Coss Ear2
lakbima.lk
COSS Ear 1

සයිටම් විරෝධය හේතුවෙන් වෛද්‍යවරුන් වැඩ වර්ජනයේ නිරතවූ දිනයේ හදිසියේ හෘදයේ  සංකූලතාවයක් ඇතිවී ප‍්‍රතිකාර සඳහා රඹෑව රජයේ ග‍්‍රාමීය රෝහලට ප‍්‍රතිකාර ස`දහා ගිය රඹෑව මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන 11 වන ශ්‍රේණියේ සිසුවෙකුව අද අපි වැඩ නෑ කියමින් කිසිදු ප‍්‍රතිකාරයක් නොකර හිස් අතින් එවා ඇත.
රඹෑව මහ විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි බාලවයස්කාර සිසුවෙකු විදුහලේ ඉගෙනුම ලබමින් සිටියදී පපුව රිදෙනවා යනුවෙන් පවසමින් පන්ති කාමරය තුළ දැඩි පීඩාවෙන් හ`ඩා වැටී ඇති අතර ඒ පිළිබඳව සිසුන් විදුහල්පතිවරයා දැනුම්වත් කළ අවස්ථාවේ වහාම ඔහුව රඹෑව ග‍්‍රාමීය රෝහලට රැුගෙන යන ලෙස සිසුන්ට උපදෙස් දී තිබේ.
පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකුම ප‍්‍රශ්න පත‍්‍ර ඇගයීමේ රාජකාරි ස`දහා ගොස් සිටින නිසා ගුරුවරයකු සමග සිසුවා රෝහලට යැවීමට නොහැකි වූ බැවින් ශිෂ්‍ය නායකයෙකු සමග රෝගීවූ සිසුවාව වහාම රෝහලට යැවීමට විදුහල්පතිවරයා කටයුතු කර තිබේ. පපුවේ වේදනාව උසුලා ගැනීමට නොහැකිව හඬා වැටෙමින් සිටි සිසුවා රෝහලට රැුගෙන ගියත් එහි සිටි කාර්ය මණ්ඩලය බාලවයස්කාර පාසල් සිසුවා පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකර අද කරන්න දෙයක් නෑ. වෛද්‍ය වර්ජනයක් යනුවෙන් පවසා සිසුවා රෝහලෙන් හරවා එවා තිබේ.
පසුව සිසුවා රෝහලෙන් පාසලට පැමිණ මගේ පපුව රිදෙනවා යනුවෙන් කෑගසමින් හ`ඩා වැටීම නිසා විදුහල්පතිවරයා හිතවත් වෛද්‍යවරයෙකුට දුරකථනයෙන් අමතා ඒ පිළිබ`දව දැන් වූ අවස්ථාවේ වේදනාව දුරුවීම ස`දහා තාවකාලිකව ඖෂධයක් නියම කිරීමට ඔහු කාරුණික වී තිබේ.
හෘදයේ ඇති වූ සංකූලතාවක් හේතුවෙන් විද්‍යාලයේ සිසුවකු රඹෑව රජයේ ග‍්‍රාමීය රෝහලට ගෙනගිය අවස්ථාවේ ප‍්‍රතිකාර ලබා නොදෙමින් ආපසු එවීමේ සිද්ධිය සත්‍ය සිදුවීමක්ද යන්න පිළිබඳව රඹෑව මහ විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් දුරකථනයෙන් විමසූ අවස්ථාවේ ඔහු එම සිදුවීම සත්‍ය බව තහවුරු කළේය.

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය එංගලන්ත වෛද්‍යසභාව විසින් අසාදු ලේඛනගත කොට ඇත.ඒ අනුව එංගලන්ත වෛද්‍යසභාවේ ‍වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වීමට සයිටම් උපාධිය සහිත වෛද්‍යවරුන්ට නොලැබෙනු ඇත.මේ බව එංගලන්ත වෛද්‍යසභාව විසින් නිළ වශයෙන් නිවේදනය කොට තිබේ.මීට පෙරද විවිධ හේතුන් මත එංගලන්ත වෛද්‍යසභාව ලොව විවිධ ආයතන වෛද්‍ය විද්‍යාල 14ක් අසාදු ලේඛනයට ඇතුළත් කොට තිබේ.

එස්.ටි.පී.සිල්වා

ඉඳුරුව ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිටි වයස අවුරුදු 45 ක් පමණ වන ජර්මන් ජාතික කාන්තාවක් ඊයේ (13) පෙරවරුවේ මුහුදේ දිය නෑමට ගොස්  අතුරුදන්ව සිටිය දී අද (14) අලුයම ඇගේ මළ සිරුර කොස්ගොඩ වෙරළේ තිබී සොයා ගෙන ඇත.

මෘත ශරීරය මේ වන විට ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කොට ඇත.

කොස්ගොඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.{jcomments on}

"පිළිකා සුවය පිළිබඳ මිථ්‍යා මත" පිළිබඳව කෙරෙන විද්වත් කතිකාවක් අද (14) රාත්‍රී 10.15 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වන යථා රූප වැඩසටහනින් සජීවිව ප්‍රචාරය කෙරේ.

විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම, පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා, අණුක ජීව විද්‍යාඥ ආචාර්ය සමීර සමරකෝන් සහ පසුගිය කාලයේ පිළිකා රෝගයට ගොදුරුව සිට සුවය ලැබූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආරියසේන යූ ගමගේ මහතා මෙම විද්වත් හමුවට එක්වෙති.

යථාරූප සුමින්ද තිලකසේනගේ නිෂ්පාදනයකි.{jcomments on}

මහාධිකරණය විසින් පසුගිය 7 වැනිදා වසර තුන බැගින් සිර දඬුවම් නියම කළ හිටපු ජනාධිපති  ‍ලේකම් ලලිත් වීරතුංග මහතා හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේදී අද (14)  සලකා බැලීමට නියමිතය.
එම විත්තිකරුවන් දෙදෙනා මහාධීකරණය විසින් නියම කළ සිර දඬුවම් දඩ නියෝග හා වන්දි නියෝග අවලංගු කර ඔවුන් නිදොස් කොට නිදහස් කරනා ලෙස පසුගිය 11 වැනිදා විත්තියේ නීතිඥවරුන් අභියාචනාධිකරණයට අභියාචනා ගොනු කර තිබුණි. එකි අභියාචනා සමගම විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් අයැදුම් පත්‍ර ද විත්තියේ නීතිඥවරුන් කොළඹ මහාධිකරණයේ ප්‍රධාන රෙජිස්ටාර්වරියට භාර දී තිබූ අතර ඒ අනුව අද (14) එකී තීන්දුව ලබාදුන් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේදීම එම ඇප ඉල්ලීම්ද සලකා බැලීමට නියමිතය.
 
නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ
 

වෛද්‍ය විද්‍යාලයන්ගේ අවම ප්‍රමිතිය සොයා බැලීමේ අයිතිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් කිසි විටෙකත් ඉවත් කිරීමට ඉඩ ලබා නොදීමට එම සභාවේ සාමාජිකයන් ඒකමතිකව තීරණය කළ බව එහි ‍ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා විසින් පත්කළ පංච පුද්ගල කමිටුව වෙත මේ බව දැනුම් දුන් බවද හෙතෙම පැවැසීය.
තවද වෛද්‍ය ආඥා පනත වෛද්‍ය සභාවේ එකඟතාවන් මත මිස කිසි විටෙකත් වෙනස් කිරීමට ඉඩ ලබා නොදීමටත්, වෛද්‍ය හා දන්ත වෛද්‍ය විද්‍යාල අධීක්ෂණය කිරීමේ කටයුතු වෛද්‍ය සභාවට පමණක් අයිති විය යුතු බවත් එම තීරණයන්ට ඇතුළත් යැයි වෛද්‍ය ටෙරන්ස් මහතා පැවැසීය.
මෙම තීරණයන් පංච පුද්ගල කමිටුවට දැනුම් දුන් බවත් සිසුන් බඳවා ගැනීම වහාම නතර කිරීමට පංච පුද්ගල කමිටුව ගෙන තිබෙන තීරණයට සභාවේ ස්තුතිය පළ කිරීමටද සාමාජිකයන් කටයුතු කළ බවත් හෙතෙම කීය.
සයිටම් ආයතනයේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් පංච පුද්ගල කමිටුව කර තිබෙන යෝජනාවන් සම්බන්ධයෙන් දීර්ඝ අධ්‍යයනයක් කළ යුතු බවත් එසේ නොකර තීරණයන් දැනුම් දීමට නොහැකි බවත් කමිටුවට දැනුම් දුන්නේ යැයිද වෛද්‍ය ටෙරන්ස් මහතා පැවැසීය.
 
ශ්‍රියානි විජේසිංහ

සිල් රෙදි නඩුවට වැරදිකරුවන් වූවන්ට මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවට මැතිවරණ කොමසාරිස්වරයා මීට පෙර අනතුරු හඟවා තිබූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (12) පැවැසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (12) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා එම අදහස් පැවැසීය.
සම්පූර්ණම දේශපාලනික වුවමනාවක් මත සිල් රෙදි බෙදීම සිදුව ඇති බව පැවැසූ ඇමැතිවරයා තමන් එවක රජයේ හිටියත් මෙවැනි දේවල්වලට කිසිදු සම්බන්ධයක් නොවූ බවද පැවැසීය.
සිල් රෙද්දක් සමග මහින්ද රාජපක්ෂගේ පින්තූරයක් සහිත ඔරලෝසුවක් සහ පින්තූරයක් බෙදා දී තිබෙනවා. එය වැරැද්දක් බව රාජිත සේනාරත්න මහතා කීය.
සිල් රෙදි බෙදා දීම සම්බන්ධ සියලු ලියකියවිලිවලට ජනාධිපති ‍ලේකම්වරයා අත්සන් තබා ඇති නිසා ඔහු මීට සම්බන්ධ වූ බව තහවුරු වන බවද හෙතෙම පැවැසීය.
 
පානුක රාජපක්ෂ
 
 

ආණ්ඩුවෙන් ඉවත් වන බව පැවැසූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙරේදා (11) පස්වරුවේ මුණගැසුණු අවස්ථාවේ ඒ පිළිබඳව කිසිවක් කතා නොකර ‘කා බි’ සතුටින්  විසිර ගිය බව එම  පක්ෂයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය. 
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පැවැසීය.    
ආණ්ඩුවෙන්  ඉවත්වන බව පවසන එම ඇමැති පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් මෙහිදී තනතුරුද ලබාගත් බව දයාසිරි  ජයසේකර මහතා පැවැසීය. 
ඒ නිසා එවැනි ඇමැතිවරු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමක් සිදු නොවන බවද දයාසිරි ජයසේකර මහතා කීවේය. 
 
පානුක රාජපක්ෂ 

පෙට් ස්කෑන් යන්ත්‍රය ලබන නොවැම්බර් මාසය වන විට මහරගම අපේක්ෂා රෝහ‍ලේ ස්ථාපිත කළ හැකි යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඔක්තොබර් මාසය වන විට එම යන්ත්‍රය මෙරටට ගෙන ඒමට හැකි වුවද එය රෝහ‍ලේ ස්ථාපිත කිරීම සඳහා සෑදිය යුතු විශේෂ බංකරය මේ වන විටත් සාදා නොමැති වීම හේතුවෙන් පෙට් ස්කෑන් යන්ත්‍රය ගෙන ඒම ප්‍රමාද වීමට හේතුවක් වී ඇතැයිද හෙතෙම ඊයේ (13) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
කෙසේ නමුත් පෙට් ස්කෑන් යන්ත්‍රය මෙරටට ගෙන ආවද එය ක්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අපට ආසන්න රටකින් ගෙන්වා ගත යුතු බවත් ඒ සඳහා මේ වන විටත් විශේෂ සොයා බැලීමක් සිදුකරන බවත් වෛද්‍ය ජයසුන්දර මහතා පැවැසීය.
කෙසේ නමුත් පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට මුල් වූ දරුවා මියයෑම පිළිබඳවද තමා කනගාටු වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.
 
ශ්‍රියානි විජේසිංහ

බස්නාහිර පළාත් සභාවේ අණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත්, සභා නායක සුනිල් ජයමිණි සහ ගිණුම් කාරක සභාවේ වැඩ බලන සභාපති මෙරිල් පෙරේරා මහත්වරුන් තනතුරු වලින් ඉවත් කොට ඇත.

පුරප්පාඩු වූ එම තනතුරු සඳහා ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස චන්දන ජයකොඩි සභා නායක ලෙස හෙක්ටර් බෙත්මගේ සහ ගිණුම් කාරක සභාවේ වැඩ බලස සභාපති ලෙස සුමිත් සොයිසා යන මහත්වරුන් පත් කොට තිබේ.

මෙම තනතුරු වලින් ඉවත් කිරීම ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා විසින් සිදු කරන ලද අතර ඊට හේතුව තමන් ඇතුළු සෙසු දෙදෙනා පලාත් සභාවේදී විසිවෙනි සංශෝධනයට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කිරීම බවත් පැවසූ මෙරිල් පෙරේරා මහතා එම සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් තිදෙනෙකුට එම තනතුරු ලබා දී ඇතැයි ද පැවසීය.

ඒ.ජී.රේණුකා

තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ මාරකොල්ලිය ප්‍රදේශයේදී අද(13) දහවල් ත්‍රිරෝද රථයක් හා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පිය පුතු දෙදෙනා මිය ගිය බව තංගල්ල පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ තංගල්ල උණාකූරුවේ පිදිංචිව සිටි ඩී.එච්. ඩිල්ෂාන් 40 වියැති පියා හා සය හැවිරිදි ඩී.එච්. අනුර ලක්නද යන දෙදෙනා බව පොලීසිය පවසයි.

මිය ගිය පියා තංගල්ල උණාකූරුව තැපැල් හලේ ස්ථානාධිපතිවරයා වශයෙන් සේවය කළ අයෙකි.  පිය පුතු දෙදෙනා තංගල්ලේ සිට හම්බන්තොට දෙසට  ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත. බස් රථය කතරගම සිට කොළඹ බලා ගමන් කරමින් සිට ඇත.

මිය ගිය  පියපුතු දෙදෙනාගේ සිරුරු තංගල්ල මූලික රෝහලේ තැන්පත් කොට ඇති අතර බස් රථයේ රියදුරු තංගල්ල පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

තංගල්ල- චන්ද්‍රසේන ගමගේ

IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2504

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5380

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4770

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2862

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2817

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7422

Please publish modules in offcanvas position.