Coss Ear2
lakbima.lk
COSS Ear 1

අද(05) සහ හෙට කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වෙන ඉන්දියානු බීජ නිෂ්පාදන සමාගම් සංවිධානය කර ඇති වැඩමුළුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කිසිදු සම්බන්ධයක් නොමැති ශ්‍රී ලංකාව කෙරෙහි අතිශය අන්තරායකාරී ලෙස බලපාන ක්‍රියාවක් බව සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් සහ ජ්‍යෙෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර යන මහත්වරු පෙන්වා දෙති.

මෙය මෙරට දේශීය බීජ වල අයිතිය පැහැර ගැනීමට දරන උත්සාහයක් බවත් මෙම සමුළුව සඳහා ඉන්දීය බිජ නිෂ්පාදන සමාගම් 700ක පමණ නියෝජිතයන් සහභාගී වන බවත් කාරියවසම් මහතා පවසන අතර චාමිකර මහතා පවසනුයේ මෙරටට විදේශයෙන් බිජ ගෙන්වීමේදී ශාක නිරෝධන ආයතනයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වන අතර මෙලෙස පදනමකින් තොරව බිජ ආනයනය නිසා මෙරට වගාවන්ට රෝග කාරක පැතිර යාමේ බිහිසුණු අවධානමක් පවතින බවය.

එමෙන්ම මෙම සමුළුව මෙරට බිජ නිෂ්පාදන සමාගම් වලට කිසිදු සම්බන්ධයක් නොමැති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රෝහාන් විජේකෝන් මහතා කියා සිටී.

දමයන්ති ගමගේ

විල්පත්තු රක්ෂිතව හෙළි පෙහෙළි කර ජනතාව නැවත පදිංචි කරවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම පිණිස අද(05) අභියාචනාධිකරනය හමුවේ පෙනී සිටින ලෙස කර්මාන්තා හා වාණිජ කටයුතු ඇමති රිෂාද් බදුර්දීන් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ වන සංරක්ෂන අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කොට තිබේ.

මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කොට ඇත්තේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසිනි.

ප්‍රීති පද්මන් සූරසේන සහ ශීරාන් ගුණරත්න යන අභියාචානාධිකරණ විනිසුරු වරුන් විසින් මෙම පෙත්සම විභාග කිරීමට නියමිතය.

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත් වීම මත 2009 වසරේදී යුද්දයෙන් අවතැන්වූ මුස්ලිම් පවුල් නැවත පදිංචි කරවීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිතයන් අත්පත් කරගෙන ඇති බවත් නැවත 2012 වසරේදී අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාගේ මුලිකත්වයෙන් මන්නාරම වව්නියා සහ මුලතිව් දිස්ත්‍රික වල එලෙස රක්ෂිත භූම් අත්පත් කරගෙන ඇති බවත් එලෙස මුස්ලිම් පවුල් පදිංචි කර ඇති වන රක්ෂිත පවරාගෙන ඇත්තේ වන සංරක්ෂණ පනතට පටහැනිව බවත් එම පෙත්සම් වලින් පෙන්වා දී තිබේ.

දමයන්ති ගමගේ

වැලිකන්ද ප්‍රදේශයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂිකාවකට ඇගේම ආධාර කරුවෙකු විසින් ලිංගික අතවරයක් කිරීමේ සිදුවීමක් පිළිබඳව වැලිකන්ද පොලිසිය පරීක්ෂණ ආරම්භ‍කොට ඇත.

ඒ එම අපේක්ෂිකාව විසින් පසුගිය (02) පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවය. ලිංගික අතවරයට ලක්වූ අපේක්ෂිකාව මේ වන විට රෝහල්ගත කොට ඇති අතර ආධාරකරු ප්‍රදේශය හැර පළාගොස් ඇතැයි පොලිසිය කියයි.

එස්.ටී.පී සිල්වා

 

 

අද කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත පමුණුවනු ලැබු අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිහේන යන සැකකරුවන් දෙදෙනා පෙබරවාරී 16දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කළාය.


ඡායාරූප - ෆ්‍රෑන්ක් සොයියා

අර්ජුන් සහ කසුන් අද මහේස්ත්‍රාත් හමුවට

2018 Feb 05 10:15

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ  පපර්චුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිහේන යන දෙදෙනො අද (05) කොටුව මහේස්ත්‍රාත් හමුවට පමුණුවා තිබේ.

රහස්පොලිසිය විසින් ඊයේ (04) උදෑසන අගනුවර පිහිටි ඔවුන්ගේ නිවසේ දී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙසේ අධිකරණය වෙත පමුණුවා ඇත්තේ ඔවුන් දෙදෙනාගේ ප්‍රකාශ සටහන්කර ගැනීමෙන් අනතුරුවය.

ඒ.ජී.රේණුකා

නිදහස් දා මිනුවන්ගොඩ පස් පාතාලය ක්‍රියාත්මක වී නැදගමුවේ සිදුකළ වෙඩි තැබිමකින් 'පස් චමී' මියගොස් ඇති බව ගම්පහ ‍පොලීසිය පවසයි.
මෙසේ මියගොස් අත්තේ කොටුගොඩ, නැදගමුව පදිංචිව සිටි ප්‍රසාද් නිරෝෂන් නමැති තිස් දෙහැවිරිදි පුද්ගලයෙකි.
මොහු පස් ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයෙක් බවත් 'නැදගමුව පස් ‍පොඩ්ඩා' නමැති අයගේ ගෝලයකු බවද ‍පොලීසිය පවසයි.
මොහු සිය නිවසේ සිට යතුරුපැදියෙන් නැදගමුව, බෝගහ හන්දිය දෙසට යාමේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තැබිම සිදුකර පලා ගොස් තිබේ. මෙම වෙඩි තැබිම ටී 56 ගිනි අවියකින් සිදුකර ඇති බවද ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙහිදී ඔහුගේ උරහිසට පහළ ප්‍රදේශයට හා දෙපාවලට වෙඩි වැදී බරපතළ තුවාල ලබා ගම්පහ මූලික රෝහලට ඇතුළත් කර තිබේ. මොහුගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී මියගොස් තිබේ.
ඉකුත් 13 වෙනිදා දින බට‍පොත, පන්සල පාරේදී පස් ව්‍යාපාරිකයකුට වෙඩි තැබුණු අතර ඔහු බරපතළ තුවාල ලැබිය.
එම වෙඩි තැබිම බන්ධනාගාරගතව සිටින මාකිලංගමුවේ සංජීව විසින් මෙහෙයවා ඇති බවට ‍පොලීසිය විසින් කරුණු අනාවරණය කරගෙන තිබුණි. ඊට අදාළව සැකකරුවන් තිදෙනකුද ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් මේ වන විටද රක්ෂිත බන්ධනාගාර ගතව පසුවේ.
එම වෙඩි තැබිම සිදුවී මසක් යාමටත් මත්තෙන් ඊයේ දින නැවත මෙම වෙඩි තැබිම සිදුවී තිබූ අතර මේ සියල්ල පස් කඳු නිසා කෙරෙන ක්‍රියාකාරකම්ය.
ගම්පහ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ මූලස්ථාන ‍පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

නිල ඡන්ද පත්‍රිකා මතෛක් තැපැල් මගින් නොලැබුණු ඡන්දදායකයන්ට, අද (05) දින සිට තමන්ට අදාළ තැපැල් ස්ථානවලට ගොස් අනන්‍යතාවය තහවුරු කර එම ඡන්ද පත්‍රිකා ලබා ගත හැකි බව, තැපැල්පති රෝහණ අබේරත්න මහතා ප්‍රකාශ කර සිටියි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ඊයේ (04) දිනයෙන් අවසන් විය. විවධ හේතූන් මත තැපැල් මගින් බෙදාහැරීමට නොහැකි වූ නිල ඡන්ද පත්‍රිකා මේ වන විට, තැපැල් කාර්යාලවලට භාර දී ඇති බවත්, හැකි ඉක්මනින් ඒවා ලබා ගැනීමට ඡන්දදායකයන් කටයුතු කරන්නේනම් වඩාත් සුදුසු බවද තැපැල්පතිවරයා මාධ්‍ය වෙත සඳහන් කළේය. 
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරක කටයුතු ද ලබන 07 දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
 
පැතුම් වික්‍රමරත්න 
 
 
 

වසරකට අධික කාලයක් ගත වීමෙන් පසුව, පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගැනීම තවත් දේශපාලන සංදර්ශනයක් යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ‍ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (04) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහා බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළව පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ ගිණුම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝචග මත අත්හිටුවා වසරකට අධික කාලයක් ගත වුවද සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට කිසිදු පියවරක් නොගැණුනු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ සම්බන්ධයෙන්  මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අකිල විරාජ් කාරියවසම් මහතා මෙම කරුණු අනාවරණය කළේය.
පර්පචුවල් ටේ‍රෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇ‍ලේසියස් අත්අඩංගුවට ගැනීමට හැකි පසුබිම සකස් කර තිබුණද, වසරකට වැඩි කාලයක් ඔහු අත්අඩංගුවට  නොගෙන සිට මේ අවස්ථාවේ ඒ පියවර ගත්තේ ලබන සෙනසුරාදා (10) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය අරමුණු කරගෙන දැයි සැක මතුවන  බවද අමාත්‍යවරයා කීය. එබැවින් වසරක් තිස්සේ නොගත් පියවරක් පළාත් පාලන මැතිවරණයකට උඩට පැමිණි පසු ක්‍රියාත්මක කිරීම තවත් එක් දේශපාලන සංදර්ශනයක කදිම නිදසුනක් බවද එ.ජා.ප. නියෝජ්‍ය මහ‍ලේකම්වරයා සදහන් කළේය.
 
ලසන්ත වීරකුලසූරිය  / ගයාත්‍රි ගීගනආරච්චි

විවිධ ආර්ථික උපක්‍රම හරහා ශ්‍රී ලංකාවේ සහයෝගය දිනාගනිමින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර  සබඳතා දුරස් කරලීමට චීනය උත්සාහ දරමින් සිටින බව ඉන්දියාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක එම්.කේ නාරායන්ස්වාමි මහතා අවධාරණය කර සිටී.
ශ්‍රීලංකාව ඇතුළු ඉන්දියාවේ අසල්වැසි රාජ්‍යයන් මෙලෙස විවිධ උපක්‍රම හරහා දිනාගනිමින් ඉන්දියාව  මිතුරන් නොමැති රාජ්‍යයක් බවට පත්කරලීමටද චීනය උත්සාහ දරමින් සිටින බව ඉන්දියාවේ පැවැති ජාත්‍යන්තර සමුළුවක් අමතමින් නාරායන්ස්වාමි මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
මේ කරුණු මුල්කර ගනිමින් ඉන්දියාව හා චීනය අතර යුද ගැටුම් හට නොගනු ඇති නමුත් දෙරට අතර අර්බුද තවදුරටත් පවතිනු ඇති බව නාරායන්ස්වාමි මහතා මෙහිදී අනතුරු අගවා සිටියේය.
ශ්‍රීලංකාවේ හම්බන්තොට වරාය ලබා ගනිමින්ද, වරාය නගරය හරහාද ඉන්දියා සාගරයේ තම බලය ව්‍යාප්ත කරලීමට චීනය උත්සාහගත කරන බවද නාරායන්ස්වාමි මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත. 
 
පැතුම් වික්‍රමරත්න
 

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් දේශය වෙනුවෙන් කළ මෙහෙවර නිරන්තර ඇගයීමට ලක්විය යුතු යැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි නිකුත් කළ පණිවුඩයක සඳහන් වේ. 
එම  නිවේදනය මෙසේ දැක්වේ. 
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විශ්විවිද්‍යාලයේ කුලපති තැන්පත් අති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන්ගේ හදිසි අපවත්වීම ගැන අසා මම මහත්සේ ශෝකයටත් මහත් කනගාටුවත් පත්වුණෙමි. උගත්, බැගෑපත්, එලෙසම සිල්වත්, බුද්ධ පුත්‍රයාණන් නමක් වූ උන්වහන්සේ මා හැඳින ගත්තේ මීට වසර ගණනාවකට පෙරය. උන්වහන්සේ සමග අන්තර් ආගමික සංහිඳියාව සඳහා සමීපව කටයුතු කිරීමේ අවස්ථාවද මම ලදිමි. ඒ සෑම දෙයක් තුළින්ම පෞද්ගලිකව ආදරණීය මිතුරෙකු ලෙස ඇසුරු කිරීමේ වරමද ලැබූ අයෙකු ලෙස උන්වහන්සේ තුළ වූ උතුම් ගතිගුණ මටද ජීවිත මගපෙන්වීමක් වූ බව දන්වා සිටිය යුතුය. 
කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ සියම් පාලි මහා නිකායේ අනුනායක ධුරය හිමි වූ මුළු මහත් බෞද්ධ සමාජයටද භික්ෂුන් වහන්සේලාටද උන්වහන්සේ ඇසුරු කළ අප වැනි අයටද මහඟු ආදර්ශයක් විය. එලෙසම උන්වහන්සේ අප දේශයට දැක්වූ ඉමහත් ආදර භක්තිය සහ රට දැය සමය වෙනුවෙන් කළ උතුම් සේවය අප කාගේත් ඇගයීමට ලැක්වේ. 
මේ අනුව උන්වහන්සේගේ හදිසි වියෝව දරාගත නොහැකි පාඩුවක් සේ මම දකිමි. ඒ නිසාම ශ්‍රී ලංකාවාසී කිතුණුවන් වෙනුවෙන් අපගේ බලවත් ශෝකය මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවාසී අප බොදුණු සොයුරු සොයුරියන් වෙත පුද කිරීමට කැමැත්තෙමි. අති පූජ්‍ය බෙල්ලන්විල විමලරතනාභිධාන මාහිමිපාණන් වහන්සේට උන්වහන්සේ පැතූ නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

බැඳුම්කර ගනුදෙනු  වංචාව හා මහාපරිමාණ  වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව මගින් හෙළිදරව් කර ඇති කරුණු සම්බන්ධයෙන් හෙට (06) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විවාදයට ප්‍රමාණවත් කාලයක් ලබා දී නැතැයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.  එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙන්නේ එම මන්ත්‍රීවරු පනස් එක් දෙනාට වෙන් කර  ඇත්තේ මිනිත්තු හතළිහක කාලයක් බවය.
මේ විවාදයේදී වැඩිම මන්ත්‍රීන් පිරිසක් නියෝජනය කරන විපක්ෂයට  වෙන් කර දී ඇති කාලය විනාඩි හතළයයි.මන්ත්‍රීවරු හය දෙනෙක්  ඉන්න ජ.වි.පෙ.ට විනාඩි හතළියයි. මන්ත්‍රීවරු 16ක් ඉන්න දෙමළ ජාතික සන්ධානයට විනාඩි 50ක් ලබා දී තිබෙනවා. මේක අසාධාරණයි.  බැඳුම්කර සිද්ධිය මතු කරලා ඒ පිළිබඳ තොරතුරු ගවේෂණය කළේ ඒකාබද්ධ විපක්ෂයයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා  සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයට  විවාදයට සම්බන්ධ වීම සඳහා වැඩි කාලයක් ලබා දෙන ලෙස කථානාකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බවය.
 
ජයසූරිය උඩුකුඹුර

සීගිරි කැටපත් පවුරේ එක් කොටසක දැනට ටික දිනකට පෙර සිට දිලීර විශේෂයක් පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය පර්යේෂකයන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනික සංරක්ෂකයන් පිරිසක් විසින් මේ ගැන පර්යේෂණ කොට තහවුරු කරගෙන ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. සී. මණ්ඩාවල මහතා ලක්බිම කළ විමසීමකදී ප්‍රකාශ කළේය.
ඒ අනුව විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත එම දිලීර විශේෂය විනාශ කිරීම සඳහා අද (5) සිට ප්‍රතිකාර ආරම්භ කරන බවද මහාචාර්යවරයා පැවැසීය. ස්වභාවික පරිසරයේ ඇතිවන විවිධ පාරිසරික වෙනස්කම් හේතුවෙන් මෙවැනි දිලීර විශේෂ හටගන්නා බවත්, එය විනාශ කිරීමෙන් නැවත ඇතිවනු ඇත්දැයි විමසිල්ලෙන් පසුවන බවත් මහාචාර්ය මණ්ඩාවල මහතා කීය.
 
ගයාත්‍රි ගීගනආරච්චි
 

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1949

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1053

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5008

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2880

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4961

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6180

Please publish modules in offcanvas position.