Coss Ear2
lakbima.lk
COSS Ear 1

ගලෙන්බිදුණුවැව දුටුවැව ප්‍රදේශයේ 57හැවිරිදි අවිවාහක කාන්තාවකගේ නිවසට අද(7) අලුයම ඇතුළුවීමට තැත් කළ පෙදරේරුවකු (39) ඇය විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් මිය ගොස් ඇත.

සිද්ධියෙන් පසු එම කාන්තාව පොලිසියට භාර වී ඇති අතර ඇය කියා ඇත්තේ ඔහු තමන් දූෂණය කිරීමට සැරසෙන විට ආත්මාරක්ෂාව තකා එම පොරෝ පහර එල්ල කළ බවය.

ඇය අද මහේස්ත්‍රාත් අධිකරණයට එදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

බරපතල වංචා, දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නේ නම්, බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වන පරිදි ඊට සම්බන්ධ වරදකරුවන්ගේද ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් බරපතල අර්බුදවලට මුහුණ දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනඥයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට කිසිසේත්ම සහයෝගය නොදෙන බව ද ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (07) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේ ය.

මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ මූල්‍ය අපරාධ චෝදනා බැවින් දඬුවම් ලැබෙන්නේ ඒ අනුව බව සඳහන් කළ ඇමැතිවරයා බටලන්ද වධකාගාරයේදී සිදු වූයේ, මිනිස් ඝාතන බැවින් ඊට සම්බන්ධ දේශපාලනඥයින්ට ලැබෙන්නේ මිනිස් ඝාතනය වලට ලැබෙන දඬුවම් බව ද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

කමණී හෙට්ටිආරච්චි

මහරගම නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමේන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බයිසිකලය ලකුණ සහිතව මහරගම නගර සභාවට තරඟ වදින් ස්වාධීන කණ්ඩායම මිලදී ගෙන ඇතැයි දූෂණ විරෝධි පෙරමුණේ සංවිධායක තුසිත බාලසූරිය මහතා කියයි.

මහරගම නගර සභාවට අයත් කොට්ඨාශ 25ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයන්ට ඉදිරිපත් වීමට ඇති නොහැකියාව මත ඉහත සඳහන් ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂකයන් නීති විරෝධී ලෙස මිලට ගෙන ඇති බව පවසන බාලසූරිය මහතා මැතිවරණය ප්‍රකාශයට පත් කරන ලද දින සිට අද දක්වා දූෂණ විරෝධී පෙරමුණට වාර්තා වූ සිද්ධීන්ට අනුව මෙවර මැතිවරණය අන්ත දූෂිත බව සනාථ වන්නේ යැයි ද වැඩිදුරටත් කීය.

එමෙන්ම කාන්තාවන්ට නාම යෝජනා ලබා දිම සඳහා ලිංගික අල්ලස් ලබා ගැනීමේ සිදුවීම් මෙවර වාර්තා වන අතර ඒවාට එරෙහිව කාන්තාවන් නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹී ඇති බවද ඔහු පැවසීය.

එහිදි ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙබඳු දූෂිත වටපිටාවක පැවැත්වෙන මැතිවරණයකින් බලයට පත්වන නියෝජිතයන් වෙතින් වංචා, දූෂණ, අක්‍රමිතා සිදුවීමේ පැහැදිලි සම්භාවිතාවත් ඇති අතර ඒවාට එරෙහිව ඉදිරියටත් තම සංවිධානය පෙනී සිටින බවය.

ඒ.ජී.රේණුකා

හලාවත නගර සභාව විසින් පාලනය කරණු ලබන හලාවත දිනපතා පොලේ ව්‍යාපාරිකයෝ අද(07) වැනිදා පෙරවරුවේ සිට වෙළදාම් කටයුතු වලින් ඉවත් වී වර්ජන‍යකට අවතීර්ණ වී සිටිති.

මෙම සති පොල තුළ ව්‍යාපාරිකයින් 600 ක් පමණ දිනපතා වෙළඳාම් කටයුතු කරන අතර,එය සෑම දිනකම විවෘත තැබීම විශේෂත්වයකි.

මෙම සතිපොළේ ව්‍යාපාරික කටයුතු සිදු කරන වෙළදුන්ගෙන් දිනපතා බදු මුදල් අය කිරීම නගර සභාව විසින් සිදු කරයි. තමන් විසින් නිසි පරිදි බදු මුදල් ගෙවීමක් සිදු කළත් ලැබෙන පහසුකම් මදි බව එම ව්‍යාපාරිකයෝ කියා සිටිති.

පුර නැගුම ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි 05 ක මුදලක් වැය කර නව දිනපතා පොළ ගොඩනැගිල්ල ඉදිකර ඇත. නමුත් ගොඩනැගිල්ල තුළ පිහිටි වැසිකිළියේ අප ද්‍රව්‍ය සෘජුවම කාණු පද්ධතියට මුදා හැරීම තුළින් දැඩි පාරිසරික ගැටළුවක් මතුවී ඇති බව ව්‍යපාරිකයෝ කියා සිටිති.

එමෙන්ම පානීය ජලය ලබා ගැනීම සදහා ප්ලාස්ටික් ටැංකියක් ස්ථාපනය කර ඇති නමුත් එයට නගර සභාව විසින් කිසිදු දිනක ජලය සම්පාදනය කර නොමැති බවද වර්ජනයට එක්ව සිටින පිරිස් පෙන්වා දෙයි. කසල බැහැර කිරීමද නිසි පරිදි සිදු නොකිරීම නිසා පාරිභෝගිකයින් මෙන්ම ව්‍යාපාරිකයින්ද අපහසුතාවයට පත්ව සිටින බව ඔවුහු කියා සිටිති.

එමෙන්ම පිටස්තර ප්‍රදේශ වලින් පැමිණෙන තොග ව්‍යාපාරිකයින්ට සති පොළ තුළට ඇතුළු වී වෙළදාම් කටයුතු සිදු කිරීමට නගර සභාව අවසර ලබා දීම නිසා හලාවත ප්‍රදේශයේ පදිංචි තමන්ට අසාධාරණයක් සිදු වන බවද වර්ජනයට එක්ව සිටින පිරිස් කියා සිටී. සති පොළ භූමිය අවට මාර්ගය දෙපස විවිධ අයට ව්‍යාපාරික කටයුතු කිරීමට අවසර ලබා දීම නිසාද තමන් අපහසුතාවයට පත්ව සිටින බව ඔවුහු කියා සිටිති.

තමන්ට සහනයක් ලබා නොදෙන්නේ නම් 08 වැනිදා සිට බදු මුදල් ගෙවීමකින් තොරව වෙළදාම් කටයුතු සිදු කිරීම තමන් තීරණය කර ඇති බවද වර්ජනයට එක්ව සිටින ව්‍යාපාරිකයෝ කියති.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් අප හලාවත නගර සභාවේ ලේකම් ඒ.ඒ.ජයසිරි මහතාගෙන් විමසීමක් කළෙමු.“ඔය වර්ජනය මෙහෙය වන්නේ තොග ව්‍යාපාරිකයින් කීප දෙනෙකු විසින්.වර්ජනය නිසා නගර සභාවට වන්නෙ රුපියල් 22,000 ක පාඩුවක් පමණයි. නමුත් අහිංසක ව්‍යාපාරිකයින් මෙන්ම පාරිභෝගිකයින්ද මේ නිසා දැඩි අපහසුතාවයට පත් වනවා. අපි නගර සභාවක් ලෙස ලබා දිය හැකි උපරිම සේවාවක් දිනපතා පොළ භූමිය තුළ සිදු කරනවා.” යැයි ඔහු පැවසීය.

ජුඩ් සමන්ත

උතුරු පළාතේ නිවාසවලට පැන මංකොල්ලකෑම් රැසක් සිදුකළ කොල්ල කල්ලියක ප‍්‍රධානියකු හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 250ක් ද සමඟ ඊයේ (06) සවස වවුනියාව නොච්චිමොටෙයි ප‍්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය පවසයි.

වවුනියාව ප‍්‍රදේශයේ නිවාසක් කොල්ලකෑමට පුද්ගලයකු විසින් සැළසුම් කරමින් සිටින බවට වවුනියාව නොවිසිඳුණු අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවටගත් සැකකරු 2017 වසරේ යාපනය බන්ධනාගාරයේ සිට යාපනය මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමේදී බන්ධනාගාර නිලධාරීන්ට පහරදී පැනගොස් සිටි අයකු බවත් යාපනය හා කයිට්ස් මහෙස්ත‍්‍රාත් අධිකරණවල සැකකරුට වරෙන්තු හතක්ද එම අධිකරණ විසින් නිකුත් කොට බවත් පොලීසිය කියයි.

සෙට්ටිකුලම පොලිස් බලප‍්‍රදේශය තුළ නිවාස වලට පැන රන්භාණ්ඩ කොල්ලකෑම් තුනක්, මන්නාරම ප‍්‍රදේශයේ නිවාසවලට පැන කොල්ලකෑම් දෙකක් හා යාපනය ප‍්‍රදේශයේ ගෙවල් බිඳුම් තුනක් සැකකරු සිදුකොට ඇති බවට තොරතුරු අනාවරණයවූ බව පොලිසිය සඳහන් කරයි.

නිවාසවල කුලීපදනම මත රැඳී සිටිමින් ඇතැම් නිවාස කොල්ලකෑම් සිදුකොට  ඇති බවද පැවසෙයි

අත්අඩංගුවටගත් සැකකරු කයිට්ස් පුන්කුඩිතිව් ප‍්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු අද(07) වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

වවුනියාව , මන්නාරම දිස්ත‍්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වවුනියාව කොට්ඨාස භාර පොලිස් අධිකාරී ටි.එම්.එස්.එම් තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත වවුනියාව සහකාර පොලිස් අධිකාරී පියසිරි ප‍්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ වවුනියාව නොවිසිඳුණු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චින්තක කෝරළේගෙදර , පොලිස් සැරයන්වරුන් වන (2139) බඹරදෙණිය, (42521) ජේසුදාසන්, පොලිස් කොස්තාපල්වරුන් වන (45401) ජීවානන්දන්, (52391) කරුණාතිලක, (59517) නිශාන්ත, (78448) වීරසේන, (46846) විජේසිංහ, (54848) සමරසිංහ, (56246) රණතුංග, (88610) පේ‍්‍රමරත්න, (81200) ප‍්‍රසන්න, පොලිස් කොස්තාපල් රියදුරු (80891) අතුල ඇතුළුපොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.

වවුනියාව -  සනත් ප‍්‍රියන්ත

බ්‍රිතාන්‍යයේ මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරමින් සිටියදී එම තනතුරෙන් ඉවත් කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා නැවත වහාම එම තනතුරේ පිහිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ කටයුතු අමාත්‍යංශයට නියෝග කොට තිබේ.

නිදහස් දින බ්‍රිතාන්‍යයේ් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට ඇතිවූ සිදුවීමෙන් පසු බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ රාජකාරි වගකීම් ඉවත් කොට ඒ පිළිබඳ පරීක්ෂණයක් අරඹා ඇත.

පසුව ජනාධිපතිවරයාගේ මැදිහත් වීම යටතේ ඔහුට අහිමිව තිබූ සියළු රාජකාරී වගකීම් ඔහු වෙත පවරා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කොට ඇති බවත් අදාලා සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණ එලෙසින්ම සිදු කෙරෙන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා කියයි.

 

පෝද්දල කීඹිකන්ද ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී මවක සහ දියණියක ඝාතනය කොට තිබේ. මියගිය මව 46හැවිරිදි වන අතර දියණිය 25 හැවිරිදි බව පෝද්දල පොලීසිය කියයි.

මෙම ඝාතනයෙන් පසු මිය ගිය දියණියගේ ස්වාමිපුරුෂයා අතුරුදහන්ව ඇති අතර ඔහු එම ද්ත්ව ඝාතනය සිදු කොට පලා ගිය බවට තොරතුරු වාර්තා වී ඇතැයි පොලිසිය කියයි.

ඊයේ(06) යාපනයේ නල්ලූර් හි පැවැති ජනහමුවකදී විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ගීත ගායනා කොට තිබේ.

ඔහු මීට පෙරද දෙමළ ජාතික සන්ධාන මැතිවරණ වේදිකාවලදී මෙලෙස එල්.ටී.ටී ගීත ගයා ඇති අතර එල්.ටී.ටී.ඊය නීති විරෝධි සංවිධානයක් බැවින් එම ගීත ගැයීම නතර කරන මෙන් මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම්ද ඔහුට දන්වා තිබේ.

නමුත් ඔහුට විරුද්ධ දේශපාලන කණ්ඩායම් උතුරේ ජනමාධ්‍යන්ට පවසා ඇත්තේ එම ගී ගැයීම ඔහු සත්භාවයෙන් කරන්නක් නොව එල්ටීටීඊ සංවිධානයට හිතවත් පිරිස් තමන් වෙත ඇද ගැනීම සඳහා භාවිතා කරන තුරුම්පුවක් පමණක් බවය.

එස්.ටී.පී.සිල්වා

සීගිරි කැටපත් පවුරේ කොටසක මතුව ඇති ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය පාලනය කිරීම සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල විශේෂ වැඩසටහන් අරඹා ඇත. රසායනික සංරක්ෂණය පිළිබඳව විශේෂඥයින්  විසින් කැටපත් පවුරේ රසායනික ද්‍රව්‍ය අලේප කිරීමේ කාර්ය  විශ්ලේෂණය කිරීම සදහා අධි තාක්ෂණික අධෝරක්ත විකිරණ කැමරා (Infrared  Thermography Camara ) උපයෝගී කරගනිමින් තවදුරටත් ප්‍රතිකර්ම යොදන බව කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ ආචාර්ය අර්ජුන තන්තිලගේ මහතා කියා සිටිති.

කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ ක්ෂුද්‍ර ජීවි ඒකකයේ මහාචාර්ය ඩී.එල්.ජයරත්න මහතගේ නිර්දේශ අනුව scedosporium විශේෂයට අයත් හඳුනාගත් දිලීර වර්ග  තුනක් මර්ධනය කිරීම සදහා Dithiocarbomateනම් වූ රසායනික දියරය කැටපත් පවුරේ මතුපිට පෘෂ්ඨයේ දිලීරය පැතිරයමින් ඇති කොටස්වල අලේප කිරීම ආරම්භ කර ඇති බවත්,ආලේපිත කොටස් පැය 24 කට පසු ආශුත ජලයෙන් සෝදා හැර යළිත් රසායනික ද්‍රව්‍ය අලේප කරන බවත් එම ක්‍රියාවලිය සතියක පමණ කාලයක් සිදුකරන බවත්, නිරන්තර අධික්ෂණයට ලක්කරන බවත් තත්තිලගේ මහතා පැවසිය.

කැටපත් පවුරේ මතුපිට පෘෂ්ඨයේ රසායනික ද්‍රව්‍ය ආලේප කිරීමට පෙර හා පසු අවස්ථාවන්හි අධෝරක්ත විකිරණ කැමරා මගින් ලබා ගන්නා උෂ්ණත්ව දර්ශකයන් නිරීක්ෂණය  හා ගණනය කිරීමෙන් ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වයේ බලපෑම අධ්‍යනය කරන බවත්, මෙම කැමරා මගින් ලබා ගන්නා දත්ත මගින් කැටපත් පවුරේ අභ්‍යන්තරයේ ක්‍රියාකාරීවන ක්ෂුද්‍ර ජීවින්ගේ ජනන උෂ්ණත්වයද නිරීක්ෂණය කර  ඊට අදාල  සුදුසු ප්‍රතිකර්ම යොදන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

විෂයභාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කැටපත් පවුරේ දිලිර හානිය පිළිබඳව දැනුවත්විමෙන් පසු වහාම කඩිනම් පිළියම් යෙදීමට ගත හැකි සැම පියවරක්ම ගන්නා ලෙස අදාල නිලධාරීන්ට ලබාදුන් උපදෙස් අනුව පුද්ගලික අංශයෙන් අදාල අධි තාක්ෂණික infrared thermal image camara උපයෝගී කරගෙන ඇති බව සීගිරිය ව්‍යාපෘති කළමනකරු ඒ.ඒ.ඒ.නිශාන්ත මහතා පැවසීය.

දඹුල්ල-අශෝක එරමිණිගම්මන

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් ඊයේ (06) සවස නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 3.7 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
මාදගල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එම පුද්ගලයින් ග්‍රෑම් 100 කැබලි 37 ක් වශයෙන් ඩිංගි යාත්‍රාවක් තුළ සූක්ෂම ලෙස සඟවා මෙම රත්‍රං තොගය ප්‍රවාහනය කරමින් තිබී ඇත. කන්කසන්තුරය ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු සීමාවේදී ඔවුන් නාවික හමුදා භාරයට පත් වූ අතර, එම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් කෝටි 2 කට අධික බැව් සැක කෙරේ. අත්අඩංගුවට පත් පුද්ගලයින්, රත්‍රං තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාර දීමට කටයුතු කෙරිණි. 

දේශපාලනඥයන්ගේ , ප්‍රජා අයිතිය හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සඳහන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වන වගන්තිය සංශෝධනය කිරීම පිළිබඳව සභාවේ අවධාරණය යොමුකරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) අවධාරණය කළේය. 
බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තාවේ දක්වා ඇති නිර්දේශ පරිදි මෙම සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය. 
මෙම වාර්තාව හරහා පාර්ලිමේන්තුවේදී නියෝජනය කරන දේශපාලනඥයන්ටද චෝදනා එල්ල වී ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය. 
 
පැතුම් වික්‍රමරත්න / ප්‍රසාදිකා ජයවර්ධන
 

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 2191

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 1579

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3119

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1824

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 6589

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3977

Please publish modules in offcanvas position.