Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රජයේ සේවකයන්ට ‍පොදු වැටුප් ක්‍රමයක් සකස් කිරීම හා විදුලි මෝටර් රථ ගාස්තු ලක්ෂ 10 කින් අඩු කිරීමත් ඇතුළු අය වැය යෝජනා රැසක් ඇතුළත් අයවැය ‍ලේඛනය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
යහපාලන ජාතික රජයේ තුන් වන අයවැය ‍ලේඛනය මෙන්ම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මංගල අය වැය ‍ලේඛනය ඉදිරිපත් කරමින් මංගල සමරවීර මහතා මේ බව කීවේය. නිදහස් ශ්‍රී ලංකාවේ 72 වන අයවැය ‍ලේඛනයේ වැඩි දුරටත් මෙලෙස යෝජනා කර ඇත.
අයවැය හිඟය දළ දේශීිය නිෂ්පාදනයෙන් 4.5 ක් දක්වා අඩු කෙරෙන අතර 2040 වන විට ඉන්ධන නොවන වාහන ප්‍රචලිත කිරීමට ද යෝජනා කර තිබේ. රජයේ සියලුම වාහන 2025 වන විට දෙමුහුන් හෝ විදුලි වාහන බවට පත් කෙරේ. නිවාස නොමැති මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් පළමුවරට නිවසක් මිලදී ගන්නා අය සඳහා අඩු ‍පොලී මත ණය යෝජනා ක්‍රමයක්ද ආරම්භ කිරීමට ණය යෝජනා ක්‍රමයකට ආධාර ලබාදේ.
මහ‍පොළ ශිෂ්‍යාධාර ලබා දීමේ නිර්ණායකයක් වන වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 3 සිට ලක්ෂ 5 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.
විදුලි මෝටර් රථ ආනයන බදු රුපියල් ලක්ෂ 10 කින් අඩු කිරීමටත් අධි සුඛෝපභෝගී වාහන බද්ද රුපියල් ලක්ෂ 25 දක්වාත් වැඩි කිරීමට යෝජනා කර තිබේ. එන්ජින් ධාරිතාව 2500 ට වැඩි අධි සුඛෝපභෝගී වාහන බද්දක් හඳුන්වා දෙනු ඇත.
විදුලි තිරෝද රථ හා විදුලි බස් රථ භාවිත කිරීම දිරිමත් කිරීමට යෝජනා කර ඇති අතර ඩීසල් ත්‍රිරෝද රථ සඳහා වන ආනයන බද්ද රුපියල් 50000 දක්වා වැඩි කිරීමට ද යෝජනා කර තිබේ. විදුලි බස් රථ හා ත්‍රිරෝද රථ ආනයනයේදී සියයට අනූවක ණය මුදලක්  ලබා දේ. රජයේ සේවකයන් සඳහා සහනදායී වාහන යෝජනා ක්‍රමයක් ද ඉදිරිපත් කර තිබේ.
අවුරුදු පහට වැඩි වාහන සඳහා කබන් බද්දක් හඳුන්වා දෙන අතර මෝටර් රථ රුපියල් 1.74 හා යතුරු පැදි සඳහා ශත 17ක බද්දක්ද, මගීි බස් රථ සඳහා රුපියල් 2.78ක බද්දක් ද හඳුන්වා දීමට යෝජනා කර ඇත.
පාසල් විෂයට ජාන විද්‍යාව, ඩේටාකරණය, රොබෝ විද්‍යාව හා නැනෝ තාක්ෂණය ඇතුළත් කිරීමට ද යෝජනා කර තිබේ. විද්‍යා පීඨ ශිෂ්‍ය මාසික දීමනාව රුපියල් 3500 සිට 5000 දක්වා වැඩි කිරීමට ද යෝජනා කර තිබේ.
සීනි සහිත පැණි බිම සඳහා ශත 50ක බද්දක්ද අය කිරීමට යෝජනා කර ඇත. මත්පැන් සඳහා ජාතිය ගොඩ නැගීිමේ බද්දක් පනවනු ඇත. කලාකරුවන්ට හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබා දේ.
පුනරුත්ථාපනය වූ සටන්කාමීන් 05 දෙනකු බඳවා ගන්නා පෞද්ගලික අංශයේ ආයතනවලට මාසිකව වැටුප රුපියල් 10000ක උපරිමයකට යටත්ව එක් පුද්ගලයෙකුට සියයට 50 ක වැටුප් සහනාධාරයක් මාස 12 ක කාලයකට ලබාදීමට ද යෝජනා කර තිබේ.

ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න
 

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මංගල අයවැය ‍ලේඛනය පැය දෙකකුත් විනාඩි 45කට සීමා විය.
වේත්‍රධාරී අනිල් සමරසේකර මහතා සෙංකෝලය ඉදිරිපත් කිරීමෙන් පසු කථානායක කරු ජයසූරිය මහතාගේ මූලාසනයෙන් පාර්ලිමේන්තුව ඊයේ පස්වරු 3.00ට ආරම්භ කෙරුණි.
දිනට නියමිත ලිපි ‍ලේඛනාදිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුවරු 3.05ට මුදල් ඇමැතිවරයා සභාවට පැමිණියේ මන්ත්‍රීවරුන් සභා මේස මතට තට්ටු කරමින් දුන් අත්‍පොළසන් හඬ මධ්‍යයේය. සභාවේ ආණ්ඩු පක්ෂයේ මුල් පෙළේ පැවැති සිය ආසනයට පැමිණීමට ප්‍රථම මුදල් ඇමැතිවරයා විපක්ෂය දෙසට ඔහු රැගෙන ආ කළු පාට ෆයිල් කවරයා පෙන්වා සිටියේය.
නීල හරිත අයවැයක් ඉදිරිපත් කරන බව පවසමින් සිය මංගල අයවැය ‍ලේඛනය ඉදිරිපත් කිරීම ආරම්භ කෙරුවේ පස්වරු 3.05 ට පමණය. මුදල් ඇමැතිවරයා හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට ස්තූති කරද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඝෝෂා කරමින් ඊට විරෝධය පළ කළේය.
පැය දෙකකට අධික කාලයක් මංගල අයවැය කතාව පැවැත්වූ මුදල් ඇමැතිවරයා පස්වරු 5.50 ට සිය අයවැය කතාව අවසන් කළේය.

ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න

ගරු කථානායකතුමනි, ශ‍්‍රී ලංකාව ස්වකීය 70 වන ජාතික නිදහස සමරන 2018 අප සැමට ඉතා සුවිශේෂී වසරකි. එම ඓතිහාසික මොහොත අභිමුව සිට 2018 වසර සඳහා ජාතික අයවැය ඉදිරිපත් කිරීමට මා හට අවස්ථාව ලැබීම ගෞරවයක් වශයෙන් සලකනවා. මෙය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් මා විසින් ඉදිරිපත් කරන ප‍්‍රථම ජාතික අයවැයයි. එමෙන්ම, මෙය අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමන්ලාගේ මූලිකත්වයෙන් යුත් අපේ යහපාලන ජාතික ආණ්ඩුවේ සිව්වන වසර සඳහා වන අයවැයයි.
දීර්ඝ කාලයක් පුරා විදේශ බලවතුන්ට යටත්ව තිබූ අපේ පුංචි දිවයින 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස හිමිකර ගත්තා. ඒ අවස්ථාවේ දී ශ‍්‍රී ලාංකිකයන්ට පමණක් නොව මුලූ ලෝකයටම අපේ දිවයින පිළිබඳ විශාල බලාපොරොත්තුවක් මෙන්ම විශ්වාසයක් තිබුණා.

සිංගප්පූරුවේ හිටපු අග‍්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මහතාගේ මතක සටහන් තුළ ශ‍්‍රී ලංකාව ගැන සඳහන් කරන්නේ, නිදහස ලබන විට ශ‍්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර තිබූ ආදර්ශමත්ම රට හැටියටයි. එපමණක් නොව නිදහස ලැබූ අවස්ථාවේ එංගලන්තයේ ඇතැම් පුවත්පත් පවා ශ‍්‍රී ලංකාවේ ඇති මිනිස් සම්පත වගේම ස්වාභාවික සම්පත් නිසා ඉදිරියේදී පෙරදිග ලෝකයේ ස්විට්සර්ලන්තය බවට පත්වන බව අනාවැකි පළ කළා. එදා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අනුව ආසියාකරයේ අපේ රට දෙවැනි වූයේ ජපානයට පමණි. ඒ අනුව, අනෙකුත් ආසියාතික රටවල් සිටියේ අපට පසුපසිනි.
කෙසේ වෙතත්, නිදහස ලබා ගත් දින සිටම එක්ව රට ගොඩනගනවා වෙනුවට අප දේශපාලන මතවාද වශයෙන් බෙදී කුළල් කා ගත්තා. ජාති වශයෙන් බෙදී ගහමරා ගත්තා. ආගම් වශයෙන් බෙදී එකිනෙකාට වෛර කරන්න ගත්තා. ඊටත් වඩා පහත් තත්ත්වයට වැටෙමින් කුල වශයෙන් පවා භේදභින්න වූවා. මේ නිසාම අවුලෙන් අවුලට ගමන් කළ අපේ රටට පසුගිය වසර 70 තුළ දී බිහිසුණු තරුණ කැරලි දෙකකටත්, දශක තුනක් පුරා දිවුණු දරුණු යුද්ධයකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. 2009 මැයි මාසයේ දී යුද්ධය අවසන් කිරීමත් සමග පරණ වැරදි හදාගෙන, දෙමළ ජනතාවගේද හොඳ හිත දිනාගෙන, විවිධත්වය ගරු කරන, නව ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අලූත් ගමනක් යෑමට කදිම අවස්ථාවක් උදාවී තිබුණා. එහෙත්, එවකට සිටි පාලකයන් එම ඓතිහාසික අවස්ථාව ස්වකීය ගජමිතුරු චෞර ආර්ථිකය වඩාත් තහවුරු කර ගැනීම පිණිස උපයෝගී කර ගත්තා.


2015 ජනවාරි මස 08 වැනිදා,

සියලූ බාධක මැද අතිගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නා. භීෂණයෙන් වෙලාගත්තා වූත්,දූෂණයෙන් පිරී ඉතිරී ගියා වූත්, ගසා කෑම ආර්ථික දැක්ම කරගත්තා වූත් ඒ නිසාම ජාත්‍යන්තර වශයෙන් හුදකලා වූත්, මීතොටමුල්ල කුණු කන්දටත් වඩා විශාල ණය කන්දකට උරුමකම් කියනු ලබන රටක් බවට ඒ වන විට ශ‍්‍රී ලංකාව පත්ව තිබුණා.

අප රජයේ පෙර අයවැය කතා

නව රජයක් ලෙස අපට මුහුණ දීමට සිදු වූ අභියෝගය වුයේ, 2015 වසරට පෙර තිබූ තත්ත්වයන් හමුවේ අප ආර්ථිකය ඉතා කෙටිකාලීන වශයෙන් මුහුණ දුන් අවදානම් තත්ත්වයන් සමනය කිරීමය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හා සංහිදියාවේ කුළුණු මත අප විසින් ආර්ථිකයට ස්ථිරසාර පදනමක් දැමූ අතර, නවෝත්පාදන  තුළින් මෙහෙයවන සමාජ වෙළෙඳපළ ආර්ථිකයන් ගොඩනැගීමටත් ඒ තුළින් සාධාරණ හා සමානාත්මතා පිළිවෙත් මත ආර්ථික වර්ධනය වේගවත් කිරීමත් ආරම්භ කර තිබෙනවා. ගරු කථානායකතුමනි, මා මෙහි දී විශේෂයෙන්ම කැමැතියි මීට ප‍්‍රථම මුදල් අමාත්‍ය ධූරය දැරූ ගරු රවී කරුණානායක මැතිතුමා අගය කිරීමට. මක්නිසාද යත්, එතුමා විසින් ගනු ලැබූ කාලෝචිත සහ සෘජු ක‍්‍රියාමාර්ග නිසා එවකට ආගාධයකට පත්ව තිබූ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ තත්ත්වයන්ගෙන් රට මුදවා ගැනීමට සමත් වූවා. එමෙන්ම ඔහුගේ ක‍්‍රියාමාර්ගවලින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යහපත් දිශානතියකට  යොමු වුණා.
2015 වර්ෂයේ දැවැන්ත ආර්ථික අභියෝගය
අපට මුහුණ දීමට සිදු වූ ප‍්‍රධානතම ගැටලූව වූයේ ඉතා ශීඝ‍්‍රයෙන් සහ අඛණ්ඩව පහළ යමින් පැවති රාජ්‍ය ආදායම් තත්ත්වය සහ ඉතා අධික වූ රාජ්‍ය ණය බරතාවයයි. එමෙන්ම, වෙනස්වන කාලගුණ තත්ත්වය, විශේෂයෙන් පසුගිය වසරේ අග භාගයේ සිට පැවැති දරුණු නියඟ තත්ත්වය ද, වරින් වර ඇති වූ ගංවතුර සහ නායයෑම් වැනි අභියෝගවලට ද අපට මුහුණ දීමට සිදු වුණා. එවැනි අවාසිදායක කාලගුණික තත්ත්වයන්ගේ ආර්ථික බලපෑමේ ප‍්‍රමාණය 2017 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. ඊට අමතරව, ඉල්ලූම් අංශයේ පීඩනයන් උත්සන්න වීමත් සමග ගෙවුම් ශේෂයේ ගැටලූකාරී තත්ත්වයක්ද මතු වුණා.

රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ තීරණාත්මක හැරවුම

එවැනි අභියෝග රාශියක් හමුවේ වුවද, අප විසින් ක‍්‍රියාත්මක කළ විචක්ෂණශීලී ආර්ථික කළමනාකරණ ප‍්‍රතිපත්තීන්වල යම් සාධනීය ප‍්‍රතිඵල මේ වන විටත් අපට දැක ගැනීමට ලැබෙනවා. ඉතා කෙටිකාලයක් තුළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ අංශයේ තීරණාත්මක හැරවුමක් සනිටුහන් කිරීමට නව රජයක් ලෙස අපට හැකියාව ලැබුණා. රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීම පිණිස ප‍්‍රතිසංස්කරණ අප හඳුන්වා දුන් අතරම, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සමග ඵලදායී ලෙස සහයෝගයෙන් කටයුතු කිරීමත් සමග ශ‍්‍රී ලංකාව කෙරෙහි නැති වී තිබූ විශ්වාසය නැවත ඇති කර ගැනීමට අප සමත් වුණා. එවැනි ක‍්‍රියාමාර්ග නිසා, දශක ගණනාවක් පුරා පහළ යමින් පැවැති රාජ්‍ය ආදායම, 2014 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11.5 මට්ටමේ සිට 2016 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 14.2ක මට්ටමකට නංවාලීමටත්, ඒ හරහා රාජ්‍ය ආදායමේ සියයට 41 ක වර්ධනයක් අත් කර ගැනීමට ද හැකි වුණා. 2017 වසරේ දී රාජ්‍ය ආදායම, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 මට්ටම කරා ළඟා වනු ඇතැයි මා විශ්වාස කරනවා. එය 2016 වසර හා සැසදීමේ දී රාජ්‍ය ආදායමේ සියයට 13 ක පමණ වර්ධනයකි. තවද, අප මේ වන විට රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් ප‍්‍රතිසංස්කරණ රාශියක් ක‍්‍රියාත්මක කරමින් සිටිනවා. ඊට, දේශීය ආදායම්, රේගු ආදායම් සහ සුරා බදු ආදායම් ආදී ක්ෂේත‍්‍රයන් රාශියක් ඇතුළත් වෙනවා. එමගින්, රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 මට්ටමක් මධ්‍ය කාලීන වශයෙන් අත්කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. එලෙස රාජ්‍ය ආදායම ඉහළ නංවාලමින්, රාජ්‍ය වියදම මනා ලෙස ඉලක්ක ගතව සහ යථාවත් කිරීමත් සමග, සමස්ත අයවැය පරතරය 2020 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5ක මට්ටමකට අඩු වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
සමස්තයක් ලෙස ආර්ථික වර්ධනය 2017 වසරේ සියයට 4.5 ක් පමණ වෙතැයි අපේක්ෂා
කරන අතර, එය 2020 වන විට සියයට 6 ක් තරම් ඉහළ මට්ටමකට ක‍්‍රමානුකූලව වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. ඒ සමගම, විරැුකියා අනුපාතය සියයට 4 මට්ටමේ පවත්වා ගැනීමට අපේක්ෂා කරනවා. නිල විදේශ විනිමය සංචිත වර්ධනය කර ගැනීමට අප මේ වන විටත් පියවර ගෙන තිබෙනවා. එමෙන්ම, මෑත මාස කිහිපය තුළ දී දක්නට ලැබුණු සාපේක්ෂ වශයෙන් ඉහළ ගිය උද්ධමනය, සැපයුම් අංශයේ දක්නට ලැබුණු අහිතකර තත්ත්වයන්ගේ බලපෑම සමනය වීමත් සමග, පහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ අනුව, මූර්ත පොළී අනුපාතය සහ සඵල විනිමය අනුපාතය මැදි කාලීන වශයෙන් සමතුලිත තත්ත්වයක් කරා ළගා වනු ඇතැයි අපේක්ෂා කරනවා.

ආර්ථික වර්ධන හිතකාමී ප‍්‍රතිසංස්කරණ

සාර්ව ආර්ථික ස්ථාවරභාවය වඩා තිරසාර ලෙස ළගා කර ගැනීමට අඛණ්ඩ ප‍්‍රයත්නයන් දැරීම අවශ්‍යයි. අප රජයේ .ඪසිසදබ 2025’ ප‍්‍රකාශනය ප‍්‍රකාර ආර්ථික ප‍්‍රතිසංස්කරණ රැසක් නිෂ්පාදන සාධක වෙළෙඳපළ තුළ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෙනවා. එහි දී වෙළඳපොළ මූලධර්ම අනුව කටයුතු කරමින් නිෂ්පාදන සාධක මිලකරණයේ පවතින විෂමතා මගහරවා ගැනීමත්, දේපළ අයිතීන් තහවුරු කිරීමත් මගින්, කඩිනම් සහ තිරසාර ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා. මැදි කාලීනව සහ ඉන් ඔබ්බට කඩිනම් ආර්ථික වර්ධනයක් ළගා කර ගැනීමට නම් ප‍්‍රාග්ධන වෙළඳපොළ ප‍්‍රතිසංස්කරණ මගින් එම ක්ෂේත‍්‍රයේ පූර්ණ විභවතාවය මතු කර ගැනීම අත්‍යවශ්‍ය වේ. ඉඩම් හා දේපළ සම්බන්ධයෙන් මනා හිමිකාරිත්වයක් නොමැතිව කිසිම රටකට කඩිනම් ආර්ථික වර්ධනයක් අත්කර ගත නොහැකිය. සැමට සෞභාග්‍යය අත් කර ගත නොහැකිය.
මෙහි දී අප රට තුළ ඉඩම් හා දේපළ හිමිකාරිත්වය පිළිබඳව පවත්නා ගැටලූකාරී තත්ත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා විමර්ශනයක් මෙන්ම කඩිනම් ඇගයීමක් ද අවශ්‍ය වෙනවා. ආර්ථිකයේ ඵලදායී සම්පත්වලින් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීම සඳහා, කම්කරු නීති ද ඇතුළත් වන පරිදි, ශ‍්‍රම වෙළෙඳපළ පිළිබඳව අධ්‍යයනය කළ යුතු වෙනවා. රටේ ශ‍්‍රම ඉල්ලූමේ අවශ්‍යතාවයට ගැළපෙන ශ‍්‍රම සැපයුම පිළිබඳව පවත්නා ගැටලූ සමීප අධ්‍යනයකට නතු කළ යුතුයි.
2025 වන විට අප ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වීමට නම් ශ‍්‍රී ලංකාවට බාධාවලින් තොර ශීඝ‍්‍ර ආර්ථික වර්ධනයක් අවශ්‍ය වෙනවා. මෙහි දී ආර්ථික ලිහිල්කරණය සහ ගෝලීයකරණය යන දෙඅංශය වැදගත් වෙනවා. ශ‍්‍රී ලංකාවට සැබැවින්ම හිමි විය යුතු වෙළෙඳ හා වාණිජ කේන්ද්‍රස්ථානීය තත්ත්වය අත් කර ගැනීමට නම් රටෙන් වියැකී ගිය තරගකාරී විභවතා යළි ප‍්‍රබෝධමත් කළ යුතුය. දැඩි ආරක්ෂණවාදී මෙන්ම අභ්‍යන්තරයට නැඹුරු වූ ආර්ථික පිළිවෙත්වලින් ශ‍්‍රී ලංකාව ඉවත් විය යුතුය. වඩා ඉලක්කගතව සහ හදුනාගත් කාල රාමුවක් තුළ ජාත්‍යන්තර වෙළෙදාමේ සිදු කළ යුතු ප‍්‍රතිසංස්කරණ මත පදනම් වෙමින් ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙදාම පූර්ණ වෙනසකට ලක් කළ යුතුය. එමෙන්ම, රටේ වර්ධනය දිරිමත් වන ආකාරයට මෙම ප‍්‍රතිසංස්කරණ සිදු කළ යුතුය. ජාත්‍යන්තර වශයෙන් හුවමාරු කළ නොහැකි භාණ්ඩ නිෂ්පාදන මත අධික ලෙස රදා පැවැතීම නිසා ඉදිරි දශකයේ දී ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ප‍්‍රවණතා අභියෝගයට ලක් විය හැකිය.
2015 සැප්තැම්බරයේ පැවැති එක්සත් ජාතීන්ගේ 70 වැනි මහා මණ්ඩල රැුස්වීමේදී, 2015 න් පසුව ක‍්‍රියාත්මක තිරසාර සංවර්ධන න්‍යාය පත‍්‍රයට සහ තිරසාර සංවර්ධන ඉලක්කයන් අත් කර ගැනීමට ශ‍්‍රී ලංකාව පූර්ණ වශයෙන් කැපවී සිටින බවට අතිගරු ජනාධිපතිතුමා සහතික වුණා. මවිසින් අද දින ඉදිරිපත් කරන අයවැය මෙම තිරසාර සංවර්ධන මූලධර්ම මත පදනම් වී ඇති බව සඳහන් කළ යුතුය.

නීල හරිත අයවැය :
එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා

‘නීල හරිත අයවැය එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’ යන්න 2018 වසර සඳහා මාගේ අයවැයේ තේමාවයි. සමුද්‍ර ආශ‍්‍රිත සියලූම ක‍්‍රියාකාරකම්හි පූර්ණ ආර්ථික විභවතාවන්  එකතුකර සමස්ත වර්ධන ක‍්‍රමෝපායන් මත නීල ආර්ථිකයක් ගොඩනගනවා. පරිසරාත්මක වශයෙන් තිරසාර ක‍්‍රමෝපායන් මත පදනම් වන ‘හරිත’ ක‍්‍රියාකාරකම් ද සමස්ත වර්ධන ක‍්‍රමෝපායට ඇතුළත් වෙනවා. අපගේ අතීත මුතුන් මිත්තන් සතුව තිබූ ව්‍යවසායික හැකියාවන් ‘එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’ වැඩසටහන යටතේ යළි ප‍්‍රබෝධමත් කරනවා. එමගින් ශ‍්‍රී ලංකාව ඉතා ආකර්ෂණීය වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කරනු ලබනවා. සෞභාග්‍යමත් රටක පාර්ශ්වකරුවන් බවට සියලූ ශ‍්‍රී ලාංකිකයන් පත් කරනු ලබනවා.
මධ්‍යකාලීන වශයෙන් ඉලක්කගතව ඒකපුද්ගල ආදායම ඩොලර් 5,000 ක්ද, රැුකියා දස ලක්ෂයක් ද, සෘජු විදේශ ආයෝජන
ඩොලර්  බිලියන 5 ක් ද, අපනයනය දෙගුණ කර ඩොලර් බිලියන 20 ක් අත් කර ගැනීමට ද 2018 අයවැයෙන් පිටුබලයක් සපයනු ලබනවා. 2018 වර්ෂයේ දී ආර්ථික වර්ධනය සියයට 5ක් දක්වා ඉහළ නැංවීමට ද, උද්ධමනය සියයට 6 ක මට්ටමකට පවත්වා ගැනීමට ද අපේක්ෂා කරනවා. දශක හයක පමණ කාලයකට පසුව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 ක තරම් ප‍්‍රමාණයක ප‍්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ප‍්‍රථම වතාවට අත්කර ගැනීමට අපේක්ෂා කරනවා. 2018 සමස්ත අයවැය හිගය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5 ක මට්ටමක පවත්වා ගැනීමටද අපේක්ෂා කරනවා.

ලිහිල්කරණය වේගවත් කිරීම

1977 වසරේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති අප විසින් හදුන්වා දුන් අතර පසුගිය දශකයේ දී එහි ගාමක බලය හීන වී ගොස් විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති ආපසු හැරවීමේ දිශාවකට යොමු වුණා. අපගේ බොහෝ නීති ඉතා පැරණි හා පසුගාමී ඒවායි. රේගු ආඥා පනත ප‍්‍රථමයෙන්ම හදුන්වා දී ඇත්තේ 1869 වසරේදීය. සුරාබදු ආඥා පනත 1912 දී ද, අධ්‍යාපන ආඥා පනත 1939 දී ද හදුන්වා දී තිබෙනවා. මෙම පාර්ලිමේන්තුව මෑතදී නව දේශීය ආදායම් පනත සම්මත කරනු ලැබූවා. එසේ වුවත්, තවත් බොහෝ ප‍්‍රතිසංස්කරණ කළ යුතුව ඇත.

නීල - හරිත ආර්ථිකය

පසුගිය කාලය පුරාවට අපගේ වාහන ප‍්‍රතිපත්තියේ පවිත‍්‍ර බවක් හෝ හරිත බවක් තිබුණේ නැහැ. රටේ තිබෙන සියලූම වාහන 2040 වන විට ඛනිජ තෙල් නොවන වෙනත් බලශක්ති මගින් ධාවනය වන වාහන බවට පත් කිරීමට අප යෝජනා කරනවා. මේ අරමුණු ඉටු කර ගැනීම පිණිස රජයේ සියලූම වාහන 2025 වන විට දෙමුහුන් හෝ විදුලියෙන් ධාවනය වන වාහන බවට පරිවර්තනය කරනු ලබනවා.
මේ සන්දර්භය ප‍්‍රකාරව, ප‍්‍රමාණවත් දිරි ගැන්වීම් ව්‍යුහයක් හදුන්වා දෙනු ලබනවා. විදුලි ත‍්‍රීරෝද රථ සහ බස් රථ ඇතුළුව, විදුලි බලයෙන් ක‍්‍රියාත්මක වාහන ආනයනය සඳහා ආනයනික බදු අඩු කරනු ලබන අතර, ඛනිජමය ඉන්ධන මගින් ධාවනය වන වාහනවල ආනයන බදු යථාවත් කරනු ලබනවා. එන්ජින් ධාරිතාවය මත පදනම් වූ ආනයනික බදු සූත‍්‍රයක් හදුන්වා දෙනවා. මෙමගින් ආනයන ආදායමේ සිදුවන කාන්දුවීම් ද අවම කරනවා.
* විදුලියෙන් ධාවනය වන කාර් සඳහා වන ආනයන බදු අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 කින් අඩුවන අතර ඛනිජමය ඉන්ධන මගින් ධාවනය වන අති සුඛෝපභෝගී කාර් සඳහා වන බදු දළ වශයෙන් රුපියල් ලක්ෂ 25 කින් වැඩි වනු ඇත.
* එන්ජින් ධාරිතාව 2,500 කට වැඩි අධි සුඛෝපභෝගී වාහන සඳහා අප විසින් විශේෂ බද්දක් පනවනවා.
* ඒ සමගම, පරිසර හිතකාමී විදුලි ත‍්‍රීරෝද රථ භාවිතය දිරිමත් කිරීම පිණිස ඞීසල් මගින් ධාවනය වන ත‍්‍රීරෝද රථ සඳහා වන ආනයන බදු රුපියල් 50,000 කින් පමණ ඉහළ දමනවා.
විදුලි බස් රථ සහ ත‍්‍රීරෝද රථ ආනයනය සඳහා වටිනාකමට ණය අනුපාතය 90/10 ලෙස සංශෝධනය කරනවා. දේශීය වශයෙන් එකලස් කරන විදුලි කාර් රථ සහ විදුලි බස් රථ සඳහා ද මෙම පහසුකම ලබා දෙනවා.
* වාහන ආනයනයේ දී, නැව්ගත කිරීමට අවශ්‍ය වන්නා වූ පෙර සහතිකවල කොන්දේසි සංශෝධනය කරන අතරම, විමෝචන සහ ආරක්ෂණ ප‍්‍රමිතීන් හදුන්වා දෙනවා.
ශ‍්‍රී ලංගම බස්රථ ඇනියට විදුලි බස් රථ 50 ක් හදුන්වා දීමෙන් පොදු ප‍්‍රවාහන පද්ධතිය, විදුලි බලයෙන් ක‍්‍රියාත්මක වන තත්ත්වයට පරිවර්තනය කිරීමේ ප‍්‍රමුඛයා බවට පත් කරනවා. පෞද්ගලික බස් හිමියන්ට ද විදුලි බස් රථ යෙදවීම වෙනුවෙන් සානුබල සපයනු ලබනවා.
ජාතික විදුලි පද්ධතියෙන් බැහැරව සූර්ය බලයෙන් ක‍්‍රියාත්මක විදුලි ආරෝපන මධ්‍යස්ථාන පිහිටුවීම දිරිමත් කිරීමට සානුබල සපයනවා. මෙම සානුබලයන් කෘෂිකර්මාන්තයට මෙන්ම බිදිති ජල සම්පාදනය, කුකුඵ පාලනය, ටින් කිරීම  වැවිලි ඇතුලූ කෘෂි සැකසුම් කර්මාන්තවලට ද හෝටල් කර්මාන්තයට ද ලබා දෙනවා.
කාබන් බද්දක් හදුන්වා දීමටත් මා යෝජනා කරනවා. මෝටර් බයිසිකල්, කාර් සහ මගී බස් රථ සඳහා අනු පිළිවෙලින් දිනකට ශත 17 ක්, රුපියල් 1.78 ක් සහ රුපියල් 2.74 ක් වශයෙන් මෙම අනුපාතයන් අදාළ වනවා. මෙම අරමුදල් පරිසරය ආරක්ෂා කිරීම සඳහා යොදවනවා.
පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදන අධෛර්යමත් කිරීම සඳහා ප්ලාස්ටික් අමුද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් එකකට රුපියල් 10 ක නිෂ්පාදන බද්දක් පනවනවා. කෙසෙල් පට්ටා, තාල වර්ගයේ පත‍්‍ර, කොහු, උණ බම්බු වැනි දිරාපත්වන අමු ද්‍රව්‍ය භාවිතා කරමින් මලූ සහ ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා වන පරිසර හිතකාමී විකල්පවලට පරිවර්තනය කිරීම පිණිස පෞද්ගලික අංශය දිරිමත් කරනවා.
දිරාපත්වන ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කරනු ලබන සියලූම යන්ත‍්‍ර සූත‍්‍ර උපකරණ, අමුද්‍රව්‍ය සහ අතරමැදි භාණ්ඩ සඳහා වන තීරු බදු ඉවත් කරනවා.
නාගරික ගංවතුර පාලනයද ඉලක්ක කරමින් දැනට ක‍්‍රියාත්මක කාලගුණික තත්ත්වයට ඔරොත්තු දීමේ වැඩසටහන පුළුල් කිරීමේ අවශ්‍යතාවය කැලණි ගංගා ද්‍රෝණියෙන් පෙන්නුම් කරනවා. කෙටිකාලීන පියවරක් වශයෙන් ගංවතුර පාලනය කිරීම පිණිස ආරක්ෂණ බැම්මක් ඒ වෙනුවෙන් ඉදිකරනු ලබනවා. ඒ සඳහා වන දීර්ඝකාලීන පියවරක් වශයෙන් වී ඔය, නාවත, හොලොම්බුව සහ රූකාසල් වැනි ඉහළ ගංගාධාර ප‍්‍රදේශවල ජලය රඳවාගැනීමේ ධාරිතාව වැඩි කිරීම පිණිස නව බහුකාර්ය ජලාශ ඉදිකරනු ලබනවා. කළු ගඟ, නිල්වලා ගඟ සහ ගිං ගඟ වැනි ගංගාවලද මෙවැනි වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කරනවා.
දිස්ත‍්‍රික් 8 ක් ආවරණය වන පරිදි භූගත ජල මැනුම් 2018 වසරේ දී ද ක‍්‍රියාත්මක කරනවා. ජල සම්පතෙහි පිරිසිදුභාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය වනවා.
අපගේ සමහර ජල මාර්ගවල ජල දුෂණ මට්ටම පෙර නොවූ විරූ මට්ටමකට ළගා වී තිබෙනවා. එය පිටු දැකීමට .පවිත‍්‍ර ගංගා ව්‍යාපෘතිය. ක‍්‍රියාත්මක කරනවා.
ජංගම දුරකථන කුලූනු සංඛ්‍යාව ඉහළයාමෙන් පාරිසරික මෙන්ම සෞඛ්‍ය උවදුරු ද ඇති කරනවා. එබැවින් මෙවැනි කුලූනු ව්‍යාප්තිය අධෛර්යමත් කිරීම පිණිස එක් කුලූනකට එක් මාසයක් සඳහා රුපියල් ලක්ෂ 2 ක ගාස්තුවක් පනවනු ලබනවා.

නීල ආර්ථිකය

සියලූම පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය සහිතව ඒකාබද්ධ වෙරළ කළාප කළමනාකරණ යාන්ත‍්‍රණයක් සකස් කරනවා.
සංචාරක සහ ධීවර ක්ෂේත‍්‍රයන්ට තව දුරටත් අයෝජන අවස්ථා ඇති කිරීමට ඉඩ සලසමින් ගල්කිස්සේ සිට රත්මලාන දක්වා වෙරළ ප‍්‍රතිශ්ඨාපනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා කරනවා.

වෙරළ ආරක්ෂණ බැම්මක් ඉදිකිරීම, වෙරළ පිරිසිදු කිරීම සහ කඩොලාන නැවත වගා කිරීම ද ඇතුලත්ව මීගමුවේ සිට මාරවිල දක්වා වෙරළ තීරය ආරක්ෂා කිරීම පිණිස ආයෝජන ව්‍යාපෘතියක් අරඹනවා.
අප රටේ කලපු හා මෝයවල් 116 ක් තිබෙනවා. දේශගුණික බලපෑම් අවම කිරීමටත්, ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමටත්, සංරක්ෂණයට සහාය දැක්වීමටත්, කලපුවලටම ආවේනික වූ පාරිසරික පද්ධතීන් ආරක්ෂා කළ යුතු වනවා. එබැවින්, 2018 දී මීගමුව, රැුකව, පුත්තලම, යාපනය, මඩකලපුව, නන්දිකඩාල්, නයාරු, හලාවත, මුන්දලම, ආන්දිකුලම යන කලපු 10 ස`දහා රජය විසින් අයෝජනය කරනවා. කලපු පිරිසිදු කිරීම, ධීවරයින්ගේ ජීවනෝපායට සහාය වීම සහ පර්යේෂණ සහ, සංවර්ධනයන් යන කාර්යයන් සඳහා මෙම ආයෝජන යොදවනවා.

තිරසාර කෘෂි හා ධීවර ව්‍යවසායන් දිරිගැන්වීම

වැසි ජලය ක‍්‍රමවත් ආකාරයට රැුස් කිරීම පිණිස කුඩා සහ මධ්‍ය පරිමාණ වැව්වල රොන්මඩ ඉවත් කිරීම සිදු කරනවා. මෙම ව්‍යාපෘති, ප‍්‍රධාන වශයෙන් වයඹ, උතුර සහ උතුරු මැද පළාත් තුළ ආරම්භ කරනවා.
පොළොන්නරුව, කිලිනොච්චිය හා රත්නපුර දිස්ත‍්‍රික්කයන්හි කෘෂි නිෂ්පාදනයන් රැස් කිරීම සඳහා ඉදිකරනු ලබන ගබඩා 3 හි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමටද, ගුදම් කුවිතාන්සි පදනම මත දැනට ක‍්‍රියාත්මක වන ගබඩාවල ගුණාත්මකභාවය ඉහළ දැමීම සඳහාද, දැනට වෙන් කර ඇති අයවැය ප‍්‍රතිපාදන තව දුරටත් වැඩි කරනවා. ගොවියාගේ ආදායම ස්ථායීකරණය  තහවුරු කරන බැවින් ගුදම් කුවිතාන්සි ක‍්‍රමය මත පදනම්ව ගබඩා පවත්වාගෙන යාම ගොවියාට වාසි දායක වනවා.
කාලගුණ දර්ශක පදනම් වූ රක්ෂණ යෝජනා ක‍්‍රමයක් සැලසුම් කරනු ලබනවා. මෙම රක්ෂණය මගින් වී, සහ බඩ ඉරිගු, සෝයා, ලොකු ඵෑණු, අල සහ මිරිස් යන භෝග වර්ග 5 ක් ද ඇතුලත් වන පරිදි භෝග වර්ග 6 ක් ස`දහා අක්කරයකට රුපියල් 40,000 ක උපරිම ආවරණයක් ලබා දීමට කටයුතු කරනවා. ගොවියා සහ රජය යන දෙපාර්ශවයම දායක වන ආකාරයෙන් මෙම දායකත්ව රක්ෂණ ක‍්‍රමය සැකසෙනවා. 2018 දී රජය විසින් රුපියල් මිලියන 3,000 ක් මේ ස`දහා ආයෝජනය කරනු ලබනවා.
එමෙන්ම, නවීන තාක්ෂණ හදුන්වා දෙමින්ද කාර්ය මණ්ඩලයේ ධාරිතාවය ඉහළ නංවමින් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උසස් මට්ටමට පත් කරනවා. දෙපාර්තමේන්තුව විසින් එකතු කරනු ලබන මූලික දත්ත 2018 ජනවාරි පළමුවැනිදා සිට මහජනතාවට නොමිලයේ ලබා දීමට කටයුතු කරනවා.
ඵලදායීතාවය නැංවීමේ දී පාංශු හායනය  ප‍්‍රධාන ගැටලූවක් වී තිබෙනවා. එබැවින්, ඛාදනය වූ පස නැවත යථා තත්ත්වයට පත් කිරීම සහ පස සාරවත් කිරීමට උදව් වන පොහොර වර්ගයන් වැඩි දියුණු කිරීමට සහ පාංශු කළමනාකරණ භාවිතයන් වැනි ක්ෂේත‍්‍රයන්ට මැදිහත්වීමට ශ‍්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයට කාර්මික තාක්ෂණ ආයතනයට සහ ජාතික විද්‍යා පදනමට  තවදුරටත් අවශ්‍ය සහාය ලබා දෙනවා.
ඉහළ තාක්ෂණික කෘෂි භාවිතයන් නංවාලන හරිතාගාර තාක්ෂණය ද ඇතුලත් වන පරිදි තෝරාගත් උපකරණ ආනයනයට ගැනෙන ජාතිය ගොඩනැගීමේ බදු ඉවත් කරනවා.
කෘෂිකර්මාන්තයට අදාල පසු සබදතා කටයුතු වෙනුවෙන්  සියයට 14 ක සහනදායී ආදායම් බදු අනුපාතයක් හ`දුන්වා දෙනවා.
ධීවර කර්මාන්තය සඳහා වන යෝජනා
බහුදින යාත‍්‍රාවල පසු අස්වනු හානි අවම කිරීම පිණිස යොදා ගනු ලබන ශීතාගාර ගබඩා තාක්ෂණය ආදිය වෙනුවෙන් කරනු ලබන වියදමින් සියයට 50 ක් රජය විසින් දරනවා.
ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම දිරිමත් කිරීම පිණිස අඩි 55 ට වඩා දිග බහු දින යාත‍්‍රාවලට ගැනෙන පිරිවැයෙන් සියයට 50 ක් රජය විසින් දරනවා.
හලාවත, මිරිස්ස, කරෙයිනගර් සහ පුරාණවැල්ල ධීවර වරායන් වැඩි දියුණු කිරීමට ආයෝජනය කරන අතරම, ධීවර වරායන්ගේ නැංගුරම්පලවල් සහ ගොඩබසින ස්ථාන දියුණු කරනවා.
වෙල්ලමන්කර නව ධීවර වරායක් ගොඩනගන අතර ගන්දර ධීවර වරායද සංවර්ධනය කරනවා.
2017 දී ආරම්භ කරන ලද වෙරළ ප‍්‍රදේශවල ධීවර ගම්මාන වැඩිදියුණු කිරීම අඛණ්ඩව සිදු කරන අතර, .වැවක් සහිත ගමක්. වැඩ සටහන තවදුරටත් ක‍්‍රියාත්මක කරනවා.
මිල්ක් ෆිෂ් සහ විසිතුරු මසුන් අභිජනන  මධ්‍යස්ථානයක් බංගදෙනියේ ස්ථාපිත කරනවා.
කිලෝ ග‍්‍රෑමයකට ඇමෙරිකන් ඩොලර් 1,000 ක් පමණ ඉපයීමට හැකි, සකසන ලද මුහුදු කූඩැල්ලන් සඳහා අපනයන වෙළඳපළේ විශාල ඉල්ලූමක් පවතිනවා. එබැවින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සහ සැකසීම සඳහා කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ පූනකරීහි විශේෂිත නිෂ්පාදන කලාපයක් ස්ථාපිත කරනු ලබනවා. ඒ සඳහා පෞද්ගලික අංශයට අවශ්‍ය වන ඉඩම් ලබා දෙනවා.
මඩකළපුව දිස්ත‍්‍රික්කයේ ආදර්ශ ජලජීවී කර්මාන්ත උද්‍යානයේ යටිතල පහසුකම් සම්පූර්ණ කරනු ලබනවා. මන්නාරම සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කයන්හි ද මේ හා සමාන උද්‍යාන ස්ථාපිත කරනවා.

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා

අපේ අරමුණ වන්නේ ශ‍්‍රී ලාංකිකයින් සතුව ඓතිහාසිකව පැවැති සහජ ව්‍යාපාරික නිපුණතාවයන් ප‍්‍රයෝජනයට ගෙන ව්‍යවසයකත්ව පාරාදීසයක්. නැවත ගොඩනැගීමයි. ශ‍්‍රී ලංකාවේ මෙම ඉදිරි ගමන සාර්ථක වන්නට නම් පෞද්ගලික අංශයේ සහයෝගය ප‍්‍රමාණවත් නොවේ. සියලූම ශ‍්‍රී ලාංකිකයින් එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ප‍්‍රවේශයේ පාර්ශ්වකරුවන් වීම අත්‍යවශ්‍ය වෙනවා.
දැනටමත් ව්‍යාපාර කටයුතුවල නිරත විශාල පෞද්ගලික ව්‍යාපාරවලට පමණක්ම නොව, අපගේ ආර්ථික ව්‍යුහයේ වර්ධන යාන්ත‍්‍රණය වන සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ටත්, ස්වයං රැුකියාවල නියුතු වූවන්ටත්, ත‍්‍රිරෝද රථ ධාවකයින්ටත්, සිල්ලර වෙළෙ`දාමේ යෙදන කඩහිමියන්, සු`ඵ ව්‍යාපාර පවත්වාගෙන යන කාන්තාවන්ටත්, තොරතුරු තාක්ෂණය පදනම් කරගත් තරුණයන්ගේ ව්‍යාපාරවලටත් අවශ්‍ය පහසුකම් එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහනින් සපයනවා.

ඉදිරි පරපුරේ දේශීය ව්‍යවසායකයින්

අප ආර්ථිකයේ කොදු නාරටිය විය යුත්තේ සුුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශයයි. කෙසේ වෙතත්, ප‍්‍රාග්ධන හිඟකම හෝ ප‍්‍රාග්ධනය ලබා ගැනීමට ඇති දුෂ්කරතා එනම්, අධිකතර ප‍්‍රාග්ධන පිරිවැය ද, ඇප ලබා දීමේ ගැටලූව ද හේතුකොටගෙන මෙම අලූතින් බිහිවන ව්‍යාපාර මෙන්ම කුඩා හා මධ්‍යම මට්ටමේ ව්‍යාපාර දියුණු වන්නේ නැහැ. අපගේ අරමුණ වන්නේ, කිසිම ව්‍යාපාරිකයෙකුට ඇප තැබීමට නොහැකි වීම හේතුවෙන් ණය පහසුකම් සැලසීම ප‍්‍රතික්ෂේප වීමට ඉඩ නොතැබීමයි. ව්‍යාපෘති යෝජනාවන්හි ශක්‍යතාව සැලකිල්ලට ගෙන ඔවුන්ට අවශ්‍ය දිගුකාලීන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ඉඩකඩ වැඩි කිරීමයි. මේ සඳහා ආනයන අපනයන අංශයක් ද සහිත සංවර්ධන බැංකුවක් ස්ථාපිත කරනවා. එයින් පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්හට දැඩි අවශ්‍යතාවයක්ව පවතින දිගුකාලීන ණය පහසුකම් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙම බැංකුව ස්ථාපිත කරන තුරු දැනට පවතින ණය යෝජනා ක‍්‍රම ඉලක්කගතව ක‍්‍රියාත්මක කරනු ඇත.

සුළු හා මධ්‍ය පරිමාණ සහ ක්ෂුද්‍ර මට්ටමේ ව්‍යවසායකයින්ට උපකාර කිරීම සදහා ඉතා අඩු පොලී ණය යෝජනා ක‍්‍රම 8 ක් 2017 වර්ෂයේ දී හදුන්වා දී ඇත. රු. මිලියන 15,000 ක් පමණ යොදවමින් මෙම ණය යෝජනා ක‍්‍රම ශක්තිමත්ව තව දුරටත් පවත්වාගෙන යනු ලබනවා. මෙම ණය යෝජනා ක‍්‍රම සහ රජයේ සහය ලබා ක‍්‍රියාත්මක වන වෙනත් ණය යෝජනා ක‍්‍රම සියල්ල එකතුකොට එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ණය යෝජනා ක‍්‍රමය සකස් කරනු ලබනවා. මෙම යෝජනා ක‍්‍රම සදහා වන පොලී සහනාධාරය රජය විසින් දරනු ඇත.
මෙම පසුබිම යටතේ, ජාතික දිළිදුකම සහ විරැුකියාව තුරන් කිරීමේ වැඩසටහනේ අංශයක් වන අතිගරු ජනාධිපතිතුමාගේ ග‍්‍රාමශක්ති වැඩපිළිවෙළට අනුකූලව දැනටමත් කුඩා ව්‍යාපාරවල නියැළි පුද්ගලයන්ට, ගොවීන්ට, ධීවරයින්ට, තරුණ තරුණියන්ට හා කාන්තාවන්ට, තනි තනිව හෝ ප‍්‍රජා කණ්ඩායම් ලෙස හෝ ක‍්‍රියාත්මක වැඩසටහන් සදහා සහන සලසනවා. ඔවුන්ගේ ව්‍යාපාරික කුසලතා දියුණු කර ගැනීම සදහා රජය විසින් දෙනු ලබන ආධාර තව දුරටත් ව්‍යාප්ත කරනවා. මේ සමගම ප‍්‍රාදේශීයව පවතින ගැටලූ නිරාකරණය සදහා අතිගරු ජනාධිපතිතුමා විසින් හ`දුන්වා දී ඇති සංවර්ධන වැඩසටහන් තව දුරටත් ශක්තිමත් කරනු ලබනවා.
2018-2020 කාලය තුළ, අප විසින් කෘෂි හා ධීවර සමාගම් 50 ක්, කාන්තාවන්ට වැඩි අයිතියක් හිමි සමාගම් 25 ක් සහ තරුණ කේන්ද්‍රගත නව ව්‍යාපාර 150 ක් ආරම්භ කිරීමට සහය වනවා. මෙම සමාගම්, අවම වශයෙන් කොටස්කරුවන් 10 දෙනකුගෙන් වත්
සමන්විත විය යුතු අතර සෑම කොටස්කරුවෙක්ම රුපියල් 10,000 ක අවම ප‍්‍රාග්ධනයක් ආයෝජනය කළ යුතු වෙනවා. එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ණය යෝජනා ක‍්‍රමය. මගින් මෙම සමාගම්වලට ප‍්‍රදාන සහ ණය ලබා දෙනවා. එසේම, මූල්‍ය නොවන පහසුකම් ද ඇතුළත් පරිපූර්ණ වැඩසටහනක් මේ වෙනුවෙන් ක‍්‍රියාත්මක කරනවා.
එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ණය යෝජනා ක‍්‍රමය. මගින් කාන්තා ව්‍යවසායකයින් දිරිමත් කිරීම සදහා අන් අයට වඩා අවම වශයෙන් සියයට 10 කට වැඩි පොලී සහනයක් යටතේ ණය පහසුකම් සැලසීමට කටයුතු කරනු ලබනවා.
වෙනස් වූ හැකියාවන් සහිත  අයට, අන් අයට වඩා වැඩිපුර සියයට 15 ක පොලී සහනාධාරයක් සමග ඔවුන්ගේ ව්‍යවසාය කුසලතා වැඩි දියුණු කර ගැනීම සදහා .එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ණය යෝජනා ක‍්‍රමයට පිවිසීමට අවස්ථාව ලබා දෙනවා.
අප විසින් කුඩා හා මධ්‍යම ව්‍යවසායකයින්ගේ ණය ලබා ගැනීමට ඇති හැකියාව තහවුරු කිරීම පිණිස ඇපකර ලබා ගැනීමට හැකිවන පරිදි කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායක ඇපකර අරමුදලක් පිහිටුවනු ලබනවා.
නව ව්‍යාපාර අදහසක් සදහා එක් පුද්ගලයෙකුට වර්ෂයකට රුපියල් මිලියන 1.5 බැගින් වූ භාණ්ඩාගාර ඇපකරයක් සහිත ණය පහසුකම් සලසා දෙමින් ඇරඹුම ණය යෝජනා ක‍්‍රමය තවදුරටත් ක‍්‍රියාත්මක කරනු ලබනවා.
තොරතුරු තාක්ෂණය හා තොරතුරු තාක්ෂණයට සම්බන්ධ අංශවලට ඉදිරි වර්ෂ 5 තුළ ඇමෙරිකන් ඩොලර් බිලියන 5 ක අපනයන ආදායමක් උපයා ගත හැක. මේ අනුව, මෙම කර්මාන්තයට විශේෂයෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණයේ තොරතුරු තාක්ෂණ සමාගම්වලට උපකාර කිරීම පිණිස තොරතුරු තාක්ෂණ ඇරඹුම ක‍්‍රියාත්මක කරනු ඇත. මේ සදහා අරමුදලක් ස්ථාපනය කරනවා. මෙහි මූලාරම්භය අපනයන සංවර්ධන මණ්ඩලය තුළින් ක‍්‍රියාත්මක කරන අතර ඉදිරි වර්ෂ 5 තුළ රුපියල් බිලියන 3 ක් අයෝජනය කරමින් පහත සදහන් ක්ෂේත‍්‍රවලට සහය වනවා.
* දේශීය නව ව්‍යාපාර සහ විදේශ නව ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමට
* සුඵ හා මධ්‍යම පරිමාණයේ තොරතුරු තාක්ෂණ සමාගම් වෙත
* දැනුම හා කුසලතා නංවාලීමට සහය වෙමින් ද, නව ව්‍යාපාර ප‍්‍රවර්ධන ද ඇතුළත් වන පරිදි ව්‍යාපාර සංවර්ධනය සදහා යෝග්‍ය පරිසරයක් සැකසීම තුළින් ආරම්භක අවස්ථාවේ පවත්නා තොරතුරු තාක්ෂණ කර්මාන්ත රැුක ගැනීමේ ඒකක දේශීය විශ්වවිද්‍යාලවල ආධාරයෙන් ආරම්භ කිරීම.
තොරතුරු තාක්ෂණ ඇරඹුම යටතේ ව්‍යාපෘති සදහා ආරම්භයේදීම පහත සදහන් ආකාරයෙන් මූල්‍ය පහසුකම් සලසනු ඇත.
නව ව්‍යාපාර ආරම්භයේ සිට මාස 24 ක් දක්වා කුලී වියදමෙන් සියයට 50 ක සහනයක් ලබා දීම.  ඕනෑම පෞද්ගලික ව්‍යවසායකරුවකුට එවැනිම සහනයක් අනාගතයේ දී ලබා දීම.
* කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලයන්  විසින් තොරතුරු තාක්ෂණ ව්‍යාපාර සමග ඒකාබද්ධව කෘත‍්‍රිම බුද්ධිය, තාක්ෂණය, දත්ත විද්‍යාව, යාන්ත‍්‍රික විද්‍යාව, පරිගණක භාෂා සංවර්ධනය ආදී පුහුණු පාඨමාලාවන් පවත්වනවා ඇත. මෙම පාඨමාලාවන් සාර්ථකව නිම කරන අයට රැුකියා අවස්ථා ලබාදීම පෞද්ගලික අංශය මගින් සහතික කෙරෙනවා. මෙම පාඨමාලා සදහා වන වියදම කර්මාන්තය සහ යෝජිත තොරතුරු තාක්ෂණ ඇරඹුම වැඩසටහන මගින් දරනු ලබනවා.
සහය අපේක්ෂා කරන අපනයනකරුවන්ට හා තොරතුරු තාක්ෂණ ඇරඹුම යටතේ ක‍්‍රියාත්මක ව්‍යාපාරවලට සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සදහා වූ ඇපකර අරමුදල මගින් සහය වනු ඇත.
දේශීය ව්‍යවසායකයින් ගෝලීය නායකයින් කරා අපගේ රජයේ ප‍්‍රතිපත්තිය ප‍්‍රකාර නිදහස් වෙළෙද ගිවිසුම්වලට එළඹීම සහ රේගු බදු නොවන ආනයන බදු ඉවත් කිරීම දේශීය කර්මාන්තවලට තර්ජනයක් ලෙස නොදැකිය යුතු බව දේශීය පෞද්ගලික අංශයට ප‍්‍රකාශ කිරීමට කැමතියි.
* ආර්ථික ලිහිල්කරණ හා ගෝලීයකරණ ප‍්‍රතිපත්තියට අනුකූලව දැනට තීරු බදු අය නොකරන භාණ්ඩ ලැයිස්තුවට අදාළ තීරු බදු නොවන ආනයන බදු ඊළග වසර 3 තුළ දී අහෝසි කිරීමට කටයුතු කරනු ඇත.
* භාණ්ඩ වර්ග 100 කට අදාළ රේගු නොවන බදු පසුගිය වසරේ ඉවත් කළ අතර තවත් භාණ්ඩ 1200 ක මෙවැනි බදු ඉවත් කිරීමට කටයුතු කරනු ඇත. කෙසේ වෙතත්, රේගු බදු නොවන ආනයන බදු ඉවත් කිරීම අදියර කිහිපයකදී කිරීමට බලාපොරොත්තු වනවා.
* වෙළෙදපොළ තුළ ශක්තිමත් ප‍්‍රතාපන හා ප‍්‍රතිතෝලන නීති සමග පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමේ නීති හදුන්වා දෙනවා. භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය තහවුරු කිරීමට පියවර ගන්නවා.
මේ සමගම පෞද්ගලික අංශය පරිමාණයෙන් වර්ධනය වීමට සහ ඔවුන්ට සමාන තත්ත්වයෙන් කටයුතු කිරීමටත් එමගින් කර්මාන්තවල වර්ධනය සහ පාරිභෝගිකයින්ගේ අයිතිය ආරක්ෂා කිිරීමට ඉවහල් වන පරිද්දෙන් සමාගම් ඒකාබද්ධ වීම මෙන්ම ඒකාධිකාරී ලෙස කටයුතු කිරීම වළක්වාලීමට අවශ්‍ය තරග විරෝධී චර්යාවන් පිළිබද නීති රීති හදුන්වා දෙනු ලබනවා.
පුද්ගලික අංශය දිරිමත් කිරීමේ අංගයක් ලෙස ජාතික අපනයන ක‍්‍රමෝපාය තුළ හදුනාගත් වර්ධන ප‍්‍රවනතා ඇති කර්මාන්ත නංවාලීමට කටයුතු කරනවා.
වෙළෙද ගැලපුම් වැඩසටහනේ කොටසක් ලෙස අප විසින් අපනයන වෙළදපල පිවිසුම් සහායක වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනවා. එමගින් දැනටමත් වර්ෂයකට ඇමරිකන් ඩොලර් මිලියන 10 කට වඩා අඩු අපනයන වටිනාකමක් සහිත දේශීය සමාගම්වලට ද ගෝලීය වෙළද දාමයට පහසුවෙන් බැදීමට හැකි විදේශ වෙළදපලට අලූතින් පිවිසෙන අයට ද පහසුකම් සැලසෙනු ඇත. නොමිලේ ලබා දෙන වෙළද සාම්පල්වල පිරිවැය, බුද්ධිමය දේපල ලියාපදිංචි කිරීම, පිටරට දී දරණ රක්ෂණ සහ වෙළ`ද ප‍්‍රවර්ධන ආදිය වෙනුවෙන් දරන පිරිවැය පියවීමට පහසුකම් සලසනවා.
සාප්පු හෝ රාක්ක ඉඩකඩ සදහා විදේශවලදී කුලී මුදල් ගෙවිය යුතු දේශීය සන්නාම සහිත භාණ්ඩ විදේශ වෙළදපලට පිවිසෙන විට, මාස 36 ක කුලී මුදල් සහනයක් ලෙස ලබා දීම. මේ වෙනුවෙන් රුපියල් මිලියන 800 ක් අපනයන වෙළදපල ප‍්‍රවේශ වැඩසටහන යටතේ වෙන් කරනු ලබනවා.
තාක්ෂණය සහ දැනුම අපනයනකරුවන්ට ලබා දීම ඇතුලූ අපනයනකරුවන්ගේ භාණ්ඩ සංවර්ධන කටයුතු සදහා එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ණය යෝජනා ක‍්‍රමය මගින් පහසුකම් සලසනවා.
අපනයන හැකියාව ඇති එහෙත් මූල්‍ය පහසුකම් නොමැති, දැනටමත් ණය තොරතුරු කාර්යාංශයට. වාර්තා වී ඇති කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට කුඩා හා මධ්‍ය පරිමාණ රැුකවරණ අරමුදලේ සහායෙන් බැංකු මගින් මූල්‍ය පහසුකම් සලසනවා.
ජාත්‍යන්තර සහතික කරන ආයතනවලට අනුකූලවන පරිදි ජාතික තත්ත්ව පහසුකම් නංවාලීමේ අපගේ ප‍්‍රතිපත්තියට අනුගත වෙමින් කර්මාන්ත තාක්ෂණ ආයතනය, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය, ජාතික ශාක හා සත්ව නිරෝධායන මධ්‍යස්ථානය සහ ජාතික ජලජ සම්පත් හා පර්යේෂණ ආයතනය ආදී ආයතනයන් පවත්වන පර්යේෂණ ඉහළ තත්ත්වයට පත් කරනු ලැබේ. අපගේ නිෂ්පාදන ගෝලීය වෙළෙදපලවල පිළිගත හැකි මට්ටමකට පත් කිරීමත්, යෝජිත ආනයන පරීක්ෂණ සහ පහසුකම් සැලසීමත් මෙම යෝජනා ක‍්‍රමය යටතේ ක‍්‍රියාත්මක කරනු ඇත.
ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය උසස් තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන අතර අවශ්‍ය පහසුකම් ද සලසනු ලබනවා.
ඉහළ යන ඉල්ලූම සපුරාලීම සදහා සහ ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ගනුදෙනු ඉලෙක්ට්‍රොනික ක‍්‍රමවේද හරහා පහසු කිරීම  පිණිස ආයෝජන මණ්ඩලය සහ රේගු දෙපාර්තමේන්තුව විසින් 2018 ජනවාරි 1 වන දින වන විට වැඩ පිළිවෙලක් හදුන්වා දෙනු ඇත.
නූතන භාණ්ඩ හුවමාරු සහ නාවික කර්මාන්තයේ ඉල්ලූමට මුහුණ දීම පිණිස 1979 අංක 51 දරන ශ‍්‍රී ලංකා වරාය අධිකාරි පනත සහ 1971 අංක 52 දරන වෙළද හා නාවික පනත සංශෝධනය කරනු ඇත. වඩා හොද තරගකාරීත්වයක් සහතික කිරීම සදහා ස්වාධීන වරාය නියාමකයෙකු හදුන්වා දෙනු ඇත. නාවික කටයුතු සහ භාණ්ඩ මෙහෙයුම් ආයතනවල විදේශ හිමිකාරීත්වය කෙරෙහි ඇති සීමාවන් ලිහිල් කරනු ඇත. මෙමගින් ජාත්‍යන්තර ප‍්‍රධාන නාවික සමාගම් සහ භාණ්ඩ හුවමාරු ක‍්‍රියාකරුවන්ට ශ‍්‍රී ලංකාවේ සිට මෙහෙයුම් කටයුතුවල නිරත වීමට උපකාරී වනු ඇත.
 ශ‍්‍රී ලංකාවේ විද්‍යුත් හා විදුලි කර්මාන්තකරුවන් සමග බද්ධ ව්‍යාපාර ඇති කිරීමට දායකවන පරිදි බහුජාතික සමාගම් සහභාගී කර ගත හැකි පරිපූර්ණ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනු ලබනවා.
මහා පරිමාණ ඖෂධ නිෂ්පාදන, කිරි කර්මාන්තය හා කසල කළමනාකරණ ව්‍යාපෘති සඳහා වන ආයෝජනවලට ගුදම් පහසුකම් ලබා දීම හරහා ආනයනික ප‍්‍රාග්ධන භාණ්ඩ සදහා බදු සහන ලබා දීමට කටයුතු කරනු ඇත.
මෙමගින් වෙළදාමට අදාළ දත්ත, රීති, ආනයන අපනයන ක‍්‍රියාපටිපාටි ආදිය ද ඇතුලත් තොරතුරු නියමිත වේලාවට හා විශ්වාසනීයත්වයෙන් ලබා ගත හැක. ශ‍්‍රී ලංකා රේගුව, වාණිජ දෙපාර්තමේන්තුව වැනි ආයතනවල සහායෙන් ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වෙළඳ තොරතුරු අංශයක් (ඉලෙක්ට්‍රොනික තොරතුරු වේදිකාවක්) ස්ථාපනය කරනු ඇත.
පර්යේෂණ ප‍්‍රතිඵල වාණිජ ව්‍යාපාරයන් බවට පරිවර්තනය කළ හැකි වන පරිදි විද්‍යාත්මක,තාක්ෂණික හා නව සොයාගැනීම් පිළිබඳ කමිටුව ජාතික විද්‍යාත්මක, තාක්ෂණික හා නව සොයා ගැනීම් සම්බන්ධීකරණ අධිකාරිය  බවට පරිවර්තනය කෙරෙනු ඇත.
අප නව නිපැයුම්කරුවන්ට  කර්මාන්තවලට ප‍්‍රවේශවීමට අවස්ථා සලසා දෙනවා. මෙම ප‍්‍රවේශය මගින් හොදම හා දක්ෂතම නිර්මාණශීලී අදහස් අපගේ කර්මාන්තවල යොදා ගැනීමට උපකාර කරනු ලබනවා. මෙම ක‍්‍රියාවලිය මගින් නව නිපැයුම්කරුවන්ටත් කර්මාන්තවලටත් ප‍්‍රතිලාභ ලැබෙනු ඇත.
පසුගිය වසරේ නිෂ්පාදන නිර්මාණ ශිල්පය සඳහා අරමුදලක් ඇති කිරීම මගින් ඒ සදහා සහයෝගය දක්වා ඇත. දිගුකාලීන ණය පහසුකම්, සමජාතීය නිෂ්පාදන පරීක්ෂා කිරීමේ පහසුකම් පුහුණුව හා ප‍්‍රමිතීන් පිළිබද හවුලේ සැපයෙන සහායක සේවා ඇතුලත් මෙකාට්‍රොනික්මගින් සවිමත් වූ ආර්ථික සංවර්ධන ප‍්‍රවේශය ඔස්සේ වැඩසටහනට තව දුරටත් දායකත්වය ලබා දෙනවා.
නව නිපැයුම් සදහා සහාය දක්වන අතරම රොබෝ තාක්ෂණ මධ්‍යස්ථානය තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත.
නාවික සංචාරක කර්මාන්තයට ද මග පාදමින් බෝට්ටු සෑදීමේ කර්මාන්තය දියුණු කළ හැකි අපනයන කර්මාන්තයක් වශයෙන් හදුනාගෙන ඇත. ඒ අනුව, මෙම කර්මාන්තය දියුණු කිරීම සදහා ප‍්‍රමිතිකරණය හා තත්ත්ව සහතික පිළිබද ක‍්‍රමවේදයක් ද ඇතුලත්ව අවශ්‍ය කරන රෙගුලාසි හදුන්වා දෙනු ඇත. ත‍්‍රිකුණාමලය හා කොග්ගල ජල තීරයන්ට මුහුණ ලා ඒ කර්මාන්තයටම විශේෂිත වූ කර්මාන්ත පුරයක් ද ඉදිකරනු ඇත. ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති සමාගම් මගින් ආයෝජන මණ්ඩල අනුමැතිය සහිතව ක‍්‍රියාත්මක සමාගම්වලට කුඩා ප‍්‍රමාණයේ බෝට්ටු අලෙවි කිරීමේ දී අයකරන ජාතිය ගොඩනැගීමේ බද්ද හා වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බද්ද එකවර ගෙවීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කරනු ඇත.
අප රට සතුව කුළුබඩු හා ආශ‍්‍රිත කර්මාන්තයන්ට තරගකාරී වාසියක් තවමත් ඇත. ඒ සදහා පහත සදහන් පරිදි සහාය දක්වනවා.
ශ‍්‍රී ලාංකීය අනන්‍යතාව ආරක්ෂා කිරීම සදහා ගුණාත්මක අතින් ඉහළ නිෂ්පාදනයන් සහතික කිරීමට අවශ්‍ය දැඩි නීති රීති හදුන්වා දෙනු ඇත.
තවාන් 1,000 කට උසස් තත්ත්වයේ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය වැඩි කිරීම සදහා සහාය දැක්වීම තුළින් කුරුදු හා ගම්මිරිස් කර්මාන්තයට අගය එකතු කිරීම හා නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගනු ලබනවා.
කුරුදු කර්මාන්ත පුහුණු පාසලේ කාර්යයන් ශක්තිමත් කෙරෙනු ඇත.
තේ කර්මාන්තය සදහා මධ්‍යකාලීන ආදායම් ආකෘතියක් ඉදිරිපත් කරනු ඇත.
ඵලදායීත්වය වර්ධනය කර ගැනීම සදහා කුඩා තේ වතු හිමියන්ට සහාය වනු ඇත.
දේශීය පොල් නිෂ්පාදකයන් මුහුණ දෙන ගැටලූ සැලකිල්ලට ගෙන දේශීය පොල්තෙල් සහ පොල් මද ආශ‍්‍රිත නිෂ්පාදනවලට අදාළ ජාතිය ගොඩනැගීමේ බද්ද වසරක කාලයක් සදහා ඉවත් කරනු ඇත. එයට අමතරව එම කර්මාන්තය වෙනුවෙන් පහත සදහන් දෑ යෝජනා කෙරේ.
පොල් මද ආශ‍්‍රිත සියලූම නිෂ්පාදනයන් සදහා වන අන්තර්ජාතික ප‍්‍රමිතීන්වලට අනුකූල වන පරිදි ඇසුරුම් හා ලේබල් කිරීම හා ප‍්‍රමිතිකරණය අනිවාර්ය කිරීමට අදාළ රෙගුලාසි හදුන්වා දෙනු ඇත.
වගාකරුවන්ගේ ඉල්ලූම සපුරාලීමට හැකිවන පරිදි දෙමුහුන් පොල්පැල නිෂ්පාදනය කිරීමට පොල් පර්යේෂණ ආයතනයට අවශ්‍ය සහාය ලබා දෙනු ඇත.
රබර් කර්මාන්තකරුවන්ගේ දායකත්වය සහිතව සකස්කර ඇති රබර් කර්මාන්ත මහා සැලැස්ම තුල ව්‍යාපෘති 22 ක් ඇතුලත්ව ඇත. එම සැලැස්මට අමුද්‍රව්‍ය හා නිමි භාණ්ඩ ව්‍යාපාර ඇතුලත්ය. මෙහි දී අලූත් භාණ්ඩ නිෂ්පාදනයටත් නව තාක්ෂණය යොදා ගැනීමටත් අවශ්‍ය සහාය ලබා දෙනවා.
කුකුඵ පාලනය රටේ කෘෂි කාර්මීකරණ ක‍්‍රමෝපාය සැලසුමෙහි ප‍්‍රධාන කොටසකි. අනාගත හැකියාවන් ද එම කර්මාන්තය සතුය ඒ අනුව, දේශීය බඩඉරිගු නිෂ්පාදනයේ ඇතිවන අඩුව පිරවීම සදහා පමණක් බඩඉරිගු ආනයනය ලිහිල් කරනු ඇත.
කුකුඵ ගහනය වාර්ෂිකව මිලියන 110 සිට මිලියන 500 දක්වා වැඩි කිරීමේ අරමුණින් ඌන උපයෝජිත රාජ්‍ය ගොවිපල හෝ ඉඩම් කුකුඵ ගොවිපල පිහිටුවීම සදහා බදු පදනම මත ලබා දීමට කටයුතු කරනවා.
යෝජිත නව නිදහස් වෙළද ගිවිසුම් මගින් කෙසෙල් හා අන්නාසි අපනයනය නංවාලීමට පුඵවන. මෙම පළතුරු සදහා වන ඉල්ලූම සපුරාලනු පිණිස, හොරණ හා මාකදුර පර්යේෂණ මධ්‍යස්ථාන සහ කෘෂි තාක්ෂණ හා ග‍්‍රාමීය විද්‍යා ආයතනයන්හි ඉහළ ඵලදාවක් සහිත පැල නිෂ්පාදනයට හා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සහාය ලබා දෙනවා. ඉහළ ඵලදාවක් සහිත පැල නිපදවීමේ දී ක්ෂුද්‍ර ව්‍යාප්ති තාක්ෂණය යොදා ගන්වා. ඊට සමගාමීව වයඹ විශ්වවිද්‍යාලයේ කිරි කර්මාන්තය ඇතුලූ විවිධ කර්මාන්ත මූලික කරගත් ආහාර, තාක්ෂණික, පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවනු ඇත.
ශ‍්‍රී ලංකාවේ මල් නිෂ්පාදනය සදහා විදේශ වෙළදපොලෙහි වැඩි වෙමින් පවත්නා ඉල්ලූම සැලකිල්ලට ගෙන නව වෙළදපොලවල් වලට ප‍්‍රවේශවීමට හැකිවන පරිදි මෙම කර්මාන්තයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට අප සහාය ලබා දෙනවා. මේ සදහා ත්‍කදඇර ක්‍දමබජසක ආයතනය පිහිටුවනවා.
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට වැඩිවන අපනයන ඉඩ ප‍්‍රස්ථා ඇත. ඒ අනුව කර්මාන්තය නගා සිටුවීම සදහාත
කපා නැවත අපනයනය කිරීම පිණිස ගෙන්වනු ලබන මැණික් ගල් සදහා වන ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කරනවා.
විද්‍යාගාර දියුණු කිරීම ද ඇතුලත් වන පරිදි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ව්‍යූහය හා ප‍්‍රතිපත්ති එම කර්මාන්තයේ වර්ධන අවශ්‍යතාවයට අනුකූලවන පරිදි ප‍්‍රතිනිර්මාණය කරනු ඇත.
දැව හා දැව නිපැයුම් සදහා නිර්මාණ සැලසුම් මධ්‍යස්ථානයක් මොරටුව විශ්වවිද්‍යාලය සමග එක්ව පිහිටුවනු ඇත.
සංචාරක කර්මාන්තය දිරිමත් කිරීම
සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයත් සම`ග දැනටමත් නිම කර ඇති හෝටල් කාමර හැරුණු විට තව දුරටත් කාමර ගණන වැඩි කිරීම අවශ්‍ය වනු ඇත. මෙම පසුබිම තුළ. හෝම් ස්ටේ. :්‍යදපැ ීඒහ* වැනි ක‍්‍රමයන් දිරිමත් කෙරෙනු ඇත. එවැනි පහසුකම් වැඩිදියුණු කිරීමට විශේෂ ණය පහසුකම් ලබා දෙනවා.
සංචාරක සේවා සපයන්නන් සදහා සමාන අවස්ථා ඇති කිරීමේ තත්ත්වයක් නිර්මාණය කිරීම සදහා විධිමත් හා අවිධිමත් දෙපාර්ශ්වයේම එවැනි සේවා සපයන්නන් ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි කිරීමටත් අවිධිමත් අංශය පුඵල් බදු ජාලයට ගෙන ඒමටත් යෝජනා කරනවා. ශ‍්‍රී ලංකාවේ පදිංචි හා එසේ නොමැති මාර්ගගත ඒජන්තවරුන් :ශ‍්‍රී ලංකාවේ සිදු කරන ව්‍යාපාරික කටයුතුවලින් උපයා ගන්නා ලද නැතහොත් රැුස්කොට ගෙන ඇති කොමිස් මුදල්වලින් ගෝලීය ප‍්‍රමිතීන්ට අනුව යමින් සියයට 1 ක බද්දක් පැනවීමට යෝජනා කෙරේ.
සමහර ආනයනික ආහාර හා බීම වර්ග වෙනුවෙන් පනවා ඇති රේගු බදු නොවන අනෙකුත් ආනයනික බදු ඉවත් කෙරේ.
සුරාබදු බලපත‍්‍ර ගාස්තු ව්‍යූහය යථාවත් කරනු ඇත. බලපත‍්‍ර නිකුත් කිරීමේ යාන්ත‍්‍රණය නැවත සකස් කරනු ඇත. එමගින් ලැගුම්හල්, කුඩා හෝටල් :ඊදමඑසුමැ ්‍යදඑැකි* ආදී ස්ථානයන්හි සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. බදු ලිපිගොනු අංකයක් තිබීම මෙම බලපත‍්‍ර ලබා ගැනීම සදහා අත්‍යවශ්‍යම සාධකයක් වනු ඇත.
පුද්ගලික අංශය සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හා එක්ව මාතර, හම්බන්තොට, මඩකලපුව, ත‍්‍රිකුණාමල වරායේ පෝට් ෆෙඞ්රික්, මන්නාරම/ඩෝරික් හවුස් සහ කල්පිටිය යන පැරණි කොටු 6 ක් සංවර්ධනය කෙරෙනු ඇත.
නානු ඔය, කොළඹ කොටුව, ගාල්ල සහ ඇල්ල වැනි දුම්රිය ස්ථාන පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත ස්ථාන ලෙස ප‍්‍රකාශයට පත් කොට පුද්ගලික අංශයේ සහාය ඇතිව ඒවායේ පෞරාණික අනන්‍යතාවය රැුකෙන පරිදි මෙන්ම, සංචාරකයන්ට වඩා හොද දුම්රිය ගමනාගමන අත්දැකීමක් ලබාගත හැකි ආකාරයට නවීකරණය කරනු ලැබේ.
රාජ්‍ය පෞද්ගලික සහභාගිත්වයෙන් සංචාරක ව්‍යාපාරයට සහායවීම සදහා සීගිරිය, මඩකලපුව, චයිනා බේ සහ කොග්ගල යන ස්ථානවල අභ්‍යන්තර ගුවන්තොටුපලවල් සංවර්ධනය කෙරෙනු ඇත.
ගුවන් ක‍්‍රීඩා සදහා සුදුසු ප‍්‍රදේශ හදුනා ගනු ඇත. මේවා ත‍්‍රිමාණ මායිම් සහිතව .ගුවන් ක‍්‍රීඩා සදහා විවෘත අහස . ලෙස සලකනු ඇත. මෙම උපකරණ ආනයනයට අදාළ ජාතිය ගොඩනැගීමේ බද්ද සහ වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බද්ද ඉවත් කරනු ඇත.
මාදුරු ඔය, හා ගල් ඔය ජාතික උද්‍යාන ඉහළ මට්ටමේ සෆාරි සංචාර සදහා සංවර්ධනය කෙරෙනු ඇත. ආරක්ෂණ හා සංරක්ෂණ කටයුතු සදහා පමණක් නොව සංචාරක කටයුතුවලට ද දායකත්වයක් දැක්විය හැකිවන පරිදි මෙම උද්‍යාන දියුණු කරනු ඇත.
ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, වෙරළ ආශ‍්‍රිතව ජීවිතාරක්ෂක මධ්‍යස්ථාන 25 ක් ආරම්භ කරනු ඇත. ජනප‍්‍රිය සංචාරක ස්ථානවල සංචාරකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම පිණිස ශ‍්‍රී ලංකා පොලීසිය විසින් සංචාරක පොලිස් ස්ථාන 20 ක් ස්ථාපනය කිරීමට පියවර ගනු ඇත.
වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බද්ද හා ජාතිය ගොඩනැගීමේ බද්ද, යාන්ත‍්‍රික නොවන ජල ක‍්‍රීඩා උපකරණ සදහා ඉවත් කෙරෙනු ඇත. විදුලිබලයෙන් ක‍්‍රියාකෙරෙන ධෙෙ ඍද්ා ක‍්‍රීඩා වාහන සදහා ද අදාළ ආනයන බදු අඩු කිරීමට කටයුතු කෙරෙනු ඇත.
ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සමග එක්ව අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ‍්‍රී ලාංකීය ආහාරපාන සන්නාමකරණ සදහා ආයෝජනය කරනු ඇත.
ශ‍්‍රී ලංකාව වෙළද කේන්ද්‍රයක් කිරීමේ දැක්ම අරමුණු කරගෙන, විදේශ ගමන්බලපත‍්‍ර හිමියන් සදහා වැට් බද්ද ආපසු ලබා දීමේ ක‍්‍රමවේදයක් ගුවන්තොටුපල හා වරායන්හි 2018 මැයි 1 දින සිට ආරම්භ කෙරනු ඇත.
ත‍්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනයට පත්කිරීම සදහා මෙම අයවැයෙන් දිරිගන්වන අතර ත‍්‍රිරෝද රථ ව්‍යවසායකයින් බිහිකිරීමට ද අප සහාය වනවා.
ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සංචාරකයන්ට හිතැති ටුක් ටුක් හදුන්වා දීමට වැඩසටහනක් ආරම්භ කරනු ඇත. එහි දී ති‍්‍රරෝද රථ රියදුරන් සංචාරක කර්මාන්තය සමග එක්ව සංචාරක මගපෙන්වන්නන් ලෙස පුහුණු කරනු ලබන අතර ඔවුන් කාර්යාංශයේ ලියාපදිංචි කරනු ඇත. මුදල් අයකිරීමෙන් තොරව ලබා දෙනු ලබන මෙම පුහුණුව අවසානයේ කාර්යාංශය විසින් ත‍්‍රිරෝද රථයේ ප‍්‍රදර්ශනය ස`දහා විශේෂ ස්ටිකරයක් ලබා දෙනු ඇත.
අප විසින් ත‍්‍රිරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරනවා. සියලූම ත‍්‍රීරෝද රථ සදහා මීටර් අනිවාර්ය කිරීමට අදාළ රෙගුලාසි දැනටමත් නිකුත් කර තිබෙනවා.

සෘජු විදේශ ආයෝජන දිරිමත් කිරීම

ව්‍යාපාර කටයුතු නව්‍යකරණ ක‍්‍රියාවලිය  යටතේ සමාගම් රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපාර ලියාපදිංචිය සදහා සියලූ පහසුකම් ලබා දෙන කාර්යාලයක්ස්ථාපිත කෙරෙනු ඇත.
ඉලෙක්ට්‍රොනික පළාත් පාලන ඉල්ලූම්පත් ක‍්‍රමයක්, ඉදිකිරීම් බලපත් ස්වයංක‍්‍රීයව නිකුත් කිරීමේ යාන්ත‍්‍රණයක්, ඒකාබද්ධ ඉඩම් ලේඛනගත කිරීමේ කාර්යාලයක්, ඩිජිටල්ගතකරණ ලද ඉඩම් නාමලේඛන 45 ක් සහ ආයතන 31 ක් රේගු දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ කරන යාන්ත‍්‍රණයක් අප විසින් ස්්ථාපිත කරනු ඇත.
4 වන මහලට පහල මහල් නිවාස විදේශිකයන්ට මිල දී ගැනීමට ඇති බාධා ඉවත් කරනවා. විදේශීය අයිතිය සහිත ලැයිස්තුගත සමාගම්වලට ඉඩම් හිමිකර ගැනීමේ අයිතිය පිිළිබ`ද ඇති බාධාවන් ද ඉවත් කිරීමට කටයුතු කරනවා.
තායිලන්තයේ රොජානා ඉන්ඩ‍්‍රස්ටී‍්‍රස් විසින් මිල්ලනියෙහි එ.ජ. ඩොලර් මිලියන 500 ක අයෝජනයකින් කර්මාන්ත පුරයක් ස්ථාපිත කරනු ඇත. මීට සමාන පහසුකම් බිංගිරිය හා වැලිගම  සදහා ද ලබා දෙනු ඇත. පිටිපන මහහේනවත්තෙහි අධි තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක්  ආරම්භ කිරීමට කටයුතු කරනු ඇත. ආරම්භයේ දී මෙම උද්‍යානය තුළ දී ජෛව ඖෂධ ක්ෂේත‍්‍රයට අදාළ කර්මාන්ත 6 කට පහසුකම් සලසන අතර තවත් කර්මාන්ත 15 ක් ඉන් අනතුරුව ස්ථාපිත කරනු ඇත.
අයවැය සීමාවන් නිසා අපගේ ආයෝජන කලඹ සීමාවී ඇත. ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් රජය විසින් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, අපගේ යටිතල පහසුකම් සදහා වූ ආයෝජන අවස්ථා පුඵල් කිරීම සදහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය සුදුසු ක‍්‍රියා මාර්ගය වනු ඇත. ඒ අනුව, මගේ අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ඒජන්සිය මගින් අදාළ සියලූම පාර්ශ්වයන්ට පහසුකම් සැලසිය හැකි වන පරිදි රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයන් නිර්මාණය කිරීමට හා ක‍්‍රියාත්මක කිරීම පිණිස කටයුතු කරනු ඇත. ඒ ස`දහා අදාළ මාර්ගෝපදේශ ඉතා කෙටි කලකින් නිකුත් කරනු ඇත. ඒ යටතේ ප‍්‍රවාහන, මහා මාර්ග, බලශක්ති, වරාය, ජල සැපයුම්, සෞඛ්‍ය ආරක්ෂණ, අධ්‍යාපන, නිවාස, කෘෂි ව්‍යාපාර, සිල්ලර වෙළදාම සහ ඛනිජ ආශ‍්‍රිත ආදී පුඵල් පරාසයකට ගැනෙන රාජ්‍ය හා පෞද්ගලික සහයෝගීතා ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.

තරුණ ව්‍යාවසායකයන් දිරිමත් කිරීම

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන සාර්ථක කර ගැනීමට නම් මෙම ජාතික වැඩසටහනෙහි පාර්ශ්වකරුවන් ලෙස අප රටේ තරුණ තරුණියන් ඊට සහභාගි කරවීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, රජයේ ක‍්‍රමෝපායන් පහත පරිදි වේ.
* වසර 13 ක අධ්‍යාපනය. - සාමාන්‍ය පෙළ විභාගයේ දී කුමන විෂය ධාරාවකින් අධ්‍යාපනය ලබා ප‍්‍රතිඵලය කුමක් වුවද, වෘත්තීය හා නිපුණතා පුහුණුවට අවධානය යොමු කරමින් තරුණ ප‍්‍රජාවට වසර 13 ක අධ්‍යාපනයක් ලබාදීම තහවුරු කිරීම පිණිස ප‍්‍රාථමික හා ද්විතික අධ්‍යාපනය සදහා ආයෝජනය කිරීම.
* ජාත්‍යන්තර තලයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය.- නවීන විෂය මාලා, පර්යේෂණ පහසුකම් සහ ප‍්‍රමිතිකරණය පිළිබදව අවධානය යොමු කරමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සදහා ආයෝජනය කිරීම.
* වෙළෙඳ පොළට යොමුවුණ වෘත්තීය පුහුණුව. - වෙළෙඳපොළ ඉලක්ක කළ උසස් තත්ත්වයේ පුහුණු පාඨමාලාවන් නිර්මාණය කිරීම සදහා වෘත්තීය පුහුණු ආයතන සංවර්ධනය කිරීමට ආයෝජනය කිරීම.
එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා දැක්ම තුළ අපගේ තුන් වැදෑරුම් ප‍්‍රවේශය මගින් කිසිදු යෞවනයෙකු අත් නොහැරෙනු ඇත.
රැුකියා වෙළඳපොල මගින් අපේක්ෂා කරන කුසලතා නොමැතිවීම හේතුවෙන් තරුණ පරපුරට රැුකියාවන් සොයා ගැනීම අපහසු වෙනවා. එම නිසා, තරුණ කණ්ඩායම් තුළින් පෞද්ගලික අංශය අපේක්ෂා කරනු ලබන විශේෂිත කුසලතා ඇතුලත් වන පරිදි මාස 3 සිට 6 දක්වා කාලයක පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට යෝජනා කරනවා.
* පුහුණුව ලබන කාලය තුළ මසකට රුපියල් 3,500 බැගින් වූ යැපුම් දීමනාවක්ද
* මාසික දීමනාවේ කොටසක් ලෙස රුපියල් 6,000 ක් දක්වා මාස 6 ක කාලයකට අදාළ පිරිවැය රජය දරනු ඇත. හවුල්කාර සේවා නියුක්තිකයා විසින් තවත් රුපියල් 10,000 ක දීමනාවක් ගෙවනු ඇත.
දැනටමත් යොවුන් සේනාංක මගින් පවත්වාගෙන යනු ලබන නිපුණතා සංවර්ධන පාඨමාලාවන් තව දුරටත් ශක්තිමත් කිරීම සදහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කරනු ලැබේ.
* දැනටමත් රත්මලානේ හා කිලිනොච්චියේ පිහිටුවා ඇති සහ මාතර පිහිටුවීමට නියමිත ජර්මානු තාක්ෂණ විද්‍යාලයට අමතරව ස්විට්සර්ලන්ත සහ ජර්මන් රජයෙන් ලැබෙන තාක්ෂණික සහයෝගයෙන් මීළග වර්ෂ 3 ඇතුළත, තාක්ෂණික සහ වෘත්තීය පාසල් 5 ක්
බදුල්ල, මහනුවර, ත‍්‍රිකුණාමලය, රත්නපුර හා අනුරාධපුර නගරවල පිහිටුවනු ලැබේ. මෙම තාක්ෂණික පාසැල් මගින් සත්කාරක කළමනාකරණය, සිවිල්, විද්‍යුත් හා මෝටර් කාර්මික ඉංජිනේරු ආදී ක්ෂේත‍්‍රයන්හි ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබාදෙනු ඇත.
තරුණ තරුණියන්ට උසස් පුහුණු අවස්ථා ඇතිකිරීම සඳහා විශ්වවිද්‍යාල කොලීජියක් කින්නියාහි පිහිටුවනු ඇත.
සමාජ යටිතල පහසුකම්
2018 වර්ෂයේදී රු.බිලියන 325 කට වැඩි මුදලක් වෘත්තීය අධ්‍යාපනය, උසස් අධ්‍යාපන සහ අධ්‍යාපනය සඳහා පමණක් වෙන් කර ඇත.
13 වසරක අධ්‍යාපනය
වසර 13 ක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණ ඇතිව අධ්‍යාපනය සඳහා වන අයවැය ප‍්‍රතිපාදන ව්‍යුහගත කර ඇත. රට තුළ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ වෛද්‍ය උපාධිධාරීන් බිහිකිරීමේ ප‍්‍රතිශතය එසේ නොවන පාඨමාලාවලට වඩා වැඩිකිරීමේ අරමුණ පෙරදැරි කොටගෙන එවැනි ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙනු ඇත.
ප‍්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සඳහා ඇති ප‍්‍රබල ඉල්ලූම සපුරාලීමේ පාර්ශ්වකරුවෙකු ලෙස ජාතික අධ්‍යාපන ආයතනය ප‍්‍රතිව්‍යුහගත කරනු ලැබේ. එම අරමුණු ගත ප‍්‍රතිසංස්කරණවලට පහත කරුණු ඇතුලත්ය.
විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු, වෛද්‍ය විෂයයන් ඉගැන්වීමේ ක‍්‍රමවේදය වෙනස් කිරීම.
උසස් පෙළ විෂයය සංයුතියෙහි යෝජිත වෙනස්කම් මගින් තෝරාගන්නා උපාධි පාඨමාලාව තීරණය වන අතර එය විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු, වෛද්‍ය විෂයයන් සමග කලා විෂයයන් ඉගැන්වීමේ අදහස තහවුරු කරන ආකාරයට සකස් කරනු ඇත. මේ තුළින් ශිෂ්‍යයන් හට ගණිතය සමග සංගීතය, විද්‍යාව හා නාට්‍ය කලාව වැනි විෂයයන් ඉගෙන ගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත. නූතන ඉල්ලූමට සරිලන ආකාරයට උසස් පෙළ ශිෂ්‍යයින් නිර්මාණය කිරීමේ හැකියාව මේ තුළින් ලැබෙනවා.
13 වසරක අධ්‍යාපනය යන්නට ගැලපෙන පරිදි විභාග සහ ඇගයීම් ක‍්‍රමවේදය ද ප‍්‍රතිසංස්කරණය කරනවා .
අවශ්‍යතාවයට ගැලපෙන පරිදි විෂයමාලාව ප‍්‍රතිසංස්කරණය කරන අතර ගණිත කට්ටල සැපයීම සහ ගණිතාගාර වැඩි දියුණු කිරීමට කටයුතු කෙරේ.
ශිෂ්‍යයන්ගේ නිපුණතා හා දැනුම පරීක්ෂා කිරීම තුළින් අපගේ අධ්‍යාපන ක‍්‍රමය අන්තර්ජාතික ප‍්‍රමිතීන් හා සැසදීමට හැකිවන පරිදි අන්තර්ජාතික ශිෂ්‍ය ඇගයීම් ක‍්‍රමවේදයක් හදුන්වා දෙනවා.
අනාගත රැුකියා සඳහා අපගේ ශිෂ්‍යයන් සූදානම් කිරීම අරමුණු කර ගනිමින් පාසල් විෂය මාලාව සඳහා ජාන විද්‍යාව, කේතකරණය, රොබෝ විද්‍යාව සහ නැනෝ තාක්ෂණය ඇතුලත් කරනවා.
ගුරුවරුන් සඳහා අඛණ්ඩ වෘත්තීය සංවර්ධන වැඩසටහන් තවදුරටත් ක‍්‍රියාත්මක කරනු ලැබේ.
පෙළපොත් සංවර්ධනයත් සම`ග ඩිජිටල්කරණයේ මෙහෙයුම තුළින් ස්මාර්ට් පන්ති කාමර සංකල්පය තවදුරටත් ශක්තිමත් කෙරේ.
ඉංග‍්‍රීසි මාධ්‍ය ගුරුවරුන් පුහුණු කිරීම සඳහාම කැපවුණු මධ්‍යස්ථානයක් මහරගම ගුරු අධ්‍යාපන ආයතනය තුළ පිහිටවනු ඇත. ජාතික අධ්‍යාපන ආයතනය සතු සම්පත් මෙම යෝජිත ඉංග‍්‍රීසි අධ්‍යාපනය ස`දහා කැපවන මධ්‍යස්ථානය සදහා ද යොදා ගැනීමට අපේක්ෂිතය.
විශේෂ අවශ්‍යතා ඇති ශිෂ්‍යයින් සඳහා වූ ගුරුවරුන් පුහුණු කිරීම තවදුරටත් ශක්තිමත් කෙරේ. මේ සඳහා හාපිටිගම හා අඞ්ඩාලච්චේන විද්‍යා පීඨවල විශේෂ අවශ්‍යතා පුහුණු පහසුකම් වැඩි දියුණු කෙරේ.
විද්‍යා පීඨ තුළ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් සඳහා දැනට ගෙවනු ලබන මාසික දීමනාව රුපියල් 3,500 සිට රුපියල් 5,000 ක උපරිමයක් දක්වා වැඩි කෙරේ.
ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය
වයඹ, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ බිහිකරමින් වෛද්‍ය අධ්‍යාපනය පුඵල් කෙරේ.
රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වැඩිදියුණු කිරීමේ අරමුණින් කරාපිටිය රෝහල තුළ මහාචාර්ය ඒකකයක් පිහිටු වනවා.
තාක්ෂණික උපාධි වැඩසටහන් පුඵල් කිරීම යටතේ රජරට, රුහුණු, සබරගමුව, කැළණිය, කොළඹ, ශ‍්‍රී ජයවර්ධනපුර හා නිරිතදිග විශ්වවිද්‍යාල තුළ නව තාක්ෂණික පීඨ 7 ක් ඇති කර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය සහ ජෛව තාක්ෂණ පද්ධති තාක්ෂණය යන විෂයන් හදුන්වා දෙනවා.
නාවුක අධ්‍යයනය සහ නාවික ගමනාගමනය පිළිබඳ අධ්‍යයනය ඒකකයක් රුහුණු විශ්වවිද්‍යාලය තුළ පිහිටුවීමට කටයුතු කරනවා.
කොළඹ විශ්වවිද්‍යාලය මගින් ආරම්භ කර ඇති කර්මාන්ත අවශ්‍යතා හා නව ව්‍යාපාර ධාරාවන්ට බද්ධවන නව විෂය ධාරාවන් - දත්ත විද්‍යාව, දත්ත විශ්ලේෂක, ආයුගණක අධ්‍යයන ව්‍යාපාර විශ්ලේෂණවලට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා.
යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය ශක්තිමත් කිරීම සදහා නවීන පහසුකම් සහිත පුස්තකාලයක් හා තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කරනවා.
ප‍්‍රතීතනය හා නියාමනයට යටත්ව රාජ්‍ය විශ්වවිද්‍යාල ක‍්‍රියාත්මක කරන පාඨමාලා පෞද්ගලික ආයතන මගින් ලබා දෙමින් සම්ප‍්‍රදායික නොවන උපාධි පාඨමාලා ඇති කිරීමට පහසුකම් සලසනවා.
ස්වාධීන තත්ත්ව සහතික කිරීම් සහ ප‍්‍රතීතන යාන්ත‍්‍රණයක් උසස් අධ්‍යාපන ප‍්‍රමිතීන් සහ තත්ත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය සඳහා ස්ථාපනය කරනවා.
ජාත්‍යන්තර තරගකාරීත්වය තුළින් ප‍්‍රමිතීන් තහවුරු කර ගැනීම සදහා ප‍්‍රතීතනය සදහා වූ ආයතනය මගින් ප‍්‍රතීතන පහසුකම ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ලබා ගැනීමට සහාය ලබා දෙනවා. මා අනෙකුත් විශ්වවිද්‍යාලයන් ද මෙම ක‍්‍රියාමාර්ගය අනුගමනය කිරීමට දිරිමත් කරනවා.
පේටන්ට් බලපත‍්‍ර සහ සමාගම්වල කොටස් අයිතිය ලබා ගැනීමටත් ඒවායේ වාසි අත්පත් කර ගැනීමටත් බාධාවක් වී ඇති විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම යටතේ පාලනය වන විශ්වවිද්‍යාලවලට අදාළ ව්‍යවස්ථාපිත අණපනත් සංශෝධනය කිරීමට යොමු කරනවා.
අප සතුව දියුණු දේශීය වෛද්‍ය ක‍්‍රමයක් තිබුණද, දැනට එය නොසලකා හැර තිබෙනවා. මේ තත්ත්වය වළකාලීමට දේශීය වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයක් පිහිටුවීමට කටයුතු කරනවා.
මහපොල ශිෂ්‍යත්ව යෝජනා ක‍්‍රමය සඳහා තෝරාගැනීම් නිර්ණායකවලට ගැනෙන වාර්ෂික ආදායම රු. 300,000 සිට රු. 500,000 දක්වා වැඩි කරනවා. මෙම යෝජනාව තුළින් අමතර ශිෂ්‍යයන් 3,000 කට ප‍්‍රතිලාභ ලැබෙනවා.
සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමයක් සියලූම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සඳහා හඳුන්වා දෙනවා.
ක‍්‍රීඩා ක‍්‍රියාකාරකම්
අප විසින් ප‍්‍රජා ක‍්‍රීඩා ජනප‍්‍රිය කිරීමට අවශ්‍ය මූලික කටයුතු වශයෙන් ග‍්‍රාමීය ක‍්‍රීඩාංගණ 100 ක් රට පුරා සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.
දිගන ක‍්‍රීඩාගාරය, පොළොන්නරුව දිස්ත‍්‍රික් ක‍්‍රීඩාගාරය සහ කල්මුනේ සන්දන්කර්නි ක‍්‍රීඩාගාර ඉදිරි වර්ෂ 2 තුළදී සංවර්ධනය කිරීමට නියමිතය. විනාශ වී ඇති මාතලේ හොකී ක‍්‍රීඩාංගනය ප‍්‍රතිසංස්කරණය කරනවා.


2020 දකුණු ආසියානු උළෙල පැවැත්වෙන දියගම ජාත්‍යන්තර ක‍්‍රීඩා සංකීර්ණය උසස් කිරීමට හා වැඩිදියුණු කිරීමට කටයුතු කරනවා. දියගම ක‍්‍රීඩා ඇකඩමියක් සහ ක‍්‍රීඩා පාසලක් ඇරඹීමට කටයුතු කරනවා.
රාජ්‍ය සහ පෞද්ගලික සහභාගිත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණය නවීකරණය කොට කළමනාකරණය කරනු ඇත.
සුගතදාස බාහිර ක‍්‍රීඩාංගණයෙහි පේ‍්‍රක්ෂකාගාරය සහ ධාවන තීරු ජාත්‍යන්තර ප‍්‍රමිතීන්වලට අනුව උසස් කරනවා.
මත්ද්‍රව්‍ය විරෝධී ජාතික වැඩසටහන් හා මත්ද්‍රව්‍ය පරීක්ෂණ හා පර්යේෂණාගාරයක් ඇති කිරීම සඳහා ආධාර ලබා දෙනවා.
තීරුබදු නොවන ආනයන බදු ක‍්‍රීඩා සපත්තු ආනයනයේදී ඉවත් කිරීමට මා යෝජනා කරනවා.

සෞඛ්‍ය සම්පන්න ජාතියක්
රට තුළ සිය`ඵම දිස්ත‍්‍රික්කවල වැඩිවෙමින් පවතින වකුගඩු ආශ‍්‍රීත රෝග තත්ත්වය සැලකිල්ලට ගෙන වකුගඩු ඒකක 03 ක් සහ නවීන තාක්ෂණයෙන් යුතු ෑංඑර් - ක්‍දරචදරු්ක ීයදජන උ්ඩැ ඛසඑයදඑරසචිහ :ෑිඅක* යන්ත‍්‍ර 3 ක් පොළොන්නරුව, අනුරාධපුරය සහ යාපනය රෝහල්වල පිහිටුවීමට කටයුතු කෙරේ.
විශේෂයෙන්ම ළමයින් අතර වැඩිවෙමින් පවතින බෝ නොවන රෝග වැඩිවීමේ ප‍්‍රවණතාවය මර්දනය කිරීම ස`දහා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ කාර්යයන් ශක්තිමත් කෙරේ. ඒ අනුව, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒකාබද්ධව බෝ නොවන රෝගවන, ළමා දියවැඩියාව, ඇදුම ආදී රෝග තත්ත්වයන්වලට විසඳුම් සෙවීම සඳහා කටයුතු කෙරේ. බෝ නොවන රෝග වන වකුගඩු, තැලිසීමියාව සහ එච්.අයි.වී. ඒඞ්ස්  ආදිය මුල් අවස්ථාවේදීම හඳුනාගැනීමේ වැඩපිළිවෙල ද ශක්තිමත් කර ඇත.
විශේෂයෙන්ම ළමයින් අතර පවතින දියවැඩියාව සහ තරබාරුකම අඩුකිරීමේ අරමුණින් බීමවල අඩංගු සීනි ග‍්‍රෑම් 01 ක් සඳහා ශත 50 ක නිෂ්පාදන බද්දක් අද මධ්‍යම රාත‍්‍රියේ සිට පැනවීමට යෝජනා කෙරේ.
කරාපිටිය පිළිකා රෝග ඒකකය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරනු ඇත. ඒ හා සමගම මඩකලපුව හා රත්නපුර රෝහල්වලද පිළිකා රෝග ඒකක ස්ථාපනය කිරීමට කටයුතු කෙරේ.
රජයේ බෙහෙත්ශාලා ජාලය ශක්තිමත් කිරීම මගින් ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා ජාලය ශක්තිමත් කෙරේ.
කාසල් වීදියේ කාන්තා රෝහලේ සාඵල්‍යතා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ උසස් තත්ත්වයේ විශේෂිත වූ ප‍්‍රසව මධ්‍යස්ථාන 03 ක් කොළඹ, මහනුවර සහ අනුරාධපුර නගරවල පිහිටුවීමට කටයුතු කරනවා.
මාතෘ සහ නොමේරූ ළදරු ඒකක සංකීර්ණයක් පොළොන්නරුව රෝහලේ පිහිටුවනු ඇත.
හෘදය රෝග අවදානම් සත්කාර සංකීර්ණයක් හා හෘද රෝග නිවාරණ සංකීර්ණයක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ පිහිටුවීම සදහා වැඩකටයුතු ආරම්භ කෙරේ. කුඩා හදවත් සංකල්පය. ආරම්භ කිරීමට උදව් කළ සැමට මා ස්තුති කිරීමට කැමතියි.
මොරටුව සහ දෙනියාය ප‍්‍රාදේශීය රෝහල් උත්ශ්‍රේණිගත කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සහ බේරුවල මූලික රෝහලෙහිද සුව කාරක ඒකකය, ලේ බැංකුව, රසායනාගාරය සහ මලාපවහන ඒකකය පිහිටුවීම හා වැඩිදියුණු කිරීමේ කටයුතු සිදු කෙරේ.
වර්තමානයේදී අධික රෝගී තදබදයකින් යුතු මාතර දිස්ත‍්‍රික් රෝහලේ මාතෘ, ළමා රෝග, වෛද්‍ය හා පරිපාලන ඒකක කඹුරුගමුව රෝහලට ගෙන යාම තුළින් මාතර රෝහල වැඩි දියුණු කෙරේ.
හෙද පුහුණු පාසල්වල යටිතල පහසුකම් වැඩි දියුණු කරනවා.
මහරගම දන්ත සෞඛ්‍ය ආයතනය සහ රත්නපුර මුඛ සෞඛ්‍ය ඒකකවල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ශක්තිමත් කිරීමට පියවර ගනු ලැබේ.
ලිංගාශ‍්‍රිත බෝවන රෝග සහ එච්.අයි.වී ඒඞ්ස් ඒකකයක් නවීන තාක්ෂණ පහසුකම්වලින් යුතුව කොළඹ ජාතික රෝහලෙහි පිහිටුවීමට කටයුතු කෙරේ.
සෞඛ්‍ය සේවය හා බද්ධ වූ කොටසක් බවට පත්ව ඇති සුවසැරිය හදිසි ගිලන් රථ සේවාවට සහාය ලබා දෙනු ඇත.
සෞඛ්‍ය හා සම්බන්ධ වූ පර්යේෂණ කිරීම සඳහා ජාතික විද්‍යා පදනම ශක්තිමත් කිරීම පිණිස අවශ්‍ය ආධාර ලබා දෙනවා.
තත්ත්වය හා ප‍්‍රමිතිය තහවුරුවන පරිදි ආනයනය කරනු ලබන සුව`ද විලවුන් සහ පෞද්ගලික සනීපාරක්ෂක ද්‍රව්‍ය ආනයනය කිරීම සදහා වන නීති පැනවීමට කටයුතු කෙරේ.
මුඵ මත්පැන් පාරිභෝජනයෙන් සියයට 49 ක් නීති විරෝධී මත්පැන් වන අතර සියයට 85 කට වැඩි ප‍්‍රමාණයක් සැර මත්පැන් වේ. කෙසේ වුවද බොහෝ රටවල් සිය බදු ව්‍යුහය සකසා ඇත්තේ සැර මත්පැන් භාවිතය අධෛර්යමත් කිරීමටය. එමෙන්ම මධ්‍යසාර ප‍්‍රතිශතය හා සමානුපාතිකව බදු අය කෙරේ. මධ්‍යසාර අඩංගු වන ප‍්‍රමාණය හා වර්ගය පාදක වූ සූත‍්‍රයක් මත අපගේ බදු ව්‍යුහය යථාවත් කෙරේ. එසේම, මත්පැන් මත ජාතිය ගොඩනැගීමේ බද්ද 2018 අපේ‍්‍රල් 01 දින සිට පැනවීමට කටයුතු කරනවා.

නිවාසලාභී සමාජයක් සහ නාගරික කේන්ද්‍ර
රටේ අඩු ආදායම් කණ්ඩායම් වෙනුවෙන් නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ වසර 2020 වන විට නිවාස ඒකක 20,000 ක් ලබා දෙනවා. 2017 වසරේදී එයින් ඒකක 5,856 ක් සම්පූර්ණ කරනවා. මේ සඳහා වූ රජයේ බැඳීම් තහවුරු කරමින්, ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා 2018 වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 17.5 වෙන් කෙරේ. දැනටමත් අංගොඩ, කොළොන්නාව, මාලිගාවත්ත සහ දෙමටගොඩ ප‍්‍රදේශයන්හි මෙම ව්‍යාපෘති ආරම්භ කර ඇත.
ගැටුම් හේතුවෙන් අවතැන්වූ උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව යළි පදිංචි කිරීම. ඒ සඳහා ආරම්භ කර ඇති නිවාස ඉදිකිරීමේ වැඩසටහන 2018 සිට 2020 වසර දක්වා ක‍්‍රියාත්මක කෙරේ.
ලයින් කාමරවලින් ඉවත්වීම සඳහා නිවාස 25,000 ක් ඉදිකිරීමේ මධ්‍යකාලීන වැඩ පිළිවෙල සඳහා අප විසින් පහසුකම් සලසනවා.
ප‍්‍රථම වරට නිවසක් මිල දී ගන්නා අය සදහා අඩු පොළී මත ණය යෝජනා ක‍්‍රමයක් ආරම්භ කිරීම සදහා ආධාර ලබා දෙනවා.
ඒකාබද්ධ ගංවතුර පාලන ක‍්‍රමවේදයක් මගින් කොළඹ නගර සීමා සහ එහි තදාසන්න නගර සංවර්ධනය කිරීම සඳහා ඒ යටතේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 24 ක මුදලක් වෙන් කරනවා.
අපගේ සංවර්ධන ආකෘතිය කොළඹ දිස්ත‍්‍රික්කයට හා එහි තදාසන්න නගරවලට සීමා නොවුණු රටේ දිස්ත‍්‍රික්ක 25 ම ආවරණය වන සමස්ත සංවර්ධන ක‍්‍රමෝපායකි. ඒ අනුව, ආරම්භයේදී මහනුවර, අනුරාධපුර, ගාල්ල සහ යාපන දිස්ත‍්‍රික්කයන්, නාගරික සහ ක‍්‍රමෝපායික නගර සංවර්ධන වැඩසටහන යටතේ ආවරණය කෙරේ.
රටේ අඩු පහසුකම් සහිත ප‍්‍රදේශවල කුඩා සහ මධ්‍යම ප‍්‍රමාණයේ නගර, නවීන පොදු පහසුකම් සහිතව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කරනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා මූල්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කෙරේ.
සමස්ත රටම ආවරණය වන පරිදි ග‍්‍රාමීය මාර්ග ජාලය වැඩිදියුණු කිරීම සඳහා අප විසින් ආයෝජනය කරනු ඇත. ගංවතුර හා නාය යාම්වලින් විනාශ වූ මාර්ග වැඩිදියුණු කිරීමටද කටයුතු කෙරේ.
නියමු ව්‍යාපෘතියක් ලෙස කරන ලද සැරිසර නැතහොත් පෙර ගෙවුම් ඉලෙක්ට්‍රොනික කාඞ් පත් වැඩසටහනේ  සාර්ථකත්වය සලකා පෞද්ගලික අංශය ද ඇතුලත් වන පරිදි මෙම වැඩසටහන ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් මෙහෙයවීමට සහාය ලබා දෙනවා. එසේම, බස් රථ ධාවනයේ දී ඒකාබද්ධ කාලසටහනක් ක‍්‍රියාත්මක කරනවා.
සැමට ආරක්ෂාව
රටේ ආරක්ෂාව තහවුරු කිරීමේදී සයිබර් ත‍්‍රස්තවාදය, මූල්‍ය අපරාධ, මත්ද්‍රව්‍ය හා මිනිස් වෙලඳාම, අසමමිතික තර්ජනයන් ලෙස හඳුනාගෙන ඇත.
අපගේ ආරක්ෂක බලඇණි අදාළ උපකරණ ඇතුලූ යටිතල පහසුකම්වලින් සමන්විත විය යුතුය. එපමණක් නොව තොරතුරු හා තාක්ෂණික දැනුම ඇතුළු පහසුකම් පූර්ණව සැපයීමේ වගකීමක් අප වෙත පැවරී ඇත. එහිදී ජනතාවගේ පෞද්ගලිකත්වය සහ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන පරිදි තොරතුරු විග‍්‍රහ කිරීමත්, එම තොරතුරු සම්බන්ධයෙන් රට තුළ මෙන්ම අසල්වැසි රාජ්‍යයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ වගකීම ද අපට තිබෙනවා. ඒ නිසා එ්වාට අදාළ සම්පත් වෙන් කෙරේ.

නීති ප‍්‍රතිසංස්කරණ
විනිශ්චයකාරවරුන් හා කාර්ය මණ්ඩල හිගය මෙන්ම භෞතික සම්පත්වල හි`ගයද අපගේ අධිකරණයන්හි නඩු ගොඩගැසීමට හේතුවී ඇත. ආරවුල් සමථකරණය ප‍්‍රමාදවීම සිවිල් සමාජයේ කලකිරීමකට පමණක් නොව වාණිජ කොන්ත‍්‍රාත් බලාත්මක කිරීමට ද බලපා ඇත. අධිකරණයන්හි යටිතල පහසුකම් නංවාලීමට පහත යෝජනා ඉදිරිපත් කෙරේ.
අපගේ අධිකරණ තුළ ගොඩගැසී ඇති මූල්‍ය අපරාධ, දුෂණ හා සංවිධානාත්මක අපරාධ ඇතුලත්ව, විසඳීමට තිබෙන අතිවිශාල නඩු ඉක්මනින් විසඳීම සඳහා විශේෂිත මහාධිකරණයක් ස්ථාපිත කිරීමට ආධාර දෙනු ඇත. මෙම අධිකරණ පරිපාලන කටයුතු වේගවත් කිරීම සඳහා නවීන ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය පටිගත කිරීමේ පද්ධතියක් ස්ථාපිත කෙරෙනු ඇත.
ස්වයංක‍්‍රීය නඩු කළමනාකරණ යාන්ත‍්‍රණයක් ද, අපි විසින් හඳුන්වා දීමට කටයුතු කරන්නෙමු.
රත්නපුර හා වැලිමඩ අධිකරණ ගොඩනැගිලි පහසුවෙන් නායයාමට ලක්විය හැකි ස්ථානවල පිහිටා ඇති බවට හඳුනාගෙන ඇත. එහෙයින් මෙම අධිකරණ සංකීර්ණ දෙක වෙනත් ස්ථානවල ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙනවා.
කිලිනොච්චිය, තෙල්දෙණිය, පූගොඩ සහ කන්තලේ අධිකරණ සංකීර්ණයන්හි පවතින තදබදය හේතුවෙන් ද ඒවායෙහි පවතින අඩු පහසුකම් හේතුවෙන් ද මෙම අධිකරණ සංකීර්ණයන් වෙනත් ස්ථානවල ස්ථානගත කිරීම හා පුඵල් කිරීමට කටයුතු කරනවා.
බාල අපරාධකරුවන් සහ වින්දිතයන් උසාවි සඳහා රැුගෙන යාමේදී වැඩිහිටි වරදකරුවන්ද සමග ප‍්‍රවාහනය කිරීම තුළින් බාලවයස්කරුවන් විවිධ අපහසුතාවයන්ට ලක්වන බව හඳුනාගෙන ඇත. මේ සඳහා පිලියමක් ලෙස බාල අපරාධකරුවන් සහ වින්දිතයන් වෙන්ව ප‍්‍රවාහනය කිරීම සඳහාම වූ වාහන ලබා දීමට කටයුතු කෙරේ.

ප‍්‍රාග්ධන වෙළඳපොළ ශක්තිමත් කිරීම
අපගේ ප‍්‍රාග්ධන වෙළඳපොළ තවමත් උපරිම ලෙස භාවිතයට ගෙන නොමැත. ප‍්‍රාග්ධන වෙළෙඳපොළ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව සහ ප‍්‍රතිපත්ති වාතාවරණය තහවුරු කිරීමට අප විසින් කටයුතු කරනු ඇත. මේ පදනම මත උපාය මාර්ගික නොවන ව්‍යාපාරවලට අපගේ බැදියාව ලිහිල් කරනු ඇත. එය කොටස් වෙළදපල ප‍්‍රසාරණය වීමට හේතු වනු ඇත. වර්ධනීය හැකියාවක් සහිත ව්‍යාපාර සඳහා දීර්ඝකාලීන අරමුදල් අඩු පිරිවැයකට ලබාගැනීමට ඉඩ සැකසෙන පරිදි අපේ ප‍්‍රාග්ධන වෙළඳපොළ වර්ධනය වේගවත් කළ යුතු වනවා.

උරුමය හා සංස්කෘතිය
මහජන පුස්තකාලයේ සහය ඇතිව අප විසින් බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කරනවා.
රටපුරා ඇති අපගේ පුරාණ විහාර සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන මෙන්ම හින්දු, ක‍්‍රිස්තියානි සහ ඉස්ලාම් විස්වාසයන්ට අයත් එවැනි ස්ථාන ප‍්‍රතිස්ථාපනය හා ප‍්‍රතිසංස්කරණය සඳහා ආධාර කරනු ලබනවා.
අනුරාධපුරය, ශ‍්‍රීපාදය, මඩු, කෝනේශ්වරම්, මුන්නේශ්වරම් සහ නල්ලූර් ප‍්‍රදේශවල වන්දනාකරුවන් සඳහා විශ‍්‍රාම ශාලා ඇති කිරීමට කටයුතු කෙරේ.
රිටිගල හා රජගලතැන්න පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂාකොට සංරක්ෂණ කටයුතු කිරීම තවදුරටත් ක‍්‍රියාත්මක කෙරේ.
රේස්කෝස් ගොඩනැගිල්ල කලා, කැටයම් හා නවීන මෝස්තර සඳහා වූ ජාතික මධ්‍යස්ථානය ලෙසට පරිවර්ථනය කෙරෙනු ඇත. මෙය පාරම්පරික මෙන්ම නූතන කලාකරුවන් සහ කැටයම් ශිල්පීන් හා මෝස්තර කරුවන් සඳහා මධ්‍යස්ථානයක් ලෙස ක‍්‍රියාත්මක කෙරෙන අතරම එය ප‍්‍රදර්ශන ස්ථානයකට සීමා නොවී වෙළෙඳ පොළට සම්බන්ධ කෙරෙනු ඇත. කලාකරුවන් හා මෝස්තරකරුවන්ට තම සහජ හැකියාවන් දේශීයව මෙන්ම විදේශීයව එලිදැක්වීමට ද මේ යටතේ අවස්ථාව ලැබෙනවා.
නැ`ගී එන මැදි හා ඉහල මැදි ආදායම් සහිත ජනතාව සදහා එම ජනතාව ජීවත්වන නගර ආශ‍්‍රිතව විනෝදාත්මක පහසුකම් සැපයීමේ ප‍්‍රබල අවශ්‍යතාවයක් මතුව ඇත. ඒ අනුව නූතන කලා කටයුතු සංවර්ධනය දිරිගැන්වීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ සෞන්දර්ය කලා රංගායතනයක් මොරටුව ප‍්‍රදේශයේ ඉදිකරනු ඇත.
මන්නාරමෙහි තාල්වුපාඩු සංස්කෘතික ශාලාව ප‍්‍රතිසංස්කරණය කෙරේ.
ජනාධිපති සුභසාධක අරමුදල සහ ටවර්හෝල් පදනමේ සහයෝගය ඇතිව කලාකරුවන් සඳහා හදිසි සහ වෛද්‍ය රක්ෂණ යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දෙනවා.

රාජ්‍ය අංශය
ලෝකයේ වෙනත් රටවල සිදුවන අයුරින්ම, අපගේ රාජ්‍ය අංශයේද කාර්යක්ෂමතාවය නැංවීමට හා ප‍්‍රතිසංස්කරණයන් සිදුකිරීමට පීඩනයක් ඇත. කාර්යක්ෂම හා ඵලදායී සේවා සැපයීමකට බාධා ඇතිකරමින් අපගේ නිලබල ව්‍යුහය වසර ගණනාවක් තිස්සේ අභියෝගයට සහ පරීක්ෂාවට ලක් වී නැත. තරගකාරිත්වය තහවුරු කිරීම සඳහා වන දැඩි අවශ්‍යතාවය එකාන්තයෙන්ම ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය සඳහා වන වැදගත් යාන්ත‍්‍රණයකි. නව තාක්ෂණය භාවිත කිරීම හා නීතියේ හා රෙගුලාසිවල වෙනස්වීම් ද මේ සඳහා අවශ්‍යයය. රාජ්‍ය සේවකයන් බලගැන්වීම මෙහිදී වඩාත් වැදගත්ය. එ් සඳහා යෝජනා ඉදිරිපත් කෙරේ.
රාජ්‍ය අංශයේ සේවකයන් සදහා පොදු වැටුප් ගෙවීම් ක‍්‍රමවේදයක් හ`දුන්වා දෙනවා.
රටේ විනිවිදභාවය, වගවීම සහ තොරතුරු මත පදනම් වූ තීරණ ගැනීම තහවුරු කිරීම සඳහා ජාතික ඇගයීම් ප‍්‍රතිපත්ති හා ඇගයීම් පද්ධතියක් හඳුන්වා දෙනවා.
රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා පිළිබඳ පරිපූර්ණ අධ්‍යයනයක් කිරීමට සඳහා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂමෙන් ඉල්ලා සිටිනවා.
පුද්ගලික අංශයේද සහයෝගය සහිතව රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ දරුවන් රැුකබලා ගැනීමට ළමා සුරැුකුම් පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය වැඩසටහන් ආරම්භ කරනු ඇත.
2016 න් පසුව විශ‍්‍රාම ගත් විශ‍්‍රාමිකයින්ට ජීවිත කාලය පුරාවටම අග‍්‍රහාර ආවරණය ලබා දී ඇත. මෙම සහනය සෑම විශ‍්‍රාමිකයෙකු ස`දහාම ඔවුන් විසින් දායකත්ව වාරික ගෙවීමේ පදනම මත ජීවිත කාලය පුරාම ලබා දීමට කටයුතු කරනවා.
උපරිම මුදල්මය සීමාවක් ඇතුලත් වන පරිදි රජයේ සේවකයින් සඳහා ක‍්‍රියාත්මක වන සහනදායී වාහන යෝජනා ක‍්‍රමය මගින් ලබාදෙන බදු සහනය තවදුරටත් ක‍්‍රියාත්මක කෙරේ.
රජයේ ආයතන විසින් ක‍්‍රියාත්මක කරනු ලබන සේවා සඳහා අයකරනු ලබන ගාස්තු  සියයට 15 කින් වැඩිකිරීමට යෝජනා කෙරේ.

සංහිඳියාව
ශ‍්‍රී ලංකාව දියුණු ආර්ථිකයක් බවට පත්වීමේ අරමුණට ලගාවීමට නම්, අපේ අනාගත සැලසුම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංහිඳියාව යන ශක්තිමත් පදනම් මත ගොඩනැගීම අත්‍යවශ්‍යයි. ජාතියක් වශයෙන් අතීතයේදී අපි මුහුණදුන් ශෝචනීය ව්‍යසනයන් නැවත ඇති නොවීමට අපි වගබලා ගත යුතුයි. 2025 දී පොහොසත් රටක් බවට පත්වීමේ අභිලාශය අත්කර ගැනීමට නම්, අප රටේ විවිධත්වය මත පදනම් වූ සංහිදියාව සහ ජාතික ඒකාග‍්‍රතාවය තිබීම අවශ්‍යම වේ. එමනිසා, සියලූ ජනවර්ග එකතුකර කටයුතු කිරීමට රජය දිගින් දිගටම කැපවී කටයුතු කරනවා. යුද්ධය දිනුවත් සාමය ලබා ගැනීමට තවමත් කටයුතු කර නැහැ. ඒ ස`දහා යුද්ධය පැවති ප‍්‍රදේශවල ජීවත් වූ අයගේ හදවත් දිනා ගැනීම අත්‍යවශ්‍ය වේ.
ඔවුනගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කළ යුතුය. ආර්ථික සංවර්ධන ප‍්‍රතිලාභ ඔවුනට අත්කර දිය යුතුය.
අතිගරු ජනාධිපතිතුමා විසින් යෝජනා කල පරිදි උතුරු හා නැගෙනහිර පළාත්වල නිවාස 50,000 ක් ඉදිකිරීමට කටයුතු කෙරේ. මෙම මුදල වෙන්කර ඇත්තේ අනිකුත් අමාත්‍යාංශවලට වෙන්කරන ලද මුදල්වලට අමතර වශයෙනි.
ඒකාබද්ධ ග‍්‍රාමීය සංවර්ධනය, සහ වැසි ජලය එකතු කිරීම මෙන්ම බි`දිති ජල වාරික‍්‍රමය ඇතුලත් ප‍්‍රාදේශීය වාරිමාර්ග සංවර්ධන වැඩසටහන් හා ක‍්‍රියාකාරකම් සදහා රජය ආධාර ලබා දෙනවා.
සහජීවනය අරමුණුකොට ගත් ජීවනෝපාය සංවර්ධනය, ආර්ථික බලගැන්වීම සහ සමාජ යටිතල පහසුකම් සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කෙරේ. එසේම, වෙනස් වූ හැකියාවන් සහිත උතුරේ වෙසෙන කාන්තාවන් සඳහා විශේෂ නිවස්නයන් ඉදිකිරීම ද මෙයට ඇතුලත් වෙනවා.
ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක‍්‍රමවලින් ඇති කරන ලද ග‍්‍රාමීය ණයගැතිභාවය බරපතල ගැටඵවක් බවට පත් වී තිබෙනවා. කාරක ප‍්‍රාග්ධනය සහ ස්කන්ධ ප‍්‍රාග්ධනය යන සාධක අවම වීම මත උතුරු පළාතේ ඇති කුඩා කර්මාන්ත පවත්වාගෙන යාමට නොහැකි වී තිබෙනවා. ඒ වෙනුවෙන් පහත සඳහන් යෝජනාවන් කරනවා.
ණයගැතිභාවයට පත් වූ අයට සහනයක් සැලසීම සඳහා ප‍්‍රදාන සහ අඩු පොලී සහිත ණය යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දෙනවා. සමූපකාර ග‍්‍රාමීය බැංකු සහ සකසුරුවම් සහ ණය දෙන සමූපකාර සංගම් හරහා මෙම ණය යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කිරීමට රජයේ සහය ලබාදෙනවා. එමගින් ණය උගුලෙන් බේරීමට සහාය වනවා. මෙම යෝජනා ක‍්‍රමය උතුරු සහ උතුරු මැද පළාත් තුල නියමු ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක කරනවා.
එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ණය යෝජනා ක‍්‍රමය යටතේ දැනට ක‍්‍රියාත්මක වන සහනදායී ණය යෝජනා ක‍්‍රම මගින් පවත්නා කුඩා කර්මාන්තවල නිෂ්පාදනය වැඩිකිරීම සහ වෙළඳපොළ සම්බන්ධතාවය ඇතිකර ගැනීම සඳහා පහසුකම් ලබාදෙනවා.
ප‍්‍රදේශය තුල ක‍්‍රියාත්මක වන නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිති ජාලය බලගැන්වීමෙන් උතුරු පළාත තුළ තෝරාගත් කුඩා කර්මාන්ත දියුණුව සඳහා ප‍්‍රදානයන් ලබා දෙනවා.
ප‍්‍රධාන වශයෙන් ශාක යුෂ පාදක නිෂ්පාදන වන තල් හකුරු, තල් පළතුරු සහ තල් අල සහ අල වර්ග මත පදනම් වන ආහාර සැකසුම් මධ්‍යස්ථාන 02 ක් පිළිවෙලින් ඩෙල්ෆ්ට් දුපතේ සහ කිලිනොච්චිවල පිහිටු වනවා.
යුද්ධය හේතුකොටගෙන ජීවනෝපාය අහිමි වූවන් ඔවුන්ගේ මුල් ඉඩම්වල පදිංචි කොට නැවත ඔවුනගේ මුල් රැුකියාවල යෙදවීම සඳහා මයිලඩි වරාය ධීවර වරායක් ලෙස සංවර්ධනය කරනවා. ධීවරයන්ට ඔවුනගේ මාඵ අස්වැන්න ගබඩා කිරීමට හැකිවන පරිදි, ශීතාගාර හා ගබඩා පහසුකම් ස්ථාපිත කිරීමට අප කටයුතු කරනු ලබනවා.
අච්චුවේලි කර්මාන්ත කලාපයෙන් සියයට 50 ක් පමණ දැනට භාවිතයට ගනු ලබයි. එම කලාපයේ ස්ථාපිත කරනු ලබන සමාගම්වල ඉදිරි වසර 2 ක කාලය තුල විදුලි වියදමින් සියයට 50 ක් රජය විසින් දැරීමට මා යෝජනා කරනවා. එසේම, අච්චුවේලි කර්මාන්ත කලාපයේ පහසුකම් වැඩිදියුණු කිරීමට ද කටයුතු කරනවා.
යාපනයේ නවීන ආර්ථික මධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු කරන අතර එම මධ්‍යස්ථානය දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සහ කොළඹ සමග සම්බන්ධ කරනු ලබනවා.
ස්වාධීන රූපවාහිනී සේවයේ වසන්තම් නාලිකාවේ සේවය වැඩිදියුණු කිරීමට ආධාර ලබා දෙනවා.
ජාතික භාෂා සංවර්ධන වැඩසටහන සහ ජාතික සහජීවන වැඩසටහන තුලින් රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය ශක්තිමත්ව ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සම්පත් වෙන්කර දීමට කටයුතු කරනු ලබනවා.
ජීවනෝපාය පහසුකම් සැලසීම තුලින් යුද්ධය සහ ගැටුම් නිසා අවතැන්වූ වැන්දඹුවන් සහ පුනරුත්ථාපනය කරන ලද හිටපු සටන්කාමීන් සමාජයේ ප‍්‍රධාන ප‍්‍රවාහයට අන්තර්ග‍්‍රහණය කර ගැනීම අවශ්‍ය වී ඇත.
යුද්ධය නිසා බලපෑමට ලක්වූ කාන්තාවන් විසින් ක‍්‍රියාත්මක කරන සුඵ වෙළඳ ව්‍යාපාර සංකල්පයක් වන ”අම්මච්චි” සංකල්පය අගය කරන අතර එම ව්‍යාපාර සඳහා තවදුරටත් පහසුකම් සලසනු ලබනවා.
පුනරුත්ථාපනය කරන ලද හිටපු සටන්කාමීන් 12,600 කට ස්ථාවර ජීවනෝපායක් සැලසීම ද අත්‍යවශ්‍ය වේ. එසේ වුවද, ඔවුන් සතුව නිපුනතාවයන් තිබුන ද, වැඩි දෙනෙකු සඳහා කිසිදු විධිමත් සුදුසුකමක් නැහැ. ඔවුනට රැුකියාවක් ලබා ගැනීමට හැකිවන පරිදි ඔවුනගේ නිපුනතාවයට සරිලන ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයක් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් ජංගම සේවයක් මගින් ක‍්‍රියාත්මක කරනු ලබනවා. මෙම පහසුකම යුද්ධය පැවැති කාලයේ අධ්‍යාපනය කඩාකප්පල් වූ උතුරු නැගෙනහිර අයට ද ලබා දෙනවා.
එමනිසා, පුනරුත්ථාපනය වූ හිටපු සටන්කාමීන් 05 දෙනෙකු බඳවාගන්නා පෞද්ගලික අංශයේ ආයතනවලට, මාසිකව වැටුප රුපියල් 10,000 ක උපරිමයකට යටත්ව එක් පුද්ගලයකු සඳහා සියයට 50 ක වැටුප් සහනාධාරයක් මාස 12 ක් දක්වා ක‍්‍රියාත්මක වන පරිදි ලබා දෙනවා.
1990 මුල් භාගයේ දී උතුරු ප‍්‍රදේශයේ ජීවත්වූ සියලූම මුස්ලිම් ජාතිකයන් ඛඔඔෑ සංවිධානය විසින් එම ප‍්‍රදේශවලින් බලහත්කාරයෙන් ඉවත් කරන ලදි. එම කාලයේ සිට වැඩිදෙනෙකු අභ්‍යන්තරව අවතැන්වූ පුද්ගලයන් ලෙස ජීවත් වෙනවා. එසේ, අවතැන් වූ පුද්ගලයින්ගේ නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 2,500 ක් වෙන්කරනු ලබනවා. සිලාවතුර ප‍්‍රදේශයේ නගර සංවර්ධන වැඩසටහන තවදුරටත් ක‍්‍රියාත්මක කිරීමත්, මන්නාරම නගර ප‍්‍රදේශය පුනරුත්ථාපනය කිරීමත් ඇතුඵව නැවත පදිංචි කිරීමේ වැඩසටහන වේගවත් කිරීම සඳහා මෙම මුදල් වෙන් කරනු ලබනවා.
මෙම සභාව විසින් අනුමත කරන ලද අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම් කටයුතු 2018 වර්ෂයේ සිට ආරම්භ කරනවා.
කාලය දීර්ඝ කරනු ලැබූ සංහිදියා යාන්ත‍්‍රණය සදහා වන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ කටයුතු සඳහා ආධාර ලබා දෙනවා.
ජීවන වියදම සඳහා සහාය
මෙම වර්ෂයේ ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදනවල විශාල අඩුවීමක් ඇතිවුනා. විශේෂයෙන් සහල් සහ පොල් නිෂ්පාදනයට මෙය දැඩි ලෙස බලපෑවා. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් වලට සෘජු බලපෑමක් ඇති වුනා. ජීවන වියදමේ බලපෑම අවම කිරීම සඳහා මෑතදී අප විසින් ක‍්‍රියාමාර්ග කීපයක් ගනු ලැබුවා. එම පියවරයන් අතරට ඊයේ සිට ක‍්‍රියාත්මක වූ බී ලූනු, අර්තාපල්, පරිප්පු, කරවල , හාල්මැස්සන් සහ එළව`ඵ තෙල් සඳහා ආනයන බදු අඩුකිරීම ද ඇතුලත් වෙනවා.
රජය විසින් ගාස්තුවකින් තොරව ලබාදෙන පොදු ස්ථානවල සාධාරණ මිලට භාණ්ඩ අලෙවිකරන සිල්ලර වෙළඳසැල් පිහිටුවීම මගින් මෙම කාර්යය තව දුරටත් ශක්තිමත් කරනවා. පාරිභෝගිකයන්ට ප‍්‍රතිලාභ ලැබෙන සේ වෙළඳපල මිලට වඩා අඩු මිලකට පාරිභෝගික ද්‍රව්‍ය ලබාදීමට මෙම වෙළදසැල් හිමිකරුවන් බැදී සිටිනවා.
භාණ්ඩවල ගුණාත්මක භාවය සහ මිල වෙනස් කිරීම් මගින් සිදුකරන අකටයුතුකම් වලින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය ශක්තිමත් කරනු ලබනවා. ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද රුපියල් බිලියන 7,000 ක ණය ආපසු ගෙවීමට ඇති බැවින් ඉදිරි වසර තුන ඉතා බැ?රුම් කාලයක් වනු ඇත. මෙයට රුපියල් බිලියන 600 ක් තරම් වූ සෑම වසරකම කල් පිරෙන ස්වෛරී අන්තර්ජාතික බැඳුම්කර ආපසු ගෙවීම් ද ඇතුලත්ය. රාජ්‍ය මූල්‍ය තත්ත්වය කෙරෙහි මෙම ණය අධික බලපෑමක් ඇතිකරනු ලබයි. 2018 වර්ෂය සදහා පමණක් ණය ආපසු ගෙවීම සඳහා රුපියල් බිලියන 1,970 ක් අවශ්‍යවේ. පසුගිය වසර දෙක තුළ ද සිදු කළ පරිදි මතුව ඇති ණය අර්බුදය තුල වුවද, 2018 වර්ෂය සඳහා සිදුකිරීමට නියමිත රාජ්‍ය ආයෝජනයන් අප අඩු කළේ නැහැ. කෙසේ නමුත්, අපට සහාය අවශ්‍ය වෙනවා. එමනිසා 2018.04.01 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි බැංකු මගින් සිදුකරනු ලබන සියඵ ගනුදෙනු සදහා රුපියල් 1,000 කට ශත 20 ක් වන අනුපාතයක් අනුව ණය ආපසු ගෙවීම සඳහා වූ විශේෂ බද්දක් අයකිරීමට යෝජනා කරනවා. මෙය ඉදිරි වසර 03 සඳහා පමණක් අදාල වන අතර මෙය ගනුදෙනුකරුවන්ගෙන් අයකිරීමට ඉඩ දෙන්නේ නැහැ.

ආදායම් පරිපාලනය රේගුව
අවශ්‍ය ආරක්ෂණ පියවර සමග නිර්බාධක වෙළදාම දිරිමත් කිරීමට අප ලබා දුන් එකගතාවයට අනුව වසර 148 ක්
පැරණි රේගු ආඳා පනත වෙනුවට නව නීති පද්ධතියක් හඳුන්වාදීමට කටයුතු කරනවා. ලියකියවිලි රහිතව භාණ්ඩ
නිශ්කාශනය කිරීමේ ක‍්‍රමවේදය තහවුරු කිරීමේ අපේක්ෂාවට අනුකූලවන පරිදි, ඩිජිටල් අත්සන් පිළිගත් විද්‍යුත් ලියකියවිලවලට යොදන ක‍්‍රමවේදය ඉතා කඩිනමින් ක‍්‍රියාත්මක කරනු ලබනවා.
2017.11.10 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි ලෝක රේගු සංවිධානය විසින් පලකරන ලද රේගු සංයෝජිත වෙළඳ භාණ්ඩ සවිස්තරණ සහ සංයෝජිත වර්ගීකරණ සංකේතයන්හි 2017 සංස්කරණය ශ‍්‍රී ලංකාවද යොදා ගනු ලබනවා.
2018 ජනවාරි මස 01 දින සිට ආනයනයට අදාල සියඵ ලියකියවිලි මෙහෙයවීම ස්වයංක‍්‍රීයව සිදුකිරීමට කටයුතු කරනවා.
ආදායම් කාන්දුවීම ප‍්‍රධාන මාර්ගයක් බවට නීති විරෝධීව ගෙන්වනු ලබන සිගරට් දේශීය වෙළෙඳපලට ගලායෑම හේතුවක් වී ඇත. නීති විරෝධීව විශාල වශයෙන් ගෙන්වනු ලබන දුම්වැටි අධෛර්ය කිරීම සඳහා ආනයනය කරනු ලබන දුම්වැටි සහ සුරුට්ටු සඳහා බලපත‍්‍ර නිකුත් කරනවා. මෙය මෙම ගැටඵව සඳහා ක‍්‍රියාත්මක කරනු ලබන එක් ක‍්‍රමවේදයක් පමණයි.
2018 ජනවාරි මස 01 දින සිට මෝටර් වාහන ආනයනය කිරීමේදී භාවිතා කරන කාලීන ණයවර ලිපිපහසුකම් සඳහා අවසර ලබා නොදේ.
දේශීය ආදායම්
දේශීය ආදායම් පනත ක‍්‍රියාත්මක කිරීම පහසු කිරීම සඳහා  ව්‍යාපෘතිය සුදුසු ආකාරයට වෙනස් කරනු ලබනවා.

සුරාබදු
වර්තමාන අවශ්‍යතාවයට ගැලපෙන පරිදි, 1912 සුරාබදු ආඥාපනත නැවත සකස් කිරීමට අවශ්‍යවේ. දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණයේ භාවිතය අවම මට්ටමක පවතිනවා. ඒ නිසා සුරාබදු ආදායම් කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දෙනු ලබනවා.
මත්පැන් නිෂ්පාදනය අධීක්ෂණය පිණිසත් තහනම් මත්පැන් නිෂ්පාදනය අවම කිරීමට සහායවීම පිණිසත්, ප‍්‍රමාණය මත පදනම්ව එතනෝල් නිෂ්පාදනයට භාවිතා කරන අමුද්‍රව්‍ය මත සුරාබද්දක් පැනවීමට කටයුතු කරනවා. පානීය නොවන මද්‍යසාර සදහා ලීටරයකට රුපියල් 15 ක් වන සුරා බද්දක් පැනවීමට ද මා යෝජනා කරනවා. අද මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම යෝජනා ක‍්‍රියාත්මක වෙනවා.
පසුගිය වර්ෂ දෙක තුල බදු පදනම පුඵල් කිරීම සඳහාත් බදු අයකිරීමේ වියදම් අවම කිරීම සඳහාත් රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්ති හඳුන්වා දෙන ලදි. මෙම ප‍්‍රතිපත්තිවලට අනුකූල වෙමින් වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බදුවලට අනුකූල නිදහස් කිරීම් යථාවත් කරනවා. බදු පරිපාලනය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ආර්ථික සේවා ගාස්තු, මුද්දර බද්ද හා අනිකුත් බදු නීතිවල අවශ්‍ය වෙනස්කම් සිදු කෙරේ. යෝජිත වෙනස්කම් තාක්ෂණික සටහනේ ඇතුලත් කර ඇත.
කෙටි පණිවිඩ මගින් සිදුකරන ප‍්‍රචාරණය මත බදු
2018 අපේ‍්‍රල් මස 1 වන දින සිට බලපැවැත්වන පරිදි කෙටි පණිවිඩ මගින් සිදුකරනු ලබන අලෙවි ප‍්‍රචාරණයන් සඳහා එක් පණිවිඩයකට ශත 25 ක ගාස්තුවක් අයකිරීමට යෝජනා කරනවා.
අයවැය යෝජනා සාර්ථකව අධීක්ෂණය කිරීම සඳහා මගේ අමාත්‍යාංශයේ පසුවිපරම් කිරීමේ ඒකකයක් පිහිටුවීමට කටයුතු කරනවා.

Lanka Enews

ලංකා ඊ නිව්ස් ශ්‍රී ලංකාව තුළ වාරණය කිරීමට මාධ්‍ය නිදහස සපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව විසින් ගත්පියවර ජනතාව සහ මාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරොත්තු නොවන්නක් බවත් වාරණය වහා ඉවත් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිගෙන්, අගමැතිගෙන්, ජනමාධ්‍ය ඇමැතිගෙන් සහ ටෙලිකොම් බාර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රීලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුළ වාරණය කොට තිබීම පිළිබඳව තම ස්ථාවරය පළ කරමිණි.

එම සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ සහ ලේකම් දුමින්ද සම්පත් මහත්වරුන්ගේ අත්සනින් අද නිකුත් කර ඇති එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අවහිර කිරීම සම්බන්ධයෙනි.

ලංකාඊ නිව්ස් වෙබ් අඩවියට ශ්‍රී ලංකා ටෙලිකොම්හි අන්තර් ජාල පහසුකම භාවිතාකරමින් 2017-11-08 දින සිට පිවිසීමට නොහැකි වන සේ වාරණය කර තිබීම අප සංගමයදැඩි ලෙස හෙළා දකිමු. මෙම පියවර යහපාලන ආණ්ඩුව මාධ්‍ය මර්දනය වෙනුවෙන් ගනුලැබූ පළමු පියවර නොවන අතර මීට පෙර රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සහදේශපාලනඥයින් මාධ්‍ය නිදහසට කළ බලපෑමට අප විටින් විට විරෝධය පළ කෙළෙමු.මාධ්‍ය නිදහස ශපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ මෙවැනි පියවර ජනතාව සහමාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරොත්තු නොවන්නකි. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියවාරණයට ලක් කර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමේ උපදෙස් පරිදි බව අපටවිශ්වාසවන්ත ආරංචි මාර්ග හෙළිකර සිටියි.

මෙමවාරණ නියෝගය නිකුත් කළ විදුලි සංදේශ නියාමන කොමිසම පවතින්නේ ජනාධිපතිවරයායටතේ වීමත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පවතින්නේ ජනාධිපතිවරයාගේ සහෝදරයාගේයටතේ වීමත් මෙම හදිසි වාරණයේ සුවිශේෂී කාරණයකි. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියවාරණයට ලක් කිරීම පිළිබඳ ආණ්ඩුව වහා ප්‍රකාශයක් සිදුකළ යුතු බව අප අවධාරණයකරමු. පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ ද ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාරණයටලක් වූ අතර එකී ආයතනයට ගිනි තැබීම ද එහි මාධ්‍යවේදියෙකු වූ ප්‍රගීත්එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ද සිදුවිය.

ආණ්ඩුවක්විවේචනයට බිය විය යුත්තේ තමන් අත වැරදි ඇතිනම් පමණි. එසේ නොවන්නේ නම් එකීවිවේචන වලට පිළිතුරු දීමට ඕනෑම මාධ්‍ය ආයතනයක් සහතික කර තිබේ. විවේචන වලටපිළිතුරු දීම වෙනුවට මර්දනයකට කැස කැවීම යහපාලන රජයකට නොවටිනා දෙයකි.

ලංකාඊ නිව්ස් වෙත සිදුකර ඇති වාරණය වහා ඉවත් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් සිය මතයප්‍රකාශ කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන්, ජනමාධ්‍යඇමැතිවරයාගෙන් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බාර ඇමැතිවරයාගෙන් අපි වැඩිදුරටත් ඉල්ලා සිටිමු.

අත්සන් කෙළේ

ලසන්ත රුහුණගේ - සභාපති

දුමින්ද සම්පත් - ලේකම්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 72 වන අය වැය කතාව අද පස්වරු 3.00ට  ආරම්භ වී මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීම මහතා විසින් මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටි.

2018 වර්ෂය සඳහා වන මෙම අයවැය වත්මන් රජයේ මුල්ම අයවැයද වේ.

එහිදී දැනට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා මෙසේය.

දේශීය වශයෙන් එකලස් කරන විදුලි බස් සහ කාර් සඳහා විශේෂ බදු සහන

වාහන ගෙන්වීමේදී වායු බැලුන (එයාර් බෑග්) අනිවර්ය කිරීම

විදුලියෙන් ධාවනය වන බස් රථ සඳහා රුපියල් මිලියන 500ක්

සූර්ය බලයෙන් වාහන ආරෝපණය කරන මධ්‍යස්ථාන අළුතෙන් ඉදිකිරීම

ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑමයකට රුපියල් 10 බැගින් නිෂ්පාදන බද්දක්

අළුතින් කාබන් බද්දක් හඳුන්වා දීම

පුත්තලම අරුවක්කාලු කසල බැහැර කිරීමේ පරිශ්‍රය වෙනුවෙන් රුපියල් මිලියන 3000ක් වෙන් කෙරේ.

නාගරික ගංවතුර පාලනය සඳහා කාලගුණික තත්තවයන්ට ඔරොත්තු දෙන ආරක්ෂිත බැමී ඉදිකිරීම

වී ඔය ඇතුළු ඉහළ ගංගා ධාර වලට බහුකාර්ය ජලාශ

මල්වතු ඔය, කුඹුක්කන් ඔය ආවරණය වන පරිදි භූගත ජල මාපක ඉදිරිපත් කිරීම

සතුන්ට විවෘත්තව නිදහසේ ජීවත් විය හැකි ලෙස දෙහිවල සත්වෝද්‍යානය සහ පින්නවල අලි අනාථාගාරය ප්‍රතිසංස්කරණය කිරීම.
 
පින්නවල අලි පර්යේෂණාගාරයක් ඉදිකිරීම
 
ජංගම දුරකථන කුළුණු සඳහා නව ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීම
 
ඒකාබද්ධ වෙරළ කලාප කළමනාකරන යාන්ත්‍රණයක් සැකසීම
 
ගල්කිස්ස සිට රත්මලාන දක්වා වෙරළ සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 400ක් 
 
මීගමුව මාරවිල අතර වෙරළ ආරක්ෂණ ව්‍යපෘතියක්
 
මීගමුව, රැකව, පුත්තලම, මඩකලපුව, නන්දිකඩාල්, මුන්දලම ඇතුළු කලපු 10ක් සංරක්ෂණය කිරීම
 
වැසි ජලය ආරක්ෂා කර ගැනීම සඳහා කුඩා සහ මධ්‍ය ප්‍රමාණයේ වැව් වල රොන්මඩ ඉවත් කිරීමට රුපියල් මිලියන 100ක්
 
බෝග වර්ග 6ක් සඳහා අක්කරයකට රුපියල් 40 000කට යටත්ව කෘෂි රක්ෂණයක්
 
බහුදින යාත්‍රාවල මසුන් නරක්විම අවම කිරීම සඳහා ශීතාගාර තාක්ෂණය සඳහා වියදමින් සියයට 50ක් රජයෙන්

වැවක් සහිත ගමක් සංකල්ප තව දුරටත්

තවත් අයවැය යෝජනා බලාපෙරෝතු වන්න

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා නීතිඥයෙකු මගින් අධිකරණයට භාර වි තිබේ.

රුපියල් කෝටි 4ක මුදලක් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී සිටි ඔහු පසුගිය කාලයේ තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද ඉල්ලා තිබිණ.

අද ඉදිරිපත් කෙරෙන අයවැයෙන් මත් පැන් වල මිල අඩු කිරීමක් හෝ සුරාබදු බලපත්‍ර සඳහා සහනයක් සැළසෙතැයි සැකයක් පවතින බව මත්පැන් හා මත් ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ (ADIC) විධායක අධ්‍යක්ෂ වෛද්‍ය පුබුදු සුමනසේකර මහතා කියයි.

කම්කරු ඇමති ජෝන් සෙනෙවිරත්න සහ මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර යන මහතුන් මත්පැන් පානය කෙරෙහි ජනතාව අනියමින් පොළඹවන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම මත මෙම අනුමානය පහළවී ඇතැයි පවසන වෛද්‍ය සුමනසේකර මහතා රජය තම කූට උපායන්ට නතු කර ගැනීමට මධ්‍යසාර සමාගම් නිරතුරු උත්සාහයක යෙදෙන ද බව පෙන්වා දෙයි.

ජනතාව මධ්‍යසාර භාවිතයට පෙළඹවීම තුළින් රජයට යම් ආදායමක් ලබා ගතහැකි වුවද මධ්‍යසාර භාවිතය ඉහළ යාම නිසා පවුල්, සමාජ, ආර්ථික, සෞඛ්‍ය ආදී ගැටළු පවත්නා රජයට අතිශය අයහපත් ලෙස බලපෑ හැකි බව පෙන්වා දෙයි.

1995 වසරේ එවක මුදල් අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා බීර සඳහා සීයයට පනහක බදු සහනයක් ලබා දීම මත  බීර වෙළදාම තුන් ගුණයකින් ඉහළ ගිය බව සඳහන් කළ ඔහු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, දිවිනසාගැනීම්, රිය අනතුරු ආදිය සඳහයා මුල් වන මත්පැන් සහන ලබා දුන හොත් පවත්නා රජයට අතිශය අහිතකර ප්‍රතිවිපාක ලැබෙනු ඇතැයිද කීය.

දමයන්ති ගමගේ

අක්‍රමවත් අයුරින් කැළි කසල බැහැර කිරීම හේතුවෙන් මහවැලි ගංගාවට විශාල පාරිසරික හානියක් සිදුවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සදහන් කරයි.

මහවැලි ගංගාවට මෙන්ම එහි අතු ගංගාවන් ආශ්‍රිත රක්ෂිත කලාප වෙත අනිසි අයුරින් කැළි කසල බැහැර කරන බවත් වර්ෂා කාලයේදී එම අපද්‍රව්‍ය ගංගාවෙත ගලායන බව ඒ පිළිබද අධ්‍යනයක් කරන භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලලිතා දිසානායක මහත්මිය පවසයි.

මහවැලි ගංගාවේ අතු ගංගාවක් වන පිගාඔය ආශ්‍රිතව මෙම සංසිද්ධිය පැහැදිලිව දැකිය හැකි බවත් එවැනි අතු ගංගා බොහෝ විට කුණු කාණු බවට පත්ව ඇතැයි ද ඇය සදහන් කරයි.

මේ දිනවල ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කඳුකරය ආශ්‍රිත ජලාශවල විශාල වශයෙන් ප්ලාස්ටික්, පොලිතීන්, විද්‍යුත් අපද්‍රව්‍ය ආදිය රැඳී තිබෙනු දැකිය හැකි වේ. මහවැලි ගංගාවේ මෙය බහුලව දැකිය හැකි අතර පොල්ගොල්ල ජල හැරවුමේ මධ්‍යම වශයෙන් ද කොත්මලේ, රන්දෙණිගල හා රන්ටැඹේ ප්‍රදේශවල සුලු වශයෙන් මෙම සිද්ධිය දැකිය හැකි වේ.

ගංගාවක් මතුපිට භාරය, ද්‍රාවණ භාරය හා පතුල භාරය වශයෙන් ස්ථර තුනකින් යුක්තව පවතින අතර මේ වන විට ඒ ස්ථර තුනම ඝන අපද්‍රව්‍යවලින් යුක්ත යැයි සදහන් කළ  ආචාර්ය ලලිතා දිසානායක මහත්මිය මෙසේ ද සදහන් කළාය.

දැනට දශක කිහිපයකට ඉහතදී මෙවැනි ඝන අපද්‍රව්‍ය එකතු වීමක් සිදුවුණේ නැහැ. ඒ වෙනුවට මතුපිට ගලා ගියේ ස්වාභාවික ද්‍රව්‍ය පමණයි. එවැනි දේ දිරාපත්වුණු නමුත් වර්තමානයේදී ගංගා මතුපිට පවතින ද්‍රව්‍ය දිරාපත්වීමක් වන්නේ නැහැ.නමුත් අද ශීඝ්‍ර නාගරීකරණය හේතුවෙන් ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මේ නිසා  ජලජ ජීවින්ට හා ජලජ ශාඛවලට සෘජු හානි සිදුවන අතර ජලය පාරිභෝජනය කරන මිනිසාට වක්‍ර හානි සිදුවෙනවා. ගංගා ජලය අපවිත්‍රවීම නිසා මිනිස් පරිභෝජනයට ගන්නා ජලය පිරිපහදු කිරීමේදී වැඩි පිරිවැයක් දැරීමට සිදුවෙනවා.

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල කැළිකසල බැහැර කිරීම විධිමත් නොවන නමුත් ඔස්ට්‍රියාව, ජර්මනිය, නෝර්වේ, ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටවල මෙවැනි ගැටලුවක් නැහැ. ජනතාව ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබද දැනුවත් ව සිටින අතර දිරාපත් නොවන භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන පවා යළි සිය අපද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රමවේද හදුන්වා දී තිබෙනවා. ආචාර්ය ලලිතා දිසානායක මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මිල අඩුකරන ලද අර්තාපල්, ලොකු ලූණු, පරිප්පු, කරවල, පොල්තෙල් හා හාල්මැස්සන් යන ‘සහන මල්ල‘ වෙනුවෙන් රජයට මසකට රුපියල් මිලියන 1500ක් වැය කිරීමට සිදුවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

ඒ අනුව ඔහු තව දුරටත් පවසනුයේ මෙය අද ප්‍රකාශයට පත් කරන අයවැය සහන වලට අමතර සහනයක් බවත් අද අයවැයෙන් තවත් සහන කිහිපයක් ලබා දෙන බවත්ය.

බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලයේ දෝෂයක් නිසා විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණි විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

පෙරේදා(07) ගමන් බලපත්‍ර සැකසුම් අංශයෙහි හටගත් පරිගණක ජාලයේ දෝෂයක් නිසා එම කටයුතු අඩාල වූ අතර අද ගමන් බලපත්‍ර භාරගන්නා අංශයෙහි පරිගණක ජාලයේ දෝෂයක් හටගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පිළිතුරු දුන් එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ එම දෝෂ හැකිතාක් ඉක්මනින් යථා තත්වයට පත් කරන බවය.

එස්.ටී.පී.සිල්වා

පෙට්‍රල් මෙට්‍ර්රික් ටොන් 40 000ක් රැගත් නෙවස්කා ලේඩි නෞකාවෙන් ශ්‍රී ලංකාවට ගෙනෙනු ලැබූ පෙට්‍රල් වල සාම්පල් මේ වන විට පරික්ෂා කරන බවත් අද මධ්‍යාහනයෙන් පසු ඒවා මුතුරාජවෙල තෙල් ගබඩා ඔස්සේ ඉන්ධන පිරවුම්හල් වලට බෙදා හරින බවත් ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් කීය.

මේ අතර ඉන්ධන බොදා හැරීමේ කටයුතු කාර්යක්ෂම සිදු කිරීම සඳහා නිවාඩු නොගෙන සේවය වාර්තා කරන ලෙස සේවකයන්ට දැනුම් දී ඇතැයි ද හෙතෙම කීය.

පෙට්‍රල් මෙට්‍ර්රික් ටොන් 15000 ක් රැගෙන් නෞකාවක් ලබන සෙනසුරාදා(11) දිවයිනට ලඟා වීමට නියමිත අතර දැනට පවත්නා පෙට්‍රරල් තොග ඉදිරි දින 20 සඳහා ප්‍රමාණවත් බව ද හෙතෙම කීය.

එමෙන්ම පෙට්‍රල් හිඟයක් පිළිබඳ සමාජ ජාල ආදී නොවිධිමත් ක්‍රම මගින් ජනතාව අතරේ තොරතුරු ප්‍රචාරණය වීම මත ජනතාව පෙට්‍රල් වැඩි පුර මිලදී ගැනීමට පෙළඹීමද මෙවර සංචිත ශීඝ්‍රයෙන් පහළ බැසීමට හේතු වූ බව හෙතෙම කීය.

ඒ.ජී.රේණුකා

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4320

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4029

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7095

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4424

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2815

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3621

Please publish modules in offcanvas position.

Web Analytics