Coss Ear2
lakbima.lk
COSS Ear 1

රජය අවශ්‍ය ප්‍රතිපාදන සකසා නොමැතිවීමෙන් පළාත් සභා මැතිවරණ හා පළාත් පාලන ආයතන මැතිවරණය හෝ කිසිදු මැතිවරණයක් මේ වසරේදී හෝ ලබන වසරේ මුලදී නොපැවැත්වෙනු ඇති බවට මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය යම් හෙයකින් රජය ඉදිරිපත් නොකළ හොත් මේ වසරේ මැතිවරණය පැවැත්වීමට සිදුවන නමුත් දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පළාත් සභාවන්හි කාන්තා නියෝජනය 30 ක් කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගන්නා දිනයේදී ඉදිරිපත් කෙරෙන සංශෝධනයක් ලෙස මැතිවරණ ක්‍රමය කොට්ඨාස ක්‍රමයට පැවැත්විමේ සංශෝධනයක් ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව කොට්ඨාස ක්‍රමය සකස් කිරිම ඇතුළු පනත් සංශෝධනය කිරීම අවසන් වන තෙක් මැතිවරණය පැවැත්විය නොහැකි වනු ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි. ලබන ඔක්තෝබර් මස 26 දාට නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව යන පළාත් තුනේ නිල කාලය අවසන් වේ.
පළාත් පාලන මැතිවරණයට අදාළව මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශිය සභා ආඥා පනත් සංශෝධනය කිරිම ලබන මස පළමු සතියේ නොකළහොත් පළාත් පාලන මැතිවරණයද ලබන වසරේ ජනවාරි මාසයේදීද පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මේ නිසා මැතිවරණ යළිත් කල් යනු ඇතැයිද මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ලසන්ත විරකුලසූරිය

රජය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන නව රථවාහන දඩ ‍ලේඛනය සඳහා බස් රථවල යාචක වෘත්තියේ යෙදීම හා වෙළෙඳාම් කිරීමද තහනම් කරමින් ඒ අයට රුපියල් 5000 කවත් දඩ මුදලක් නියම කළ යුතු බව තමන් යෝජනා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (18) පැවැසීය.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් නාරහේන්පිට කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේදී ඊයේ (18) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ගැමුණු විජේරත්න මහතා එම අදහස් පැවැසීය. 
බස් රථවල සිඟමනේ යෙදෙන සහ වෙළෙඳාම් කරන පුද්ගලයන්ගෙන් රුපියල් 5000ක දඩයක් අයකරගැනීමේදී ඔවුන්ට එම බස්වලට අදාළ කටයුතු කිරීමට අවසර දුන් බස් රථ සේවකයින් සඳහාද රුපියල් 3000කවත් දඩයක් නියම කරන ලෙස තමන් යෝජනා කරන බවද ගැමුණු විජේරත්න මහතා මේ පිළිබඳව පසුව අප කළ විමසුමකදී පැවැසීය.
‍පොදු ප්‍රවාහන සේවාවල සිඟමනේ යෙදීම, වෙළෙඳාම් කිරීම නීතියට අනුව වරදක් වුවත් මේවනතෙක් කිසිදු රජයක් ඊට එරෙහිව පියවර නොගත් බවද ගැමුණු විජේරත්න මහතා පැවැසීය. ‍පොදු මගී ප්‍රවාහන සේවා ගුණාත්මක තත්ත්වයකට ගෙන ඒමට රජයට අවශ්‍ය නම් ඉහත කාරණා දෙකද වරදක් ලෙස නව දඩ පනතට ඇතුළත් කළයුතු බවද ඒ මහතා පැවැසීය.
බිමතින් රිය පැදවීම, රියැදුරු බලපත්‍රය සහ රක්ෂණ සහතික නොමැතිව රිය ධාවනය, දුම්රිය ගේට්ටු හරහා අපරික්ෂාකාරී රිය ධාවනය යන වැරදි ඇතුළත්ව තවත් වැරදි 3කට රජය විසින් 25,000ක දඩයක් නියම කිරීම තම සංගමය අනුමත කරන නමුත් එම දඩ සංශෝධනය මගින් ස්ථානීය දඩගැසීමට ‍පොලීසියට අවසර දීම පිළිනොගන්නා බවද ගැමුණු විජේරත්න මහතා කීවේය.
ස්ථානීය දඩය ක්‍රියාත්මක කිරීමට පෙර නූතන තාක්ෂණික උපකරණ අපගේ මහාමාර්ග වලට සවිකළ යුතුයි. ඒ සමගම සියලුම මාර්ග ගැසට් කළ යුතුයි. විශේෂයෙන් සියලු මාර්ගවල සී.සී.ටී.වී. කැමරා සවිකළ යුතුයි. ඒ කිසිවක් නොකර මෙම දඩ ක්‍රමය ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන බවද විජේරත්න මහතා කීවේය.
තවද මෙම නව දඩ පනතින් දක්වා ඇති අපරීක්ෂාකාරී රිය ධාවනය සහ අනාරක්ෂිතව රිය ධාවනය කියන කාරණා දෙක පිළිබඳව නිවැරදි අර්ථකථනයක් අවශ්‍ය වන බවද ගැමුණු විජේරත්න මහතා කීවේය.
 
පානුක රාජපක්ෂ

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සහකාරවරුන්ගේ පැවැති වැටුප් විෂමතාව ඉවත් කිරීමට ස්ථාපිත කරන ලද වැටුප් තලය නීතිවිරෝධී බව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු තීන්දුව ලැබිමට පෙරම පාරිභෝගික ජනතාව අපහසුතාවට ලක් කිරීම අසාධාරණ බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.
වැඩවර්ජනය කැඳවා ඇති විදුලි සේවක වෘත්තීය සමිතිය මහජන මුදල් නාස්තිය සම්බන්ධයෙන් කිඹුල් කඳුළු හෙලමින් සිටින අතරතුරදී ඉංජිනේරුවරුන්ගේ වැටුප් විෂමතාව නිවැරදි යැයි පිළිගැනීමට ඔවුන්ටද විශාල වැටුප් වැඩිවීමක් කරන ලෙස ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඉංජිනේරු සංගමය සඳහන් කරයි. එවැනි වැටුප් වැඩිවීමක් සඳහා වැය වන්නේ මහජන මුදල් නොවේදැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රශ්න කරයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින්ගේ වැටුප වසර තුනෙන් තුනට සංශෝධනය කරන අතර එය අවසන් වරට සිදුව ඇත්තේ 2015 වසරේදීය. ඉංජිනේරු වෘත්තිකයින්ට අවුරුදු 15ක් පුරා පැවැති වැටුප් විෂමතාවක් 2014 වසර අගදී ඉවත් කර ඇත. මෙම නිවැරදි කිරීමට පෙර ඉංජිනේරුවන් ගණකාධිකාරීවරු ඇතුළු මණ්ඩලයේ සියලු නිලධාරීන් සිටියේ එකම වැටුප් තලයක වන අතර එක් එක් වෘත්තීය ක්ෂේත්‍රවල ඇති උසස්වීම් පටිපාටිවල තිබූ දෝෂ නිසා කලක් තිස්සේ ඉංජිනේරුවන් දැඩි අසාධාරණයකට ලක්ව සිටි බව එම සංගමය පවසයි. මේ හේතුව නිසා එම වැටුප් විෂමතාව ඉවත් කළ බවද එම සංගමය අනාවරණය කරයි.
ඉංජිනේරුවරු සමග ඉංජිනේරු සහකාරවරුන්ට තිබූ අසාධාරණය යම් මට්ටමකට පහළ මට්ටමේ අනෙකුත් තාක්ෂණික සේවක පිරිසටද පවතින බැවින් දිවා රෑ නොබලා භයානක හා භාරදූර කටයුත්තක නියැළී සිටින අනෙකුත් තාක්ෂණික සේවකයින්ට ඇති අසාධාරණය 2018ට පෙර නිවැරදි කරන ලෙස තම සංගමය පාලනාධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙන බවද විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
 
කමණි හෙට්ටිආරච්චි

මියන්මාරයෙන් පලවාහරින බව කියන රෝගින්‍යා සරණාගතයින් මෙරටට බාර ගන්නවාද නැද්ද යන්න සම්බන්ධව මතෛක් ශ්‍රී ලංකාව නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම සරණාගතයින් සම්බන්ධව විවිධ අසත්‍ය ප්‍රචාර සිදුවන බවත් ඒවාට නොරැවටෙන ලෙසත් විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.
මෙම සරණාගතයින් සම්බන්ධ ගැටලු පිළිබඳ විශේෂ අවධානයක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය යොමු කර අති බවද එම අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහේෂිකා කොළොන්නේ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එම සරණාගතයින් සම්බන්ධව ශ්‍රී ලංකා රජය මියන්මාරය හා බංගලිදේශය සමග එක්ව කටයුතු කරමින් සිටින බවද නිවේදනයේ දැක්වේ.
 
පැතුම් වික්‍රමරත්න

වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරී නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලට අනුයුත්ත කොට ඇත.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට ඒ සඳහා උපදෙස් දී ඇති අතර වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු 19 දෙනෙකු කළ ඉල්ලීමක්ද ඊට පදනම් වී ඇත.

එම වෛද්‍යවරු ලෙඩ නිවාඩු දමා සෞඛ්‍ය අමාත්‍යංශයේදී අමාත්‍යවරයා වෙත කරුණු 26කින් යුතු වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එම කරුණු පදනම් කර  එම වෛද්‍යවරියගේ ක්‍රියා කලාපය ඇතුළු අක්‍රමිකතා පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් දියත් කරන ලෙසද එම වෛද්‍යවරුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ඒ සම්බන්ධයෙන් පොලිස්පති වරයා වෙත ඉල්ලීමක් කිරීමට ද නියමිතය

ආයතනික නීති රෙගුලාසි උල්ලංඝණය කරමින් බන්ධනාගාර ගත වන ප්‍රභූන් රෝහල් ගත කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ මහජන උද්ඝෝෂණද පැන නැගී තිබිණ.

ඒ සම්බන්ධයෙන් වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මිය සෘජුව වගකිව යුතු බව ඇතැම් පාර්ශවයන්ගේ මතය වී තිබේ.

වෛද්‍ය තේනුවර මහත්මියගෙන් පුරප්පාඩු වූ වැලිකඩ බන්ධනාගාරයේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරී තනතුර සඳහා වෛද්‍ය ජේ.කේ.මල්වත්තගේ මහතා පත් කිරීමට නියමිතය. 

දමයන්ති ගමගේ

හැටන් ප‍්‍රදේශයේ පාසල් සිසු සිසුවියන්  හා ඇගලුම් සේවිකාවන් ප‍්‍රවාහනය කරන වෑන් රථ සහ බස් රථ අද (18) උදෑසන නුවරඑළිය මෝටර් රථ පරික්‍ෂක ආර්.සේනාරත්න මහතාගේ හදිසි පරික්‍ෂාවට ලක් විය.

මෝටර් රථ පරීක්ෂකවරයා මෙම හදිසි පරික්ෂාව සිදුකරන ලද්දේ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ ඉල්ලීමක් මතය.

මෙම පරික්‍ෂාවේදි මෝටර් රථ ආඥා පනතේ වාහාන නඩත්තු කිරිමේ විධිවිධාන යටතේ කරුණු විසි එකක් කෙරෙහි මෝටර් රථ පරික්‍ෂකවරයාගේ අවධානය යොමු විය.

මෙහිදි පාසල් සිසුන් හා ඇගලුම් සේවිකාවන් ප‍්‍රවාහනය කරන වෑන් රථ සහ බස් රථ ගණනාවක අඩුපාඩුකම් හා නිසි නඩත්තුවකින් තොරව තිබීම හේතුවෙන් එම අඩුපාඩුකම් සපුරා ගැනීම සඳහා එම වාහන හිමියන්ට දින දාහතරක කාලයක් ලබා දෙන ලදී.

එතෙක් එම වාහන තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ පරික්‍ෂකවරයා විසින් පියවර ගත් අතර එතෙක් වාහනයේ ආදායම් බලපත‍්‍රය මෝටර් රථ පරික්‍ෂකවරයාගේ භාරයට ගනු ලැබිණ. දින දාහතරක් ඇතුලත එම වෑන් රථ වල අඩුපාඩු සම්පුර්ණ කර යළිත් එම වෑන් රථ සහ බස් රථ මෝටර් රථ පරික්‍ෂකවරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මෝටර් රථ පරික්‍ෂකවරයා භාරයට ගත් ආදායම් බලපත‍්‍රය යළිත් වාහන හිමියාට ලබා දිමට නියමිතය.

එසේ දින දාහතරක් ඇතුලත අඩුපාඩුකමි සපුරා මෝටර් රථ පරික්‍ෂකවරයා වෙත ඉදිරිපත් නොකරන වෑන් රථ සහ බස් රථ හිමියන්ට එරෙහිව හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පැවරිමට හැටන් රථ වාහන අංශයේ නිලධාරින් කටයුතු කරනු ඇත.

ගුණාත්මක ප‍්‍රවාහන සේවයක් පවත්වාගෙන යාමේ අරමුණින් මෙම හදිසි වාහන පරික්‍ෂාව සිදුකළ බව නුවරඑළිය මෝටර් රථ පරික්‍ෂක ආර්.සේනාරත්න මහතා කියා සිටියේ.




හැටන් රංජිත් රාජපක්‍ෂ {jcomments on}          

 

රූපවාහිනියනරඹමින් සිටි කුඩා දරුවෙකු ඇතුලු තිදෙනෙක් එහි ඇතිවූ ගින්නක් හේතුවෙන් ඊයේ (17) දහවල්  අනූ නවයෙන් ජීවිතය බේරාගෙන ජනේලයකින් පිටතට පැමිණ ඇතැයිපොලොන්නරුව පොලිසිය කියයි.

පොලොන්නරුව නව නගරය පොළ අසල නිවසකමෙසේ ගින්නක් හටගෙන ඇති අතර එම ගින්න ඇතිවන මොහොතේ අවුරුදු දෙකක පමණ කුඩාදරුවෙකු හා තවත් දරුවෙකුත් අත්තම්මාත් එක්ව රූපවාහිනිය නරඹමින් සිටඇත. හදිසියේ ඇතිවූ ගින්න හේතුවෙන් පි‍ටුපස ජනෙල් පියනක් ඇර ගෙයින් පිටතටකුඩා දරුවාත් අත්තම්මාත් ගැනීමට හැකි වූ නිසා ලොකු අනතුරක් වැලකී ගිය බවපොලිසිය කියයි.

මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බවත්සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ පවත්වන බවත් පොලොන්නරුව පොලිසියේස්ථානාධිපති මු.පො.ප.එම්.එස්.එම්.ජරූල් මහතා පැවසීය.


ප්‍රියන්ත බණ්ඩාර පොලොන්නරුව{jcomments on}

 

 

අහංගම නගරයේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එහි සිටි පස්දෙනෙකුට තුවාල සිදුවී ඇති බව වාර්තා වෙයි.

සුන්බුන් අතරේ තවත් පිරිස් සිටී දැයි මේ වන විට විමර්ශනය කරන අතර ගිලන් රථ  සහ හිදිසි ප්‍රතිකාර සේවා ද එම ස්ථානයට කැඳවා තිබේ.

{jcomments on}

 

 

මෝටර් රථයක් මහවැව - කුඩාවැව ප්‍රදේශයේදී හැමිල්ටන් ඇළට පෙරළී යාමෙන් එහි ගමන් කළ තිදෙනෙක් ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ (17) රාත්‍රී 8.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

අනතුරට පත් මෝටර් රථය මාදම්පේ දෙස සිට නාත්තන්ඩිය දෙසට ගමන් කරමින් තිබී ඇත.

රෝහල් ගත කර ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවට හදුනා ගෙන ඇතැයි පොලීසිය කියයි.

අධික වේගයෙන් ගමන් කරමින් තිබූ මෝටර් රථය එක් වරම මාර්ගයෙන් ඉවතට පැන හැමිල්ටන් ඇළට පෙරළී ගිය බව අනතුර ඇසින් දුටු අය පොලීසිය හමුවේ පවසා ඇත. හැමිල්ටන් ඇළ මේ දිනවල සිදී ගොස් ඇති නිසා පෙරළී ගිය අයගේ ජීවිත බේරා ගැනීමට ගම්වාසීන්ට හැකියාව ලැබී ඇත.

අධික වේගය සහ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය අනතුරට හේතුව වන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

මාරවිල පොලීසියේ රථ වාහන අංශයේ පොලිස් සැරයන් 31547 සුනිල් සහ පොලිස් කොස්තාපල් 60625 සමරකෝන් යන මහත්වරුන වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යති.




ජුඩ් සමන්ත{jcomments on}

මම කිසිම උත්සවයකට  ඉටිකොළ කොඩි දාන්නේ නැහැ. මේ ඉටිකොළ කොඩි දාන්න අපි සම්බන්ධ නැහැ. මටත් පුළුවන් එක පැයකින් උණවටුනේ ඉදලා අහංගම පොල දක්වා කොල කොඩි දාන්න, නමුත් මම එහෙම කරන්නේ නැහැ. යැයි හබරාදුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා පැවසීය.

ඔහු එසේ පැවසුවේ ඊයේ (17)  අහංගම නගරයේ ඉදිකළ වෙළද සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේ දීය.

වෙළද සංකීර්ණය විවෘත කිරීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හබරාදුව ප්‍රධාන සංවිධායක, නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය චන්දීම විරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතිවිණී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හබරාදුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක, හබරාදුව සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා මෙසේද කීය.

මම වැඩ කරන්නනේ නම දාගන්න නෙවෙයි. මම ඉටි කොළ භාවිතා කරන්නනේ නැහැ. ඡන්දයේ ඉල්ලන කොටවත් ඉටිකොළ භාවිතා කරන්නේ නැහැ. නමුත් අද මෙතැන ඉටිකොළ වලින් නිල් කොඩි තියෙනවා. මේ බව මට ඊයේ (16) රාත්‍රි දුරකතන ඇමතුම් තිහක් විතර දිලා මිනිස්සුත් කිව්වා. ඒ ජනතාව මගෙන් අහනවා ඇයි නිල් කොඩි විතරක් දැම්මේ කියලා. නමුත් මේ කොඩි දැමිමට මම සම්බන්ධ නැහැ.

කොළ පාටින්, නිල් පාටින්, රතු පාටින් කොඩි දැම්ම කියලා සංවර්ධනය ඇති වෙන්නේ නැහැ. නමුත් අද චන්දීම ඇමති තුමා සමඟ එකතු වෙලා අපි හබරාදුව සංවර්ධනය කරලා තියෙනවා. ඉදිරියටත් සංවර්ධනය සිදු කරනවා.

මම ආපු අලුත ඇමතිතුමාට හබරාදුව සම්බන්ධීකරණ කමිටුවේදී පුශ්ණ ඇති කළා. නමුත් ඔහු දක්ෂයෙක් බව මම  හඳුනාගත්තා. මට ඉගෙනගන්න බොහෝදේ තියෙන ඇමති වරයෙක් තමයි චන්දිම ඇමතිතුමා. එතුමාගේ අඩි පාරේ මම යනවා මිසක් එතුමා මගේ පාරේ යන්න අවශ්‍ය නැහැ. මේ වෙළද සංකීර්ණය විවෘත කරන්න ඇමති තුමා මටත් ආරාධානා කළා.

මම පිදිය යුත්තන් පුදන කෙනෙක්, වඳින්න ඕන කෙනාට වඳින කෙනෙක්. ගාල්ල දිස්ත්‍රික්කයේ සිදු වෙන සංවර්ධන දෙස බලනකොට සියයට පන්සියක හබරාදුවේ සංවර්ධන වැඩ කරලා තියෙනවා. ඉස්සර මම ගම්මිරිස් පැළ බෙදනකොට චන්දිම ඇමතිතුමා විරුද්ධ වුණා.

පොහොර නැති වුණා කියලා මිනිස්සු බනිනවා. වස විස කාලා කරාපිටිය රෝහලේ වාටටු දෙගුණ වුණා. නිවාස ආධාර 400 ක් ගත්තා. පාරවල් 150 ක් හදලා තියෙනවා. හබරාදුව වෙළඳ සංකීර්ණය හදන්න රුපියල් ලක්ෂ 100 ක් වෙන්කර තියේනවා.  යැයි වැඩිදුරටත් පැවසීය.{jcomments on}

 

 

ඉදිරි සියලු මැතිවරණ කොට්ඨාස ක්‍රමය යටතේ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පැවැසුවේ උතුරුමැද පළාත් සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සමග ජනාධිපති නිල නිවසේදී පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.
ආණ්ඩුව තුළ සිටින ආණ්ඩුවට සහය පළ කරන ඇතැම් පාර්ශ්ව විරුද්ධ වුවද තම මූලිකත්වය මත මනාප ක්‍රමය වෙනුවට කොට්ඨාස ක්‍රමය යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට  හැකිවෙන බවත් එය පක්ෂ භේදයකින් තොරව රටේ සෑම ජනතාවකටම හිමිකරදුන් ජයග්‍රහණයක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ද මනාප ඡන්ද ක්‍රමය වෙනුවට කොට්ඨාස ක්‍රමය හඳුන්වාදීම සඳහා කටයුතු කිරීමට තමන් කැපවී සිටින බවද ජනාධිපතිවරයා පැවැසීය.
රටේ පවතින මෙම මනාප දේශපාලන ක්‍රමය තුළ දේශපාලනඥයන් රට ගැන සිතීමට පෙර තම පෞද්ගලික දේශපාලන ජයග්‍රහණයන් වෙනුවෙන් කටයුතු කිරීම සිදුවන බවත් ඒ තුළ රටේ ජනතාව බලා‍පොරොත්තු වන ජයග්‍රහණයන් රට වෙනුවෙන් ලබාදීමට නොහැකි වී ඇති බවත් ජනාධිපතිවරයා පැවැසීය.
මෙම මනාප ඡන්ද ක්‍රමය වෙනස් කර ඒ වෙනුවට කොට්ඨාස ක්‍රමය හඳුන්වාදෙන බවට තමා පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් ‍පොරොන්දුව මේ වනවිට ඉටු කරමින් සිටින බවත් ඒ අනුව සමස්ත ජනතාව වෙනුවෙන් නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවැසීය.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සහ දැනට පළාත් සභා තුළ පවතින ගැටලු පිළිබඳවද සාකච්ඡාවට ගැනිණි.

පානුක රාජපක්ෂ

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 629

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1147

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1008

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 779

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5437

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3591

Please publish modules in offcanvas position.