Coss Ear2
lakbima.lk
COSS Ear 1

මෙම පෙබරවාරී 10 වෙනිදාට යෙදෙන පළාත් පාලන මැතිවරණය  වෙනුවෙන් පෞද්ගලික අංශයේ සේවකයන් හට ජාතික මැතිවරණවලදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය දීමට හිමිකම ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය පරිදි නිවාඩු ලබා දෙන ලෙස සියලු සේවා යෝජකයන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් කර තිබේ.
ඒ සඳහා සේවා නියුක්තිකයන් විසින් සේවා යෝජකයන්ගෙන් ලිඛිත ඉල්ලීමක් මඟින් නිවාඩු ඉල්ලුම් කළයුතු බවද එම නිවේදනයේ සඳහන් වේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.



එස්.ටී.පි.සිල්වා
 

පාසැල් සිසුන් ඇතුළු මගීන් පිරිසක් රැගත් බස් රථයක් නුවරඑළිය ටොප්ෆාස්ට් ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැනීමෙන් නව දෙනෙකු රෝහල් ගතකර තිබේ.

ඒ අතර වැඩිහිටියන් සිව් දෙනෙකු පාසල් සිසුන් සිවුදෙනෙකු සහ අවුරුදු හතරක දැරියක සිටින බව නුවරඑළිය රෝහල් ආරංචි මාර්ග කියයි.

වේගයෙන් ධාවනය වෙමින් තිබූ බස් රථය මාර්ගය අද්දර තිබූ පස් කන්දක ගැටී මාර්ගය හරහා පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

තුවාලා ලැබූවන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

ඒ.ජී.රේණුකා

 

බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරියක් දණ ගැස්වීමේ සිද්ධියක් සම්බන්ධ ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා අද මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිට ඇත.

අද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිදුකරන ලද දැනුම් දිමේන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක කටයුතු හේතුවෙන් අද දිනයේ තමන්ට කොමිසම හමුවේ පෙනී සිටිමට නොහැකි බව ඇමති වරයා ලිඛිතව දන්වා තිබිණ.

එහෙත් ඔහුගේ එම ලිපිය ප්‍රතික්ෂේප කළ මානව හිමිකම් කොමිසම අද දිනයේ කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන මෙන් ප්‍රධාන අමාත්‍යවරයා වෙත නියෝග කර තිබූ අතර අද දිනයේ නොපැමිණිය හොත් ඒ පිළිබඳව ගනු ලබන ඉදිරි ක්‍රියා මාර්ග ඉන් පසුව තීරණය කරන බවද කොමිසම විසින් දන්වා තිබුණි.

ප්‍රධාන අමාත්‍යවරයා අද කොමිසම හමුවේ පෙනී සිට ඇත්තේ ඒ අනුවය.

දමයන්ති ගමගේ

ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන් තම අධාර කරුවන් සමඟ පෙළපාලි මගින් පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීම් සදහා පැමිණෙන්නේ දැයි නිරීක්ෂණය කිරීම පිණිස එම රැස්විම සඳහා පක්ෂ නායකයන් පැමිණෙන අවස්ථා වීඩියෝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා බලයලත් නිලධාරීන්ට නියෝගකර ඇත.

මෙම තීරණයට එළඹ ඇත්තේ මැතිවරණ නීති උල්ලඝණය කරමින් පක්ෂ නායකයන් තම ආධාර කරුවන් සමඟ ප්‍රචාරක රැස්වීම සඳහා පෙළපාළි වශයෙන් පැමිණෙන බවට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි සැළකිල්ලට ගනිමිනි.  

ඒ අනුව යම් පක්ෂ නායකයෙක් තම ආධාර කරුවන් සමඟ පෙළපාළිවලින් පැමිණ රැස්වීම්වලට එක්වේ නම් ඒවා ජංගම දුරකථන මගින් හෝ වීඩියෝ ගත කොට සාක්ෂි වශයෙන් තබා ගන්නා ලෙස අදාල නිලධාරීන්ට පවසන දේශප්‍රිය මහතා අවශ්‍ය විටක ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමට සඳහා එම සාක්ෂි  යොදා ගත හැකි බව දන්වා සිටි.

එස්.ටී.පී.සිල්වා

වෙනත් මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණය ඉතා සාමකාමී මුහුණුවරක් ගත්තද, මෙවරද ඡන්ද දායකයන්ට මානසික හා භෞතික අල්ලස් දීම, ඉතා ඉහළ මට්ටමක පවතින බව පැෆරල් සංවිධානය අවධාරණය කරයි.
බුදුපිළිමයේ සිට මහනමැෂිම දක්වා භෞතික ද්‍රව්‍ය ඒ ඔස්සේ ඡන්ද දායකයන්ට බෙදාදීමට අපේක්ෂකයන් නොකඩවා කටයුතු කරමින් සිටින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඊයේ (31) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
විශේෂයෙන්ම මාත‍ලේ දිස්ත්‍රික්කයේ එක්තරා නියෝජ්‍ය ඇමැතිවරයෙකු නිරන්තරයෙන් ප්‍රදේශවාසීන්ට වන්දනා ගමන් සංවිධානය කරමින් සිටින බව ඒ මහතා පෙන්වා දුන්නේය. ඊට අමතරව ෙදෙනිකව පිරිස් තම හෝටලයකට කැඳවා දිවා ආහාර ලබාදීමට ඔහු කටයුතු කරමින් සිටින බවද හෙට්ටිආරච්චි මහතා කීය.
ඊට අමතරව බේරුවල ප්‍රදේශයේ පිරිසක් විසින් ඡන්ද දායකයන්ගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව සහ හැඳුනුම්පත එකතු කර ඒ වෙනුවෙන් ඔවුන්ට මුදල් දීමේ නිරතව සිටින බව අනාවරණය වී ඇතැයිද රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
එහෙත් මෙවැනි භෞතික ද්‍රව්‍යවලින් ඡන්දයේ වටිනාකම තීරණය නොකරන ලෙස සියලු ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා කීය. වර්තමානයේ නීතිය උල්ලංඝනය කරන මහජන නියෝජිතයෙකු හෙට රටේ නීතියට අනුගත වේදැයි ඡන්දදායකයා මැනවින් කල්පනා කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.
 
ගයාත්‍රි ගීගනආරච්චි

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකදී පුද්ගලයන් එකළොස් දෙනකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම ඡායාරූපයේ සිටින හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද්  හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව ඇති බැවින් ඔහු සොයාගැනීම සඳහා ‍පොලීසිය මහජන සහය ඉල්ලා සිටියි. 
වැල්ලම්පිටිය, වැල්ලවත්ත අංක 54/1 ලිපිනයේ පදිංචිව සිටි මොහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. මොහුව අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තෙවරක්ම වරෙන්තු නිකුත් කර ඇත. 
මොහු එවකට නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් නිලයේ සිටිමින් මෙම ක්‍රියාව කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණි. 
මෙම පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ‍පොලීසිය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 
අපරාධ 
පරීක්ෂණ දෙපාර්තමේන්තු මෙහෙයුම් මැදිරිය - 
011- 2422176
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - 
011- 2320141- 145
සමූහ මංකොල්ල අංශය - 011- 2393621
 
ශානිකා මාධවී පීරිස් 

බැඳුම්කර වාර්තාව පිළිබඳ විවාදය ඡන්දයට පෙර පැවැත්වීමට සිදුවන්නේ තමා ඒ පිළිබඳව කළ අභියෝගය නිසා වුවත් මෙවැනි මහා පරිමාණ වංචාවක් පිළිබඳව දින දෙකක් විවාද කිරීම සාර්ථක නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) පැවැසීය.
පුවත්පත් ආයතන කිහිපයක නියෝජිතයන් සමග ජනාධිපති නිල නිවසේදී අද (31) දහවල් පැවැති විශේෂ සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පැවැසීය.
බැඳුම්කර විවාදය පැවැත්වීමට තිබුණේ ඡන්දයට ඔන්න මෙන්න කියා නොව ඊට දින ගණනාවකට පෙර බවද ජනාධිපතිවරයා පැවැසීය.
බැඳුම්කර විවාදය සරලව කළ නොහැකියි. මැතිවරණයට ඔන්න මෙන්න කියා මේ පිළිබඳව සාර්ථක විවාදයක් පැවැත්වීමට හැකිවේ යැයි සිතන්න බැහැ. මේ පිළිබඳව විවාද කිරීමට මන්ත්‍රීවරුන්ට කොපමණ කාලයක් ලැබෙයිද දන්නැහැ. මේ නිසා මෙම විවාදයෙන් බැඳුම්කර හොරුන් පිළිබඳව ජනතාවට සියලු කාරණා දැනගැනීමට හැකි නොවනු ඇති බවද ජනාධිපතිවරයා කීය.
බැඳුම්කර වංචාවට චෝදනා ලත් අයට එරෙහිව සහ පසුගිය රජයේ දූෂිතයන්ට එරෙහිවත් දඬුවම් දීම සඳහා තමාට කළ හැකි කාර්යයන් උපරිමයෙන්ම කර ඇති නමුත් පසුගිය කාලය පුරාවට දූෂිතයන්ට දඬුවම් දීමේ යම් ප්‍රමාදයක් සිදුවී ඇත්නම් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය වගකිව යුතු බව ජනාධිපතිවරයා පැවැසීය.
ඊට හේතුව වන්නේ දූෂිතයන්ට දඬුවම් දෙන සියලු ආයතන එක්සත් ජාතික පක්ෂය සතුව පැවැතීම බවද ජනාධිපතිවරයා පැවැසීය.
මෙතරම් කාලයක් දූෂිතයන් ආරක්ෂා වී සිටින්නේ දූෂිතයන්ගේ ප්‍රභූ සන්ධානය නිසා බවද ජනාධිපතිවරයා පැවැසූ අතර එම ප්‍රභූ සන්ධානය කවුරුන්දැයි මාධ්‍ය මෙහිදී ජනාධිපතිවරයාගෙන් විමසීය. ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා පැවැසුවේ එම ප්‍රභූ සන්ධානය ගැන ජනතාවට නිසි අවබෝධයක් ඇති බවයි.
එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය හෝ ‍පොහොට්ටුව ජයග්‍රහණය කළහොත් රට නැවත දූෂිත තත්ත්වයකට ගමන් කරන බවත් ඒ නිසා ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය ලබා දී දූෂිතයන්ගෙන් තොර රටක් සෑදීමට තමාව ශක්තිමත් කළ යුතු බවත් පැවැසීය.
 
පානුක රාජපක්ෂ

සිංහල ජනතාව උතුරු ප්‍රදේශයේ පදිංචි කරවීම දෙමළ ජනතාවගේ අනාගතයට විශාල අනතුරක් බව ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද මහතා යාපනයේදී සඳහන් කර ඇත. මහවැලි ව්‍යාපාරය උතුරට පැමිණීම නිසා උතුරේ සිංහල ජනගහනය වැඩිවී ඇති බවද දේවානන්ද මහතා පෙන්වා දී තිබේ.
තවමත් මහවැලි ජලය උතුරට ඇවිල්ලත් නෑ. ඒ වුණත් මුලතිව් දිස්ත්‍රික්කයට අයත් ඉඩම් අක්කර 2600 ක් පමණ සිංහල ජනතාවට ලබාදී තිබෙනවා. ඒ ඉඩම් ලබාගෙන ඇති සිංහල ජනතාව උතුරු ප්‍රදේශයට සම්බන්ධයක් නැති අයයි. ඔවුන් දකුණු ප්‍රදේශයෙන් ගෙන්වලා පදිංචි කරවලා.
වැලිඔය ප්‍රදේශයත් සම්පූර්ණයෙන්ම සිංහල ජනාවාස බවට පත්කරලා. ඩොලර් ෆාම් හා කෙන්ට් ෆාම් ආදී දෙමළ ජනතාවට අයත්ව තිබූ ඉඩම්ද දැන් දෙමළ ජනතාවට ලබාදී තිබෙනවා යැයි දේවානන්ද මහතා කීවේය.
මේ අතර මල්වතු ඔය සංවර්ධනය කිරීමේ වැඩසටහන නිසා සෙට්ටිකුලම හා මඩු ඇතුළු ප්‍රදේශ කීපයක ඉඩම් අක්කර 10,000 ක් පමණ දෙමළ ජනතාවට අහිමිවීමේ අවදානමක් මතුව ඇති බවද ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා උතුරේ සියලු දේශපාලන පක්ෂ එකමුතු වී කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කර සිටී.
 
ජයසූරිය උඩුකුඹුර

මැතිවරණයේදී රාජ්‍ය දේපළ දේශපාලන ප්‍රවර්ධන කටයුතු සඳහා යොදාගැනීම වැළැක්වීමේ විධිවිධාන ඇතුළත් ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර සම්මත කරගැනීමට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
වැළැක්වීමේ විධිවිධාන ඇතුළත් ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර සම්මත කරගැනීමට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (30) පැවැති කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී ඇත.
ඡන්ද විමසීමේ කාලය තුළ රජයට හෝ රාජ්‍ය සංස්ථාවලට අයත් දේපළ දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් මෙන්ම අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට හෝ තවත් පිරිසකගේ අගතියට හේතුවන පරිදි යොදාගැනීම වැළැක්වීම සඳහා විධිවිධාන සහිතව මැතිවරණ කොමිෂන් සභාව මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
 
ගයාත්‍රි ගීගනආරච්චි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ප්‍රදේශ කිහිපයක් හැඳුනුම්පත් හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුදලට ගැනීමේ සිද්ධීන් කිහිපයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.
එක්තරා පක්ෂයක පුද්ගලයන් වෙනත් පක්ෂයක පුද්ගලයන්ට කතා කොට මුදලක් ලබාදී හැඳුනුම්පත් හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුදලට ගන්නා බවට තොරතුරු වාර්තා වී ඇති බවත් මෙය දෙපාර්ශ්වයේම කැමැත්ත මත සිදු කළද පළාත් පාලන ආඥා පනත අනුව වැරදි ක්‍රියාවක් බවද ඒ මහතා පවසයි.
මේ පිළිබඳ මේ වන විට ‍පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.
පළාත් පාලන ආඥා පනත අනුව මෙය අයුතු බලපෑම් කිරීමක් ලෙස සැලකෙන අතර එය වැරැද්දක් ලෙසට තහවුරු වුවහොත් එම ක්‍රියාව කළ පුද්ගලයාගේ ඡන්ද ලියාපදිංචිය වසර 7 කට අතිහිටුවෙන බවත්, අපේක්ෂකයෙක් වැරදිකරුවෙක් වුවහොත් ඔහු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වුවද ඔහුගේ ආසනය අහිමි වන බවත් ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
 
ශානිකා මාධවී පීරිස්

නේවාසිකව සිටින නවකයන් පිරිසකට නවක වදය දෙන බවට ලැබුණු තොරතුරක් මත එහි ගිය මිහින්තලය රජරට විශ්වවිද්‍යාලයේ විනය පාලක ප‍්‍රධාන විනයාරක්ෂක හා ආරක්ෂ නිලධාරීන් ඇතුළු පිරිසකට පහරදී ඔවුන් සන්තකයේ තිබූ නවීන පන්නයේ ජංගම දුරකථන හයක් පැහැර ගැනීම සම්බන්ධයෙන් ඊයේ (31) අලූයම මිහින්තලය පොලිසියට ලැබුණු පැමිණිලි මත පරික්ෂණයක් ආරම්භ කළ බව මිහින්තලය පොලිසිය පැවැසුවේය.
මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ දුටුගැමුණු හා පණ්ඩුකාභය යන නේවාසිකාගාරයන්හි නේවාසිකව සිටින නවක සිසු සිසුවියන් පිරිසකට ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් එක්වී නවකවදය ලබාදෙන බවට ලැබුණු තොරතුරුමත එම විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන විනයාරක්ෂක (මාෂල්වරයා) විනය පාලකවරයා හා ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් පෙරේදා (30) මධ්‍යම රාත‍්‍රීයේ එහි ගොස් තිබෙන බව පොලිසිය පැවැසුවේය.
ඒ අවස්ථාවේ පළමුවන දෙවන තෙවන වසරවල හා තවත් පීඨ කිහිපයක සිසුන් පිරිසක් එක්වී නවකයන් පිරිසකට මානසික හා ශාරිරික පීඩාවන් සිදුවන අයුරින් නවකවදය ලබාදීම නිසා ඔවුන් විසින් සිදුකළ ක‍්‍රියාවන් නිලධාරීන් විසින් පාලනාධිකාරියට පෙන්වීම සඳහා ජංගම දුරකථනයට පටිගත කිරීමට කටයුතු කර තිබේ. ඒ අවස්ථාවේ ඉන් කුපිත වූ සිසුන් පිරිසක් ඔවුන්ට පහරදී ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන හය පැහැරගෙන පලාගිය බවට පොලීසියට පැමිණිලි ලැබී තිබේ. පහරදී ජංගම දුරකථන පැහැරගත් පිරිස කවුරුන්ද යන්න විශ්වවිද්‍යාල නිලධාරීන් හඳුනාගෙන ඇති බව පොලීසිය පැවැසුවේය. 
සිසුන් පිරිසක්ද ඊයේ (31) අලූයම මිහින්තලය පොලීසියට පැමිණ පැමිණිල්ලක් කරමින් කියා ඇත්තේ ආරක්ෂක නිලධාරීන් මාෂල්වරයා හා විනය පාලක ඇතුළු පිරිස බලහත්කාරයෙන් නේවාසිකාගාරවල දොරවල් විවෘතකර පහර දුන් බවයි.
දෙපාර්ශ්වය කළ පැමිණිලි සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන කරන අතර පැහැරගත් බව කියන ජංගම දුරකථන කිහිපයක් ඔවුන් පාලනාධිකාරියට බාරදී තිබෙන බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.
නවකවදය සැලවී නේවාසිකාගාර වෙත ගිය නිලධාරීන් විසින් සිසුන්ට පහර දුන් බවක් පෙනෙන්නට නැතැයි පරීක්ෂණ සිදුකරන මිහින්තලය පොලීසිය පැවැසුවේය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
මිහින්තලය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ජේ.ගුණතිලක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් දෙපාර්ශ්වයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදුකරති.  

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 681

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1243

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1080

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 833

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5517

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3642

Please publish modules in offcanvas position.