Coss Ear2
lakbima.lk
COSS Ear 1

හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වන පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  නිපුන සහල් ව්‍යාපාරයේ අධිපති සිරිපාල ගම්ලත් මහතා ගමන් ගත් මෝටර් රථය  ඊයේ(24) රාත්‍රී හතට පමණ පොලොන්නරුව බැදිවැව ප්‍රදේශයේදී වැලි ප්‍රවාහණය කරමින් තිබූ ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

පොලිසිය පවසන අන්දමට සිරිපාල ගම්ලත් මහතා පොලොන්නරුව මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හිතවතෙකු බැලීමට පොලොන්නරුවට පැමිණෙමින් සිටියදී මෙසේ අනතුරට මුහුණපා ඇත.

ලොරි රථය පොලොන්නරුවේ සිට හබරණ දෙසට ගමන් කරමින් සිටඇත. සිරිපාල ගම්ලත් මහතාට අයත් එන් සී  සී ඒ යු 7070 දරණ මෝටර් රථය පදවාගෙන පැමිණ තිබෙන්නේ ද ඒ මහතා විසිනි.

අනතුරට පත් මෝටර් රථයේ ස්වයංක්‍රීය  වායුබැලූන් ක්‍රියාත්මක වීම නිසා සිදුවීමට ගිය අනතුරින් ඔහු අනූ නමයෙන් බේරීඇති බවටත් දකුණු අතෙහි ඇති වූ සුලු තුවාලයක ට ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව ගොස් ඇතැයි ද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණපොලොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මු. පො.ප.එම්.එස්.එම්. ජරූල්මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.පින්තූරවල දැක්වෙන්නේ අනතුරට පත් මෝටර්රථයයි.




ප්‍රියන්ත බණ්ඩාර පොලොන්නරුව{jcomments on}

 

 

වෙන්නප්පුව ප්‍රදේශයේ සංචාරක හෝටල් වලට අලවි කිරීම ඉලක්ක කර ගනිමින් “පාටර්” වර්ගයේ ගල් ඉබ්බන් අල්ලා ගෙන මස් කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 24 වැනිදා සවස කොට්ටුකච්චිය - කිරල්ඔය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පුත්තලම - මන්නාරම මාර්ගයේ 4 කණුව පදිංචිකරුවන් බවත්,ඔවුන් වයස අවුරුදු 15 – 20 අතර පසුවන බවත් වැටලීම කළ නිලධාරීහු කියති.

සැකකරුවන් කිලෝ මීටර් 25 ක පමණ දුරක් ගල් ඉබි දඩයම සඳහා පැමිණ ඇති බවත්,කීප දෙනෙකු ත්‍රිරෝද රථයකින්ද ඉතිරි පිරිස බස් රථ වලින්ද පැමිණ ඇති බව මූලික විමර්ශණ වලදී හෙලිවී ඇත.

ජලය සිඳී යමින් පවතින කිරල්ඔයේ සැක කටයුතු කීප දෙනෙකු ගැවසෙන බව දැක ඇති ගම්වාසීන් මේ බව කොට්ටුකච්චිය උස්බිම් ජනපදයේ ස්ථාපනය කර ඇති පොලිස් ජංගම මුර පොලේ නිලධාරීන්ට දන්වා ඇත. ඒ අනුව පැමිණ ඇති පොලිස් නිලධාරීන් ගම්වාසීන්ගේද සහාය ඇතිව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී ඝාතනය කරන ලද ගල් ඉබ්බන්ද,එම සතුන් ඝාතනය කිරීම සඳහා යොදා ගත් ආයුධ කීපයක්ද,ඔවුන් පැමිණි බව කියන ත්‍රිරෝද රථයක්ද පොලිස් බාරයට ගෙන ඇත.

තමන් විසින් අල්ලා ගන්නා ගල් ඉබ්බන්ගේ හිසට හානියක් නොවන ලෙස ඝාතනය කර අනතුරුව එම සතුන් වෙන්නප්පුව ප්‍රදේශයේ ඇති සංචාරක හෝටල් වලට අලවි කරන බව සැකකරුවන් පොලීසිය හමුවේ පවසා ඇත.

මේ දිනවල පවතින අධික නියඟය නිසා කොට්ටුකච්චිය - කිරල්ඔය සිඳී ගොස් ඇති බැවින් එහි ජීවත් වූ ගල් ඉබ්බන් සැකකරුවන් විසින් පහසුවෙන් අල්ලා ගෙන ඇති බව පොලීසිය කියයි.

වසර 100 ක පමණ ආයු කාලයක් ඇති “පාටර්” වර්ගයේ ගල් ඉබ්බන් වඳවීමේ තර්ජනයකට ලක්වී සිටින දුර්ලභ සතෙකු බව වන ජීවී නිලධාරීහු සඳහන් කරති.

සැකකරුවන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පුත්තලම පොලීසියේ උප පොලිස් පරික්ෂක පී.කේ.එස්.ඒ.රෝහණ පොලිස් කොස්තාපල් වරුන් වන 34049 ආනන්ද,68955 නන්දන,79947 තෙන්නකෝන්,68542 පෙරේරා,39975 විජේරත්න,90426 රණසිංහ යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර ඇත.






ජුඩ් සමන්ත - පුත්තලම{jcomments on}

 

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25) පෙරවරු 08.00 ට ආරම්භ කළ වැඩ වර්ජනය හෙට (26) පෙරවරු 08.00 දක්වා අඛණ්ඩව පැවැත්වෙන බව එම සංගමය නිවේදනය කරයි.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා පැහැරගෙන යාමට උත්සහ දැරීම සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්ධනය සඳහා රජය ගෙන යන උත්සාහයට විරෝධය පළකිරීම මෙම වැඩ වර්ජනයේ අරමුණ බව මෙම සංගමය පවසයි.

කෙසේ හෝ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියේ රයන් ජයලත් නමැත්තා පොදු දේපල පනත යටතේ ඇති නඩුවක් සහ තවත් නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය මගහැරීම මත වරෙන්තු නිකුත් කොට සිටි අයෙකු බවත් යම් පුද්ගලයෙකු පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට අධිකරණයකින් වරෙන්තු අවශ්‍ය නොවන බවත්ය.

ඒ අනුව මෙය නීත්‍යානුකූලව අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහයක් බවත් පැහැර ගෙන යාමක් නොවන බවත් පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිලඇදුමින් සැරසී නොසිටීම මත මෙය පැහැරගෙන යාමක් සේ කරුණු දැක්වීම අතිශ්‍ය සාවද්‍ය අර්ථ දැක්වීමක් බවය.

එමෙන්ම එම නිලධාරීන් සතුව තිබූ පොලිස් නිල හැඳුනුම්පත මගින් ඔවුන්ට එම රාජකාරිය සඳහා අදාල අධිකාරී ගත බලය පැවරී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කීය.

කෙසේ හෝ අද (25) ක්‍රියාත්මක වන වෛද්‍ය වැඩ වර්ජනය නිසා දිවයිනේ බොහෝ රෝහල් වලින් ප්‍රතිකාර ගැනීමට පිණිස පැමිණි  රෝගීන් විවිධ අපහසුතාවයන්ට පත්ව සිටින බව වාර්තා වෙයි.

ඒ.ජී රේණුකා{jcomments on}

 

 

ඛණිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය මේ වන විට ක්‍රීයාත්මක වෙමින් පවතී.

හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමකට අදාල  ගිවිසුම පිළිබඳ කැබිනට් සාකච්ඡාව අද පැවැත්වීමට නියමිත බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කියයි. මේ අතර ඊයේ සවස් යාමයේ සිට ඉන්ධන පිරවූම්හල් අද්දර දැඩි රථවාහන පෝළිම් දක්නට ලැබුණූ අතර බොහෝ දෙනෙකු භාජනවලට ඉන්ධන ලබා ගත් බවත් වාර්තාවී තිබේ.

කෙසේ හෝ මෙම වැඩවර්ජනය නිසා ඇති වූ ඉන්ධන හිඟය මෙරට පොදුප්‍රවාහන පද්ධතියට කෙසේ බලපානූ ඇද්දැයි තවමත් කිව නොහැකිවී ඇත.
 



ඡායාරූප - අම්බලන්ගොඩ සමරනායක{jcomments on}

 

 

අද මධ්‍යම රාත්‍රීයෙන් ආරම්භවීමට නියමිත ඛණිජතෙල්  වෘත්තිය සමිති මඟින් සැලසුම් කොට ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ඉන්ධන පිරවූම්හල් ඉදිරියේ දැඩි රථවාහන පෝළිම් දක්නට ලැබෙන බව වාර්තාවේ.මේ නිසා නාගරික ඉන්ධන පිරවුම්හල් අසල  මාර්ගවල දැඩි වාහාන තදබඳයක්ද ඇති වී තිබේ.

මෙම තදබදය හෙට පෙරවරුවේද පැවැතිමට බොහෝ ඉඩකඩ ඇතැයි ඉන්ධන පිරවූම් හල්කරුවෝ පවසති.

දමයන්ති ගමගේ

 

 

ඉල්ලීම් තුනක් මුල්කරගනිමින් ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට අඛන්ඩ වැඩවර්ජනයක නිරත වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන්ත කුමාර මහතා ප්‍රකාශ කළේය.

ත්‍රිකුණාමල තෙල් ටැංකි පෞද්ගලික සමාගමකට ලබා දීම, හම්බන්තොට වරායේ තෙල් ජැටි චීන වරායට පැවරීම හා සපුගස්කන්ද තෙල් පිරිපහසු සංකීර්ණය ප්‍රතිසංස්කරණය නොකීරීම යන ඉල්ලීම් තුන සඳහා නිසි පිළිතුරක් ලබා නොදීම හේතුවෙන් ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව මෙසේ අඛණ්ඩ වැඩවර්ජනයක් කිරීමට තීරණය කර ඇත.

එමෙන් හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට අදාළ ගිවිසුමට සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ‍හෙට (25) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිම අඛන්ඩ වැඩවර්ජනය සිදුකීරීමට මූලිකව හේතුවී ඇත.

කොලොන්නාව, මුතුරාජවෙල, සපුගස්කන්ද හා රට පුරා ඇති තෙල් ගබඩා සංකීර්ණ 09 ක තෙල් බෙදා හැරීම අත්හිටුවීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත. ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව මීට පෙර ත්‍රිකුණාමල තෙල් ටැංකි පෞද්ගලික ආයතනයකට ලබා දීම ඇතුළු ඉල්ලීම් තුනක් සම්බන්ධව විෂය භාර ඇමතිවරයා මඟින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබුණි. එම පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡාවක් ලබා දෙන බව කියා සිටියද එලෙස සාකච්ඡාවකට ආරාධනා ලැබි නොමැත. කෙසේ නමුත් එම සාකච්ඡාව නොලබිම හා ඉල්ලීම් වලට නිසි විසදුම් නොලැබි නිසා අද (24) රාත්‍රීයේ සිට ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අඛන්ඩ වැඩවර්ජනයක නිරත වන බව ද ඒ මහතා පැවසීය.

හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට අදාළ ගිවිසුමට සම්බන්ධ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් පෙර සතියේ සිකුරාදා අමාත්‍යවරුන් වෙත ලබාදුන්නත් මෙම කැබිනට් පත්‍රිකාව අමාත්‍යවරුන් සඳහා අද (24) ලබා දීම අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා යාමට මූලික හේතුව බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් අද (24) රාත්‍රියේ සිට තෙල් පිරවුම්හල් අසල වාහන ‍පෝලීම් දක්නට ඇත.

ලසන්ත වීරකුලසූරිය /ප්‍රසාදිකා ජයවර්ධන

විශ්ව විද්‍යාල සිසුන් හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්ධනය කිරීමට එරෙහිව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (24) පැවැත්විණි.

විශ්ව විද්‍යාලයේ සිසු පොදු මධ්‍යස්ථානයේ සිට මහනුවර දක්වා සිසුහු මෙම විරෝධතා පා ගමනෙහි නිරත වූහ.

කොළඹදී පැවති විරෝධතාවකදී සිසුන්ට ජල ප්‍රහාර එල්ල කරමින් සිසුන් මර්ධනය කර අත්අඩංගුවට ගැනීම සාධාරණ නොවන බවත් බලධාරීන් උත්සාහ කරන්නේ සියලුම සිසුන් සිය අණසකට ගැනීමට යැයි විරෝධතා පාගමනට එක්වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිපුණ සංකල්ප මහතා කීය.

රජය බලයට පත්වීමේදී විවිධ පොරොන්දු ලබා දුන් නමුත් ඒ පොරොන්දු ඉටු කිරීම වෙනුවට රජය සිදුකරන්නේ සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය බිඳ දැමීමට බවත් කිරීමක් ඔහු ප්‍රකාශ කළේය. ඒ යටතේ මුලින්ම සිසුන් හා සිසු නායකයන් මර්ධනය කිරීම බලධාරීන්ගේ ප්‍රධාන ඉලක්කය වන බව ද ඔහු කීය.

විශ්ව විද්‍යාලයේ පීඨ නමයේ සිසුන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම විරෝධතාව සදහා සිසුන් පන්සියයකට අධික පිරිසක් සහභාගී වූහ.

නදීක දයා බණ්ඩාර - මහනුවර

විනිසුරු වරුන් සඳහා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පති වරයාට නියෝග කොට ඇත.

යාපනය මහාඅධිකරණ විනිසුරු එම්.ඉලංගචේලියන් මහතාගේ ආරක්ෂාව පිණිස සිටි පොලිස් සැරයන් වරයෙකු මරුමුවට පත් ව කොස්තාපල් වරයෙකු තුවාල ලැබීම මුල් කොට මෙම නියෝගය පනවා ඇත.

අධිකරණයේ ස්වාධීනත්වය සඳහා විනිසුරුවරුන්ගේ ආරක්ෂාව අතිශයින් වැදගත් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

අධිකරණ විනිසුරුවරුන්ගේ සහ අධිකරණයේ ආරක්ෂාව මීට වඩා තහවුරු විය යුතු බව රජයට පෙන්වා දෙමින් උතුරු පළාතේ නීතිඥවරු අද අධිකරණ කටයුතු වලින් ඉවත් සිටියහ.

දමයන්ති ගමගේ

මහනුවර මහියංගන මාර්ගයේ දහ අට වංගු වලට අයත් අට වංගුවේදී බස් රථයක් පාරෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති අතර එහි ගමන් ගත් විසිදෙනෙකු තුවාල ලබා මහියංගන රෝහලට ඇතුලත් කර තිබේ.

ඊයේ(23) රාත්‍රී බෞද්ධ රූපවාහිනී වැඩ සටහනකට සහභාගී වී කොළඹ සිට ආපසු නිවෙස් බලා යමින් සිටි දෙහිඅත්තකණ්ඩිය බඹරවාන ප්‍රදේශයේ පිරිසක් මෙම අනතුරට ලක්ව තිබේ.

මෙවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙම අනතුරට හේතුව බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීමක් බව පැවසේ. 

තෙල්දෙණිය දිගන ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පැවැති සුහද හමුවකදී මිතුරන් පිරිසක් සමඟ දින නාමින් සිටි තරුණයෙකු එහි පිහිණුම් තටාකය තුළදී මිය ගොස් ඇත.

හේවාහැට පදිංචි 33 හැවිරිදි ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. තෙල්දෙණිය පොලීසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.

පසුගිය 22 දා  යාපනයේ නල්ලූර් කෝවිල අද්දර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ උතුරේ සාමාන්‍ය ජන ජීවිතයට බලපෑමක් එල්ල වී ඇති අතර උතුරු පළාතේ බොහෝ ප්‍රදේශවල වෙනදා නොමැති නිහැඬියාවක් දක්නට ඇත.

එම වෙඩි තැබීමට විරෝධය පළ කරමින් උතුරු පළාතේ නීතිඥවරුන් අධිකරණ කටයුතු වලින් ඉවත්වීමත් සමඟම සාමාන්‍ය ජන ජීවිතය ද තරමක් අඩාල වී ඇති අයුරු උතුරු පළාතේ ස්ථාන කිහිපයක මෙම ඡායාරූප වලින් ඔබට පෙනෙනු ඇත.











 

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 428

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 804

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 715

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 572

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5210

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3434

Please publish modules in offcanvas position.