Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප‍්‍රධාන සංඝනායක, අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර ධර්ම විජය බෞද්ධ විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය වල්පොළ පියනන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ධර්ම විජය බෞද්ධ විහාරයේ අභිනවයෙන් ඉඳිකරන ලද චෛත්‍යරාජයන් වහන්සේ තුළ සර්වඥ ධාතු තැන්පත් කිරීම හා කොත නිරාවරණය කිරීම 2017 මැයි මස 20 වන දින එරට වැසි අතිසම්භාවනීය මහා සංඝරත්නයේ හා ගිහි ප‍්‍රභූන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරේ.
මේ සඳහා කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාම ග‍්‍රී ධර්ම මහා සංඝසභාවේ අතිගරු අනුනායක ධුරන්දර, මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ බුද්ධශාසන හා අධිකරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා විශේෂ ආරාධිතයන් ලෙසින් සහභාගි වේ. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සහ ඇමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ප‍්‍රසාද් කාරියවසම් මහතා ද සහභාගි වේ.
එම විහාරය ආරම්භ කොට මේ වන විට දශක 03 ක ආසන්න කාලයක් සම්පූර්ණ වන අතර එය ආරම්භ වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ තෙවන ථේරවාදි ශ‍්‍රී ලාංකික පන්සල ලෙසිනි. මුල්ම ථෙරවාද විහාරස්ථානය ලෙස වොෂින්ටන් බෞද්ධ විහාරය ආරම්භ වූ අතර ඉන්පසු වල්පොළ පියනන්ද නාහිමිපාණන් වහන්සේගේම ප‍්‍රධානත්වයෙන් ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරය ආරම්භ වූ අතර එය දෙවන ථෙරවාද ශ‍්‍රී ලාංකීය පන්සල විය. චෛත්‍යය ඉඳිවීමත් සමග ධර්මවිජය විහාරයේ ත‍්‍රිවිධ චෛත්‍යය සම්පූර්ණ වන අතර, එමඟින් ශ‍්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ ආගමික, සංස්කෘතික, සාමාජික ජීවන රටාවන් ඔප් නැංවීමට සුවිශාල මෙහෙයක් සිදුකරනු ලබයි.
මීට අමතරව තායි, වියට්නාම්, කොරියන්, කාම්බෝජ ආදී එරට වැසි පෙරදිග බෞද්ධ ජනතාවට සේම ඇමෙරිකන්, මැක්සිකන් ආදී කොට ඇති අපරිදිග ජනතාවගේ ආධ්‍යාත්මික ප‍්‍රබෝධය වෙනුවෙන් සුවිශාල සේවය සිදුකරන ප‍්‍රකට විහාරස්ථානයකි.

ජිනිවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයීය වෙසක් උත්සවය මෙවරද ආචාරය තවලම ධම්මික නාහිමි මග පෙන්වීමෙන් අති උත්කර්ෂවත්ව විහාර පරිශ්‍රයේදී, විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ. ශ්‍රී ලංකා, තායිලන්ත, ලාඔස්, කාම්බෝජ තානාපතිවරුන්ගේ සහභාගීත්වය මෙවර ද  විශේෂත්වයක් වීය. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා වෙළඳ තානාපති කුමාර රත්න මහතා සියළු තානාපතිවරුන් වෙනුවෙන් සුභ පැතුම් එක් කළ අතර ස්විස් ජාතික ලක්ඛණෝ තෙරුන් හා භික්ඛුනි මුජින් සුනිම් ද  තායි ජාතික චයිනපොට් හිමියන් හා හල්විටිගල සුජාත හිමියෝද වෙසක් උළෙලේ අගය පිළිබඳ දේශන පැවත්වූහ.

සාංඝික දානයෙන් අනතුරුව සිය ගණනකට ආහාර පාන වලින් සංග්‍රහ කිරීම ද  විශේෂයක් වීය. වෙසක් පොහෝදා ශ්‍රී ලාංකික පින්වතුන් අටසිල් සමාදන් වූ අතර දවස පුරාම භාවනා ධර්මදේශනා හා ධර්ම සාකච්ඡා පැවත්වුනි.

එදින සවස, කාලයක් තිස්සේ භාවනා කරමින් ආගමික ආශ්‍රය ලැබූ  ස්විස් ජාතිකයන්10  දෙනෙක්  සුදුවතින් සැරසී පැමිණ තිසරණ පන්සිල් ගැනීමෙන්  නිල වශයෙන් බෞද්ධයන් බවට පත්වීම කාගේත්  විශේෂ අවධානයට ලක්වූ සිදුවීමක් වීය. හැම වර්ෂයකම වෙසක් පොහෝදා බොහෝ යුරොපීය ජාතිකයන්  මෙසේ බුදුදහමෙහි සරණ පැතීම සිරිතක් ලෙස වසර ගණනාවක සිටම  සිදුවේ. 

මෙම අවස්ථාවේදී  දොමිනික්මහතා ධම්ම නමින් ද, ක්‍රිස්ටියන්මහතා සරණ නමින් ද, ඕමා මහතා ඕභාසෝ නමින්ද, එලිස්බෙත්මිය ඉන්දිරා නමින් ද, එලිඩාමිය ඉන්ද්‍රා නමින් ද, එයුර්ඩිස් මිය ඉන්දිකා නමින් ද,  පුන්ග් මියපත්මා නමින් ද, ක්ලොඩියමිය කරුණා නමින් ද, රොස්තාමිය රන්ජනී නමින් ද, ඇලෙක්සැන්දාමිය ආනන්දි නමින් ද, නිල වශයෙන් බෞද්ධ නාමයක් ලබමින් මෙහි දී  තිසරණ පන්සිල් සමාදන්වූහ. එම අවස්ථාව මෙසේ ජායාරූපයට නැගිණ.

වැල්ලවත්තේ ගොඩනැගිල්ල කඩා වැටුණු ස්ථානයේ සුන්බුන් අතර මේ වන විට එක් අයෙක් සිරවී සිටින බවත් ඔහු බේරා ගැනීම සඳහා ගිනි නිවන හමුදාවේ භටයින් මෙහෙයුමක් සිදුකරන බවත් එහි සිටින ලක්බිම ඔන්ලයින් වාර්තාකරු පවසයි.

සිරවී සිටින එම පුද්ගලයා සමග මුදාගැනීමේ කණ්ඩායම් ජංගම දුරකථනයේ ආලෝක ධාරා මාර්ගයෙන් සන්නිවේදන සිදුකරන බවත් විටින් විට ඔහුගේ කථා කරන හඬ ඇසෙන බවද අප වාර්තාකරු පවසයි.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයා බේරාගැනීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයට පැමිණ ඇත. අධික වර්ෂාව මධ්‍යයේ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩ සිදු කරන වබද ලක්බිම ඔන්ලයින් වාර්තාකරු සඳහන් කරයි

මේ මහල් ගොඩනැගිල්ලේ බිම් මහලේ රථ ගාල් 2ක් තීබි ඇති අතර එවා කුලී පදනම මත පිටස්තර පුද්ගලයින්ට ලබා දුන් බවද වාර්තා වේ.

නිමල්සිරි එදිරිසිංහ  - වැල්ලවත්තේ සිට

GMOA

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ පැවැත්වූ සයිටම් විරෝධි පාගමනට පොලිසියෙන් සිදුකල පහර දීමට විරෝධය පාමින් රට පුරා වෛද්‍ය වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

 

ඒ අනුව එළඹෙන මැයි 22 වන සඳුදා උදෑසන 8 සිට දහවල් 12 දක්වා ලංකාව පුරා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. 

වෑන් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් ගැටීමෙන් ට්‍රැක්ටර් රථයේ ට්‍රේලරය පිටුපස ගමන් ගත් එක් අයෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇත.
 
අද (18) දහවල් 12.15 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා ප්‍රදේශයේදිය.
 
තේ කර්මාන්ත ශාලාවට දලූ ප්‍රවහානය කළ ට්‍රැක්ටර් රථයක් තේ කර්මාන්ත ශාලාවේ සිට අපරික‍්ෂාකාරි ලෙස ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය කිරීමේදි ධාවනය වෙමින් තිබු වෑන් රථයේ ගැටි මෙම අනතුර සිදුවි ඇත.  
 
අනතුර පිළිබද හැටන් පොලීසිය පරීක්ෂණ පවත්වයි.
 
හැටන් රංජිත් රාජපක‍ෂ
 

මේ වන විට අනතුරෙන් තුවාල ලැබූවන් සංඛ්‍යාව 28 දක්වා වැඩි වී ඇත. ඉන් 12ක් කළුබෝවිල රෝහලටද 9දෙනෙකු ශ්‍රී ලංකා ජාතික රෝහලටද ඇතුලත් කර තිබේ. 

මේ මෙහොතේ පවතින වැසි සහිත කාලගුණ තත්වය නිසා බේරාගැනීමේ ක්‍රියාන්විත වලට බාධා පැමිණ තිබේ. කෙසේ හෝ මෙම අයහපත් කාලකුණය නොතකා අපදා මෙහෙයුම් හා සහන කණ්ඩායම් ගොඩනැගිල්ලේ සුන්බුන් අතරේ විපතට පත් වූවන් ඇත් දැයි නිරික්ෂණය කරමින් සිටිති.

අපදා මෙහෙයුම් කණ්ඩායම් එම ක්‍රියාන්විත වල යෙදී සිටින අතර ගිලන් රථ කිහිපයක්ද සීරුවෙන් තබා ඇත.

-----------------------------

2017 May 18 11:18

වැල්ලවත්තේ සැවෝයි සිනමා ශාලාව අසල පිහිටි මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී ඇත. 

මේ වන විට ගාලු පාරේ වාහන ගමනා ගමනය තනි මං තීරුවකට සීමා කොට ඇති අතර සිද්ධිය වූ ස්ථානයට ගිනි නිවන රථ ගිලන් රථ ඇතුළු ආපදා සහන සේවා රථ පහසුවෙන් ළගා වීම සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

තුවල ලැබූ 12 දෙනෙක් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. මේ අතර තවත් හත් දෙනෙකු ජාතික රෝහලට යවා ඇත. මේ වන විට ශ්‍රී ලංකා ජාතික රෝහල තුළ හදීසි අවශ්‍යතා තත්වයක් ප්‍රකාශයට පත් කොට  රෝහල් කාර්ය මණ්ඩලය සීරුවෙන් තබා ඇත.

ගොඩනැගිල්ල තුල යම් පිරිසක් සිටිය හැකි බැවින් ඔවුන් ගලවා ගැනීමේ  මෙහෙයුම් ආරම්භ කොට ඇති අතර ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබේ. මේ අතර යූධ හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම් ඒ ස්ථානයට ළගා වී ඇත.

මහල් සතකින් යුත් මෙම ගොඩනැගිල්ල වැල්ලවත්තේ සැවෝයි සිනමා ශාලාව අද්දර චාලිමන්ට් පාරේ පිහිටා ඇති අතර මෙය උත්සව සාද සඳහා යොදා ගන්නක් බවද පැවසේ.

ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය ලබා දීම පිළිබඳ නිල ගැසට් නිවේදනය යුරෝපා පාර්ලිමේන්තුව මගින් අද නිකුත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය ලබා දීම පිණිස යුරෝපා පාර්ලිමේන්තුව ගත් තීරණය වලංගුභාවයට පත් වන්නේ මෙම ගැසට් නිවේදනය නිකුත් වීමෙන් පසුවය.

ශ්‍රී ලංකාවට මෙම සහනය ලබා දීමට කටයුතු කරමින් සිටියදී එය ක්‍රියාත්මක නොකරන ලෙසට යුරෝපා පාර්ලිමේන්තුවට කෙරුණු ඉල්ලීමක්ද පසු ගිය දිනවල ප්‍රතික්ෂේප විය.

දමයන්ති ගමගේ

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත ඊයේ (17) පස්වරුවේ දඹුල්ල යාපාගම ප්‍රදේශයේදී රෙදි කඩකින් ඔතා පේර ගසක් යට තබා සිටි අලුත් උපන් බිළිදෙකු සොයා ගත් දඹුල්ල පොලිසිය බිළිඳා බිහිකළ බවට සැකකෙරෙන 40 වියැති කාන්තාව අත්අඩංගුවට ගෙන දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

සැකකාර කාන්තාව දඹුල්ල ,කලෝගහඇල පදිංචි අවිවාහක කාන්තාවක බවත්, ඇය දඹුල්ල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක රැකියාවක් කරමින් සිට ඇති බව පොලිසිය කියයි.

ඇය කොළඹ ප්‍රදේශයේ තරුණයෙකු සමග අනියම් ඇසුරකින් ගැබ් ගෙන ඇති බවත්, දරු ගැබක් ඇති බව  වසන් කිරීම සදහා දඹුල්ල ,යාපාගම ප්‍රදේශයේ මිතුරියකගේ නිවසේ තාවකාලිකව ලැගුම් ගෙන රැකියවට ගොස් ඇති අතර, මිතුරිය නිවසේ නොමැති අවස්ථවේ දරු ප්‍රසුතිය තමන් විසින්ම සිදු කරගෙන අළුත උපන් බිලිඳා රෙදි කඩකින් ඔතා පේර ගසක් අසල  තබා ඇති බව වාර්තා වී තිබේ.

මාර්ගයේ රුධිරය වාහනය වී තිබීම ගැන සැක සිතී අසල්වැසි කාන්තාවක් ඒ ආසන්නයේ නිවසක පදිංචිව සිටින වෛද්‍යවරියක දැනුවත් කර අවට  විපරම් කිරීමේදී බිළිඳා සොයා ගැනීමෙන් පසු පොලිසියට දැනුම්දී තිබේ.

ඒ අනුව කරන ලද විමර්ශනයේදී දරු ප්‍රසුතියෙන් පසු අධික ලෙස රුධිරය වාහනය වෙමින් කුලී නිවසේ සිටි කාන්තාව අත්අඩංගුවට ගෙන රෝහල් ගත කර තිබේ. ඇය විසින් පිරිමි දරු උපතක් සිදුකර ඇත.

බිළිඳා හා මවගේ සෞඛ්‍ය තත්වය යහපත් බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසිය.

දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

අශෝක එරමිණිගම්මන - දඹුල්ල

නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේ ගුරුවරයකුට මැර ප්‍රහාරයක් එල්ල වීමට විරෝධය පාමින් එම විද්‍යාලයේ  ගුරු පිරිසක් අද (18) මිගමුව  - නාරම්මල මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.  විදුහල්පතිවරියගේ ක්‍රියා කලාපයට විරෝධය පා  පෙරේදා දින ගුරුවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් එදින පාසල වසා දැමුණු අතර එදින  මයුරපාද මධ්‍ය විද්‍යාලයේ තාක්ෂණ විෂය උගන්වන ගුරුවරයා පාසලට පැමිණෙන අතර තුර මෙම මැර ප්‍රහාරයකට ලක් විය.

එම මැර ප්‍රහාරය විදුහල්පතිනියගේ අනු දැනුම  හා අනුබලය මත එල්ලවූ බවට උද්ඝෝෂකයෝ චෝදනා එල්ල කළහ.

කේ.ඒ.ජයසූරිය - පඬුවස්නුවර

ඊයේ පස්වරුවේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අන්තර් භික්ෂු බලමණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකන් දියත් කළ සයිටම් විරෝධී උද්ඝෝෂණයේ දී පොලීසිය සමඟ ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල ලද 21 දෙනෙකු ශ්‍රී ලංකා ජාතික රෝහලට ඇතුල් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොව බවත් අද ඉන් වැඩි පිරිසකට රෝහලින් පිටව යා හැකි බවත ශ්‍රී ලංකා ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සයිටම් විරෝධී පෙළපාලිය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව දෙසට යාම සඳහා කොළඹ 2 යූනියන් පෙදෙස හරහා විහාර මහා දේවී උද්‍යානය අසලට පැමිනීමේදී පොලීසිය හා මෙම ගැටුම හට ගැනිණ. එහිදී උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර උද්ඝෝෂකයන් විහාර මහා දේවී උද්‍යානයට පිවිසුණ පසු පොලීසිය ඒ දෙසටද කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු දක්නට ලැබිණ.

මෙහිදී සරසවි සිසුන් මෙය රජය විසින් තස්ත්‍රවාදය කුළු ගන්වමින් ශිෂ්‍ය අයිතීන් අමු අමුවේ වළලා දැමීමට දරණ උත්සාහයක් ලෙස පොලිස් නිලධාරීන් හමුවේ කියා සිටියද පොලීසිය කියා සිටියේ මෙහි කිසිදු දේශපාලනයක් නොමැති බවත් මහජන සාමය සහ මහජනයාගේ දෛනික කටයුතු වලට බාධා වෙන පරිදි පෙළපාලි සහ උද්ඝෝෂණ පැවැත් වීම සම්බන්ධයෙන් 1979 අංක 15 දරණ අපරාධ නඩු විභාග සංග්‍රහ පනතට අනුව කොළඹ මහේස්ත්‍රාත්වරයා දුන් උසාවි නියෝගයක් ක්‍රියාත්මක කිරීමක් පමණක් බවය.

මෙහිදී සිසුන් පොලිසියට දිගින් දිගටම විරෝධතා එල්ල කළ අතර කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා එම විරෝධතා කරුවන් ඉදිරියේ එම උසාවි නියෝගයද කියවීය. මෙහිදී සිසුන් ත්‍රස්තවාදය භීෂණය මර්දනය වැනි චෝදනා නිරන්තරයෙන් එල්ල කළ අතර පොලීසිය නීතිය සාමය මහජන ආරක්ෂාව ගැන කියමින් ඔවුන්ට පිළිතුරු දෙනු දක්නට ලැබුණි.

මේ අතර කොළඹ විහාර මහා දේවී උද්‍යානයට එල්ල කළ කඳුළු ගෑස් නිසා උද්‍යාන තුළ සිටි සාමාන්‍ය ජනතාවද පිඩාවට ලක්වූ බව පෙනෙන්නට තිබූණි.

මෙම කඳුළු ගෑස් ප්‍රහාර වලට ලක් වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද සෙසු නිලධාරීන්ගේ සහයෝගයෙන් කැරළි මර්දන රථ වෙතට කැඳවාගෙන යනු දක්නට ලැබිණ.

කෙසේ හෝ මෙම උද්ඝෝෂණය හේතුවෙන් ඊයේ පස්වරුවේ කෙළඹ නගරයේ ස්ථාන බොහොමයක දැඩි රථ වාහාන තදබදයක් ඇතී වී තිබුණි.

මෙම උද්ඝෝෂණයට නායකත්වය දුන් සිසුන් අත්අඩංගුවට ගැනීම පිණිස පොලීසය තව දුරටත් පරීක්ෂණ මෙහෙය වයි.

දමයන්ති ගමගේ

මැ‍ලේරියා රෝගය සඳහා රුධිර පරීක්ෂා කරගැනීමට ජනතාව නොපැමිණීම හේතුවෙන් නැවත එම රෝගය හිස එසවීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි මැ‍ලේරියා මර්දන වැඩ සටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.
මැ‍ලේරියාව නැවත හිස එසව්වහොත් ඩෙංගු මෙන් නොව ලක්ෂ ගණනින් පුද්ගලයන් රෝගයට ගොඳුරු වීම වැළැක්විය නොහැකි බව හෙතෙම පෙන්වාදේ.
මේ අවදානම් තත්ත්වය මතුව ඇත්තේ රුධිය පරික්ෂා කරන මුවාවෙන් එච්අයිවී වෛරසය ශරීර ගත කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙන බව සඳහන් කරමින්  පසුගිය දා අන්තර්ජාලය හරහා පැතිර ගිය අසත්‍ය ප්‍රචාරය හේතුවෙන් රුධිර පරික්ෂා කර ගැනීමට පුද්ගලයන් යොමු නොවීම යැයි වෛද්‍ය හේරත් මහතා සඳහන් කළේය.
වසර 2012 සිට මෙරටින් මැ‍ලේරියා රෝගියෙකු හමු නොවූ නමුත් මැ‍ලේරියා රෝගය පැතිර පවතින රටවල්වල සිට පැමිණෙන පුද්ගලයන් රෝගයට ගොඳුරුව ඇති බව කරන ලද පර්යේෂණයන් තුලින් තහවුරු වූ බවත් එම පුද්ගලයන් හඳුනා ගෙන ප්‍රතිකාර ලබා දීම මගින් රෝගය පැතිර යාම වළක්වා ගැනීමට හැකි වූ බව අධ්‍යක්ෂවරයා පෙන්වාදේ.
අප රට තුළ රෝගය බෝකරන පර‍පෝෂිතයා නොසිටියද රෝග කාරක මදුරුවා සිටින බැවින් මැ‍ලේරියාව පැතිර පැවති රටක සිට  පැමිණෙන පුද්ගලයන් මැ‍ලේරියා රෝග ලක්ෂණ පෙන්වයි නම් ඔවුන්ගේ රුධිර පටල පරීක්ෂා කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව වෛද්‍ය හේරත් මහතා පැවැසීය.

ශ්‍රියානි විජේසිංහ

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 806

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1484

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 765

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1977

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 644

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4486

Please publish modules in offcanvas position.