Coss Ear2
lakbima.lk
COSS Ear 1

නීතිය උතුම් යැයි පොදු සම්මතයක් තිබේ. සෑම අධිකරණ කටයුත්තකදීම 'ගරු' විනිසුරු තුමා 'ගරු' අධිකරණය ආදී වශයෙන් පැවසෙනුයේ එබැවිනි.

එහෙත් සැබෑ මිනිසත් බව යනු නීතිය ද අභිබවා යන අති උතුම් තත්වයක් බව මහාධිකරණ විනිසුරුවරයෙකු වන මානිකර්වාසගර් ඉලංචේලියන්මහතා අද ක්‍රියාවෙන්ම ඔප්පු කළේය. ඒ ඊයේ සවස 5.30ට පමණ තමන්ට ආරක්ෂාව සපයමින් සිටියදී තමන් වෙත එල්ල වූ වෙඩි ප්‍රහාරයක් වැදීමෙන් අද අළුයම යාපනය මහ රෝහලේදී මිය ගිය 57හැවිරිදි පොලිස් සැරයන් හලාවත, කුමාර කට්ටුවේ පදිංචි සරත් ප්‍රෙමචන්ද්‍ර (24330) මහතාගේ බිරිඳ එම මරණය සැලවී යාපනය රෝහලට පැමිණි අවස්ථාවේදීය.

එහිදී ඇය ඉදිරියට ගිය විනිසුරුවරයා ඇය ඉදිරියේ දෑත එක් කොට වැඳ නමස්කාර කොට හඬා වැටෙන්නට වූයේ මහාධිකරණ විනිසුරු නිලය ඉක්මවා ගිය මහා බලගතු මිනිසත් කමක් තමන් සතුව ඇති බව මනාව ප්‍රකට කරමිනි.

ඉන් පසු තම සංවේගය දරාගත නොහැකිවූ විනිසුරු වරයා පාලන කර ගැනීමට අවට සිටින්නවුන්ට සිදුවිය.

මෙම මීනිමැරුමට සම්බන්ධ සැකකෙරෙන ප්‍රධාන සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහුගේ සොහොයුරෙකු සහ ඥාති සොහොයුරෙකු මේ වන විට සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 

ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ගතවූ වසර පහක කාලය තුළ රුපියල් මිලියන 19900ක පාඩුවක් ලබා ඇතැයි එම දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2016 කාර්යසාධන වාර්තාව මගින් අනාවරණය වී ඇත.
පසුගිය 2016 වසරේ පමණක් තැපැල් දෙපාර්තමේන්තුවේ පාඩුව රුපියල් මිලියන 5706ක් වන අතර 2015 වසරේ වූ පාඩුව රුපියල් මිලියන 5045කි. ඒ අනුව 2015 වසරට වඩා 2016 වසරේදී රුපියල් මිලියන 661ක පාඩුවක් දැරීමට තැපැල් දෙපාර්තමේන්තුවට සිදුවී ඇත.
තැපැල් දෙපාර්තමේන්තුවේ 2015 වසරේ ආදායම රුපියල් මිලියන 6711කි. 2016 වසරේ එහි ආදායම වූයේ රුපියල් මිලියන 6578කි. ඒ අනුව 2015 වසරට වඩා 2016 වසරේ ආදායම රුපියල් මිලියන 133ක අඩුවීමක් වී ඇති බව එම වාර්තාව මගින් අනාවරණය වී ඇත.
2015 වසරේදී තැපැල් දෙපාර්තමේන්තුවේ 2389ක පුරප්පාඩු පැවැති අතර 2016 වන විට ඉන් සේවකයින් 1277ක් බඳවාගෙන ඇත. සේවක පුරප්පාඩු නිසා සේවක අතිකාල දීමනා සඳහා 2015 වසරේදී රුපියල් මිලියන 6409ක වියදමක් දැරීමට සිදුවී ඇත. 
 
කමණී හෙට්ටිආරච්චි
 

ඊයේ සවස 5.30ට පමණ යාපනයේ නල්ලූර් කෝවිල අද්දරදී මහධිකරණ විනිසුරු මානිකර්වාසගර් ඉලංචේලියන් මහතාට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් සැරයන් වරයා අද අළුයම 2.30ට පමණ යාපනය මහ රෝහලේදී ජීවිතක්ෂයට පත්වී ඇත.

උදරයේ පහළ කොටසට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ඇතිවූ අභ්‍යන්තර රුධිර වහනය මරණයට හේතු වන්නට ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

2015 වසරේ මැයි 13 දා දූෂණය කොට ඝාතනය කරන ලද ෂිවලෝගනාතන් විද්‍යා දැරියගේ ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝජනය කරන ඉලංචේලියන් විනිසුරු වරයා තම නිවස බලා යමින් සිටියදී ඊයේ (22) පස්වරු 5.30ට පමණ මෙම සිදුවීමට මුහුණ පා තිබේ.

එම වෙඩි තැබීමෙන් විනිසුරුවරයාට අනතුරක් සිදුවී නොමැති අතර ඔහුට ආරක්ෂාව සැලසූ පොලිස් නිලධාරීන් දෙදෙනා වෙඩි ප්‍රහාරයට ලක්ව යාපනය මහ රෝහලට ඇතුලත් කරන ලදී.

අද අළුයම මිය ගොස් ඇත්තේ ඔවුන් දෙදෙනා අතරෙන් පොලිස් සැරයන් වරයාය. එම වෙඩි තැබීම පළපුුරුදු තුවක්කු කරුවෙකු විසින් සිදුකරන ලද්දක් බවත් ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ද තුවක්කු කරුට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර ඔහුද වෙඩි වැදී දිව ගිය අයුරක් තමන්ට හැගුණු බවත් කී විනිසුරු වරයා මෙලෙස නීතිය අවනීතිය බවට පත්වීමට එරෙහිව ගත යුතු සැම ක්‍රියා මාර්ගයක් ගත යුතු යැයි ඊයේ සවස යාපනය මහරෝහලේදී මාධ්‍යයට ප්‍රකාශකර තිබුණි.

ඒ.ජී.රේණුකා

අතුරුදන් වූවන් ගැන සොයා බැලීමට කාර්යාලයක් පිහිටුවීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ‍ලේකම් අන්තෝනියෝ ගුටරේස් සිය ප්‍රශංසාව පළ කර ඇත. 
ශ්‍රී ලංකා රජය අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම ආරම්භ කිරීම සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ‍ලේකම්වරයා මතෛක් අතුරුදන්ව ඇති ආදරණීයයන් පිළිබඳ සත්‍ය ඔවුන්ගේ ඥාතීන්ට මෙයින් හෙළිකර ගත හැකි වෙතැයිද සඳහන් කරයි. 
එක්්සත් ජාතීන්ගේ සංවිධානය මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට සහය දෙන්න සූදානම් බවද එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. 
අතුරුදන් වූවන්ගේ කාර්යාලය සඳහා ස්වාධීන කොමසාරිස්වරුන් පත්කොට අතුරුදන් වූවන් ගැන සොයා බැලීමේ ක්‍රියාවලිය ආරම්භ කොට එම කටයුත්ත සාර්ථක වන තෙක් එක්සත් ජාතීන්ගේ මහ‍ලේකම්වරයා අවධානයෙන් සිටිනා බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
 
ලසන්ත වීරකුලසූරිය 

මහා පරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙන් කරුණු විභාගකොට තීන්දු තීරණ ලබාදිය හැකි විශේෂ අධිකරණ පද්ධතියක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත විශේෂ අධිකරණ පද්ධතිය පිහිටුවීමේ කැබිනට් පත්‍රිකාව ඉදිරි සතියේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.  මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන, කොමිසම, මූල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යනාදී ආයතන විසින් කරන විමර්ශනයන් සම්බන්ධයෙන් කරුණු වාර්තා කරනුයේ අනෙකුත් නඩු විභාගයට ගන්නා අධිකරණ පද්ධතියටමය.
නව අධිකරණ පද්ධතිය ස්ථාපිත කිරීමෙන් අනතුරුව ඔවුන්ට මහා පරිමාණ අපරාධයන්හි විමර්ශන එම අධිකරණය වෙත වාර්තා කළ හැකිය.
හොරුන්ට දඬුවම් දුන්නේ නැතැයි කියන චෝදනාවට පිළිතුරක් ලෙස නව අධිකරණ පද්ධතියක් පිහිටුවා නඩු ඉක්මනින් විමසා අවසන් කිරීම වෙනුවෙන් මෙම අධිකරණ පද්ධතිය පිහිටුවීමට අපේක්ෂා කරන බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, ‍පෝෂණ හා දේශීිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඉරිදා ලක්බිමට ප්‍රකාශ කළේය.

ලසන්ත වීරකුලසූරිය
 

උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නිසා ඇති වී තිබෙන බරපතල පාරිසරික හානී මුල්කොට ඒ සඳහා පාරිසරික ඇගයුම් වාර්තාව (EIA) සැකසූ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ පාරිසරික අැගයුම් වාර්තා පිළිගැනීම  තාවකාලිකව නතරකොට ඒ සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලය අසාදූ ලේඛන ගත කිරීමට අද (21) මධ්‍යම පරිසර අධිකාරීය තීරණය කොට ඇත.

උමා ඔය සම්බන්ධයෙන් 2009 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපත් කොට තිබූ පාරිසරික ඇගයූම් වාර්තාවේ සහ ඒ පිළිබඳව විද්වතුන් පළකළ අදහස් වල විෂමතාවයන් සලකා ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන තුරු තාවකාලිකව මෙම තීරණයට එළැඹි බව මධ්‍යම පරිසර අධිකාරීයේ සභාපති මහාචාර්ය මර්වින් ලාල් ධර්මසිරි මහතා පැවසීය.

ඌව පළාතේ ප්‍රදේශ ගණනාවක ජනතාවට මහත් පීඩා ගෙනදුන් මෙම යෝජනා ක්‍රමයට මුල් වූ පාරිසරික ඇගයූම් වාර්තාව සැකසු ශ්‍රී ජයවර්ධනපුර සරසවිය අසාදූ ලේඛන ගත කරන මෙන් මානව හිමිකම් කේන්ද්‍රයද මධ්‍යම පරිසර අධිකාරීයෙන් ඉල්ලීමක් කොට තිබූණි.

මෙම පාරිසරික ඇගයූම් වාර්තාව සකස්කොට තිබූණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්වර්ණා පියසිරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් විද්වතුන් කිහිප පළක් විසිනි.

ඒ.ජී.රේණුකා

මේ දිනවල පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය දින නියමයක් නොමැතිව වසා දමන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

අගෝස්තු මාසයේ  පාසල් සිසුන් ඇතුළු බොහෝ සංචාරක පිරිස් මෙම වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන මුත් පවත්නා නියං තත්ත්වය ය‍ටතේ වනෝද්‍යානය විවෘත කළ නොහැකි අතර  අක්කර ලක්ෂ 3කටත් වඩා අතිවිශාල ප්‍රදේශයක් පුරා පැතිර ගත් මෙම උද්‍යානයේ වෙසෙන වන සතුන්ට බාහිරින් ජලය සපයා දීමට පවා කටයුතු යෙදෙන බව දෙපාර්තුමේන්තු ප්‍රකාශකයෙක් කීය.

සහන් සංකල්ප සිල්වා

 

මේ වසරේ වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවා ඇතැයි වාර්තා වේ.

මේ වසරේ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 290 බව සඳහන්ය. ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය පැතිරීම හේතුවෙන් විදේශිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වාර්ණයක් සිදුකොට නොමැති බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය  ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා සහය දීමට කීට විද්‍යාඥයකු සහ ඩෙංගු කළමනාකරණ විශේෂඥයින් දෙදෙනෙකු මෙරටට එවා ඇති බව පවසයි.

මේ වසරේ ඩෙංගු මරණ සංඛ්‍යාව සියයට 0.3 අඩු වුවද ඩෙංගු රෝගය වැළදීමෙන් පසු හට ගන්නා පශ්චාත් ආබාධ හේතුවෙන් මෙරට සෞඛ්‍ය තත්ත්වයේ පසුබෑමක් සේම ආයු අපේක්ෂාවේ කිසියම් අඩුවීමක් සිදුවිය හැකි බව විද්වත්තු පෙන්වා දෙති.

මෙය මෙරට ඩෙංගු ඉතිහාසයේ වැඩිම‍ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ වසර ලෙස සැලකේ.

 

එස්.ටී.පී සිල්වා{jcomments on}

 

 

පසුගිය රජය සමයේ දියත් වූ බව පැවසෙන පුද්ගලයන් බලහත්කාරයෙන් පැහැරගෙන යාම සඳහා භාවිතා වූ බව පැවසෙන ‘සුදු වෑන් සංස්කෘතිය’ යළි ආරම්භ වීමේ ලකුණු පහළ වී ඇතැයි සිවිල් සමාජ ක්‍රියාකාරීහු අවධාරණය කරති.

ඊට මුල්වන්නේ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් මූලස්ථානයේ ඊයේ (20) පැවති සයිටම් විරෝදී ජනපවුර සංවිධානයේ වැඩමුළුවකට සහභාගී වී ඉන් පිටව යමින් සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම් කරු රයන් ජයලත් මහතා පැහැර ගැනීමට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් උත්සාහ දැරීමය.

දේශපාලන පක්ෂ නියෝජිතයන්, වෘත්තීය සමිති නායකයන් සහ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් ඉදිරියේ මෙම සුදු වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් මෙම උත්සාය දරා තිබේ. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි බලවත් තර්ජනයක් බව විද්වත් මතයයි.

මේ මස 25 වෙනිදා සයිටම් විරෝධී ජන රැළියක් පවත්වා ඉන් පසු වෘත්තීය සමිති ක්‍රියා මාර්ග ගැනීමට මෙම රැස්වීමේ දී තීරණය වී තිබේ. පසුව එහි පැමිණි පොලිස් නිලධාරීහු එම සුදු වෑන් රථයෙන් පැමිණ ඇත්තේ ද සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් බව පිළිගෙන ඇත.

රැස්ව සිටි පිරිසගේ මැදිහත් වීම මත මෙම පැහැරගැනීම ව්‍ය‍ාර්ථ වී ඇති අතර ඒ ස්ථානයේ එහි සිටි ජනතාවිමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම් කරු ලාල් කාන්ත මහතා කියා සිටියේ  වත්මන් රජයත් පසුගිය ආණ්ඩුව ගිය පාරටම වැටෙමින් සිටින බවයි.

පසුගිය දා මාතර ප්‍රදේශයේ දී ශිෂ්‍යක්‍රියාකාරී සාමාජිකයකු ද මෙසේ පැහැරගැනීමට උත්සහ කළ අතර මෙය ජනතා බලය මැඩලීම පිණිස රජය කරනු ලබන මර්ධන කාරී වැඩසටහනක් සම්බන්ධ  බොරු රඟපෑමක් ද නැතහොත් එවැන්නක අත්හදා බැළීමක් ද යන්න නොදුරේදීම තීරණය වනු ඇතැයි දේශපාලන විචාරකයෝ කියති.

එස්.ටී.පී.සිල්වා {jcomments on}

ශ්‍රී ලංකන් ගුවන් ආයතනයේ හිටපු සභාපතිවරයා නිල නිවාස තුනක් භාවිතා කර ඇති අතර, ජංගම දුරකථන හයකට ගෙවීම් ලබා ගෙන ඇති බව රාජ්‍ය  ව්‍යවසායක සංවර්ධන කබිර් හෂීම් මහතා ප්‍රකාශ කර සිටී.

ඒ අනුව හිටපු සභාපතිවරයාගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකන් ආයතනය ලබා ඇති පාඩුව ඩොලර් මිලියන තුන්දහස් දෙසිය පනස් දෙකක් බවත් කබිර් හෂීම් අමාත්‍යවරයා සඳහන් කර සිටී.

අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වූයේ පසුගියදා ශ්‍රී ලංකන් ආයතනයට අයත් කටුනායක සේවා අංශ නිරීක්ෂණයට සහ ශ්‍රී ලංකා කේටරින් ආයතනය නිරීක්ෂණයට එක් වෙමින් එම ආයතනවල සේවකයන් අමතමින්ය.

තමාට පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකන් ආයතනය ගැන විමසන පළමු අවස්ථාවේදී පවසන්නට සිදු වූයේ එය වළදැමීම පමණක් ඉතිරිව ඇති බව පැවැසූ අමාත්‍යවරයා මේ වන විට එය පාඩුව අවම කර ගනිමින් සිටින බව පෙන්වා දුන්නේය. ආයතනය වසා දැමීම හෝ එම විකුණා දැමීම සිය අභිප්‍රාය නොවන බව පැවැසූ අමාත්‍යවරයා ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ඉදිරි  වසර පහ තුළ ශ්‍රී ලංකන් ආයතනය කලාපයේ හොඳම ගුවන් සේවාව කිරීමට  තම දායකත්වය උපරීමයෙන් ලබා දෙන බව පෙන්වා දුන්නේය.

නව පරිපාලනය යටතේ ශ්‍රී ලංකන් ආයතනය 2015 සහ 2016 යන දෙවසර තුළ සිය පාඩුව ඩොලර් මිලියන 43 දක්වා අඩු කරගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය 2014-15 තුළ ඩොලර්  මිලියන 127 ක් බව පෙන්වා දුන්නේය. අධික පාඩුවක් ලබන රටට මහත් හිසරදයක් වී තිබූ ශ්‍රී ලංකන්  ආයතනය වසා දැමීම  හෝ විකුණා දැමීම වෙනුවට අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා රජය විසින් මේ බර දරමින්, එය  නැවත රටට සම්පතක් බවට පත් කිරීමේ වගකීම තමන්ට පැවරූ බව පැවැසීය.
ශ්‍රී ලංකන් ආයතනයේ පසුගිය පරිපාලනය යටතේ සිදු වූ දූෂණ, අක්‍රමිකතා, දේශපාලන වශයෙන් එහි  සම්පත් අයථා භාවිතය ගැන පෙන්වා දුන් අමාත්‍යවරයා, ඇතැම් ශ්‍රී ලංකන් සේවකයන් වෙනුවෙන් අරලියගහ මන්දිරයේ සේවය කිරීමට රුපියල් ලක්ෂ ගණනින් මාසිකව වැටුප් ගෙවා ඇති බව තහවුරු වී තිබෙන බව පෙන්වා දුන්නේය.

පැතුම් වික්‍රමරත්න{jcomments on}

 

අඹතලේ සිට එළි හවුස් දක්වා වන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ නඩත්තු කටයුතු වෙනුවෙන් අද (21) රාත්‍රී 11.00 සිට හෙට සවස 06.00 දක්වා පැය 19 කාලයක් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටවන බව ජාතික ජලසම්පාදන සහ ජලාප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙයි.

මෙම ප්‍රදේශ වන්නේ මට්ටක්කුලිය, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, මරදාන ජයන්ත වීරසේකර මාවත සහ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයයි.{jcomments on}

 

 

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 263

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 493

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 449

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 390

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5018

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3298

Please publish modules in offcanvas position.