Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අධ්‍යාපන පෙළ‍පොත්වල දරුවන්ට අහිතකර කිසිදු විෂ සහිත තත්ත්වයක් නොමැති බව කාර්මික තාක්ෂණික ආයතනය තහවුරු කර තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙවැනි අසත්‍ය වපුරවන්නේ රජය අපහසුතාවයට පත් කිරීමට බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (14) පැවැසීය.
අධ්‍යාපන අමාත්‍යාංශය කෘත්‍රිම කඩදාසි යොදාගෙන හත්වන ශ්‍රේණියේ භූගෝල විද්‍යා පෙළ‍පොත් බෙදාහැර ඇති බවත් ඒ නිසා එම ‍පොත් පරිශීලනය කරන දරුවන්ට බරපතළ අක්ෂි හා ස්වසන ආබාධ වැළඳීමේ අවදානමක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (13) හෙළිදරව් කළ කාරණාව සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙම අදහස් පැවැසීය.
එම තත්ත්වය කවුරුන්ගේ හෝ බොරු තොරතුරක් මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජය අපහසුතාවට පත් කිරීමට කළ ප්‍රකාශයක් බවද හෙතෙම කීවේය.
මෙම පෙළ‍පොත් මුද්‍රණය සඳහා යොදාගත් කඩදාසිවලට ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණික ආයතනයේ සහ ජපානයෙන් එම කඩදාසි සඳහා ලබාදී ඇති තත්ත්ව සහතික සියල්‍ලේ මෙවැනි කිසිදු අහිතකර තත්ත්වයක් වාර්තා නොවන බවද ඇමැතිවරයා පැවැසීය.
මෙවැනි තත්ත්ව වාර්තා කිසිවක් නොදැන දෙමාපියන් කලබල කිරීමට එම වෛද්‍ය සංගමය මෙවැනි ප්‍රකාශ කරන බවත් රාජිත සේනාරත්න මහතා පැවැසීය.

පානුක රාජපක්ෂ

තමාගේ රූපය ඇඳලා නම් ගහලා අනුරාධපුරයේ සොහොනක තමන්ට එරෙහිව හූනියමක් කර ඇති බව දැනගත් පසු තමන්ට සිනහ ගිය බවත් එවැනි දේවල්වලින් තමා තව තවත් ශක්තිමත් වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) පැවැසීය.
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය.
තමාගේ නම් ගහලා රූප ඇඳලා මෙම හූනියම කර ඇති බවත් එය අනුරාධපුරයේ හොරොව්පතාන පැත්තේ සොහොනක තිබි හමුවී ඇති බවත් ජනාධිපතිවරයා සිහිපත් කළේය. හොරොව්පතාන පැත්තේ සොහොනක තිබුණා නම් එම හූනියම කළේ කවුදැයි මේ රටේ ඕනෑම කෙනෙකු දන්නා බවත් ජනාධිපතිවරයා කීවේය.
මෙරට රාජ්‍ය මාධ්‍ය ඉතිහාසයේ ඉතාමත් අයහපත් සහ අශීලාචාර ලෙස භාවිත කළ අවස්ථාවක් ලෙස සැලකිය හැක්කේ තමා ‍පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාව බවද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා එදා තමන් වෙත එල්ල වූ අපවාද කිසිදු ජාතික දේශපාලනඥයකුගෙන් කිසිදු ජනාධිපති අපේක්ෂකයකු වෙත එල්ලවී නොමැති බවද පැවැසීය.
මීට වසර දෙක හමාරකට පෙර මහත් පරිහානියට මෙරට රාජ්‍ය මාධ්‍ය පත්වූ අතර එවන් ආකාරයේ පහත් මාධ්‍ය භාවිතයක් අනාගතයේදී රට තුළ සිදුනොවිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පානුක රාජපක්ෂ

බදුල්ල විහාරගොඩ මුතියංගන රාජ මහා විහාරස්ථානය අසල මෝටර් රථ අමතර කොටස් හා වාහන ඔයිල් වෙළද සැලක අද සවස 3.00 ට පමණ ඇතිවු ගින්නක් නිසා එම වෙළදසැලට මෙන්ම යාබද නිවසටද හානි සිදුව ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පොලිසිය හා යුධ හමුදාව සමඟ එක්වූ ප්‍රදේශවාසීන් කඩිනමින් ගින්න මැඩ පැවැත්වීමට පියවරගත් නිසා ඒ අවට වෙළදසැල්වලට හා නිවාස වලට ගින්න පැතිර යා නොදි ගින්න නිවා දැමීමට හැකිවිය.

ගින්න ඇතිවීමට හේතුව පිළිබදව බදුල්ල පොලිසිය පරික්ෂණ  පවත්වයි.

සුලක්ෂ පියතිස්ස- බදුල්ල

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් තනතුරට ශ්‍රී ලංකා ඉංජිනේරු සේවාවෙන් පරිබාහිර නිලධාරියෙකු පත්කිරීම පිළිබඳව රජයට විරෝධය පළකිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සංගමය අද (14) දිවා විවේක කාලය තුළ බෞද්ධාලෝක මාවතේ වාරිමාර්ග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වූහ.



ඡායාරූප - ෆෑන්ක් ද සිල්වා{jcomments on}
 

මීට දින දෙකකට පෙර පදවිය කැබිතිගොල්ලෑව මාර්ගයේ පහළ උස්ගල්ල සුසාන භූමියේ තිබී හමුවූ ජනපතිට වින කළ බව පැවසෙන හූනියමක් සහිත තඹ පත්‍රිකාව මුල්කොට කැබිතිගොල්ලෑව පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මෙම හූනියම සහිත තඹ පත්‍රිකාවේ ජනපතිවරයාගේ නම සමඟ තවත් කිහිප දෙනෙකුගේත් නම් සඳහන් බව වාර්තා වෙයි.

මෙම තඹ පත්‍රිකාව සමඟ හූනියම් කිරීමට යොදාගත් තවත් උපකරණ කිහිපයක්ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.{jcomments on}

පෙර පුවත -:

ජනපති ඇතුළු නායකයන්ට සොහොනක හූනියමක් කරලා

ශ්‍රී ලංකාව තුළ පවුල් විසිපන්ලක්ෂයක පිරිසක් බරපතල ලෙස නිවාස නොමැති ගැටලුවක සිටින බව නිවාස හා ඉදිකිරීම් අමතා්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 
සිරිකොත එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ අද (14) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. 
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය යටතේ පසුගිය වසර තුළ සිදුකරන ලද සමීක්ෂණයකට අනූව නිවාස අහිමි පවුල් විසිපන්ලක්ෂයක් සිටින බවට හෙළිදරව් වී ඇත. පසුගිය කාලය තුළ සිටම නිවාස අහිමි විශාල පිරිසක් සිටියද ඔවුන් උදෙසා පසුගිය රජය කිසිදු උපකාරයක් කළ නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා නිවාස ප්‍රශ්නය හේතුවෙන් විශාල පිරිසක් ගැටලු රැසකට මුහුණ දී ඇති බව සමීක්ෂණවලින් සොයා ගත් බවද ඒ මහතා පැවසීය. 
මේ වනවිට යුද්ධය අවසන් වී වසර අටක් ගත වී ඇතත් නිවාස අහිමි රණවිරුවන් තුන්දහස් හයසිය පනහක් තවමත් රටේ සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ නිසා යුද්ධය වෙනුවෙන් තම ශ්‍රමය වැය කළ රණවිරුවන් උදෙසා ආධාර ලෙස මුදල් ලබා දෙමින් නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය දායකත්වය ලබා දීමට තම අමාත්‍යංශය කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. 
එමෙන්ම මාධ්‍යවේදීන් සඳහා අවශ්‍ය නිවාස ලබා දීම සඳහා තවමත් තමන් හා ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා එක්ව සාකච්ඡා පවත්වමින් සිටින බවත් සඳහන් කර අමාත්‍යවරා ඉඩම් නොමැති මාධ්‍යවේදීන් සඳහා නිර්වාජත්වය ඔප්පුකිරීමෙන් පසු ඉඩම් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන බවත් වැඩිදුරටත් පැවසීය.

ප්‍රසාදිකා ජයවර්ධන

ඓතිහාසික වටිනාකමක් ඇති නුවරඑළිය තැපැල් කන්තොරුව පවත්වාගෙන යන ගොඩනැගිල්ල කිසිම විටෙක කඩා බිඳ දැමිමට හෝ හෝටලයක් බවට පත් කිරිමට යෝජනාවක් සිදු වි නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය අධිනිතිඥ නවීන් දිසානායක මහතා පවසයි.
මෙම ගොඩනැගිල්‍ලේ පවතින ප්‍රධාන තැපැල් කනතෝරුව නව තාක්ෂණයෙන් හා නව උපාංග වලින් සමන්විතව මහජනයාට කාර්යක්ෂම ,ඵලදායි සේවයක් උදෙසා නව ගොඩනැගිල්ලකට යාමට පමණක්  යෝජනාවක් පවතින බව පවසන අමාත්‍යවරයා එයද මහජන සුබසිද්ධිය උදෙසා බව සඳහන් කරයි.
දැනට තැපැල් කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්‍ලේ ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටළුවක් නොමැති බවත් විවිධ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් වැරදි සහගත කොරතුරු සමාජගත කරමින් රටේ සංවර්ධනයට ,අභිවෘද්ධියට අකුල් හෙළමින් කටයුතු කරන පුද්ගලයින් පිළිබඳ කණගාටු වෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි. 
 
ශානිකා මාධවී පිරිස්

අද (14) අළුයම  ලන්ඩනයේ උතුරු කෙන්සින්ටන් හි ග්‍රේන්ෆෙල් ගොඩනැගිල්ලේ හටගත් ගින්නෙන් සැලකිය යුතු පිරිසක් මියගොස් ඇතැයි මේ වන විට අනුමාන කෙරේ.

මහල් 24 කින් යුතු මෙම ගොඩනැගිල්ල මුලුමනින්ම පාහේ ‍ගින්නෙන් වෙලී යනු බොහෝ දෙනෙකු දැක තිබේ. චෙල්සි නගරසභා බල ප්‍රදේශයට අයත් මෙම මහල් ගොඩනැගිල්ලේ නිවාස ඒකක 120 තිබී ඇති අතර  ගින්න හටගැනීමත් සමග පොලිසිය සහ ආපදා සහනසේවා භටයන් ඉන් කොටසක් ඉවත් කර ගැනීමට සමත්ව තිබේ. පසුගිය වසරේ තනා නිමවූ එහි ඉදිකිරීම් සඳහා ස්ටර්ලින් පවුම් කෝටියක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි එකසිය අනූපහක් පමණ) වැය වූ බව පැවසේ.

මෙම ගිනි ගැනීමට හේතුව ත්‍රස්ත ක්‍රියාවක් බවට මේ වන විට අනුමාන කෙරෙන අතර ‍මෙයින් මරණයට පත්වූ සංඛ්‍යාව මෙතාක් නිස්චය වී නොමැත.  මින් තුවාල ලැබූ 30 දෙනෙකු රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි.

මෑතක දී ලන්ඩනයට එල්ල වූ සිව්වන ප්‍රහාරය මෙය විය හැකි වන අතර මෙම තත්ත්වය යටතේ මුළු ලන්ඩනයම ත්‍රස්ත බියකින් ඇළලී ගොස් ඇතැයි විදෙස් ආරංචි මාර්ග පවසයි.  

කෙසේ හෝ මෙම ගින්නෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නැතැයි විදේශකටයුතු අමාත්‍යංශය නිවේදනය කොට ඇත.





{jcomments on}

වෙළඳපොලේ සීනි සහ තේ වැඩි මිලට අලෙවිකරණ වෙළඳුන් අත්අඩංගුවට ගැනීම පිණිස පාරිභෝගික අධිකාරිය විසින් රට පුරා වැටලීම් මාලාවක් ක්‍රියාත්මක කර ඇතැයි ජීවන වියදම් කමිටු සාමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

ලෝක වෙළඳපොලේ සීනි මිල බෙහෙවින් අඩුවීම මත සීනි කිලෝවකට රුපියල් දහයක ආනයනික බද්දක් පනවා ඇති මුත් ඒ හේතුවෙන් සීනිවල මිල ඉහළ නොදමන බව සීනි ආනයන කරුවන්ගේ සංගමය රජය වෙත ලිඛිතව දන්වා ඇත.

එවන් තත්ත්වයක් යටතේ තොග සහ සිල්ලර වෙළඳුන් සීනි මිල ඉහළ නැංවීමත් ආපනශාලා හිමියන් තේ ‍කෝප්පයක මිල ඉහළ නැංවීමත් සපුරාම නීති විරෝධී වන බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමට පාරිභෝගික අධිකාරිය මෙම දීපව්‍යාප්ත මෙහෙයුම් මාලාව ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසීය.

 

එස්.ටී.පී සිල්වා{jcomments on}

 

 

දික්වැල්ලේ නිවසකට හොරෙන් ඇතුළු වී මිල මුදල් සහ රන් ආභරණ සොරකම් කර ගැනීමක් සම්බන්ධයෙන් 26 හැවිරිදි තරුණියක් සහ 43 හැවිරිදි පුද්ගලයෙක් දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් විසින් රුපියල් දෙලක්ෂ තිස්එක්දහසක් වටිනා රන්භාණ්ඩ සහ මුදල් සොරකම් කොට ඇති අතර සොරාගැනුණු රන් භාණ්ඩ වලින් කොටසක් ඔවුන් සතුව තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

සැකකරුවන් දෙපළ අද (14) මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට පත් කිරීමට නියමිතය.

 

සහන් සංකල්ප සිල්වා{jcomments on}

කොළඹ මහ නගර සීමාවේ කැළි කසළ නොවිධිමත් අයුරින් මුතුරාජවෙල තෙත්බිම වෙත අපහරණය කිරීම මුල්කොට මෙම මෝසම් වැසි සමයේ දී කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය අවට මහත් දුර්ගන්ධයක් පැතිරී යා හැකි බවට මුතුරාජවෙල පරිසර සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද කළුදේව මහතා අනතුරු අඟවයි.

මෑතක සිට ඉතා නොවිධිමත් ලෙස මහාපරිමානයෙන් නාගරික කැළි කසළ මුතුරාජවෙල තෙත්බිම වෙත හෙළීම අරඹා ඇති අතර එම කැළි කසළ ගෙන ඒම පිළිබඳ කිසිදු තොරතුරක් ප්‍රදේශවාසීන්ට පවා දැනගත නොහැකි තත්ත්වයක් පවතින බව ද ඒ මහතා කීයයි.

විශේෂයෙන් මුතුරාජවෙල තෙත්බිමේ උතුරු සීමාවේ පිහිටි පමුණුගම, බෝපිටිය, පුබුදුගම ආශ්‍රිතව මහා පරිමාණයෙන් සිදුකෙරෙන මෙම නොවිධිමත් කැළි කසළ බැහැරකිරීම මුල් කොට ඉතා බරපතල සෞඛ්‍ය සහ පාරිසරික ප්‍රශ්න ඉස්මතුවීමට අමතරව මෙම මෝසම් සමයේ වාර්ෂිකව මෙම තෙත්බිමෙහි එක්රොක් වන ගංවතුර  නිසා එම කැළි කසළ තෙත්බිමේ බොහෝ ප්‍රදේශ පුරා විසිරණය වීමේ පහසු හැකියාවක් ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

මේ තත්ත්වය යටතේ අපරටේ ජනතාවට සේම කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් හට එක්වරම දරාගත නොහැකි කසළ දුර්ගන්ධයක් ආඝ්‍රනය කිරීමට සිදුවීම අතිශය අවාසනාවන්ත තත්ත්වයක් බව පෙන්වාදෙන කළුදේව මහතා එම කාර්යයට අපරටේ සංචාරක ප්‍රවර්ධන අමාත්‍යවරයා වන ජෝන් අමරතුංග මහතාද දායක වීම මේ සියවසේ අසන්නට ලැබෙන හොඳම විහිළු වලින් එකෙකැයි ඒ මහතා වැඩිදුරටත් කීයයි.

ප්‍රසංග පෙරේරා - ජා ඇල{jcomments on}

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 156

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 181

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 291

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 437

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7050

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4628

Please publish modules in offcanvas position.

X

Right Click

No right click