Coss Ear2
lakbima.lk
COSS Ear 1

ගල්ගමුවේ “දළ පූට්ටුවා” නමැති අන්ධ හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලබන 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (06) මහව අතිරේක මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි මහතා නියෝග කර ඇත.

මෑත භාගයේ ශ්‍රී ලාංකීය සමාජය වඩාත් කම්පාවට පත් කළ සත්ව ඝාතනය මෙය වන අතර සැකකරුවන්ට ඇප ලබා නොදෙන මෙන් මහජන උද්ඝෝෂණ පවා පැවැත්විණි.

දළ ලබා ගැනීම සඳහා මෙම හස්තියා ඝාතනය කිරීමේ සිද්ධියට පොල්පිතිගම ප්‍රදේශයේ විහාරාධිපති හිමි නමක් සහ ගල්ගමුව ප්‍රදේශයේ වාරි ඉංජිනේරුවරයෙකුද සම්බන්ධ බවට අනාවරණය වී ඇතත් ඔවුන් මෙතෙක් අත්අඩංගුවට පත්ව නැත. 

පෙබරවාරි 10දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් මේ මස 9වැනි සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මීට අමතරව මැතිවරණ රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා මතු දැක්වෙන පාසල් 19 සහ අධ්‍යාපන විද්‍යාපීඨ දෙක හෙට (7) සිට සිකුරාදා (9) දක්වා වසා තැබෙන බවද එමඅමාත්‍යාංශය නිවේදනය කරයි.

එම පාසල් සහ විද්‍යාපීඨ මෙසේය.

පාසල් - කොළඹඩී.එස්.සේනානායක, රාජකීය,කළුතර ඥානෝදය , ශාන්ත ජෝන්, මහනුවර ධර්මරාජ, මාතලේ සංඝමිත්තා, නුවරඑළිය ගාමිණි, ගාල්ල සවුත්ලන්ඩ්, හම්බන්තොට සුචී, යාපනය මධ්‍ය විද්‍යාලය, මඩකලපුව හින්දු විදුහල, ත්‍රිකුණාමලය විපුලානන්ද, කුරුණෑගල මලියදේව, ශාන්ත ජෝන් පුත්තලම හින්දු, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල විහාරමහාදේවී, මොණරාගලරාජකීය, කෑගල්ල ස්වර්ණ ජයන්ති

අධ්‍යාපන විද්‍යාපීඨ

පත්තලගෙදර අධ්‍යාපන විද්‍යාපීඨය සහ පුලතිසි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය.

බැඳුම්කරකොමිෂන් සභා වාර්තාව හා බරපතළ වංචා පිළිබඳ කොමිෂන් සභා වාර්තාව සඳහා අද(06දා) දින පැවැති පාර්ලිමේන්තු විවාදයට ඒකාබද්ධ විපක්ෂයට අදහස් දැක්වීමට ප්‍රමාණවත් කාලයක් ලබා නොදුන් බැවින් තමන් ඊට එක් නොවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එම විවාදයට සහභාගි වීමට තමන් මුලදී සූදානම්ව සිටියද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය කාලය වෙන්කර නොදුන් බවද හිටපු ජනාධිපතිවරයා කීය.

අද අපට කියා රටක් තියෙනවද කියන්න බැහැ. යහපාලන රජය යටතේ මේ රටේ ආර්ථිකය කඩා වැටිල. රට විනාශ මුඛයට ලංවෙලා. හොරකම දූෂණය නවත්වනව කියල රට සංවර්ධනය කරනව කියපු මේ අය අප රටේ හොරකම අතින් පළමුවෙනියා වෙලා. මහ බැංකුවට කළ වින්නැහිය දිහා බලනකොට මෙහෙම හොරකම් කරපු නායකයෙක් ලෝකයේ වෙන කොහේවත් නැහැ යයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා හම්බන්තොටදී පැවැසීය.
හම්බන්තොට මහ නගර සභාවේ හා ප්‍රාදේශීය සභාවේ පළාත් පාලන ආයතනවලට ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයන්ට සහාය පළ කිරීම සඳහා හම්බන්තොට වෙරළ උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවති ජන හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ හම්බන්තොට මහ නගර සභාවට, ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂක, අපේක්ෂිකා එකමුතුව විසින් සංවිධානය කර තිබූ මෙම ජනහමුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීවේය.
තමුන්නාන්සේලා ඉන්න මේ පළාතේ ඇති වරාය, ගුවන් තොටුපළ වැඩක් නැහැ. විකුණමු කියනවා. ඒක තමයි යහපාලන රජයේ ප්‍රතිපත්තිය. අපි ලංකාවේ කොහේවත් නැති විධියට නියමිත නගර සැලැස්මක් යටතේ හම්බන්තොට නගරය හදල දුන්නා. දැන් නම් අපට පේන්න තියෙන්නේ තව ටික දවසකින්  ෙම් සියලු දේවල් චීන්නුන්ට විකුණනවා. මට දැන ගන්න ලබුනා ගැසට් එකකත් ගහල ගැසට් එකකුත් පිටවෙලා හම්බන්තොට දෙහිගහලන්දේ සිට උඩමලල දක්වා ඉඩම් චීන්නුන්ට විකුණනවා කියල. මේ වාගේ පදිංචි ජනතාවට දෙවියන්ගේම පිහිටයි. මේ ඉඩම් හෙක්ටයාර් 15000 දීලා විජාතිකයන් මෙහි පදිංචි කරන්න අර අදිනවා.
දැන් යහපාලන රජය මේ සියලු දේට අර අදා න්නේ රනිල් ගේ උපදෙස්වලින්. සැබෑ වෙනසකට තමා ජනතාව මේ රජය බලයට පත් කළේ. දැන් රනිල් කියනවා දෙවැනි වෙනසකට බලය දෙන්නලු. දැන් මං අහනව පළමු වෙනස කොහොමද ? සහල් ලාබද? ‍පොල් එළවළු ලාභද ? අපි එදා ගොවි ජනතාවට රුපියල් 350ට දීපු ‍පොහොරවලට අද රුපියල් 4000 ගෙවන්න වෙලා. සහල් අපි නිෂ්පාදනය කළා. දැන් සහල් නැව් පිට රටින් එනකන් බලාගෙන එන්න සිදුවෙලා.
අපි බලයට පත්වෙල අවුරුදු තුනකින් මේ රට විශාල සංවර්ධනයට රජය කළේ අවුරුදු තුනකින් රට සංවර්ධනය කෙසේ වෙතත් මහ බැංකුවේ තිබුණු කෝටි ගණන් මුදල් කොල්ලකෑවා. කාගේද මේ ආණ්ඩුව.  රනිල් හොරකම් කළා කියල ජනාධිපති මෛත්‍රීපාල කියනවා. මුළු ලෝකෙම බැංකුවකට මෙහෙම ගහපු නායකයෝ තවත් ඉන්නවද? නැහැ.
මේ ආණ්ඩුව රනිල්ට වුවමනා විධියට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් වෙලා. අද ජනතාව ප්‍රශ්නවලින් මිරිකිලා. ඒ මදිවට හම්බන්තොට සම්පත් විකුණනවාට එරෙහිව වීදි බැස විරෝධය පළ කරනවිට කඳුළු ගෑස්, වෙඩි උණ්ඩවලටත් මුහුණ දෙන්න සිදුවෙලා. පෙබරවාරි 10 වැනිදා ජනතාව මේ යහපාලන රජයට හොඳ උත්තරයක් දෙයි කියා මා විශ්වාස කරනවා.
ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ සභාපති මහචාර්ය ජී.එල්. පීරිස්, රත්නපුර පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් උපදේශක හසන් මොහසන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, හිටපු කථානායක චමල් රාජපක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි, සමන්මලී සකලසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මුනිදාස හෙට්ටිආරච්, හම්බන්තොට 

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අවසන් ජනරැළිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(7) ගාල්ල සමනළ  ක්‍රීඩාංගණයේදී සහ අකුරැස්‌සේදී  පැවැත්වේ. එක්සත් ජාතික පක්ෂයේ අවසන් ජන රැළිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ග්‍රෑන්ඩ්පාස්‌ හිදී පැවැත්වෙන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අවසන් ජන රැලිය හෙට (7) පැවැත් වෙනුයේ කුරුණෑගලදීය.ජනතා විමුක්‌ති පෙරමුණේ අවසන් රැලිය මහරගමදී පැවැත්වෙන අතර ඒ ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙනි.

එස්.ටී.පි.සිල්වා

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුත්තලමේ පැවැති රැළියකට ආරක්ෂක රාජකාරි සදහා පැමිණ ආපසු කොළඹ බලා ගමන් කරමින් තිබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධරීන් පිරිසක් රැගත් ඩිෆෙන්ඩර් රථයක් ත්‍රිරෝද රථයක් ගැටීමෙන් පස් (05) දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

05 වැනිදා රාත්‍රී 10.00 ට පමණ හලාවත - කොළඹ මාර්ගයේ කටුනේරියේදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස සේවය කළ පොලිස් කොස්තාපල් 20332 අමිල සම්පත්,ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි වැලිවේරිය - නව නුවර පාර පදිංචිකරුවන් වන තනුජ විස්මිත මධුෂාන් (අවු:20),එල්.ආර්.විශ්ව (අවු:21),එල්.ආර්.ඉෂාන් විස්මිත (අවු(17) සහ එල්.ආර්.සමීර (අවු:28) යන අයවළුන් වේ.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ජුඩ් සමන්ත

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව, මේ වන විට අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙමින් පවතින අතර අද දිනයට අමතරව ලබන 21 සහ 22 යන දින දෙක තුළදීද එය පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට නියමිතය. මෙම අමතර දින දෙක පිළිබදව තීරණයට එළඹ  ඇත්තේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පැවැති විශේෂ පක්‌ෂ නායක රැස්‌වීමකදීය.

එස්.ටී.පි.සිල්වා

පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරක වැඩසටහන් හෙට (7) මධ්‍යම රාත්‍රියෙන් පසු සම්පූර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මැතිවරණයට අදාළව ප්‍රදර්ශනය කර තිබෙන සියලු ‍පෝස්ටර්, කටවුට් ආදිය හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු ගලවා ඉවත් කළ යුතු අතර පක්ෂ කාර්යාලවල පවා ඉන් අනතුරුව පැවැතිය හැක්කේ අදාළ පක්ෂයේ නම පමණක් බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් රත්නායක මහතා පැවැසීය. පක්ෂ කාර්යාලවල ඡන්ද ලකුණ පවා වසා දැමිය යුතු වේ.
ඊට අමතරව ගෙන් ගෙට ගොස් කරන ලද දැනුම්වත් කිරීම්, අත්පත්‍රිකා බෙදීම් ආදී කිසිවක්ද නොකළ යුතු අතර හෙට (7) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණයට අදාළ කිසිදු රැලියක් පැවැත්වීමද තහනම් වේ.
ඒ අනුව හෙටින් (7) පසු 10 තෙක් කාලසීමාව නිහඬ කාලසීමාව වන අතර මෙම කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන් සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට මැතිවරණ කොමිසම ‍පොලීසියට සියලු උපදෙස් ලබාදී ඇත.

ලසන්ත වීරකුලසූරිය / ගයාත්‍රි ගීගනආරච්චි

සයිටම් ගැටලුව විසඳීම සඳහා රජය ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයක් වෛද්‍ය ආඥාපනත හෝ විශ්වවිද්‍යාල පනත හෝ උල්ලංඝනය නොවන එකක් විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඊයේ (5) ඒකමතිකව තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් වූ තීරණය ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, කැබිනට් මණ්ඩල ඇමැතිවරුන්ට දැනුම් දීමට කටයුතු කරන බවද සංගමයේ ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (5) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
සයිටම් ආයතනය තුළ උපාධිය සම්පූර්ණ කළ සිසුන් 80 ක් සහ අධ්‍යාපනය ලබන සිසුන් 800 ක් දෙනා සිටින බැවින් ඔවුන් සියලුම දෙනාට සාධාරණ විසඳුමක් ලබාදිය යුතු යැයි මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බවද ‍ලේකම්වරයා කීය.
මෙහි අධ්‍යාපනය ලබන සිසුන්ට සාධාරණ විසඳුමක් ලබාදී සයිටම් ආයතනය අහෝසි කිරීමට කටයුතු කළ යුතු බව සංගමය රජයට අවධාරණය කර සිටියි. සයිටම් ආයතනය අහෝසි කරන බවට රජය පුන පුනා ප්‍රකාශ කළද මේ වනවිටත් එම ආයතනය අහෝසි කිරීමට කටයුතු නොකිරීම බරපතළ තත්ත්වයක් යැයිද මධ්‍යම කාරක සභාවේදී අවධානය යොමුකර තිබේ.
කෙසේ නමුත් වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය ලබාගන්නා වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පමණක් වෛද්‍ය සභාව වගා කියනු ලබන අතර එසේ ලියාපදිංචිය ලබා නොගත් එනම් හොර දොස්තරවරුන් සම්බන්ධයෙන් වෛද්‍ය සභාවට වගකීමට නොහැකි යැයිද වෛද්‍ය අලුත්ගේ මහතා පැවැසීය.
වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගත නොහැකි පුද්ගලයකු යම් හේතුවකින් වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය ලබාදෙන්නේ නම් බරපතළ තත්ත්වයන් මතුවන්නේ යැයිද වෛද්‍ය සංගමය පෙන්වා දේ.

ශ්‍රියානි විජේසිංහ

රටේ සෑම ගමකටම 2018 වසර අවසන් වන විට නොමිලයේ වයි ෆයි පහසුකම් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පුත්තලමේදී පැවැසීය.
පසුගිය වසරේදී මුළු රටටම නොමි‍ලේ වයි ෆයි පහසුකම් ලබාදීමට රජය තීරණය කර තිබුණද ස්වභාවික විපත් ඇතුළු විවිධ අර්බුදවලට මුහුණදීමට සිදුවූ හෙයින් ඒ අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වූ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ සෑම පාසලකම උසස් පෙළ පන්ති සඳහා ලබන අප්‍රේල් මාසය වනවිට නොමි‍ලේ ටැබ් යන්ත්‍ර ලබාදීමට හැකි වන බව කී අග්‍රාමාත්‍යවරයා පළමුවෙන්ම උසස් පෙළ පන්ති සහිත පාසල්වලට නොමි‍ලේ වයි ෆයි පහසුකම් ලබාදෙන බව කීය.
මුලින්ම පාසල්වලට වයි ෆයි පහසුකම් දීමෙන් පසුව එහි පවතින අඩු පාඩුකම් ආදියද හඳුනාගෙන මුළු රටම ආවරණය වන පරිදි 2018 වසර අවසානය වන විට වයි ෆයි පහසුකම් ලබාදීමට හැකි වන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
නොමි‍ලේ වයි ෆයි ලබාදීමේ ‍පොරොන්දුව මුලදී ‍පොඩි ප්‍රමාදයක් සහිතව වුවද කෙසේ හෝ ඉටු කිරීමට හැකිවීම රජය ලැබූ ජයග්‍රහණයක් බවද අග්‍රාමාත්‍යවරයා කීය.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පුත්තලම නගරයේ පැවැති ජන රැලියට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ගයාත්‍රි ගීගනආරච්චි

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට පූර්ණ සහය ලබාදීමට චීන රජය ගෙන ඇති තීන්දු තීරණයන්, ඉදිරියේදී කිසිදු වෙහෙසකින් තොරව ක්‍රියාත්මක වනු ඇති බව චීන ජනාධිපති ශ්‍රී ජින්පින් මහතා අවධාරණය කර සිටී.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළට ඔසවා තැබිමට චීන රජය පූර්ණ දායකත්වය ඉදිරියටද ලබාදෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින්, ෂී.ජින්පින් මහතා සඳහන් කර ඇත.
චීනය හා ශ්‍රී ලංකාව අතර සබඳතාවන් මේ වනවිට වඩාත් ශක්තිමත් මට්ටමක පවතින බවද මෙහිදී චීන ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
දෙරටෙහිම ජනතාවට මෙම සබඳතා හරහා ප්‍රතිලාභ ලබාදීම චීන රජයේ අපේක්ෂාව වන බවද මේ ලිපියේ චීන ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

පැතුම් වික්‍රමරත්න

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2212

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1229

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5383

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3114

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5206

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6462

Please publish modules in offcanvas position.