Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මංගල අය-වැයට පෙර අද (8) මධ්‍යම රාත්‍රියේ  සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 5ක් සඳහා පනවා තිබූ බද්ධ අඩු කර තිබේ. මේ අනුව අර්තාපල් හා ලොකු ලූණු කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ  භාණ්ඩ බද්ද රුපියල් 39කින්ද පරිප්පු කිලෝවක බද්ධ රුපියල් 12කින්ද කරවල කිලෝවක බද්ද රුපියල් 50කින්ද, ‍පොල්තෙල් හා එළවළු තෙල් කිලෝවක බද්ද රුපියල් 25කින්ද අඩු කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (8) සවස සිය අමාත්‍යාංශයේ පැවැති මාධය හමුවකදී ප්‍රකාශ කළේය. මීට අමතරව හාල්මැස්සන් කිලෝවක් සදහා වන බද්දද රුපියල් 10ක් අඩුකර තිබේ. මීට අදාළ ගැසට් පත්‍රයද ප්‍රකාශයට පත් කිරීමට ඊයේම පියවර ගත් බවද ඔහු කීවේය.
පසුගිය කාල පරිච්ජේදය තුළ වැඩි වු ජීවන වියදමට සහනයක් ලෙස මෙම මිල අඩු කිරීමට  පියවර ගත් බවද ‍පොල්තෙල් මිල අඩු වීමෙන් වෙළෙඳ ‍පොළේ ‍පොල් මිළද අඩුවීමක් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කීවේය. වෙළෙඳ ‍පොළේ  හාල් මිළ ඉහළ යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා විවෘත ආර්ථිකය  තුළ සහල් මිල පාලනයක්  කිරීමේ අපේක්ෂාවක් නොමැති බවද ජනාධිපතිවරයා විසින් මේ වන විට අනුගමනය කර ඇති යම් ක්‍රියාමාර්ග නිසා වෙළෙඳ‍පොළේ  හාල් මිල අඩුවෙමින් පවතින බවද අමාත්‍යවරයා  කීවේය. මේ අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාද සහභාගි විය.
 
ජයසූරිය උඩුකුඹුර

සිය පෞද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් අනාවරණය කරගත් රහස්‍ය තොරතුරු අනුව රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධ යැයි කියන සැකකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන පාලකවරයා, මැතිවරණ කොමසාරිස් කාර්යාලය හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය ඇතුළු ආයතනවලින් තොරතුරු ලබාගෙන දීර්ඝ ලෙස පරීක්ෂණ සිදුකරන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (8) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ටේ‍රාක්සි මහතාට වාර්තා කළේය. ඝාතනයට ලක්වූ වසීම් තාජුඩීන් භාවිත කළ ජංගම දුරකථනයෙන් උපුටාගත් දුරකථන විස්තර ඇතුළු තොරතුරු වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයට ලබාදෙන ලෙසට එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විමර්ශන අංශයට නියෝග කළේය.
එම නඩුව ලබන 30 වැනිදා කැඳවීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
හිටපු ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති අනුර සේනානායක හා ‍පොලිස් පරීක්ෂක සුමිත් ධම්මික පෙරේරා යන සැකකරුවන් දෙදෙනා අද (8) අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එම නඩුවේ තෙවන සැකකරුලෙස නම් කොට තිබූ මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා අද (8) අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අසනීප තත්ත්වයෙන් පසුවීම නිසා රෝහල් ගතකර ඇති බවත් ඊළඟ නඩු දිනයේදී වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේය. 
 
නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමට රජය තීරණය කළ බව සයිටම් පිළිබඳ සොයාබැලීමට පත්කළ කමිටුවේ සභාපති අචාර්ය හර්ෂද සිල්වා මහතා අද (08) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ පැවති ව්‍යවස්ථාදායක සභා විවාදය අතරතුරේදී ආණ්ඩුවේ විශේෂ ප්‍රකාශයක් ලෙස හර්ෂ ද සිල්වා මහතා මේ බව නිවේදනය කළේය.
මාරාන්තික උපවාසයක නිරතව සිටි වෛද්‍ය ශිෂ්‍ය දෙමව්පිය සංගමයේ නියෝජිතයන් සමඟ අද (08) වැඩබලන ජනාධිපති ‍ලේකම් සුමිත් අබේසිංහ සහ අගමැති ‍ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් පවත්වන ලද සාකච්ඡාවන්ගෙන් පසුව මෙම විශේෂ ප්‍රකාශය තමන් මෙසේ සිදුකරන බවද අචාරාය හර්ෂද සිල්වා මහතා පැවසුවේය.
සයිටම් ආයතනය සඳහා කිසිදු අයුරකින් වෛද්‍ය සිසුන් බඳවා නොගන්නා බවත් සයිටම් අහෝසිකරන බත් පැවති සාකච්ඡාවේදී දෙපාර්ශවය එකඟත්වයට පත්ව ඇතැයි ඇමතිවරයා පැවසීය.
මෙහිදී ඇමතිවරයා මෙසේද පැවසීය.
සයිටම් සම්බන්ධව ජනාධිපතිතුමා නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ සඳහා ගතයුතු පියවර මොනවද කියලා. මේ ගැන බොහෝ පාර්ශ්ව ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබෙනවා. මේ අවස්ථාවේ දෙමව්පියන් උපවාසයක නිරතව සිටිනවා. අද අප සාකච්ඡා කරලා තීරණ කිහිපයකට ආවා. මේ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතියත් ලබා ගත්තා. දෙමව්පියන් උපවාසය අත්හරිනු ඇතැයි විශ්වාස කරනවා. සිසුන් දැන්වත් යළි අධ්‍යාපන කටයුතු සඳහා දේශනවලට සහභාගිවනු ඇතැයි විශ්වාස කරමි.
සයිටම් අහෝසි කිරීමේ ක්‍රියා පිළිවෙත 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතේ ප්‍රතිපාදන අනුව සහ අනෙකුත් නීති අනුව සිදුකෙරෙන බව කී අමාත්‍යවරයා දෙසැම්බර් 31 ට පෙර මේ පිළිබඳව වැඩකටයුතු අවසන් කිරීමට කටයුතු කරන බවද පැවසීය.
 
පැතුම් වික්‍රමරත්න / ප්‍රසාදිකා ජයවර්ධන

තෙල් නැවක් පැමිණියත් සමස්ත ලංකාවේම තෙල් හිඟය විසඳීමට දින දෙකතුනක් ගතවනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (08) පැවැසීය. 
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවැසීය.
කොළඹ ප්‍රදේශයට හෙට (09) දිනය ඇතුළත තෙල් බෙදාහැරීමට හැකිවනු ඇති බවත් ඉන් පසුව ක්‍රමක් ක්‍රමයෙන් රටේ අනිකුත් පළාත්වලත් තෙල් හිඟය විසඳීමට හැකිවනු ඇති බවත් රාජිත සේනාරත්න මහතා පැවැසීය.
සාමාන්‍ය දවසකට තෙල් මෙට්‍රික් ටොන් 2500 අපේ රටට අවශ්‍ය වෙනවා. නමුත් තෙල් හිඟයක් පවතින බවට රටේ පැතිර ගිය මතය සමග එම ඉල්ලීම දෙගුණ තෙගුණ වූ බවත් ඒ නිසා මෙසේ තෙල් හිඟයක් ඇති වූ බවත් රාජිත සේනාරත්න මහතා පැවැසීය.
පසුගිය දිනවලද තෙල් සංස්ථාව තෙල් මෙට්‍රික් ටොන් 3000කට වැඩි ප්‍රමාණයක් බෙදාහැර ඇති බවද ඔහු කීය. ජනතාව තෙල් අර්බුදයට බිය වී තෙල් එක්රැස් කිරීමට කටයුතු කිරීම නිසා මෙම අර්බුදය දිග්ගැස්සුණු බවද කීය.
 
පානුක රාජපක්ෂ
 

මූල්‍ය වංචා, දූෂණ, රජයේ වත්කම් හා රජයේ ආදායම් සම්බන්ධ වංචා සහගත ක්‍රියා සහ ඊට සමාන වරදවල් සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීමට විශේෂ මහාධිකරණයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (1) (ඇ) වගන්තිය යටතේ මෙම මහාධිකරණය පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමි ඇත.
මහජන දේපළවලට එරෙහිව සිදුකරනු ලබන වැරදි, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම, සාපරාධී විශ්වාසය කඩකිරීම හා මහජන දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, සංවිධානාත්මක අපරාධ ඇතුළුව අල්ලස් හා දූෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා මෙම මහාධිකරණය පිහිටුවනු ඇත.
ඒ අනුව අගවිනිසුරුවරයා විසින් නම් කරනු ලබන ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩල 3කින් සමන්විත මහාධිකරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (1) (ඇ) ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ පිහිටුවීමටත්, නිශ්චිත දක්වනු ලබන වරදවල් සම්බන්ධයෙන් වන නඩු කටයුතු නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා විසින් සිය අභිමතය පරිදි එම මහාධිකරණය වෙත යොමු කිරීමටත්, එම මහාධිකරණයේ නියෝගයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සෘජුව අභියාචනය කිරීමටත් විධිවිධාන සළසමින් අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් දීමට නියමිතය.
 
පානුක රාජපක්ෂ

පිළියන්දල ලංගම නැවතුම්පළේ නවතා තිබූ ලංගම බස් රථයක ක්‍ලේමෝ බෝම්බයක් පුපුරුවා හැර මගීන් 30 දෙනකු ඝාතනය කිරීම හා තවත් 42 කට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු අධිචෝදනා 93කට වරදකරු කරනු ලැබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකු යැයි කියන විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඊයේ (08) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.
විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති අධිචෝදනා 94ටම විත්තිකරු වරදකරු බවට දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නිගමනය කළ විනිසුරුවරයා එකේ සිට 93 දක්වා වූ අධිචෝදනා 93ටම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් වෙන් වෙන්ව නියම කළේය. එයට අමතරව විත්තිකරුට 94 වැනි අධිචෝදනාවට බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවමක්ද විනිසුරුවරයා නියම කළේය. 2008.4.25 වැනිදා තවේන් නමැති එල්.ටී.ටී.ඊ. සාමාජිකයා හා පැමිණිල්ල නොදත් අන් අය සමග එක්වූ එකී ඝාතන සිදුකිරීම, බරපතළ තුවාල සිදුකිරීම හා කැස්බෑව ලංගම ඩි‍පෝවට අයත් අංක 63/4170 දරණ බස් රථය පුපුරුවා හැර ‍පොදු දේපළවලට අලාභහානි සිදුකිරීම ඇතුළු අධිචෝදනා යටතේ සවිදානන්දන් ආනන්ද සුහාර් හෙවත් ලෝරන්ස් ඩේවිඩ් රාජ් හෙවත් වසන්තන් නමැති විත්තිකරුට එලෙස දඬුවම් නියම කෙරිණි. එම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කොට තිබූ දේවේන්ද්‍රන් සින්නයියා නමැති විත්තිකරු නඩු විභාගය අතරතුරදී මියගොස් තිබුණි.
 
නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ
 

සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් පසුගිය කාලයේ කළ ව්‍යාපෘතිවලින් රජයට රුපියල් කෝටි 50ක පාඩුවක් වී ඇති බව කියමින් ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අද (8) පැමිණිලි කළේය.
සෙබළුන් යොදවා කළ ව්‍යාපෘතිවලින් ලද ආදායම මහා භාණ්ඩාගාරයට බැර නොකර, සිවිල් ආරක්ෂක බලකා ඉහළ නිලධාරීන් වංචා කර ඇති බවත් එම නිසා මේ ගැන පරීක්ෂණයක් කරන ලෙසත් එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.
යුද්ධය අවසන් වූ පසු 2009 සිට මේ දක්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් බලකා සෙබළුන් 30,000ත් 20,000ත් ව්‍යාපෘති ගණනාවක් සඳහා අනුයුක්ත කර ඇති බව එම පැමිණිල්ල ගොනුකරමින් ජ.වි.පෙ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිගාමඩුලු ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත පියතිස්ස මහතා කීවේය.
 
පද්මිණි මාතරගේ
 

දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ පැය 48ක වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම සන්ධානයේ ප්‍රකාශකයෙක් කීය.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් සමඟ දුම්රිය වෘත්තීය සමිති නිලධාරීන් පැවැත්වූ  සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් එම වර්ජනය අත්හිටුවා තිබේ.

කෙසේ හෝ දැනට පවත්නා පෙට්ට්‍රල් හිඟය මුල් කොට රට තුළ බරපතල ප්‍රවාහන අර්බුදයක් පැනනැගී ඇති මෙවන් අවස්ථාවක මෙබදු වෘත්තීය පියවරක් ගැනීම සුදුසු නොවන බව දුම්රිය රියදුරු සංගමයේ අද පැවැති විශේෂ සමුළුවකදීද එහි සමාජිකයන්ගේ අවධානයට යොමු වී තිබේ.

පසුගිය ඔක්තෝබර් 11 දා මධ්‍යම රාත්‍රියෙන් ඇරඹීමට තිබු දුම්රිය රියදුරු වැඩ වර්ජනය එදින පස්වරු 6.00 සිට ම ක්‍රියාත්මක වීම නිසා දුම්රිය රියදුරන් මගීන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක් වූ අන්දමද  එහිදී සාකච්ඡා වී ඇත.

කෙසේ හෝ මෙම වැඩ වර්ජනය පැවැත්වීම සැකසහිත බවට කල් තියා අනාවැකි පළකරන ලද්දේ ලක්බිම ඔන්ලයින් පමණක් බව අපි නිහතමානී සතුටකින් ඔබ වෙත දැනුම් දෙමු.

පෙර පුවත් - 

මැදියම් රැයෙන් ඇරඹෙන දුම්රිය වර්ජන කල් යයි?

දුම්රිය වර්ජනය තවමත් වැට උඩ

අද(08) අළුයම හටගත් ගින්නකින් බිංගිරිය නගර මධ්‍යයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලකට බරපතල අලාභ හානි සිදුවී ඇත.

ඉලෙක්ට්‍රොනික බඩු වලින් පිරී තිබූ මෙම වෙළඳ සැලේ ගින්න හටගෙන ඇත්තේ අද අළුයම 5.30ට පමණය.

හලාවත නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ ගුවන් හමුදාව එක්ව මෙම ගින්න පාලනය කොට ඇතත් එහි දෙවෙනි තට්ටුවට ගින්නෙන් බරපතල හානි සිදුවි තිබේ.

මෙම ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.

බිංගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. 

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සතුන් දඩයමේ ගිය 21 හැවිරිදි තරුණයෙකු වෙඩි වැදී මියගොස් සිටියදී අද(08) දින උදෑසන පොලිසිය මගින් මළසිරුර සොයා ගෙන් ඇත.

මියගිය තරුණය අවිවහකයෙකු වන අතර විල්ගමුව, තිම්බිලියගම පදිංචි උපාලි හේරත් යන අය වශයෙන් හඳුනාගෙන ඇත.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වම කොටසේ විදුලි වැටෙන් ඇතුල්වී වන සතුන් දඩයම් කිරීම සදහා මියගිය තරුණයා බෙහෙත් කොටන තුවක්කුවකික් 'මරු වැලක්' අටවන අවස්ථාවේ එය පිපිරී හිසට බරපතල හානි සිදුවී ඇතැයි පොලිසිය කළ මුලික  විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පැවසෙයි.

වස්ගමුව ජාතික වනඋද්‍යානයට  07 වෙනි දින පස්වරුවේ  ඇතුළුවූ තරුණය යළි නිවෙසට නොපැමිණීම නිසා ඥාතීන් විසින් 08 වෙනි දින උදැසන වනය තුල සොයා බැලීමේදී මළසිරුර හමුවීමෙන් පසු පොලිසියට දැනුම්දී ඇත.

විල්ගමුව පොලිස් ස්ථාන්ධිපති පාලිත ඉලන්ගන්සිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ කටයුතු සිදුකරයි.

දඹුල්ල-අශෝක එරමිනිගම්මන

ඉන්දීය තෙල් සමාගම විසින් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද බාල තෙල් සහිත නෞකාව රට තුළට ගන්නා ලෙස තමන්ට දේශපාලන බලපෑම් ඇතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පසුගිය දා කරන ලද ප්‍රකාශය පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එසේ නම් ඒ බව පොලිසියට පැමිණිලි නොකරන්නේ මන්දැයි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අසා සිටී.

ට්විටර් සටහන,

එස්.ටී.පී. සිල්වා

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2503

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1642

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 878

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1901

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5543

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3479

Please publish modules in offcanvas position.

Web Analytics