Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා රේගුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය පත්කර තිබේ. එම තනතුරේ මීට පෙර කටයුතු කළේ  චූලානන්ද පෙරේරා මහතාය.

ඒ සඳහා අද (26) දිනයේ කැබිනට් අනුමැතිය හිමි ව ඇත.{jcomments on}

මල්වතු පාර්ශවයෙන් ඉතාලියේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ ඉතාලියේ ‍බ්‍රෙෂියා රජකීය පණ්ඩිත වතෝගල ධම්මික නාහිමියන් පිළිගැනීමේ උළෙලක් ඔක්තෝම්බර් 1 ඉරිදා සවස 2.30 ට ඉතාලියේදී පැවැත්වේ.ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයට බුද්ධ ශාසන හා අධිකරණ නියෝජ්‍ය ඇමති දුෂ්මන්ත මිත්‍රපාල මහතා හා ඉතාලියේ ශ්‍රීලංකා තානාපති දයා පැල්පොල මහතා මිලානෝ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය ඇතුලු ගිහි පැවිදි ආරාධිතයෝ රැසක් මේ අවස්ථාවට සහභාගි වෙති.

තම මව,  පියා  සහ සොයුරා මියයාමෙන් පසු ජා ඇල, ඒකල, විශාකාවත්තේ නිවසක තනිව ජීවත් වූ පනස් හැවිරිදි කාන්තාවක් අබිරහස් ලෙස මිය යනු ලදුව ඇගේ මළ සිරුර අද (26) පෙරවරුවේ හමුවී ඇත. ඇය ජීවනී කරුණාරත්න නමැත්තියකි.

ප්‍රදේශ වාසීන්ට දැනුණු අධික දුර්ගන්ධයක් හේතුවෙන් ඒ පිළිබඳව විමසීමේ දී එම කාන්තාව නිවස තුළ මිය ගොස් සිටිනු දැක ඒ බව පොලිසියට දන්වා තිබේ.

පොලිසියට මළ සිරුර හමුවන විට හඳුනාගත නොහැකි ආකාරයට නරක් වී තිබූ අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ජා ඇල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 

ප්‍රසංග පෙරේරා - ජා ඇල{jcomments on}

රජය  රට ළූණු හෙවත් ලොකු ළූණු සඳහා වන ආනයනික බද්ද100% ක් වැඩි කරන ලද්දේ දේශීය ලොකු ළූණු ‍ගොවියන් අන්ත අසරණ තත්ත්වයකට පත්වීමෙන් පසුව බවත් මේ වන විටත් ලොකු ළූණු ආනයන කරුවන් මෙරටට ගෙන්වා ඇති ලොකු ළූණු තොග විශාල වශයෙන් මෙරට ඇති පසුබිමක බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

ලොකු ළූණු ගොවියන්ට සිය අස්වැන්න විකුණා ගත නොහැකිව රුපියල් කෝටි ගණනක ලොකු ළූණු අස්වැන්න අපතේයාමට පෙර ගතයුතුව තිබූ මෙම පියවර ඊයේ (25) සිට ක්‍රියාත්මක කිරීම 'අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමීමක්' බව එම සංවිධානය වැඩිදුරටත් අනාවරණය කරයි.{

දමයන්ති ගමගේ jcomments on}

දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට බලපා තිබෙන වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දිනවලදීත් බලා‍පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ඒ අනුව බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සබරගමුව හා දකුණු පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේත් මිලිමීටර 75 ට වැඩි තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය පැවැසුවාය.
එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතවද සුළං තත්ත්වය පැවැතිය හැකි අතර විටින් විට මුහුද රළු විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවලදී අවධානයෙන් පසුවිය යුතු බවද ඇය පැවැසුවාය.

ගයාත්‍රි ගීගනආරච්චි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන මස 5 වෙනිදා නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්  එම්.එන්.ජේ පුෂ්ප කුමාර මහතා පවසයි. පසුගිය අගෝස්තු 20 වෙනිදා පැවැති මෙම විභාගය සඳහා අයඳුම්කරුවෝ තුන්ලක්ෂ පනස් හයදහසක් පමණ පෙනි සිටියහ.
 

ඒකාබද්ධ ‍පොදු විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී්‍රනි ගීතා කුමාරසිංහ මහත්මිය විසින් සිය මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණ පසුගිය මැයි 3 වැනිදා  නිකුත් කළ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමට අතරමැදි පාර්ශ්වකරුවකු ලෙස සම්බන්ධ වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (25) ප්‍රතික්ෂේප කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ්, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ, අනිල් ගුණරත්න හා නලින් පෙරේරා යන පංච පුද්ගල විනිසුරු මඬුල්ලෙන් එම ඉල්ලීම කළේය. එම අවස්ථාවේදී ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා හා අනෙක් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එම පෙත්සම විභාගය  ආරම්භ කරනා අවස්ථාවේදී එලෙස අතරමැදි පාර්ශ්වකරුවකු ලෙස මැදිහත්වීමට අවසර ඉල්ලීම  සම්බන්ධයෙන් දැඩි විරුද්ධත්වය දැක්වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී්‍රනි  ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා  ඊයේ (25, අධිකරණය හමුවේ කරුණු දැක්විය. වැඩිදුර විභාගය ලබන 28 වැනිදා දක්වා කල්තැබිණි.

නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

නිල කාලය අවසන් වන සබරගමුව පළාත් සභාව අද (26) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරෙන බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේය.එමෙන්ම උතුරුමැද පළාත් සභාවේ නිල කාලය මේ මස 30දා අවසන් වන අතර නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය ලබන මස 1 දා අවසන් වන බව ඇමැතිවරයා පැවැසීය. එම පළාත් සභා තුනෙහි බලතල නැවත මැතිවරණය පැවැත්වෙන තෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට පැවැරෙන බව ෆයිසර් මුස්තාපා මහතා පැවැසීය.
පළාත් සභා මැතිවරණය සමානුපාතික හා කොට්ඨාස මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීමට ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ සම්මත වීම නිසා සීමානිර්ණය කිරීමේ කටයුතු සඳහා මාස හතරක් පමණ ගත වන බව ඇමැතිවරයා සඳහන් කළේය.
එම සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත වීමෙන් පසු මෙම පළාත් තුනෙහි මැතිවරණ පැවැත්විය හැකි බව ෆයිසර් මුස්තාපා මහතා වැඩිදුරටත් පැවැසීය.
නිල කාලය අවසන් වන පළාත් සභා තුනෙහි මැතිවරණය මාර්තු මාසයේ පැවැත්විය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක කරු ජයසූරිය මහතාට දැනුම් දී තිබිණි. ඒ අනුව මාර්තු මාසයේදී මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙස කථානායකවරයා තමාට උපදෙස් දී තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

කමණි හෙට්ටිආරච්චි

අද මධ්‍යම රාත්‍රීයේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්රෝ  ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් ඉහළ නගිනු ඇත. ඒ අනුව කලින් රුපියල් 1321කට අලෙවි වු ලිට්රෝ  ගෑස් සිලින්ඩරයක් අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහත සදහන් අගනුවර මිලට සාපේක්ෂව දිවයිනේ සෙසු ප්‍රදේශවලද එම  රුපියල් 110කින් මිල වැඩිවීම ක්‍රියාත්මක වනු ඇත.
 

නව පරපුරේ දක්ෂ ජනප්‍රිය නළුවෙකු වන දසුන් නිශාන් මහතා  හදිසියේ මියගොස් ඇත. පන්නිපිටියේ පිහිටි සිය නවාතැන් කාමරය තුළ ගෙල වැළලාගෙන මියගොස් සිටියදී ඔහුගේ සිරුර පොලීසියට හමුවී ඇත.

සිරස රූපවාහිනිය ප්‍රචාරය වන "රතු පිච්ච" ස්වාධින රුපවාහිනියෙන් විකාශය වන "මුතුමලි" හිරු ටිවී මඟින් ප්‍රචාරය වන "කවුරුන්ද ඔබ මගේ" ඇතුළු ටෙලිනාට්‍ය රැසක රගපාන මොහු ගීත රූප රචනා රැසකද සිය නිරූපණයන් ඉදිරිපත්කර ඇත.දක්ෂ නර්තන ශිල්පියකු වූ මොහු ලඟදීම තිරගතවීමට නියමිත "දේදුණු ආකාසේ" චිත්‍රපටයේ චරිතයක් නිරූපනය කොට ඇත.

සිය පෙම්වතිය හා විවාහ ගිවිස ගෙන සිටි ඔහු දිවි නසාගැනීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැත. නමුත් මෑත දිනයක ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි ඒ බවට ඉගි කෙරෙන සටහනක් තබා ඇත.

එස්.ටී.පී.සිල්වා

රාජකාරි කටයුතු නිදහසේ ඉටු කිරීමට නොහැකි නිසා තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව කොළඹ කොමර්ෂල් ‍පොහොර සමාගමේ සභාපති තුසිත හල්ලොලුව මහතා කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතාට අද (25)දැනුම් දී තිබේ.

අසාධාරණ ලෙස ටෙන්ඩර් සඳහා අනුමැතිය හා නව ව්‍යාපාර සඳහා සහාය ඉල්ලමින් දිගින් දිගටම එල්ල වන බලපෑම් නිසා සිය රාජකාරි කටයුතු කිරීමට අපහසු බව තුසිත හල්ලොලුව මහතා දුමින්ද දිසානායක මහතාට ලිපියක් යවමින් අවධාරණය කර ඇත. තම රාජකාරි කාල සීමාව තුළදී කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපෘතියක උදෑසන අහාර වේලක් සඳහා රුපියල් පහලොස් ලක්ෂ හත්සිය පනහක මුදලක් තමා යටතේ ඇති කොමර්ෂල් ‍පොහොර සමාගමෙන් ගෙවන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුණි. නීත්‍යානුකූල නොවූ එම ඉල්ලීම අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කළ අවස්ථාවේදී අධ්‍යක්ෂවරු තිදෙනෙකු ද එයට විරුද්ධ වූ බව එම ලිපියේ සඳහන් වේ. එසේ තිබියදී දුමින්ද දිසානායක ඇමැතිවරයා පෞද්ගලිකව මැදිහත් වී එම මුදල ගෙවන ලෙස ඉල්ලා සිටිය ද තමා එය ප්‍රතික්ෂේප කළ බව හල්ලොලුව මහතා ඇමැතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇත.

ජනවාරි 08 විප්ලවයේදී මේ රටේ ‍පොදු මහජනතාව ඉල්ලා සිටියේ දූෂණය, වංචාව නතර කර යහපාලනය රටතුළ තහවුරු කරන ලෙස බැවින් එම ඉල්ලීම ඇමැතිවරයාට අමතක වුව ද ජනතාවගේ ගැඹුරුම තැනින් මතු වූ එම ඉල්ලීම තමන්ට අමතක නැති බව තුසිත හල්ලොලුව මහතා යැවූ ලිපියේ සඳහන් විය.

ඒ අනුව සමස්ත සේවකයින් සහ ආයතනය අසීරුතාවට පත් වීම වැළැක්වීම සඳහා අද (25) සිට කොළඹ කොමර්ෂල් ‍පොහොර සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වූ බව ඒ මහතා යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

කමණී හෙට්ටිආරච්චි{jcomments on}

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1250

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 709

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4111

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2361

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4393

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5549

Please publish modules in offcanvas position.