Coss Ear2
lakbima.lk
COSS Ear 1

වත්මන් යහපාලන රජය මැතිවරණ කල්දැමීම ශ්‍රී ලංකා ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව සඳහන් කරමින් මැතිවරණ පැවැත්වීමට ශ්‍රී ලංකා රජයට බල කරනු ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිපියක් බාරදී ඇත.
ජීනීවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහා එහි ගිය ගෝලීය සංසදයේ නියෝජිත පිරිස එ.ජා. සංවිධානයේ මානව හිමිකම් කාර්යාලයට මේ ලිපිය බාරදී ඇත්තේ ඉකුත් 28 වැනිදාය. ගෝලීය සංසදය නියෝජනය කරමින් බෙංගමුවේ නාලක හිමි, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා හා වසන්ත කීර්තිරත්න යන මහත්මයින් මෙම ලිපිය ජිනීවා මානව හිමිකම් කාර්යාලයට භාරදී ඇත.
 
ජයසූරිය උඩුකුඹුර

නීති විරෝධී අන්දමින් ජීව උණ්ඩ තුනක් සන්තකයේ තබාගෙන සිටි බස්නාහිර පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පෙරේදා (30) දින සමත්විය. 
රත්මලාන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බව කියන මිලිමීටර් 3.8 වර්ගයේ පිස්තෝල උණ්ඩ තුනක් මන්ත්‍රීවරයා මෙලෙස සන්තකයේ තබාගෙන සිටි බව ‍පොලීසිය පවසයි. රත්මලාන ප්‍රදේශයේ ප්‍රබල මත්තුඩු ජාවාරම්කරුවකු බව කියන වැල්‍ලේ රතනපාල නමැත්තා පසුගියදා හෙරොයින් සමග ‍පොලීසියේ අත්අඩංගුවට පත්වූ අතර ඔහුගේ 13 හැවිරිදි පුත්‍රයාගේ ප්‍රකාශයක් මත ගිනි අවිය රත්මලාන වෙරළේ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් අතර රත්නපාල නමැත්තාගේ ප්‍රකාශයක් මත මෙම උණ්ඩ තුන මන්ත්‍රීවරයා සන්තකයේ තිබි ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් මෙම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණි. 
 
අමා ද සිල්වා - කඩුවෙල
 

මෙරට මැතිවරණ කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමෙන් රටට යහපතක් වන බව මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා හමුවේ පැවැසූහ.
එහිදී මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් අමාත්‍යවරයාට පැවැසුවේ මනාප ක්‍රමය අහෝසි වීමෙන් පක්ෂය තුළ ඇතිවන ගැටුම් අවම වන බවයි. දැනට සමහර පළාත්වල මන්ත්‍රීවරුන් නැති බවත් දොඩම්ගස්ලන්ද ප්‍රදේශයට වසර ගණනාවක් තිස්සේ මන්ත්‍රීවරයෙක් නැති බවත් මහා නාහිමියෝ පෙන්වා දුන්හ. මනාප ක්‍රමය අහෝසි වී කොට්ඨාස ක්‍රමයට ඡන්දය පැවැත්වීමෙන් ගමට වග කියන මන්ත්‍රීවරු පත්වන බවද මහා නාහිමියෝ කීහ.
එහිදී මල්වතු අනුනාහිමි දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් සඳහන් කළේ මෙම නව ව්‍යවස්ථාවෙන් රටට යම් අයහපතක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි. නව ව්‍යවස්ථාව පිළිබඳව ජනතාවගේ කැමැත්ත ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විම සුදුසු බවද උන්වහන්සේ කීහ. අනිවාර්යයෙන්ම කොට්ඨාස ක්‍රමයට ඡන්දය පැවැත්විය යුතු බවත් එසේ නොවන්නේ නම් මුදල් දී ඡන්දය ලබා ගන්නා බවද අනුනාහිමියෝ කීහ. නැතිනම් පවතින ක්‍රමය යටතේ දිනූ අපේක්ෂකයන් නීතිය අතට ගෙන වාහන පෙළපාළි යමින් මහා විනාශයක් කරන අතර වැටෙන පාවෙන ඡන්ද ගැනීමට එය කදිම අවස්ථාවක් බවද උන්වහන්සේ කීහ.
එහිදී මහා නාහිමියන් වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොට්ඨාස ක්‍රමය පිළිබඳව මේ දිනවල කතාබහ වන බවයි. කොට්ඨාස ක්‍රමය පැමිණි විට කවුරුන් හෝ කොට්ඨාසයට වගකිව යුතු අයෙක් ඡන්දයෙන් පත්වන බවද අමාත්‍යවරයා පැවැසීය. ඒ සඳහා අනවශ්‍ය මුදල් වියදම් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. සෑම අවස්ථාවකදීම මාධ්‍යයෙන් වැරදි ලෙස යම් යම් දේ ප්‍රකාශ කරන බවද පැවැසීය. 1978 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොහේවත් මනාප ක්‍රමයක් නැති බවත් 1978 ජේ. ආර්. ජයවර්ධන මහතා ගෙන ආ  ව්‍යවස්ථාවේ මනාප ක්‍රමයක් නැතැයිද හෙතෙම අවධාරණය කළේය. ජයවර්ධන මහතා මනාප ක්‍රමයක් ගෙන ආ බවට පැවැසීම අසත්‍ය කතාවක් බවද ඇමැතිවරයා කීය. 1978 ව්‍යවස්ථාවේ තිබුණේ පක්ෂයට දෙන ඡන්ද සංඛ්‍යාව අනුව පක්ෂ මහා ‍ලේකම්වරයා තීරණය කරනවා එක දෙක තුන කවුද කියලා. එවිට කිසිවකුට මුදල් භාවිත කර මන්ත්‍රීවරයෙක් වීමට නොහැකි යැයිද ඇමැතිවරයා පැවැසීය.
1988 සංශෝධනයක් ගෙන එන්නේ ඒ. සී. එස්. හමීඩ් මහතා සහ ලලිත් ඇතුළත්මුදලි මහතාත්, ප්‍රේමදාස ජනාධිපතිවරයාත් සිටි අවස්ථාවක බවද අමාත්‍යවරයා පැවැසීය. ජේ. ආර්. ජයවර්ධන මහතා මනාප ක්‍රමයක් ගෙන ආවා යැයි පැවැසුවත් එතුමා එලෙස මනාප ක්‍රමයක් ගෙන ආවේ නැතැයිද ඔහු සඳහන් කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම සඳහා ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ඇති බවත් මෙම අවස්ථාව ස්වර්ණමය අවස්ථාවක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ‍ලේකම් නීල් ද අල්විස් මහතා සහ මහනුවර දිස්ත්‍රික් ‍ලේකම් එච්. එම්. පී. හිටිසේකර මහතාද එක්ව සිටියහ.
 
ගයා වන්නිආරච්චි

කොළඹ ආනන්ද විද්‍යාලයේ වසර 23ක් පමණ ධර්මාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත‍්‍රපති පූජ්‍යපාද හබරකඩ ඉන්දරතන නාහිමියෝ අද (1)දහවල් අපවත්වූහ. අපවත්වන ව්ට උන් වහන්සේ 80වෙනි වියෙහි පසුවූහ. දේහය 2දා සවස 3වනතුරු හෝකන්දර සිංහපුර විජයානන්ද ධර්මායතනයේ තැන්පත් කර තැබෙන අතර ඉන්පසුව දේහය ගාල්ල හබරකඩ විජයානන්ද පිර්වෙනට වැඩම කෙරේ.

ඉන්ද්‍රරතන නාහිමියෝ කොළඹ විද්යෝදය පිරිවෙනේ ආදි ශිෂ්‍යයෙකි. ආදාහන පූජෝත්සවය පිළිබදව පසුව දැනුම් දෙනු ලැබේ.

වැඩිදුර විස්තර සඳහා විමසන්න - දිවියාගහ යසස්සී නාහිමි 0178163012

මහනුවර මහාරෝහලේ දෙවන හදවත් සැත්කම සිදුකළ සචිනි සෙව්වන්දි මෙනවිය ඊයේ (30)දහවල් මහනුවර මහා රෝහලේ දැඩිසත්කාර ඒකකයේදි මියගියාය.

මෙම ඇයගේ හදවතේ ක‍්‍රීයාකාරිත්වය සියයට දහය දක්වා අඩුවි තිබු අතර ඒ නිසාම දැරියගේ හදවත් සැත්කම සිදුකළේ 26වන දින රාත‍්‍රීයේදිය. 27වන දින අලූයම වනතෙක් සිදුකළ මෙම සැත්කමට වෛද්‍ය වරුන් සහ කාර්ය මණ්ඩලය විසිදෙනෙකු පමණ සහභාගි වුහ. මෙම දැරියට සිදුකිරිමට නියමිතව තිබු පළමු සැත්කම වෛද්‍ය උපකරණ වල අඩුපාඩුවක් නිසා අතහැර දැමු අතර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් එම අත්‍යාවශ්‍ය උපකරණ ලබා දිමෙන් පසුව ඇයට හදවත් සැත්කම සිදුකෙරිණ. ඒ සඳහා ඥාතින්ගේ කැමැත්ත මත හදවතක් ලබාගත්තේ තලාතුඔය කපුලියද්දේ පදිංචිව සිට යතුරුපැදි අනතුරකින් හිසට බරපතල තුවාළ ලබා මොළය අකර්මණය වු නලින්ද බණ්ඩාර නම් 29හැවිරිදි තරුණයෙකුගෙනි.

දින දෙකක් යනතෙක් මෙම තරුණියගේ තත්ත්වය සුව අතට හැරෙමින් තිබු අතර එක්වරම තරුණිය අසාධ්‍ය තත්වයට පත්ව මියගොස් ඇත. ඇගේ දේහය පිලිබඳව පශ්චාත් මරණ පරික්ෂණය සිදුකර මරණයට හේතුව සෙවිම සඳහා දේහයේ කොටස් රජයේ වෛද්‍ය අයතනය වෙත යොමුකර තිබේ.

දැරියගේ අවසන් කටයුතු ලබන බදාදා (04)දින අලූත්ගම සුසාන භූමියේදි සිදුකිරිමට නියමිතය.

ගයා වන්නිආරච්චි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ නඩුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා නිශ්ප්‍රභ කළේය. පැමිණිලිකරුවන්ට එම නඩුව පත්වාගෙන යාමට නීතිමය අයිතියක් නැති බවට විත්තියේ නීතිඥයන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගත් දිසාවිනිසුරුවරයා එම නඩුව නිශ්ප්‍රභ කළේය.
බොරලැස්ගමුව නගර සභාවේ හිටපු නගරාධිපති අරුණ ප්‍රියශාන්ත හා එම නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී අසංක ශ්‍රීනාත් යන මහත්වරු විසින් ගොනුකර තිබූ එම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ‍ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, එහි වත්මන් මහ‍ලේකම් දුමින්ද දිසානායක මහතා හා මැතිවරණ කොමසාරිස්වරයා නම්කර තිබිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත් කරමින් එහි මහ‍ලේකම් අනුර ප්‍රියදර්ශන මහතා විසින් නිකුත් කරන ලද ලිපිය බල රහිත කරන ලෙසද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

 නිශාන්ති රාමනායක

ලංකාවට අත්‍යවශ්‍ය වන්නා වූ ඖෂධ සියල්ලක්ම 2020 වසර වනවිට මෙහි නිෂ්පාදනය කරගත හැකි වනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර මහතා පවසයි.
එසේම මෙරට නිෂ්පාදනය කරන්නාවූ ප්‍රතිජීවක ඖෂධ යුරෝපා රටවලට යැවීමේ විශේෂ වැඩපිළිවෙළක්ද 2020 වනවිට ආරම්භ කරන බවද වෛද්‍ය සමරසුන්දර මහතා තවදුරටත් පවසයි.මෙම ඖෂධ මෙරට පෞද්ගලික අංශය මගින් නිෂ්පාදනය කරන අතර රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් නිෂ්පාදනය කරන බවද සභාපතිවරයා පැවැසීය.
මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා වෘත්තීය පුහුණු ආයතනයක් ලබන වසරේදී බුලත්සිංහල ප්‍රදේශයේ ඉදිකිරීමට බලා‍පොරොත්තු වන බවත් ඒ සඳහා පාසල් හැරයන සිසුන් බඳවා ගැනීමට කටයුතු කරන බවත් වෛද්‍ය සමරසුන්දර මහතා තවදුරටත් කීය.

ශ්‍රියාණි විජේසිංහ

සයිටම් අර්බුදය සඳහා නිසි විසඳුමක් ලබාදීම තව දුරටත් ප්‍රමාද කළහොත් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊයේ (28) පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යමකාරක සභා රැස්වීමක දී ඔවුන් මෙම තීරණයට එළබ ඇත.

එමෙන්ම වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථානමාරු ක්‍රියාවලියේ පවතින අකාර්යක්ෂම තාවය පිළිබඳව විරෝධය පළ කිරීමටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා සමඟ හදිසි රැස්වීමක් ලබා ගැනීමට ද මෙහිදී තිරණය කර ඇත.

ඊයේ රාත්‍රී (28) අම්පාර උහන මාර්ග‍යේ කරංගාව ප්‍රදේශයේ දී දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ගමන් ගත් මෝටර් රථය යතුරු පැදියක ගැටීමෙන් එක් අයෙක් මියගොස් ඇත.

යතුරුපැදියේ ගමන් කළ අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා මේ වන විට අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුර සිදුවන අවස්ථාවේ විමලවීර දිසානායක මන්ත්‍රීවරයා , නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී පී.වීරසිංහ මන්ත්‍රීවරයාත් රථයේ සිට ඇති අතර ඔවුන්ට හානියක් සිදුවී නැත.

සිද්ධිය පිලිබඳව අම්පාර මූලස්ථාන පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන අතර රියදුරු සහ වාහනය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සමන් මානික්කආරච්චි  - අම්පාර{jcomments on}

 

අද (29) දිනය තුළ පුත්තලම - මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වාත් අම්බලන්තොට පොතුවිල් හරහා කල්මුනේ දක්වාත් වෙරළ තීරය අවට ‍මුහුද රළු ස්වභාවයක් ගනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 -70 දක්වා ඉහළ නැංවිය හැකි බැවින් මුහුදුයාමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ධීවරයන් හට දැනුම් දෙයි.{jcomments on}

 

 

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 690

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1264

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1098

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 846

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5530

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3648

Please publish modules in offcanvas position.