Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් පසුගිය කාලයේ කළ ව්‍යාපෘතිවලින් රජයට රුපියල් කෝටි 50ක පාඩුවක් වී ඇති බව කියමින් ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අද (8) පැමිණිලි කළේය.
සෙබළුන් යොදවා කළ ව්‍යාපෘතිවලින් ලද ආදායම මහා භාණ්ඩාගාරයට බැර නොකර, සිවිල් ආරක්ෂක බලකා ඉහළ නිලධාරීන් වංචා කර ඇති බවත් එම නිසා මේ ගැන පරීක්ෂණයක් කරන ලෙසත් එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.
යුද්ධය අවසන් වූ පසු 2009 සිට මේ දක්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් බලකා සෙබළුන් 30,000ත් 20,000ත් ව්‍යාපෘති ගණනාවක් සඳහා අනුයුක්ත කර ඇති බව එම පැමිණිල්ල ගොනුකරමින් ජ.වි.පෙ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිගාමඩුලු ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත පියතිස්ස මහතා කීවේය.
 
පද්මිණි මාතරගේ
 

දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ පැය 48ක වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම සන්ධානයේ ප්‍රකාශකයෙක් කීය.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් සමඟ දුම්රිය වෘත්තීය සමිති නිලධාරීන් පැවැත්වූ  සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් එම වර්ජනය අත්හිටුවා තිබේ.

කෙසේ හෝ දැනට පවත්නා පෙට්ට්‍රල් හිඟය මුල් කොට රට තුළ බරපතල ප්‍රවාහන අර්බුදයක් පැනනැගී ඇති මෙවන් අවස්ථාවක මෙබදු වෘත්තීය පියවරක් ගැනීම සුදුසු නොවන බව දුම්රිය රියදුරු සංගමයේ අද පැවැති විශේෂ සමුළුවකදීද එහි සමාජිකයන්ගේ අවධානයට යොමු වී තිබේ.

පසුගිය ඔක්තෝබර් 11 දා මධ්‍යම රාත්‍රියෙන් ඇරඹීමට තිබු දුම්රිය රියදුරු වැඩ වර්ජනය එදින පස්වරු 6.00 සිට ම ක්‍රියාත්මක වීම නිසා දුම්රිය රියදුරන් මගීන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක් වූ අන්දමද  එහිදී සාකච්ඡා වී ඇත.

කෙසේ හෝ මෙම වැඩ වර්ජනය පැවැත්වීම සැකසහිත බවට කල් තියා අනාවැකි පළකරන ලද්දේ ලක්බිම ඔන්ලයින් පමණක් බව අපි නිහතමානී සතුටකින් ඔබ වෙත දැනුම් දෙමු.

පෙර පුවත් - 

මැදියම් රැයෙන් ඇරඹෙන දුම්රිය වර්ජන කල් යයි?

දුම්රිය වර්ජනය තවමත් වැට උඩ

අද(08) අළුයම හටගත් ගින්නකින් බිංගිරිය නගර මධ්‍යයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලකට බරපතල අලාභ හානි සිදුවී ඇත.

ඉලෙක්ට්‍රොනික බඩු වලින් පිරී තිබූ මෙම වෙළඳ සැලේ ගින්න හටගෙන ඇත්තේ අද අළුයම 5.30ට පමණය.

හලාවත නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ ගුවන් හමුදාව එක්ව මෙම ගින්න පාලනය කොට ඇතත් එහි දෙවෙනි තට්ටුවට ගින්නෙන් බරපතල හානි සිදුවි තිබේ.

මෙම ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.

බිංගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. 

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සතුන් දඩයමේ ගිය 21 හැවිරිදි තරුණයෙකු වෙඩි වැදී මියගොස් සිටියදී අද(08) දින උදෑසන පොලිසිය මගින් මළසිරුර සොයා ගෙන් ඇත.

මියගිය තරුණය අවිවහකයෙකු වන අතර විල්ගමුව, තිම්බිලියගම පදිංචි උපාලි හේරත් යන අය වශයෙන් හඳුනාගෙන ඇත.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වම කොටසේ විදුලි වැටෙන් ඇතුල්වී වන සතුන් දඩයම් කිරීම සදහා මියගිය තරුණයා බෙහෙත් කොටන තුවක්කුවකික් 'මරු වැලක්' අටවන අවස්ථාවේ එය පිපිරී හිසට බරපතල හානි සිදුවී ඇතැයි පොලිසිය කළ මුලික  විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පැවසෙයි.

වස්ගමුව ජාතික වනඋද්‍යානයට  07 වෙනි දින පස්වරුවේ  ඇතුළුවූ තරුණය යළි නිවෙසට නොපැමිණීම නිසා ඥාතීන් විසින් 08 වෙනි දින උදැසන වනය තුල සොයා බැලීමේදී මළසිරුර හමුවීමෙන් පසු පොලිසියට දැනුම්දී ඇත.

විල්ගමුව පොලිස් ස්ථාන්ධිපති පාලිත ඉලන්ගන්සිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ කටයුතු සිදුකරයි.

දඹුල්ල-අශෝක එරමිනිගම්මන

ඉන්දීය තෙල් සමාගම විසින් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද බාල තෙල් සහිත නෞකාව රට තුළට ගන්නා ලෙස තමන්ට දේශපාලන බලපෑම් ඇතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පසුගිය දා කරන ලද ප්‍රකාශය පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එසේ නම් ඒ බව පොලිසියට පැමිණිලි නොකරන්නේ මන්දැයි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අසා සිටී.

ට්විටර් සටහන,

එස්.ටී.පී. සිල්වා

අනාගතයේදී පාසල් සිසුන් වෙත පාසල් වේලාව තුළ දී පෝෂ්‍යදායි ආහාර වේලක් සපයා දීම තම බලාපොරොත්තුව බවත් එය ඉටුකර ගැනීම සඳහා දූෂණ සහ අක්‍රමිකතා මැඩලමින් අධ්‍යාපන අමාත්‍යංශය ඉතිරි කරගත් මුදල් යොදාගැනීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ පසුගිය දා ජාතික අධ්‍යාපන ආයතනයේ දී පැවැති උත්සවයක් අමතමිනි.

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අධ්‍යාපන අමාත්‍යංශය තුළ පෙර පැවති අනවශ්‍ය වියදම් සහ අක්‍රමික මූල්‍ය භාවිතාවන් සියල්ල දැන් නවතා ඇති නිසා මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන සකසා ගත හැකි පරිසරයක් මේ වන විට නිර්මාණය වී ඇති බවකි.

ඒ අනුව සියලු පාසල් දරුවන්ට දිවා අහාර වේලක් ලබා දීමට අදාළ යෝජනාව ඉදිරියේ දී ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් වෙත ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට පවතින පෙට්‍රල් හිඟයට විසඳුම් ලබා දෙමින් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 රැගත් ඉන්දීය නෞකාව අද (08) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව ඛණිතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය  කියයි.

නමුදු මෙම නැවේ ඉන්ධන ඉන්ධන පිරවුම්හල් වලට ලැබීම සඳහා පැය 18 ක වත් කාලයක් ගත වනු ඇතැයි පැවසේ.  ඒ එම තෙල් සාම්පල රසායනාගාර පරීක්ෂණ වලට ලක් කිරීම, ගබඩා කිරීම සහ ප්‍රවාහන කටයුතු සඳහා ය.

මේ අතර තවත් ඉන්දීය ඉන්ධන නැවක් අනිද්දා ද පැමිණීමට නියමිතව ඇත.

එස්.ටී.පී.සිල්වා

අද (08) මධ්‍යම රාත්‍රියෙන් අරඹීමට නියමිත දුම්රිය වර්ජනය පිළිබඳ තවමත් නිශ්චිත තීරණයකට එළඹ නැතැයි දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

අද (08) පස්වරුවේ තම වෘත්තීය සමිති නියෝජිතයින්ට අග්‍රාමාත්‍ය ලේකම් වරයා සමඟ සාකච්ඡාවකට එළඹීමට ඉඩකඩ ලැබෙනු ඇතැයි පවසු ඔහු දැනට පවත්නා පෙට්‍රල් හිඟය මුල්කොට මෙරට ප්‍රවාහන පද්ධතිය මුළුමනින් බිඳ වැටී ඇති බැවින් මෙම දින කිහිපය තුළ දුම්රිය සේවයේ අවශ්‍යතාවය ඉහළ ගොස් ඇති බව තම වෘත්තීය සමිතිද පිළිගන්නා බව පැවසීය.

එමෙන්ම අද (08) මධ්‍යම රාත්‍රියේ සිට පුරා පැය 48 ක් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවද කොලොන්නාව සහ කටුනායක අතර ගුවන්යාන ඉන්ධන ප්‍රවාහන දුම්රිය ධාවනය කිරීමට ඉන් බාධාවක් සිදු නොවනු ඇතැයි ද හෙතෙම කීය.

ඒ.ජී.රේණුකා

පෙර පුවත් -:

මැදියම් රැයෙන් ඇරඹෙන දුම්රිය වර්ජනය කල් යයි?

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය දීම පිණිස ඒකාබද්ධ විපක්ෂය විසින් පනවා ඇති කොන්දේසි අට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභාවට ඉදිරිපත් කරන බවත් ඉන් පසු එම කොන්දේසි අට සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ස්තාවරය හෙළි කරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

එමෙන්ම ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියේ දී තවත් වැදගත් තීරණ කිහිපයකට එළඹෙන අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරඟවදින ඡන්ද ලකුණද මෙහිදී නිශ්චය කරන බව ඔහු කීය.

 

දමයන්ති ගමගේ

 

 

සයිටම් ආයතනයට විරෝධය පළ කරනු පිණිස ළාබාල පාසල් සිසු සිසුවියන් පිරිසක් පාසල් නිල ඇඳුම් සහිතව පාගමනකට යොදා ගැනීමේ සිද්ධියක් හලාවතින් වාර්තා වේ.

ඊයේ (07) දහවල් හලාවත ප්‍රධාන සුසානභූමිය අද්දරින් ආරම්භ කරන ලද මෙම පාගමන සඳහා හලාවත නගරයේ ප්‍රධාන පෙලේ පාසල් කිහිපයක සිසු සිසුවියන් සහභාගී වු අතර ඔවුන් අතර ළාබාල සිසුන්ද හිඳිනු දක්නා ලදී.

ප්‍රදේශයේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය සිසු සිසුවියන් කිහිප දෙනෙක් විසින් සංවිධානය කරන ලදැයි පැවසෙන මෙම පාගමන සඳහා දේශපාන පක්ෂ ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් ද එක්ව සිටිනු දක්නා ලදී. පැයක පමණ කාලයක් තිස්සේ පැවැති මෙම පා ගමන හලාවත ප්‍රධාන බස් නැවතුම් පොළ අභියසට පැමිණි අතර එහිදී කෙටි විරෝධතා රැළියක් පවත්වා පිරිස විසිර ගියහ.

මෙවැනි ක්‍රියාකාරකම් සඳහා වයස අවුරුදු 18 ට අඩු දරුවන් යොදා ගැනීම සපුරාම නීති විරෝධී වන අතර  ඒ සම්බන්ධයෙන් ජාතික ළමා රක්ෂක අධිකාරිය ඊට වගකිව යුත්තන්ට එරෙ‍හිව මෙතෙක් පියවරක් ගෙන නොමැති බවද පැවසේ.

සයිටම් අර්බුදය යන්න කුමක්ද කියාවත් වටහාගත නොහැකි වියේ පසුවන කුඩා දරුවන් ඒ සම්බන්ධව කිසිවෙකු විසින් ලියා දෙන ලද සටන් පාඨ කියමින් ගමන් කරනු දක්නට ලැබුණු බව ප්‍රදේශවාසීහු කියති.

එස්.ටී.පී සිල්වා

ප්‍රධාන දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹීමට නියමිත දුම්රිය වැඩ වර්ජනය දැනට දිවයින පුරා පවත්නා පෙට්ට්‍රල් හිඟය මුල් කොට කල් දැමීමමට ඉඩ කඩ ඇතැයි දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිළධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

හුදු මානුෂීය ක්‍රියාමාර්ගයක් ලෙස මෙවැන්නක් සිදු කළද ප්‍රවාහන බලධාරීන් සති දෙකක් ඇතුළත ලබාදෙන බවට එකඟ වූ වැටුප් වැඩිවීම මෙතෙක් ලබා නොදීම නිසා මෙම වර්ජනය සැළසුම් කළ බව ඔහු පැවැසීය.

දුම්රිය රියැදුරන්, දුම්රිය පාලක වරුන්, දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය නියාමකවරුන් ඇතුළු තවත් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් මෙම වර්ජනයට එක් වීමට නියමිතය.

මීට සති තුනකට ඉහතදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මෙම වැටුප් විෂමතාව විසඳාදෙන බව ‍පොරොන්දු වූ නමුත් සිය ඉල්ලීම විසඳීම ඇතුළු කිසිදු වැඩපිළිවෙළක් ප්‍රවාහන අමාත්‍යාංශය මේ වන විටත් ක්‍රියාත්මක කර නොමැති බව ඔහු වැඩි දුරටත් කීය.

මේ අතර ඉන්ධන පිරවුම්හල්  විශාල ප්‍රමාණයක ඊයේ (07) රාත්‍රීය වන විට පෙට්‍ට්‍රල් අවසන් වී ඇති බව ඉන්ධනහල් හිමියෝ පැවැසූහ.

මේ නිසා ඉන්ධන පිරවුම්හල් අසල තුන්වන දිනයටත් ඊයේ (07) උදෑසන සිට වාහන ‍පෝලිම් දක්නට ලැබුණු අතර ගැලුම් හා බෝතල් අතැතිවද බොහෝ පිරිසක් ඉන්ධන පිරවුම්හල් අසල රැදි සිටින අයුරු දක්නට ලැබුණි. මේ අතර ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ඊයේ (07) චක්‍ර‍ලේඛනයක් නිකුත් කරමින් ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ගැලුම් හා බෝතල්වලට ඉන්ධන ලබා නොදෙන ලෙසට දන්වා ඇතත් පසුව විෂය භාර අමාත්‍යවරයා විසින් එම චක්‍රලේඛණය අහෝසි කරන ලදී.

මේ අතර  මෙම ඉන්ධන හිඟය හේතුවෙන්, තමන්ට ඇතැම් පුද්ගලයන්ගෙන් අධික මිලට ඉන්ධන ලබාගැනීමට සිදුවී ඇතැයි කියමින් ඇතැම් ප්‍රදේශවල ත්‍රිරෝද රථ රියැදුරන් සිය ගාස්තු ඉහළ දමා ඇති නිසා එම ප්‍රදේශවල ජනතාව අපහසුතාවයට ලක්ව ඇති බව ද වාර්තා වේ. මේ අනුව ගමනාන්තයක් සඳහා රු.50, රු.80වශයෙන් සාමාන්‍යයෙන් ගෙවන ලද මුදලට වඩා වැඩි මුදලක් ගෙවීමට මගින් සිදුව තිබේ. එමෙන්ම ඉන්ධන හිඟය හේතුවෙන් ඇතැම් පාසල් වෑන් රථ රියැදුරන්ද ශිෂ්‍ය ප්‍රවාහන කටයුතුවලින් මේ වන විට ඉවත්ව සිටිති. 

තවද මෙම පෙට්ට්‍රල් හිඟය මුල් කොට මෝටර් සයිකල් අති විශාල සංඛ්‍යාවක් ධාවනයෙන් ඉවත් වී ඇති බැවින් ඒවායේ ගමන් ගන්නා මගීන්ද දුම්රිය හා බස් රථ මගින් ගමන් පහසුකම් සලසා ගන්නා බව වාර්තා වේ. එමෙන්ම මේ වන විට දිවයිනේ ප්‍රධාන නගර හා ප්‍රධාන මාර්ග වල ගමන් ගන්නා වාහන වල සැලකිය යුතු අඩු වීමක්ද දක්නට ලැබෙතැයි ද වාර්තා වේ.

මේ සියළු තත්වයන් සළකා බලා අද මධ්‍යම රාත්‍රියෙන් ඇරඹීමට නියමිත දුම්රිය වැඩ වර්ජනය තාවකාලික කල් දැමීමට ඉඩ ඇති නමුත් සියළු වෘත්තීය සමිති නියෝජිතයන්ගේ පොදු එකඟතාව මත මේ පිළිබඳ අවසන් තිරණය ගන්නා බව එම ප්‍රකාශකයා ලක්බිම ඔන්ලයින් වෙත කීය.

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3129

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2974

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6027

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 3598

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2191

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3004

Please publish modules in offcanvas position.

Web Analytics