Coss Ear2
lakbima.lk
COSS Ear 1

ලබන 18 වෙනිදා සිට බත්තරමුල්ල ප්‍රදේශයේ රාජ්‍ය සේවා නිලධාරීන්ට උදෑසන 7.30 සිට 9.15 දක්වා ඕනෑම වෙලාවක සේවයට වාර්තා කිරීමට ඉඩ ලැබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔවුන් සේවයට වාර්තා කළ වේලාව අනුව පස්වරු 3.15 සිට 5.30 දක්වා සේවය අවසන් කර කාර්යාලයෙන් නික්මයාමේ අවස්ථා‍ව හිමිවනු ඇත. කෙසේ නමුත් සියලුම රාජ්‍යසේවකයින් පෙරවරු 9.15 ත් , 3.15 ත් අතර අනිවාර්යයෙන් කාර්යාලයේ රැඳී සිටිය යුතු බව ඒ මහතා දන්වා සිටී.

දැනට උදෑසන පවතින මාර්ග තදබදයට පිළියමක් වශයෙන් මෙම පියවර  නියාමන ව්‍යාපෘතියක් වශයෙන් රාජ්‍යායතන රාශියක් පිහිටි බත්තරමුල්ල ආශ්‍රිතව ක්‍රියාත්මක වන අතර පසුව එය සෙ‍සු ප්‍රදේශව වල රාජ්‍ය ආයතන දක්වාද ව්‍යාප්ත කෙරෙනු ඇත.

 

ඒ.ජී.රේණුකා{jcomments on}

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නව අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පත්කොට තිබේ.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණයකට අනුවය. රෝයල් පාක් ඝාතනය, උඩතලවින්න ඝාතනය, කෝටිදෙකේ මංකොල්ලය, අඟුලාන ද්විත්ව මිනී මරුම, මොහොමඩ් ශියාම් ඝාතනය ආදී අපරාධ සම්බන්ධ රහස් පොලිස් පරීක්ෂණ රැසක් මෙහෙයවා අපරාධ කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ඔහු සමත් වී ඇත. ඊට අමතරව ප්‍රදීප් එක්නැලිගොඩ පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය ආදී සාපරාධී ක්‍රියා සම්බන්ධ විමර්ශන කටයුතු වල ප්‍රධානියා ලෙස කටයුතු කරනුයේ ඔහුය.

මොහොමඩ් ශියාම් ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවමට නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා විසින් ශානි අබේසේකර මහතාට පසුගිය කාලයේ මරණ තර්ජන පවා එල්ල වූ බව අධිකරණයේ දී ප්‍රකාශ වී ඇත.

දැනට පුරප්පාඩු වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා පත් කරන ලෙස පොලිස්පතිවරයා නි‍ර්දේශ කොට ඇතත් ශානි අබේසේකර මහතා එම තනතුරට පත් කොට ඇත්තේ ජාතික පොලිස් කොමිෂම සතු බලය ක්‍රියාත්මක කරමිනි.

එස්.ටී.පී සිල්වා{jcomments on}

-----------------------------------------------------------------

ශානි අබේසේකර පිළිබලඳව 2016 ජනවාරි 24 වෙනිදා ඉරිදා ලක්බිම පුවත්පතේ පළ වූ ලිපියක්

සර් ආතර් කොනන් ඩොයිල්ගේ ත්‍රාසය භීතිය කුතුහලය පිරී ගිය රහස් පරීක්ෂක කතා පෙළේ කතානායකයා ෂර්ලක් හෝම්ස්ය. ෂර්ලක් හෝම්ස්ගේ වැනි කතා ලියන ලංකාවේ පුවත්පත් කලාවේදීන්ට නිතැතින්ම සිහිවන නමක් ඇත්තේය.  ඔහු ශානි අබේසේකර ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින නොම්බර එකේ රහස් පරීක්ෂකවරයා ලෙස ගරු සම්භාවනාවට පාත්‍රව සිටින ඔහු මෙකල රටේ නිතර කියැවෙන නමකි. ‍පොලීසියේ, පත්තරවල පමණක් නොව දේශපාලන වේදිකාවේද ඔහුගේ නම දැන් කියැවෙන්නට පටන් ගෙන තිබේ.

මෑත ඉතිහාසයේ ආන්දෝලනයට තුඩුදුන් යම් අපරාධයක් වෙතොත් ඒ සියලු අපරාධ විමර්ශනයන්ට නායකත්වය දී ඇත්තේද ශානි අබේසේකරය. ඒ සෑම අපරාධකරුවෙක්ම ගියේ එල්ලුම්ගහටය. සහකාර රේගු අධිකාරී සුජිත් ප්‍රසන්න ඝාතනය, රෝයල්පාක් හි සුරූපී තරුණියගේ ඝාතනය, අඟුලාන ඝාතනය, සියාම් ඝාතනය, හසිත මඩවල ඝාතනය, චන්ද්‍රිකා ජනාධිපතිනියට පුරහල් භූමියේදී එල්ලවුණූ මරාගෙන මැරෙන ප්‍රහාරය, හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පිත්තල හන්දියේදී එල්ලවුණු මරාගෙන මැරෙන ප්‍රහාරය, කැලණි තිස්ස විදුලිබලාගාරයට එල්ලවුණු ප්‍රහාරය,  ආදී රටේ මහත් ආන්දෝලනයට තුඩුදුන් ඝාතන සහ අපරාධ රැසකම විමර්ශන නිලධාරියා වූයේ ශානි අබේසේකරය. අඟුලාන ඝාතනයේ චෝදනා එල්ලවන්නේ ‍පොලිස් ස්ථානාධිපතිවරයෙක් ඇතුළු ‍පොලිස් කණ්ඩායමකටය. සියාම් ඝාතනයේ චෝදනා එල්ලවන්නේ නියෝජ්‍ය  පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු ‍පොලිස් කණ්ඩායමකටය. තමාගේ උසස් නිලධාරීන් පවා ‍පෝරකයට යැවීමට පාර කැපුවේ ඔහුය.

නීතිය නිසි ලෙස නීතියට අනුකූලව ඉටුකිරීම ඔහුගේ ප්‍රතිපත්තියයි. ‍පොලිස් නිලධාරියෙක් ලෙස ඔහු තමන්ට පැවරුණු රාජකාරිය ඉටුකරන්නේ දේවකාරියකටත් වඩා උසස් කාර්යක් සේ සලකාය. ඒ බව කියන්නේ අප පමණක් නොව. ‍පොලිස් දෙපාර්තමේන්තුවේ බහුතරයකගේ අදහසය. යම් විමර්ශනයක් ශානි අබේසේකරට දුන් විට ඒ අය සඳහන් කරන්නේ වැඩේ හරියට කෙරේවි යැයි කියාය. ඒ තරමට ශානි ගැන ඇත්තේ දැඩි විශ්වාසයකි.

ශානි අබේසේකර නම් මෙම ‍පොලිස් නිලධාරියා ගැන මෙවන් සටහනක් තැබිමට සිදුවන්නේ ඔහු පිළිබඳ හටගෙන ඇති ආන්දෝලනය නිසාය.

එසේ ශානි අබේසේකර නම් වූ මේ නිලධාරියා ආන්දෝලනයට ලක්වන්නේ  වෙන කිසිවක් නිසා නොව. නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස කටයුතුකරමින් සිටි ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමට අදාළව කෙරෙන විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකපිට හමුදාවේ බුද්ධිඅංශ සාමාජිකයන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීම  නිසාය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම මෛත්‍රි ආණ්ඩුව බලයට පත්වන තුරුම පැවැතියේ අභිරහසක් ලෙසිනි. එකල නීතිපතිවරයෙක් මෙන්ම පසුකලක අගවිනිසුරු වූ මොහාන් පීරිස් ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී පවා පවසා තිබුණේ ප්‍රගීත් පිට රටක ජීවත්ව සිටින බවට තොරතුරු ඇති බවය. ඔහු එදා ඒ කීවේ තම මතය නොව. එකල රජයේ ප්‍රකාශයකි.

ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් එදා ඒ කී දෑ සියල්ලක්ම අතේ රෝල් බවට පත්වන්නේ මෛත්‍රී  ආණ්ඩුව ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම මෙන්ම ආන්දෝලනයට තුඩුදුන් ඝාතන ගොන්නකම විමර්ශන නැවත මුලසිට පටන් ගැනීමත් සමගය. පැහැර ගැනීමක් සිදුවුණු බවට රඟපෑමක්කර ප්‍රගීත් එක්නැලිගොඩ රටින් පැනගත් බවට එකල ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන් මෙන්ම ආරක්ෂක අංශයේ ඇතැම් පිරිස් රටේ ජනතාව අතර මැවූ චිත්‍රය බොඳවන්නට පටන් ගන්නේ ඒ සමගය.

ප්‍රගීත් රටින් පලානොගිය බවත් ඔහුව යුද හමුදාවේ සන්නද්ධ බුද්ධි අංශ කණ්ඩායමක් විසින් පැහැරගත් බවත් පසුව ඔහුව අතුරුදන්කර ඇති බවත් දැන් පැහැදිලිවම සාක්ෂි සහිතව අනාවරණය වී හමාරය. එකී විමර්ශන හරහා ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම පමණක් නොව. දෙහිවලදී ඝාතනය වූ නිදහස් මාධ්‍යවේදී සම්පත් ලක්මාල්ගේ ඝාතනයේ අභිරහසද විසදෙමින් තිබිම විශේෂිතය.

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් නාරාහේන්පිටදී වෙඩි තබා ඝාතනය කිරීමේ විමර්ශනයන්ද නැවත ඇරඹෙන්නේ ද ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ විමර්ශනයන්ට සමගාමීවය. රවිරාජ් මන්ත්‍රීවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයන් පැවැත්වීමට ස්කොඩ්ලන්යාඩ් ‍පොලීසියේ සහය පවා එකල මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගත් බව මෙහිදී අමතක නොකළ යුතුය. ඒ අනුව ස්කොඩ්ලන්යාඩ් ‍පොලීසියේ කණ්ඩායමක්ද මෙහි පැමිණ විමර්ශනයක් පැවැත්වීම විශේෂත්වයකි. ලෝකයේ හොඳම අපරාධ විමර්ශකයන් බව කියන ස්කොඩ්ලන්යාඩ් ‍පොලීසිය මෙහි ආවත් රවිරාජ් මන්ත්‍රීවරයාගේ ඝාතන අභිරහස ඒ අයටද විසඳන්නට නොහැකි විය.

එසේම එකල මහත් ආන්දෝලනයට තුඩුදුන් තවත් ඝාතනයක් වූයේ දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මන්ත්‍රීවරයාගේ ඝාතනයයි. නත්තල් දේව මෙහෙයට සහභාගිවෙමින් සිටියදී ඔහුව ඝාතනය කෙරෙන්නේ දේවස්ථානය තුළදීමය.

මෙතෙක් කලක් අභිරහස් ඝාතන ලෙස සටහන්ව තිබුණු මෙම ඝාතන මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ විමර්ශන ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයෙන් ‍පොලිස්පති එන්.කේ. ඉලංගකොන් විසින් පවරනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් එකී විමර්ශන කටයුතුවල ප්‍රධානියා ලෙස පත්කරන්නේ සහකාර ‍පොලිස් අධිකාරී ශානි අබේසේකරය. ශානි අබේසේකරට පහර පිට පහර ගසන්නට පටන් ගැනෙන්නේ කිසිදිනක විසඳිය නොහැකි බවට සිතාගෙන සිටි එම අභිරහස් ඝාතන ඔහුගේ නායකත්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම සාක්ෂිද සහිතව අනාවරණය කරගනිමින් ඒවාට වගකිව යුත්තන් එකිනෙකා අත්අඩංගුවට ගැනීමට පටන් ගැනීමත් සමගය.

ඒ අනුව  රවිරාජ්  මන්ත්‍රීවරයාගේ ඝාතනය ජෝෂප් පරරාජසිංහම් මන්ත්‍රී වරයාගේ ඝාතනයට ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්කිරීමට සම්බන්ධවූවන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව හමාරය. එකී ඝාතන සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින සහ චෝදනා එල්ලවන සියලුදෙනාම පාහේ හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන්ය. ඒ අය අතර හමුදා බුද්ධි අංශයට එක්වූ එල්.ටී.ටී.ඊයෙන් කැඩි වෙන්වූ කරුණා පාර්ශ්වයේ මෙන්ම පිල්ලෙයාන් පාර්ශ්වයේ අයද නැතුවා නොවේ. නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයාව සිටි පිල්ලෙයාන්ද ඇත්තේ එසේ අත්අඩංගුවට පත්වූවෙක් ලෙසිනි. ඔහු සහ ඔහුගේ ගෝලබාලයන්ට එල්ලවී ඇති චෝදනාව වන්නේ ජෝසප් පරරාජසිංහම් ඝාතනයයි. එකී ඝාතනයට හමුදා බුද්ධි අංශයේ සම්බන්ධයක් පවා හෙළිවී ඇති අතර ඝාතනයට යොදා ගත් ආයුධය සම්බන්ධයෙන්ද චෝදනාව ඇත්තේ යුද හමුදා බුද්ධි අංශය වෙතය.

විමර්ශන වලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව ජෝෂප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා ඝාතනය වන්නේත් ඔහුව මරා දැමීමට සැලසුම්කර ඇත්තේත් ඔහු ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ පුද්ගලයෙක් ලෙස ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගන්නා තීරණයක් නිසා නොවේ. විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව එය හුදෙක් දේශපාලනික අවශ්‍යතාවක් මත සිදුවූවකි. ඒ සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා ඉදිරියේදි අධිකරණයේදී දිග හැරෙනු ඇත.

එසේම කොළඹ නාරාහේන්පිටදී නඩරාජා රවිරාජ් මන්ත්‍රීවරයාව මරා දැමීම මුළු මනින්ම සැලසුම් කළායැයි අනාවරණය වන්නේ හමුදා බුද්ධි අංශයේ සැලසුමකට අනුවය. ඒ අතරද කරුණා සහ පිල්ලෙයාන් කණ්ඩායම් සහ සාමාජිකයන් සහ හමුදා බුද්ධි අංශ සමග එක්ව සිටි කිහිප දෙනෙක්ම මෙන්ම ‍පොලීසියේ අයද  සිටීම විශේෂිතය. ඒ අයද දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටුවී හමාරය. එකී ඝාතන විමර්ශනයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස කොළඹදී ව්‍යාපාරිකයන්ගේ දරුවන් පැහැරගෙන ගොස් කප්පම් ලබාගෙන එම දරුවන් ඝාතනය කර මළ සිරුරු මුහුදේ ගිල්ලා අතුරුදන් කිරීම්ද අනාවරණය වෙමින් පැවතීම විශේෂිතය. මේ වන විට රවිරාජ් මන්ත්‍රීවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයේ සාක්ෂි විභාගය ආරම්භවී ඇති අතර ළඟදීම සෙසු ඝාතන සම්බන්ධයෙන්ද සාක්ෂි විභාගවනු ඇත. එකී ඝාතනයන් සිදුකරනු ලැබුවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්ද නැතිනම් වෙනත්  කාගේ උවමනාවකටදැයි දැනට අත්අඩංගුවේ පසුවන හමුදා බුද්ධි අංශ සාමාජිකයන් මෙන්ම කරුණා සහ පිල්ලෙයාන් පාර්ශ්වයන්ට සම්බන්ධවූවෝ හෙළිකරනු ඇත.

මේවා  අතරින් ශානි අබේසේකරට එරෙහිව දැඩිව ප්‍රහාර එල්ලවන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතන විමර්ශනයට අදාළවය.

මේ වන විට ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීමේ සිට අතුරුදන් කරවීම දක්වා වූ ඒ සෑම කටයුත්තකටම සම්බන්ධවූවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන හමාරය. හමුදා බුද්ධි අංශයේ පමණක් හය දෙනෙක් ඒ අතර සිටිති. පැහැර ගැනීම සැලසුම් කිරීමේ අවස්ථාවේ සිට අතුරුදන් කිරීම දක්වා ඒ අය සම්බන්ධවන ආකාරය ගැන විද්‍යාත්මක සාක්ෂිද අඩුවක් නොමැතිව රැස්කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත. එක්නැලිගොඩව පැහැර ගන්නේ ඔහු එල්.ටී.ටී.ඊ.ය සමග සම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන් බව එකී බුද්ධි අංශ සාමාජිකයන් ප්‍රශ්න කිරීම් හමුවේ සඳහන් කර ඇතත් පසුව ඒ අයගේම සාක්ෂි සහ ප්‍රකාශවලින් තහවුරුවී ඇත්තේ යැයි සඳහන් වන්නේ එවකට පැවැති මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව ඔහු විසින් ලියන ලද ‍පොතක් හා එකල ජනාධිපති අපේක්ෂකයෙක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට සහයක් ලෙස ලියූ පැවැති ආණ්ඩුව විවේචනයකර සකස්කළාවූ විරිඳු තැටියක් ගැනය. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්න කිරීමක් හෝ ඔහු සහ එල්.ටී.ටී.ඊ.ය අතර තිබුණේ යැයි සඳහන් සම්බන්ධකම් ගැන ප්‍රශ්න කළ බව කිසිවක් අනාවරණය වන්නේ නැත. එසේම ප්‍රගීත්ගෙන් එසේ ප්‍රශ්න කරන්නේ ගිරිත‍ලේ පිහිටි 3 වැනි සන්නද්ධ බුද්ධි අංශ කඳවුරේ තබාගෙනය. ප්‍රගීත්ව එම කඳවුරට ගෙන ආ බව මෙන්ම ඔහුගෙන් ප්‍රශ්න කළ බවට ඇතැම් බුද්ධි නිලධාරීන් තැබූ සටහන් ‍පොත්ද දැන් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේය. එහෙත් ඔහු සහ එල්.ටී.ටී.ඊ.ය අතර යම් සම්බන්ධතාවක් තිබුණේ නම් ඒ බව සඳහන් කිසිදු ලියැවිල්ලක් මතෛක් හමුදාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී නොතිබිමද විශේෂිතය.

ප්‍රගීත් පැහැර ගැනීම සහ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අතර බුද්ධි අංශයේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙක් සිටිති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් දැනගන්නට ඇති ආකාරයට අනුව ප්‍රගීත්ගේ අතුරුදන්කරවීම සම්බන්ධයෙන් මිස ඔවුන් ඊට පෙර රටේ ආරක්ෂාව වෙනුවෙන් කළ කිසිදු මෙහෙයුමක් හෝ ඊට අදාළ ‍ලේඛනයක් විමර්ශන නිලධාරීන් විමසා හෝ ඉල්ලා නැත. දිගින් දිගටම ප්‍රශ්නකර ඇත්තේ ප්‍රගීත්ව පැහැර ගත්තේ කාගේ උවමනාවකටදැයි කියාය. දෙබරයකට ගල් ගැසුවාක් මෙන් යම් කණ්ඩායමක් ඇවිස්සෙන්නේ එවිටය.

දැනගන්නට ඇති ආකාරයට මේ වන විට ප්‍රගීත්ව පැහැර ගැනීමට නියෝග සහ උපදෙස් ලැබුණේ කාගෙන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන හමාරය. ඉදිරියේදි ප්‍රගීත්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් කෙරෙන නඩු විභාගවලදී ඒ සියල්ලම සමග ගිරිත‍ලේ හමුදා කඳවුරු භූමියේ බුද්ධි අංශයේ කෝප්‍රල්වරයෙක්ව මරා ත්‍රිරෝද රථයත් සමග වළ දැමීමක්ද හෙළිදරව් වනු ඇත.

ආජන් ප්‍රේමකුමාර නමැති එම කෝප්‍රල්වරයාව ‍පොළොන්නරුවේ ගල්ලෑල්ල ප්‍රදේශයේදී 2007 වසරේ ජුනි 19 වෙනිදා පැහැරගෙන විත් මරා ත්‍රිරෝද රථය සමග වළදමා ඇති බව සඳහන්ය. යුද හමුදා බුද්ධි අංශයටම සම්බන්ධ එම කෝප්‍රල්වරයාව මරා දමන්නේ ඔහු ජාතිද්‍රෝහියෙක් හෝ පාවා දෙන්නෙක් වූ නිසා නොවේ. අනාවරණය වී ඇති ආකාරයට අනුව බුද්ධි අංශයේ දැනට අත්අඩංගුවේ සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ බිරිඳක් සමග අනියම් ඇසුරක් එම කෝප්‍රල්වරයා පැවැත්වූ බවට සැකකරමිණි. එකී අතුරුදන්වීම ගැන පරීක්ෂණ පැවැත්වූ ‍පොලිස්  පරීක්ෂකවරයෙක්ද පසුව අභිරහස් ලෙස වෙඩිතබාගෙන මිය යන අතර ඒ සම්බන්ධයෙන්ද දැන් විමර්ශනයක් ආරම්භවී ඇත්තේ එය වෙඩි තබා ගැනීමක්ද ඝාතනයක්ද යන්න සෙවීමටය.

බුද්ධි අංශයේ රාජකාරිවලට මුවා වෙමින් කළා වූ මෙවන් අපරාධ එකිනෙක හෙළිදරව්වන විට එකී විමර්ශන භාරව ක්‍රියාකරන ශානි අබේසේකර වැනි නිලධාරීන් ජාති ද්‍රෝහීන් කිරීම සැබැවින්ම සාධාරණදැයි ප්‍රශ්න නැගිය යුතුය. ශානි අබේසේකර යනු යුද්ධය දරුණුවටම පැවැති 1985 සිට 1995 දක්වා වූ කාලය තුළ ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ සිටි යුද්ධයට සක්‍රියව දායකත්වයක් සපයන ලද නිලධාරියෙක් බව මෙහිදී අමතක නොකළ යුතුය. එල්.ටී.ටී.ඊ අඩවියට රිංගා ප්‍රහාර එල්ලකර ඇති ඔහු බුද්ධි අංශයේ රාජකාරී සම්බන්ධයෙන්ද හසල දැනුමක් ඇත්තෙකි. වසර තිහක ‍පොලිස් සේවා ඉතිහාසයක් ඇති ඔහු මේ කාලය තුළ කිසි දිනක සිය නම කැතකරගත් නිලධාරියෙක් ද නොවීම විශේෂිතය.

– කුමාර කරුණාරත්න

ඇතැම් සමාජ මාධ්‍ය තුළින් දේශපාලන නායකයකුගේ මුහුණක් සමග ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිරූපය විකෘති කර, ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම නින්දිත ක්‍රියාව හේතුවෙන් ලෝක ජනගහනයෙන් බිලියනයකට වැඩි ජනතාවගේ ගෞරවය ආදරයට හා වන්දනාවට පාත්‍ර වන ජේසුස් වහන්සේට අගෞරව හා අවමාන කිරීමක් සිදුවී ඇතැයිද එම නිවේදනයේ සඳහන් කර ඇත. මෙවැනි වේදනාත්මක හා අවමන් සහගත ක්‍රියාවන් තුළින් කිසිඳු ආගමික ශාස්තෘවරයකුට බඳුන් නොකිරීමට ඉඩ සලස්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද එහි දක්වා තිබේ.

ගයාත්‍රි ගීගනආරච්චි{jcomments on}

මහාධිකරණයෙන් ලබා දී ඇති තීන්දුවකට අනුව දැනට බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලිසංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂජනරාල් අනූෂ පැල්පිට යන මහතුන් සම්බන්ධයෙන් එම මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක්  ගොණු කිරීමේ කටයුතු සැකසෙනු ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් දැනට අභියාචනාධිකරණය හමුවේ නඩු සැලකිය යුතු සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බැවින් මෙම අභියාචනය විභාග කිරීමට සැලකිය යුතු කලක් ගත වනු ඇතැයි ද ඒ දක්වා ඔවුන් දෙදෙනාට බන්ධනාගාරගතව සිටීමට සිදුවනු ඇතැයි ද අධිකරණ ආරංචිමාර්ග පවසයි.

ඡායාරූපය - නිමල්සිරි එදිරිසිංහ{jcomments on}

 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වීම ස්ථීර බවත් සැප්තැම්බර් මාසය තීරණාත්මක මාසයක් වනු ඇති බවත් සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නි. ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා ලක්බිමට ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ තීරණාත්මක අවස්ථාවකදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි කර ආණ්ඩුවෙන් ඉවත් වීමට තමා ඇතුළු කණ්ඩායම තීරණය කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හා තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කළ නොහැකි බව තමා ඇතුළු කණ්ඩායම කළ කරුණු පැහැදිලි කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා ඕනෑකමින් සවන්දීම සාධනීය තත්ත්වයක් බවත් ඒ සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කරනු ඇතැයි විශ්වාසයක් පවතින බවත් අරුන්දික ප්‍රනාන්දු මහතා පැවැසීය.
ජනාධිපතිවරයා සමග පැවැත් වූ සාකච්ඡාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ද සහභාගි වූ බවත් මහින්ද සමග සිටින හොරු කණ්ඩායම නැවත පක්ෂයට ගත යුතු නැතැයි ඇය එහිදී දැඩි ලෙස ප්‍රකාශ කිරීම නිසා ඇය සමග වාදයක්ද ඇතිවූ බව ප්‍රනාන්දු මහතා පැවැසීය. ඒ කණ්ඩායම හොරු නම් වත්මන් ආණ්ඩුව ඇතුළේත් මහ හොරු සිටින නිසා ආණ්ඩුවේ සිටීම කිසිසේත් සුදුසු නොවන බව තමා එහිදී ප්‍රකාශ කළ බවත් අරුන්දික ප්‍රනාන්දු මහතා පැවැසීය.
තම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන බවද හෙතෙම සඳහන් කළේය.

කමණි හෙට්ටිආරච්චි

ඊසාන දිග මෝසම් වර්ෂාව සමග යළිත් ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානමක් මතුව ඇති බැවින් ආරම්භ කර තිබෙන ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙස සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික  ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත. මේ අනුව සැප්තැම්බර් 20 - 26 දක්වා ජාතික මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන ලෙස ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇතැයිද පැවැසේ.
මෙම මදුරු මර්දන ජාතික වැඩසටහන සඳහා ජනාධිපති කාර්ය සාධක බළකාය, ත්‍රිවිධ හමුදාව, ‍පොලීසිය, ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම් 3000ක පිරිසක් එකතු වනු ඇතැයිද පැවැසේ.
පසුගිය කාලය තුළ සතියකට වාර්තා වූ 10,000ක් පමණ වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට 1500 දක්වා අඩු වී ඇතැයි ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කරයි.
කොළඹ, ගම්පහ, යාපනය, කළුතර, කුරුණෑගල, පුත්තලම, රත්නපුරය, කෑගල්ල, ගාල්ල, මාතර, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්මුණේ සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වැඩිවීමේ අවදානමක් ඇතැයි ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය  හසිත තිසේරා මහතා සඳහන් කරයි.

ශ්‍රියානි විජේසිංහ

විදුලි සේවක ගැටලු ගණනාවක් මුල් කර ගනිමින් රට පුරා විදුලි බලාගාර, වැඩ බිම් වසා දමා විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයෝ ඉදිරි දින කිහිපය ඇතුළත අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමට සූදානම්ව සිටින බව විදුලි වෘත්තීය සමිති පවසති.
එහි පළමු පියවර ලෙස විදුලි බල මණ්ඩලයේ සියලුම සේවකයන් ලබන 13 වෙනිදා දහවල් 12 සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවත් සිය ඉල්ලීම්වලට උත්තර ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් එතැන් සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවත් ලං.වි.ම. ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු, ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ‍ලේකම් රංජන් ජයලාල් මහතා පවසයි.
මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය පිළිබඳ තීන්දුව විදුලි බල මණ්ඩලයේ විදුලි සේවක සංගමය, ලං.වි.ම. ගණකාධිකාරී සංගමය ඇතුළු ප්‍රබල පෙළේ වෘත්තීය සමිති 33ක්  එක්ව ගනු ලැබූ බවද ඒ මහතා පැවැසීය.විදුලි සේවකයන්ගේ වැටුප් විෂමතාවය ඉවත් නොකිරීම, විදුලි බල මණ්ඩලයේ සේවක අර්ථ සාධක අරමුද‍ලේ රුපියල් බිලියන 2000ක් අස්ථාන ගත වීම, වෘත්තීය සමිති මර්දනය, විදුලි පාරිභෝගික ජනතාව මත අසාධාරණ ලෙස බර පැටවීම, විදුලිබල මණ්ඩලයට එන්වීකියු පදනමින් වහලුන් ලෙස සේවයට පිරිස් බඳවා ගැනීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.
අදාළ වැඩ වර්ජනය හේතුවෙන් විදුලිය බිඳ වැටීම් ඇතුළු තවත් අපහසුතාවයන් ගණනාවක් ඇති විය හැකි බවත්, ජනතාවට මෙහිදී සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් වගකීම, සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු නොකර, සේවකයන් මර්දනය කිරීමට කටයුතු කරන  ලං.වි.ම.  පාලනාධිකාරිය සහ ආණ්ඩුව විසින් බාරගත යුතු බවද ඒ මහතා පැවැසීය.

පද්මිණී මාතරගේ

මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන යනු ලැබූ දුර්ලභ ඝණයේ මුහුදු සත්ව කොටස් අළෙවි කරුණු ලැබූ ව්‍යාපාරික ස්ථානයක් ඊයේ (06) දහවල් වැටලූ තංගල්ල පොලිස් විශේෂ බලකාය හා හම්බන්තොට  වනජීවී  අඩවි කාර්යාලයේ නිළධාරීන් පිරිසක් රුපියල් ලක්ෂ 30ක පමණ වටිනා කමකින් යුක්ත මුහුදු සත්ව කොටස් රැසක් අත් අඩංගුවට ගත් බව හම්බන්තොට වන ජීවී අඩවි කාර්යාලයේ උසස් නිළධාරියෙක් පැවසීය.

නාවික හමුදාවේ බුද්ධි අංශයේ නිළධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබිණි. ඉතා දුර්ලභ ගණයේ මුහුදු ජීවීන්ගේ ශරීර කොටස් මෙම අළෙවි සලේ අළෙවිය සදහා තබා තිබූ බවත් සමහර සත්ව කොටස් සන්තකයේ තබා ගැනීම පවා තහනම් කොට ඇති ඒවා බවත් වන ජීවී නිළධාරීහු පැවසූහ.

මාතර කතරගම ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පවත්වා ගෙන යනු ලැබූ මෙම තහනම් මුහුදු සත්ව අළෙවි සල විදේශීය ගැනුම් කරුවන් ඉලක්ක කර ගනිමින් පවත්වා ගෙන ගිය එකක් බවත් පාරිභෝගිකයාගේ ස්වභාවය අනුව මිල නියම කරමින් මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් තිබු බවත් වන ජිවී නිළධාරීහු පවසති. නිළධාරීන් වැටලීම සිදුකළ ස්ථානයේ තිබී තල්මසුන්ගේ අස්ථි කොටස් කිහිපයක්ද සොයාගනු ලැබූ අතර විකිණීම හා සන්තකයේ තබාගැනීමට පවා තහනමට ලක්ව ඇති බෙල්ලන් විශේෂ 50කට අධික සංඛ්‍යවක් හා කොරල් පර කොටස් කිහිපයක්ද මෙහිදී නිළධාරීන්ගේ භාරයට ගැණිනි.

අත්අඩංගුවට පත් සැකකරු මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ පදිංචි 60හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මීට පෙරද තහනම් මුහුදු ජීවී කොටස් ප්‍රදර්ශනය කර විකිණීම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් ලැබූ පුද්ගලයෙකු බවද නිලධාරීහු පැවසූහ. සැකකරු අද( 07) දින මාතර  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව  තිබිණි.

හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේ.ඒ.පී විජය කුමාර ,අඩවි සහකාර ඒ.ජී ආරියරත්න ,වනසත්ව නියාමක පුබුදු ප්‍රසන්න,අනුරාධ සම්පත් ,රියදුරු ඩබ්.ඒ ගුණසිරි හා පට්ටියපොළ විශේෂ කාර්ය බලකායේ පො.ප කේ.ඒ කරුණාතිලක ,පො.සැ 53794විජේසූරිය පො.කො 67886වීරකෝන් ,15285දයානන්ද ,35377පීරිස් යන නිලධාරීහු වැටලීම සිදුකළහ.



තංගල්ල චන්ද්‍ර සේන ගමගේ

බද්දේගම විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ගිණිමැල්ලගහ ග‍්‍රාමීය බැංකුව කොල්ල කෑමට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු බැංකු කාර්යය මණ්ඩලය සහ ප‍්‍රදේශවාසී තරුණයන් පිරිසක් විසින් අල්ලාගෙන පොලිසියට බාර දී තිබේ. අද (07) පෙ.ව. 11.45 ට පමණ මේ සිද්ධිය වී තිබේ.

මුහුණු ආවරණයවන හිස්වැස්මක් පැළඳ බැංකුව තුළට පැමිණ ඇති කොල්ලකරුවා පිස්තෝලයක් පෙන්වා බැංකුව කොල්ලකෑමට සූදානම් වූ අවස්ථාවේ දී බැංකු කාර්යය මණ්ඩලය මහ හඬින් කෑගසා තිබේ. ඒ අවස්ථාවේ ගනුදෙනු සඳහා පැමිණි දෙදෙනකු ද බැංකුව තුළ සිට ඇත. කෑ ගැසීම ඇසුනු ප‍්‍රදේශවාසී තරුණයෙකු පැමිණ යතුරු පැදියේ යතුර ගලවා දමා ඇත. ඒ අවස්ථාවේ කොල්ලකරු යතුරුපැදියේ නැගී පැන යාමට උත්සාහ දරා ඇත. ඒ සමගින් අවට සිටි ප‍්‍රදේශවාසී තරුණයින් පිරිසක් වහා කි‍්‍රයාත්මක කොල්ලකරු සමග පොර බදා මෙල්ලකරගෙන තිබේ.

කොල්ලකරු සහ යතුරුපැදිය තෙලිකඩ පොලිසියට බාර දී තිබේ. කොල්ලකරු සන්තකයේ තිබූ පිස්තෝලය සෙල්ලම් පිස්තෝලයක් බවට හඳුනාගෙන තිබේ.

පසුගිය අගොස්තු 21 වැනිදා දහවල් කාලයේ යතුරුපැදියකින් පැමිණ බැංකු කාර්යය මණ්ඩලයට ආයුධ පෙන්වා බිය ගන්වා බැංකු සතුව තිබූ රුපියල් එක් ලක්ෂ තිස් දහසක පමණ මුදලක් කොල්ලකරුවෙකු විසින් පැහැරගෙන ගොස් තිබිණි. ඒ සැකකරුගේ ස්වරූපයට මේ සැකකරු බෙහෙවින් සමාන යැයි ද බැංකු කාර්යය මණ්ඩලය පවසයි. තෙලිකඩ පොලිසිය සිද්ධිය සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වයි. සැකකරු 08 වැනිදා බද්දේගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අනුර ලියනගේ-හබරාදුව

ආණ්ඩුව ගොවීන්ට පොරොන්දුවූ රුපියල් 40000 ක වගා හානි වන්දි මුදල වහාම ලබාදීමට පියවර ගන්නා ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත තැපැල් පත් යැවීමේ ව්‍යාපාරය සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය විසින් අද(07) වෙනි දින ආරම්භ කළ බව එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන ලෙස මේ තැපැල් පත් ජනාධිපතිවරයාට යොමු කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා කිය.

දඹුල්ල-අශෝක එරමිනිගම්මන

දැනට පවත්නා අයහපත් කාලගුණය තව දුරටත් පැවතිය හොත් කැලණි, කළු සහ අත්තනගළු ඔය ආශ්‍රිත සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් එම ගංඟාවන් අවට පහත් බිම්වල වාසය කරන ජනතාව අවදානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටී.

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 687

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1258

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1093

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 843

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5525

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3646

Please publish modules in offcanvas position.