Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා පත් කිරීම පිළිබඳ තමන්ට නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් කර නොමැති බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින සංචාරක සංවර්ධන අධිකාරිය සඳහා නව සභාපතිවරයා ලෙස නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සොහොයුරෙකු වන කාවන් රත්නායක මහතා පත් කිරීමෙන් පසු නිල වශයෙන් වැඩභාර ගනු ලැබුයේ ඉකුත් 17 වෙනි දිනය. එම අවස්ථාවට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, අමාත්‍ය සාගල රත්නායක, සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති පැඩි විතාන යන මහත්වරුන් එක්ව සිටියහ.
මෙම පත් කිරීම පිළිබඳ තමන්ට කිසිදු නිල දැනුම් දීමක් කර නොමැති සේම නව සභාපතිවරයා වැඩ භාරගැනීමේ නිල උත්සවයටද තමන්ට කිසිදු දැනුම් දීමක් සිදු නොකළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
එබැවින් මෙම සිදුවීම පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් අදාළ වගකිව යුතු පාර්ශ්වයන්ට සිය බලවත් විරෝධය පළ කර සිටියි.
 
ශානිකා මාධවි පීරිස්

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මන්ත්‍රීවරුන් ඉල්ලා ඇති මිල අධික ඖෂධ වර්ග ඔවුන්ට ලබාදිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය කථානායක කරු ජයසූරිය මහතා වෙත දැනුම් දී ඇත.
වෛද්‍ය නිර්දේශ මත මන්ත්‍රීවරුන්ට ඖෂධ පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා දෙන්නේ නොමිලයේය.
ඇතැම් වෛද්‍යවරුන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිර්දේශ කරනු ලබන මිල අධික ඖෂධ මිලදී ගැනීමට පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට නොහැකි බව සෞඛ්‍ය, ‍පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇති බව කථානායකවරයා විසින් පක්ෂ නායකවරුන්ට දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් සතියේදී කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී මේ බව දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් විගණන විමසුම් කිහිපයක්ම කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබෙන බවද ඒ මහතා පක්ෂ නායකයන් දැනුවත් කර තිබේ. 
මේ පිළිබඳව පක්ෂ නායක රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ රක්ෂණ ක්‍රමයක් මගින් එවැනි වියදම් ආවරණය කර ගැනීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමට පක්ෂ නායකයෝ එකඟ වී ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ලසන්ත වීරකුලසූරිය
 

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජගත් සංවිධාන නියෝජිතයන් මෙරටට පැමිණි තොරතුරු ලබාගත යුතු ආකාරය සම්බන්ධයෙන් ක්‍රමාණුකූල වැඩපිළිවෙළක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වුණ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරුන් පිරිසක් මෙරටට පැමිණ විදෙස් අමාත්‍යාංශයෙන් පමණක් අවසර ගෙන බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ. රැඳවියන් සමග සාකච්ඡා කර ඇත්තේ ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ අවසර නොගෙන ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේදී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
වසර කිහිපයක සිටම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධාන නියෝජිත විදේශ කටයුතු අමාත්‍යාංශය හා සම්බන්ධ වී බන්ධනාගාර රැඳවියන් ගැන තොරතුරු ගත් ආකාරයටම මෙවරද බන්ධනාගාර කොමසාරිස් අමතා තොරතුරු ලබාගෙන ඇතැයිද කීවේය. එම නිසා මින් පසු තොරතුරු ලබාගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කරන බවද මෙම අවස්ථාවට සහභාගිව සිටි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ‍පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන බැවින් එම සංවිධානය හා ගැටෙන්නට යාම තමන් සමග තමන්ම ගැටීමක් වැනි යැයිද අමාත්‍යවරයා පැවැසීය.
අධිකරණ ඇමැතිවරයා සහ එජාස නියෝජිතයා අතර ඇති වූ උණුසුම් සංවාදය පිළිබඳ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇමැති රාජිත සේනාරත්න මහතා කීය.
එමෙන්ම අපේ රටේ තත්ත්වය පිළිබඳ සියලු පුද්ගලයන්ට ඇස්තමේන්තුවක් තිබිය යුතු බවත් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ගැටීමට එක්සත් රාජධානිය මෙන් බලවත් රාජ්‍යයක් නොවන බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
එමෙන්ම ශ්‍රී ලංකාව එම සංගමය හා බැඳී නැත්තේ නඩු විභාග පැවැත්වීම සහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පමණක් බවද කී අමාත්‍යවරයා මෙවැනි ගැටලු හමුවේ ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ක්‍රියාකළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 
 
ප්‍රසාදික ජයවර්ධන

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාවකට රැගෙන යමින් තිබූ, සීනි කන්ටේනර් රථයක තිබි, කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.
සැපයුම්කාර සමාගමක් විසින්, බ්‍රසීලයෙන් ආනයනය කරන ලද මෙම සීනි තොගය සතොස ගබඩාවට නිකුත් කිරීමේදී, ඒ සමඟ තිබූ සැකකටයුතු ඇසුරුම් කිහිපයක් සම්බන්ධයෙන් සතොස නිලධාරීන් කළ දැනුවත් කිරීමකින් අනතුරුව ‍පොලිසිය විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බව සතොස සභාපති පී.එම්. කේ. ඩී. තෙන්නකෝන් මහතා පැවසී ය.
සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ ප්‍රමාණය පිළිබඳව මේ වන විටත් නිශ්චිතව තහවුරු කර නොතිබූ අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් සිටින බව ලක්බිම ඔන්ලයින් කරන ලද විමසීමක දී, ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. ගල්කිස්ස ‍පොලිසිය සහ ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

ගයාත්‍රි ගීගනආරච්චි

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා එකාබද්ධ විපක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතුවලින් වහාම ඉවත්වන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මේ වනවිට ජපානයේ ව්‍යාපාරික කටයුත්තක් සදහා පිටව ගොස් ඇති ඒ මහතා මෙම නිවේදනයෙන් වැඩි දුරටත් මෙසේ දන්වා සිටියි.
"පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරීව දේශපාලනය කරන එකම මන්ත්‍රී වරයා ලෙස කටයුතු කරන තමන්ගෙන් කිසිම විමසීමක් නොකොට බිම් මට්ටමද හරි හැටි හදුනා නොගෙන ගන්නා තීන්දු තීරණ හේතුවෙන් තව දුරටත් දිස්ත්‍රික්කයට නායකත්වය දෙමින් තව දුරටත් ජයග්‍රහණය කරා මෙහෙයවීම දැඩි අපහසුතාවක් මේ වනවිට නිර්මාණය වී ඇත.2014 වසරේ පොදු අපේක්ෂකයා ලෙස පොලොන්නරුව දිස්ත්‍රික් නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංක නිස්දහස් පක්ෂය හැර දා ගිය මොහොතේ සිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ශක්තිය පෙරදැරි කරගෙන දේශපාලන අධිකාරියද එකතු කරගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ජනාධිපතිවරණයේ දී සියයට 46ක ඡන්ද ප්‍රතිශතයක් ද මහා මැතිවරණයෙන් එය 49%ක් දක්වා වර්ධනය කර ගනිමින් ද ඉන් මෙපිට අද දක්වා දිස්ත්‍රික්කයට නායකත්වය දෙමින් ද ඉ‍ටුකළ මෙහෙය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙන් ම පොලොන්නරුවේ ජනතාවත් සමස්ත රටේම ජනතාවත් දන්නා කරුණකි. එසේ තිබිය දීත් එකාබද්ධ විපක්ෂයේ නොයෙක් නායකයන් මාගෙන් කිසිදු විමසීමකින් තොරව පොලොන්නරුවේ දේශපාලන කටයුතුවලට අතපෙවීම තුළ ඉදිරියට ගෙනගිය වැඩපිළිවෙල තව දුරටත් ක්‍රියාත්මක කළ නොහැකි වී ඇති බව කණගා‍ටුවෙන් දන්වමි."
මෙම නිවේදයේ වැඩි දුරටත් සදහන් වන්නේ රොෂාන් රනසිංහ මහතා කිසිදු හේතුවක් නිසා වරදාන වරප්‍රසාද වෙනුවෙන් තම දේශපාලන ස්ථාවරයන් හා ප්‍රතිපත්තීන් වෙනස් නොකරණ බවයි.
කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ආසන සංවිධායක ධූර තුනක් රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාගෙන් කිසිදු විමසීමකින් තොරව පත් කර ඇති බවයි. ඉන් කළ කිරීමට පත් රොෂාන් රණසිංහ මහතා එක්කෝ දේශපාලනයෙන් සමු ගැනීම හෝ නිදහස් පක්ෂයෙන් දේශපාලනය කරනු ඇති බව ද ආරංචි මාර්ග සදහන් කරයි. ඒ මහතා ලබන 22 දාමාධ්‍ය හමුවක් පවත්වා ඉදිරි දේශපාලනය තීන්දු කරන බවද ආරංචි මාර්ග කියයි.
 
ප්‍රියන්ත බණ්ඩාර - පොලොන්නරුව 

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 14 වන සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ දී අයුරින් පැවැත්වීමට සැලසුම් කර ඇත.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි මෙහෙයුම් කමිටුවේ සභාපති ධූරය හොබවන අතර අද (19) උදෑසන ‘අපේගම’ පරිශ්‍රයේ දී සමුළුවෙහි සංවිධාන කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ඔක්තෝම්බර් මස 27 සිට 30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මහනුවර පල්ලෙකැලේ පළාත් සභා සම්මන්ත්‍රණ ශාලාව සහ ගලේවෙල මිල්ලවාන මහ විදුහල යන ස්ථානවල මෙම සමුළුවේ කටයුතු පැමැත්වීමට සැලසුම් කර ඇත.

ලෝකය පුරා සිටින ථේරවාද, මහායාන, තන්ත්‍රයාන, වජ්‍රයාන සහ සෙන් බෞද්ධාගමික තරුණ භික්ෂූන් වහන්සේලා දහසක පමණ පිරිසක් සහබාගිවන මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ තෙවන වරටය.

2004 වර්ෂයේ දී නේපාලයේ දී පැවැති ආරම්භක සමුළුවෙන් අනතුරුව මැලේසියාව, තායිලන්තය, ඕස්ට්‍රේලියාව, ජපානය, ජර්මනිය,ස්විට්සර්ලන්තය, බෙල්ජියම සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල දී මෙම සමුළුව මෙතෙක් පවත්වා තිබේ.


කටුනායක ගුවන් හමුදා කඳවුරේ කාන්තා නේවාසිකාගාරයක් පිටුපස කසල ගොඩක තිබී බිළිඳු මළ සිරුරක් හමු වී ඇත.

එම නේවාසිකාගාරය පිටුපස පවිත්‍රතා කටයුතු වල යෙදෙමින් සිටි සෙබළියකට ගමන් බෑගයක් තුළ තිබූ මෙම බිළිඳු මළ සිරුර හමු වී ඇති අතර ඒ වන විට එය බෙහෙවින් නරක් වී තිබූ බව පැවසේ.

පසුව මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ කාන්තා පොලිස් නිලධාරිනියන් විසින් එහි කාන්තා නේවාසිකාගාරය පරීක්ෂා කිරීමේ දී එහි ඇඳ ඇතිරිල්ලක තිබූ රුධිර පැල්ලම් කිහිපයක් නිරීක්ෂණය වී ඇත.

එම ඇ‍ඳ හිමි ගුවන් හමුදා සෙබළිය මේ වන විට උදරාබාධයක් හේතුවෙන් ගුවන් හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පැවසේ.

සීදූව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු බී.කේ.පී දසනායක මහතා අගෝස්තු මස 02 දා දක්වා යළිත් බන්ධනාගාරගත කර ඇත.

2008 – 2009 කාලයේ තරුණයන් පිරිසක් අතුරුදහන් වීමේ සිද්ධියක් පිළිබඳව ඔහු පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැලිසර දී අත්අඩංගුවට ගන්නා ලදී.

 

 

අද අළුයම(19) හේනේ පැල් රැක යළි තම නිවෙස වෙත පා ගමනින් එමින් සිටි ගොවි මහතෙකු හබරණ, කුඩා මීගස්වැව පිහිටි තම නිවෙස ආසනයේදීම වන අලියෙකුගේ පහරකෑමට ලක්ව බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ දෙදරු පියෙකු වන 55 හැවිරිදි  ඩී.සිරිපාල යන අයයි.

මියගිය ගොවි මහතාගේ නිවෙස ආසන්නයේ ඇද තිබු විදුලි  වැටෙන් පිටතට පැමිණ සිටි වන අලියා පලවා හැරීමට උත්සාහ කිරීමේදී ලුහුබැඳ විත් මියගිය අය හොඬ වැලෙන් අල්ලා වනයට විසිකළ බව සිද්ධිය ඇසින් දුටුවෙකු පැවසීය.  

හබරණ පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

අශෝක එරමිනිගම්මන - දඹුල්ල

හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, කොටගල, රොසිටා ප්‍රදේශයේදී වෑන් රථයක් හා යතුරු පැදියක් අද (19) පෙ.ව. 08.30 ට පමණ මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මූලික රෝහල වෙත යවා ඇත.

අනතුරට පත් වෑන් රථය කොටගල සිට පතන ප්‍රදේශය බලා ධාවනය කර ඇති අතර යතුරු පැදිය පතන ප්‍රදේශයේ සිට කොටගල, කොමර්ෂල් ප්‍රදේශය දක්වා ධාවනය කරමින් තිබියදී වෑන් රථය ඉදිරියෙන් ධාවනය කරමින් තිබූ ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව දිඹුල-පතන පොලීසිය පවසයි.

වෑන් රථයේ රියදුරා පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල-පතන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

 

ගංවතුර ආපදා අවස්ථාවන්හි දී ප්‍රයෝජනයට ගතහැකි විශේෂ බෝට්ටුවක් නාවික හමුදාව විසින් නිර්මාණය කර ඇත.

 එය රාත්‍රීකාලයේදී ද සෙවීම් හා මුදවා ගැනීමේ කටයුතු හා සහන සේවා කටයුතු සඳහා යොදාගැනීමට හැකි අතර ජීවිත ආරක්ෂක කබා, විදුලි පන්දම්, සූර්යකෝෂ, ප්‍රථමාධාරකට්ටල, සන්නිවේදන උපකරණවලින් සමන්විතය.

මෙම බෝට්ටුවේ එකවර 10 දෙනෙකුට පමණ ගමන් කළහැක. ඒ අනුව, එකී විශේෂ බෝට්ටු 100ක් නාවික හමුදාව මඟින් නිෂ්පාදනය කරවාගැනීමටත්, ගංවතුර ආපදාවට ලක් වීමේ අවදානම ඉහළ ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශආශ්‍රිතව එකී බෝට්ටු ස්ථානගත කිරීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුරප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1265

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 2717

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 8215

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4112

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4335

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 5999

Please publish modules in offcanvas position.