Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බිහිකරන ලද නව ස්වාධීන කොමිෂන් සභා පවතින්නේ අත්හදා බැලීම් තත්ත්වයෙන් වැනි යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්වාධීන කොමිෂන් සභා පත් කළ නමුත් එහි පවතින ප්‍රමාදය පිළිබදව කරුණු විමසීම සදහා තමන් පසුගියදා එහි ප්‍රධානීන් කැදවා සාකච්ඡා කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

රුපියල් මිලියන 70ක වියදමින් ඉදිකරන ලද ගලගෙදර අධිකරණ සංකීර්ණය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) සිදුවූ අතර එහිදී ඔහු මේ බව කීවේය.

ස්වාධීන කොම්ෂන් සභා නමයෙහිම සභාපතිවරු, ලේකම්වරු කැදවා සාකච්ඡා කළ බවත් එහිදී ගැටලු රැසක් සමාලෝචනය කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. කොමිසන් ක්‍රියාකාරීත්වයේ අඩුපාඩු, ගැටලු, වැඩකටයුතු ප්‍රමාදවීමට හේතු, අරමුණු කරා යාමට ඇති බාධාවන් හා විසදුම් පිළිබදව මෙහිදී අවධානය යොමු කළ බව ඒ මහතා කීවේය.

ස්වාධීන කොමිෂන් සභා කාර්යක්ෂම හා විධිමත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුවන බවත් එම කටයුතු විධිමත් කිරීම පිළිබදව ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් හා අදාල අමාත්‍යංශ නිලධාරීන් දැනුවත් කළ බව ද ජනාධිපතිවරයා සදහන් කළේය.

සමාජ සාධාරණත්වය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු තහවුරු කිරීම සදහා රජය බලයට පත්වූ බවත් 18වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම මෙරට ජනතාව ලබන විශිෂ්ඨතම ජයග්‍රහණය වන බව ද ජනාධිපතිවරයා සදහන් කළේය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහතික සඳහා ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීම තවදුරටත් තහවුරු කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවත් විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ව පියවර ගෙන ඇත. ඒ අනුව විදේශගත වන පිරිස් වෙත විභාග දෙපාර්තමේන්තුවේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව ලබාදෙන විභාග සහතිකවලට අමතරව එම සහතිකවල පිටපත් අදාළ විදේශ තානාපති කාර්යාල වෙත ද යොමු කිරීමට  කටයුතු යොදා තිබේ.

විදේශගතවූවන්, ව්‍යාජ සහතික පත්‍ර ඉදිරිපත්කරමින් සිදුකරන අක්‍රමිකතා වැළැක්වීමත්, ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ විභාග සහතික සම්බන්ධව පවත්නා පිළිගැනීම අඛණ්ඩව ආරක්ෂා කරගැනීමත් අරමුණු කරගනිමින් මේ තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ විභාග සම්බන්ධයෙන් ලෝකයේ සියලු ම රටවල ඉතා ඉහළ පිළිගැනීමක් පවතී. ලෝකයේ එවැනි පිළිගැනීමක් සහිත රටවල් ඇත්තේ අතළොස්සක් පමණි. ශ්‍රී ලංකාව එම රටවල් අතරට එක්ව සිටීම අභිමානයට කරුණකි. එහෙත් ඇතැම් පිරිස් විසින් වංචනික උපක්‍රම මඟින් සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ විභාග සහතික ඉදිරිපත් කරමින් විදේශගත වී වෘත්තීය හා උසස් අධ්‍යාපන කටයුතු සඳහා එම සහතික යොදාගන්නා බව වාර්තා වී තිබේ. මෙවැනි වංචනික ක්‍රියා හේතුවෙන් විභාග සහතිකවලට පවත්නා ජාත්‍යන්තර පිළිගැනීම නැතිකරලීමට කිසිසේත් ඉඩ නොදී මෙරට විභාග සහතිකපත්‍රවල තත්වය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන ලෙසත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් පවතින ගැටළු විසඳාගනිමින් ඉදිරියේ දී මෙම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යතවරයා විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රමුඛ අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. ඒ, පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

මීට අමතරව, 2019 වසරේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග දෙකම වසරේ එකම කාලවකවානුවක දී පැවැත්වීම පිළිබඳව ද මෙම මාණ්ඩලික රැස්වීමේ දී දීර්ඝව කරුණු සාකච්ඡා කෙරිණ. මෙහි දී අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය ප්‍රායෝගික පරිසරය නිර්මාණය කරගැනීමට අදාළව, අවශ්‍ය මුද්‍රණාල නවීකරණ කටයුතු, ප්‍රමාණවත් සේවකයින් බඳවා ගැනීම ආදිය කඩිනමින් සිදුකිරීමට පියවර ගන්නා ලෙසය.

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මන්නාරම, පොලිසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (21) තලෙයිමන්නාරම, තුල්ලුකුඩුඉරිප්පු ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 505 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ගංජා ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් යතුරු පැදිය ද එහිදී අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්ණ කිරීම් වලදී ඔහු විසින් තලෙයිමන්නාරම, ‍ජේආර්එස් ගම් ප්‍රදේශයේ සඟවා තැබූ තවත් කේරළ ගංජා තොගයක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගන්නා ලදී. ඒ අනුව එම ස්ථානය පරීක්ෂා කළ නාවිකයන් සහ පොලිස් නිලධාරීන් විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 8.720 ක්ද සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි. 

දිවයින පුරා රෝහල් වල අද (22) දිනයේ ක්‍රියාත්මක වන වෛද්‍ය වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු අඩාල වී ඇති බවත් රෝගීන් දැඩි අපහසුතාවයට පත්වී ඇති බවත් ලක්බිම ඔන්ලයින් වෙත වාර්තා විය.

දික්ඔය රෝහල -






බදුල්ල මහ රෝහල -




මාවරල රෝහලේ බාහිර ප්‍රතාකාර අංශය වසාදමා තිබූ අයුරු-


කොළඹ ජාතික රෝහල-







 

ඡායාරූප - රන්ජිත් රාජපක්ෂ - හැටන්/ සුලක්ෂ පියතිස්ස - බදුල්ල / එම්.පියසේන - මාවරල/මලිත් ගමගේ 


 

 

 

කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමේ යුද ජයග්‍රහණය සමරමින් මහරගම තරුණ කැලෙහි දමිත සංජීව මහතාගේ මූලිකත්වයෙන් 08 වැනි වරටත් සංවිධානය කළ මහා කිරිබත් දන්සල මහරගම කිංස් ඒසී ආයතනය (මහරගම පරණ පොලිසිය) අසලදී පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් වුණි.

මිරිහාන අඹුල්දෙණිය බෝධිය පාර ශ්‍රී බෝධි පිරිවෙන් විහාරවාසී  බියගම සුසීල හිමියන් මීට සහභාගී වූහ.





ඡායාරූප හා සටහන - තුෂාර අතපත්තු

අද දිනයේ සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී නව කැබිනට් අමාත්‍ය ධූර සඳහා 9දෙනෙකු පත්කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර තිබේ.

මුදල් හා ජනමාධ්‍ය ඇමති - මංගල සමරවීම

විදේශ කටයුතු ඇමති - රවී කරුණානායක

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති - අර්ජුන රණතුංග

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමති - චන්දිම වීරක්කොඩි

වරාය හා නාවික කටයුතු ඇමති - මහින්ද සමරසිංහ

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති - ගයන්ත කරුණාතිලක

සමාජ සවිබල ගැන්වීම් සුබසාධන සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ ඇමති - එස්.බී.දිසානායක

සංවර්ධන කාර්යයන් පිළිබද ඇමති - තිලක් මාරපන 

කම්කරු, වෘත්තීය සබදතා සහ සබරගමුව සංවර්ධන ඇමති - ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න 

ධීවර ඇමති හා මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමති - මහින්ද අමරවීර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජයේ සියලුම කැබිනට් අමාත්‍යවරුන්ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට හෙට (22) පෙරවරු 8.30 වනවිට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා තිබේ.
 
රජය විසින් තීරණය කර ඇති විශේෂ කැබිනට් සංශෝධනය පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
පානුක රාජපක්ෂ

සයිටම් තෝරාගෙන ආණ්ඩුවේ පැවැත්ම අත්හරින්න හෝ සයිටම් අහෝසි කර ආණ්ඩුව බේරගන්න කියා ආණ්ඩුවට දැඩිව අවධාරණය කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ලෙස සිය පක්ෂය සියලු බලවේග එකතු කරන බවත්, එම වංචනික සයිටම් ආයතනය දිගට පවත්වාගෙන යාමට පුළුවන්කමක් නැති බවත් ජවිපෙ ප්‍රධාන ‍ලේකම් ටිල්වින් සිල්වා මහතා කීය.
ආණ්ඩුව ජනතාවට ඇහුම්කන් දෙනවා වෙනුවට එම ජනවරමට පයින් ගසා කළු කඩයක් රකින උත්සහයක සිටින බවට චෝදනා කර සිටි ඒ මහතා සයිටම් අහෝසි කරන්න යැයි පවසන්නේ එම ආයතනය සමග තිබෙන ප්‍රශ්නයක් නිසා නොව එම ආයතනය නිදහස් අධ්‍යාපනය අහෝසි කර මුදලට අධ්‍යාපනය විකිණීමේ පියවරක් ලෙස පවත්වා ගෙන යන ආයතනයක් බැවින් එය පරාජය කිරීම සඳහා යැයිද කීය.
සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂත්, වෘත්තීය සමිතිත්, ශිෂ්‍යයන්, වෛද්‍යවරුන්, දෙමාපියන් සියලු පිරිස් එක්ව අරගලයක් දියත් කළේ, එම ආයතනය කළු කඩයක් වූ නිසා යැයි පැවසූ ඒ මහතා ජනතාවගේ විරෝධයන් මර්දනයෙන් යටපත් කරන්නට ආණ්ඩුව උත්සහ කරන බවටද චෝදනා කළේය.
සිසුන්ගේ මෙම සාධාරණ අරගලයට ‍පොලීසිය ලවා අමානුෂික ලෙස එල්ල කළ ප්‍රහාරය සිය පක්ෂය දැඩි ලෙස හෙළා දකින අතර බන්ධනාගාර ගතකර සිටින සිසුන් සියලු දෙනා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද පැලවත්ත එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡවේදී පැවසීය.
මෙම උද්ඝෝෂණ ආණ්ඩුව පෙරළන්න පැවති උද්ඝෝෂණ නොවන බවත්, එහෙත් අණ්ඩුව පෙරළීමට මෙම උද්ඝෝෂණ පැමිණි බව ඔවුන් කියන්නේ නම්,  ශිෂ්‍යයන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටුකර ආණ්ඩුව පෙරළීම වළක්වා ගැනීමට හැකියාව තිබෙන බවද ඒ මහතා මෙහිදී පැවසීය.
 
පද්මිණි මාතරගේ 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද යෝජනාවන්ට අනුව රජය සයිටම් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්තිමය තීරණවලට සහය දීමට තමන් සූදානම් බව සයිටම් ආයතනයේ කළමනාකාරීත්වය ප්‍රකාශ කරයි. 
ඒ අනුව සයිටම් ආයතනයට නව සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවීම, එම ආයතනය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර එහි හිමිකාරීත්ව පදනම පුළුල් කිරීම ආදිය රජය ඉදිරිපත් කර ඇති යෝජනා අතර වන බවත් දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවේ තීන්දුවට යටත්ව මෙම යෝජනා ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා රජයට සහය වීමට තම ආයතනය සූදානම් බවත් සයිටම් ආයතනය පෙන්වා දෙයි. 
රටේ අධ්‍යාපනයේ නිදහස ආරක්ෂා කිරීමට රජය සැමවිටම කටයුතු කරනු ඇති බව තම ආයතනයේ විශ්වාසය බවත් ඒ අනුව කිසිදු ආකාරයකට වෙනස් සැලකීමකින් තොරව රජයේ හා පෞද්ගලික අංශ යටතේ පවතින වෛද්‍ය පීඨවල ප්‍රමිතිය උසස් ලෙස පවත්වා ගෙන යාම සඳහා රජයට පූර්ණ වශයෙන් සහය පළ කරන බවත් සයිටම් ආයතනයේ කළමනාකාරීත්වය අවධාරණය කරයි.
 
ගයාත්‍රි ගීගනආරච්චි

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සම්බන්ධතා සංඛ්‍යාව 2016 වසර අවසාන වන විට මිලියන 26.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පසුගිය 2015 වසරට සාපේක්ෂව එය සියයට 7.6ක වර්ධනයක් වන බවත් මහ බැංකු වාර්තාව පෙන්වා දේ.
මේ අනුව 2016 වසර අවසානයේදී එනම් මෙම වසර ආරම්භයේදී මෙරට ජංගම දුරකථන සම්බන්ධතා ඝනත්වය පුද්ගලයන් 100කට 123.7ක් ලෙසින් මහ බැංකු වාර්තාව පෙන්වා දේ. 
එසේම 2015 වසරේ මිලියන 1.1ක් වූ රැහැන් සහිත ස්ථාරව දුරකථන සම්බන්ධතා ප්‍රමාණය මෙම වසර මුල වන විට මිලියන 1.2ක් දක්වා සියයට 3.4කින් ඉහළ ගොස් ඇති බවද 2016 මහ බැංකු වාර්තාව පෙන්වා දේ. 
මේ අනුව 2016 වසර අවසානයේදී මෙරට ස්ථාවර දුරකථන සම්බන්ධතා ඝනත්වය පුද්ගලයන් 100කට ස්ථාවර 12.0ක් ලෙසින් වාර්තා වේ. 
2016 වසර අවසන් වන විට අන්තර්ජාල ඝනත්වය 23.2ක් දක්වා ඉහළ නංවමින් වසර තුළදී මුළු අන්තර්ජාල සම්බන්ධතා සංඛ්‍යාව 4,920,554ක් දක්වා සියයට 20.3කින් වර්ධනය වී ඇත. 
2016 වසර තුළ දී සියයට 36.1ක ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතා වර්ධනය, සමස්ත අන්තර්ජාල සම්බන්ධතා වර්ධනය කෙරෙහි බෙහෙවින් ඉවහල් වී ඇති බවත්, 2016 වසර අවසාන වන විට ජංගම අන්තර්ජාල සම්බන්ධතා සංඛ්‍යාව පෙර වසරේ වාර්තා වූ 3,408,408ට සාපේක්ෂව 3,991,465 දක්වා සියයට 17.1ක වර්ධනයක් පෙන්නම් කර ඇති බවත් 2016 මහ බැංකු වාර්තාව වැඩිදුරටත් පෙන්වා දේ. 
 
පැතුම් වික්‍රමරත්න

නිරිතදිග මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමග සතියකට ඩෙංගු රෝගීන් 2000ක් පමණ දෙනා වර්තා වන බව ඩෙංගු මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය සඳහන් කරයි. 
 
මේ වන විට ඩෙංගු රෝගීන් 48368කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් 100කට අධික පිරිසක් මියගොස් ඇතැයිද මේ වන විටත් වාර්තා වී තිබෙන බව පැවැසේ.
 
පසුගිය වසරේදී මැයි මාසය වන විට මෙම සංඛ්‍යාව 9083ක් වූ බවද ඩෙංගු මර්දන වැඩසටහන පෙන්වාදේ. 
 
මේ වර්ෂය තුළ රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මාර්තු මාසයේ වන අතර එම සංඛ්‍යාව 13,444ක් වන අතර පසුගිය වසරේදී (2016) වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 10715 වාර්තා වී ඇත්තේ ජූලි මාසයේ බවද ඩෙංගු මර්දන වැඩසටහන පෙන්වාදේ. 
 
කෙසේ නමුත් මේ වන විට ඩෙංගු රෝග ප්‍රතිකාර සඳහා රෝහල් ගත වන පුද්ගලයන්ට අවශ්‍ය ඖෂධ සියල්ල සහ දැඩි සත්කාර ඒකක සූදානමින් තබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
 
ශ්‍රියානි විජේසිංහ
IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 804

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1477

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 762

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1972

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 640

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4483

Please publish modules in offcanvas position.