Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පොසොන් සමයේ කොළඹ සිට අනුරාධපුරය දක්වා වන්දනාවේ යන බැතිමතුන් ගෙන් යම් පිරිසක් දුම්රියෙන් වැටීම ආදී අනතුරු වලට ලක්වන අතර එයට මුලුමනින්ම හේතු වී ඇත්තේ මගීන් ගේ නොසැලකිලිමත්කම සහ අනාරක්ෂිත බව යැයි දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් ලක්බිම ඔන්ලයින් වෙත පැවසීය.

විශේෂයෙන් දුම්රිය පා පුවරුවේ එල්ලී යාම නිසා අනුරාධපුරය දක්වා ඇති පටු දුම්රිය පාලම් වල ගැටීමෙන් මේ වන විට සෑහෙන පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එම ප්‍රකාශකයා කියයි.

මෙසේ කොළඹ සිටි අනුරාධපුරයට ගමන් ගන්නා අතර හමුවන පටු දුම්රිප පාලම් අතර අඹේපුස්ස හා යත්තල්ගොඩ අතර ඇති මා ඔයේ පාලම, වැල්ලව හා ගණේවත්ත අතර ඇති දැදුරුඔය පාලම, ගණේවත්ත සහ නාගොල්ලාගම අතර හිරියාල උප දුම්රිය ස්ථානය දෙපස ඇති හක්වටුනාඔය සහ කිඹුල්වානාඔය පාලම් දෙක, අඹන්පොළ සහ ගල්ගමුව අතර ඇත මී ඔය පාලම, සෙනරත්ගම සහ තඹුත්තේගම අතර ඇති කලාඔය පාලම, ශ්‍රාවස්තිපුර සහ අනුරාධපුර නව නගර දුම්රිය ස්ථානය අතර ඇති මල්වතුඔය පාලම මෙම දුම්රිය මාර්ගයේ පාලම් අතරින් වඩාත් අනතුරු දායක පාලම් බව පෙන්වා දෙන මෙම ප්‍රකාශකයා මේ වන විට පාපුවරුවේ යමින් සිටියදී මෙම පාලම් බඳ වල ගැටීමෙන් සැලකිය යුතු මිනිස් ජීවිත ගණනක් විනාශ වී ඇති බව ද කීය.

එමෙන්ම දුම්රිය, වේදිකාවේ නතර කිරීමට පෙර එයට නැඟීමට සහ බැසීමට යාමේදීත් පාපුවරුව ඇතුළු දුම්රියේ වෙනත් අවදානම් සහිත ස්ථාන වල යෑමෙදී පය පැකිලීම නිසාත් මේ වන විට සැලකිය යුතු ජීවිත ගනණක් අහිමිව ඇති බවත් වඩාත් ප්‍රවේශම්කාරී දුම්රිය ගමනක් මගින් මෙවනි අවාසනාවන්ත තත්වයන් වලක්වාගත හැකි බව මෙම ප්‍රකාශකයා කීය.

දමයන්ති ගමගේ

ආනයනික තෙත් මාළු කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රු.75/- සිට රු.50/- දක්වා රු.25කින් අඩු කර ඇත. 

මේ දිනවල පවත්නා ස්වභාවික ආපදා තත්ත්වය මත මත්ස්‍ය නිෂ්පාදනය අඩු වීම හේතුවෙන්දේශීය පාරිභෝගිකයින්ට සහනයක් ලෙස මෙසේ තෙත් මාළු සඳහා වන විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රු.25කින් අඩු කර තිබේ. ශ්‍රී ලංකාවට මසකට දළ වශයෙන් තෙත් මාළු මෙට්‍රික් ටොන් 2000ක් පමණ ආනයනය කරනු ලබයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සම්පාදන කමිටුව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 4.00ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, සරත් අමුණුගම, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක යන අමාත්‍ය වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වනු ඇතැයි වාර්ත වේ.

මහනුවර හා ඒ අවට පාසල් සිසුන් සදහා අලෙවිකිරීම සදහා සූදානම් කරමින් තිබූ රුපියල් ලක්ෂ හතළිහක පමණ වටිනාකමින් යුතු දුම්කොල ආශ්‍රිත මත්ද්‍රව්‍ය නිෂ්පාදන තොගයක් හා ඒවා අලෙවි කරන බවට සැකපිට පුද්ගලයන් විසිදෙනෙකු (20) මහනුවර සුරාබදු ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර නගරය, කටුගස්තොට හා අකුරණ නගරවල දී මෙම වැටලීම සිදුකොට මත්ද්‍රව්‍ය හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය මිශ්‍ර කිරීම සදහා යොදා ගැනෙන අලුහුණු තොගයක් ද සුරාබදු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අලුහුණු ඇතුලුව වෙනත් රසායනික ද්‍රව්‍ය යොදා සකස් කරන ලද මෙම මත්ද්‍රව්‍ය පැකට් 16 000ක් සුරාබදු නිලධාරීන් ඔවුන්ගේ භාරයට ගෙන ඇති අතර මෙම භාණ්ඩ සුරා බදු කොමසාරිස්වරයාගේ නිර්දේශ මත විනාශ කිරීමට නියමිතය.

මධ්‍යම පළාත් සුරාබදු කොමසාරිස් ගාමිණී අධීකාරී මහතාගේ උපදෙස් මත මහනුවර සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක එස්.අයි රාමනායක මහතා ඇතුලු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

නදීක දයා බණ්ඩාර

බස් රථ වල ගැටිමෙන් අනතුරු වලට ලක් වන අලි සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වන බැවින් මින් ඉදිරියට වනජිවි කලාප තුළ ධාවනය වන රථ වාහන සම්බන්ධ වේග සිමාව පැයට කිලෝ මිටර් පනහ දක්වා අඩු කිරිමට තිරසර සංවර්ධන හා වනජිවි අමාත්‍යාංශය තිරණය කර තිබේ.

එමෙන්ම අලි මාරු වන අලි මංකඩවල් ආවරණය වන පරිදි ‍පොලිස් මුර‍පොලවල් ඉදි කිරිමට මෙන්ම වනජිවි කලාපයක් තුළ වාහන ධාවනය කළ යුතු ආකාරය පැහැදිලි කෙරෙන පුවරු ඉදි කිරිමටද තිරණය කර ඇත.

වනජිවි කලාප තුළ වාහන වේගය දක්වන ස්වංක්‍රිය වේග සිමා පුවරු හා කැමරා පර්යේෂණ මට්ටමින් ඉදි කිරිමටද අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

තිරසර සංවර්ධන හා වනජිවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතා වන අලි අනතුරු පිළිබඳව කුරුණෑගල දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය,මාර්ග සංවර්ධන අධිකාරිය,ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය,පෞද්ගලික මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය,පෞද්ගලික බස් රථ සංගමය,‍පොලිසිය,වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ එහි නිළධාරින් එක්ව පැවති සාච්ඡාවකින් අනතුරුව මෙම තිරණ ගත් බව වනජිවි අමාත්‍යාංශය පවසයි.

ශානිකා මාධවී පිරිස්

මාතර කොටපොල ප්‍රදේශයේ ගංවතුරට යට වූ කුරුඳු වගාවක් මැද තිබූ විදේශිය මිනී පෙට්ටියක් හමුව ඇත.

මෙම පෙට්ටියෙහි උඩු පියන් පත ගැලවී ගොස් තිබූ අතර, අරාබි අක්ෂර සඳහන් වැකි දක්නට ලැබේ.

මෙම මිනී පෙටිටිය කුමන ප්‍රදේශයකින් මෙලෙස ගසා ආවේ දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙය මැදපෙරදිග රටකදී මියගිය ශ්‍රී ලංකිකයෙකුගේ මරණයක් සහිතව මිහිදන් කොට තිබියදී පසුගියදා පැවති ගංවතුරත් සමඟ ඇතිවූ අධික සැඩපහරට මෙලෙස ගසාගෙන එන්නට ඇතැයි අනුමාන කළ හැක.

එමෙන්ම මෙහි තැන්පත් කොට තිබූ මළ සිරුරට කුමක් සිදුවූයේද යන්නත්  මෙතෙක් අනාවරණය වී නැත.


අජිත් ලංකා තිලක - අකුරැස්ස

පොසොන් සමයේ අනුරාධපුර වන්දනාවේ පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත වන්දනා කරුවන්ගේ නොදැනුවත්කම නිසා පුරාවිද්‍යා ස්මාරක වලට සිදුවන හානිය තවමත් ඉතා බරපතල තත්වයක පවතින බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ (අනුරාධපුර) සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී.කුලතුංග මහතා ප්‍රකාශ කරයි. මෙම පුරා විද්‍යා ස්මාරක සහ පුරාවස්තු විනාශය වැලකීම පිණිස වඩාත් විධිමත් සාමූහික වැඩපිළිවළක අවශ්‍යතාව ඒ මහතා අවධාරණය කරයි.

අනුරාධපුරයේ පූජනිය ස්ථාන වෙත පැමිණෙන වන්දනා කරුවන් ඒ අවට ඇති පුරාවිද්‍යා පරිශ්‍රයන්හි ආහාර පිසීම්, නවාතැන් ගැනීම් ආදී කටයුතු වල යෙදීම නිසා එම ස්මාරක සහ පුරාවිද්‍යා වස්තූන්ට බරපතල හානි සිදුවන බව පෙන්වා දෙන මහාචාර්යවරයා පුරාවිද්‍යා ස්මාරක මත ආහාර පිසීම සඳහා ගිනි දැල්වීම් ආදියෙන් එහි ඇති මුරගල් කොරවක් ගල් සහ මෙතෙක් තහවුරු කළ සහ තහවුරු නොකළ පුරාවිද්‍යා ස්මාරක යළි ප්‍රතිසංස්කරණය කළ නොහැකි අන්දමට විනාශ වී යන බවද පෙන්වා දෙයි.

මීට පෙර අවස්ථා වල සිදුකරන ලද ගවේෂණයකදී සෑම පොසොන් සමයක් අවසානයේම වන්දනාකරුවන් විසින් හානි කරන ලද ශිලාමය කොටස් ඇතුලු පුරාවිද්‍යා ස්මාරක කොටස් ටොන් 3 ක් 10 ක් අතර ප්‍රමාණයක් එම පරිශ්‍ර වලින් බැහැර කිරීමට සිදුවූ බවද මහාචාර්ය වරයා ප්‍රකාශ කරයි.

මෙම පුරා වස්තු විනාශය වැලැක්වීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ මධ්‍යම සංස්කෘතික අරමුදලට තනිව කළ හැකි කාර්ය භාරයක් නොවන බවද ඒ  සඳහා පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය හා ස්වේච්ඡා සංවිධාන වල ඒකාබද්ධ ක්‍රියාන්විතයක් ඇරඹිය යුතු බවද පෙන්වා දෙන මහාචාර්ය කුලතුංග ඒ සම්බන්ධයෙන් වන්දනාකරුවන් දැනුවත් කිරීම පිණිස මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිසිසේත්ම සතුටු විය නොහැකි බව ද පෙන්වා දෙයි.

මෙහිදී අනුරාධපුර පූජනීය ස්ථාන අවට ආහාර පිසීමේ හා නවාතැන් ගැනීමේදී පුරාවිද්‍යා ස්මාරක නොමැති හිස් භූමි භාගයන් තොරා ගැනීම සම්බන්ධයෙන් වන්දනා කරුවන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බව මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

සංහන් සකල්ප සිල්වා

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ රාජ්‍ය ඇමැතිවරයා ලෙස දිව්රුම් දී සතියක් ඉක්ම ගියද සිය අමාත්‍යංශ පරිශ්‍රය සඳහා ස්ථානයක් නොමැති වීමෙන් රාජ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරි භාර ගැනීමට මතෛක් හැකියාව ලැබි නැත.
රාජ්‍ය ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලය හා අමාත්‍යාංශ නිලධාරීන් ඊයේ (06) උදෑසන තුම්මුල්‍ලේ පිහිටි ස්ථානයක් බැලීමට ගොස් ඇති අතර එය අමාත්‍යංශයක් සඳහා සුදුසු මට්ටමක නැති බව රාජ්‍ය ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලය පැවැසීමෙන් එම ස්ථානයද අත්හැර දමා ඇත. ඉන් පසු ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වෙනත් ස්ථාන කිහිපයක්ද බැලීමට ගොස් ඇති අතර එයද අසාර්ථක වී ඇත.
ලක්ෂ්මන් යාපා රාජ්‍ය ඇමැතිවරයා ඉකුත් 02 දා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුණේ පිහිටි සිය අමාත්‍යංශ පරිශ්‍රයේ රාජකාරි භාර ගැනීමට නියමිතව තිබිණි. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ ඉරාන් වික්‍රමරත්න මහතාට ඔහුගේ නිල කාමරය හැර තවත් කාමර නවයක් තිබිණි. ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉකුත් සිකුරාදා (02) සිය රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමට සූදානම් වන අවස්ථාවේදී එම අමාත්‍යංශයේ කැබිනට් ඇමැති කබිර් හසීම් මහතාගේ වෙනත් ව්‍යාපෘතියක් සඳහා ඉන් කාමර හයක් වෙන්කර ගෙන තිබිම නිසා අබේවර්ධන මහතාට හිමිවී ඇත්තේ ඉන් කාමර තුනක් පමණි.
ඊයේ උදෑසන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන් හා ලක්ෂ්මන් යාපා ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලය තුම්මුල්‍ලේ පිහිටි ස්ථානයක් නිරීක්ෂණය කිරීමට ගොස් ඇති අතර එහි පවතින ඉඩ පහසුකම් අමාත්‍යංශ පරිශ්‍රයකට නුසුදුසු බව රාජ්‍ය ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලය ප්‍රකාශ කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ‍ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා ලක්බිම කළ විමසීමකදී ප්‍රකාශ
කළේය. කෙසේ වෙතත් ඉතා ඉක්මනින් මෙම ගැටලුව නිරාකරණය කරන බව ‍ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය පිහිටා ඇත්තේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ ය. කැබිනට් ඇමැතිවරයාගේ කාර්යාලය පිහිටා ඇත්තේ එහි නැගෙනහිර කුළුණේය.එහි රාජ්‍ය ඇමැතිවරයාගේ කාර්යාලයට මතෛක් ස්ථානයක් ලැබි නැත.

කමණී හෙට්ටිආරච්චි

පොසොන් උත්සවය සමයේ සිගමන් යැදීමට පැමිණෙන සංවිධානාත්මක යාචක බලඇණි ජාතික ‍පොසොන් සතිය ආරම්භ වූ පෙරේදා (05) රාත්‍රිය වනවිට අනුරාධපුර නගර ආක්‍රමණය කර ඇත.
‍පොසොන් උත්සවය සඳහා ධාවනය වන විශේෂ දුම්රිය ඔස්සේ හා දුර ගමන් බස් රථවලින් පෙරේදා (05) රාත්‍රිය වනවිට ආගන්තුක ආක්‍රමණික යාචකයන් සියයකට වැඩි පිරිසක් අනුරාධපුර නගරයට පැමිණ සිටි අතර අනුරාධපුර පැරණි පූජා නගරයේ සිංහ කණුව දුම්රිය නගරය රුවන්මැලිසෑය ශ්‍රී මහ බෝධි පෙත්මග අවට ඔවුන් විසිරී සිටින අයුරු දැකගත හැකිවිය.
‍පොසොන් උත්සවය වෙනුවෙන් සෑම වසරකම පිටස්තර ප්‍රදේශවල සිට සිගමන් යැදීම සඳහා පැමිණෙන යාචකයන් ‍පොසොන් ‍පොහොය දිනයට දින කිහිපයකට ඉහතදී පැමිණ අනුරාධපුර පූජා භූමිය මිහින්තල පූජා භූමිය හා තන්තිරිමලය පූජා භූමිවෙත විසිර යන අතර ඔවුන්ට නවාතැන් ලබාදීමට පවා විවිධ පිරිස් අනුරාධපුර නගරයේ සිටින බව වාර්තා විය.
අනුරාධපුර නගරය ‍පොසොන් සමයට ආක්‍රමණය කරන යාචකයන් පිළිබඳව හොඳින් තතු දත් නගර වැසියෙකු ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසුවේය. සමහර යාචකයෝ දුම්රියෙන් අනුරාධපුරයට එන්නේ හොඳින් ඇද පැළඳගෙන. යාචකයෝ කියලා කියන්න බෑ. යාචකයෝ වගේ ‍පොදු ප්‍රවාහන සේවාවල්වල
එන්න අමාරුයි. ඇවිල්ලා මුලින්ම සිගමන් යදින්න හොඳ තැන් තෝර ගන්නවා. ස්ථාන තෝරා ගනිද්දී අනුරාධපුර නගරයේ ස්ථිර යාචකයෝයි ආගන්තුක යාචකයෝයි අතර ගැටුම් ඇති වෙනවා.
‍පොසොන් සමයේ සිගමන් යැදීමට එන සියලුම යාචකයන් අනුරාධපුරින් බැහැරව යාචක වෘත්තියේ යෙදෙන්නන් වන අතර බොහෝ පිරිසක් කොළඹ, ගම්පහ, කිරිබත්ගොඩ, කුරුණෑගල, මීගමුව, ගම්පහ, ගාල්ල, කතරගම යන ප්‍රදේශවල සිට අනුරාධපුරයට පැමිණෙන පිරිස්ය.
‍පොසොන් උත්සවයේදී අනුරාධපුර අටමස්ථානය ඇතුළු වන්දනීය ස්ථානවලට පැමිණෙන බැතිමතුන්ට හිරිහැර වෙන අයුරින් සිටින යාචකයන් මර්දනය කිරීමට පියවර ගෙන ඇත්ද යන්න අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ඊ.එම්.සංජීව මහනාම මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවසුවේය. මෙවර විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. මේ වනවිටත් අනුරාධපුර නගරයේ සිගමන් යදිමින් සිටි යාචකයන් දස දෙනෙකුට වැඩි පිරිසක් ‍පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උඩමළුව ‍පොලීසිය මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු ‍පොලිස් නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට රාජකාරියේ යොදවනවා. බස් රථයක ගැට කැපූ කාන්තාවන් දෙදෙනෙකුත් මේවන විට ‍පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා යැයි ඒ මහාත පැවසුවේය.

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය

අයුතු ලෙස රුපියල් මිලියන 30 ක මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකිරීම ඇතුළු අධි චෝදනා 11 ක් යටතේ පවරා ඇති නඩුවේ අධි චෝදනා පත්‍රය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට අද (6) කොළඹ මහාධිකරණය හමුවේදී භාර දුන්නේය.
නීතිපතිවරයා විසින් පවරා තිබූ එම නඩුවේ පළමු, තෙවන හා පස්වන විත්තිකරුවන් වන නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම හා නිත්‍යා සේනානි සමරනායක යන තිදෙනා අද (6) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ පෙනී සිටියහ. එම නඩුවේ සෙසු විත්තිකරුවන් වන ඉන්දික ප්‍රභාත් කරුණාජීව හා ඔරනෙලා ඉරේෂා සිල්වා යන දෙදෙනාටද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යවා තිබුණි. ඔවුන් මේ වනවිට විදේශගතවී සිටින බවත් විදේශ ගතවූ පසුව පවු‍ලේ ඥාතීන් සමග කිසිදු සබඳතාවක් නොපවතින නිසා නොතීසි භාර ගැනීම ඥාතීන් ප්‍රතික්ෂේප කොට ඇති බවද අධිකරණය හමුවේදී අනාවරණය විය. එම විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් නඩු කටයුත්ත සඳහා පෙනී සිටීමට තමනට බලය පවරා ඇති බව පෙන්වා දෙමින් නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා හා නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර බලය පැවැරීමේ ලිපිද විත්තියේ නීතිඥවරුන් අධිකරණයට ඉදිරිපත් කළේය. එම නඩුවේ හයවන විත්තිකරු ලෙස නම් කොට තිබූ නාමල් රාජපක්ෂ  මහතාට අයත් යැයි කියන සීමාසහිත ගවර්ස් කෝපරේඩ් සර්විසස් පුද්ගලික සමාගම වෙනුවෙන් කිසිදු නියෝජිතයකු හෝ නීතිඥයකු පෙනී නොසිටියේය.
විත්තිකාර නාමල් රාජපක්ෂ ඇතුළු ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් තිදෙනාම එම නඩුවේ මූලික පරීක්ෂණය පැවැත්වූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප හතර බැගින් නියම කොට ඇති බැවින් එම ඇප මතම විත්තිකරුවන් මුදාහරින ලෙසට විත්තියේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන් තිදෙනා පෙර ඇප මත මුදාහරින ලෙසත්, ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගන්නා  ලෙසත් නියෝග කළේය. එම නඩුව ලබන 28 වැනිදා යළි ස්ථිර මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේදී කැඳවන ලෙසටද මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේය.
රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හංස අබේරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ අතර ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් විත්තිය නියෝජනය කළේය.

නිශාන්ති රාමනායක

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2331

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1545

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 818

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1832

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5468

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3416

Please publish modules in offcanvas position.

Web Analytics