Coss Ear2
lakbima.lk
COSS Ear 1

මහනුවර මහාරෝහලේ දෙවන හදවත් සැත්කම සිදුකළ සචිනි සෙව්වන්දි මෙනවිය ඊයේ (30)දහවල් මහනුවර මහා රෝහලේ දැඩිසත්කාර ඒකකයේදි මියගියාය.

මෙම ඇයගේ හදවතේ ක‍්‍රීයාකාරිත්වය සියයට දහය දක්වා අඩුවි තිබු අතර ඒ නිසාම දැරියගේ හදවත් සැත්කම සිදුකළේ 26වන දින රාත‍්‍රීයේදිය. 27වන දින අලූයම වනතෙක් සිදුකළ මෙම සැත්කමට වෛද්‍ය වරුන් සහ කාර්ය මණ්ඩලය විසිදෙනෙකු පමණ සහභාගි වුහ. මෙම දැරියට සිදුකිරිමට නියමිතව තිබු පළමු සැත්කම වෛද්‍ය උපකරණ වල අඩුපාඩුවක් නිසා අතහැර දැමු අතර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් එම අත්‍යාවශ්‍ය උපකරණ ලබා දිමෙන් පසුව ඇයට හදවත් සැත්කම සිදුකෙරිණ. ඒ සඳහා ඥාතින්ගේ කැමැත්ත මත හදවතක් ලබාගත්තේ තලාතුඔය කපුලියද්දේ පදිංචිව සිට යතුරුපැදි අනතුරකින් හිසට බරපතල තුවාළ ලබා මොළය අකර්මණය වු නලින්ද බණ්ඩාර නම් 29හැවිරිදි තරුණයෙකුගෙනි.

දින දෙකක් යනතෙක් මෙම තරුණියගේ තත්ත්වය සුව අතට හැරෙමින් තිබු අතර එක්වරම තරුණිය අසාධ්‍ය තත්වයට පත්ව මියගොස් ඇත. ඇගේ දේහය පිලිබඳව පශ්චාත් මරණ පරික්ෂණය සිදුකර මරණයට හේතුව සෙවිම සඳහා දේහයේ කොටස් රජයේ වෛද්‍ය අයතනය වෙත යොමුකර තිබේ.

දැරියගේ අවසන් කටයුතු ලබන බදාදා (04)දින අලූත්ගම සුසාන භූමියේදි සිදුකිරිමට නියමිතය.

ගයා වන්නිආරච්චි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ නඩුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා නිශ්ප්‍රභ කළේය. පැමිණිලිකරුවන්ට එම නඩුව පත්වාගෙන යාමට නීතිමය අයිතියක් නැති බවට විත්තියේ නීතිඥයන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගත් දිසාවිනිසුරුවරයා එම නඩුව නිශ්ප්‍රභ කළේය.
බොරලැස්ගමුව නගර සභාවේ හිටපු නගරාධිපති අරුණ ප්‍රියශාන්ත හා එම නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී අසංක ශ්‍රීනාත් යන මහත්වරු විසින් ගොනුකර තිබූ එම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ‍ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, එහි වත්මන් මහ‍ලේකම් දුමින්ද දිසානායක මහතා හා මැතිවරණ කොමසාරිස්වරයා නම්කර තිබිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත් කරමින් එහි මහ‍ලේකම් අනුර ප්‍රියදර්ශන මහතා විසින් නිකුත් කරන ලද ලිපිය බල රහිත කරන ලෙසද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

 නිශාන්ති රාමනායක

ලංකාවට අත්‍යවශ්‍ය වන්නා වූ ඖෂධ සියල්ලක්ම 2020 වසර වනවිට මෙහි නිෂ්පාදනය කරගත හැකි වනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර මහතා පවසයි.
එසේම මෙරට නිෂ්පාදනය කරන්නාවූ ප්‍රතිජීවක ඖෂධ යුරෝපා රටවලට යැවීමේ විශේෂ වැඩපිළිවෙළක්ද 2020 වනවිට ආරම්භ කරන බවද වෛද්‍ය සමරසුන්දර මහතා තවදුරටත් පවසයි.මෙම ඖෂධ මෙරට පෞද්ගලික අංශය මගින් නිෂ්පාදනය කරන අතර රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් නිෂ්පාදනය කරන බවද සභාපතිවරයා පැවැසීය.
මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා වෘත්තීය පුහුණු ආයතනයක් ලබන වසරේදී බුලත්සිංහල ප්‍රදේශයේ ඉදිකිරීමට බලා‍පොරොත්තු වන බවත් ඒ සඳහා පාසල් හැරයන සිසුන් බඳවා ගැනීමට කටයුතු කරන බවත් වෛද්‍ය සමරසුන්දර මහතා තවදුරටත් කීය.

ශ්‍රියාණි විජේසිංහ

සයිටම් අර්බුදය සඳහා නිසි විසඳුමක් ලබාදීම තව දුරටත් ප්‍රමාද කළහොත් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊයේ (28) පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යමකාරක සභා රැස්වීමක දී ඔවුන් මෙම තීරණයට එළබ ඇත.

එමෙන්ම වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථානමාරු ක්‍රියාවලියේ පවතින අකාර්යක්ෂම තාවය පිළිබඳව විරෝධය පළ කිරීමටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා සමඟ හදිසි රැස්වීමක් ලබා ගැනීමට ද මෙහිදී තිරණය කර ඇත.

ඊයේ රාත්‍රී (28) අම්පාර උහන මාර්ග‍යේ කරංගාව ප්‍රදේශයේ දී දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ගමන් ගත් මෝටර් රථය යතුරු පැදියක ගැටීමෙන් එක් අයෙක් මියගොස් ඇත.

යතුරුපැදියේ ගමන් කළ අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා මේ වන විට අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුර සිදුවන අවස්ථාවේ විමලවීර දිසානායක මන්ත්‍රීවරයා , නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී පී.වීරසිංහ මන්ත්‍රීවරයාත් රථයේ සිට ඇති අතර ඔවුන්ට හානියක් සිදුවී නැත.

සිද්ධිය පිලිබඳව අම්පාර මූලස්ථාන පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන අතර රියදුරු සහ වාහනය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සමන් මානික්කආරච්චි  - අම්පාර{jcomments on}

 

අද (29) දිනය තුළ පුත්තලම - මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වාත් අම්බලන්තොට පොතුවිල් හරහා කල්මුනේ දක්වාත් වෙරළ තීරය අවට ‍මුහුද රළු ස්වභාවයක් ගනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 -70 දක්වා ඉහළ නැංවිය හැකි බැවින් මුහුදුයාමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ධීවරයන් හට දැනුම් දෙයි.{jcomments on}

 

 

ගලේවෙල නගරය තුළ 100 කට ආසන්න එළ ගවයන් රංචුවක් අයාලේ යන අන්දම සුලභ දසුනක් බවට පත්ව ඇත.

ගලේවෙල නගරය හරහා වැටී ඇති කොළඹ - ත්‍රිකුණාමලය මාර්ගයේ මෙම ගව රංචුව නිතර ගැවසීම නිසා එහි ධාවනය වන වාහනවලට දැඩි බාධා එල්ලවී ඇත. නිසා රිය අනතුරුද සිදුවන බව වාර්තාවේ. පදික වේදිකාවේ ගමන් ගන්නා මගීන්ටද ඊට නොදෙවෙනි බාධා මතුවී ඇත. අයිතිකරුවන් මෙම ගවයන් නිදැල්ලේ යැවීම පුරුද්දක් ලෙස කරන බවට නගරවාසීහු චෝදනා කරති.

රාත්‍රී කාලයේදී තම වෙලඳ සැල් ඉදිරිපිට අපද්‍රව්‍ය දමා අපිරිසිදු කරන බව වෙළෙන්දෝ පවසති.  සමාජයට ඉතා කරදරයක්ව ඇති මෙම ගව රංචුව ඉවත් කිරීමට බලධාරීන් මෙතෙක් ක්‍රියා මාර්ගයක් ගෙන නැති බව ව්‍යාපාරිකයෝ හා නගරවාසීහු චෝදනා කරති.

එම නිසා මෙම ගව රංචුව ගැන වහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඔවුහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ගලේවෙල  - ප.ගෙ.ගුණතිලක  {jcomments on}
 

බස්නාහිර පළාතේ සියලුම ගොඩනැගිලිවල පවතින වැහි පීලි ඉවත් කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කරන්නැයි අදාළ අංශවලට දැනුම් දීමට බස්නාහිර පළාත් ඩෙංගු සමායෝජන කමිටුව තීරණය කර ඇත.
මෙසේ නෛතික අවසර ලබාගත් පසු කොළඹ නගර සභාවේ ගොඩනැගිලි ඉංජිනේරු අංශය වෙත වැහි පීලි ඉවත් කිරීමේ හා අලුතින් ඉදිකරන ගොඩනැගිලි සඳහා වැහිපීලී භාවිත නොකරන ලෙස උපදෙස් දීමේ අයිතිය පැවැරෙනු ඇත.
කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ මේ දිනවල පවතින කඩින් කඩ වර්ෂාව හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි ප්‍රවණතාවයක් ගොඩනැගී ඇති බැවින් යැයි බස්නාහිර පළාතේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා සඳහන් කළේය.
කරන ලද පරීක්ෂා කිරීම්වලදී බස්නාහිර පළාතේ ගොඩනැගිලිවලින් සියයට 50කට ආසන්න ප්‍රමාණයක වැහිපීලීවල මදුරු කීටයන් දක්නට ලැබුණු බවත් මේ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ මදුරු ඝනත්වය බ්‍රිටෝ දර්ශකය ඉහළ යමින් පවතින බවත් වෛද්‍ය සමරනායක මහතා පැවැසීය.
මේ වසරේ ගත වූ මාස 9ක කාලය පුරා ඩෙංගු රෝගීන් 155715ක් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් රෝගීන් 25676ක් හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ශ්‍රියානි විජේසිංහ

ඇල්පිටිය අවිත්තාව මාර්ගයේ ගනේගොඩ වලහේන ප්‍රදේශයේදී පාසල් ළමුන් දහතුනක් ප්‍රවාහනය කරමින්  තිබූ ත්‍රිරෝද රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහදෙනාම තුවාල ලබා ඇති අතර ත්‍රිරෝද රථයේ රියැදුරාද තුවාල ලබා මේ වන විට ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
පාසල් ළමුන් තිදෙනකුගේ සහ රියැදුරුගේ තත්ත්වය බරපතළ බැවින් ගාල්ල කරාපිටිය මහ රෝහලට මාරුකර යවා ඇත. මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ 5,6,7 ශ්‍රේණිවල දරුවන්ය.මෙම ත්‍රිරෝද රථයේ ප්‍රමාණය ඉක්මවා ළමුන් ප්‍රවාහනය කර ඇති අතර ත්‍රිරෝද රථය ටිපර් රථයේ ගැටීමත් සමග මෙම අනතුර සිදුවී ඇත.ඇල්පිටිය ‍පොලීසිය පරීක්ෂණ පවත්වයි.

ඇල්පිටියේ විජේසිංහ සූරියාරච්චි

උතුරු හා නැගෙනහිර පළාත්වල ස්ථාපිත කොට ඇති යුද හමුදා කඳවුරු වත්මන් වාතාවරණය අනුව කඩිනමින් ඉවත් කර ගැනීම සුදුසු නොවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රකාශ කළේය.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසන පරිදි එක් ලක්ෂ අසූදහසක යුද හට පිරිසක් උතුරේ නොමැති බවත් සිටින සෙබළ සංඛ්‍යාව රටේ අවශ්‍යතාව අනුව එහි රඳවා තැබිය යුතු බවත් මහනුවරදී පැවැති මාධ්‍ය හමුවේදී යුද හමුදාපතිවරයා කීවේය.
ඔක්තෝබර් 10 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ සංවත්සර සැමරුම් දිනය නිමිත්තෙන් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත යුද හමුදාවේ ධජ පූජා කිරීම නිමිත්තෙන් පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය හමුවේ ඒ මහතා මේ බව පැවැසීය.
දකුණේ ජනතාව පිළිබඳ අවබෝධයක් ගැනීමට, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මහනුවරට පැමිණීම සතුටු වන බව කී ඒ මහතා රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ජනාධිපතිවරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන්, නාවුක හමුදා, ශ්‍රී ලංකා ‍පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය වැනි ආයතනවලට පැවැරෙන බැවින් ඒ ඒ ආයතන අදාළ පරිදි තීන්දු තීරණ ගන්නා බව කීවේය.
දේශපාලනයේදී විවිධ අදහස් පළ කළ හැකි නමුත් රටේ ජාතික හා රාජ්‍ය ආරක්ෂාවේදී රාජ්‍ය මට්ටමින් තීන්දු ගැනීමට සිදුවන බව කී ඒ මහතා මෙසේද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ බලපරාක්‍රමය පිළිබඳ තොරතුරු වසන් කිරීමට හැකියාවක් නැහැ. රාජ්‍ය ආයතනයක් වන බැවින් වැටුප් ගෙවීමේදී ඒ තොරතුරු මහා භාණ්ඩාගාරය හා ආරක්ෂක අමාත්‍යාංශය තුළ සඳහන්ව තිබෙනවා. නමුත් උතුර හා නැගෙනහිර එක් ලක්ෂ අසූදහසක භට පිරිසක් නැහැ.
රටේ ආරක්ෂාව පිළිබඳව කළ විශ්‍ලේෂණය අනුවයි මෙම භට පිරිස් උතුර හා නැගෙනහිර යොදවා තිබෙන්නේ. අද පවතින තත්ත්වය අනුව එම භට පිරිස් එහි ස්ථාපිත කර තැබිම සාධාරණයි. අපි සටන් කළේ සාමාන්‍ය ජනතාව සමග නොව ත්‍රස්තවාදීන් සමගයි.
යුද්ධයෙන් අනතුරුවත් උතුර හා නැගෙනහිර සංවර්ධනය සඳහා විශාල සේවයක් හමුදාව කරනවා.
යුද හමුදාවෙන් පැන ගොස් අත්අඩංගුවට පත් වූ සෙබළුන් පිරිසක් යළි යුද හමුදා සේවයට එක්වන බවත් අනෙක් පිරිස ඉන් විශ්‍රාම ගන්වන බවත් කී ඒ මහතා යුද හමුදා සෙබළුන් විනය ගරුක වන බවත්, යාපනයේ විද්‍යා දැරිය දූෂණය පිළිබඳ යුද හමුදාවට චෝදනා එල්ල කිරීම සිදුවූවත් එවැන්නක් සිදුව ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ යුද හමුදාව බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
ශ්‍රී දළදා මාලිගාව වෙනුවෙන් මූල්‍යාධාරයන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත පරිත්‍යාග කිරීම යුද හමුදාපතිවරයා අතින් එහිදී සිදුවිය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1950

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1054

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5009

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2881

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4962

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6181

Please publish modules in offcanvas position.