Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා කිසිදු හේතුවක් හෝ පූර්ව දැනුම් දීමකින් තොරව තනතුරෙන් පහ කිරීමට  විරෝධය පළකරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධන කාර්යාලීය කාර්ය මණ්ඩලය අද දහවල් 12.00 ට කොළඹ 7 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි පුරාවිද්‍යා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවකට සූදානම් වෙයි.  

කැබිනට් තීරණයක් යැයි පවසමින් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් වරයා මෙසේ තනතුරෙන් පහ කිරීම බරපතල සදාචාර විරෝධී ක්‍රියාවක් යැයි ඔවුහු පෙන්වා දෙති.

මේ අතර තම සේවය අත්හිටුවා ඇති බවට මාධ්‍යවල තොරතුරු පළ වුවද මේ තාක් තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් කර නැතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ලක්බිම ඔන්ලයින් වෙත පැවසීය.

සේවය අත්හිටුවීමට අදාළ හේතුවක් පිළිබඳව තමන් නොදන්නා බවත්, එවැන්නක් සිදුවී ඇත් නම් ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමෙන් තමන් දැනුවත් කෙරෙන බවත් දිසානායක මහතා කියයි.  

මෙම උද්ඝෝෂණයට සමගාමීව දිවයිනේ සියළුම ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාල ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතව ඇත.

රාජ්‍ය සේවා නිලධාරීන් සම්බන්ධයෙන් යහපාලන රජය වගකීමකින් ක්‍රියා කරන බව පැවසෙන යුගයක කිසිදු හේතුවක් නොමැතිව අධ්‍යක්ෂ ජනරාල්වරයා තනතුරෙන් පහ කොට ඇති බැවින් ඔහු නැවත සේවයේ පිහිටුවිය යුතු බව දෙපාර්තමේන්තු සේවකයෝ ප්‍රකාශ කරති.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ කඩිනම් අවධානය යොමු විය යුතු බවත් එමගින් යහපාල රජයේත් රාජ්‍ය සේවයේත් අභිවෘද්ධිය සේම රාජ්‍ය නිලධාරීන්ගේෙ වෘත්තීය ගෞරවය තව දුරටත් තහවුරු වන බවත් දෙපාර්තමේන්තු සේවකයෝ පෙන්වා දෙති.

තිලක් සේනාසිංහ / ගයාත්‍රි ගීගනආරච්චි

මේ දිනවල සක්‍රීයවී ඇති නිරිත දිග මෝසම් සුළඟ හේතුවෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ මධ්‍යම සහ වයඹ පලාත් වලට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් මේ වන විටත් රත්නපුර, කළුතර කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වලට ගංවතුර නාය යෑම් ඇතුළු ස්වභාවික ආපදා තත්වයක් ඇති වෙමින් තිබේ.

ඊයේ (24) පෙරවරුවේ සිට ගාල්ල දිස්ත්‍රික්කයට සහ ගිංගඟේ ඉහළ පෝෂක ප්‍රදේශ වලට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගිංගඟේ ජලමට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ගාල්ල ගිංගඟ බාර වාරිමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා පැවසීය.

බද්දේගම, ඉඳිගස්කැටිය ජලමාපකයට අනුව (25) අද පාන්දර 05.15 වනවිට ගිංගගෙහි ජලමට්ටම මීටර 03.00 දක්වා වැඩිවී ඇති බව ඔහු පැවසීය. බද්දේගම ප්‍රදේශයෙන් ගගෙහි පිටාර මට්ටම මීටර් 03.80කි.

නාගොඩ, නෙළුව, තවලම, බද්දේගම, නියාගම සහ වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත් බිම් ජලයෙන් යට වෙමින් තිබේ . ගිංගඟේ හි අතුරු ඇල මාර්ගද මේ වනවිට පිටාර ගලමින් පවතී.

එම නිසා අතුරු ඇල මාර්ග අවට සියලු පහත් බිම් ජලයෙන් යටවී තිබේ.

බෙන්තර ගඟ සහ මාදු ගඟෙහි ජලමට්ටම ද ඉහළ ගොස් ඇති බව පැවසෙයි.

ගංගා වල සහ අතුරු ඇල මාර්ග වල ජලමට්ටම් ඉහළ ගොස් ඇති බැවින් ජලයට බැසීමෙන් හැකිතාක් වලකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්‍යක්ෂ කර්නල් දම්පත් රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි .

ගාල්ල දිස්ත්‍රික්කයට සහ ගිංගඟේ ඉහළ පෝෂක ප්‍රදේශ වලට තවදුරටත් මහවැසි ඇදහැලෙමින් පවතින බව ආපදා කළමණකරන මධ්‍යස්ථානය පවසයි.

අද (25) පෙරවරු 05න් අවසන් වූ පැය 08තුළ ගාල්ල දිස්ත්‍රිකයේ වැඩිම වර්ෂාපතනය නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තාවූ බව පැවසීය.

එය මි.මී 75 කි. 

ඊයේ  (24)  රාත්‍රියේ පැවති තද සුළං සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක විදුලි රැහැන් පද්ධතියට ගස් කඩා වැටීමෙන් ප්‍රදේශ රැසක මේ වන විට විදුලිය විසන්ධි වි තිබේ.

දකුණු මුහුදු තීරයේ සුළඟේ වේගය වැඩිවීමත් සමඟ මුහුද රළුවිමේ අවදානමක් ඇති බැවින් ධීවර හා නාවික කටයුතු වලදී වඩාත් සැලකිලිමත් වන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් සහකාර අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියි.

රත්නපුර ප්‍රදේශයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග කළු ගඟේ රත්නපුර ජල මාපකයට අනුව එය මීටර් 6.87දක්වා ඉහළ ගොස් ඇත.  එය මීටර් 7.5 දක්වා වැඩි වුවහොත් සුළු ගංගවතුර තත්වයක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

ඉදිරි පැය කීපය තුළ කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර තර්ජනයක් ඇතිවිය හැකි නිසා කළුතර දිස්ත්‍රික්කයේ කළු ගඟ අවට සහ පහත් බිම්වල ජීවත්වන ජනතාවට අවධානයෙන් සිටින ලෙස කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකාරක කර්නල් ජයසිංහ මහතා පැවසීය.

පැලවත්ත නෙළුව මාර්ගයේ ස්ථාන 12ක මාර්ගයට පස් කඳු කඩා වැටී ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩාල වී ඇතැයිද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.

පැලවත්ත ගුලනවත්ත 6කණුව ප්‍රදේශයේත් සහ යට්ටපාත 10කණුව ප්‍රදේශයේත් විශාල පස් කඳු දෙකක් මාර්ගයට කඩා වැටීමෙන් පැලවත්ත නෙළුව මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණහිට ඇත.

වලල්ලාවිට ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ පස් කඳු කඩාවැටීමෙන් නිවාස 7කට අර්ධ හානි සිදුවි ඇත.  

ඊට අමතර ඊයේ (24) දහවල් පැලවත්ත පහළ හෙවස්ස මාර්ගය ජලයෙන් යටව පහළ හෙවස්ස විද්‍යාලය ඇතුළු පාසල් රැසක කටයුතුවලට බාධා එල්ල විය.

පාලින්දනුවර ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ මගුරු ගඟ පිටාර ගලා බදුරලිය හැඩිගල්ල මාර්ගයේ දික්හේන ප්‍රදේශය ජලයෙන් යටී ඇත.  හැඩිගල්ල ශ්‍රී විපුලසාර විහාරස්ථානය අසල පස්කන්දක් කඩා වැටී ගමනා ගමනයට බාධා එල්ල වී ඇත. මගුරුගඟ, පැළැන් ගඟ, වේ ගඟ, කුකුළේ ගඟ හා කළුගඟේ ජල මට්ටම ඊයේ (24) හවස වන විට ඉහළ යමින් තිබූ අතර ගංවතුර අවදානමකට සූදානම් වන ලෙස සියලු ප්‍රාදේශීය ‍ලේකම්වරු, ග්‍රාම නිලධාරීන් හා ආපදා නිලධාරීන්ට උපදෙස් දී අවශ්‍ය පියවර ගත් බවද කළුතර දිසාපති යූ.ඩී.සී. ජයලාල් මහතා කීය.

මේ අතර ඊයේ කැළණි ගගේ නාගලගම් වීදියේ ජල මට්ටම අඩි 1.75 අගයක් ගත් අතර දැනට පවතින ජල මට්ටම ඉහළ යාම අනුව අඩි 5 දක්වා වැඩි වීම සුළු ගං වතුර තත්වයක් වශයෙන් හැඳින්විය හැකි යැයි වාරිමාර්ග දේපාර්තමේන්තුව කියයි.  

මේ අතර රත්නපුර දිස්ත්‍රිකයේ රත්නපුර, කිරිඇල්ල, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, ඇළපාත, ඉඹුල්පේ යන ප්‍රාදේශීය ලේකම්කො ට්ඨාශ තුළත් කෑගල්ල දිස්ත්‍රිකයේ බුලත්කොහුපිටිය, දෙහිඹ්විට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළත් නාය යෑම් සහ පස් කඳු කඩා වැටීම් තත්වයක් ඇතිවිය හැකි බැවින් විමසිලිමත් වන ලෙස අපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩ්ප්පිලි මහතා කියයි.

දමයන්ති ගමගේ / අනුර ලියනගේ-හබරාදුව/සරත් කුමාර ‍පොද්දෙණිය - අගලවත්ත

ඈදුණු පුවත්

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත-  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

රටේ සාමය කඩකරන නිදහස අහිමිකරන අන්තවාදී පිරිස් කොපමණ සිටියත් ගෙවුණු දෙවසරකට වැඩි කාලය තුළ ලෝකයේ කිසිදු රාජ්‍යයක් ශ්‍රී ලංකාවට එරෙහිව සතුරෙකු නොවුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අමතමින් ඊයේ (24) පස්වරුවේ පැවැසීය.
ඕස්ට්‍රේලියාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී එරට ජීවත්වන ශ්‍රී ලාංකික ජනතාව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාවට විවිධ ආකාරයෙන් උදව් උපකාර කරනවා. ව්‍යාපාරික හා ප්‍රජා සංවිධාන නායකයින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ගෙවුණු දෙවසරකට වැඩි කාලය තුළ ජාත්‍යන්තර සියලු රාජ්‍යයන් ශ්‍රී ලංකාවට මිතුරන් බවට පත්කරගැනීම වත්මන් රජයේ සැබෑ ජයග්‍රහණයක් බව මෙහිදී පැවැසූ ජනාධිපතිවරයා ඒ තුළ රටටත් රටේ ජනතාවට විශාල සේවාවක් ජාත්‍යන්තරයෙන් ලබාගැනීමට හැකිවූ බවද පැවැසීය.
රට තුළ ක්‍රියාත්මක වන සියලු අන්තවාදී ක්‍රියාවන් වත්මන් රජය අපහසුතාවට පත්කිරීමට දියත් කරන දේශපාලන කුමන්ත්‍රණ බව මෙහිදී පැවැසූ ජනාධිපතිවරයා ඒ සියලු කුමන්ත්‍රණ තම රජය රට තුළ ගොඩනැගූ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය නිසා බවද පැවැසීය. ඒ නිසා එම කුමන්ත්‍රණ හමුවේ රටේ ඉදිරි ගමන වෙනුවෙන් රජය ගෙනයන සියලු වැඩසටහන් එලෙසම ඉදිරියට ගෙන යන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ලබන වසර වන විට ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තානාපති සබඳතා ආරම්භ වී වසර 70ක් සපිරෙන බවද මෙහිදී සිහිපත් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාටද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස තමා ආරාධනා කරන බවද පැවැසීය.
අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පානුක රාජපක්ෂ - ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර සිට

අවශ්‍ය අවස්ථාවේදී  ‍පොලීසිය නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ඇති වූ දුර්වලතා නිසා සාමාන්‍ය සිදුවීම් පවා ජාතිවාදී හා ආගම්වාදි ගිණුමට බැරිවූ බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.
කහවත්ත ප්‍රදේශයේ මුස්ලිම් වැසියෙකුගේ කඩයක කොටසක් ගිනි ගෙන ඇත්තේ අසල කඩයක් දැල්වූ පහනක් ගිනි ගෙන එම කඩයේ ඇති වූ ගින්න නිසාවෙන් බවත් ඇල්පිටිය ප්‍රදේශයේ කඩයක් ගිනි ගෙන ඇත්තේ සොරකමේ පැමිණි පුද්ගලයෙකු එම කඩයට ගිනි තැබිම නිසාවෙන් බව සිසිටීවී දර්ශන අනුව පැහැදිලි වන බවත් ඇමැතිවරයා කීවේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙසේද කීය.
මුස්ලිම් වෙළෙඳ සල් ගිනි තැබිම් පහරදීම් සම්බන්ධයෙන් ‍පොලීසිය වාර්තාවක් දෙන්න දින කිහිපයක් ඉල්ලා තිබෙනවා. මොකද ඔවුන් තවම පරීක්ෂණ කරන බව අපට දැනුම් දී තිබෙනවා. මේ ප්‍රශ්නය දිහා බැලුවහම නීතිය ක්‍රියාත්මක කිරීමේ දුර්වලතාවයක් තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ ‍පොලීසියයි. නිසි වේලාවට ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මේ ප්‍රශ්නය දුරදිග ගියා.
රජය බලා‍පොරොත්තු වන්නේ නීතිය කාර්යක්ෂමව සිදුවිය යුතුය කියලයි. ‍පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීමේදී කුලමල, ජාතිය බලන්නේ නැහැ. ඔවුන් එය අදාළ කර ගත යුතු නැහැ. ජාතිවාදි අයුතු හැසිරීම් ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්න බැහැ. සියලු ජාතීන් අතර සමගිය ආරක්ෂා විය යුතුයි.
කහවත්ත ප්‍රදේශයේ පහනක් පත්තු කිරීම නිසා හට ගත් ගින්නකින් අසල තිබුණ කඩයක බිත්තියකුත් ගිනි අරගෙන තියෙනවා. අවාසනාවකට එම කඩය මුස්ලිම් ජාතිකයෙකුගේයි. මෙය ජාතිවාදී ප්‍රහාරයක් නොවෙයි. ඒ වගේම ඇල්පිටියේ කඩයක් ගිනි තියලා තියෙනවා. එහි සිසිටීවි කැමරා පරීක්ෂා කිරීමේදී හොරකමේ ආපු කෙනෙක් පසුව කඩයට ගිනි තබා තිබෙනවා. එම පුද්ගලයා වෙනත් ප්‍රදේශවලත් කඩ කිහිපයක් කොල්ල කෑ පුද්ගලයෙකු බව හඳුනාගෙන තිබෙනවා. කොහොම වුණත් නීතියේ දුර්වලතා නිසා හැම එකම මේ ගිණුමට බැර වෙනවා.
වසර ගණනාවක් අපි දුක් වින්ඳා ඇති. අන්තවාදය, ආගම්වාදය, ජාතිවාදය අවසන් වෙන්නේ ත්‍රස්තවාදයෙන්. මේ රටේ සියලු දෙනාට බය නැතුව සතුටින් ජීවත් විය හැකි පරිසරයක් තියෙන්න ඕනේ. ඒ වටපිටාව ඇති කරනවා කියලා අපි ‍පොරොන්දු වෙනවා. සමාජ විරෝධි නිති විරෝධි කටයුතු සිදු විය යුතු නැහැ.

ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න

රටපුරා ජාතිවාදි හා අන්තවාදී ප්‍රවණතා යළි හිස ඔසවමින් තිබියද ආණ්ඩුව ඊට එරෙහිව මතෛක් ප්‍රමාණවත් පියවරක් ගෙන නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.
ස්ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේද කීය.
ප්‍රකාශයක් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේද කීය.
මේ වන විට වාර්තා වන විවිධ සිදුවීම් මගින් රට පුරා ජාතිවාදී හා අන්තවාදී ප්‍රවණතා නැවත වරක් හිස ඔසවමින් ඇති බව පෙනෙන්නට තිබෙනවා. සිංහල හා මුස්ලිම් ජනතාව අතර ජාතිවාදී ගැටුම් ඇවිළවීමේ උත්සාහයක් ඇති බව හදුනාගත හැකියි. විශේෂයෙන් ජාතිවාදි හා ආගම්වාදී පදනම මත දේපළවලට පහරදීමේ සහ ගිනි තැබිමේ සිදුවිම් ගණනාවක් පසුගිය දින කිහිපයේ වාර්තා වුණා.
ජාතිවාදය කුමන ස්වරූපයකින් මතු වුවද කුමන පාර්ශ්වයකින් ඉදිරිපත් වුවද රටේ ජාතික සමගියට, සංහිඳියාව අතිශය හානිකරයි. විශේෂයෙන් අවුරුදු 30 කට වැඩි කාලයක් ජාතිවාදී යුද්ධයකින් බැට කෑ රටක් ලෙස, ඉතා අසීරුවෙන් ගොනැගෙමින් ඇති ජාතික සමගියට මෙවැනි සිදුවිම් බරපතළ බාධාවක් ඇති කරනවා.
කෙසේ නමුත් මෙවැනි තත්ත්වයක් වර්ධනය වෙද්දී ආණ්ඩුවේ පාර්ශ්වයෙන් එම තත්ත්වයෙන් නිසි බරින් හඳුනාගැනීමක් හෝ එවැනි තත්ත්වයන්ට එරෙහිව ක්‍රියාත්මකවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව මෙවැනි ජාතිවාදී ප්‍රවණතාවලට ඉඩ සලසන පරිසරයක් නඩත්තු කිරීමද මෙම තත්ත්වය තීව්‍ර කර තිබෙනවා. නිදසුනක් ලෙස විල්පත්තු ප්‍රදේශයේ වන විනාශයට හා ඉඩම් ගැටලුවට විසඳුම් ලබාදීමට හෝ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට හානි සිදුවිම සම්බන්ධයෙන් මැදිහත්වීමට හෝ මුස්ලිම් ජනතාවගේ කඩසාප්පුවලට පහරකීම් සොයාබැලීමට ආණ්ඩුව මතෛක් ප්‍රමාණවත් පියවර ගෙන නැහැ.
දෙතුන් පැත්තේම සිටින අන්තවාදීන් සුළු පිරිසකගේ පටු අවශ්‍යතා වෙනුවෙන් දිගහැරුණු මෙවැනි සිදුවිම්වලින් ලාංකේය දේහය ඇති කරම් බැටකා තිබෙනවා. ඔවුන් පටු වාසි ලබද්දී සමාජයක් ලෙස අපි ‍ලේ හා කදුළුවලින් බරපතළ වන්දි ගෙවා තිබෙනවා. පසුගිය කාලයේ අලුත්ගම වැනි ප්‍රදේශයකින් පුපුරා ගියේද මෙලෙස ක්‍රමිකව වර්ධනය වූ තත්ත්වයක් බව කිසිවෙකුටත් අමතක කළ නොහැකියි.
මේ තත්ත්වය තුළ පැන නගින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.
විල්පත්තු වන විනාශය සහ ඉඩම් ගැටලු සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරි තත්ත්වය විසඳීමට ගෙන ඇති පියවර කවරේද, නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට හානි සිදුව තිබේද? ඒවා ආරක්ෂා කිරිමට ගෙන ඇති පියවර කවරේද, ආසන්න කාලයේ ජාතිවාදි හා ආගම්වාදි පදනම මත ආගමික ස්ථාන, වෙළෙද සැල් ඇතුළු ස්ථාන කොපමණ සංඛ්‍යාවකට පහරදිම් සිදුවී තිබේදෟ ඒවා නතර කිරිමට ගන්නා පියවර කුමක්ද, වර්ධනය වෙමින් ඇති ජාතිවාදි හා ආගම්වාදී ප්‍රචාරණයන් හා ක්‍රියාකාරකම් නතර කිරීමට ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද

ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න

පළාත් පාලනය මැතිවරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සම්මත වූ කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම් මහින්ද අමරවීර මහතා පැවැසීය.
කර ගැනීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම් මහින්ද අමරවීර මහතා පැවැසීය.
පළත් පාලන මැතිවරණයට මුහුණදීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළට ජනතා ප්‍රසාදය ලැබි තිබෙන මෙම කාලය මැතිවරණය පැවැත්වීමට සුදුසුම කාලය බවත් ඇමැතිවරයා පෙන්වා දේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය විරෝධීව කටයුතු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවත් පක්ෂයේ නොමග ගිය පුද්ගලයන් නැවත පක්ෂයට සම්බන්ධ කර ගැනීම බලාපාරොත්තුව බවත් ඇමැතිවරයා පැවැසීය.

ශ්‍රියානි විජේසිංහ

ජාතිවාදී ආගම්වාදී ගැටම් ඇති නොවීම සම්බන්ධයෙන් තිරසාර විසඳුමක් ලබාදීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කොට පත්කරමු යැයි කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (24) ප්‍රකාශ කළේය.
නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන ඇමැති රාවුෆ් හකීම් මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා මේ බව කීවේය. ජාතිවාදී හා ආගම්වාදී ගැටලු සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් ලබාදීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඇමැතිවරයා ඉල්ලා සිටියේය.
රජය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති ගැටලුවේ බරපතළකම ගැන තේරුම් ගෙන කටයුතු කිරීම ගැන සතුටුයි. ඊළඟ පක්ෂ නායක රැස්වීමේදීම මේ ගැන කතා කරලා තේරීම් කාරක සභාව පත් කරන්න තීරණයක් ගනිමු.

ලසන්ත වීරකුලසූරිය - පැතුම් වික්‍රමරත්න

ජාතිවාදී සහ ආගම්වාදී ස්වරූපවලින් පෙනී සිටිමින් අන්‍යාගමිකයන්ට හිරිහැර කරන සහ ආගමික මධ්‍යස්ථානවලට හානි කරන සංවිධානාත්මක කල්ලිවලට එරෙහිව නීතිමය කටයුතු කිරීම සඳහා පූර්ණ බලතල හිමි විශේෂ ‍පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන ඇත.
මෙම විශේෂ ඒකකයක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය විසින් ස්ථාපිත කෙරෙනු ඇත.
‍පොලිස් දෙපාර්තමේන්තුවේ දක්ෂ හා කාර්යක්ෂම නිලධාරීන් කිහිප දෙනකු නව ඒකකයට ස්ථාපිත කෙරේ. ජාතිවාදී ස්වරූපයෙන් අන්‍යාගමික ස්ථානවලට පහරදීම වාර්තා වූ විගස ක්ෂණිකව ප්‍රදේශයේ ‍පොලිස් නිලධාරීන් යෙදවීම හා ඉන්පසු විමර්ශන සඳහා විශේෂඥ උපදෙස් දීමත් නව ඒකකයේ කාර්යභාරයන් අතර වේ.
ඊට අමතරව ජාතිවාදී ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙමින් අන්‍යාගමික වැඩසටහන්වලට පහර දෙන සංවිධානාත්මක ජාතිවාදී කණ්ඩායම් ගැන සකස් කෙරුණු බුද්ධි අංශ වාර්තාවක් ලබන සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට භාරදීමට නියමිතය.

ලසන්ත වීරකුලසූරිය

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මහබාගේ පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (23) රාගම, දෙල්පේ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම ‍කේරළ ගංජා තොගය යතුරු පැදියක් මගින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත් වී ඇති අතර, එම පුද්ගලයා, යතුරු පැදිය සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මහබාගේ පොලීසිය වෙත භාර දී ඇත. 

වෛද්‍යපීඨ දෙමාපිය එකමුතුව විසින් සංවිධානය කළ සයිටම් විරෝධී උද්ඝෝෂනයකට අද පස්වරුවේ කොළඹ කොටුව ලොටස් පාරේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල විය.

උද්ඝෝෂකයන් පොලීස් අණ නොතක පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඇති ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාම සැරසුණ අවස්ථාවේ උද්ඝෝෂකයන් හා පොලීසිය අතරේ උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. ඉන් පසු තමන් සතු  නීතිමය බලය යෙදීමට පෙර වහාම ඉවත් වන්නැයි උද්ඝෝෂකයන්ට දැනුම් දුන් පොලීසිය ඉන් පසු මෙම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කොට ඇත. 

මෙහිදී ලක්බිම ඡායාරූප ශිල්පී නිමල්සිරි එදිරිසිංහ මහතා ද අනතුරට ලක්ව කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදීසි අනතුරු අංශයට ඇතුළත් කර ඇත.

මෙම උද්ඝෝෂණය නිසා කොළඹ කොටුව, ගාළු මුවදොර ඇතුළු අගනුවර ප්‍රදේශ ගණනාවක දැඩි රථවාහන තද බදයක් දක්නට ලැබෙන අතර ගමනා ගමන අපහසුතා දුරලීම පිණිස විකල්ප මාර්ග භාවිතා කරන මෙන් රථ වාහන පොලීසිය ඉල්ලා සිටී.

ඩෙංගු වෛරස් කාණ්ඩය වෙනස් වීම සහ මේ දිනවල සක්‍රීය වෙම්න් පවතින නිරිත දිග මෝසම් වැසි තත්වය හේතුවෙන් ඩෙංගු පසුගිය වසරවලට සාපේක්ෂව ඩෙංගු වසංගත තත්වය ශීඝ්‍රයෙන් ඉහළ යාමේ පැහැදිලි හැකියාවක් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ වසරේ ගතවූ මාස 5ක කාලය තුළ පමණක්ඩෙං ගු රෝගීන් 50 000ක් පමණ වාර්තා වී ඇති අතර ඉදිරි තෙමස තුළ මෙම සංඛ්‍යාව බෙහෙවින් ඉහළ නැවිය හැකි බව එම අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.

පසුගිය දිනවල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂයෙන් බල ගන්වන ලද විශේෂ ඩෙංගු මර්දන කාර්ය සාධන බලකාය සතුව සුවිසල් වැඩ කොටසක් පැවරී ඇති බව ද දැනට පවත්නා නොවිධිමත් නාගරික කැළි කසල අපහරණය මුල් කොට ගත් ඩෙංගු වර්ධනයට ඉවහල් වන සෑම කරුණක්ම මෙම කාර්ය සාධන බලකායේ විශේෂ අවධානයට ලක් විය යුතු බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ නාගරික කැලි කසල අපහරණය සම්බන්ධයෙන් තවමත් බෙහෝ පලාත් පාලන ආයතන වගකීම් විරහිතව කටයුතු කරන බවකි.

වාර්තා ගත වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අනුව පසුගිය වසර කිහිපය තුළ ඩෙංගු මරණ සංඛ්‍යාව තරමක් පහළ බැස තිබුණද නැවත එම රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟම ඩෙංගු මරණ සංඛ්‍යාවද ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය ආරංචි මාර්ග පෙන්වා දෙයි.

දමයන්ති ගමගේ

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 806

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1487

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 768

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1979

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 644

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4488

Please publish modules in offcanvas position.