Coss Ear2
lakbima.lk
COSS Ear 1

භික්ෂූන් වහන්සේලාට කරන අවමන්, අපහාස වහාම නැවත්වීමට පියවර ගන්නා  ලෙස ඉල්ලමින්, තැපැල් පත් අත්සන් කර  ජනාධිපතිවරයාට යොමු කිරීමේ ව්‍යාපාරයක් අද (25) පෙ.ව. 10.00 ට පමණ ගිනිගත්හේන නගරයේදී පැවැත්විණි.

මෙම අත්සන් ව්‍යාපාරය හෙළප්‍රිය නන්දරාජ්  ඇතුලු කන්ද උඩරට ප්‍රගතිශීලී ජනතාව නමැති  සංවිධානයක් මගින් සංවිධානය කර තිබුණි.





මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක{jcomments on}

 

ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහා ලේකම් ධුරයට එම පක්ෂයේ මහා ලේකම් ධුරය මෙතෙක් කල් දැරු නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර අරුමුගන් තොණ්ඩමන් මහතා පක්ෂයේ ජාතික සභාව විසින් යළිත් අද (25) පත්කර ගන්නා ලදී.

එම පක්ෂයේ ජාතික මහා සම්මේලනය අද (25) කොටගල ලංකා කම්කරු කොංග‍්‍රස් මුලස්ථානයේදි පැවැත්විණි. එම පක්ෂයේ සභාපතිවරයා වශයෙන් යළිත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා තෝරා පත් කර ගත් අතර එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක තනතුරක් ද ඇති කොට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායකයා වශයෙන් එස්. රාමචන්ද්‍රන් මහතා තෝරා පත් කර ගැනිණ. ‍

මිට අමතරව එම පක්ෂයේ උප සභාපතිවරුන් පහළොස් දෙනෙකු ද ඡන්දයකින් තොරා පත් කර ගන්නා ලදී. මෙම ජාතික මහා සම්මේලනය අවසන් වීමෙන් පසු ලංකා කම්කරු කොංග‍්‍රස් මුලස්ථානයේදි මාධ්‍ය හමුවක්ද පැවැත්විණි.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක්වු එම පක්ෂයේ සභාපති මුත්තු සිවලිංගම් මහතා කියා සිටියේ ඉදිරියේදී පැවැත්වෙන ඕනැම මැතිවරණයකට මුහුණ දිමට තම පක්ෂය සුදානම් බවය.

හැටන් රංජිත් රාජපක්‍ෂ {jcomments on}          

 

 

ආනයනික රට ළූණු සඳහා 100% ක  බද්ධක් පැන වීමට ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශයට උපදෙස් දී ඇත. පසුගිය කාලයේ දේශීය රට ළූණු කර්මාන්තය දැවැන්ත අර්බුධයකට පත්වීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි පැවසේ.

 

 

ගාල්ලේ රාජ්‍ය සේවය අමුතු එකක්. ඉඩම් හොයන්නේ හොරෙන්, බලන්න යන්නේ හොරෙන්, මුදල් ගෙව්වාට පස්සෙලු ප්‍රසිද්ධ කරන්නේ. මෙහෙම රාජ්‍ය සේවයක් මම දැක්කාමයි.

වෘත්තීය පුහුණු හා නිපුනතා සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා මෙසේ පැවසුවේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවවේදීය.

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම අද (25) සම සභාපතිවරුන් වන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගේ සහ එජාප ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි යන අයගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අවස්ථාවේ දීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ආමත්‍යවරයා,

මම හබරාදුවේ කුණු දාන්න කියලා රජයේ ඉඩමක් හොයලා දුන්නාග දැන් එකේ තත්වය මොකද?

හබරාදුව ප්‍රාදේශීය සභා ලේකම් - එස්.බි.සී දසනායක මහත්මීය,

ඒ ඉඩමට මිනිස්සු විරුද්ධවෙයි කියලා හිතන නිසා වෙන පෞද්ගලික ඉඩමක් බැලුවා.

සම සභාපති චන්දිම වීරක්කොඩි මහතා,

විරුද්ධ වෙයි කියලා හිතන නිසා; මේක මරු කතාවක් නේ. හරි කමක් නෑ. කෙහේද අළුත් ඉඩම බැලුවේ.

හබරාදුව ප්‍රා දේශීයසභා ලේකම්තුමිය,

ඒක මට දැන්ම කියන්න බෑ, මම මගේ පරිසර නිලධාරියා යවලා බලලා තියවා, සුදුසුයි කියලා තියනවා,  ඒ ගැන දැන් වැඩ කටයුතු කරනවා.

සම සභාපති චන්දිම වීරක්කොඩි මහතා,

මොකක්ද? එතකොට අපිට හොරෙන් ද මේ ඉඩම ගන්නේ,ඔබතුමිය ඉඩම බලන්න ගියා ද?

හබරාදුව ප්‍රාදේශීය සභා ලේකම්තුමිය,

මම මේක බලන්න ගියොත් වාහනේ යන්න වෙන්නේ. එතකොට වෙන අය දකිනවා. ඒ නිසා මම ගියේ නෑ. මම ඒක බලන්න යන්න ඕන තනියම. නැත්නම් ස්ථානය හෙළි වෙනවා.

සම සභාපති චන්දිම වීරක්කොඩි මහතා,

කාට හොරෙන් ද මේ වැඩ කරන්නේ. රජයේ වැඩ කරන්න ඕන එළිපිට ට්‍රන්පේරන්සි තියෙන්න ඕන; මේ වැඩ වල. ඉතින් කෙහොම ද ප්‍රශ්න විසඳන්නේ. මොකටද සම්බන්ධීකරණ කමිටු. මේවා බලලා මිලදී අරගෙන ඊට පස්සෙ ද අපිට කියන්නේ.  එතකොට එතනටත් මිනිස්සු විරුද්ධ වුණොත් මොක ද කරන්නේ.  මේක මරු රාජ්‍ය සේවයක් නේ. මේ අය එක්ක වැඩ කරන කොට අපේ ලේ කෝප වෙනවා. කොමසාරිස් තුමිය මේ ගැන සොයා බලන්න.

හබරාදුවල අනුර ලියනගේ{jcomments on}

 

 

 

 

 

පුහුණු ශ‍්‍රමිකයින් වැඩි පිරිසක් විදෙස් ගතකිරීමේ රජයේ අරමුණ මේ වන විට සාර්ථක වී ඇතැයි අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

2017 වසරේ ගතවූ මාස 08 තුළ ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් 141,725 දෙනකු විදේශ ගතවී ඇතැයි විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අතරින් 93,351 පිරිමින් වන අතර, 48,374 ක් කාන්තාවන්ය. මින් වැඩිම ශ‍්‍රමිකයින් පිරිසක් විදේශ ගතවී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම ප‍්‍රමාණය 42,389කි. අඩුම ශ‍්‍රමිකයින් ප‍්‍රමාණයක් විදේශ ගතවී ඇත්තේ ඌව පළාතෙන් වන අතර, එම ප‍්‍රමාණය 3,994කි. මේ කාලයේදී වැඩිම ශ‍්‍රමිකයින් පිරිසක් විදේශ ගතවී ඇත්තේ කටාර් රාජ්‍යටයි. මෙම කාලසීමාව තුළ ගෘහ සේවිකාවන් 37,002 ක් විදේශ ගතවී තිබේ.

2017 වර්ෂයේ පළමු මාස 08 දී පිරිමි ශ‍්‍රමිකයින්ට සාපේක්ෂව කාන්තාවන් විදේශ ගතවීම 34.1%ක් බවත්, පුහුණු ශ‍්‍රමිකයින් විදේශ ගතවීම හරහා මෙරටට ලැබෙන විදේශ විනිමය වැඩිකර ගැනීමටද අවස්ථාව ලැබී ඇතැයි විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත අනුව 2016 වර්ෂයේදී විදේශ ගතවූ මුළු ශ‍්‍රමිකයින් ප‍්‍රමාණය 242,838 වන අතර, ඉන් පිරිමි ශ‍්‍රමිකයින් ප‍්‍රමාණය 160,320කි. ඉන් කාන්තා ශ‍්‍රමිකයින් ප‍්‍රමාණය 82,518කි. ඒ අනුව, පිරිමි ශ‍්‍රමිකයින්ට සාපේක්ෂව කාන්තා ශ‍්‍රමිකයින් විදේශ ගතවීම 33.9%කි. එම වර්ෂයේදීත් වැඩිම කාන්තා හා පිරිමි ශ‍්‍රමිකයින් ප‍්‍රමාණයක් විදේශ ගතවී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම ප‍්‍රමාණය 64,901කි. 7,305ක් වූ අඩුම ශ‍්‍රමිකයින් පිරිසක් විදේශ ගතවී තිබෙන්නේ ඌව පළාතෙනි. වැඩිම ශ‍්‍රමිකයින් ප‍්‍රමාණයක් රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙන්නේ සෞදි අරාබියටයි. එම ප‍්‍රමාණය 63,307කි.

2015 වර්ෂයේ ගෘහ සේවිකාවන් 73,226 දෙනෙකු විදේශ ගතවී ඇති අතර, 2016 වර්ෂයේ එම ප‍්‍රමාණය 65,023 කි. එසේම අනෙකුත් වෘත්තිමය රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් ප‍්‍රමාණයද වැඩිවී තිබේ. ඒ අනුව 2015 වර්ෂයේ වෘත්තිමය රැකියා සඳහා කාන්තාවන් 17,429ක් විදේශ ගතවී ඇති අතර, 2016 වර්ෂයේදී 17,495ක් වෘත්තිමය රැකියාවලට යොමුව තිබේ.

විදේශ රැකියා සඳහා යන සියලූ දෙනා කාර්යාංශයේ ලියාපදිංචිවීම තුළින් රජයෙන් ඔවුන්ට ලැබෙන වරප‍්‍රසාද භුක්ති විඳිය හැකි බවත් විදෙස් ගතවන ශ‍්‍රමිකයින්ගේ දූදරුවන්ට කාර්යාංශයෙන් වාර්ෂිකව ශිෂ්‍යත්ව පිරිනමන අතර, ලියාපදිංචි වන අවස්ථාවේ නොමිලේ ජීවිත රක්ෂණාවරණයක්ද ලබා දෙයි.

අනුර ලියනගේ,හබරාදුව{jcomments on}

රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීම පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යොමු විය යතු  බව හිටපු කථානායකවරයකු  සහ අමාත්‍යවරයකු වන ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි.

ඔහු මේ ප්‍රකාශය කළේ අද (25) පෙරවරුවේ ජා ඇල දී පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී ය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජෝශප් මයිකල් පෙරේරා මහතා කියා සිටියේ රවි කරුණානායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධ වරද පිළිගැනීමක් වශයෙන් නිසා එවන් වරද කරුවෙකු පක්ෂය තුළ තබා ගැනීම එක්සත් ජාතික පක්ෂයට බරපතල හානි දායක දෙයක් බවය.

එජාප - ශ්‍රීලනිප සම්මුතිවාදී යහපාලන රජයක් පිහිටුවා ඇත්තේ සොරුන් සහ දූෂකයන් පලවා හැරීමට බැවින් මෙම පක්ෂ තුළ සොරුන්ට ඉඩ කඩ ලබා දීම අතිශය නරක පූර්වාදර්ශයක් බවද හිටපු අමාත්‍යවරයා කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඔහු මෙසේ ද කීය,

"ජා‍තික යොවුන් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ දී ජා ඇල එක්සත් ජාකික පක්ෂ සංවිධායකවරයා හැටියට මට කතාවක් වෙන් කොට තිබුණේ නෑ. මම කථා කරන්න යන කොට මයික්‍රෆෝන් පවා ඕෆ් කරලා තිබුණා. මේක ඉතා සැලසුම් සහගත කුමන්ත්‍රණයක්. අන්තිමට මම පිටත් වෙලා යන වෙලාවේ කිහිපදෙනෙක් මට හූ කිව්වා. කිසිම දවසක ජා ඇල එක්සත් ජාතික පාක්ෂිකයෙක් මට හූ කියන්නේ නෑ. පස්සේ අපි වීඩියෝ පට පරීක්ෂා කළාම තේරුණා; ඒ හූ කිව්වේ රවී කරුණානායක සමඟ සිරිකොතින් ආ කිහිප දෙනෙක් බව. මේ වගේ පහත් තත්ත්වයකට එක්සත් ජාතික පක්ෂය ඇද දාන්න මම කීයටවත් රවී කරුණානායකට ඉඩ තියන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් දූෂිතයන් පලවා හැර පක්ෂය ආරක්ෂා කිරීමේ පරම අයිතියක් වගකීමක් මටත් තියෙනවා."

{jcomments on}

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවනු ලදුව  අත්අඩංගුවට ගෙන තිබේ.

2015 වසරේ ජනවාරි 05 වන දින කහවත්ත පොලිස් වසමේදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයකර ඇතැයි කියන සිද්ධියකට අදාළව අදාළ ප්‍රකාශය ලබා ගැනීම සිදුකොට තිබේ.

එම සිද්ධියට අදාළව විමර්ශන වලදී කරුණු වසන් කිරීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.{jcomments on}

 

මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මංගල උත්සවයක මනමලියක් ලෝක වාර්තාවක් තැබීම පිණිස හැඳ සිටි මීටර් 3200 දිගින් යුතු සාරි පොට අල්ලා ගැනීම සඳහා පාසල් ළමුන් යොදා ගැනීම පිළිබඳ මධ්‍යම පළාත් සභා ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ උපදෙස් මත පරීක්ෂණයක් අරඹා ඇත.

මූලික පරීක්ෂණ වලදී දැනට අනාවරණය වී ඇත්තේ එම දැරියන් එදින අලුයම  02.30 පමණ සිට දහවල දක්වා මෙම කටයුත්ත සඳහා යොදා ගෙන ඇති බවකි.

ඒ පිළිබඳව කරුණු විමසීම සඳහා එම පාසලේ විදුහල්පතිවරයා සහ ඊට උපකාර කළ ගුරුවරියන් ද අද (25) ආණ්ඩුකාර කාර්යාලයට කැඳවා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියද වෙනම පරීක්ෂණයක් අරඹා තිබේ.

 

එස්.ටී.පී සිල්වා

සංහිඳියාව ශක්තිමත් වූ සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැගීමට දරන ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාවට සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ මහා ‍ලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා පැවැසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන සැසිවාරය සඳහා සහභාගිවීමට ඇමෙරිකාවට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ‍ලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා අතර හමුව පෙරේදා (23) පස්වරුවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණු අතර එහිදී මහා ‍ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට සහ එහි ජනතාව සමග වඩා සමීපව කටයුතු කරමින් සියලු ශ්‍රී ලාංකිකයන්ට සමෘද්ධිය සහ සහජීවනය පිරි ලෝකයේ ආදර්ශමත් ජාතියක් ලෙස නැගී සිටීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහය ලබාදෙන බවද මහා ‍ලේකම්වරයා ප්‍රකාශ කළේය.
පැරිස් සමුළුවේදී ඇතිකරගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකවම සිදුකරන මැදිහත්වීම ද මෙහිදී අගය කළ මහා  ‍ලේකම්වරයා තිරසර සංවර්ධන ඉලක්ක සංවර්ධන ක්‍රියාදාමයට එක්කර ගැනීමට ජනාධිපතිවරයා දක්වන උනන්දුව පිළිබඳවද සිය ප්‍රසාදය පළ කළේය.
තමා 1978 වසරේදී පමණ  ශ්‍රී ලංකාවට පැමිණි අතර එහිදී සීගිරිය, දඹුල්ල සහ ‍පොළොන්නරුව ඇතුළු ප්‍රදේශවල සංචාරය කළ බව මෙහිදී සිහිපත් කළ අන්තෝනියෝ ගුටරෙස් මහතා ඉන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ කොමසාරිස්වරයා ලෙසද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සමග පවතින සහයෝගිතා වැඩපිළිවෙළ වඩා ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවත්, එහි ජනතාවත් වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට අඛණ්ඩව කටයුතු කරන බවද මහා ‍ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ සංවර්ධනය සහ සංහිඳියාව වෙනුවෙන් ගෙන යන ක්‍රියාමාර්ග සඳහා අද  ශ්‍රී ලංකා රජය කැපවී සිටින අතර ලෝකයේ සෑම රාජ්‍යයකම සහයෝගය සහ මිත්‍රත්වය ඒ සඳහා අවශ්‍ය බවයි.
සංවර්ධන ඉලක්කද ජය ගනිමින් සංහිඳියාව පිළිවෙතක් කරා ගමන් කරන ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රගතිය දැක බලා ගැනීමට පෞද්ගලිකවම සංචාරයක නිරත වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී මහා ‍ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.

වෙළෙඳ‍පොළ තුළ ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින ‍පොල් මිල අඩු කිරීම සඳහා දිගු කාලීන වැඩපිළවෙළක් ඉතා කඩිනමින් ආරම්භ කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි. 
අද වන විට වෙළෙඳපළේ ‍පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වා ඉහළගොස්  ඇති බැවින් පාරිභෝගිකයා ඉතා අසීරු  තත්ත්වයකට පත්ව ඇතැයි එම සංවිධානය පෙන්වා දෙයි. 
එක් එක් ප්‍රමාණයන්ගෙන් ‍පොල්ගෙඩි ඇති බැවින් ‍පොල් සඳහා පාලන මිලක් ඇති කිරීමද ප්‍රායෝගික නොවන බවද එම සංවිධානය පවසයි. 
ඇතිවී තිබෙන මෙම තත්ත්වයට ‍පොල් වගා කිරීමේ මණ්්ඩලය සෘජුව වගකිව යුතු බවත්, ‍පොල් පැළ ලබා දීම තුළින් ‍පොල් හිඟයට විසඳුම් ලැබෙතැයි ඔවුන් සිතන නමුත් එය මුලාවක් බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය අවධාරණය කරයි. 
 

ශ්‍රී ලංකාව තුළ ස්ථාවර සාමයක් ගොඩනැගීම වෙනුවෙන් ගෝලීය ද්‍රවිඩ පර්ෂදය යොමුවී තිබිම සතුටට කරුණක් බව ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් මහතා සඳහන් කරයි.
ද්‍රවිඩ ඩයස්‍පෝරාවේ ප්‍රධානතම සංවිධානයක් වන ගෝලීය ද්‍රවිඩ පර්ෂදයේ එමානුවෙල් පියතුමා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව සමාජ මාධ්‍ය වෙත පණිවුඩයක් නිකුත් කරමින් අතුල් කෙෂප් මහතා මේ බව සඳහන් කර ඇත.
එල්.ටී.ටී.ඊ.  හිතවාදී සංවිධානයක් ලෙස පසුගිය රජය විසින් ලැයිස්තුගත කර තිබූ මෙම ගෝලීය ද්‍රවිඩ පර්ෂදයේ නායක එමානුවෙල් පියතුමා වසර ගණනාවකට පසු පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.
එමානුවෙල් පියතුමාට මෙරටට පැමිණීමට නොහැකි වන ලෙස තහනම් නියෝගයක්ද පසුගිය රජය පනවා තිබූ නමුත් වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව එම තහනම ඉවත් කරනු ලැබිය.
එම තහනමෙන් පසු ප්‍රථම වතාවට මෙසේ ශ්‍රී ලංකාවට පැමිණි එමානුවෙල් පියතුමා කොළඹ හා යාපනය නගරවල සංචාරය කළ අතර ඇමෙරිකානු තානාපතිවරයාද මුණ ගැසිණ.
මෙරට තුළ ප්‍රතිසංධානය ගොඩනැංවීම සඳහාද සහය ලබාදීමට, එමානුවෙල් පියතුමා මෙම සාකච්ඡාවලදී කැමැත්ත පළකළ බව කෙශාප් මහතා තම පණිවුඩයේ සඳහන් කර ඇත.
 
පැතුම් වික්‍රමරත්න
 

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1223

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 698

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4084

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2348

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4378

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5526

Please publish modules in offcanvas position.