Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මැ‍ලේරියා රෝගය සඳහා රුධිර පරීක්ෂා කරගැනීමට ජනතාව නොපැමිණීම හේතුවෙන් නැවත එම රෝගය හිස එසවීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි මැ‍ලේරියා මර්දන වැඩ සටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.
මැ‍ලේරියාව නැවත හිස එසව්වහොත් ඩෙංගු මෙන් නොව ලක්ෂ ගණනින් පුද්ගලයන් රෝගයට ගොඳුරු වීම වැළැක්විය නොහැකි බව හෙතෙම පෙන්වාදේ.
මේ අවදානම් තත්ත්වය මතුව ඇත්තේ රුධිය පරික්ෂා කරන මුවාවෙන් එච්අයිවී වෛරසය ශරීර ගත කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙන බව සඳහන් කරමින්  පසුගිය දා අන්තර්ජාලය හරහා පැතිර ගිය අසත්‍ය ප්‍රචාරය හේතුවෙන් රුධිර පරික්ෂා කර ගැනීමට පුද්ගලයන් යොමු නොවීම යැයි වෛද්‍ය හේරත් මහතා සඳහන් කළේය.
වසර 2012 සිට මෙරටින් මැ‍ලේරියා රෝගියෙකු හමු නොවූ නමුත් මැ‍ලේරියා රෝගය පැතිර පවතින රටවල්වල සිට පැමිණෙන පුද්ගලයන් රෝගයට ගොඳුරුව ඇති බව කරන ලද පර්යේෂණයන් තුලින් තහවුරු වූ බවත් එම පුද්ගලයන් හඳුනා ගෙන ප්‍රතිකාර ලබා දීම මගින් රෝගය පැතිර යාම වළක්වා ගැනීමට හැකි වූ බව අධ්‍යක්ෂවරයා පෙන්වාදේ.
අප රට තුළ රෝගය බෝකරන පර‍පෝෂිතයා නොසිටියද රෝග කාරක මදුරුවා සිටින බැවින් මැ‍ලේරියාව පැතිර පැවති රටක සිට  පැමිණෙන පුද්ගලයන් මැ‍ලේරියා රෝග ලක්ෂණ පෙන්වයි නම් ඔවුන්ගේ රුධිර පටල පරීක්ෂා කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව වෛද්‍ය හේරත් මහතා පැවැසීය.

ශ්‍රියානි විජේසිංහ

මීරිගම බණ්ඩාරනායක අනුබද්ධ මහා විදුහ‍ලේ සිසු දරුවන් පිරිසක් අද (17) උදෑසන ආහාරය ගෙන පාස‍ලේ ජල කරාමයෙන් අත් සෝදා ගැනීමෙන් අනතුරුව තදබල ලෙස අත්ල කැසීමට ලක්වීම නිසා සිසුන් 29 දෙනකු මීරිගම රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල්ගත කළ සිසුන් රෝහලෙන් අද (17) සවස් වන විට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර සිසු දරුවන් කිහිප දෙනකු  අද පස්වරු වනතුරු රෝහල්ගතව සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම විදුහ‍ලේ පාසල් දරුවන් සඳහා පානීය ජලය ලබාගනු ලබන්නේ ජලාපවහන මණ්ඩලයට අයත් පාසල් අසල මාර්ගයේ තිබෙන ජල නළ පද්ධතියෙන් බවත් මෙම තත්ත්වය ඇතිවීමට හේතුව එම ජලයේ දෝෂ තත්ත්වයක්දැයි යන්න විමර්ශනය කරන බවත් මිනුවන්ගොඩ කලාප අධ්‍යක්ෂ මල්ලවආරච්චි මහතා 'ලක්බිම'ට පැවැසීය.

ආරියපාල වීදාගම - රංජිත් රෝහණ - මීරිගම

මම 1977 සිට දේශපාලනය කරනවා. දශක ගණනක් දේශපාලනයෙන් හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක් මම. මට ජය පරාජය දුක සැප දෙක හොදට පුරුදුයි. මේක දරුණු දේශපාලන පළිගැනීමක් යැයි උතුරු මැද පළාත් සභාවේ හිටපු පළාත් වාරිමාර්ග, ඉඩම්, ග‍්‍රාම සංවර්ධන, කාන්තා කටයුතු අමාත්‍ය එච්.බී සේමසිංහ මහතා පැවැසුවේය.
අමාත්‍යධුරය අහිමිවීම සම්බන්ධයෙන් ‘ලක්බිම’ හිටපු අමාත්‍ය එච්.බී සේමසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටි අතර තවදුරටත් ‘ලක්බිම’ට කතා කළ හිටපු අමාත්‍යවරයා.
‘‘මගේ අමාත්‍යධූරය අයින් කරලා කියලා උදේ අටට විතර දැනගත්තේ. මට කිසිම ප‍්‍රශ්නයක් නෑ. මම හිටියේ මහින්ද රාජපක්ෂ
හිටපු ජනාධිපතිතුමා සමග. මගේ තනතුර අයින් කළා කියලා මම කාටවත් දොස් කියන්නේ නෑ. දේශපාලනයේ හැටි ඔහොම
තමයි.
ඊයේ අපිත් එක්ක එකට ඉඳලා තනතුරු තාන්න මාන්න දෙනවා කිවුවම ඒ මිනිස්සු වෙනස් වුණාට මම කවදාවත් වෙනස් වෙන්නේ නෑ. මම 1977 සිට දේශපාලනයෙන් හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක් මට ජය පරාජය දුක සැප දෙක හොඳට පුරුදුයි. මම දිනුවා, පැරදුනා, පාර්ලිමේන්තුවේ  හිටියා. ඇමැතිකම් දැරුවා, ඇමැතිකම් නැති වුණා, පළාත් සභාවේ හිටියා ඇමැතිකම් දැරුවා නැතිවුණා.  ඕක තමයි දේශපාලනයේ හැටි. නමුත් අද රටේ ජනතාව ඉල්ලන්නේ මොකක්ද ඒක අපි ජනතාවට දෙන්න  ඕන. ජනතා පරමාධිපත්‍යයට ගරු කරන්න  ඕන. අපි කරන්නේ ඒ දේ තමයි.
මට දූෂණ වංචා චෝදනා නෑ. මට කිසිම දේශපාලනඥයෙක්, ඇමැතිවරයෙක්, රාජ්‍ය නිලධාරීයෙක්, සමාජයේ ජනතාව කවදාවත් ඇඟිල්ලක් දික්කරලා වැරදි කියලා නෑ. ඒක මට දේශපාලන ජීවිතයේ ලොකු සතුටක්. ඉදිරියේදී මීට වැඩිය දේවල්වලට මුහුණ දෙන්න වෙයි.
නමුත් තනතුරු තාන්න මාන්න බලාපොරොත්තුවෙන් කිසිම වෙලාවක ප‍්‍රතිපත්ති පාවලා දෙන්නෑ. මම හැමදාම ඉන්නේ මහින්ද
රාජපක්ෂ මැතිතුමා එක්ක. මේක දේශපාලන පළිගැනීමක්. මාව තනතුරෙන් ඉවත්කරා කියලා තවම මට නීත්‍යානුකූලව දන්වා නැතැයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසුවේය.

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය

උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 17 ක් ගෙන ගිය විරෝධතාවට දායකත්වය සැපයූ උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන, කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය එච්. බි. සේමසිංහ හා උතුරු මැද පළාත් කෘෂිකර්ම, කෘෂි නිෂ්පාදන අලෙවි, සත්ව නිෂ්පාදන, සත්ව, සෞඛ්‍ය, ධීවර සහ නිවාස කටයුතු අමාත්‍ය ආර්. එම්. පී. බි. රත්නායක යන මහත්වරු එම තනතුරුවලින් අද (17) සිට ඉවත් කර තිබේ.
ඒ අනුව සේමසිංහ මහතාගේ අමාත්‍ය ධුරය පළාත් සභා මන්ත්‍රී සරත් ඉලංගසිංහ මහතාටද, රත්නායක මහතාගේ අමාත්‍ය ධුරය ‍පොළොන්නරුව දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ පළාත් සභා මන්ත්‍රී සම්පත් ශ්‍රී නිලන්ත මහතා වෙතද ලබාදී ඇත.
මොවුන් දෙදෙනාම අද (17) උතුරු මැද ආණ්ඩුකාර පී. බි. දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
හිටපු අමාත්‍ය කේ. එච්. නන්දසේන මහතා ඇමැති ධුරයෙන් ඉවත් කිරීමත් සමග බල කැරැල්ල ආරම්භ වූ අතර උතුරු මැද පළාත් සභාවේ බලය ඇල්ලීමේ සටනට සහභාගී වූ මන්ත්‍රීවරුන් 17 දෙනා අතර සිටි ප්‍රබලයන් දෙදෙනකු වන සුසිල් ගුණරත්න මහතා ඊයේ (16) දිනයේ ප්‍රවාහන අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම හා අද (17) සරත් ඉලංගසිංහ මහතා පළාත් වාරිමාර්ග අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම හා සම්පත් ශ්‍රී නිලන්ත මහතා කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමගම කැරැල්‍ලේ බලය හීනවන අන්දමක්ද දක්නට ලැබේ.
ඉකුත් 15 වනදා දහවල් උතුරු මැද ප්‍රධාන අමාත්‍ය ධුරය හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රන්ජිත් මහතාට නැවත මහ ඇමැති ධුරය ලබාදෙන්නැයි ඉල්ලමින් ආණ්ඩුකාර පී. බි. දිසානායක මහතාට ඉදිරිපත් කළ පෙත්සමට හා දිවුරුම් ප්‍රකාශයන්ට සරත් ඉලංගසිංහ මහතා අත්සන් කර තිබූ අතර ආණ්ඩුකාරවරයා හමුවීමට ගිය මන්ත්‍රීවරුන් 17 දෙනා අතරේ පෙරමුණ ගෙන සිටීම විශේෂත්වයකි.

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු නොවූ හා එක්සත් ජාතික පක්ෂ ජාතික මන්ත්‍රී ධුර ‍ලේඛනයේ නම සඳහන්ව නොසිටි පුද්ගලයකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීම සඳහා ලබන ජූලි 12 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) දින නියම කළේය.
වෙනත් පක්ෂයකින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වූ අයකුද වන සරත් ෆොන්සේකා මහතා එලෙස පාර්ලිමේන්තුවට පත්කිරීම මගින් එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් එමෙන්ම එමගින් රටේ ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය හා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් පෙත්සම්කාර නීතිඥවරයා සිය පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී තිබුණි.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, එම පක්ෂයේ මහ ‍ලේකම් කබිර් හසීම් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබූ එම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, සිසිර ද ආබෘෘ හා නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි.

නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

නව දේශීය ආදායම් පනතකින් ඊපීඑෆ් ලාභය මත පනවන බද්ද සියයට 10 සිට සියයට 14 දක්වා ඉහළ දැමීමක් පිළිබඳව කම්කරු අමාත්‍යාංශයට හෝ කම්කරු දෙපාර්තමේන්තුව වෙත කිසිදු දැනුම් දීමක් මුදල් අමාත්‍යාංශය හෝ ආදායම් බදු දෙපාර්තමේන්තුව හෝ මහ බැංකුව විසින් කර නැති බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
එසේම මේ සම්බන්ධව අදාළ අමාත්‍යාංශ කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නැතැයිද ඒ මහතා පෙන්වා දෙයි.
නව දේශීය ආදායම් පනතකින් ඊපීඑෆ් ලාභය මත පනවන බද්ද සියයට 10 සිට සියයට 14 දක්වා ඉහළ දැමීමක් පිළිබඳව මාධ්‍ය වාර්තා කිරීමත් සමග තම උපදෙස් මත කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් ආදායම් බදු කොමසාරිස් ජනරාල්වරියගෙන් මෙහි සත්‍යතාවය පිළිබඳ විමසීමක් කළ බවද ඇමැතිවරයා පවසයි.
එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ එවැනි වෙනස් වීමක් කෙරෙන කිසිදු නීතිමය පනත් කෙටුම්පතක් මේ වනතෙක් කෙටුම්පත් කර නොමැති බව යැයිද ඇමැතිවරයා සඳහන් කර සිටී.
කෙසේ වුවද එවැනි සංශෝධනයක් සිදුවුවහොත් අර්ථ සාධක අරමුද‍ලේ ප්‍රතිලාභීන් සහ වෘත්තීය සමිතිවලින් විශාල විරෝධයක් රජයට එල්ල විය හැකි බවද මෙහිදී ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.

පද්මිණී මාතරගේ

ගලගොඩඅත්තේ ඤාණසාර හිමි හා ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් අතර අද (17) පෙරවරුවේ ඇතිවූ සාකච්ඡාවක් උණුසුම් වචන හුවමාරුවකින් අවසන් වී ඇත.
ඊයේ අමාත්‍යාංශයට වැඩම කළ ඤාණසාර හිමියෝ සංහිඳියාව හා සහජීවනය ඇති කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු පියවරයන් පිළිබඳව අමාත්‍ය මනෝ ගනේෂන් සමග සාකච්ඡා කළහ.
කෙසේ වෙතත් අදාළ සාකච්ඡාව අතරතුර අමාත්‍යවරයාගේ අර්ථකථන හමුවේ සිය විරෝධය පළකළ හිමියන් අමාත්‍යවරයාට 'යෝධයා' යැයි ප්‍රකාශ කිරීම හේතුවෙන් එම සංවාදය උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
එහිදී අදහස් දැක්වූ ඤාණසාර හිමියන් සිංහලයන් ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් හා හිමිකරුවන් වුවත් ඔවුන්ට සිංහල රට තුළ හිමි තැන නොලැබි ඇති බවත් අනෙකුත් ජාතීන් හා ආගම්වල පුද්ගලයන් රටේ ප්‍රමුඛයන් වී ඇති බවටත් චෝදනා කර ඇත.
එහිදී අමාත්‍යවරයා එවැනි ක්‍රියාවක් සිදුවී නැති බවත් තම අමාත්‍යාංශය මගින් ජාතීන් අතර සමගිය හා සංහිඳියාව ඇති කිරීමට විශාල පියවරයන් රැසක් ගෙන ඇති බවත් සඳහන් කර තිබෙන අතර එහිදී ඊට විරෝධය පළ කළ ඤාණසාර හිමියන් එවැනි කිසිදු ක්‍රියාවක් අමාත්‍යවරයා විසින් ගෙන නොමැති බව සඳහන් කිරීම මත මෙම උණුසුම් වචන හුවමාරුව ඇති වී තිබේ.

ප්‍රසාදිකා ජයවර්ධන

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරක්ෂා කිරීමට රජය කටයුතු කිරීම, සරසවි සිසුන් බඳවා ගැනීම කප්පාදු කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අධිකරණ නියෝගද නොතකා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (17) පැවැත්වූ විරෝධතා පා ගමනට විහාරමහා දේවි උද්‍යානය අසලදී ‍පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළහ.
මෙම විරෝධතා පා ගමන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය එක්ව අද (17) උදෑසන කොළඹ ස්ථාන කිහිපයක විරෝධතා පා ගමනක් පවත්වන බට බුද්ධි අංශ මගින් ‍පොලීසියට තොරතුරු අනාවරණය වී තිබුණි.
මහජන සාමය කඩවන අන්දමට සහ මහජනතාවගේ ෙදෙනික කටයුතුවලට බාධා වන පරිදි උද්ඝෝෂණ සහ පෙළපාළි පැවැත්වීමේ සූදානමක් ඇති බවට කුරුඳුවත්ත ‍පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (16) කරුණු වාර්තා කළහ. එහිදී කොළඹ ස්ථාන කිහිපයක පැවැත්වීමට නියමිත පා ගමන් වළක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් නියෝගයක් ලබාදී තිබුණි.
එහෙත් එම අධිකරණ නියෝගය නොතකා විරෝධතාකරුවන් අද (17) කොළඹ කොටුවට පැමිණ ටවුන්හෝල් දක්වා විරෝධතා පා ගමනේ යෙදුණි.
ඔවුන් මැඩපැවැත්වීම සඳහා කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී ‍පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර මෙසේ එල්ල කරන ලදී.
මෙම විරෝධතාව නිසා අද (17) පුරහල අසල, ඕල්කට් මාවත, සෙරමික් හන්දිය, ලෝටස් පාර ආදී ස්ථාන කිහිපයක දැඩි මාර්ග අවහිරතාවක් සිදුවූ අතර මින් ජනතාවද දැඩි අපහසුතාවට පත්විය.

ශානිකා මාධවී පීරිස්

ඡායාරූප - මලිත් ගමගේ

ඉකුත් අප්‍රේල් මස 24වන දින ආරම්භ කොට අත්හිටුවනු ලැබූ ඛනිජ තෙල් වෘත්තීය සමිති වැඩවර්ජනය නැවත දැනුම්දීමකින් තොරව ආරම්භ කිරීමට සිදුවන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ සමග පැවැති සාකච්ඡාවකදී ලබාදුන් පොරොන්දු අනුව වර්ජනය එදා අත්හිටවූ බවත්, එම සාකච්ඡාවේදි එකඟවූ කරුණු ලිඛිතව අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් ලබාදුන් බවත් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

එහෙත් එම ඉල්ලීම් වලට පටහැනිව රජය ක්‍රියාකිරීම නිසා මැයි 22න් පසු ඕනෑම අවස්ථාවක පෙර දැනුම් දීමකින් තොරව රට පුරා වර්ජන ක්‍රියාවලියකට යොමු වන බව ඔවුහු අවධාරණය කරති.

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සෙන්ට්ක්ලෙයාර් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේදී වාහනයක ගැටි තුවාල ලබා සිටි මාස හයක් පමණ වයසැති හඳුන් දිවි පැටවෙකු ප්‍රදේශවාසීන් විසින් තලවාකැලේ පොලිසියට භාරදි තිබේ.

අද (17) උදැසන 10.00ට පමණ ප්‍රධාන මාර්ගය අබියස හදුන් දිවි පැටවෙකු වැටි සිටිනු දුටු ප්‍රදේශවාසීන් ඒ පිළිබදව තලවාකැලේ පොලිසියට දැනුම් දි තිබේ.

පසුව එම හදුන් දිවි පැටවා තලවාකැලේ පොලිසිය මගින් තලවාකැලේ පශු වෛද්‍ය කාර්යාලය වෙත යොමු කර ප්‍රතිකාර ලබා දි තිබේ. එම හදුන් දිවි පැටවා වනජිවි නිළධාරින්ට භාර දිමට කටයුතු කරන බව තලවාකැලේ පොලිසියේ නිළධාරියෙක් පැවසීය.


හැටන් රංජිත් රාජපක‍ෂ

ගතවු මාස හය තුළ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රිපාද වන්දනාවේ පැමිණී වන්දනාකරුවන් හිස් ප්ලාස්ටික් වතුර බෝතල් ලක‍ෂ විස්සක් පමණ පරිසරයට මුදාහැර ඇති බවට පසුගිය දින කිහිපය තුළ ඇතැමි විද්‍යුත් මුද්‍රිත හා වෙබි අඩවිවල වල පළවු වාර්තා සාවද්‍ය බව අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකමි එස්. සරවනන් මහතා අවධාරණය කරයි. ලේකම්වරයා ඒ බව පැවසුවේ මේ පිළිබදව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ශ්‍රිපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ඛෙංගමුවේ ධමිමදින්න නායක හිමියන්ගේ යෝජනාවක් අනුව ජනාධිපති ලේකමි කාර්යාලයේ පරිසර ඒකකය තම ප්‍රාදේශීය සභාව මුලිකත්වය ගෙන නුවරඑළිය දිස්ත්‍රික් ලේකමි කාරයාලය නල්ලතන්නිය මස්කෙළිය පොලිසිය අඹගමුව ප්‍රාදේශීය ලේකමි කාර්යාලයේ සහයෝගය මත ශ්‍රීපාද වන්දනාකරුවන් කල්තියාම දැනුවත් කිරිම නිසා මෙවර ශ්‍රීපාද වන්දනා සමයේදී ශ්‍රීපාද පුදබිමේ පොලිතින් සහ වතුර බෝතල් භාවිතය 60%කින්අවම කර ගත  හැකිවු බව ලේකම්වරයා පෙන්වා දෙයි.

ගිනිගත්හේනේ සිට ශ්‍රීපාද උඩමලූව දක්වා ගතවු මාස හය තුළ ශ්‍රීපාද වන්දනාකරුවන් පරිසරයට මුදාහැර ඇති හිස්ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රමාණය උපරිම වශයෙන් ලක‍ෂ දෙකට ආසන්න විය හැකි බව ඔහු වැඩිදුරටත්  පෙන්වා දෙයි.

මේ පිළිබදව මාධ්‍ය වල පළවි තිබු සංඛ්‍යා ලේඛන අනුව එතරමි ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රමාණයක් පරිසරයට මුදාහැර තිබුණේ නමි එම වතුර බෝතල් පරිසරයෙන් ඉවත් කිරිමට විශාල කමිකරු ශ්‍රමයක් යෙදවීමට තම ප්‍රාදේශීය සභාවට සිදුවන බවත් එවැනි කමිකරු ශ්‍රමයක් තම ප්‍රාදේශීය සභාව මගින් යොදවා නොමැති බවත් ලේකම්වරයා පෙන්වා දෙයි.

හැටන් දික්ඔය නගර සභා සිමාවේ හෝ අඹගමුව ප්‍රාදේශීය සභා බල සිමාවේ මාස හයක කාලසිමාවක් තුල වතුර බෝතල් ලක‍ෂ විස්සක් අලෙවි වි ඇති බවටද සංඛ්‍යා ලේඛන නොමැති බවත් ශ්‍රිපාද වන්දනාකරුවන් විසින් මෙතෙක් පරිසරයට මුදාහැර තිබු අවම ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රමාණය මෙය බවත් එස්.සරවනන් මහතා පවසයි.

හිස් ප්ලාස්ටික් වතුර බෝතල් ලක‍ෂ විස්සක් ගබඩා කිරිමට නල්ලතන්නියේ තම ප්‍රාදේශීය සභාව සතු කැළි කසල ප්‍රතිශක්ති කරන මධ්‍යස්ථානයේ ඉඩ පහසුකමි නොමැති බවත් ජනාධිපති ලේකම් කාරයාලයේ පරිසර ඒකකය විසින් මෙවර ශ්‍රීපාද වන්දනා වාරයේදි පොලිතින් හා ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය සමිබන්ධයෙන් තම ප්‍රාදේශීය සභාව සහ පොලිසිය ක්‍රියාකළ අකාරය පිළිබදව ඇගයිමට ලක්කල බවද ලේකමිවරයා කිය.

මිළග ශ්‍රිපාද වන්දනා සමයේදි ජනාධීපති ලේකම් කාර්යාලයේ පරිසර ඒකකය හා තම ප්‍රාදේශීය සභාවත් පොලිසියත් එක්වී පෞද්ගලික අංශයේද සහයෝගය මත ශ්‍රීපාද වන්දනාකරුවන්ට නල්ලතන්නියේ සිට ශ්‍රීපාද උඩමලූව දක්වා පිරිසිදු පානිය ජලය ලබා දිමේ වැඩ පිළිවෙලක් ඇරඹීම පිළිබදව අවධානය යොමු වි ඇති බවත් එය ක්‍රියාවට නැංවිමෙන් පසු මෙවර වාර්තා වු ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රමාණය තවත් අවම කර ගත හැකි බවත් අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකමි එස්. සරවනන් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

හැටන් රංජිත් රාජපක‍ෂ

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1852

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3277

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9045

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4692

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4854

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6583

Please publish modules in offcanvas position.