Coss Ear2
lakbima.lk
COSS Ear 1

පළාත් කිහිපයකට බලපා තිබෙන නියං තත්ත්වය මේ වන විට දිස්ත්‍රික්ක 21ක් පුරා පැතිරී ඇති අතර ඒ හේතුවෙන් පවුල් අටලක්ෂ එකොළොස් දහස් පන්සිය විසි හතක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (31) පැවැසීය.පීඩාවට පත් පිරිසට අවශ්‍ය වියළි ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර ඇති බවත් ඒ අනුව මසකට රුපියල් පන්දහසක උපරිමයකට යටත්ව එම සහනාධාර ලබාදෙන බවත් අමාත්‍යාංශයේ ඊයේ (31) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවැසීය. අදාළ වියළි ආහාර සතොස හා සමුපකාර මගින් ලබාගැනීමට හැකියාව ඇත.
ඊට අමතරව පානීය ජල පහසුකම් සැපයීම සඳහා නියඟය බලපා ඇති ප්‍රදේශවලට අවශ්‍ය ජල බවුසර හා ජල ටැංකි ප්‍රමාණවත් පරිදි ලබාදී ඇතැයිද අමාත්‍යවරයා කීය.
මේ අතර මේ මස අග වන විට දෙවන අන්තර් වැසි මෝසම ආරම්භ වනු ඇති බවත් ඒත් සමගම නියඟය බලපා ඇති ප්‍රදේශවලට වැසි ලැබෙනු ඇති බවත් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් එස්. ප්‍රේමලාල් මහතා මෙහිදී පැවැසීය.
ශ්‍රී ලංකාව ආශ්‍රිත ඉහළ වායුගෝලයේ ඇතිවී තිබෙන කැලඹිලි සහගත තත්ත්වයක් හේතුවෙන් අද (01) හා හෙට (02) යන දෙදින තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව විශේෂයෙන් වයඹ පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්මවූ වර්ෂාවක් ලැබිය හැකි අතර බස්නාහිර, සබරගමුව, උතුරුමැද පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවන වැසි ලැබිය හැකි යැයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් එස්. ප්‍රේමලාල් මහතා පැවැසීය.
මේ දිනවල පවතින නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වය අවසාන වනවිට මේ ආකාරයෙන් කැලඹිලි සහගත තත්ත්වයන් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
ඒ ආකාරයෙන් වැඩි වර්ෂාවක් ලැබි ආපදා තත්ත්වයන් ඇතිවුවහොත් ඒ සඳහා වහා ක්‍රියාත්මක වන ලෙස අදාළ සියලුම අංශ දැනුවත් කර ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.

ගයාත්‍රි ගීගනආරච්චි

බදු සහන හෝ බදු විරාම ලබාදීම සඳහා මතෛක් අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයින්ට තිබූ අවස්ථාව නව දේශීය ආදායම් බදු පනතින් අහෝසි කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි. ආයෝජකයින්ට ලැබෙන බදු සහන පිළිබඳවද පනතේ නිශ්චිතව දක්වා ඇති බැවින් තමන්ට ලැබෙන බදු සහන පිළිබඳව ආයෝජකයින්ට කල් ඇතිවම දැන ගත හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එහි මෙසේද සඳහන් වේ. යහපාලන සාරධර්මයන් මුදුන් පමුණුවා ගැනීමට සම අවස්ථා දීම අපේ අරමුණයි. මතෛක් තම අභිමතය පරිදි අක්‍රමිකව විවිධ බදු සහන ලබාදීම සඳහා අමාත්‍යවරුන් දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන්ට තිබූ අභිමතානුසාරී බලය දේශීය ආදායම් බදු පනත සම්මත වීමෙන් පසු අහෝසි වෙනවා යැයිද ප්‍රකාශනයේ සඳහන්ය.
මෙම තත්ත්වයන් දරාගත නොහැකිව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම විවිධ බොරු ගෙනැවිත් නව බදු පනත ගැන ජනතාව රවටමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ. ‍‍‍ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හෝ පූජ්‍ය ස්ථාන බදුවලට යටත් වනවා යැයි පැවැසීමද ඒකාබද්ධ විපක්ෂය මවා ගත් බොරුවක් බවද මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ජයසූරිය උඩුකුඹුර

මෙවර උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට තාක්ෂණික මෙවලම් උපයෝගි කර ගනිමින් පිළිතුරු සැපයීමේ චෝදනාවට ලක්ව දැනට රිමාන්ඩ් බාරයේ පසුවන සිසුවාට ලබන සදුදා(04) විභාගයේ ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීම සඳහා ඉඩ සලසන ලෙස නීතිඥ වරයෙකු විසින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

එම මෝසම අද (31) විභාග කළ ගම්පහ මහේස්ත්‍රාත් ඩි.ඒ.රුවන් පතිරණ මහතා ඔහුගේ එම ඉල්ලීම පිළිබඳ මහර බන්ධනාගාර අධිකරිවරයාට ලිඛිතව දැනුම් දෙන මෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ රේජිස්ටාර්වරයාට නියෝග කළේය.

එහෙත් එම සිසුවා විභාගය සඳහා ඉදිරිපත් කළද ලබන 4දා පැවැත්වෙන නඩු විභාගය සඳහා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවද මහර බන්ධනාගාර අධිකාරී වරයාට දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත් වරයා නියෝග කර තිබේ.

ඒ.ජී.රේණුකා

බගවන්තලාව පොලිස් වසමට අයත් කැමිපියන් ඔල්ඩි කොටසේ තේ දලූ නෙලමින් සිටි වතුකමිකරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවි ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.

අද (31) පෙරවරු 11.00 ට පමණ එල්ල වු මෙම බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ තේ දලූ නෙලමින් සිටි වතුකමිකරු කාන්තාවන් අටදෙනෙකු වතුපාලන අධිකාරිය මගින් බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කොට ඇත. ඉන් බරපතල තත්ත්වයේ සිටි කාන්තාවක් දික්ඔය මුලික රෝහල වෙත මාරුකර යවා තිබේ.

තේ පදුරක් මත තිබු විශාල බඹර කුඩුවක් තේ දලූ නෙලමින් සිටි කාන්තාවකගේ පයට පෑගිමෙන් පසු බඹරුන් ඇවිස්සි තමන්ට පහරදුන් බව තුවාල ලබා රෝහල් ගතව සිටින වතුකමිකරු කාන්තාවෝ  පවසති. අනතුර පිළිබදව බගවන්තලාව පොලිසිය පරික‍ෂණ පවත්වයි.  

හැටන් රංජිත් රාජපක‍ෂ

කවුරු කොහොම කීවත් ධනපති ආණ්ඩුවක් ලෙස හදුන්වන එක්සත් ජාතික පක්ෂය තමයි ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ආරම්භ කළේ. නමුත් සේනක බිබිලේ මහතා හදුන්වා දුන් ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සෑම රජයකටම නොහැකි වුනා. එම ඖෂධ ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගනු ලැබුව ද ශ්‍රී ලංකාව එය පිළිගත්තේ නැහැ. ඒ ඖෂධ සමාගම්වල බලපෑම මතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී ඖෂධ ප්‍රතිපත්තිය සහ දුම්කොලවලට එරෙහි සටන ආරම්භ කළ ද එය අසාර්ථක වුයේ පසුගිය රජයේ නායකයින්ගේ බලපෑම මතයි. එහි ලිපිගොනු ද අතුරුදන් වුනා. නමුත් වත්මන් රජය තුළ ඖෂධ මාෆියාවේ ලිපිගොනු ඉවත් කර ජනතා සේවාවේ ලිපිගොනු විවෘත වෙනවා. ඖෂධ ප්‍රතිපත්තිය කොළ කෑල්ලකට සීමා නොකර අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 මිල අඩු කිරීමට රජය කටයුතු කළා. ඊට එරෙහිව විශාල විරෝධතාවයක් ද මතුවුනා.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එම අදහස් පලකළේ වසර 2020 වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද දෙවන ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව හොරණ ප්‍රදේශයේ දී ඊයේ (30) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලද අවස්ථවේය.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ප්‍රතිපත්තියක් එස්. ඒ වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය සේනක බිබිලේ මහතා එක්ව සකස් කළා. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ පාලන සමයේ දී. ඖෂධ නිෂ්පාදනය සහ ඖෂධ ආනයනය සදහා ආයතනයක් ස්ථාපිත කරන ලද්දේ ද එම කාලයේ දී. සේනක බිබිලේ මහතා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 40 ක් හදුනාගෙන එහි මිල නියාමනය කිරීමට තීරණය කළ ත් එය 2013 වසරේ යළි සංශෝධනය කර ඖෂධ වර්ග 48 ක මිල නියාමනය කිරීමට තීරණය කළා. ඖෂධ සමාගම් සේනක බිබිලේ මහතා දුෂිතයෙක් ලෙස ප්‍රකාශ කරමින් විවේචන එල්ල කළා. ඒ පිළිබඳ කළකිරීමට පත්ව විදේශ ගත වූ ඔහු ඖෂධ මාෆියාවට විරුද්ධව සටන් කළා. එක්සත් ජාතික පක්ෂ රජය සමයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ස්ථාපිත කර ඖෂධ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාමට රජය කටයුතු කළා.

නමුත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම සදහා සමාගම් 38 ක් සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එම සමාගම් ගිවිසුම් අත්සන් කර ඇත්තේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමගයි. ඒකාබද්ධව සිදු කරන ඖෂධ නිෂ්පාදනයේ දී ඖෂධ වර්ග වසර 15 ක කාලයක් සෞඛ්‍ය සේවාවට මිල දී ගන්නා අතර, ස්වාධීනව සිදු කරන ඖෂධ නිෂ්පාදනය වසර 10 ක කාලයක් සෞඛ්‍ය සේවාවට මිල දී ගන්නවා. එහි පළමු කර්මාන්ත ශාලාව මහනුවර දී විවෘත කළා. මෙම කර්මාන්ත ශාලාවෙන් එන්නත් නිෂ්පාදනය කරනවා. සෞඛ්‍ය සේවාව සදහා ලබාදුන් පොරොන්දු කොතරම් බාධක පැමිණිය ද ඉදිරියටම ඉටු කරනවා.

ශ්‍රි ලංකාවට අවශ්‍ය ඖෂධ 2019 වන විට සියයට 85 ක් නිෂ්පාදනය කිරීම අපේ බලාපොරොත්තුවයි. එය වසර 2020 වනවිට සියයට 100 ක් දක්වා වර්ධනය කර ගන්නවා. අතිරික්ත ඖෂධ අපනයනය කිරීමට ද අවධානය යොමු කර තිබෙනවා. එමගින් ශ්‍රී ලංකාට ඖෂධ ආනයනය කිරීමේ දී වැය කරන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනවා. වත්මන් රජය සංවර්ධන වැඩකටයුතු සිදු නොකරන බවට විපක්ෂය නගන චෝදනා වලට ඖෂධ කර්මාන්ත ශාලා හොද උදාහරණයක්. රජය විවේචනය කරමින් හරි නිදහසේ ජීවත් වීමට අවස්ථාව උදාකර තිබෙනවා. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඒකාබද්ධව මෛත්‍රී පාලනයෙන් යුත් රටක් බිහි කරනවා. මෛත්‍රී පාලනය ඇතැම් පුද්ගලයින්ට වැරදි විදිහට පෙනුණත් එය ඉදිරියේ දී වෙනස් වන බව මෙහිදී ප්‍රකාශ කරනවා.

2013 වසරේ ජල අර්බුදයක් මුල් කොට උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාවට වෙඩි තැබූ බව පැවසෙන හමුදා සේනාංකය භාර යුද හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන සහ යුද හමුදා සැරයන් ලලිත් ග්‍රේ යන දෙදෙනාට ඇප නියම කිරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (31) නියෝග කළේය.

බ්‍රිගේඩියර්වරයාට මුදලින් රුපියල් ලක්ෂයක ඇපයක් සහ රුපියල් මිලියන තුන බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරිණ. සැරයන්වරයාට මුදලින් රුපියල් 50000ක ඇපයක් ද රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක්ද නියම කරණ ලදී.

මීට අමතරව සැම මාසයකම අවසන් ඉරිදා දින පෙරවරු 09.00ත් පස්වරු 05.00ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද මහාධිකරණ විනිසුරු වරයා නියම කළේය.

පසුගියදා පැවැති අධ්‍යාපන ‍පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්න ඇතුළත් අත්පත්‍රිකාවත් එම විෂයය පැවැති ඉකුත් 19 දින ගම්පහ රත්නාවලී බාලිකා විදුහලක් අසල බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින තුන්වන සැකකරු වන මුද්‍රණ ශිල්පී සුරංග පෙරේරා රුපියල් 5000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා ඊයේ (30) නියෝග කළේය.

එම සිද්ධිය සම්බන්ධව සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඉතිරි සැකකරුවන් පස්දෙනා යළිත් සැප්තැම්බර් මස 4 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ එම අත්පත්‍රිකා බෙදා හැරීමට චෝදනා ලත් පිය පුතු දෙපළ වූ ආර්.ඒ.ජයසේන හා නුවන් රණසිංහ යන දෙදෙනා, කොළඹ ‍පොලිස් රෝහ‍ලේ දන්ත වෛද්‍යවරයකු වන වෛද්‍ය බෙංගමුවආරච්චි සහ එම ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් ඔහුගේ පුත් රසික බෙංගමුවආරච්චි සමග සැකකාර ටියුෂන් ගුරුවරයා වන ජිනේන්ද්‍ර රණසිංහ නමැති අයවළුන්ය.

මේ අතර ඊයේ (30) ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් වසන්ත ගුණසේකර මහතා එම අත්පත්‍රිකාව බෙදා දුන් බෙදා හැරි පුද්ගලයන් ඉදිරියේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැති අතර එහිදී ටියුෂන් ගුරුවරයාගේ  පියා සහ සෙහොයුරා වන ආර්.ඒ. ජයසේන සහ නුවන් රණසිංහ දෙදෙනා හඳුනාගැනීමට සාක්ෂිකරුවෝ අ‍පොහොසත් වූහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) අධිකරණයට කරුණු දක්වමින්. සැකකාර ටියුෂන් ගුරුවරයා ‍පොලීසිය මගහරිමින් සිට පසුගියදා නීතිඥයකු මගින් අධිකරණයට භාර වී ඇති හෙයින්. ඔහුගෙන් ප්‍රකාශ ලබාගත නොහැකි වූ බව දන්වා සිටියේය. ඇප ලද සැකකරු වෙනුවෙන් නීතිඥ රාජිකා ද සිල්වා මහත්මිය පෙනී සිටි අතර අනෙක් සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සසින්ද්‍ර ප්‍රනාන්දු, නීතිඥ ඩී.ඒ.පී. වීරරත්න හා සුමිත් සේනානායක යන මහත්වරු පෙනී සිටියහ.

ආරියපාල වීදාගම/ කේ.අයි. වික්‍රමසිංහ - ගම්පහ අධිකරණ / ඡායාරූප - සුසන්ත අබේරත්න - ගම්පහ

පසුගිය 26දා පැවැති හික්කඩුව සීනිගම දෙවොල් මහා දේවාලයේ දහවල් පෙරහැරට සහභාගී වූ තරුණියන් පිරිසක් බෞද්ධ කොඩියේ වර්ණ සහිත සාරි වලින් සැරසී ගමන් කිරීම නිසා මහත් කලබලයක් ඇති විය. මේ හේතුව නිසා ඊට පසු දින එම අංගය පෙරහැරෙන් ඉවත් කරන ලද අතර ඉන් පසු දේවාලයේ දෙපාර්ශවයක් අතර මත ගැටුමක්ද හටගෙන ඇතැයි වාර්තා වේ.

බෞද්ධ කොඩියට සිදු කර ඇති නිග්‍රහය පිළිබඳව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූජ්‍ය අඟුළුගල්ලේ ජිනානන්ද හිමිපාණන් විසින් කොළඹ පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් මත ඒ සම්බන්ධ පොලිස් පරීක්ෂණ ද අරඹා ඇත.

කොළඹ, දෙහිවල ගල්කිස්ස, මොරටුව, කෝට්ටේ, කඩුවෙල මහනගර සභාවලත්, කොටිකාවත්ත - මුල්ලේරියාව හා කොලොන්නාව නගර සභා සහ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශවලත්  ගවයින් මංමාවත්වලට මුදා නොහරින ලෙස සියළු ගව හිමියන්ගෙන් ඉල්ලීමක් කරන බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි. ගවයින් මංමාවත්වලට මුදාහැර තිබුණහොත් එම ගවයින් ඉවත් කිරීමට අදාල ආයතනවල නිලධාරීන් සහ බලධාරීන් කටයුතු කරනු ඇති බවත් දැනුම් දී තිබේ. ගවහිමියන් විසින් ඉහත සඳහන් බලප‍්‍රදේශයන් හි ගවගාල් පවත්වාගෙන යනු ලබන්නේ නම් අදාල පලාත් පාලන ආයතනයෙන් බලපත‍්‍රයක් ලබාගෙන සුදුසු ස්ථානයක එම කටයුතු සිදු කළයුතු බව ද අවධාරණය කර සිටී.

මහමග නිදැල්ලේ ගැවසුණු ගවයෙක් මිය ගිය පසු එම ගවයාගේ කුස තුළ තිබී පොලිතීන් කිලෝ 20 කට අධික ප‍්‍රමාණයක් හමු වී තිබෙන බවද වාර්තා වී ඇත. එබැවින් අනාගතයේදී නාගරීකකරණයත් සමග මහා මාර්ගවලට ගවයින් නිදැල්ලේ මුදාහැරීමට තවදුරටත් ඉඩ ලබාදිය නොහැකි බවත් එමගින් මාර්ග අනතුරු, මාර්ග තදබදයන්, වීදි අවලස්සන වීම සිදුවීම සඳහා බරපතල ලෙස බලපාන බව ඇමතිවරයා පවසයි.

ගවයින් සිටිය යුත්තේ නිශ්චිත ගවගාල්වල පමණක් බවත්, මහාමාර්ගවල පොලිතින් ආහාරයට ගනිමින් නොවන බවත්, තමන්ගේ ගවයින් ගවගාල්වල තබාගන්නා ලෙස සියළු ගවහිමියන් වෙත අවධාරණය කරන අතර එසේ නොකරන අයගේ ගවයින් අදාල බලධාරීන් ලවා ඉවත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කරයි.

පළාත් පාලන අණපනත් රීති, අතුරු නීති අනුව ක‍්‍රියා කරන බවත් ඒ සඳහා පළාත් සභාව, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අදාල නගර සභා සමග එකතු වී මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළ අතර ගවයින්, ගවයින්ට සුදුසු ගව ගාල්වලට ගෙනයන ලෙසත්, ඒ සඳහා බලපත‍්‍ර ලබාගන්නා ලෙසත්, එසේ නොවන සෑම ගවයෙක්ම මහාමාර්ග වලින් ඉවත් කොට නිශ්චිත ගවගාල්වලට යොමු කිරීමට කටයුතු කරන බව ද දැනුම් දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කරන පිරිස වහා පක්ෂයෙන් ඉවත් කරන්නැයි ගම් මට්ටමේ පාක්ෂිකයන්ගෙන් පවතින දැඩි ඉල්ලීමට ඉක්මනින් කන්දීමට සිදුවනු ඇතැයි එහි මහ ‍ලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතා ලක්බිමට ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය විවේචනය කරමින්, පක්ෂය දෙකඩ කර වෙනත් දේශපාලන පක්ෂ බිහි කිරීමටත් කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම පක්ෂයෙන් නෙරෙපා හරින්නයි ගම් මට්ටමේ පාක්ෂිකයන්ගේ දැඩි ඉල්ලීමක්  පවතින බව මහ‍ලේකම්වරයා සඳහන් කළේය.
ඔවුන්ගේ එම ඉල්ලීම්වලට සවන් නොදුනහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා සිටින පාක්ෂිකයින්ද පක්ෂය කෙරෙහි කලකිරෙනු ඇති බව දුමින්ද දිසානායක මහතා පැවැසීය.
තමන් කළ සියලු විනය විරෝධි කටයුතු අතහැර පක්ෂයේ නායකත්වය පිළිගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතුවලට සහයෝගය දීමට එම පිරිසට තවමත් අවස්ථාව තිබෙන බවද මහ‍ලේකම්වරයා අවධාරණය කළේය.
 
කමණී හෙට්ටිආරච්චි

කවුරු ආණ්ඩුව හැර ගියත් තමා ආණ්ඩුව (2020) විස්සයි විස්ස වන තෙක් පවත්වාගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (30) පැවැසීය. 
කොළඹ ජනාධිපති  මන්දිරයේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන්  සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය. 
ශ්‍රී ලංකා  නිදහස්  පක්ෂයේ අය වෙනුවෙන් ආණ්ඩුවෙන් එළියට යන බව පවසනවා සේම එක්සත් ජාතික පක්ෂයේ උදවියත් ආණ්ඩුවෙන් යන බව ජනාධිපතිවරයා පැවැසීය. 
ඒ කවුරුන් එළියට ගියත් තමා ආණ්ඩුව ගෙන යන බව මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය. 
වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට  මෙරටට ආර්ථික සම්බාධක පැනවීමේ අවදානමක් ද තිබූ බව සඳහන් කළ ජනාධිපතිවරයා යම් විදියකින් පසුගිය ජනාධිපතිවරණයෙන් තමා පරාද වූවානම් අද වන විට රටට අත්වන ඉරණම ගැන අද කිසිවෙකුත් නොසිතන බවද ජනාධිපතිවරයා කීවේය. 
 
පානුක රජපක්ෂ
IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 44

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2970

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6229

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5204

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3117

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3070

Please publish modules in offcanvas position.