Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කැබිතිගොල්ලෑ පදවිය ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි සොහොන් පිටියක තිබී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් තිදෙනාට හා පළාත් සභා මන්ත‍්‍රීවරුන් දෙදෙනකුට සහ පුත‍්‍රයකුට වින කරමින් සිදුකළ හදි  හූණියමක් සහිත තඹ පත‍්‍රිකාවක් තරුණයන් දෙදෙනකුට හමුවී තිබේ.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය හේතුහාමිගේ නන්දසේන, උතුරු මැද පළාත් අමාත්‍ය සුසිල් ගුණරත්න ඒ මහතාගේ පුත‍්‍රයා වන තුසිත ගුණරත්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් වන පෞද්ගලික ලේකම් කවීන් දිසානායක නීතිඥ, අමිල දිසානායක හා රවීන්ද්‍ර දිසානායක යන මහත්වරුන්ගේ නම් හා ඊට අඳින ලද රූප තඹ පත‍්‍රිකාවේ දක්නට ලැබුණි.
මීට සති කිහිපයකට ඉහතදී කිසියම් අයෙකුගේ උපදෙස් මත හූනියම සිදුකළ කට්ටඩියා විසින් අඟල් දහයක් පමණ දිග තඹ පත‍්‍රිකාවේ සිරස් අතට පුද්ගල රූප හයක් ඇඳ එහි නාමයන් ලියා එහි තිරස් අතට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව අඟවන රූපය ඇඳ ඊට දෙපසින් නම ලියා තිබුණි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපති මැතිවරණය සමයේදී ප‍්‍රසිද්ධියට පත් වූ ඉන්දීය අගමැති නරෙන්ද්‍ර සිං මෝදි මහතා පැළඳි ජැකට්ටුව ඇඳ සිටින අයුරු හූනියම් තහඩුවේ ඇද ඇති ආකාරය දකින්නට ලැබේ.
අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සිදු කරන විමර්ශන අවසන් කොට නීතිපති උපදෙස් ලබාදෙන තුරු තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
තමා සම්බන්ධයන් ලැබි ඇතැයි කියන පැමිණිලි විභාග කර අවසන් කරන තුරු එම නියෝගය නිකුත් කරනා ලෙසත් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 4 දෙනකු වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ඉල්ලා තිබුණි.

නිශාන්ති රාමනායක- කොළඹ අධිකරණ

තැපැල් සේවකයන් ආරම්භ කර තිබෙන වර්ජන ක්‍රියාමාර්ගය රට පුරා තැපැල් කාර්යාල ගණනාවක සේවාවන් අඩපණ වී තිබෙන බවත්, තැපෑල පවත්වාගෙන යාමට විකල්ප ක්‍රියාමාර්ග ගැනීම අසීරු වී තිබෙන බවත් තැපැල්පති රෝහණ අබේරත්න මහතා ලක්බිම කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවැසීය.
තැපැල් සේවකයන්ගේ ඇතැම් ඉල්ලීම් පදනම් විරහිත යැයිද පෙන්වා දුන් තැපැල්පතිවරයා වෘත්තීය සමිති පවසන ආකාරයට පෞරාණික වටිනාකම් සහිත තැපෑල සතු ඉඩම් දේපළ කිසිවකුට විකිණීමට හෝ බදු දීමට හෝ පැවැරීමට හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද කීය.
නුවරඑළිය තැපැල් කාර්යාලය පමණක් කවුළු කටයුතු පවත්වාගෙන යමින් හෝටල් කටයුත්තක් සඳහා පැවැරීමක් ගැන සංකල්පයක් තිබුණද එය යෝජනාවක් පමණක්ම මිස කිසිසේත්ම එවැන්නක් වෙනුවෙන් එම තැපැල් කාර්යාල ඉඩම විකිණීමක්, බදු දීමක් ගැන නිල වශයෙන් කිසිදු ස්ථාවරයක් ගෙන නැති බවටද තැපැල්පතිවරයා සහතික කළේය.
තැපැල් සේවකයන්ගේ තවත් ඉල්ලීමක් වන බඳවාගැනීම්, උසස්වීම් යන පරිපාලනමය ගැටලු පිළිබඳව මේ වන විට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස්කර ඉදිරිපත් කර තිබෙන බවත්, එහි තීන්දු තීරණ අනුව ඉදිරි කටයුතු සිදුකරනු ලබන බවද කීය.
එම සේවකයන්ගේ නිවාඩු අවලංගු කරමින් පෙරේදා (12) චක්‍ර‍ලේඛයක් නිකුත් කර තිබිම සම්බන්ධයෙන් කළ විමසීමේදී තැපැල්පතිවරයා කියා සිටියේ, අත්‍යාවශ්‍ය රාජකාරි ඉටුකිරීම බිඳ වැටීම් හැකි බැවින් එසේ නිවාඩු අවලංගු කර තිබෙන බවය.
කෙසේ වුවද වර්ජනය හේතුවෙන් ජනතාවට අපහසුතාවක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව උත්සහ ගනිමින් සිටින බවද තැපැල්පතිවරයා පැවැසීය.
වර්ජනය හේතුවෙන් ෙදෙනිකව සිදුව ඇති පාඩුව කොතෙක් වී දැයි ලක්බිම කළ විමසුමේදී තැපැල්පතිවරයා කියා සිටියේ, එම පාඩුව තවමත් ගණනය කර නැති බවත්, එය කොතෙක්ද යන්න තක්සේරු කිරීමට අදාළ අංශ පියවර ගනිමින් සිටින බවය.

පද්මිණි මාතරගේ

අධිකරණයේ වරෙන්තු ලබා සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සමග ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු ජපානයේ එකට සිටින ඡායාරූප කිහිපයක් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ පළවීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අද (13) විශේෂ අවධානය යොමු වී තිබේ.
මෙම පුවත රාජ්‍ය මාධ්‍ය ඔස්සේ පෙරේදා හෙළිදරව්කර ඇති අතර එවැනි පුවත් රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම පිළිබඳ කැබිනට් ඇමැතිවරු කිහිපදෙනකුම මෙහිදී සිය ප්‍රසාදය පළකර තිබේ.
ජපානයේ සංචාරයක නිරත හිටපු ජනාධිපතිවරයා සමග මෙලෙස ජපානයට ගොස් තිබේද යන්න පිළිබඳව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කෙරී ඇත.
රාජ්‍ය මාධ්‍යවල හැසිරීම තමන් විසින් වෙනස් කළ බව කැබිනට් සාකච්ඡාවේදී පවසා ඇති නව ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරියටත් ආණ්ඩුව තුළ සිටින මෙවැනි පුද්ගලයන් ගැන ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ආරක්ෂාව හා දැනගැනීම උදෙසා ප්‍රසිද්ධ කරන බව පවසා තිබේ.

පානුක රාජපක්ෂ

අධ්‍යාපන අමාත්‍යාංශය කෘත්‍රිම කඩදාසි යොදාගෙන මුද්‍රණය කර බෙදා දී ඇති 7 වන ශ්‍රේණියේ භූගෝල විද්‍යා පෙළ‍පොත් හේතුවෙන් දරුවන්ට බරපතළ අක්ෂි හා ස්වසන ආබාධ වැළඳීමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
මේ වන විට මෙම ‍පොත් ලක්ෂ 5ක් මුද්‍රණය කර නියමු ව්‍යාපෘතියක් ලෙසට ‍පොත් ලක්ෂ 2ක් ළමුන් අතර බෙදාදී ඇති බවට තොරතුරු හෙළිව ඇතැයි වෛද්‍යවරයා පැවැසීය.
අද (13) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
ජාතික ප්‍රමිති තාක්ෂණ ආයතනය ඉදිරිපත් කර ඇති මෙම පෙළ ‍පොත් මුද්‍රණ ක්‍රියාවලියේදී භාවිත කරන වාෂ්පශීලි හා නිස්සාරණය කළහැකි සංයෝග පිළිබඳව විමර්ශන දත්තවලට අනුව මේ බව හෙළි වී ඇති බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
එසේම මෙම පෙළ‍පොත් පරිසරයට එකතුවීමෙන් බරපතළ පාරිසරික ගැටලු ඇති වන බවත් එසේම දරුවන්ගේ නිරන්තර භාවිතයට මෙම පෙළ‍පොත් නිර්දේශ කළ නොහැකි බවත් එම ආයතනය තහවුරු කර ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම පෙළ‍පොත් මුද්‍රණයට අදාළව 2016 වසරේදී ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ නිරීක්ෂණ කිසිවක් අධ්‍යාපන අමාත්‍යංශය සැලකිල්ලට ගෙන නොමැති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
ඊට අමතරව මෙම පෙළ‍පොත් මුද්‍රණයට අදාළව නිරීක්ෂණය සිදුකළ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ජාතික ප්‍රසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශ සැලකිල්ලට ගත යුතු බව පවසා ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාද නිහඬව සිටින බවත් මේ තත්ත්වය යටතේ මේ සම්බන්ධයෙන් වහා පියවරක් ගන්නා ලෙස අද දින ජනාධිපතිවරයාට සිය සංගමය ඉල්ලීමක් කරන බවද හෙතෙම පැවැසීය.

ශ්‍රියානි විජේසිංහ

ගංවතුර හා නායයෑම් තත්ත්වයෙන් නිවාස අහිමිවූවන්ට නව නිවාස ඉදිකර දීම සඳහා තමා යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් රුපියල් බිලියන 5ක මුදලක් වෙන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද  (13) පැවැසීය.
ජනාධිපති කාර්යාලයේ අද (13) පෙරවරුවේ රැස්වූ පශ්චාත් ආපදා ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය.
පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වයෙන් නිවාස අහිමිවූවන්ට නව නිවාස ඉදිකරදීමේ වැඩසටහන කඩිනමින් ආරම්භ කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ආපදා තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම නිවාස අහිමිවූවන්ට කුලී පදනම මත නිවාස ලබාගැනීම සඳහා මසකට රුපියල් 7500ක් බැගින් මාස 3ක කාලයක් සඳහා මුදල් ලබාදීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන අතර එම කටයුතු කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, ගම්පහ, කොළඹ ඇතුළු ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කවල දිසාපතිවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක වන සහන වැඩපිළිවෙළ පිළිබඳ ඔවුහු දීර්ඝ වශයෙන් අදහස් ඉදිරිපත් කළහ.
විනාශයට පත් සම්පත් සහ ආයතන පිළිබඳ තක්සේරු ලබාගැනීම මෙන්ම නැවත පදිංචිය සඳහා ඉඩම් හඳුනාගැනීම සහ ඉඩම් පවරාගැනීමේ කටයුතු මේ වන විට රජය මගින් සිදුකරමින් සිටින අතර එම කටයුතු කඩිනම් කිරීමටද උපදෙස් දුන් ජනාධිපතිවරයා තක්සේරු නිලධාරීන්ගේ අඩුපාඩු පවතින්නේ නම් රේඛීය අමාත්‍යංශ සහ පළාත් අමාත්‍යංශ හරහා ඔවුන් ලබාගැනීමේ හැකියාව පවතින බවත් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසත් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
විනාශ වූ පාසල් පද්ධතිය ප්‍රතිසංස්කරණය සහ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී නිලධාරීන්ගෙන් කරුණු විමසූ ජනාධිපතිවරයා විනාශයට පත් ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලියේදී පාසල්, රෝහල් සහ නිවාස ඉදිකිරීම් වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසද උපදෙස් දුන්නේය.
ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමට ලැබුණු විදේශ බෙදාදීම විධිමත් ක්‍රමවේදයකට අනුව විනිවිදභාවයකින් යුතුව සිදු විය යුතු බවටද මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන් ජනාධිපතිතුමා ඒවා බෙදාදුන් ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් විය යුතු බවත් ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් පවත්වාගෙන යාමේ වැදගත්කමත් පෙන්වා දුන්නේය.
එමෙන්ම සහනාධාර වශයෙන් ලැබුණු ෙදෙනිකව භාවිත කළ හැකි ද්‍රව්‍ය ගබඩාවල රදවා නොගෙන ජනතාව වෙත නිකුත් කරන ලෙසද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
වගා හානි සඳහා වන්දි ගෙවීම, ආපදාවට ලක්වූ කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා වන්දි ගෙවීම, විදුලිබලය, පානීය ජලය, මහාමාර්ග ඇතුළු හානියට පත්වූ යටිතල පහසුකම් පුනරුත්ථාපනය, කසළ කළමනාකරණය හා පිරිසිදු කිරීම, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ආපදා කළමනාකරණ සැලැස්මක් සැකසීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, වජිර අබේවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, මංගල සමරවීර, රවි කරුණානායක, රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස, සාගල රත්නායක, ගයන්ත කරුණාතිලක, දයා ගමගේ, තලතා අතුකෝරල, චන්දිම වීරක්කොඩි, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද ජනාධිපති ‍ලේකම් ඇතුළු අමාත්‍යාංශ ‍ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන්ද ත්‍රිවිධ හමුදාපතිවරුන්, ‍පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

පානුක රාජපක්ෂ

මස්කට්හි සිට පැමිණි මගියකු විසින් මෙරටට නීති විරෝධී ලෙස ගෙනඑනු ලැබූ රුපියල් කෝටියක් වටිනා රන් මාල තොගයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළේ රාජකාරි කරමින් සිටි ගුවන් හමුදා සෙබළකු විසින් වංචනික ලෙස ගුවන් තොටු‍පොළින් පිටතට ගෙන යෑමට උත්සාහ කරද්දී ගුවන් තොටු‍පොළ රේගු නිලධාරීන් විසින් අද (13) අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් තොටු‍පොළ සහ ගුවන් සේවා සමාගම මගින් ලැබුණු තොරතුරක් මත වහා ක්‍රියාත්මක වූ රේගු නිලධාරීන් විසින් කරනු ලැබූ
පරීක්ෂණයකදී මෙලෙස අත්අඩංගුවට ගත් බව රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා 'ලක්බිමට' පැවැසීය.
ඉතාම දර්ශනිය සහ වටිනා රන් මාල 64ක් එහි රාජකාරියේ නිරතව සිටි ගුවන් හමුදා සෙබළකු විසින් සිය කකු‍ලේ රඳවාගෙන පිටතට ගෙන යෑමට උත්සහ කර තිබේ. එම රන් තොගයේ බර කිලෝ 2ක් වන අතර, එහි වටිනාකම රුපියල් කෝටියක් වන බවද ඒ මහතා පැවැසීය.
මෙහිදී අදාළ ගුවන් හමුදා සෙබළාගෙන් ප්‍රශ්න කිරීමේදී දැන ගන්නට ලැබි ඇත්තේ මස්කට්හි සිට පැමිණි ශ්‍රී ලාංකික පුද්ගලයකු වංචනික ලෙස මෙම රන් තොගය ගෙන ඒමේදී ඔහුට සහය වෙමින් එම කටයුත්ත ඔහු විසින් සිදුකර තිබෙන බවය.
අදාළ රන් මාල තොගය වහාම රාජ සන්තක කිරීමට පියවර ගනු ලැබූ බවත්, එම ගුවන් හමුදා සෙබළාට රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් නියම කරනු ලැබූ බවද රේගු අධ්‍යක්ෂවරයා පැවැසීය.
එමෙන්ම මෙම නීති විරෝධී වංචනික කටයුත්ත කළ පුද්ගලයන්ට එරෙහිව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවද පැවැසූ රේගු අධ්‍යක්ෂවරයා ගුවන් තොටු‍පොළ ඇතුළේම රාජකාරි කරන ඇතැම් නිලධාරීන් මෙවැනි වංචනික කටයුතුවලට සහය වන බවට තොරතුරු රැසක් ලැබි තිබෙන බවද කීය.
මෙම රන් මාල තොගය සම්බන්ධව වැටලීම රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතාගේ උපදෙස් මත, සහකාර රේගු අධිකාරිවරුන් වන චමින්ද පුෂ්පකුමාර, ගයාන් රංග කුමාර, සුජිත් උදයංග, මිලින්ද ජයසූරිය, අමිල ලංකානාත් යන නිලධාරීන් සහ කාන්තා සහකාර රේගු අධිකාරී වාසනා සෙව්වන්දි යන නිලධාරිනිය විසින් සිදුකර තිබේ.

පද්මිණි මාතරගේ

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ කාර්යාල ප්‍රශ්නයට දින 12කට පසු විසඳුම් ලැබිම නිසා ලබන සතිය මැද දිනයකදී ඒ මහතා නව කාර්යාලය පරිශ්‍රයේ වැඩ භාර ගැනීමට නියමිතය.
රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යාංශය පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වෙනත් මහලක රාජ්‍ය ඇමැතිවරයාට කාර්යාල පරිශ්‍රයක් ලබා දීමට නියමිතය.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉකුත් 31 වෙනිදා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේ  ය. ඒ මහතා ඉකුත් 02 දා සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමට නියමිතව සිටිය ද එතෙක් නියෝජ්‍ය ඇමැතිවරයාට පරිහරණය කළ කාමර 9 න් 6 ක් ඔහුට අහිමි  වී තිබිණ.
මේ හේතුව නිසා ඇමැතිවරයා සිය අමාත්‍යාංශයේ රාජකාරී භාර ගැනීම දිනෙන් දින කල් ගියේය. එය සමථයකට පත් කිරීමට හැකියාව ලැබුණේ ඊයේ (12) සවසය.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධනය නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ ඉරාන් වික්‍රමරත්න මහතාට ඔහුගේ නිළ කාමරය හැර තවත් කාමර නවයක් තිබිණ. නව රාජ්‍ය ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලය ඉකුත් 01 දා සවස එම කාර්යාලයට ගිය අවස්ථාවේදී මෙම කාමර හය එම අමාත්‍යාංශයේ කැබිනට් ඇමැති කබිර් හෂීම් මහතාගේ වෙනත් ව්‍යාපෘතියක් සඳහා වෙන් කර තිබිණි. තමන්ට හිමි කාර්යාල දෙන තෙක් වැඩ බාර නොගන්නා බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දැඩි ස්ථාවරයක සිටි අතර කබිර් හෂීම් මහතා ද ඔහුගේ ව්‍යාපෘතිය හම ස්ථානයේ ම පැවැතිය යුතු බවට දැඩි ස්ථාවරයක සිටියේය.
මේ හේතුවනිසා අබේවර්ධන මහතාට මතෛක් සිය රාජ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී ගැනීමට නොහැකි විණි.

කමණී හෙට්ටිආරච්චි

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අරමුණින් සීමාවාසික පුහුණුව නිම කළ වෛද්‍යවරුන් 50 දෙනෙකුට විශේෂ පුහුණුවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙසේ පුහුණුව ලබන වෛද්‍යවරුන්ව රෝහල්වල අධිසත්කාර ඒකකවලට අනුයුක්ත කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

කලුබෝවිල සහ රාගම රෝහල්වල මේ වන විට අධිසත්කාර ඒකක නිර්මාණය වෙමින් පවතින බවත් ඩෙංගු රෝගීන් ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් එම සංඛ්‍යාව මේ වන විට 61844 දක්වා ඉහළ ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මෙසේ වාර්තා වූ රෝගීන්ගෙන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ශ්‍රියානි විජේසිංහ  

රුපියල් 15/- ක්ව තිබූ තේ කෝප්පයක මිල රුපියල් 20 /- දක්වාත් රුපියල් 35/- ක්ව තිබූ කිරිතේ කෝප්පයක මිල රුපියල් 40/- දක්වාත් වැඩි කළ ද සීනි කිලෝවකට රුපියල් 10/- බැගින් පැනවූ ආනයන බද්ද නිසා සීනි මිලෙහි කිසිදු වෙනසක් සිදුකොට නැතැයි සීනි ආනයන කරුවන්ගේ සංගමය පාරිභෝගික සේවා අධිකාරියට දන්වා තිබේ.

ඒ අනුව වෙළඳපලෙහි සීනි මිල ඉහළ යාමට කිසිසේත් ඉඩක් නොමැති බවත්  රුපියල් 102 ක උපරිම මිලක් යටතේ සතොස හරහා සීනි අළෙවිකරන බවත් දැනගන්නට ඇත.

කෙසේ නමුදු  ආපනශාලා හිමියන් මෙම ආනයනික බද්ද මුවාවෙන් තේ කෝප්පයක මිල රුපියල් 5 කින් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් වගකිවයුතු අංශ කිසිවෙක් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ජනතාව කනස්සල්ල පළ කරති.

සහන් සංකල්ප සිල්වා

 

 

කටාන ප්‍රදේශයේ පොසොන් පෙරහැරක ගමන් කළ ඇතින්නක ගේ පහර දීමකින් භික්ෂූන් වහන්සේ නමක අපවත් වීම මුල් කොට එය බෞද්ධයන් විසින් සිදු කළ සත්ව හිංසාවක ප්‍රතිඵලයක් ලෙස ඇතැම් සමාජ ජාල වෙබ් අඩවි මගින් හුවා දැක්වෙමින්  පවතින බවත් එය ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතියට එරෙහි කිසියම් බලවේගයක ක්‍රියාකාරිත්වයක් විය හැකි බවත් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපානෝ පැවසූහ.

උන්වහන්සේ මෙසේ සඳහන් කරන ලද්දේ ලක්බිම ඔන්ලයින් වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් පළ කළ  උන්වහන්සේ මෙසේ ද කීහ.

“ඇතින්නකගේ පහරදීමෙන් එම භික්ෂූන් වහන්සේ අපවත් වීම සම්බන්ධව අපගේ සාතිශය සංවේගය කළ කරනවා. නමුත් මෙය අහම්බෙන් සිදුවූ ඛේදනීය සිදුවීමක්. එහෙත් මේ ඛෙදනීය සිද්ධිය පදනම් කරගනිමින් ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව සත්ව හිංසාවෙහි යෙදෙන්නවුන් ලෙස හුවාදැක්වීමේ සමාජ ජාලා වෙබ් අඩවි ව්‍යාපෘතිය අප ගැඹුරින් විමසීමට ලක් කළ යුතුයි.

හස්තියා යනු ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතියේ මංගල සම්මත සංකේතයයි. අප‍ රටෙහි සිටින සියළු සතුන් අතරින් හස්තියාට හිමිවී ඇති උත්තරීත්තර බව කොතෙක් ද යත් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ බහාලන කරඬුව වැඩමවීම සඳහාත් හස්තියකුම තෝරා ගැනීමෙන් මනාව පැහැදිළි වෙනවා.

භාරතීය සංස්කෘතියේ පවා හස්තියා උතුම් සත්වයකු ලෙස සඳහන් වෙනවා. එහිදී ‘නාග’ හෙවත් උතුම් යන්නද හස්තියා පිණිස වන පර්යාය නාමයක්. බුදුන්වහන්සේ විවිධ සූත්‍ර වලදී තමන්වහන්සේ ද හස්තියෙකුට උපමා කර තිබෙනවා. ඒ වගේම බුදුන්වහන්සේ හමුවට හස්තීන් පිට  පැමිණි රාජ රාජ මහාමාත්‍ය වරුන් පිළිබඳව සූත්‍ර වල ඕනෑතරම් තොරතුරු දැක්වෙනවා. එහිදී  අලි ඇතුන් පිටින් නෑවිත් වෙනත් ක්‍රමයකින් එන්නැයි බුදුන් වහන්සේ කිසිම රජකෙනකුට හෝ සිටු කෙනෙකුට උපදෙස් දී නැහැ.

 අපගේ දේශීය බෞද්ධ සංස්කෘතියේ පෙරහැර වැනි මංගල සම්මත අවස්ථාවන් සඳහා හස්තියාට ප්‍රමුඛත්වය ලබා දෙන්නේ ඒ සතාගේ උත්තරීත්තර බව සැලකිල්ලට ගනිමිනුයි. අදටත් දළදා කරඬුව පිට මත තබාගෙන යන හස්තිරාජයා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ වැඳුම් පිදුම් වලට ලක්වන බව රහසක් නොවේ. කලින් දළදා පෙරහැරේ කරඬුව ගෙන ගිය රාජා හස්තියාගේ සිරුර පවා අභිරක්ෂණය කොට අදත් මහජන ප්‍රදර්ශනයට තබා ඇත්තේ ඒ උතුම් සත්වයාට දක්වන උපහාරයක් වශයෙන්. එවන් තත්ත්වයක් යටතේ අලි ඇතුන් පෙරහැර වලට ගැනීම සත්ව හිංසනයක් සේ හුවා දැක්වීම පිළිබඳව අපි ගැඹුරින්  සිතිය යුතු වෙනවා.

කිසිදු සතෙකු ඝාතනය කිරීම හෝ වදහිංසා පැමිණවීම හෝ තාඩන පීඩන වලට ලක්කිරීම පිළිබඳව ලොව බොහෝ ආගමික සංස්කෘතික සන්දර්භයන් අභිබවා ‍බෞද්ධ සංස්කෘතිය අතිශය සංවේදී වෙනවා. එම ක්‍රියා  තරයේම ප්‍රතික්ෂේප වෙනවා. ඒ අනුව පෙරහැර වලට අලි ඇතුන් සහභාගී කිරීම වද හිංසා තාඩන පිඩන වලට ලක්කිරීමක් ලෙස අර්ථ දැක්වීම අපගේ අවිහිංසාවාදී  බෞද්ධ සංස්කෘතික සන්දර්භයට පහර ගැසීමක් බව පැහැදිළියි.

අදටත් මේ රටේ නොයෙක් ආකාරයේ සත්ව හිංසාවන් සිදුවෙනවා. නමුත් ඒ සියල්ල පසෙකලා සත්ව හිමිකම් සහ අවිහිංසා වාදයේ  මුවාවෙන් අප‍ රටේ ප්‍රධාන සංස්කෘතික සන්දර්භයට මෙසේ පහර හෙලීම පිළිබඳව බෞද්ධයන් සංවිභාගශීලී විය යුතුයි.  
පෙරහැර වලට සහභාගී කරගන්නා ඇලි ඇතුන් අැත්ගොවුවන් වෙතින් නොයෙකුත් තාඩන පීඩන වලට ලක්වන්නට පුළුවන්. දෙමාපියන් අතින් පවා තාඩන පීඩන වලට ලක්වන දරුවන් පිළිබඳව අසන්නට ලැබෙන සමයක එවැනි දේවල් වාර්තා වීම පුදුමයක් නොවේ. නමුත් එවන් සත්ව හිංසාවන් සිදුකරන්නවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ට අධිකරණය මගින් දඬුවම් පැමිණවීමේ පහසු හැකියාවක් අද  අප රටේ පවතිනවා. එවැනි දේ අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි. එවන් පසුබිමක් යටතේ අලි ඇතුන්ට වද හිංසා පමුණුවන්නවුන් අධිකරණය වෙතට පත්කරනු වෙනුවට  පෙරහැර වලට  අලි ඇතුන් සහභාගී නොකළ යුතු යැයි පැවසීම අපගේ දේශීය සංස්කෘතික අනන්‍යතාවය නමැති කොඳු නාරටිය බිඳ දැමීමට විජාතික බලවේග විසින් දියත් කරන කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස සාධාරණ ලෙස අනුමාන කරන්නට පුළුවන්.

මේ නිසා එවැනි විෂම අදහස් සමාජ ජාලා වෙබ් අඩවි මගින් ප්‍රචාරය කිරීමට පෙර මේ පිළිබඳව ද සිහිනුවණින් සිතා බලන ලෙස සියළු පාර්ශවයන් වෙතින් මෛත්‍රී පෙරදැරිව ඉල්ලා සිටිනවා.” පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ කිහ.

දමයන්ති ගමගේ

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1704

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2067

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4888

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2907

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1675

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2548

Please publish modules in offcanvas position.

Web Analytics