ්‍යන් පිළිබඳව මනා සේ වටහාගත හැකි බවද ඒ මහතා කීය.

මේ තත්ත්වය යටතේ විවිධ ගුප්ත ශාස්ත්‍රයන්ගේ නමින් සමාජයේ පෙනී සිටින මෙවැනි කපටි කයිරාටිකයන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම සඳහා අවශ්‍ය නීතිරීති සම්පාදනය කිරීමත් එවැනි මිථ්‍යාමත සමාජයේ පතුරුවන ජනමාධ්‍ය සඳහා වාරණ පැණවීමත් කඩිනම් නොකළහොත් ශ්‍රී ලංකාව ඉතා නොදුරේදීම  ග්‍රෝත්‍රික සමාජ ලක්ෂණ පළ කරනු ඇතැයි ඒ මහතා කීහ.{jcomments on}

නාවලපිටිය පොලිස් වසමට අයත් ගොරකඔය ප්‍රදේශයේ පිහිටි දොන් සයිඩි පෞද්ගලික තේ කර්මාන්ත ශාලාව ගිනි ගෙන විනාශ වි ඇති බව නාවලපිිටිය පොලිසිය පවසයි.

අද (09.06) අලූයම 1.00 ට පමණ මෙම ගින්න හටගත් බවත් පැතිර ගිය ගින්න මහනුවර  මහා නගර සභාෙවි ගිනි නිවන ඒකකයේ නිළධාරින් නාවලපිටිය පොලිසිය ප්‍රදේශවාසින් එක්ව ගින්න පාලනය කර ඇත.

මහල් පහකින් යුත් මෙම තේ කර්මාන්ත ශාලාවේ විශාල ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වි ඇති බව පොලිසිය පවසයි. ගින්නෙන් තේ කර්මාන්ත ශාලාවේ ගබඩා කර තිබු තේ කුඩු හා යන්ත්‍ර සුත්‍ර වලට විශාල හානියක් සිදුවි ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.

ඊයේ (08.06) තේ කර්මාන්ත ශාලාවේ සේවකයන්ට එහි පාලන අධීකාරිය මගින් නිවාඩු ලබා දි ඇති බවත් ගින්න හටගත් අවස්ථාවේ එහි කිසිවෙක් නොසිටි බවත් නාවලපිටිය පොලිසිය කියයි. ගින්නෙන් සිදුවු අලාභය මෙතෙක් තක්සේරුකර නොමැති අතර ගින්න පිළිබද නාවලපිටිය පොලිසිය පුලූල් පරික‍ෂණ ආරම්භ කර තිබේ.

හැටන් රංජිත් රාජපක‍ෂ

කසළ ලෙස ඉවතලන බෝතල්, ප්ලාස්ටික්, යකඩ, ටින්, වීදුරු යනාදී දෑ මිලදී ගැනීමේ පරිසර ‍පොළක් හොරණ ප්‍රාදේශීය සභාවේ, ඉංගිරිය උප කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. කළුතර දිස්ත්‍රික්කයෙහි ගංවතුර තදින් බලපෑ ප්‍රදේශ ආශ්‍රිතව පස්වැනිදා සිට දහතුන් වැනිදා දක්වා සතියක පමණ කාලයක් මෙම වැඩසටහන ක්‍රියාත්මකය. ඉංගිරිය උප කාර්යාල පරිශ්‍රයේ ඉදිකොට තිබූ ජංගම මිලදී ගැනීමේ මධ්‍යස්ථානයට අමතරව ගෙයින් ගෙට යමින් ඉංගිරිය ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයෙහි ග්‍රාම සේවා වසම් තිස් එකම ආවරණය වන පරිද්දෙන් ප්‍රාදේශීය සභා රථවාහන මගින් ජනතාව අතරට ගොස් මෙම ඉවතලන අපද්‍රව්‍ය මිලදී ගැනීමටද පියවර ගෙන තිබිණි. ඒ සඳහා සභාව සතු ට්‍රැක්ටර්, ටිපර් රථ සහ ත්‍රීවීල් ඇතුළු රථවාහන රැසක් යොදගෙන තිබේ. මීට සමගාමීව කසළ ප්‍රතිචක්‍රීකරණය සහ ඩෙංගු උවදුර සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමටද පියවර ගෙන ඇත.
කළුතර දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස්වරයාගේ උපදෙස් මත, හොරණ ප්‍රාදේශීය සභාවේ ‍ලේකම් හා බලතල කාර්ය කර්තව්‍යය ක්‍රියාත්මක කිරීමේ නිලධාරිනී අනෝමා අබේසිංහ මහත්මියගේ මූලිකත්වය ඇතිව හොරණ ප්‍රාදේශීය සභාවේ සහ ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයීය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්විණ.

ඩී.ඩී. කිම්මන්තුඩාවගේ - ඉංගිරිය
 

ශ්‍රී බුද්ධ වර්ෂ 236 ක්වූ ‍පොසොන්පුර පසළොස්වක ‍පොහොය දිනයේ ධර්මාශෝක මහ රජුගේ දෙටු පුත් අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිස දඹදිව් තලයේ සිට මිහින්තලය පුදබිමේ පිහිටි මිස්සක පව්වට වැඩමකර දඩයමේ යමින් සිටි දේවානම්පියතිස්ස මහ රජතුමා ඇතුළු හතළිස් දහසක් පිරිවර තිසරණ සහිත පංචශීලයේ පිහිටුවා දහම් දෙසා සම්බුද්ධ ශාසනය ප්‍රතිස්ථාපනය කිරීම සිහිපත් කෙරෙන 2324 වෙනි අසිරිමත් ‍පොසොන් ‍පොහොය දිනය අදට (08) යෙදී තිබේ. 
පසුගිය (05) වන සඳුදා දිනයේ ජාතික ‍පොසොන් සතිය ආර්ම්භ වූ අතර මිහිඳු සංස්කෘතිය රැක ගනිමු.
පිළිවෙතින් පෙළ ගැසෙමු යන තේමාව මුල් කර ගනිමින් ‍පොසොන් සතිය පැවැත්වේ. පෙසොන් පුර පසළොස්වක ‍පොහොය නිමිත්තෙන් අනුරාධපුර අටමස්ථානය මිහින්තලය, තන්තිරිමලය අවුකන හා විජිතපුර ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු වෙහෙර විහාරස්ථානයන්හි දාන, ශීල, භාවනා වැඩසටහන් වලට මුල්තැන දෙමින් ‍පොසොන් ‍පොහොය සැමරීම සිදුවේ. 
‍පොසොන් ‍පොහොය නිමිත්තෙන් අනුරාධපුර මහ මෙවුනා පින් බිමේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පැවැත්වෙන පෙහෙවස් සමාදන්වීමේ කටයුතු සිදුකරන්නේ අටමස්ථානාධිපති පල්‍ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනාව පරිදිය. ස්වර්ණමාලි සෑරදුන් අබියස ආගමික වතාවත් සිදුකරන්නේ රුවන්මැලි ෙචෙත්‍යරාමාධිකාරි පල්‍ලේගම හේමරතන නාහිමිපාණන්ය. 
මිහින්තලා රජමහා විහාරයේ ‍පෝදා වැඩසටහන් පවත්වනු ලබන්නේ මිහින්තලා රජමහා විහාරාධිපති වාලවාහැංනවැවේ ධම්මරතන හිමිපාණන් විසිනි. තන්තිරිමලයේ පුදබිමේ පැවැත්වෙන ආගමික වතාවත් සිදුකරන්නේ තන්තිරිමලය රජමහා විහාරාධිපති තන්තිරිමලයේ චන්ද්‍රරතන නාහිමිපාණන් විසිනි. 
මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනාව පරිදි වාර්ෂිකව සංවිධානය කරන අනුබුදු මිහිඳු මාහිමිපාණන්ගේ පිළිරුව වැඩම කරවන මිහිඳු මහා පෙරහැර ඊයේ (07) රාත්‍රියේ වීදි සංචාරය කෙරුණි. ඊට අමතරව මිහින්තලය මැදමළුවේ පිහිටි ධාතු මන්දිරයේ තැන්පත් කර ඇති ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන උත්තම ධාතු වන්දනා වැඩසටහන ඊයේ (07) උදෑසන ආරම්භ වූ අතර සර්වඥ ධාතු හා අනුබුදු මිහිදු ධාතු වන්දනා කිරීමට බැතිමතුන්ට ඉඩ සලසා තිබුණි. 
‍පොසොන් උත්සවය වෙනුවෙන් අද (08) උදෑසන විට දිවයිනේ නන් දෙසින් බැතිමතුන් ලක්ෂ 10කට අධික පිරිසක් අනුරාධපුර මිහින්තලය තන්තිරිමලය අවුකන විජිතපුර ඇතුළු වෙහෙර විහාර වන්දනාවට පැමිණෙතැයි ‍පොසොන් කමිටුව විශ්වාස කරයි. සිද්ධස්ථාන කරා පැමිණෙන සියලුම බැතිමතුන් සඳහා අවශ්‍ය ‍පොදු පහසුකම් වන ජලය, විදුලිය, සෞඛ්‍ය සනීපාරක්ෂක ප්‍රවාහන සේවා සියල්ල ලබාදීමට ‍පොසොන් කමිටුව කටයුතු කර තිබේ. 
‍පොසොන් ‍පොහොය නිමිති කරගෙන වන්දනාවේ පැමිණෙන බැතිමතුන් උදෙසා අනුරාධපුර නගරය ඇතුළු සියලු සිද්ධස්ථාන ආසන්නයේ දන්සල් 300කට වැඩි ප්‍රමාණයක් පැවැත්වීමට නියමිතය. ‍පොසොන් සැරසිලි පහන් කූඩු බෞද්ධ චිත්‍රපට ප්‍රදර්ශන ‍පොසොන් සමරු කලාප සහ විශේෂ ‍පොසොන් කලාපද අද (08) සවස සිට පැවැත්වීමට නියමිතය.
 
අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය 

රජයේ ඇමැතිවරුන්ට සංවිධානාත්මක වශයෙන් මඩ ගැසීමේ මධ්‍යස්ථානයක් ඇති බවත් මේ වන විට එම මධ්‍යස්ථානය පවත්වාගෙන යන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (7) පැවැසීය.
ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ නම සඳහන් කර ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට කෙසෙල් ගෙඩි බෙදා දීමේ ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා මේ බව කීය.
එම ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසුවේ එම චෝදනාව සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කර ඇති බවයි. තමා ගංවතුර ආධාර උපකාර බෙදන්නේ පාසල් යන කාලයේ සිට බවද හෙතෙම පැවැසීය.
රජයේ ඇමැතිවරුන් සිදුකරන බොහෝ ව්‍යාපෘති බලා සිට ඒවා ජනතාව හමුවේ විවේචනයට තුඩු දෙන ආකාරයෙන් නිර්මාණය කර ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කිරීම මෙම මධ්‍යස්ථානය තුළ සිදුව ඇති බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය. මේ සඳහා විශාල මුදලක් එම කණ්ඩායම විසින් විදයම් කරන බවද ඔහු කීවේය.
 
පානුක රාජපක්ෂ

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ කාර්යාල ගැටලුව මේ වන විට සම්මුතිවාදී ජාතික ආණ්ඩුව අභ්‍යන්තරයේ දේශපාලන ගැටලුවක් දක්වා වර්ධනය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති ධුරයේ කටයුතු කළ ඉරාන් වික්‍රමරත්න මහතා පරිහරණය කළ කාමර නවයම තමාට ලබා දෙන තෙක් රාජ්‍ය ඇමැති ධුරයේ රාජකාරි භාර නොගැනීමේ දැඩි ස්ථාවරයක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
එම අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍ය ධුරයේ කටයුතු කරන කබිර් හෂීම් මහතාගේ වෙනත් ව්‍යාපෘතියක් සඳහා එම කාමර නවයෙන් හයක් ලබා ගෙන ඇති අතර එම කාමර හය නැවත ලබා නොදීමේ ස්ථාවරයක කබිර් හෂීම් මහතාද සිටින බව පැවැසේ.
එමෙන්ම ලක්ෂ්මන් යාපා මහතාට එම අමාත්‍යංශයේ රාජ්‍ය ඇමැති ධුරය ලබාදීම සම්බන්ධයෙන්ද කබිර් හෂීම් මහතා සිය අකමැත්ත ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් ඊයේ (07) වන විටද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ කාර්යාල ප්‍රශ්නය විසඳී නොතිබිණි. පෙරේදා දිනය පුරා අමාත්‍යංශ නිලධාරීන් හා අබේවර්ධන මහතාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කාර්යාල පරිශ්‍රයක් පවත්වාගෙන යාමට සුදුසු ස්ථාන කිහිපයක් බැලීමට ගොස් තිබුණද ඒ කිසිම ස්ථානයකට ඔවුන්ගේ කැමැත්ත පළ කර නොතිබිණි.
රටේ දරුණු ව්‍යසනයක් සිදු වී ඇති මෙවැනි අවස්ථාවක රජයේ මුදල් වැය කරමින් ගොඩනැගිලි කුලියට නොගන්නා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අමාත්‍යංශ ‍ලේකම්වරයාට දැනුම් දී ඇත. එබැවින් තමාට හිමි අමාත්‍යංශයේ පවතින පරිශ්‍රය පමණක් ලබා දෙන ලෙසද ලක්ෂ්මන් අබේවර්ධන මහතා ‍ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඊයේ වන විටද එම කාර්යාල ගැටලුව විසඳා ගැනීමට නොහැකි වූ බවත් ඉතා ඉක්මනින් රාජ්‍ය ඇමැතිවරයාගේ ගැටලුව විසඳා දෙන බවත් අමාත්‍යංශ ‍ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා ලක්බිම කළ විමසීමකදී ප්‍රකාශ කළේය.
 
කමණී හෙට්ටිආරච්චි

වර්ෂා කාලවල දී දකුණු පළාතේ සහ, රත්නපුර දිස්ත්‍රික්කයේ වරින් වර ඇති වන ප්‍රබල ගංවතුර ව්‍යසනය වළක්වා ගැනීම සඳහා ප්‍රධාන ගංගා කිහිපයක් හරස් කර ජලාශ ඉදි කළ යුතු බවට වාරිමාර්ග ක්‍ෂේත්‍රයට අදාළ ප්‍රවීණයන් රැසක් රජයට යෝජනා ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව නිල්වලා, කළු සහ ගිං යන ප්‍රධාන ගංගා හරස් කර වේලි ඉඳිකිරීමෙන් පසුව ඉහත ජලාශ තැනිය යුතු බව රජයට ඉදිරිපත් කළ යෝජනාවල වැඩිදුරටත් සඳහන්වේ.
මේ පියවර ක්‍රියාත්මක කිරීමේදි ඇතැම් ප්‍රදේශවල ගම්මාන ජලයෙන්   යටවිය හැකි බවද අදාළ සැලසුම් ඉදිරිපත් කළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රජයට දැනුම් දී ඇත.
මහවැලි යෝජනා ක්‍රමය ඉදිකිරීමේදී රජ මහා විහාර පහක් ඇතුළුව වෙහෙර විහාර ද පවුල් 30000 කගේ නිවෙස් ද ජලයෙන් යට වුවත්, ඒ ව්‍යාපාරය නිසා රජරට ඇතුළු ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයේ අඩකට පමණ සෙත සැලසුණු බව ඉහත යෝජනාව ඉදිරිපත් කරමින් රජයට කරුණු දැක්වූ වාර්තාවේ සඳහන් කර ඇත.
 
ලසන්ත වීරකුලසූරිය/ගයාත්‍රි ගීගනආරච්චි{jcomments on}

තර්ජනය කරමින්, බලපෑම් කරමින් සභාව තුළ කටයුතු කරන්න සූදානම් නොවන්නැයි කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා මහතාට දැඩිව අවවාද කළේය.
මෙය ප්‍රාදේශීය සභාව නොව උත්තරීතර පාර්ලිමේන්තුව බව දැන ගන්නා ලෙසත් තමනට බලපෑම් නොකරන ලෙසත් කථානායකවරයා විසින් රංජිත් සොයිසා මන්ත්‍රීවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියා සිටියේය.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ නැගූ ප්‍රශ්නයකට උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පිළිතුරු දීමෙන් පසු ඇති වූ උණුසුම් විවාදය අතරතුරදී කථානායකවරයා මේ බව දැනුම් දුන්නේය.
දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශයක් කරද්දී ඊට පිළිතුරු දීමට දිනේෂ් ගුණවර්ධන මහතා උත්සාහ කළේය. මේ අවස්ථාවේ නැගී සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කෑ කෝ ගසන්නට වූ අතර දිනේෂ් ගුණවර්ධන මහතාට කතා කිරීමට අවස්ථාව දෙන ලෙස රංජිත් සොයිසා මහතාද දිගින් දිගටම ප්‍රකාශ කරන්නට විය.
මෙහිදී කථානායකවරයා දැඩි ස්වරයෙන් ඉහත අවවාදය කළේය.
 
ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න

අතුරුදහන්වූ මියන්මාර් ගුවන් යානයේ කොටස් අන්දමන් මුහුදු සීමාවේ තිබී සොයා ගත් බව එරට බලධාරීහු මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළහ.

එම ගුවන් යානයේ හමුදා පවුල් වල සාමාජිකයන් ගමන් කළ බව මේ වන විට අනුමාන කෙරේ.

-----------------------------------

මගීන් 104ක් සහිත මියන්මාර් ගුවන් යානයක් අතුරුදහන්

මගීන් 104ක් රැගැත් මියන්මාර් හමුදා ගුවන් යානයක් අන්දමන් සාගර ප්‍රදේශයේදී අද පස්වරුවේ අතුරදහන්ව ඇත. එහි කාර්ය මණ්ඩලය 11 දෙනෙක් සිටි බව පැවසේ.

කෙසේ හෝ අද පස්වරු 1.30න් පසු(ශ්‍රී ලංකා වේලාවෙන් 12.30ට) මෙම ගුවන් යානයේ රේඩාර් සංඥා නතර වූ බවද මියන්මාර් හමුදා හා සිවිල් ගුවන් සේවා නිල ආරංචි මාර්ග පවසයි.

පොසොන් සමයේ කොළඹ සිට අනුරාධපුරය දක්වා වන්දනාවේ යන බැතිමතුන් ගෙන් යම් පිරිසක් දුම්රියෙන් වැටීම ආදී අනතුරු වලට ලක්වන අතර එයට මුලුමනින්ම හේතු වී ඇත්තේ මගීන් ගේ නොසැලකිලිමත්කම සහ අනාරක්ෂිත බව යැයි දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් ලක්බිම ඔන්ලයින් වෙත පැවසීය.

විශේෂයෙන් දුම්රිය පා පුවරුවේ එල්ලී යාම නිසා අනුරාධපුරය දක්වා ඇති පටු දුම්රිය පාලම් වල ගැටීමෙන් මේ වන විට සෑහෙන පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එම ප්‍රකාශකයා කියයි.

මෙසේ කොළඹ සිටි අනුරාධපුරයට ගමන් ගන්නා අතර හමුවන පටු දුම්රිප පාලම් අතර අඹේපුස්ස හා යත්තල්ගොඩ අතර ඇති මා ඔයේ පාලම, වැල්ලව හා ගණේවත්ත අතර ඇති දැදුරුඔය පාලම, ගණේවත්ත සහ නාගොල්ලාගම අතර හිරියාල උප දුම්රිය ස්ථානය දෙපස ඇති හක්වටුනාඔය සහ කිඹුල්වානාඔය පාලම් දෙක, අඹන්පොළ සහ ගල්ගමුව අතර ඇත මී ඔය පාලම, සෙනරත්ගම සහ තඹුත්තේගම අතර ඇති කලාඔය පාලම, ශ්‍රාවස්තිපුර සහ අනුරාධපුර නව නගර දුම්රිය ස්ථානය අතර ඇති මල්වතුඔය පාලම මෙම දුම්රිය මාර්ගයේ පාලම් අතරින් වඩාත් අනතුරු දායක පාලම් බව පෙන්වා දෙන මෙම ප්‍රකාශකයා මේ වන විට පාපුවරුවේ යමින් සිටියදී මෙම පාලම් බඳ වල ගැටීමෙන් සැලකිය යුතු මිනිස් ජීවිත ගණනක් විනාශ වී ඇති බව ද කීය.

එමෙන්ම දුම්රිය, වේදිකාවේ නතර කිරීමට පෙර එයට නැඟීමට සහ බැසීමට යාමේදීත් පාපුවරුව ඇතුළු දුම්රියේ වෙනත් අවදානම් සහිත ස්ථාන වල යෑමෙදී පය පැකිලීම නිසාත් මේ වන විට සැලකිය යුතු ජීවිත ගනණක් අහිමිව ඇති බවත් වඩාත් ප්‍රවේශම්කාරී දුම්රිය ගමනක් මගින් මෙවනි අවාසනාවන්ත තත්වයන් වලක්වාගත හැකි බව මෙම ප්‍රකාශකයා කීය.

දමයන්ති ගමගේ

ආනයනික තෙත් මාළු කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රු.75/- සිට රු.50/- දක්වා රු.25කින් අඩු කර ඇත. 

මේ දිනවල පවත්නා ස්වභාවික ආපදා තත්ත්වය මත මත්ස්‍ය නිෂ්පාදනය අඩු වීම හේතුවෙන්දේශීය පාරිභෝගිකයින්ට සහනයක් ලෙස මෙසේ තෙත් මාළු සඳහා වන විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රු.25කින් අඩු කර තිබේ. ශ්‍රී ලංකාවට මසකට දළ වශයෙන් තෙත් මාළු මෙට්‍රික් ටොන් 2000ක් පමණ ආනයනය කරනු ලබයි.

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2464

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2405

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3913

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4449

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5280

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3132

Please publish modules in offcanvas position.

X

Right Click

No right click