Coss Ear2
lakbima.lk
COSS Ear 1

පලාත් පලාන මැතිවරණ ඡන්ද විමසුම 2018 ජනවාරි මාසයේ පැවැත්වීමට තීරණය කළ හොත් ජනවාරි 6, 20, 27 යන දිනවල පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

එස්.ටී.පී.සිල්වා

කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී පරිසර ශක්‍යතා ඇගයුම් වාර්තා (EIA) ප්‍රතික්ෂේප කරමින් කුඹුරු සහ වඟුරු ඉඩම් බරපතල ලෙස ගොඩකිරීම නිසා සිදුවන පාරිසරික හානියට එරෙහිව ‍කුරුණෑගල හේනමුල්ල ප්‍රදේශවාසීහු අද (12) පෙරවරුවේ දැවැන්ත උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කළහ.

මෙම අධිවේගී මාර්ගයට සම්බන්ධ පාරිසරික ඇගයුම් වාර්තාවේ සඳහන් වන්නේ මෙම වඟුරු ප්‍රදේශයේ තනන ලද කොන්ක්‍රීට් වේදිකාවක් මත අධිවේගී මාර්ගය ඉදිකරන බවක් වුවද මේ වන විට එය මුළුමනින් වෙනස්කොට දැවැන්ත තෙත්බිම් ගොඩකිරීමේ ක්‍රියාවලියක් අරඹා ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම පාරිසරික සංහාරය පිටුපස මහාපරිමාණයේ දූෂණ සිදුවන බවටත් ප්‍රදේශයට ‍මින්පෙර කිසිදා එල්ල නොවූ අන්දමේ දැවැන්ත අයහපත් පාරිසරික බලපෑම් එල්ල වන බවටත් එම උද්ඝෝෂණයට එක් වූ ප්‍රදේශවාසීහු කියා සිටිති.

දමයන්ති ගමගේ{jcomments on}

සුනඛයන් සහ බළලුන් හිංසනයට එරෙහිව  ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත්ව ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් මස 11 වෙනිදා සලකා බැලීමට අද (12) තීරණය කළේය.

සුනඛයන් සහ බළලුන් අමානුෂික ආකාරයට ඝාතනය කිරීම ඇතුළු සත්ව හිංසන වැළැක්වීම පිණිස කටයුතු කරන්නැයි අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටිමින් පාර්ශව කිහිපයක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකොට තිබේ.

 

ඒ.ජී.රේණුකා

 

 

සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානී කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් නෙරපා ඇත. ඒ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා දුන් නියෝගයකට අනුවය.

එස්.ටී.පි.සිල්වා

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (12) සබරගමු පළාත් සභාවේ දී වැඩි ඡන්ද 21 කින් සම්මත විය. සංශෝධනයට පක්ෂව ඡන්ද 29 ක් ලැබුණු අතර විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 08 ක් පමණි.{jcomments on}

 

 

ඊයේ (11) අරලියගහ මන්දිරයේ පැවැති සෞඛ්‍ය සේවා පත්වීම් ලිපි බෙදා දීමේ උත්සවයකට සහභාගී වූ පත්වීම් ලිපි ලාභීන් සහ ඔවුන්ගේ ඥාතීන් වන 5000 ක පමණ පිරිසකට පිළුණු ආහාර පාර්සල් බෙදා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය කඩිනම් පරීක්ෂණයක් අරඹා ඇත.

මෙම ආහාර පෞද්ගලික සමාගමක් මඟින් ඇණවුම් කොට ඇති අතර දිවා ආහාර ගන්නා අවස්ථාවේ ඒවා පිළුණු වී තිබීම සිතා මතා කළ ක්‍රියාවක ප්‍රතිඵලයක් දැයි මෙහිදී විමසා බැළෙණු ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නියමයෙන් සිදුකෙරෙන මෙම පරීක්ෂණය නිම වන තුරු එම ආහාර සඳහා මුදල් ගෙවීම සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

මෙහි එක් කෑම පාර්සලයක් සඳහා අමාත්‍යංශය රුපියල් 350/- බැගින් කෑම පාර්සල් 5000 සඳහා මිලියන 1.75 ක මුදලක් වැය කිරීමට නියමිතය.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී අද (12) රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතය.
ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. තමන් ඇතුළු ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇති මැති ඇමැති කණ්ඩායම සිය ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සෘජුව සාකච්ඡා කරන බවත් ආණ්ඩුවෙන් ඉවත් වන දිනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවෙන් පසු නිශ්චිතව තීන්දු කරන බවත් රාජ්‍ය ඇමැති ටී.බි.ඒකනායක මහතා ලක්බිම කළ විමසීමකදී සඳහන් කළේය.
කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වීමට ගෙන තිබෙන තීරණයේ කිසිදු වෙනසක් සිදුනොවන බවද ඒකනායක මහතා සඳහන් කළේය.

කමණී හෙට්ටිආරච්චි, පානුක රාජපක්ෂ

ගල්කිස්ස හා රත්මලාන ප්‍රදේශවල  ඉඩම් මිලදී ගැනිමට මුදල් යෙදවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (12) උදෑසන 10.00 ට මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවා තිබේ.
ගල්කිස්ස, මිහිඳු මාවතේ  පර්චස් 31ක ඉඩමක් හා රත්මලාන, සිරිමල් උයන, කෙකටිය ප්‍රදේශයේ  නිවසක් සහිත පර්චස් 31.5 ක ඉඩමක් යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වු ඩේසි ෆොරස්ට් යන අයගේ නමින්  ඉඩම් මිලදී ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදු කරන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇති බව ‍පොලිස් මුලස්ථානය පවසයි.
මේ සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ ප්‍රකාශ ලබාදීමට මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන්නේ දෙවැනි වරටය.

ශානිකා මාධවී පීරිස්

උසස්පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර හෙට (13) ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ලබන 26 දින දක්වා මෙම ඇගයීම් පැවැත්වෙන අතර අදාළ කාලය තුළ පාසල් 7ක් සම්පූර්ණයෙන් වසා තැබෙන අතර තවත් පාසල් 20ක් කොටසක් වසා පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා යොදා ගෙන තිබේ.  සම්පූර්ණයෙන්ම වසන ලද පාසල් 7 ලබන 27 දා යළි විවෘත වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කොළඹ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, කළුතර ගුරුළුගෝමී මහා විද්‍යාලය, කුරූණෑගල ලක්දාස් ද මැල් විද්‍යාලය, ගාල්ල සුධර්මා විද්‍යාලය, මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලය, සහ බණ්ඩාරවෙල සීවලී නවෝද්‍යා මහා විද්‍යාලය යන පාසල් 7 මෙලෙස 27 දා දක්වා වසා තබනු ලැබේ.
 

ගයාත්‍රි ගීගනආරච්චි

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.
එම සැකකරුවන් දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර  නඩු පැවැරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පෙන්වා දෙමින් විත්තියේ නීතිඥවරුන් ලිඛිත දේශන මගින් දැක්වූ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් ලබන ඔක්තෝබර් 30 වැනිදා ලිඛිත දේශන ගොනු කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේය.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික දුරකථනයේ මාසික බිල වූ රුපියල් දෙලක්ෂ තිස් දහසක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින්් ගෙවීම මගින් අල්ලස් හෝ දූෂණ විමර්ශන පනතේ “දූෂණය” නමැති වැරැද්ද සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම නඩුව පවරා තිබුණි.
මේ අතර රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල් රුපියල් කෝටි අටකට අධික මුදල් වැයකර රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා හා හෝටල් බිල්පත් ගෙවීමේ සිද්ධියකට එරෙහිව ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩු 13ක්ද ඊයේ (11) කොළඹ ප්‍රධාන  මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදී කැඳවිණි. එම සැකකරුද රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ද නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නඩු ද ලබන ඔක්තෝබර් 30 වැනිදා කැඳවීමට නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වෙනුවෙන් පෙනී සිට සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුරාධා සිරිවර්ධන මහත්මිය දීර්ඝ ලෙස කරුණු දක්වමින් කළ ඉල්ලීමක් සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

නිශාන්ති රාමනායක, කොළඹ අධිකරණ

හබරණ සිට පින්නවලට ප්‍රතිකාර සඳහා ගෙන යමින් සිටියදී කඩුගන්නාව හේනාවල ප්‍රදේශයේදී අනතුරට පත් රථයේ සිටි අලියා අද අලුයම ජීවිතක්ෂයට පත්විය.

රථයේ තිරිංග ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රථය තුළ ඇද වැටුණු අලියාගේ පාදයක අස්ථි බිදීමක් සිදුවී තිබුණු අතර දොඹකරයක අධාරයෙන් පිටට ගත අලියාට ප්‍රතිකාර කිරීම එම ස්ථානයේදීම සිදු කරන ලදී.

නමුත් ඒ වන විටත් අසාධ්‍ය තත්වයේ සිටි අලියා අද අලුයම මිය ගොස් තිබේ.

මෙම මරණයට හේතුව අලි ඇතුන් ප්‍රවාහනයේදී පිළිපැදිය යුතු නීති රීති කිසිවක් මෙම අලියා ප්‍රවාහනයේදී අනුගමනය නොකිරීම යැයි පරිසර වේදීහු චෝදනා කරති.

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 511

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 232

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3182

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1789

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3772

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4861

Please publish modules in offcanvas position.