Coss Ear2
lakbima.lk
COSS Ear 1

ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව ගැන විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කාලය තවත් මාස 03 කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

මේ අනුව කොමිසමේ වාර්තාව භාර දිය යුතු දිනය 2017 ජූලි 27 සිට 2017 ඔක්තෝබර් 27 දින දක්වා දීර්ඝ කර තිබේ.  මෙම ගැසට් නිවේදනය අද (25) ප්‍රකාශයට පත්වීමට නියමිතය.

මෙම වසරේ ජනවාරි මස බැඳුම්කර විමර්ශන කොමිසම ජනපති විසින් මුල්වරට පත්කළ අතර අප්‍රේල් මාසයේ දී ජූලි 27  දක්වා මුල්වරට දීර්ඝ කරන ලදී.{jcomments on}

 

හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීමේ සංශෝධිත ගිවිසුමට අද (25) කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි.

හම්බන්තොට වරාය දිගු කාලීන බදු පදනම මත චයිනා මර්චන්ට් සමාගමට බදු දීමෙන් රජය ඩොලර් බිලියනයක මුදලක් අපේක්ෂා කරයි. 

හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා පසුගිය රජය විසින් ගනු ලැබූ අධික ණය බරින් කොටසක් මෙම ගින් පියවා ගත හැකි බව අගමැතිගේ විශ්වාසයයි.

ඉදිරියේදී මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද කැබිනට් මණ්ඩලය අද(25) තීරණය කර ඇත.{jcomments on}

 

වෛද්‍ය ශිෂ්‍ය රයන් ජයලත් මහතා පැහැර ගෙන යෑමට තැත් කළේ යැයි කියන සිද්ධියක් හා අත්අඩංගුවට ගෙන ඇති වෛද්‍ය ශිෂ්‍යයන් නිදහස් කරන ලෙස හා තවත් ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද (25) උදෑසන 8.00 සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනේ බොහෝ රෝහල් වල වෛද්‍ය ප‍්‍රතිකාර සහ වෛද්‍ය සායන වලට පැමිණි රෝගීහු දැඩි අසීරුතාවයකට පත්ව හිඳිති.

එම රෝහල් වල හදිසි අවස්ථා පමණක් ආවරණය කරන බව වැඩ වර්ජනයේ නියුතු වෛද්‍යවරු පවසති.

නේවාසික ප්‍රතිකාර සඳහා රෝගීන් ඇතුලත් කර ගැනීම මිස බාහිර ප්‍රතිකාර අංශ අද (25) ක්‍රියාත්මක නොවීම මත ඩෙංගු වශ‍යෙන් සැක කෙරෙන උණ රෝගය සඳහා බාහිර ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් ද අද (25) ප්‍රතිකාර නොමැතිව රෝහල් වල එක්රොක් වී සිටිණු දක්නා ලදී.

මේ හැටන් සහ දඹුල්ල ප්‍ර‍දේශයේ රෝහල් වල අද (25) පවතින තත්ත්වයයි.












රංජිත් රාජපක්‍ෂ - හැටන්  / අශෝක එරමිණිගම්මන - දඹුල්ල {jcomments on}  

 

 

 

 

 

 

යාපනය, නල්ලුර් කෝවිල අසලදී  පසුගිය 22  දා  වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන 39 හැවිරිදි සෙල්වරාසා ජයන්දන් නමැති අය  යාපනය පොලිසියට බාර වී ඇත.

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා ඉලක්ක කර ගනිමින් නල්ලුර් ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුවු අතර එයින් මහාධිකරණ විනිසුරුවරයාට ආරක්ෂාව සැපයූ  පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර ජිවිතක්ෂයට පත් වී තවත් නිලධාරියෙක් තුවල ලැබීය.{jcomments on}

 

හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වන පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  නිපුන සහල් ව්‍යාපාරයේ අධිපති සිරිපාල ගම්ලත් මහතා ගමන් ගත් මෝටර් රථය  ඊයේ(24) රාත්‍රී හතට පමණ පොලොන්නරුව බැදිවැව ප්‍රදේශයේදී වැලි ප්‍රවාහණය කරමින් තිබූ ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

පොලිසිය පවසන අන්දමට සිරිපාල ගම්ලත් මහතා පොලොන්නරුව මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හිතවතෙකු බැලීමට පොලොන්නරුවට පැමිණෙමින් සිටියදී මෙසේ අනතුරට මුහුණපා ඇත.

ලොරි රථය පොලොන්නරුවේ සිට හබරණ දෙසට ගමන් කරමින් සිටඇත. සිරිපාල ගම්ලත් මහතාට අයත් එන් සී  සී ඒ යු 7070 දරණ මෝටර් රථය පදවාගෙන පැමිණ තිබෙන්නේ ද ඒ මහතා විසිනි.

අනතුරට පත් මෝටර් රථයේ ස්වයංක්‍රීය  වායුබැලූන් ක්‍රියාත්මක වීම නිසා සිදුවීමට ගිය අනතුරින් ඔහු අනූ නමයෙන් බේරීඇති බවටත් දකුණු අතෙහි ඇති වූ සුලු තුවාලයක ට ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව ගොස් ඇතැයි ද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණපොලොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මු. පො.ප.එම්.එස්.එම්. ජරූල්මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.පින්තූරවල දැක්වෙන්නේ අනතුරට පත් මෝටර්රථයයි.




ප්‍රියන්ත බණ්ඩාර පොලොන්නරුව{jcomments on}

 

 

වෙන්නප්පුව ප්‍රදේශයේ සංචාරක හෝටල් වලට අලවි කිරීම ඉලක්ක කර ගනිමින් “පාටර්” වර්ගයේ ගල් ඉබ්බන් අල්ලා ගෙන මස් කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 24 වැනිදා සවස කොට්ටුකච්චිය - කිරල්ඔය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පුත්තලම - මන්නාරම මාර්ගයේ 4 කණුව පදිංචිකරුවන් බවත්,ඔවුන් වයස අවුරුදු 15 – 20 අතර පසුවන බවත් වැටලීම කළ නිලධාරීහු කියති.

සැකකරුවන් කිලෝ මීටර් 25 ක පමණ දුරක් ගල් ඉබි දඩයම සඳහා පැමිණ ඇති බවත්,කීප දෙනෙකු ත්‍රිරෝද රථයකින්ද ඉතිරි පිරිස බස් රථ වලින්ද පැමිණ ඇති බව මූලික විමර්ශණ වලදී හෙලිවී ඇත.

ජලය සිඳී යමින් පවතින කිරල්ඔයේ සැක කටයුතු කීප දෙනෙකු ගැවසෙන බව දැක ඇති ගම්වාසීන් මේ බව කොට්ටුකච්චිය උස්බිම් ජනපදයේ ස්ථාපනය කර ඇති පොලිස් ජංගම මුර පොලේ නිලධාරීන්ට දන්වා ඇත. ඒ අනුව පැමිණ ඇති පොලිස් නිලධාරීන් ගම්වාසීන්ගේද සහාය ඇතිව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී ඝාතනය කරන ලද ගල් ඉබ්බන්ද,එම සතුන් ඝාතනය කිරීම සඳහා යොදා ගත් ආයුධ කීපයක්ද,ඔවුන් පැමිණි බව කියන ත්‍රිරෝද රථයක්ද පොලිස් බාරයට ගෙන ඇත.

තමන් විසින් අල්ලා ගන්නා ගල් ඉබ්බන්ගේ හිසට හානියක් නොවන ලෙස ඝාතනය කර අනතුරුව එම සතුන් වෙන්නප්පුව ප්‍රදේශයේ ඇති සංචාරක හෝටල් වලට අලවි කරන බව සැකකරුවන් පොලීසිය හමුවේ පවසා ඇත.

මේ දිනවල පවතින අධික නියඟය නිසා කොට්ටුකච්චිය - කිරල්ඔය සිඳී ගොස් ඇති බැවින් එහි ජීවත් වූ ගල් ඉබ්බන් සැකකරුවන් විසින් පහසුවෙන් අල්ලා ගෙන ඇති බව පොලීසිය කියයි.

වසර 100 ක පමණ ආයු කාලයක් ඇති “පාටර්” වර්ගයේ ගල් ඉබ්බන් වඳවීමේ තර්ජනයකට ලක්වී සිටින දුර්ලභ සතෙකු බව වන ජීවී නිලධාරීහු සඳහන් කරති.

සැකකරුවන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පුත්තලම පොලීසියේ උප පොලිස් පරික්ෂක පී.කේ.එස්.ඒ.රෝහණ පොලිස් කොස්තාපල් වරුන් වන 34049 ආනන්ද,68955 නන්දන,79947 තෙන්නකෝන්,68542 පෙරේරා,39975 විජේරත්න,90426 රණසිංහ යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර ඇත.






ජුඩ් සමන්ත - පුත්තලම{jcomments on}

 

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25) පෙරවරු 08.00 ට ආරම්භ කළ වැඩ වර්ජනය හෙට (26) පෙරවරු 08.00 දක්වා අඛණ්ඩව පැවැත්වෙන බව එම සංගමය නිවේදනය කරයි.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා පැහැරගෙන යාමට උත්සහ දැරීම සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්ධනය සඳහා රජය ගෙන යන උත්සාහයට විරෝධය පළකිරීම මෙම වැඩ වර්ජනයේ අරමුණ බව මෙම සංගමය පවසයි.

කෙසේ හෝ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියේ රයන් ජයලත් නමැත්තා පොදු දේපල පනත යටතේ ඇති නඩුවක් සහ තවත් නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය මගහැරීම මත වරෙන්තු නිකුත් කොට සිටි අයෙකු බවත් යම් පුද්ගලයෙකු පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට අධිකරණයකින් වරෙන්තු අවශ්‍ය නොවන බවත්ය.

ඒ අනුව මෙය නීත්‍යානුකූලව අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහයක් බවත් පැහැර ගෙන යාමක් නොවන බවත් පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිලඇදුමින් සැරසී නොසිටීම මත මෙය පැහැරගෙන යාමක් සේ කරුණු දැක්වීම අතිශ්‍ය සාවද්‍ය අර්ථ දැක්වීමක් බවය.

එමෙන්ම එම නිලධාරීන් සතුව තිබූ පොලිස් නිල හැඳුනුම්පත මගින් ඔවුන්ට එම රාජකාරිය සඳහා අදාල අධිකාරී ගත බලය පැවරී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කීය.

කෙසේ හෝ අද (25) ක්‍රියාත්මක වන වෛද්‍ය වැඩ වර්ජනය නිසා දිවයිනේ බොහෝ රෝහල් වලින් ප්‍රතිකාර ගැනීමට පිණිස පැමිණි  රෝගීන් විවිධ අපහසුතාවයන්ට පත්ව සිටින බව වාර්තා වෙයි.

ඒ.ජී රේණුකා{jcomments on}

 

 

ඛණිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය මේ වන විට ක්‍රීයාත්මක වෙමින් පවතී.

හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමකට අදාල  ගිවිසුම පිළිබඳ කැබිනට් සාකච්ඡාව අද පැවැත්වීමට නියමිත බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කියයි. මේ අතර ඊයේ සවස් යාමයේ සිට ඉන්ධන පිරවූම්හල් අද්දර දැඩි රථවාහන පෝළිම් දක්නට ලැබුණූ අතර බොහෝ දෙනෙකු භාජනවලට ඉන්ධන ලබා ගත් බවත් වාර්තාවී තිබේ.

කෙසේ හෝ මෙම වැඩවර්ජනය නිසා ඇති වූ ඉන්ධන හිඟය මෙරට පොදුප්‍රවාහන පද්ධතියට කෙසේ බලපානූ ඇද්දැයි තවමත් කිව නොහැකිවී ඇත.
 



ඡායාරූප - අම්බලන්ගොඩ සමරනායක{jcomments on}

 

 

අද මධ්‍යම රාත්‍රීයෙන් ආරම්භවීමට නියමිත ඛණිජතෙල්  වෘත්තිය සමිති මඟින් සැලසුම් කොට ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ඉන්ධන පිරවූම්හල් ඉදිරියේ දැඩි රථවාහන පෝළිම් දක්නට ලැබෙන බව වාර්තාවේ.මේ නිසා නාගරික ඉන්ධන පිරවුම්හල් අසල  මාර්ගවල දැඩි වාහාන තදබඳයක්ද ඇති වී තිබේ.

මෙම තදබදය හෙට පෙරවරුවේද පැවැතිමට බොහෝ ඉඩකඩ ඇතැයි ඉන්ධන පිරවූම් හල්කරුවෝ පවසති.

දමයන්ති ගමගේ

 

 

ඉල්ලීම් තුනක් මුල්කරගනිමින් ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට අඛන්ඩ වැඩවර්ජනයක නිරත වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන්ත කුමාර මහතා ප්‍රකාශ කළේය.

ත්‍රිකුණාමල තෙල් ටැංකි පෞද්ගලික සමාගමකට ලබා දීම, හම්බන්තොට වරායේ තෙල් ජැටි චීන වරායට පැවරීම හා සපුගස්කන්ද තෙල් පිරිපහසු සංකීර්ණය ප්‍රතිසංස්කරණය නොකීරීම යන ඉල්ලීම් තුන සඳහා නිසි පිළිතුරක් ලබා නොදීම හේතුවෙන් ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව මෙසේ අඛණ්ඩ වැඩවර්ජනයක් කිරීමට තීරණය කර ඇත.

එමෙන් හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට අදාළ ගිවිසුමට සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ‍හෙට (25) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිම අඛන්ඩ වැඩවර්ජනය සිදුකීරීමට මූලිකව හේතුවී ඇත.

කොලොන්නාව, මුතුරාජවෙල, සපුගස්කන්ද හා රට පුරා ඇති තෙල් ගබඩා සංකීර්ණ 09 ක තෙල් බෙදා හැරීම අත්හිටුවීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත. ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව මීට පෙර ත්‍රිකුණාමල තෙල් ටැංකි පෞද්ගලික ආයතනයකට ලබා දීම ඇතුළු ඉල්ලීම් තුනක් සම්බන්ධව විෂය භාර ඇමතිවරයා මඟින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබුණි. එම පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡාවක් ලබා දෙන බව කියා සිටියද එලෙස සාකච්ඡාවකට ආරාධනා ලැබි නොමැත. කෙසේ නමුත් එම සාකච්ඡාව නොලබිම හා ඉල්ලීම් වලට නිසි විසදුම් නොලැබි නිසා අද (24) රාත්‍රීයේ සිට ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අඛන්ඩ වැඩවර්ජනයක නිරත වන බව ද ඒ මහතා පැවසීය.

හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට අදාළ ගිවිසුමට සම්බන්ධ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් පෙර සතියේ සිකුරාදා අමාත්‍යවරුන් වෙත ලබාදුන්නත් මෙම කැබිනට් පත්‍රිකාව අමාත්‍යවරුන් සඳහා අද (24) ලබා දීම අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා යාමට මූලික හේතුව බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් අද (24) රාත්‍රියේ සිට තෙල් පිරවුම්හල් අසල වාහන ‍පෝලීම් දක්නට ඇත.

ලසන්ත වීරකුලසූරිය /ප්‍රසාදිකා ජයවර්ධන

විශ්ව විද්‍යාල සිසුන් හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්ධනය කිරීමට එරෙහිව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (24) පැවැත්විණි.

විශ්ව විද්‍යාලයේ සිසු පොදු මධ්‍යස්ථානයේ සිට මහනුවර දක්වා සිසුහු මෙම විරෝධතා පා ගමනෙහි නිරත වූහ.

කොළඹදී පැවති විරෝධතාවකදී සිසුන්ට ජල ප්‍රහාර එල්ල කරමින් සිසුන් මර්ධනය කර අත්අඩංගුවට ගැනීම සාධාරණ නොවන බවත් බලධාරීන් උත්සාහ කරන්නේ සියලුම සිසුන් සිය අණසකට ගැනීමට යැයි විරෝධතා පාගමනට එක්වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිපුණ සංකල්ප මහතා කීය.

රජය බලයට පත්වීමේදී විවිධ පොරොන්දු ලබා දුන් නමුත් ඒ පොරොන්දු ඉටු කිරීම වෙනුවට රජය සිදුකරන්නේ සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය බිඳ දැමීමට බවත් කිරීමක් ඔහු ප්‍රකාශ කළේය. ඒ යටතේ මුලින්ම සිසුන් හා සිසු නායකයන් මර්ධනය කිරීම බලධාරීන්ගේ ප්‍රධාන ඉලක්කය වන බව ද ඔහු කීය.

විශ්ව විද්‍යාලයේ පීඨ නමයේ සිසුන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම විරෝධතාව සදහා සිසුන් පන්සියයකට අධික පිරිසක් සහභාගී වූහ.

නදීක දයා බණ්ඩාර - මහනුවර

IMAGE

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 183

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2541

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1440

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5818

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3391

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5522

Please publish modules in offcanvas position.