Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මන්නාරම, පොලිසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (21) තලෙයිමන්නාරම, තුල්ලුකුඩුඉරිප්පු ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 505 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ගංජා ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් යතුරු පැදිය ද එහිදී අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්ණ කිරීම් වලදී ඔහු විසින් තලෙයිමන්නාරම, ‍ජේආර්එස් ගම් ප්‍රදේශයේ සඟවා තැබූ තවත් කේරළ ගංජා තොගයක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගන්නා ලදී. ඒ අනුව එම ස්ථානය පරීක්ෂා කළ නාවිකයන් සහ පොලිස් නිලධාරීන් විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 8.720 ක්ද සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි. 

දිවයින පුරා රෝහල් වල අද (22) දිනයේ ක්‍රියාත්මක වන වෛද්‍ය වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු අඩාල වී ඇති බවත් රෝගීන් දැඩි අපහසුතාවයට පත්වී ඇති බවත් ලක්බිම ඔන්ලයින් වෙත වාර්තා විය.

දික්ඔය රෝහල -






බදුල්ල මහ රෝහල -




මාවරල රෝහලේ බාහිර ප්‍රතාකාර අංශය වසාදමා තිබූ අයුරු-


කොළඹ ජාතික රෝහල-







 

ඡායාරූප - රන්ජිත් රාජපක්ෂ - හැටන්/ සුලක්ෂ පියතිස්ස - බදුල්ල / එම්.පියසේන - මාවරල/මලිත් ගමගේ 


 

 

 

කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමේ යුද ජයග්‍රහණය සමරමින් මහරගම තරුණ කැලෙහි දමිත සංජීව මහතාගේ මූලිකත්වයෙන් 08 වැනි වරටත් සංවිධානය කළ මහා කිරිබත් දන්සල මහරගම කිංස් ඒසී ආයතනය (මහරගම පරණ පොලිසිය) අසලදී පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් වුණි.

මිරිහාන අඹුල්දෙණිය බෝධිය පාර ශ්‍රී බෝධි පිරිවෙන් විහාරවාසී  බියගම සුසීල හිමියන් මීට සහභාගී වූහ.





ඡායාරූප හා සටහන - තුෂාර අතපත්තු

අද දිනයේ සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී නව කැබිනට් අමාත්‍ය ධූර සඳහා 9දෙනෙකු පත්කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර තිබේ.

මුදල් හා ජනමාධ්‍ය ඇමති - මංගල සමරවීම

විදේශ කටයුතු ඇමති - රවී කරුණානායක

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති - අර්ජුන රණතුංග

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමති - චන්දිම වීරක්කොඩි

වරාය හා නාවික කටයුතු ඇමති - මහින්ද සමරසිංහ

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති - ගයන්ත කරුණාතිලක

සමාජ සවිබල ගැන්වීම් සුබසාධන සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ ඇමති - එස්.බී.දිසානායක

සංවර්ධන කාර්යයන් පිළිබද ඇමති - තිලක් මාරපන 

කම්කරු, වෘත්තීය සබදතා සහ සබරගමුව සංවර්ධන ඇමති - ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න 

ධීවර ඇමති හා මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමති - මහින්ද අමරවීර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජයේ සියලුම කැබිනට් අමාත්‍යවරුන්ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට හෙට (22) පෙරවරු 8.30 වනවිට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා තිබේ.
 
රජය විසින් තීරණය කර ඇති විශේෂ කැබිනට් සංශෝධනය පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
පානුක රාජපක්ෂ

සයිටම් තෝරාගෙන ආණ්ඩුවේ පැවැත්ම අත්හරින්න හෝ සයිටම් අහෝසි කර ආණ්ඩුව බේරගන්න කියා ආණ්ඩුවට දැඩිව අවධාරණය කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ලෙස සිය පක්ෂය සියලු බලවේග එකතු කරන බවත්, එම වංචනික සයිටම් ආයතනය දිගට පවත්වාගෙන යාමට පුළුවන්කමක් නැති බවත් ජවිපෙ ප්‍රධාන ‍ලේකම් ටිල්වින් සිල්වා මහතා කීය.
ආණ්ඩුව ජනතාවට ඇහුම්කන් දෙනවා වෙනුවට එම ජනවරමට පයින් ගසා කළු කඩයක් රකින උත්සහයක සිටින බවට චෝදනා කර සිටි ඒ මහතා සයිටම් අහෝසි කරන්න යැයි පවසන්නේ එම ආයතනය සමග තිබෙන ප්‍රශ්නයක් නිසා නොව එම ආයතනය නිදහස් අධ්‍යාපනය අහෝසි කර මුදලට අධ්‍යාපනය විකිණීමේ පියවරක් ලෙස පවත්වා ගෙන යන ආයතනයක් බැවින් එය පරාජය කිරීම සඳහා යැයිද කීය.
සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂත්, වෘත්තීය සමිතිත්, ශිෂ්‍යයන්, වෛද්‍යවරුන්, දෙමාපියන් සියලු පිරිස් එක්ව අරගලයක් දියත් කළේ, එම ආයතනය කළු කඩයක් වූ නිසා යැයි පැවසූ ඒ මහතා ජනතාවගේ විරෝධයන් මර්දනයෙන් යටපත් කරන්නට ආණ්ඩුව උත්සහ කරන බවටද චෝදනා කළේය.
සිසුන්ගේ මෙම සාධාරණ අරගලයට ‍පොලීසිය ලවා අමානුෂික ලෙස එල්ල කළ ප්‍රහාරය සිය පක්ෂය දැඩි ලෙස හෙළා දකින අතර බන්ධනාගාර ගතකර සිටින සිසුන් සියලු දෙනා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද පැලවත්ත එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡවේදී පැවසීය.
මෙම උද්ඝෝෂණ ආණ්ඩුව පෙරළන්න පැවති උද්ඝෝෂණ නොවන බවත්, එහෙත් අණ්ඩුව පෙරළීමට මෙම උද්ඝෝෂණ පැමිණි බව ඔවුන් කියන්නේ නම්,  ශිෂ්‍යයන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටුකර ආණ්ඩුව පෙරළීම වළක්වා ගැනීමට හැකියාව තිබෙන බවද ඒ මහතා මෙහිදී පැවසීය.
 
පද්මිණි මාතරගේ 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද යෝජනාවන්ට අනුව රජය සයිටම් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්තිමය තීරණවලට සහය දීමට තමන් සූදානම් බව සයිටම් ආයතනයේ කළමනාකාරීත්වය ප්‍රකාශ කරයි. 
ඒ අනුව සයිටම් ආයතනයට නව සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවීම, එම ආයතනය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර එහි හිමිකාරීත්ව පදනම පුළුල් කිරීම ආදිය රජය ඉදිරිපත් කර ඇති යෝජනා අතර වන බවත් දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවේ තීන්දුවට යටත්ව මෙම යෝජනා ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා රජයට සහය වීමට තම ආයතනය සූදානම් බවත් සයිටම් ආයතනය පෙන්වා දෙයි. 
රටේ අධ්‍යාපනයේ නිදහස ආරක්ෂා කිරීමට රජය සැමවිටම කටයුතු කරනු ඇති බව තම ආයතනයේ විශ්වාසය බවත් ඒ අනුව කිසිදු ආකාරයකට වෙනස් සැලකීමකින් තොරව රජයේ හා පෞද්ගලික අංශ යටතේ පවතින වෛද්‍ය පීඨවල ප්‍රමිතිය උසස් ලෙස පවත්වා ගෙන යාම සඳහා රජයට පූර්ණ වශයෙන් සහය පළ කරන බවත් සයිටම් ආයතනයේ කළමනාකාරීත්වය අවධාරණය කරයි.
 
ගයාත්‍රි ගීගනආරච්චි

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සම්බන්ධතා සංඛ්‍යාව 2016 වසර අවසාන වන විට මිලියන 26.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පසුගිය 2015 වසරට සාපේක්ෂව එය සියයට 7.6ක වර්ධනයක් වන බවත් මහ බැංකු වාර්තාව පෙන්වා දේ.
මේ අනුව 2016 වසර අවසානයේදී එනම් මෙම වසර ආරම්භයේදී මෙරට ජංගම දුරකථන සම්බන්ධතා ඝනත්වය පුද්ගලයන් 100කට 123.7ක් ලෙසින් මහ බැංකු වාර්තාව පෙන්වා දේ. 
එසේම 2015 වසරේ මිලියන 1.1ක් වූ රැහැන් සහිත ස්ථාරව දුරකථන සම්බන්ධතා ප්‍රමාණය මෙම වසර මුල වන විට මිලියන 1.2ක් දක්වා සියයට 3.4කින් ඉහළ ගොස් ඇති බවද 2016 මහ බැංකු වාර්තාව පෙන්වා දේ. 
මේ අනුව 2016 වසර අවසානයේදී මෙරට ස්ථාවර දුරකථන සම්බන්ධතා ඝනත්වය පුද්ගලයන් 100කට ස්ථාවර 12.0ක් ලෙසින් වාර්තා වේ. 
2016 වසර අවසන් වන විට අන්තර්ජාල ඝනත්වය 23.2ක් දක්වා ඉහළ නංවමින් වසර තුළදී මුළු අන්තර්ජාල සම්බන්ධතා සංඛ්‍යාව 4,920,554ක් දක්වා සියයට 20.3කින් වර්ධනය වී ඇත. 
2016 වසර තුළ දී සියයට 36.1ක ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතා වර්ධනය, සමස්ත අන්තර්ජාල සම්බන්ධතා වර්ධනය කෙරෙහි බෙහෙවින් ඉවහල් වී ඇති බවත්, 2016 වසර අවසාන වන විට ජංගම අන්තර්ජාල සම්බන්ධතා සංඛ්‍යාව පෙර වසරේ වාර්තා වූ 3,408,408ට සාපේක්ෂව 3,991,465 දක්වා සියයට 17.1ක වර්ධනයක් පෙන්නම් කර ඇති බවත් 2016 මහ බැංකු වාර්තාව වැඩිදුරටත් පෙන්වා දේ. 
 
පැතුම් වික්‍රමරත්න

නිරිතදිග මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමග සතියකට ඩෙංගු රෝගීන් 2000ක් පමණ දෙනා වර්තා වන බව ඩෙංගු මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය සඳහන් කරයි. 
 
මේ වන විට ඩෙංගු රෝගීන් 48368කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් 100කට අධික පිරිසක් මියගොස් ඇතැයිද මේ වන විටත් වාර්තා වී තිබෙන බව පැවැසේ.
 
පසුගිය වසරේදී මැයි මාසය වන විට මෙම සංඛ්‍යාව 9083ක් වූ බවද ඩෙංගු මර්දන වැඩසටහන පෙන්වාදේ. 
 
මේ වර්ෂය තුළ රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මාර්තු මාසයේ වන අතර එම සංඛ්‍යාව 13,444ක් වන අතර පසුගිය වසරේදී (2016) වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 10715 වාර්තා වී ඇත්තේ ජූලි මාසයේ බවද ඩෙංගු මර්දන වැඩසටහන පෙන්වාදේ. 
 
කෙසේ නමුත් මේ වන විට ඩෙංගු රෝග ප්‍රතිකාර සඳහා රෝහල් ගත වන පුද්ගලයන්ට අවශ්‍ය ඖෂධ සියල්ල සහ දැඩි සත්කාර ඒකක සූදානමින් තබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
 
ශ්‍රියානි විජේසිංහ

දකුණු පළාත් සභාවේ මහ ඇමැති ෂාන් විජේල්ලා ද සිල්වා මහතා ඇතුළු මුළු ඇමැති මණ්ඩලයම ගෙදර යැවීම සඳහා පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් දෝෂාභියෝගයක් ගෙන එන බැව් දකුණු පළාත් සභාවේ සන්ධානයේ මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා (රත්තරන්) අද (21) ඒ මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
ඔහු මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේද කීවේය.
දකුණු පළාත් ප්‍රධාන ඇමැතිවරයා ඇතුළු ඇමැති නඩය ගෙදර යැවීම සඳහා දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය දැඩි තීන්දුවක් ගන්නවා. මේ ප්‍රධාන ඇමැතිවරයා හා අමාත්‍ය මණ්ඩලයෙන් අපට වූ දෙයක් නැහැ. දකුණේ ජනතාවගේ ඒකායන බලා‍පොරොත්තුව තමයි පළාත් සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට ලබාගැනීම. ඒ සඳහා සුදුසු පුද්ගලයකු මහ ඇමැති ධුරයට තෝරා ගන්නවා. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය අත්වැල් බැඳගෙන ඉන්නවා.
නවක මන්ත්‍රීවරු හා ‍‍‍ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කියා අපේ බෙදීමක් නැහැ. ෂාන් විජේලාල් ද සිල්වා මහ ඇමැති ඇතුළු ඇමැති නඩය ගෙදර යැවීම සඳහා ඒකාබද්ධ විපක්ෂය දෝෂාභියෝගයක් ගෙන එන එක ගෙන එනවාමයි. ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාවොත් ඒකට මුලින්ම අත්සන් කරන්නේ මම. යහපාලනයට විරුද්ධව මොන දෝෂාභියෝගය ගෙනාවත් එයට පළමුවෙන්ම අත්සන් කරනවා. පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ බලය තියෙන්නේ අපට.
අපට මොන තනතුරු, වරප්‍රසාද නැති වුණත් ජනතාවගේ මතය ජයග්‍රහණය කරන්න සූදානම්. යහපාලන ආණ්ඩුවේ ඉන්න ප්‍රධාන ඇමැතිවරයා ඇතුළු ඇමැති කණ්ඩායමටම දෝෂාභියෝගයක් ගේනවා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සඳහා එජාපයේද සහයෝගය අපට ලැබෙනවා. දකුණේ මහ ඇමැති ෂාන් විජේලාල් ද සිල්වා මහතා දකුණට දීපු වැඩ පිළිවෙළ මොකක්ද? ඒ සඳහා දීපු සංකල්පය කුමක්ද? මහ ඇමැති කරපු වැඩක් නැහැ. ඡන්දය බලාගෙන සොච්චම් දේවල් ලබාදුන්නට ඒක දේශපාලනය ‍නෙවෙයි. එනිසා දකුණු පළාත් සභාවේ මහ ඇමැතිතුමා ඇතුළු ඇමැති නඩයම ගෙදර යවන්න අපි කටයුතු කරනවා.
 
ජිනේෂ් නානායක්කාර

නොබෙදුණු ශ්‍රී ලංකාව තුළ ජීවත් වන දෙමළ, මුස්ලිම් ජනතාව  තම ජීවිත සම්බන්ධව විශාල බලා‍පොරොත්තුවක් තබා ගෙන ඇති බැවින් එය විනාශ නොකරන ලෙස  තමන් ඉල්ලා සිටින බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ 
ගනේෂන් මහතා සඳහන් කළේය.
කොළඹ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවැති ආපදා සුබසාධක සංගමය විසින් සංවිධානය කළ දිවයින පුරා විසිරී සිටින ස්වේච්ඡා සමාජ සේවකයන් අගයමින් ඔවුන්ගේ කැපවීම වෙනුවෙන් සම්මාන සහ සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයට ඉකුත්දා (19) සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පැවැසීය.
බොදුබල සේනා සංවිධානයේ ‍ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඉකුත් (17) වන දා ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අමාත්‍යවරයා හමුව ඇති වූ බහින් බස්වීම මුල් කර ගනිමින් අමත්‍යවරයා මේ අදහස් පැවැසීය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එම අවස්ථාවේදී බෞද්ධ භික්ෂුවක් ලෙස හැසිරුණු ආකාරය පිළිබඳ තමන් කනගාටු වන බවත්, තමන් බෞද්ධයෙක් නොවුණත් එම අවස්ථාවේදී බෞද්ධයෙක් ලෙස හැසිරුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
තමන් සිංහල ජනතාවට ආදරේ බවත් සිංහල ජනතාව සමග ඉපිද සිංහල ජනතාව සමග මියයන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. තම නිවසට හෝ අමාත්‍යාංශයට පැමිණෙන කාට වුවත් ඉතාමත් ගෞරවනීය ලෙස පිළිතුරු ලබා දෙන බවත් පැවැසූ අමාත්‍යවරයා එලෙස හැසිරීම තම දුර්වලකමක් නොවන බවත් වැඩි දුරටත් සඳහන් කළේය.
 
ප්‍රසාදිකා ජයවර්ධන
IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1719

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1739

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1018

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2560

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4017

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10171

Please publish modules in offcanvas position.