Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දිඹුල පොලිස් වසමට අයත් කොටගල යදන්සයිඩි වතුයායේ පදිංචි පාසල් සිසුවෙක් අලිගැට පේර ගසකින් බිමට ඇද වැටි අද (17) අලූයම මියගොස් ඇති බව දිඹුල පොලිසිය පවසනවා. 
මෙසේ මියගොස් ඇත්තේ එම වතුයායේම පදිංචි සුබ්‍රමනියමි මධුෂාන් නැමැති දාහතර හැවරදි පාසල් සිසුවෙකි. එම සිසුවා ඊයේ (16) පස්වරු 5.00 ට පමණ තම නිවස ආසන්නයේම තිඛෙන යදන්සයිඩි දෙමළ විද්‍යාලයේ පාසල් වත්තේ තිඛෙන අලිගැට පේර ගසකට නැග අලි පේර කඩමින් සිටි අවස්ථාවේ පය ලිස්සා බිමට ඇද වැටි බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම සිසුවාගේ තත්ත්වය බරපතල නිසා දික්ඔය මුලික රෝහලේ සිට මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද (17) අලූයම මියගොස් ඇති බවයි දිඹුල පොලිසිය පවසන්නේ.

මියගිය සිසුවා පවුලේ පස්වැනියා වන අතර ඔහු එම විදුහලේම නව වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකු බවයි ප්‍රදේශවාසින් පවසන්නේ. සිද්ධිය පිළිබද දිඹුල පොලිසිය පරික‍ෂණ පවත්වයි. 
 
හැටන් රංජිත් රාජපක‍ෂ

North centralඑච්.බී. සේමසිංහ මහතා දැරූ  උතුරුමැද පළාත් සභාවේ වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍ය  ධුරය ඔහුගෙන් ඉවත් කර ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී සරත් ඉලංගසිංහ මහතා පත් කර ඇත. 

පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා ඉදිරියේදී ඉලංගසිංහ මහතා එම අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බව  වාර්තාවේ.

තරුණ තරුණියන් අතර ශීඝ්‍රයෙන් පැතිරයන බව පැවසෙන මත්පෙති විශේෂයක් අලෙවි කළ බවට සැක කෙරෙන තිස් එක් හැවිරිදි පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්වී තිබේ.

මෙම පුද්ගලයා විසින් පවත්වාගෙන ගිය මෙම ජාවාරම පිළිබඳව වරින් වර ලැබුණු තොරතුරු මත පරික්ෂාවෙන් සිටි සුරාබදු විශේෂ ඒකකයේ නිලධාරීන් ඔහුගේ සු‍ඛෝපභෝගී මෝටර් රථය ලුහුබැඳ ගොස් මෙම වැටලීම සිදුකොට තිබේ. ඒ වන විට එම රථයේ තිබී මත් පෙති 1500 ක් පමණ අත්අඩංගුව ගත් අතර එහි වටිනාකම රුපියල් මිලියන පහක් බව කියනු ලැබේ.

පරිගණක අධ්‍යාපනය පිළිබඳ උසස් උපාධි සහතික සහ වෘත්තීය සුදුසුකම් හිමි මොහු අතිරේක අදායම් මාර්ගයක් වශයෙන්  මෙම ජාවාරම සිදුකොට ඇත.

ඊයේ (16) ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිණ වූ සැකකරු මෙම මස 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

 

 

 

ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ ජාතික වැඩපිළිවෙළක් ජූනි 01 දා සිට ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඩෙංගු කාර්ය සාධන බලකා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. 
ජූනි 01 වනදා සිට මාස 03 ක කාලයක් ඩෙංගු මර්දන කාලසීමාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටද උපදෙස් ලබාදී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබාදී ඇත්තේ ඩෙංගු කාර්ය සාධන බළකාය සමග ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.
මේ වනවිට සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා තම සමාජ වගකීම ඉටුකරන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්ම දේශපාලනඥයන්ගෙන් ද ඉල්ලා සිටියේය. එමෙන්ම ඩෙංගු මර්දනය සඳහා දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන්වලට අවශ්‍ය පහසුකම් සපුරා දෙමින් සිය සක්‍රිය දායකත්වය ඒ වෙනුවෙන් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා සියලු දේශපාලන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.
ඩෙංගු මර්දනයට අදාළව දැනට ගෙන යන වැඩසටහන්වලදී මතුව ඇති ගැටලු පිළිබඳ ලිඛිත වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙස ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය අංශයේ ආයතනික වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ චක්‍ර‍ලේඛ කිහිපයක් ඉදිරියේදී නිකුත් කරන අතර ඒ පිළිබඳ පෞද්ගලික අංශයද දැනුවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
මහා පරිමාණ ගොඩනැගිලි ඉදිකිරීම් සිදුකරන ස්ථානවල ජලය එක් රැස්වී තිබිමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දෙනු ලැබිය.
එමෙන්ම සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මෙන්ම පාසල්වල සෑම සතියකම තෝරා ගත් දිනකදී පැයක කාලයක් පරිසරය පිරිසිදු කිරීමේ කටයුතු සහ ඩෙංගු මර්දනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීමටද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
ඩෙංගු මර්දනය සඳහා අවශ්‍ය බැක්ටීරියාව නිපදවීමේ කටයුතු ශ්‍රී ලංකාවේ අදාළ සමාගම් හරහා නැවත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසද ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.
මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කරමින් මෙම උවදුර පාලනය කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳ ජනතාව නිසි ලෙස දැනුවත් කිරීමේ වැඩසටහන් නිරන්තරව ජනමාධ්‍ය හා ප්‍රචාරය කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා පැහැදිලි කළේය.
පරිසර ‍පොලීසිය දැනට වඩා කාර්යක්ෂම හා ශක්තිමත් කරමින් ඩෙංගු මර්දන කටයුතු සඳහා යෙදවීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා ඩෙංගු මර්දනය සඳහා ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය දීර්ඝ කාලයක සිට ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන වැඩ පිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමටද උපදෙස් දුන්නේය.
ඩෙංගු රෝගීන් වැඩිවීම හේතුවෙන් රෝහල්වල මතුව තිබෙන තදබදය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ රාගම හා කළුබෝවිල රෝහල් සඳහා තාවකාලික ගොඩනැගිලි ලබාදෙමින් එම රෝගීන්ට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට පියවර ගන්නා බවයි.
දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලදී සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලදීද ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සඳහා ප්‍රමුඛත්වය දෙමින් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය වශයෙන් එම කටයුතු ක්‍රියාත්මක කිරීමටද උපදෙස් දුන් ජනාධිපතිතුමා හදිසි තත්ත්වයක් සේ සලකා මෙම වැඩසටහන සඳහා සියලු දෙනා ඒකරාශී වීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.
එමෙන්ම ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය භෞතික සම්පත් සහ මානව සම්පත් පිළිබඳ ඉල්ලීම් කළ විට ඒ සඳහා අවශ්‍ය පියවර මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කළ හැකි බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.
අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, වජිර අබේවර්ධන, ෆයිසර් මුස්තාපා, ගයන්ත කරුණාතිලක, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන්ද, ජනාධිපති ‍ලේකම් පී. බි. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ‍ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන්ද, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ‍පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ද, ඩෙංගු රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සහ වෛද්‍ය නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
 
පානුක රාජපක්ෂ/ ප්‍රසාදිකා ජයවර්ධන

ලංකා ඊ නිවුස් වබේ අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර නමැත්තා පදිංචි ස්ථීර ලිපිනය සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් නීතිඥ මධුර විතානගේ මහතාට අද (16) නියෝග කළේය.
ලංකා ඊ නිවුස් වබේ අඩවියේ අසත්‍ය ප්‍රවෘත්ති පළකර අධිකරණයට හා අධිකරණ විනිසුරුවරුන්ට අපහාස සිදුකර ඇති බව පෙන්වා දෙමින් නීතිඥ මධුර විතානගේ මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම කැඳ වූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන හා නලීන් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කරුණු දක්වමින් එහිදී ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පෙන්වා දුන්නේ වගඋත්තරකාර සඳරුවන් සේනාධීර නමැත්තා ලන්ඩනයේ පදිංචි බවට තොරතුරු ලැබි ඇති නමුත් ඔහු පදිංචි ස්ථීර ලිපිනය මේ දක්වා සොයා ගැනීමට නොහැකි වූ බවයි. එම නඩුව ලබන සැප්තැම්බර් 28 වැනිදා යළි කැඳවීමටද විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළේය.
 
නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් සිදුව තම අමාත්‍ය ධුරය වෙනස්කළද එය තමන් සතුටින් භාරගන්නා බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී අද (16) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්ව තම අමාත්‍යාංශයේ පර්යේෂණයක් කළ තමන් එම රාජකාරිය නිවැරදිව ඉටුකර නැතිනම් එම අමාත්‍යාංශයෙන් තමන් ඉවත්කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඕනෑම අමාත්‍යාංශයක අමාත්‍යවරුන් සිය රාජකාරිය නිසි ලෙස ඉටුකර නොමැතිනම් එම අමාත්‍යධුරයෙන් ඉවත්කිරීම ජනාධිපති හා අග්‍රාමාත්‍යවරයාගේ වගකීම බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම යහපාලන ආණ්ඩුව තුළ නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව මේ ගෙන යන වැඩපිළිවළ තුළින් රට ගොඩනැගීීමට හැකිවන බවත් පක්ෂය දෙකේ එක්වීම තුළින් රටේ අනාගතය සාර්ථක කර ගැනීමට හැකිවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
ප්‍රසාදිකා ජයවර්ධන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා නම් තුනක් යෝජනා වීම නිසා  ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී එම තනතුර පත් කිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර හා එස්.බි. දිසානායක යන අමාත්‍යවරුන් තිදෙනාගේ නම් යෝජනා වී ඇත.
තමා ජනමාධ්‍ය ඇමැතිවරයාව සිටියදී එම කාර්යය කිරීම නිසා නැවත වරක් එය භාර ගැනීමට අපහසු බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවැති කැබිනට් මණ්ඩලයේදී දයාසිරි ජයසේකර මහතා ඒ සඳහා පත් කිරීමට යෝජනා වී තිබිණි.
එම තනතුර සඳහා ඊයේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බි. දිසානායක මහතාගේ නමද යෝජනා වී තිබිම නිසා ඒ පිළිබඳ සාකච්ඡා කර ලබන කැබිනට් මණ්ඩලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය පත් කිරීමට තීරණය කර ඇත.
 
කමණී හෙට්ටිආරච්චි

වෙරළ තීරයේ අත්හැර දමා ඇති භාවිතයට නොගන්නා ධීවර බෝට්ටු, ඔරු හා වෙනත් ජලය එක්රැස් විය හැකි උපකරණ විනාශ කිරීමට කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය  තීරණය කර තිබේ.
ඒ අනුව මුහුදු තීරයේ ඇති ජලය එක්රැස්වන භාවිතයට ගත නොහැකි සියලු ධීවර උපකරණ විනාශ කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටිලාල් ප්‍රනාන්දු මහතාට උපදෙස් දී තිබේ.
නිරිතදිග මෝසම් සක්‍රිය වී ඇති බැවින් කඩින් කඩ ඇතිවන මද වැසි මෙන්ම අව්වද ඩෙංගු රෝගය හිස එසැවීමට ඉවහල් වී ඇත. එමෙන්ම වෙරළ තීරයේ අතහැර දමා ඇති ධීවර යාත්‍රා,ඔරු හා ජලය එක්රැස් විය හැකි උපකරණ ඩෙංගු කීටයන් බහුල මදුරු ආකර බවට පත් වී ඇති බව ඇමැතිවරයා සඳහන් කළේය.
එම නිසා භාවිතයට නොගන්නා මෙම ධීවර උපකරණ විනාශ කර දමන ලෙස තමා උපදෙස් දුන් බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
 
කමණී හෙට්ටිආරච්චි

ගිරිබාව අධ්‍යාපන කොට්ඨාසයට අයත් ගිරිබාව ප්‍රාථමික විද්‍යාලය තුළට පැමිණි පුද්ගලයකු පිහියක් පෙන්වා එම විද්‍යාලයේ එක ශ්‍රේණියේ උගන්වමින් සිටි ගුරුවරියකගේ ගෙල බැඳි රන් මාලය සහ මුදු දෙකක් රැගෙන පලා ගොස් ඇතැයි ගිරිබාව ‍පොලීසිය පවසයි.
අද (16) දින මධ්‍යහ්න 12.30 ට පමණ මුහුණු ආවරණ සහිත හෙල්මටයක් සහ ජැකට්ටුවක් පැළඳ පැමිණි මෙම පුද්ගලයා විසින් පාස‍ලේ එක ශ්‍රේණියට කඩා වැදී එහි උගන්වමින් සිටි ගුරුවරියට පිහියක් පෙන්වා බියවද්දා ඇයගේ රන් මාලය සහ මුදු දෙක ගලවා ගෙන ඇත. මෙම සිදුවීමෙන් එම ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් බියපත්වී කෑ ගසා ඇති අතර එම ශබ්දය ඇසීමෙන් එම ස්ථානයට පැමිණි වෙනත් පන්තියක ගුරුවරියකගේද ගෙලට පිහිය තබමින් බියකර යතුරු පැදියක නැගී පලා ගොස් ඇතැයි ‍පොලීසිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
රන් මාලය සහ මුදු සොරා ගත් පුද්ගලයා ගිරිබාව ප්‍රාථමික විද්‍යාලයට පැමිණීමට පෙර ගිරිබාව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය අසලද පැය දෙකක පමණ කාලයක් රැඳී සිටි බව හෙළිවී ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගිරිබාව ‍පොලීසියේ ස්ථානාධිපති කේ. වී. සී. දීපාල් මහතාගේ උපදෙස් මත ගිරිබාව ‍පොලීසියේ නිලධාරීන් සහ නිකවැරටිය ස්ථානීය පරීක්ෂණ (සොකෝ) නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
 
ශෂිකා දර්ශනී - හෙට්ටි‍පොළ

වනජීවී සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර ඇතුළු ඉහළ කළමණාකාරීත්වයේ නිලධාරීන් 33කගේ පුරප්පාඩු පවතින බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වනජීවී දෙපාර්තමේන්තුවේ විද්‍යාත්මක සේවකයන් 27කගේ ද අනෙකුත් සේවාවල නිළධාරීන් 06කගේද පුරප්පාඩු පවතින බව විගණනයේදී නිරීක්ෂණය වී ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නිකුත් කළ ලිපියක සඳහන් වේ.
ඒ අනුව අධ්‍යක්ෂ ජනරාල් තනතුර 2016 ජුනි මාසයේ සිට පුරප්පාඩු වී ඇති අතර ඒ සඳහා වැඩ බැලීමට නිළධාරියෙකු පත් කර ඇත. ආයතන සහයට අනුව වැඩබැලීමේ තනතුරක් පත් කළ යුත්තේ නිත්‍ය පත් කිරීමක් කරන තෙක් තාවකාලික ප්‍රතිකර්මයක් ලෙස වුවද පූර්ණ නිලධාරියෙකුගේ සේවය අවශ්‍ය නම් නිත්‍ය පත් කිම නොපමාව කළ යුතු බව විගණන වාර්තාවේ සඳහන් වේ.
විද්‍යාත්මක සේවයේ නිලධාරීන් 33කගේ සේවය හයදෙනෙකුගෙන් ඉටු කර ගත යුතු නිසා එක් නිලධාරියෙකුට තනතුරු කිහිපයක රාජකාරි කිරීමට සිදුවී ඇත. ඒ නිසා කාර්යක්ෂමතාවට හානියක් සිදුවී ඇති බව ද එහි සඳහන් වේ.  කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත සේවක මණ්ඩල වාර්තාව අනුව ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ සහකාර අධ්‍යක්ෂ හා නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු තිහක් ස්ථාපිත කර ඇති අතර එම තනතුරු සම්පූර්ණ කර නොතිබිම නිසා එම රාජකාරි ඉටු කිරීමට 2006 වසරේ සිට අඩවි ආරක්ෂක නිලධාරීන් 18 දෙනෙකු එම තනතුරුවල රාජකාරි ඉටු කිරීමට පත් කර ඇත. 
 
කමණී හෙට්ටිආරච්චි

දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ගයේ මේ වසරේ ජනවාරි 01 දා සිට මැයි 15 දක්වා කාලය තුළ නීති කැඩූ රථවාහන රියදුරන් 19837 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ‍පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මේ අතර ජනවාරි 01 දා සිට අප්‍රේල් 30 දා දක්වා කාලය තුළ දඩ පත්‍රිකා නිකුත් කිරීමෙන් හා රථවාහන වැරදි සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් දඩ මුදල් ලෙස රුපියල් 99,199,30 ක් රජයට අය කරගෙන ඇත.
මින් වැඩි වශයෙන් සිදුවී ඇති වරද වන්නේ, අධික වේගයෙන් රිය පැදවීමයි. එම වැරදි සංඛ්‍යාව 7127 කි. බිමත්ව රිය පැදවීම් 21 ක් ද අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීම් 03 ක්ද, නොසැලකිලිමත් ලෙස රිය පැදවීම් 04 ක්ද, මාර්ග නීති උල්ලංඝනය කිරීම් 2189 ක්ද වමෙන් නොපැදවීම 197 ක්ද වශයෙන් මෙම නඩු පවරා ඇත.
සුදු ඉර කපා ධාවනය වීම් 57 ක්ද, සංඥා පුවරුවට විරුද්ධව ධාවනය වීම් 180 ක්ද, ධාවනයට නුසුදුසු තත්ත්වයේ වාහන 09 ක්ද, අධික කළු දුම සහිත ධාවනය 16 ක්ද, ජංගම දුරකතනයෙන් කතා කරමින් ධාවනය කිරීම් 346 ක්ද, ආසන පටි නොපැළඳ ධාවනය කිරීම් 24 ක්ද වශයෙන් නඩු පවරා තිබේ.
ඉෂ්ඨ රූප අමතර පහන් සහිතව ධාවනය 85 ක්ද, අඳුරු වීදුරු සහිතව ධාවනය 1378 ක්ද, රියදුරු බලපත් රහිතව ධාවනය 108 ක්ද, ආදායම් බලපත්‍රය හා රක්ෂණ සහතිකය නොමැතිව ධාවනය 819 ක්ද, අධික ශබ්ද හා අනවශ්‍ය ලෙස නලාව ශබ්ද කිරීම 03 ක්ද, වාහන නැවැත්වීම හා නවතා තැබිම 244 ක්ද, පහන් සම්බන්ධ වැරදි 4007 ක් සහ වෙනත් නීති උල්ලංඝනය කිරීම් 2870 ක් සඳහා මෙලෙස නඩු පවරා ඇත.
 
කමණී හෙට්ටිආරච්චි
IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1719

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1739

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1018

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2560

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4017

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10171

Please publish modules in offcanvas position.