Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නඩුවකට පෙනී සිටි සැකකරුවකු වෙනත් වරෙන්තුවකට අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් අධිකරණ භූමියෙන් පිටතට වී සිටින බව පවසමින් ඔහු අනුරාධපුර අධිකරණ සංකිර්ණයේ ප‍්‍රධාන ගොඩනැගිල්ලේ වහලය මතට නැගී ඊයේ (06* දහවල් විරෝධතාවක නිරත විය.
සැකකරු අනුරාධපුර නව නගරයේ පදිංචි 40 හැවිරිදි රත්තා යන අන්වර්ථ නාමයෙන් හ`දුන්වන අතර, ඔහු උප පොලිස් පරීක්ෂකවරයකුට යකඩ ඉන්නකින් පහර දී තුවාල සිදු කිරීම, තරුණයකුට අමානුෂික ලෙස පහර දී තුවාල  කිරීම ඇතුළු අධිකරණයේ විභාග වන නඩු අටක පමණ සැකකරුවකු බව පොලීසිය පවසයි.
සැකකරු අධිකරණ සංකීර්ණයේ වහලය මතට නැගී විරෝධතාවේ යෙදෙද්දී අනුරාධපුර හිටපු ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු තීන්දු කිහිපයක් ලබා දෙමින් සිටියාය.
ඔහු අද (06) අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැති නඩුවට ඉදිරිපත් වී නැවත අධිකරණ භූමියෙන් පිටවීමට යන අවස්ථාවේ පොලිස් නිලධාරීන් අධිකරණය නිකුත් කර තිබෙන වරෙන්තුවකට අත්අඩංගුවට පැමිණ සිටීම නිසා පිටතට නොගොස් ප‍්‍රධාන ගොඩනැගිල්ලට ආසන්නයේ වූ ගසක ආධාරයෙන් වහලයට නැගී විරෝධතාවයේ නිරතවිය.
මාව අල්ලන්න පොලීසියෙන් ඇවිල්ලා දැන් අල්ල ගත්තහම ගුටිකන්න වෙනවා. මම බහින්නෑ බිමට කියමින් ඔහු ප‍්‍රධාන ගොඩනැගිල්ලේ වහලය මතට වී වාඩි වී සිටියේය. එහෙත් කිසිදු නිලධාරියකු එම අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගැනීමට පැමිණ නොසිටි අතර අධිකරණ කාර්ය මණ්ඩලය නීතිඥවරුන් හා පොලිස් නිලධාරීන් ඔහුට වහලය මතින් බිමට බසින ලෙස දැන්වූවත් ඔහු පැයකට වැඩි කාලයක් වහලය මතට වී සිටියේය.
සැකකරු වහලය මතට වී සිටින අයුරු අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂන් මහතා නිරීක්ෂණය කළ අතර පසුව උසාවි පොලිස් නිලධාරියා විසින් ඔහුට වහලයෙන් බිමට බසින ලෙස විනිසුරුතුමන් නියෝග කළ බව පැවැසුවේය.
ඒ අනුව සැකකරු වහලයෙන් බිමට බැස්ස අතර අධිකරණයට අපහාස සිදුවන අන්දමෙන් කටයුතු කිරීම නිසා සැකකරු අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු බරපතළ වැඩ සහිතව මාස හයක සිර ද`ඩුවමක් ලබා දීමට නියෝග කර එය වසර 5කට අත්හිටුවන ලෙස මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
තවද මින් ඉදිරියට අධිකරණයට අපහාස වන අයුරින් නොහැසිරෙන ලෙස සැකකරුට මහේස්ත‍්‍රාත්වරයා තරයේ අවවාද කළේය.

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර

කටාර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් මේ වන විට මතුවී නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති ඒ. එස්. පී. ලියනගේ මහතා ප්‍රකාශ කර සිටී.
කෙසේ වෙතත් මේ දිනවල කටාර් වෙත ක්‍රියාත්මක ගුවන් ගමන්වලට දැඩි තදබදයක් පවතින බවත්, ඒ අනුව මේ දිනවල කටාර් වෙත පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් තම ගුවන් ගමන් දින කිහිපයක් ප්‍රමාද කිරීම වඩාත් යෝග්‍ය වන බවත් ලියනගේ මහතා මාධ්‍ය වෙත අද (6) ප්‍රකාශ කළේය.
එසේම කටාර් සිට යළි මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් කටාර්හි බැංකු හරහාම තම කටාර් රියාල්, ඩොලර් බවට හරවා ගැනීමද වඩාත් යෝග්‍ය වන බව ලියනගේ මහතා සඳහන් කරයි.
මේ අතර කටුනායක ගුවන් තොටු‍පොළේ බැංකු ශාඛා කිහිපයක්ම අද (6) දින පෙරවරුවේ කටාර්හි මුදල් ඒකකය වන කටාර් රියාල් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා එරට සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් මහත් අපහසුතාවට පත්විය.
කෙසේ නමුත් ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා බැංකුව අවධාරණය කර සිටියේ කටාර් රියාල් භාර නොගන්නා ලෙසට තම ආයතනය මෙරට කිසිදු බැංකුවකට දැනුම් දී නොමැති බවයි.
මහ බැංකුව එම නිවේදනය නිකුත් කරලීමෙන් අනතුරුව අද (6) පස්වරුවේ කටුනායක ගුවන් තොටු‍පොළේ බැංකු ශාඛාවන්ද යළි කටාර් රියාල් භාරගැනීම ආරම්භ කළහ.
කටාර් අර්බුදයෙන් ලාංකිකයන්ට කිසිඳු ගැටලුවක් නැති බවත්, ඕනෑම හදිසි මොහොතකදී ලාංකික ශ්‍රමිකයින්ට කිසිඳු ගැටලුවක් නැති බවත්, ඕනෑම හදිසි මොහොතකදී ලාංකික ශ්‍රමිකයින්  දිවයිනට ගෙන්වා ගැනීමට සූදානම් බවත් විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.
එරට රැකියා කරන අපේ ශ්‍රමිකයන්ට දිවයිනට එන්න අවශ්‍ය නම් අපේ තානාපති කාර්යාලය දැනුවත් කරන්න කියලා ඉල්ලීම් කරනවා. කටාර්වල රැකියාව කරන අයට තානාපති කාර්යාලයත්  සමග සම්බන්ධතා පවත්වගන්න පුළුවන්. ඒ ගැන කිසිම ගැටලුවක් නෑ. මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අයව ගෙන්වගන්න අපි අවශ්‍ය කටයුතු කරනවා. යැයි ද ඇමැතිනිය වැඩිදුරටත් පවසන්නීය.

පැතුම් වික්‍රමරත්න, පද්මිණී මාතරගේ

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සීනි සඳහා වන විශේෂිත රේගු බද්ද කිලෝවකට රුපියල් 10 ක් වශයෙන් වැඩි කරන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

ජාත්‍යන්තර වෙළඳ පොළේ සීනි මිල පහළ බැසීම නිසා දේශීය සීනි නිෂ්පාදනය ඇතිවිය හැකි අහිතකර බලපෑම් දුරලීමටත් කුඩා පරිමාණයේ දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගැනීමට මෙම බදු මුදල වැඩි කිරීම හේතු වන බව පැවසේ.

නමුදු මෙසේ රේගු බද්ද වශයෙන් වැඩි කළ රුපියල් 10යේ මුදල කිසිසේත්ම පාරිභෝගිකයන් වෙත නොපැටෙවෙන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

Quatarසෞදි අරාබිය විසින් කටාර් ගුවන් සේවය වෙත නිකුත් කර තිබූ ගුවන් ගමන් බලපත්‍රය අත්හිටුවා ඇත. තවද කටාර් ගුවන් සේවය විසින් සෞදි අරාබිය තුළ පවත්වාගෙන යන කාර්‍යාල පැය 48 කාලයක් සඳහා වසා දමන ලෙසද නියෝග කර ඇත. 
කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට උදව්ක රන බවට චෝදනා කරමින් සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල් කීපයක් කටාර් රාජ්‍ය සමඟ පවතින සබඳතා නවතා දමා තිබේ.

Angelo Mathews 1ආබාධයක් හේතුවෙන් අයි සී සී චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරඟයට ක්‍රීඩා නොකළ ඇන්ජලෝ මැතිව්ස් මීළඟ තරඟය සඳහා ක්‍රීඩා කරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ අනුව ජූනි 08 වන දා ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟයේදී ඔහු යළි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත.

නායයාමට ලක්වූ මීතොටමුල්ල කුණු කන්ද පිළිබදව පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් කරන ලද පූර්ණ අධ්‍යයන වාර්තාව ශ්‍රී ලංකා පොලීසිය වෙත භාරදීම අද  (06) විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨයේදී සිදුවිය.

ඉකුත් අප්‍රේල් මස නාය යාමට පත්වූ කුණු කන්ද පිළිබඳව විධිමත් අධ්‍යනයක් විශ්ව විද්‍යාලය මගින් සිදුකළ අතර එහි වාර්තාව ඉදිරියේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්යය මණ්ඩලය විසින් කරන ලද විධිමත් අධ්‍යනයේ වාර්තාව එහි සම්බන්ධිකාරක ආචාර්ය ජයලත් දිසානායක මහතා විසින් උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා වෙත භාර දුන් අතර උපකුලපතිවරයා විසින් එම වාර්තාව පොලිස් පරිසර ඒකකයේ සහකාර පොලිස් අධිකාරී ඩී.කේ.මනෝජ් පෙරේරා මහතා වෙත භාර දෙන ලදි.

ඒ අනුව අධ්‍යයන වාර්තාව සිදුකළ 14 දෙනෙකුගෙන් සමන්විත විද්වත් මඩුල්ලේ සම්බන්ධීකාරක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජයලත් එදිරිසිංහ මහතා අදහස් දක්වමින් කරුණු රැසක් යටතේ අධ්‍යනය සිදුකළ බවත් එහිදී මෙය භූමි කම්පාවක් සිදුවීම, කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද වැනි කරුණු පිළිබදවත් විධිමත් අධ්‍යනයක් සිදුකළ බව කීවේය.

කුණ කන්ද නාය යාම සම්බන්ධයෙන් නිකුත් වූ අධිකරණ නියෝගය නිසා වාර්තාව පිළිබද තොරතුරු මාධ්‍යයට වාර්තා කිරීමේ වාරණයක් පැනවී ඇති නිසා එහි අන්තර්ගතය පැහැදිලි කළ නොහැකි බව කීවේය. නමුත් කුණු කන්ද නාය යාම කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවත් එය යම් ස්වාභාවික ක්‍රියාවලියක් වන බව කී ආචාර්යවරයා වැඩි තොරතුරු වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනාවරණය කළ හැකි යැයි කීවේය.

කුණු කන්දේ කානු පටුවීම, නාය යාමට පෙර රසායනික ද්‍රව්‍යයක් ඉසීම වැනි දේ ද මෙහිදී දීර්ඝ වශයෙන් අධ්‍යයනය කළ බව ද ආචාර්යවරයා සදහන් කළේය.

පරිසර පොලිස් ඒකකයේ සහකාර පොලිස් අධිකාරී ඩී.කේ. මනෝජ් පෙරේරා  මහතා අදහස් දක්වමින්

"තමන් මෙම වාර්තාව ශ්‍රී ලංකා පොලීසිය මගින් සදුදා (05) අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් එහිදී අධිකරණය මගින් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බව කීවේය. පොලිසීය කරන ලද අධ්‍යනයන්හිදී කුණු කන්ද නාය යාම කඩාකප්පල් කාරී ක්‍රියාවක් නොවන බව තහවුරු වූ බව ද කිවේය. මෙම වාර්තාව කුණු කන්දේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා බෙහෙවින් ඉවහල් වන බවත් ඇතැම් විට යළි පදිංචි කිරීම්,වන්දි ලබාදීම් වැනි අවස්ථාවලදී ද මෙය උපයෝගී කර ගත හැකි යැයි කීවේය.

උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයේ පැවැති වාර්තාව ශ්‍රී ලංකා රජයට භාර දීමේ අවස්ථාව සඳහා එම වාර්තාව සකස් කිරීමට දායකත්වය දැක්වූ මහාචාර්ය එච්.එන්.සෙනෙවිරත්න, මහාචාර්ය එස්.බී.එස්.අබේකෝන්, ආචාර්ය එල්.සී.කුරුකුලසූරිය, ආචාර්ය ජී.බී.බී.හේරත්, ආචාර්ය එච්.කේ.නන්දලාල්, ආචාර්ය එස්.එන්.ජිනදාස, ආචාර්ය කේ.කේ. චමිදු, ආචාර්ය ආර්.ජී.අතපත්තු,  ආචාර්ය සී.එස්.කල්පගේ, මහාචාර්ය එස්.පී.නිශ්ශංක, ආචාර්ය එම්.අයි.එම්. මව්ජූඩ්, ආචාර්ය ඒ.කේ.කරුණාරත්න, මහාචාර්ය එම්.ආර්.පින්නවල යන මහත්ම මහත්මීන් ද එක්විය.




නදීක දයා බණ්ඩාර - මහනුවර

ඉදිරි පොසොන් දිනවල අනුරාධපුරය, පොලොන්නරුව යන පූජනීය නගර ඇතුළු ශ්‍රී ලංකාවේ සෙසු පුදබිම් ආශ්‍රිතව සිදුවිය හැකි ජල අනතුරු වැලැක්වීම පිණිස විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් සකස් කොට ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

අනාරක්ෂිත අයුරින් ජලාශ වලට බැසීම, මත්පැන් පානයෙන් පසු ජලාශ වලින් දිය නෑම, කිඹුලන් හිඳින ජලාශ පරිහරණය කිරීම ආදිය මෙම දිය අනතුරු වලට මුල් වන බව පවසන පොලිස් මූලස්ථානය එකී කටයුතු වලින් වළකින ලෙස මහජනතාවට අවවාද කරයි.

මේ අතර පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් එම ජලාශ ආශ්‍රිතව සේවයේ යොදවා ඇති අතර මත්පැන්, මත්ද්‍රව්‍ය අලවිය සහ භාවිතය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්ද එම ප්‍රදේශවල රඳවා ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය  කරයි.

ඉදිරි පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන වන්දනා කරුවන් සෙසු පළාත්වල පූජනීය ස්ථාන වෙතද යාමේ නැඹුරුවක් පවතින බැවින් එසේ වැඩි ජනගහණයක් ගැවසෙන ප්‍රදේශ කෙරෙහිද විශේෂ අවධානයක් යොමු වනු ඇත.

මේ අතර මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා යොදවා ඇති අතර උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය දක්වා පටු දුම්රිය පාලම් කිහිපයක් ඇති බැවින් දුම්රියෙහි පාපුව‍රුවෙහි ගමන් කිරීම අතිශය අවදානම් බව දුම්රිය මූලස්ථානය නිවේදනය කරයි.

දුම්රියේ පාපුවරුවෙහි ගමන් කිරීම නිසා එම පාලම්වල බ‍ඳෙහි ගැටීමෙන් සෑම පොසොන් සමයකම මිනිස් ජීවිත කිහිපය බැගින් විනාශවන බව පෙන්වා දෙන දුම්රිය මූලස්ථානය මගීන්ගේ ඔවුන්ගේ බඩුබාහිරාදියෙහි හා දුම්රිය දේපළවල ආරක්ෂාව සඳහා ඉදිරි දින කිහිපය තුළ එම මාර්ගයේ දුම්රිය ආරක්ෂක සේවා ජාලය තර කර ඇතැයි නිවේදනය කරයි.

සහන් සංකල්ප සිල්වා

 

2016 - 2017 යන අධ්‍යයන වර්ෂයට අදාලව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු  අද (06) ප්‍රකාශයට පත් කොට ඇත.  ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් මේ වන විට අදාල කඩඉම් ලකුණු දැන ගැනීමේ හැකියාව පවතී.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය - http://www.ugc.ac.lk

 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (05) නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 21 දෙනෙකු ත්‍රිකුණාමලය,  නෝර්වේ දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2 ක්,  තහනම් දැල් ‍ 2 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 3 ක්, පා වරල් යුගලක් සහ මසුන් කිලෝග්‍රෑම් 294 ක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

`1

මනම්පිටිය ගගේ දේවාලය ප්‍රදේශයේ තම ගවයින් බැලීමට ගිය පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ගොදුරුවීමෙන් ඊයේ (05)  මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මනම්පිටිය රෝහල පාරේ ලිපිනයේ පදිංචි කේ.සූරියකුමාර් යන 58 වියැති සිව්දරු පියෙකු බව පරීක්ෂණ සිදුකරන පොලිසිය පවසති.

ගගේ දේවාලය අසල මහවැලි ගඟට නුදුරින් ඔහු ගව ගාලක් පවත්වාගෙන යන අතර පාපැදියකින් ගවයින් බැලීමට යාමේ දී ඊයේ (05) සවස 03.00ට පමණ ඔහු වන අලි ප්‍රහාරයට ගොදුරු වී ඇති බව පොලිස් පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.

පොලොන්නරුව මූලස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එස්.එස්.ජරුල් මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මනම්පිටිය - නිමල් ජයරත්න

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් සිදුවී ඇතැයි යන රාවය අසත්‍ය බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා හැරුණු කොට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙවන ජ්‍යෙෂ්ඨතමයා තමන් බැවින් එබඳු සාකච්ඡාවක් සිදුවී නම් ඒ පිළිබඳව තමන් අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතු බව ඒ මහතා කියයි.

මේ දිනවල තම පාර්ලිමේන්තු කණ්ඩායමේ මූලික අවධානය ගංවතුරෙන් සහ නායයාමෙන් විපතට පත් වූ ජනතාව කෙරෙහි යොමුවන බැවින් එවැනි දේශපාලන කතිකාවන් සඳහා මෙය සුදුසු වකවානුවක් සේ තමන් නොසිතන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

 

 

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1022

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 1547

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4416

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2578

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1429

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2301

Please publish modules in offcanvas position.

Web Analytics