Coss Ear2
lakbima.lk
COSS Ear 1

තරඟාවලි  කිහිපයකට ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරාජ් සිටි පාසල් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික දොළොස් හැවිරිදි සිසුවෙක් ඊයේ(05) සවස පමුණුගම සංචාරක හෝටලක පිහිනුම් තටාකයක ගිලී මියගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ නරේන්ද්‍ර සිං මන්සික් ශෝධා නැමැති සිසුවෙකි.

මේ දින වල ශ්‍රී ලංකාවට පැමිණ සිටින මෙම ඉන්දිය පාසල් ක්‍රිකට් කණ්ඩායම ඊයේ රද්දොළුව ක්‍රිකට් සමාජයක් සමඟ කටුනායක වෙළද කලාප ක්‍රීඩාගණයේ දී තරගයක් පවත්වා ඇති අතර අයහපත් කාලගුණය නිසා ක්‍රීඩා තරඟය අතර මඟ නතර කළ පසු මෙම ඉන්දියානු පාසල් ක්‍රීඩකයන් පමුණුගම පිහිටි සංචාරක හෝටලයකට පැමිණ ඇත.

මෙම සිසුවා එම අනතුරට ලක්ව ඇත්තේ එහි දිය නෑමට ගිය අවස්ථාවේය.

ඉන් පසුව සිසුවා පමුණුගම රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් තිබූ අතර මරණය පිළිබඳ හදීසි මරණ මරණ පරීක්ෂණය අද රාගම මහ රෝහලේදී පැවැත්වීමට නියමිය.

ප්‍රසංග පෙරේරා - ජා ඇළ{jcomments on}

හිටපු හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව සාක්ෂි දීමට තමන් ඉදිරිපත් වන බවට අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීම සම්බන්ධයෙන් ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනවක් ගෙන ඒම පිළිබඳ සලකා බැලීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්වීමට නියමිතය.

ඔහුගේ මෙම ප්‍රකාශය රට පවා දෙන්නක් බැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රබල ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම කෙරෙහිද එම මන්ත්‍රී කණ්ඩායමේ අද තීරණයකට එළඹෙනු ඇත.

මීට අමතරව ජනරාල් ෆොන්සේකාට එරෙහි රට පුරා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීම කෙරෙහිද ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමුව තිබේ.

දමයන්ති ගමගේ 

කුඩා දරුවන් තිදෙනා පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකර ඔවුන් දරුණු ලෙස කෘරත්වයට පත්කර වස කවා දරුවන් මරණ බවට තර්ජනාත්මක ප‍්‍රකාශයක් කළ තරුණ මවක් හා ඇගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔවුන්ට ඇප ලබාදීම තරයේ ප‍්‍රතික්ෂේප කළ අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂන් මහතා දෙදෙනා මේ මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අංක 405/43 මාහේන පාර, උඩුපිල, දෙල්ගොඩ ලිපිනයේ පදිංචි කොරළගේ අනෝමා දිල්රුක්ෂි (32) මව හා දරුවන්ගේ ලොකු අම්මා කියන ජයමාවත, පණ්ඩුලගම, අනුරාධපුර ලිපිනයේ පදිංචි කෝරළගේ සන්ධ්‍යා ප‍්‍රියදර්ශනී (38) යන දෙදෙනායි.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක් වූ අනුරාධපුර මූලස්ථාන පොලීිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියා සිටියේ අවුරුදු දහයක, පහක හා තුනහමාරක වයසේ පසුවන දරුවන් තිදෙනකුගේ පියා විසින් පොලීිසියට කළ පැමිණිල්ලක් මත සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවටගත් බවයි.
කාන්තාවන් දෙදෙනාම දරුවන්ට නොසලකා හරිමින් දරුවන්ව කෘරත්වයට පත්කර තිබෙන බවට දස හැවිරිදි වැඩිමහල් දරුවාගෙන් අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලීිසිය අධිකරණයට දැන්වීය. වැඩිමහල් දරුවාගෙන් ලබාගත් ප‍්‍රකාශ වලට අනුව කාන්තාවන් දෙදෙනාම වෙනත් පිරිමින් සමග අනියම් ඇසුරු පවත්වන බව අනාවරණය කරගත් බවත් ඔවුන් අනුරාධපුර නගරයට පැමිණ කුලියට ලබාගත් නිවසකට පිරිමින් ගෙන්වා ගෙන නොදරුවන් ඉදිරියේ ඔවුන් සමග මත්පැන් පානය කර පසුව අනියම් ඇසුරු පවත්වා ඇති බව අනාවරණය කර ගත් බව පොලීිසිය අධිකරණයට දැන්වීය.
සිය මව හා ලොකු අම්මා පිරිමි පුද්ගලයන් සමග මත්පැන් පානය කිරීමෙන් අනතුරුව තමන් නංගි හා මල්ලීව නිවසේ කාමරයකට දමා අගුළු දමන බවත් විනාඩි කිහිපයකට පසුව නැවත කාමරයෙන් ඉවතට ගන්නා බවත් දරුවා පොලීිසිය හමුවේ පාපොච්චාරණය කළ බව පොලීිසිය අධිකරණයට දන්වා සිටියේය. 
සිය මව පියා සමග අඩ දඹරවීම නිසා විවිධ අවස්ථාවලදී නිවසින් පිටවී කල්ගෙවීම නිසා මාස ගණනාවක් පාසල් යාමට නොහැකිවී හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන තමන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වූ බව දරුවා පොලීිසියට ප‍්‍රකාශ කළ බව පොලීිසිය අධිකරණයට දැන්වීය.
දරුවන්ගේ මවට දරුවන් භාරගෙන ඔවුන්ට නිසි රැුකවරණය ලබාදෙන ලෙස පොලිස් නිලධාරීන් පැවැසු අවස්ථාවේ ඇය දරුවන් තමන්ට භාර දුනහොත් වස කවා මරා දමන බවට පොලිස් නිලධාරීන්ට තර්ජනාත්මකව කියා සිටි බව පොලීිසිය අධිකරණයට දන්වා සිටියේය. මෙම දරුවන්ගේ පියා මීට පෙර වෙනත් කාන්තාවක් සමග විවාහ වී සිට ඇති බවත් ඇය විදේශ ගතවීමෙන් අනතුරුව නැවත නොපැමිණීම නිසා 2004 දී මෙම කාන්තාව සමග පැමිණිලිකරු විවාහ වී ඇති බවත් සැකකාරිය සමග ඔහු විවාහ වෙද්දී ඇය දරුවෙකු ලැබීමට සිටි ඇති බවත් පොලීිසිය වැඩිදුරටත් අධිකරණයට දැන්වූවේය.
අනුරාධපුර මූලස්ථාන පොලීිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්. සංජීව මහනාම මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා යමුනා මහත්මියගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 31486 ලලිත් නන්දසේන මහතා සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කළේය.    

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මල් ‍පොහොට්ටුව ඡන්ද ලකුණු ලෙස ගෙන ප්‍රබල සන්ධානයක් ලෙසින් තරග වැදීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය මේ දක්වා පැවැති විපක්ෂ නායක රැස්වීම්වලදී කරන ලද සාකච්ඡා සාර්ථක වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. 
පසුගිය සතියේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ විපක්ෂ නායක රැස්වීම් සඳහා ප්‍රථම වතාවට පළාත් පාලන නියෝජිතයන්ද සහභාගි කරවා ගෙන තිබූ අතර ඔවුන්ද ලිඛිතව ඉල්ලා ඇත්තේ ඡන්ද සලකුණ ලෙස මල් ‍පොහොට්ටුව භාවිත කර මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සන්ධානයක් ලෙස තරග කළ යුතු බවය.
ඒකාබද්ධ විපක්ෂයට අයත් විපක්ෂ තනි තනිව හා එක්ව මේ වන විටත් දිවයින පුරා මහජන හමු පවත්වමින් ජනතාව දැනුවත් කරමින් සිටින බවද මේ වන විට ලක්ෂ 20කට අධික සාමාජික සංඛ්‍යාවක් ‍පොදු ජන පෙරමුණ සාමාජිකයන් ලෙස බඳවාගෙන ඇති බවද ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
 
ජයසූරිය උඩුකුඹුර
 
 

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ව්‍යවස්ථාපිත මණ්ඩල හා සංස්ථාපිත ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස එම අමාත්‍යාංශය දැනුම්දී ඇති බව අමාත්‍යාංශ ප්‍රකාශයකු සඳහන් කළේය. ඒ අනුව එසේ ඉල්ලා අස්වන අධ්‍යක්ෂ මණ්ඩල සඳහා ඒවායේ මතෛක් කටයුතු කළ අයට හෝ වෙනත් සුදුසුකම් ඇති පුද්ගලයන් පත්කිරීම සඳහා අමාත්‍ය මංගල සමරවීර මහතා ජනාධිපති හා අගමැතිවරයා සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගනු ඇති බවද එම ප්‍රකාශකයා කීවේය.
මෙම ආයතනවලට පත් කෙරෙන පුද්ගලයන් එම ආයතනවල කටයුතු ඉතා නිවැරදිව කාර්යක්ෂමව ඉටුකළ හැකි අය විය යුතු බව මංගල සමරවීර අමාත්‍යවරයාගේ මතය වී ඇති බව සඳහන් කළ අමාත්‍යාංශ ප්‍රකාශකයා එමගින් ඉදිරි වර්ෂ තුන ඇතුළත රටේ ආර්ථිකය ගොඩනැංවීම අපේක්ෂාව බවද සඳහන් කළේය.
 
ජයසූරිය උඩුකුඹුර

සිය නිවස ඉදිරිපිට ඉදිකර තිබූ බුදු කුටිය සහිත පහන් පැල කඩා වැටී තුන් හැවිරිදි දරුවෙකු ඊයේ (05) දින මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ නාත්තණ්ඩිය, දුක්කන්නාව, බණ්ඩාරනායකපුර, ගැමුණු මාවත, අංක 40 නිවසේ පදිංචිව සිටි මුනසිංහ ආරච්චිගේ අවිශ සඳරුවන් නැමැති තුන් හැවිරිදි දරුවෙකි.
මෙම දරුවා ඊයේ දින දහවල් සිය නිවස ඉදිරිපිට බුදු කුටිය තබා තිබූ කොන්ක්‍රීට් කණුව දිගේ එල්ලී ඇති බවත් එහිදී එම කණුව දරුවා මතට කඩා වැටී ඇති බවත් ‍පොලීසිය පවසයි.
මෙහිදී බාහිර පෙනුමෙන් දරුවාට කිසිදු තුවාලයක් නොතිබුණු නමුත් දරුවා වහාම මාරවිල රෝහල වෙත ඇතුළු කිරීමට ඥාතීන් පියවර ගෙන තිබූ අතර දරුවා එහිදී මිය ගොස් තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් මාරවිල ‍පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
 
ශානිකා මාධවී පීරිස් 

මේ වසරේ දෙවන කාර්තුවේ මැයි මස සිට ජූලි මස දක්වා පාර්ලිමේන්තුවේ සැසිවාර 21ක් පවත්වා ඇති අතර එම මැතිවරණ 21ටම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 14 දෙනෙකු පමණක් සහභාගි වී ඇති බව පාර්ලිමේන්තු වාර්තාවක සඳහන් වේ.
මේ වසරේ දෙවන කාර්තුවේ පාර්ලිමේන්තු සැසිවාර 21න් හතරකට පමණක් හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වී ඇත. කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහභාගි වී ඇත්තේද පාර්ලිමේන්තු සැසිවාර 4කට පමණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එහි සැසිවාරවලට වැඩියෙන්ම සහභාගි කරවා ගැනීමේ අරමුණින් පාර්ලිමේන්තු සැසියකට සහභාගිවීම වෙනුවෙන් ගෙවනු ලැබූ රු.500 දීමනාව රුපියල් 2500 දක්වා ඉහළ දමා ඇත. පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දිනවල කාරක සභා රැස්වීම් සඳහා සහභාගි වීම වෙනුවෙන්ද දිනකට රුපියල් 2500ක් ගෙවන අතර මන්ත්‍රීවරයකුට කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා මසකට රුපියල් 100000ක්ද ගෙවනු ලබයි.
මැයි-ජූලි කාලය තුළ පැවැති පාර්ලිමේන්තු සැසිවාර 21න් සැසිවාර 5කට අඩුවෙන් සහභාගි වී ඇති මන්ත්‍රී සංඛ්‍යාව 18කි. දෙමළ ජාතික මන්ත්‍රීවරයකු වන ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක අරුමුගම් තොණ්ඩමන් මහතා මැයි - ජූලි පාර්ලිමේන්තු සැසි එකකට පමණක් සහභාගි වී ඇති අතර උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ගේරු මහතා සහභාගි වී ඇත්තේ සැසිවාර දෙකකට පමණි.
මහජනතා ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු රැස්වීම් නියෝජනය ඔවුන්ට දැනගැනීම සඳහා දැන් පාර්ලිමේන්තු වබේ අඩවියේ ප්‍රසිද්ධ කර ඇත.
 
ජයසූරිය උඩුකුඹුර

පවතින වැසි තත්ත්වය ඉදිරියේදීද පැවැතුණහොත් දිස්ත්‍රික්ක 3ක නායයෑමේ අවදානමක් මතුව තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑමේ අංශය අනතුරු අඟවා තිබේ. 
ඒ අනුව ගාල්ල, කළුතර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට එම අවදානම පවතින බැවින්  එම ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය. 
මේ අතර ඊයේ (05) උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ ගාල්ලේ, මොනරවිය ප්‍රදේශයට මිලිමීටර් 119කට වැඩි වර්ෂාපතනයකුත්, ගාල්ල දිස්ත්‍රික්කයට මිලිමීටර 100.2 වර්ෂාපතනයකුත් ලැබි තිබේ. හබරණ ප්‍රදේශයට මිලිමීටර 70.5ට වැඩි වර්ෂාවක් ලැබි ඇත. 
ඒ හේතුවෙන් ඊයේ උදෑසන මාදු ගඟේ සුළු ගංවතුර මට්ටමක් හටගෙන තිබූ අතර ඒ ආශ්‍රිත නිවාස කිහිපයක් ජලයෙන් යටවුණ බවත් සවස් වන විට එම තත්ත්වය පහව ගිය බවත් ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය. 
ඊට අමතරව ප්‍රදේශ රැසක අතුරු මාර්ගද ජලයෙන් යටවී තිබිණි.
 
ගයාත්‍රි ගීගනආරච්චි

බිනර පුර පසළොස්වක ‍පොහොය අදයි. කාන්තා පක්ෂයේ විමුක්ති සුවය උදාකරමින් බුදුරජාණන් වහන්සේ භික්ෂුණී සසුන ආරම්භ කළේ අද වැනි ‍පොහෝ දිනකය. මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු 500ක් කාන්තාවන් අෂ්ඨගරු ධර්ම පිළිගැනීමෙන් පසු පැවිද්දට අනුදැන වදාළහ.

උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගයීමේ කටයුතු සඳහා සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල් හැර සෙසු පාසල්වල තෙවන වාරයේ අධ්‍යයන කටයුතු හෙට (6) ආරම්භ වේ.
පාසල්වල තෙවන වාරයේ ඉගැන්වීම් කටයුතු හෙට (6) සිට ලබන දෙසැම්බර් 08 දා දක්වා පැවැත්වේ.
පිළිතුරුපත් ඇගයීමේ පළමු අදියර මේ මස 7 දා ආරම්භ කරන අතර, එම කටයුතු ලබන 20 දා දක්වා පැවැත්වේ. ඒ සඳහා පාසල් පහක් සම්පූර්ණයෙන් වසා තැබෙන අතර එම පාසල්වල තෙවන වාරයේ අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ මේ මස 21 දා ය. තවත් පාසල් 22ක් කොටසක් වසා, ඇගයීම් කටයුතුවලට යොදා ගන්නා අතර, එම පාසල් සියල්ල හෙට (6) ආරම්භ වේ.
කොළඹ රාජකීය විද්‍යාලය, මහනුවර කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර විහාරමහාදේවි බාලිකා විද්‍යාලය, මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය, මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය, යන පාසල් පහ ඇගයීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල් වේ.

ගයාත්‍රි ගීගනආරච්චි

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලුදෙනාගේ ඒකමතික කැමැත්ත මත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, උතුරු පළාත් සභාවේදී පරාජයට පත්වී ඇත. උතුරු පළාත් සභාවට මෙම පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් සියලුදෙනා ව්‍යවස්ථා සංශෝධනයට මෙසේ විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.
උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ. ශිවඥානම් මහතා විසින් මෙම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සභාවට ඉදිරිපත් කරනු ලැබිය.
එහිදී පාලක දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන් හා විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ද පනතට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ සහයෝගය ලබාදීමට හැකියාවක් නොමැති බව මෙහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා අවධාරණය කර සිටියේය.
මෙම නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා බලතල පාර්ලිමේන්තුව වෙත පවරා ගැනීමට සැරසෙන බවද සී.වී. විග්නේෂ්වරන් මහතා මෙහිදී සඳහන් කර ඇත.

පැතුම් වික්‍රමරත්න

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2012

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1101

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5116

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2945

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5030

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6257

Please publish modules in offcanvas position.