Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දඹුල්ල-ගලේවෙල ප්‍රධාන මාර්ගයේ පහලවැව ප්‍රදේශයේදී අද 31 අලුයම 3.30 පමණ ත්‍රිරෝද රථයක් හා ලොරි රථයක් එකිනෙක මුහුණට මුහුණලා ගැටීමෙන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇත.

මියගිය දෙදෙනා ගලේවෙල, රන්වඩියාව පදිංචි වයස 35 හා 33 වියේ පසුවන දෙදෙනකි.

ආර්ථික මධ්‍යස්ථානයේ සේවය කර නිවෙස වෙත ත්‍රිරෝද රථයෙන් යමින් සිටියදී අනතුරට මුහුණපා ඇත. මෙම ලොරි රථයේ රියැදුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ගලේවෙල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

දඹුල්ල-අශෝක එරමිණිගම්මන

අධික වර්ෂා තත්ත්වය පහව යාමත් සමග පිටාර ගලමින් තිබූ ගංගාවල ජල මට්ටම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කැලණි ගඟ මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇති අතර කළු ගඟේ පහළ කොටසෙහි අද (30) සවස වනවිටත් ගංවතුර පැවැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අධ්‍යක්ෂ ප්‍රේමා හෙට්ටිආරච්චි මහත්මිය ලක්බිම ට ප්‍රකාශ කළාය. එහෙත් අද (30) සවස වන විට රත්නපුර නගරයේ ගංවතුර බැස යමින් පැවතුණ බවද ඇය පැවැසුවාය.
ගිං ගඟ පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් බද්දේගම හා ගිංතොට අතර ප්‍රදේශයේ මතෛක් ජලය බැස ගොස් නොතිබිණි. නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා අද (30) සවස වන විටද පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබූ නමුත් නිල්වලා ගඟේ ජල මට්ටම අඩුවෙමින් පවතින බව හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
මේ අතර ගංගා පිටාර ගැලීමත් සමග කැඩී යාමේ අවදානමට ලක්වූ ගංගා බැමි හා වේලි මේ වනවිට පිළිසකර කරමින් පවතී. අධික ගංවතුර තත්ත්වයකදී සාමාන්‍යයෙන් මෙලෙස ජල කාන්දුවීම් ඇතිවන බවද ප්‍රේමා හෙට්ටිආරච්චි මහත්මිය පැවැසුවාය.
 
ගයාත්‍රි ගීගනආරච්චි

නාය යෑමෙන් ජල ගැලීමෙන් විපතට පත්වූවන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්වන තුරු සහන සේවා සැලසිය යුතු යැයි ත්‍රෛයිනිකායික මහානායක හිමිවරු විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කරති.
මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි, අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන හිමි, අමරපුර මහ නිකායේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස හිමි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක නාපාන පේමසිරි හිමි යන මහා නාහිමිවරුන්ගේ අත්සනින් නිකුත් කළ එම විශේෂ පණිවුඩය මෙසේය.
අප සම්මා සම්බුදු රාජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයෙහි සියලු සම්පත්තීන්ගෙන් සශ්‍රිකව පැවැති විසාලා මහනුවර රෝග භය, අමනුෂ්‍ය භය, දුර්භික්ෂ භය යන උපද්‍රව තුනකින් නුවර වැසියන් පීඩිත වූවාක් මෙන්, පසුගිය දින කීපය තුළ අනපේක්ෂිත ලෙස දිවයිනට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කඳු නාය යෑමෙන්, කළු, කැලණි, ගිං ගංගාවෝ පිටාර ගලා යෑමෙන් සිදුවී ඇති විනාශය අපමණය. දැනටමත් සිදුවී ඇති ජීවිත හානිවීම් මෙන්ම අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව බොහෝය. උන්හිටි තැන් අහිමිව සියලු සම්පත් විනාශයට පත්ව අවතැන් වී ඇති ජනතාව ලක්ෂ ගණනකි.
මෙම ස්වාභාවික ව්‍යවසය නිසා රටට අහිමි වූයේ රටට වැඩදායී මිනිසුන්ය. ඔවුන්ගේ පවුල්වල ජීවිතය සම්පූර්ණයෙන්ම වාගේ බිඳ වැටී ඇත. සිදුවී ඇත්තේ උසුලාගත නොහැකි බරපතළ විපතකි. මෙසේ ස්වකීය නෑසියන් අහිමි වීමෙන්, දේපළ විනාශ වීමෙන් පීඩාවට පත්වූ සෑම සියලු දෙනා කෙරෙහිම අපගේ බලවත් සංවේගය පළ කරන අතරම, අපට ඇති හැකි අයුරින් සහන සැලසීමට පියවර ගෙන ඇති බව සනිටුහන් කරමු. විපතට පත්වූවන්ගේ ජීවිත යළි යථා තත්ත්වයට පත් කර ගැනීමට කළ යුතු, කළ හැකි සහන සේවා සත්කාර ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යෑමට අදිටන් කරගත යුතුය.
දැනටමත් රජය හා ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යායතනයන්ද ‍පොදු මහජනතාවද, අපේ විහාරස්ථානයන්හි මහා සංඝයා වහන්සේ ස්වකීය දායක කාරකාදීන් හා එක්ව කරනු ලබන සහන සේවා කටයුතු සම්බන්ධයෙන් පුණ්‍යානුමෝදනාව පළ කරන අතර මෙම හදිසි ආපදාවෙන් විපතට පත්වූවන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්වනතුරු ඔවුන්ගේ මානසිකත්වය ශක්තිමත් කිරීම සඳහා ධර්මානුකූල මාර්ගෝපදේශනයක් ලබාදීමටත්, මානුෂීය සත්කාරක වැඩසටහන්වලට ස්වකීය දායක කාරකාදීන් සමග එක්ව කටයුතු කිරිමටත් පියවර ගත යුතුය. විශේෂයෙන් මෙම ‍පොසොන් ‍පොහොය මුල්කොට අපගේ විහාරස්ථාන මගින් සිදුකෙරෙන අතිරේක සැරසිලි හා උත්සවවලට වැයවන මුදලින් කොටසක් හෝ මෙම සහන සත්කාර සඳහා පරිත්‍යාග කිරීමට පියවර ගැනීම වඩාත් සුදුසු බව අවධාරණය කරමු.
එසේම සෑම ආගමික කටයුත්තක් අවසානයේදීම අකාලයේ ජීවිත අහිමි වූවන්ට පුණ්‍යානුමෝදනා සිදුකිරීම හා විපතට පත්ව රෝගීව අසරණව සිටින ජනතාව කෙරෙහි සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කොට රතන සූත්‍රය වැනි මහානුභාව සම්පන්න සත්‍යක්‍රියා දේශනාවන්, බෝධි පූජාවන් වැනි ආගමික කටයුතු සිදුකිරීමත් තුළින්, රටට ජනතාවට සෙත් ශාන්තිය, රැකවරණය ප්‍රාර්ථනා කිරීමටත් ක්‍රියා කළ යුතුව පවතී. අපේ මූලස්ථාන හා ප්‍රාදේශීය විහාරස්ථාන මුල්කොට එක් රැස් කෙරෙන වියළි ආහාර ද්‍රව්‍ය, ‍පොතපත හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය විධිමත්ව එක්රැස් කොට, විපතට පත්වූවන් අතට පත්වන පරිදි ගත යුතුව ඇත. මේ සඳහා මහා සංඝයා වහන්සේට දායක කාරකාදීන්ගේ නොමද සහය ලබාදීම මැනැවැයි කරුණාධ්‍යාංශයෙන් සිහිපත් කරමු.
ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශීර්වාදයෙන් විපතට පත්වූ සෑම සියලුදෙනාට ජීවිත යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිවන සේ ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවායි ද, ජීවිත අහි වූ සියලුදෙනාට නිවන් සුව අත්වේවායි ද කියා ප්‍රාර්ථනා කොට සිටුම්හ.

ගංවතුරෙන් හා නායයාම්වලින් ආපදාවට ලක් වූ ජනතාවට දෙන සහනාධාර හා වන්දි මුදල් ප්‍රමාණය වැඩි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික ආපදා කළමනාකරණ සභාව අද (30) තීරණය කර ඇත. 
මේ අනුව මතෛක් එක් ආහාර වේලක් පිසීම සඳහා වෙන්කර තිබූ රුපියල් 225 මුදල රුපියල් 300 දක්වා වැඩි කර ඇත. කැබිනට් රැස්වීමෙන් පසු මෙම සභාව රැස්වූ බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹදී ඊයේ (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය. 
සතියකට අවශ්‍ය වියළි සලාකය ලබා දීමේදී එක් සාමාජිකයෙන් සිටින පවුලකට රුපියල් 700 තිබුණ සීමාව රුපියල් 900 දක්වා වැඩිකර ඇත. එමෙන්ම දෙදෙනෙක් සිටින පවුලක් සඳහා ලබාදුන් රුපියල් 900 සීමාව රුපියල් 1200 දක්වා වැඩි කළ බවත් තිදෙනෙක් සිටින පවුලකට ලබාදුන් රුපියල් 1100 මුදල රුපියල් 1600 දක්වා වැඩිකළ බවත් පස් දෙනකුගෙන් යුතු පවුලක් සඳහා ලබාදුන් රුපියල් 1500 මුදල රුපියල් 1800 දක්වා වැඩිකර ඇති බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. 
එමෙන්ම මේ රජය යටතේ සියලු නිවාස මේ වන විට රක්ෂණය කර ඇති බැවින් නිවාස සහන උපරිමයට යටත්ව රුපියල් ලක්ෂ 25ක් ලබාදීමටත් එම රැස්වීමේදී තීරණය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 
එමෙන්ම අනවසර පදිංචිකරුවන් ඉවත් කර ඔවුන්ට විකල්ප පදිංචි ස්ථාන ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 
ජීවිත හානියක් සඳහා 2015 වසරේ සිට ලබාදෙන රුපියල් ලක්ෂයක මුදල මේ අවස්ථාවේදීත් ලබාදීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. 
එමෙන්ම ආපදාවට පත් වූ සුළු ව්‍යාපාරිකයන්ට නැවත තම ව්‍යාපාර ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබා දීම සඳහා බිලියන 2ක් වෙන්කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (30) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය, ‍පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ අදහස් පැවැසීය. 
ආපදාවට ලක් වූ මාර්ග බොහෝමයක පිළිසකර කටයුතු මේ වන විටත් අවසන් කර ඇති අතර දක්ෂිණ අධිවේගී මාර්ගය කොක්මාදුව දක්වා විවෘත කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. එනමුත් මාතර ගොඩගම පිවිසුම් මාර්ගය තවමත් විවෘත කර නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
ප්‍රසාදිකා ජයවර්ධන

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු, සිනමා විචාරකයකු සහ ගත්කතුවරයකු වන සුනිල් මිහුඳුකුල මහතා අද (30) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී අභාවප්‍රාප්ත විය.

වසර 39 ක  ලේඛන කලා ඉතිහාසයක් ඇති මිහිඳුකුල මහතා කලක් සරසවිය පුවත්පතේ ප්‍රධාන කතෘ ලෙස සහ සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයේ සංස්කාරකවරයා ලෙස කටයුතු කර තිබේ.

සිනමාව ඇතුළු කලා ක්‍ෂේත්‍රය සම්බන්ධ පර්යේෂණාත්මක ග්‍රන්ථ රාශියක් රචනා කොට ඇති මිහිඳුකුල මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජුනි මස (01) බ්‍රහස්පතින්දා පන්නිපිටිය රුක්මලේ පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

ඇමැතිවරුන් හා අමාත්‍යාංශ සඳහා නව  රථ වාහන ගෙන්වීම නතර කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30)උදෑසන ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු කැබිනට් රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.

 

 

 

 

දැනට පවත්නා අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හෙට සිට ජූනි 02 සිකුරාදා තෙක් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික වල පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

 

කැලණි ග‍ඟේ ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවින් කැලණි ගඟ ආශ්‍රිත අගනුවර හා තදාසන්න ප්‍රදේශ වල ගංවතුර තත්ත්වය තාවකාලිකව පහව ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටී.

අද (29) පස්වරු 12.30 ට ලබා ගත් ජල මාපක දත්තයන් අනුව කැලණි ග‍ඟේ සුළු ගංවතුර තත්ත්වයක් හෝ වාර්තා නොවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටී.

මේ අතර රත්නපුර, දොඩංගොඩ ඇතුළු කළු ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකත් ගිං ගඟ ආශ්‍රිත බද්දේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකත්, නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකත් තවමත් ගංවතුර තත්ත්වයක් පවතින අතර ඒවා ද බැස යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ හෝ මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනුයේ ඉදිරි පැය 24 තුළ ශ්‍රී ලංකාව වෙත එල්ලවන වැසි තත්ත්වයන් අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ ඇතුළු තවත් ප්‍රදේශ වලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවය.

ඉදිරි කාලය තුළ එම ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 75 ට වැඩි වර්ෂාපතනයක් සහ පැයට කිලෝ මීට‍ර් 40 – 50 අතර සුළං තත්ත්වයක් උද්ගතවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත -  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

පස්වන පුවත -  ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

හයවන පුවත -  දිස්ත්‍රික්ක 4ක් ගංවතුර සහ නායයාමේ අවදානමක

හත්වන පුවත - දිගු කලකට පසු නිල්වලා පිටාර ගලයි

අටවන පුවත - මිලිමීටර් 211.90 ක් වූ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

නවවන පුවත - ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි

දහවන පුවත - ගිංගඟ තවත් දරුණු වෙයි 

එකොලොස්වන පුවත - මිනිසුන් ගංවතුර අනතුරුවලට ලක්වන හැටි දැන ගනිමු

දොලොස්වන පුවත - බුලත්සිංහල නායගිය ස්ථානයෙන් මළ සිරුරු 9ක්

දහතුන්වන පුවත -  බෙල්ලන මරණ එකොළහක් - කොළඹට ගංවතුර අවදානමක්

දහහතරවන පුවත - කළුතර - රත්නපුර 67 ක් මියයති

පහලොස්වන පුවත - අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 122ක් දක්වා ඉහලට

දාසයවන පුවත - මාතර බද්දේගම කළුතර රත්නපුර අවදානම් තත්වයක්

දාහත්වන පුවත - ස්වභාවික විපත් වලින් මරණ 151යි

දාහ අට වන පුවත- ඉදිරි දින දෙකේ දී තද වැසි

දහ නම වන පුවත - ආපදා වලින් මිය ගිය ගණන එකසියහැටහතර දක්වා ඉහළට

 

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා ජීවිතක්ෂයට පත් වූවන්ගේ සංඛ්‍යාව 164 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙම ස්වභාවික ආපදා හේතුවෙන් පුද්ගලයන් 104 දෙනෙකු අතුරුදන්ව ඇති අතර තුවාල ලබා ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 88 කි.

ජලගැලීම්, නායයාම් හේතුවෙන් පවුල් එක්ලක්ෂ විසිඅටදහස් පන්සිය අසූ හයකට අයත් පුද්ගලයන් හාරලක්ෂ හැත්තෑ එක්දහස් පන්සිය හතලිස් දෙකක් අවතැන්ව ඇති බවද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙම ස්වභාවික ආපදා වලින් නිවාස 412 ක් මුළුමනින්ම වැනසී ඇති අතර නිවාස 4266 කට අර්ධ වශයෙන් හානි සිදුවී තිබේ.

මේ වන විට අවතැන් වූ පුද්ගලයන් 75,236 ක් ආරක්ෂිත ස්ථාන 336 ක රඳවා සිටින බවද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත -  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

පස්වන පුවත -  ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

හයවන පුවත -  දිස්ත්‍රික්ක 4ක් ගංවතුර සහ නායයාමේ අවදානමක

හත්වන පුවත - දිගු කලකට පසු නිල්වලා පිටාර ගලයි

අටවන පුවත - මිලිමීටර් 211.90 ක් වූ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

නවවන පුවත - ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි

දහවන පුවත - ගිංගඟ තවත් දරුණු වෙයි 

එකොලොස්වන පුවත - මිනිසුන් ගංවතුර අනතුරුවලට ලක්වන හැටි දැන ගනිමු

දොලොස්වන පුවත - බුලත්සිංහල නායගිය ස්ථානයෙන් මළ සිරුරු 9ක්

දහතුන්වන පුවත -  බෙල්ලන මරණ එකොළහක් - කොළඹට ගංවතුර අවදානමක්

දහහතරවන පුවත - කළුතර - රත්නපුර 67 ක් මියයති

පහලොස්වන පුවත - අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 122ක් දක්වා ඉහලට

දාසයවන පුවත - මාතර බද්දේගම කළුතර රත්නපුර අවදානම් තත්වයක්

දාහත්වන පුවත - ස්වභාවික විපත් වලින් මරණ 151යි

දාහඅටවන පුවත- ඉදිරි දින දෙකේ දී තද වැසි

ගං වතුරෙන් පීඩාවට පත් ජනතාවට අධාර රැගෙන ගිය එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් බද්දේගම ඉනිමංකඩ ප්‍රදේශයේ වගුරක් මතට පතිතවූ බව වාර්තා වේ.

මෙම යානයේ ගමන් ගත් නිලධාරීන්ට අනතුරක් සිදුව නොමැති බව ද වාර්තා වේ. 




මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාත තත්ත්වය සුළි කුණාටුවක් වී ගමන් කිරීමේදී සුළං රටාවේ වෙනසක් සිදුවුවහොත් අද (29) හා හෙට (30) ද ප්‍රදේශ රැසක යළි තද වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ඒ අනුව විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල එලෙස වැසි ඇතිවිය හැකි අතර ඇතැම් අවස්ථාවල මිලිමීටර 150 ට වැඩි තද වැසි ඇති විය හැකි යැයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආර්. ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
මේ අතර පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකිය. එමනිසා එම මුහුදු ප්‍රදේශ ඉතා රළු ස්වභාවයක් ගත හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව විමසිලිමත් විය යුතු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
 
ගයාත්‍රි ගීගනආරච්චි
 

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත -  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

පස්වන පුවත -  ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

හයවන පුවත -  දිස්ත්‍රික්ක 4ක් ගංවතුර සහ නායයාමේ අවදානමක

හත්වන පුවත - දිගු කලකට පසු නිල්වලා පිටාර ගලයි

අටවන පුවත - මිලිමීටර් 211.90 ක් වූ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

නවවන පුවත - ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි

දහවන පුවත - ගිංගඟ තවත් දරුණු වෙයි 

එකොලොස්වන පුවත - මිනිසුන් ගංවතුර අනතුරුවලට ලක්වන හැටි දැන ගනිමු

දොලොස්වන පුවත - බුලත්සිංහල නායගිය ස්ථානයෙන් මළ සිරුරු 9ක්

දහතුන්වන පුවත -  බෙල්ලන මරණ එකොළහක් - කොළඹට ගංවතුර අවදානමක්

දහහතරවන පුවත - කළුතර - රත්නපුර 67 ක් මියයති

පහලොස්වන පුවත - අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 122ක් දක්වා ඉහලට

දාසයවන පුවත - මාතර බද්දේගම කළුතර රත්නපුර අවදානම් තත්වයක්

දාහත්වන පුවත - ස්වභාවික විපත් වලින් මරණ 151යි

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4474

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4135

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7241

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4541

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2887

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3696

Please publish modules in offcanvas position.

Web Analytics