Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඊයේ රාත්‍රී (28) අම්පාර උහන මාර්ග‍යේ කරංගාව ප්‍රදේශයේ දී දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ගමන් ගත් මෝටර් රථය යතුරු පැදියක ගැටීමෙන් එක් අයෙක් මියගොස් ඇත.

යතුරුපැදියේ ගමන් කළ අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා මේ වන විට අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුර සිදුවන අවස්ථාවේ විමලවීර දිසානායක මන්ත්‍රීවරයා , නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී පී.වීරසිංහ මන්ත්‍රීවරයාත් රථයේ සිට ඇති අතර ඔවුන්ට හානියක් සිදුවී නැත.

සිද්ධිය පිලිබඳව අම්පාර මූලස්ථාන පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන අතර රියදුරු සහ වාහනය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සමන් මානික්කආරච්චි  - අම්පාර{jcomments on}

 

අද (29) දිනය තුළ පුත්තලම - මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වාත් අම්බලන්තොට පොතුවිල් හරහා කල්මුනේ දක්වාත් වෙරළ තීරය අවට ‍මුහුද රළු ස්වභාවයක් ගනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 -70 දක්වා ඉහළ නැංවිය හැකි බැවින් මුහුදුයාමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ධීවරයන් හට දැනුම් දෙයි.{jcomments on}

 

 

ගලේවෙල නගරය තුළ 100 කට ආසන්න එළ ගවයන් රංචුවක් අයාලේ යන අන්දම සුලභ දසුනක් බවට පත්ව ඇත.

ගලේවෙල නගරය හරහා වැටී ඇති කොළඹ - ත්‍රිකුණාමලය මාර්ගයේ මෙම ගව රංචුව නිතර ගැවසීම නිසා එහි ධාවනය වන වාහනවලට දැඩි බාධා එල්ලවී ඇත. නිසා රිය අනතුරුද සිදුවන බව වාර්තාවේ. පදික වේදිකාවේ ගමන් ගන්නා මගීන්ටද ඊට නොදෙවෙනි බාධා මතුවී ඇත. අයිතිකරුවන් මෙම ගවයන් නිදැල්ලේ යැවීම පුරුද්දක් ලෙස කරන බවට නගරවාසීහු චෝදනා කරති.

රාත්‍රී කාලයේදී තම වෙලඳ සැල් ඉදිරිපිට අපද්‍රව්‍ය දමා අපිරිසිදු කරන බව වෙළෙන්දෝ පවසති.  සමාජයට ඉතා කරදරයක්ව ඇති මෙම ගව රංචුව ඉවත් කිරීමට බලධාරීන් මෙතෙක් ක්‍රියා මාර්ගයක් ගෙන නැති බව ව්‍යාපාරිකයෝ හා නගරවාසීහු චෝදනා කරති.

එම නිසා මෙම ගව රංචුව ගැන වහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඔවුහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ගලේවෙල  - ප.ගෙ.ගුණතිලක  {jcomments on}
 

බස්නාහිර පළාතේ සියලුම ගොඩනැගිලිවල පවතින වැහි පීලි ඉවත් කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කරන්නැයි අදාළ අංශවලට දැනුම් දීමට බස්නාහිර පළාත් ඩෙංගු සමායෝජන කමිටුව තීරණය කර ඇත.
මෙසේ නෛතික අවසර ලබාගත් පසු කොළඹ නගර සභාවේ ගොඩනැගිලි ඉංජිනේරු අංශය වෙත වැහි පීලි ඉවත් කිරීමේ හා අලුතින් ඉදිකරන ගොඩනැගිලි සඳහා වැහිපීලී භාවිත නොකරන ලෙස උපදෙස් දීමේ අයිතිය පැවැරෙනු ඇත.
කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ මේ දිනවල පවතින කඩින් කඩ වර්ෂාව හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි ප්‍රවණතාවයක් ගොඩනැගී ඇති බැවින් යැයි බස්නාහිර පළාතේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා සඳහන් කළේය.
කරන ලද පරීක්ෂා කිරීම්වලදී බස්නාහිර පළාතේ ගොඩනැගිලිවලින් සියයට 50කට ආසන්න ප්‍රමාණයක වැහිපීලීවල මදුරු කීටයන් දක්නට ලැබුණු බවත් මේ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ මදුරු ඝනත්වය බ්‍රිටෝ දර්ශකය ඉහළ යමින් පවතින බවත් වෛද්‍ය සමරනායක මහතා පැවැසීය.
මේ වසරේ ගත වූ මාස 9ක කාලය පුරා ඩෙංගු රෝගීන් 155715ක් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් රෝගීන් 25676ක් හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ශ්‍රියානි විජේසිංහ

ඇල්පිටිය අවිත්තාව මාර්ගයේ ගනේගොඩ වලහේන ප්‍රදේශයේදී පාසල් ළමුන් දහතුනක් ප්‍රවාහනය කරමින්  තිබූ ත්‍රිරෝද රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහදෙනාම තුවාල ලබා ඇති අතර ත්‍රිරෝද රථයේ රියැදුරාද තුවාල ලබා මේ වන විට ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
පාසල් ළමුන් තිදෙනකුගේ සහ රියැදුරුගේ තත්ත්වය බරපතළ බැවින් ගාල්ල කරාපිටිය මහ රෝහලට මාරුකර යවා ඇත. මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ 5,6,7 ශ්‍රේණිවල දරුවන්ය.මෙම ත්‍රිරෝද රථයේ ප්‍රමාණය ඉක්මවා ළමුන් ප්‍රවාහනය කර ඇති අතර ත්‍රිරෝද රථය ටිපර් රථයේ ගැටීමත් සමග මෙම අනතුර සිදුවී ඇත.ඇල්පිටිය ‍පොලීසිය පරීක්ෂණ පවත්වයි.

ඇල්පිටියේ විජේසිංහ සූරියාරච්චි

උතුරු හා නැගෙනහිර පළාත්වල ස්ථාපිත කොට ඇති යුද හමුදා කඳවුරු වත්මන් වාතාවරණය අනුව කඩිනමින් ඉවත් කර ගැනීම සුදුසු නොවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රකාශ කළේය.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසන පරිදි එක් ලක්ෂ අසූදහසක යුද හට පිරිසක් උතුරේ නොමැති බවත් සිටින සෙබළ සංඛ්‍යාව රටේ අවශ්‍යතාව අනුව එහි රඳවා තැබිය යුතු බවත් මහනුවරදී පැවැති මාධ්‍ය හමුවේදී යුද හමුදාපතිවරයා කීවේය.
ඔක්තෝබර් 10 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ සංවත්සර සැමරුම් දිනය නිමිත්තෙන් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත යුද හමුදාවේ ධජ පූජා කිරීම නිමිත්තෙන් පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය හමුවේ ඒ මහතා මේ බව පැවැසීය.
දකුණේ ජනතාව පිළිබඳ අවබෝධයක් ගැනීමට, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මහනුවරට පැමිණීම සතුටු වන බව කී ඒ මහතා රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ජනාධිපතිවරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන්, නාවුක හමුදා, ශ්‍රී ලංකා ‍පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය වැනි ආයතනවලට පැවැරෙන බැවින් ඒ ඒ ආයතන අදාළ පරිදි තීන්දු තීරණ ගන්නා බව කීවේය.
දේශපාලනයේදී විවිධ අදහස් පළ කළ හැකි නමුත් රටේ ජාතික හා රාජ්‍ය ආරක්ෂාවේදී රාජ්‍ය මට්ටමින් තීන්දු ගැනීමට සිදුවන බව කී ඒ මහතා මෙසේද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ බලපරාක්‍රමය පිළිබඳ තොරතුරු වසන් කිරීමට හැකියාවක් නැහැ. රාජ්‍ය ආයතනයක් වන බැවින් වැටුප් ගෙවීමේදී ඒ තොරතුරු මහා භාණ්ඩාගාරය හා ආරක්ෂක අමාත්‍යාංශය තුළ සඳහන්ව තිබෙනවා. නමුත් උතුර හා නැගෙනහිර එක් ලක්ෂ අසූදහසක භට පිරිසක් නැහැ.
රටේ ආරක්ෂාව පිළිබඳව කළ විශ්‍ලේෂණය අනුවයි මෙම භට පිරිස් උතුර හා නැගෙනහිර යොදවා තිබෙන්නේ. අද පවතින තත්ත්වය අනුව එම භට පිරිස් එහි ස්ථාපිත කර තැබිම සාධාරණයි. අපි සටන් කළේ සාමාන්‍ය ජනතාව සමග නොව ත්‍රස්තවාදීන් සමගයි.
යුද්ධයෙන් අනතුරුවත් උතුර හා නැගෙනහිර සංවර්ධනය සඳහා විශාල සේවයක් හමුදාව කරනවා.
යුද හමුදාවෙන් පැන ගොස් අත්අඩංගුවට පත් වූ සෙබළුන් පිරිසක් යළි යුද හමුදා සේවයට එක්වන බවත් අනෙක් පිරිස ඉන් විශ්‍රාම ගන්වන බවත් කී ඒ මහතා යුද හමුදා සෙබළුන් විනය ගරුක වන බවත්, යාපනයේ විද්‍යා දැරිය දූෂණය පිළිබඳ යුද හමුදාවට චෝදනා එල්ල කිරීම සිදුවූවත් එවැන්නක් සිදුව ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ යුද හමුදාව බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
ශ්‍රී දළදා මාලිගාව වෙනුවෙන් මූල්‍යාධාරයන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත පරිත්‍යාග කිරීම යුද හමුදාපතිවරයා අතින් එහිදී සිදුවිය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

රාජ්‍ය පරිපාලන සේවයේ විවෘත තරග විභාගයේ බුද්ධි පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රය අවලංගු කොට නැවත ඒ සඳහා විභාගයක් පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්. එන්.ජේ. පුෂ්පකුමාර මහතාට නියෝග කළේය.
පසුගිය දා පැවැති එම විභාගයේ ප්‍රශ්න පත්‍ර 5 අතරින් බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ අඩංගු වූ ප්‍රශ්න කිහිපයක් පසුගිය ප්‍රශ්න පත්‍ර කිහිපයකින් උපුටා ගත් බවට තොරතුරු ලැබි තිබූ අතර ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඇමැතිවරයා, විභාග කොමසාරිස්වරයාට දැනුම් දී තිබිණි.
ඒ අනුව අදාළ විමර්ශන වාර්තාවද සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත. එමෙන්ම මීට අදාළ ප්‍රශ්න පත්‍රය සකස් කළ බාහිර විද්වතුන්ගෙන් සමන්විත ප්‍රශ්න පත්‍ර ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා දී ඇත.

ගයාත්‍රි ගීගනආරච්චි

 

පාර්ලිමේන්තු  කාරක සභා අවස්ථාවේදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට එකතු කරන ලද සංශෝධන  ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම්  නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
එකී සංශෝධන නිසා තමන් ඇතුළු රටවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නිගමනයක් කරනා ලෙසට ද තමන් විසින් පෞද්ගලිකව ගොනු කරන ලද එම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් හිටපු අගවිනිසුරුවරයා
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි. පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී 2017.9.20 වැනිදා එක්කරන ලද එකී සංශෝධන නිසා රජයට තම අභිමතය පරිදි  පළාත් සභා මැතිවරණය කල් දැමීමට රජයට අසීමිත ලෙස ඉඩ ප්‍රස්ථා විවර වන බවත් පෙන්වා දී තිබූ හිටපු අගවිනිසුරුවරයා එය ඉතා අහිතකර තත්ත්වයක් බවටද පෙන්වා දී තිබුණි.
නීතිපතිවරයා, කථානායකවරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා  ඇතුළු කමිටු  සාමාජිකයින් එම මූලික අයිතිවාසිකම්  පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබුණි.

නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

එල් පී ගෑස් සිලින්ඩරයක මිල රු.110කින් ඉහළයාමත් සමඟ තේ කෝප්පයක මිල රු.20 දක්වාත් කිරි තේ කෝප්පයක මිල රු.40 දක්වාත් මාළු කෑම පාර්සලයක මිල රු.130 දක්වාත් ආප්පයක මිල රු.15 දක්වාත් වැඩිකළ යුතු බවට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පළකරන අදහස කෙසේ වත් පිළිගත නොහැකි යයි පාරිභෝගික සුරැකීම් සංවිධානය ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකුම් සංවිධානයේ ලේකම් වෛද්‍ය සුගත් විජේවර්ධන මහතා ප්‍රකාශ කරනුයේ ඉහත සඳහන් මිල වැඩිකිරීමේ යෝජනාවලිය විධිමත් ගණන් බැලීම්වලට අනුව සලකන විට විහිළු සහගත එකක් බවය.රුපියල් 110කින් ඉහළගිය  ගෑස් මිල මුල් කොට ආප්පයක මිල රු5කින් වැඩිකරන්නේ නම් ගෑස් සිලින්ඩරයකින් පිසිය හැක්කේ ආප්ප 22ක් පමණක් විය යුතු යැයි පෙන්වාදෙන ඒ මහතා ගෑස් මිල ඉහළ යෑමේ මුවාවෙන් මෙවන් ප්‍රෝඩාකාරී යෝජනා සමාජගත කිරීම බුද්ධිමත් ජනතාවගේ කළකිරිමට හේතුවන බව පැවසීය.
ඒ අනුව මෙරට පාරිභෝගිකයන් ආපනශාලා වලින් ආහාර ගැනීම කෙරෙහි  පසුබෑමක් පවා ඇති විය හැකි බව පෙන්වා දෙන ඔහු මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට සාධාරණයක් ඉටු කරනු පිණිස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරීය වහා මැදිහත් විය යුතු යැයි පෙන්වා දෙයි.

එස්.ටී.පි.සිල්වා

පළාත් සභා සංශෝධන පනත්කෙටුම්පතට එරෙහිව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඇත.

මෙම පනත පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක් වූ වකි.

 

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 510

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 231

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3181

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1785

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3771

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4860

Please publish modules in offcanvas position.